යෙදුමෙන් කියවන්න

6. මහිළාමුඛජාතකවණ‍්ණනා 26 අට‍්ඨකථා

6. මහිළාමුඛජාතකවණ‍්ණනා (26)

6. මහිලාමුඛ ජාතකය (26)

පුරාණචොරාන වචො නිසම‍්මාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි. දෙවදත‍්තො අජාතසත‍්තුකුමාරං පසාදෙත්‍වා ලාභසක‍්කාරං නිප‍්ඵාදෙසි. අජාතසත‍්තුකුමාරො දෙවදත‍්තස‍්ස ගයාසීසෙ විහාරං කාරෙත්‍වා නානග‍්ගරසෙහි තිවස‍්සිකගන්‍ධසාලිභොජනස‍්ස දිවසෙ දිවසෙ පඤ‍්ච ථාලිපාකසතානි අභිහරි. ලාභසක‍්කාරං නිස‍්සාය දෙවදත‍්තස‍්ස පරිවාරො මහන‍්තො ජාතො, දෙවදත‍්තො පරිවාරෙන සද‍්ධිං විහාරෙයෙව හොති. තෙන සමයෙන රාජගහවාසිකා ද‍්වෙ සහායා. තෙසු එකො සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිතො, එකො දෙවදත‍්තස‍්ස. තෙ අඤ‍්ඤමඤ‍්ඤං තස‍්මිං තස‍්මිං ඨානෙපි පස‍්සන‍්ති, විහාරං ගන‍්ත්‍වාපි පස‍්සන‍්තියෙව.

“පුරාණචොරාන වචො නිසම්මාති” යන මේ ජාතක දේශනය බුදුරදුන් වේළුවනයෙහි වසන සේක්, දෙව්දත් අරබයා වදාළහ. දෙව්දත් අජාසත්ත කුමරා පහදවාගෙන ලාභ සත්කාර නිපදවා ගන්නේය. අජාසත් කුමරු දෙවිදතුන්ට ගයා ශීර්ෂයෙහි විහාරයක් කැරවා නොයෙක් රසවුලෙන් යුත් තුන්වස් සුවඳ ඇල් බොඩුන් සැලි පන්සියයක් දිනපතා එළවීය. ලාභ සත්කාර නිසා දෙව්දත්ගේ පිරිවර ද මහත් විය. ඔහු පිරිවර සමග විහාරයෙහි වෙසෙයි. එකල රජගහ නුවර වැසි යහළුවෝ දෙදෙනෙක් වූහ. ඔවුන් අතුරින් එක් අයකු බුදුන් වෙත පැවිදි වූ අතර අනෙක් යහළුවා දෙව්දත් ළඟ පැවිදි විය. මේ දෙදෙනා ඔවුනොවුන් තැන් තැන්වල දී හමුවෙත්. විහාරයට ගොස් ද හමුවෙත්.

අථෙකදිවසං දෙවදත‍්තස‍්ස නිස‍්සිතකො ඉතරං ආහ – “ආවුසො, කිං ත්‍වං දෙවසිකං සෙදෙහි මුච‍්චමානෙහි පිණ‍්ඩාය චරසි, දෙවදත‍්තො ගයාසීසවිහාරෙ නිසීදිත්‍වාව නානග‍්ගරසෙහි සුභොජනං භුඤ‍්ජති, එවරූපො උපායො නත්‍ථි, කිං ත්‍වං දුක‍්ඛං අනුභොසි, කිං තෙ පාතොව ගයාසීසං ආගන‍්ත්‍වා සඋත‍්තරිභඞ‍්ගං යාගුං පිවිත්‍වා අට‍්ඨාරසවිධං ඛජ‍්ජකං ඛාදිත්‍වා නානග‍්ගරසෙහි සුභොජනං භුඤ‍්ජිතුං න වට‍්ටතී”ති? සො පුනප‍්පුනං වුච‍්චමානො ගන‍්තුකාමො හුත්‍වා තතො පට‍්ඨාය ගයාසීසං ගන‍්ත්‍වා භුඤ‍්ජිත්‍වා කාලස‍්සෙව වෙළුවනං ආගච‍්ඡති. සො සබ‍්බකාලං පටිච‍්ඡාදෙතුං නාසක‍්ඛි, “ගයාසීසං ගන‍්ත්‍වා දෙවදත‍්තස‍්ස පට‍්ඨපිතං භත‍්තං භුඤ‍්ජතී”ති න චිරස‍්සෙව පාකටො ජාතො . අථ නං සහායා පුච‍්ඡිංසු “සච‍්චං කිර, ත්‍වං ආවුසො, දෙවදත‍්තස‍්ස පට‍්ඨපිතං භත‍්තං භුඤ‍්ජසී”ති. “කො එවමාහා”ති? “අසුකො ච අසුකො චා”ති. “සච‍්චං අහං ආවුසො ගයාසීසං ගන‍්ත්‍වා භුඤ‍්ජාමි, න පන මෙ දෙවදත‍්තො භත‍්තං දෙති, අඤ‍්ඤෙ මනුස‍්සා දෙන‍්තී”ති. “ආවුසො, දෙවදත‍්තො බුද‍්ධානං පටිකණ‍්ටකො දුස‍්සීලො අජාතසත‍්තුං පසාදෙත්‍වා අධම‍්මෙන අත‍්තනො ලාභසක‍්කාරං උප‍්පාදෙසි, ත්‍වං එවරූපෙ නිය්‍යානිකෙ බුද‍්ධසාසනෙ පබ‍්බජිත්‍වා දෙවදත‍්තස‍්ස අධම‍්මෙන උප‍්පන‍්නං භොජනං භුඤ‍්ජසි, එහි තං සත්‍ථු සන‍්තිකං නෙස‍්සාමා”ති තං භික‍්ඛුං ආදාය ධම‍්මසභං ආගමිංසු.

දිනක් දෙව්දත් ඇසුරු කරන භික්‍ෂුව, අනිකාට මෙසේ කීවේය. ඇවැත්නි, ඔබ දිනපතා දහඩිය වගුරුවමින් පිඬුපිණිස හැසිරෙන්නේ කුමට ද? දෙව්දත් ගයා සීස විහාරයෙහි හිඳිමින් ම නොයෙක් රසයෙන් යුත් මිහිරි බොජුන් වළඳයි. මෙවැනි වෙන උපායක් නැත. ඔබ දුක් විඳින්නේ කුමට ද? අළුයම ගයා සීසයට අවුත් අවුළු සහිත කැඳ බී අටළොස් වැදෑරුම් කැවිලි කා නොයෙක් රසයෙන් යුත් මිහිරි බොජුන් බුදින්න ඔබට නො වටී ද? මෙසේ නිතර නිතර කියනු ලබන්නේ යනු කැමැති ව එතැන් පටන් ගයා සීසයට ගොස් ඇතිතාක් අනුභව කොට වේළුවනයට එයි. ඔහුට මෙකරුණ සැමදා සඟවා තබන්නට නො හැකි විය. ගයා සීසයට ගොස් දෙව්දත් පිරිනැමූ බොජුන් වළඳතැ යි නොබෝ දිනකින් ම ප්‍රකට විය. ඔහුගේ යහළු භික්‍ෂූහු, ඇවැත්නි, ඔබ දෙව්දත් පිරිනැමූ බොජුන් වළඳන්නේ සැබෑ දැ යි ඇසූහ. ඔබට කීවෝ කවුරු ද? අසවල් අසවල් අයයැ යි කීහ. ඇවැත්නි සත්‍යයකි. මම ගයා සීසයට ගොස් වළඳමි. එහෙත් දෙව්දත් මට අහර නො දෙයි. වෙනත් මිනිස්සු මට අහර දෙති. ඇවැත්නි, බුදුරදුන්ට විරුද්ධ වූවෙකි. එ සේ ම දුසිල්වත්ය. අජාසත් පහදාගෙන අකැප වශයෙන් තනිව ලාභ සත්කාර උපදවා ගත්තේය. ඔබ මෙවැනි නිවන් මඟට යොමු කරන සසුනෙහි පැවිදි ව දෙව්දත්ගේ අධර්මයෙන් ලැබුණ බොජුන් වළඳන්නෙහි. එව, බුදු රදුන් වෙත, ඔබ පමුණුවන්නෙමි. ඒ භික්‍ෂුව ගෙන දම් සභාවට ගියහ.

සත්‍ථා දිස‍්වාව “කිං, භික‍්ඛවෙ, එතං භික‍්ඛුං අනිච‍්ඡන‍්තඤ‍්ඤෙව ආදාය ආගතත්‍ථා”ති? “ආම භන‍්තෙ, අයං භික‍්ඛු තුම‍්හාකං සන‍්තිකෙ පබ‍්බජිත්‍වා දෙවදත‍්තස‍්ස අධම‍්මෙන උප‍්පන‍්නං භොජනං භුඤ‍්ජතී”ති. “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු දෙවදත‍්තස‍්ස අධම‍්මෙන උප‍්පන‍්නං භොජනං භුඤ‍්ජසී”ති? “න භන‍්තෙ, දෙවදත‍්තො මය‍්හං දෙති, අඤ‍්ඤෙ මනුස‍්සා දෙන‍්ති, තමහං භුඤ‍්ජාමී”ති. සත්‍ථා “මා භික‍්ඛු එත්‍ථ පරිහාරං කරි, දෙවදත‍්තො අනාචාරො දුස‍්සීලො, කථඤ‍්හි නාම ත්‍වං ඉධ පබ‍්බජිත්‍වා මම සාසනං භජන‍්තොයෙව දෙවදත‍්තස‍්ස භත‍්තං භුඤ‍්ජසි, නිච‍්චකාලම‍්පි භජනසීලකොව ත්‍වං දිට‍්ඨදිට‍්ඨෙයෙව භජසී”ති වත්‍වා අතීතං ආහරි.

බුදුන් වහන්සේ ඒ දැක, කිම මහණෙනි, නො කැමැත්තෙන් ම භික්‍ෂුවක් මෙහි රැගෙන එන්නහු ද? එ සේය ස්වාමීනි, මේ භික්‍ෂුව ඔබවහන්සේ ළඟ පැවිදි ව දෙව්දත් අධර්මයෙන් උපදවා ගත් බොජුන් වළඳයි. මහණ, ඔබ දෙව්දත් අධර්මයෙන් උපදවාගත් බොජුන් වළඳන්නේ ඇත්තද? ස්වාමීනි, දෙව්දත් මට ආහාර නො දෙයි. මිනිස්සු මට දෙති. ඒ අහර මම වළඳමි. මහණ මේ කරුණේදී ලෝස මාත්‍රයක් ගැනීම නො කළ යුතුයි. දෙව්දත් අනාචාරීය. දුසිල්වත්ය. මහණ, ඔබ මෙහි පැවිදි ව මාගේ සසුන ඇසුරු කරමින් ම දෙව්දත්ගේ අහර ගැනීම සුදුසු ද? කවදත් අනුගාමිකයකු වූ ඔබ දුටුදුටවන් ඇසුරු කරන්නෙහියැ යි කියා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අමච‍්චො අහොසි. තදා රඤ‍්ඤො මහිළාමුඛො නාම මඞ‍්ගලහත්‍ථී අහොසි සීලවා ආචාරසම‍්පන‍්නො, න කඤ‍්චි විහෙඨෙති. අථෙකදිවසං තස‍්ස සාලාය සමීපෙ රත‍්තිභාගසමනන‍්තරෙ චොරා ආගන‍්ත්‍වා තස‍්ස අවිදූරෙ නිසින‍්නා චොරමන‍්තං මන‍්තයිංසු “එවං උම‍්මඞ‍්ගො භින්‍දිතබ‍්බො, එවං සන්‍ධිච‍්ඡෙදකම‍්මං කත‍්තබ‍්බං, උම‍්මඞ‍්ගඤ‍්ච සන්‍ධිච‍්ඡෙදඤ‍්ච මග‍්ගසදිසං තිත්‍ථසදිසං නිජ‍්ජටං නිග‍්ගුම‍්බං කත්‍වා භණ‍්ඩං හරිතුං වට‍්ටති, හරන‍්තෙන මාරෙත්‍වාව හරිතබ‍්බං, එවං උට‍්ඨාතුං සමත්‍ථො නාම න භවිස‍්සති, චොරෙන ච නාම සීලාචාරයුත‍්තෙන න භවිතබ‍්බං, කක‍්ඛළෙන ඵරුසෙන සාහසිකෙන භවිතබ‍්බ”න‍්ති. එවං මන‍්තෙත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං උග‍්ගණ‍්හාපෙත්‍වා අගමංසු. එතෙනෙව උපායෙන පුනදිවසෙපි පුනදිවසෙපීති බහූ දිවසෙ තත්‍ථ ආගන‍්ත්‍වා මන‍්තයිංසු. සො තෙසං වචනං සුත්‍වා “තෙ මං සික‍්ඛාපෙන‍්තී”ති සඤ‍්ඤාය “ඉදානි මයා කක‍්ඛළෙන ඵරුසෙන සාහසිකෙන භවිතබ‍්බ”න‍්ති තථාරූපොව අහොසි. පාතොව ආගතං හත්‍ථිගොපකං සොණ‍්ඩාය ගහෙත්‍වා භූමියං පොථෙත්‍වා මාරෙසි. අපරම‍්පි තථා අපරම‍්පි තථාති ආගතාගතං මාරෙතියෙව.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසතාණෝ ඒ රජුගේ ඇමැතියෙක් වූහ. එකල රජුගේ මගුලැතා මහිලාමුඛ නම් විය. සිල්වත්ය. ආචාර සම්පන්නය. කිසිවෙක්ට හිංසා නො කරයි. එක් දවසක් ඇත්හල ළඟ රාත්‍රී මැදියම්හි සොරු අවුත් මඟුලැති නුදුරෙන් හිඳ කුමන්ත්‍රණය කළහ. මෙසේ උමං සෑරිය යුතුය. බිත්ති සන්‍ධි බිඳීම මෙසේ කළ යුතුය. උමග සහ ගෘහ සන්‍ධි මාර්ගයක මෙබඳුය. නැව් තොටක් වැන්නය. අවුල් බාධක නැතිකොට භාණ්ඩ පැහැර ගත යුතුය. පැහැර ගන්නා විට අනිකා මරා ම ගත යුතුය. එවිට විරුද්ධ ව එන්නන් නො වන්නේය. සොරු වනාහි ආචාර සම්පන්න නො විය යුත්තෝය. නපුරු සැර පරුෂ දරුණු අයකු විය යුතුය. මෙසේ ඔවුනොවුන් කථාකොට ඔවුනොවුන් උගන්වා ගියහ. මෙසේ ඔවුහු බොහෝ දිනක් මේ සොරු එතනට අවුත් කුමන්ත්‍රණ කළහ. මගුලැති ඔවුන්ගේ වදන් අසා මට උගන්වතැ යි යන හැඟීමෙන් දැන් මා ඔවුන් මෙන් ම නපුරු දරුණු සාහසිකයකු විය යුතුයැ යි සිතා එබන්දෙක් ම විය. අලුයම ඇතු ළඟට ආ ඇත්ගොව්වා සොඬින් ගෙන බිම ගසා මරා දැමීය. මෙසේ තව්ත එකකු තවත් එකකු වශයෙන් ඔහු ළඟට පැමිණි හැම දෙනම මරා දමයි.

“මහිළාමුඛො උම‍්මත‍්තකො ජාතො දිට‍්ඨදිට‍්ඨෙ මාරෙතී”ති රඤ‍්ඤො ආරොචයිංසු. රාජා බොධිසත‍්තං පහිණි “ගච‍්ඡ පණ‍්ඩිත, ජානාහි කෙන කාරණෙන සො දුට‍්ඨො ජාතො”ති. බොධිසත‍්තො ගන‍්ත්‍වා තස‍්ස සරීරෙ අරොගභාවං ඤත්‍වා “කෙන නු ඛො කාරණෙන එස දුට‍්ඨො ජාතො”ති උපධාරෙන‍්තො “අද‍්ධා අවිදූරෙ කෙසඤ‍්චි වචනං සුත්‍වා ‘මං එතෙ සික‍්ඛාපෙන‍්තී’ති සඤ‍්ඤාය දුට‍්ඨො ජාතො”ති සන‍්නිට‍්ඨානං කත්‍වා හත්‍ථිගොපකෙ පුච‍්ඡි “අත්‍ථි නු ඛො හත්‍ථිසාලාය සමීපෙ රත‍්තිභාගෙ කෙහිචි කිඤ‍්චි කථිතපුබ‍්බ”න‍්ති? “ආම, සාමි, චොරා ආගන‍්ත්‍වා කථයිංසූ”ති. බොධිසත‍්තො ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි “දෙව, අඤ‍්ඤො හත්‍ථිස‍්ස සරීරෙ විකාරො නත්‍ථි, චොරානං කථං සුත්‍වා දුට‍්ඨො ජාතො”ති. “ඉදානි කිං කාතුං වට‍්ටතී”ති? “සීලවන‍්තෙ සමණබ්‍රාහ‍්මණෙ හත්‍ථිසාලායං නිසීදාපෙත්‍වා සීලාචාරකථං කථාපෙතුං වට‍්ටතී”ති. “එවං කාරෙහි, තාතා”ති.

මහිලාමුඛ උමතු වූයේය. දුටුදුටුවන් මරා දමතැ යි රජුට සැලකළහ. රජ බෝසතුන් යැවීය. පණ්ඩිතයෙනි, කුමක් නිසා ඇතු දරුණු වූයේ ද? බෝසත්හු ගොස් ඇතුගේ සිරුරෙහි රෝගයක් නැතැ යි දැන කුමක් නිසා ඔහු දරුණු වූයේදැ යි විමසන්නාහු, ඒකාන්තයෙන් යමකුගේ වදන් අසා මොවුන් මා හට උගන්වතැ යි යන හැඟීමෙන් දරුණු වූවා විය යුතුයැ යි සනිටුහන්කොට ඇත්ගොව්වන්ගෙන් විචාළේය. කවුරු හෝ රාත්‍රී කාලයෙහි ඇත්හළ ළඟ සිට කුමක් හෝ කථා කළෝ ද? හිමියනි, එ සේය. සොරු අවුත් කථා කළහ යි කීහ. බෝසතුන් රජු වෙත ගොස් දේවයනි, ඇතුගේ ශරීරයෙහි කිසි වෙනසක් නැත. සොරුන්ගේ වචන ඇසීමෙන් දරුණු වූයේය. දැන් කුමක් කළ යුතු ද? සිල්වත් මහණ බමුණන් ඇත්හළෙහි වඩා හිඳුවා ශීලාචාර කථා කරවන්න වටිනේය. දරුව, එසේ කරව.

බොධිසත‍්තො ගන‍්ත්‍වා සීලවන‍්තෙ සමණබ්‍රාහ‍්මණෙ හත්‍ථිසාලායං නිසීදාපෙත්‍වා “සීලකථං කථෙථ, භන‍්තෙ”ති ආහ. තෙ හත්‍ථිස‍්ස අවිදූරෙ නිසින‍්නා “න කොචි පරාමසිතබ‍්බො න මාරෙතබ‍්බො, සීලාචාරසම‍්පන‍්නෙන ඛන‍්තිමෙත‍්තානුද‍්දයයුත‍්තෙන භවිතුං වට‍්ටතී”ති සීලකථං කථයිංසු. සො තං සුත්‍වා “මං ඉමෙ සික‍්ඛාපෙන‍්ති, ඉතො දානි පට‍්ඨාය සීලවන‍්තෙන භවිතබ‍්බ”න‍්ති සීලවා අහොසි. රාජා බොධිසත‍්තං පුච‍්ඡි “කිං, තාත, සීලවා ජාතො”ති ? බොධිසත‍්තො “ආම, දෙවා”ති. “එවරූපො දුට‍්ඨහත්‍ථී පණ‍්ඩිතෙ නිස‍්සාය පොරාණකධම‍්මෙයෙව පතිට‍්ඨිතො”ති වත්‍වා ඉමං ගාථමාහ –

බෝසත්හු ගොස් සිල්වත් මහණ බමුණන් ඇති සාලාවේ වඩා හිඳුවා ස්වාමීනි, ශීල කථා කරනු මැනවැ යි කීහ. ඔවුහු ඇතු නුදුරෙහි හුන්නාහු, කිසිවෙක් අනුන් නො රිදවිය යුත්තේය. නො මැරිය යුත්තේය. සදාචාරවත් විය යුතුය. ඉවසීම, මෛත්‍රිය, දයාව ඇත්තකු විය යුතුය. ආදී ශීල කථා කළහ. ඔහු ඒ අසා මොව්හු මා හික්මවති යි දැන මෙතැන් පටන් සිල්වත් විය යුතුයැ යි සිතා සිල්වතකු විය. රජ, බෝසතුන්ගෙන් කිම දරුව, ඇතා සිල්වත් වූයේ ද? බෝසත්හු, එ සේය දේවයිනි, මෙබඳු දරුණු ඇතා පණ්ඩිතයන් නිසා පෙර සිටි තත්ත්වයෙහි ම පිහිටියේයැ යි කියා මේ ගාථාව කීහ.

“පුරාණචොරාන වචො නිසම‍්ම, මහිළාමුඛො පොථයමන්‍වචාරී; සුසඤ‍්ඤතානඤ‍්හි වචො නිසම‍්ම, ගජුත‍්තමො සබ‍්බගුණෙසු අට‍්ඨා”ති.

“පුරාණචොරාන වචො නිසම්ම, මහිලාමුඛො පොථය මානු චාරි, සුසඤ්ඤතානං හි වචො නිසම්ම, ගජුත්තමො සබ්බ ගුණෙසු අට්ඨාති”

“මහිලාමුඛ ඇත් තෙම පළමු ව සොරුන්ගේ වදන් අසා අනුන්ට පහර දීමෙහි යෙදුණේය. සිල්වතුන්ගේ දහම් කථා ඇසීමෙන් ඒ ඇත් රජ තෙමේ සියලු ගුණයන්හි පිහිටියේය.”

තත්‍ථ පුරාණචොරානන‍්ති පොරාණචොරානං. නිසම‍්මාති සුත්‍වා, පඨමං චොරානං වචනං සුත්‍වාති අත්‍ථො. මහිළාමුඛොති හත්‍ථිනිමුඛෙන සදිසමුඛො. යථා මහිළා පුරතො ඔලොකියමානා සොභති, න පච‍්ඡතො, තථා සොපි පුරතො ඔලොකියමානො සොභති. තස‍්මා “මහිළාමුඛො”තිස‍්ස නාමං අකංසු. පොථයමන්‍වචාරීති පොථයන‍්තො මාරෙන‍්තො අනුචාරී. අයමෙව වා පාඨො. සුසඤ‍්ඤතානන‍්ති සුට‍්ඨු සඤ‍්ඤතානං සීලවන‍්තානං. ගජුත‍්තමොති උත‍්තමගජො මඞ‍්ගලහත්‍ථී. සබ‍්බගුණෙසු අට‍්ඨාති සබ‍්බෙසු පොරාණගුණෙසු පතිට‍්ඨිතො. රාජා “තිරච‍්ඡානගතස‍්සාපි ආසයං ජානාතී”ති බොධිසත‍්තස‍්ස මහන‍්තං යසං අදාසි. සො යාවතායුකං ඨත්‍වා සද‍්ධිං බොධිසත‍්තෙන යථාකම‍්මං ගතො.

එහි “පුරාණ චොරාන” පෙර සොරුන්ගේ “නිසම්ම” අසා, එනම් පළමු ව සොරුන්ගේ වචන අසා යන අර්ථයයි. “මහිලාමුඛො” යි ඇතින්නකගේ හා සමාන මුහුණු ඇත්තේ නැතහොත් යම් සේ ස්ත්‍රීහු ඉදිරියෙහි සිට බලන විට හොබනේ වෙත් ද පසුපසින් බලන විට එ සේ නො වෙත් ද මේ ඇතා ද ඉදිරියෙහි සිට බලන විට සුන්දරය. එම නිසා මේ ඇතාට මහිලාමුඛයැ යි හඬක් තැබූහ. “පොථය මානු චාරි” පහර දෙමින් මරමින් හැසිරුණේය. මෙහි “අන්‍වචාරී” යනු පාඨාන්තරයකි. “සුසඤ්ඤතානං” මනා සේ හික්මුණු සිල්වතුන්ගේ “ගජුත්තමො” උසස් ඇතා, මංගල හස්තියාය. “සබ්බ ගුණෙසු අට්ඨා” පෙර තිබුණු සියලු ගුණයන්හි පිහිටියේය. රජ, තිරිසනාගේ පවා සිතැඟි දනිතැ යි බෝසතුන්ට මහත් ධනය දුන්නේය. දිවි ඇතිතාක් සිට බෝසතුන් සමග කම් වූ පරිදි මිය ගියේය.

සත්‍ථා “පුබ‍්බෙපි ත්‍වං භික‍්ඛු දිට‍්ඨදිට‍්ඨෙයෙව භජි, චොරානං වචනං සුත්‍වා චොරෙ භජි, ධම‍්මිකානං වචනං සුත්‍වා ධම‍්මිකෙ භජී”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මහිළාමුඛො විපක‍්ඛසෙවකභික‍්ඛු අහොසි, රාජා ආනන්‍දො, අමච‍්චො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරදහු, මහණ, ඔබ පෙර ද දුටුදුටුවන් ඇසුරු කළෙහිය. සොරුන්ගේ වචන ඇසුවේය. සොරුන් ඇසුරු කළෙහිය. ධාර්මිකයන්ගේ වචන අසා ධාර්මිකයන් ඇසුරු කළෙහි. මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. එකල්හි මහිලාමුඛ විපක්‍ෂය සේවනය කළ භික්‍ෂුවය. රජ ආනන්දය. ඇමැතියා මම ම වීමි.

මහිළාමුඛජාතකවණ‍්ණනා ඡට‍්ඨා.