යෙදුමෙන් කියවන්න

5. තිත්‍ථජාතකවණ‍්ණනා 25 අට‍්ඨකථා

5. තිත්‍ථජාතකවණ‍්ණනා (25)

5. තිත්ථ ජාතකය (25)

අඤ‍්ඤමඤ‍්ඤෙහි තිත්‍ථෙහීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ධම‍්මසෙනාපතිස‍්ස සද‍්ධිවිහාරිකං එකං සුවණ‍්ණකාරපුබ‍්බකං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. ආසයානුසයඤාණඤ‍්හි බුද‍්ධානංයෙව හොති, න අඤ‍්ඤෙසං. තස‍්මා ධම‍්මසෙනාපති අත‍්තනො ආසයානුසයඤාණස‍්ස නත්‍ථිතාය සද‍්ධිවිහාරිකස‍්ස ආසයානුසයං අජානන‍්තො අසුභකම‍්මට‍්ඨානමෙව කථෙසි, තස‍්ස තං න සප‍්පායමහොසි. කස‍්මා? සො කිර පටිපාටියා පඤ‍්ච ජාතිසතානි සුවණ‍්ණකාරගෙහෙයෙව පටිසන්‍ධිං ගණ‍්හි, අථස‍්ස දීඝරත‍්තං පරිසුද‍්ධසුවණ‍්ණදස‍්සනවසෙන පරිචිතත‍්තා අසුභං න සප‍්පායමහොසි. සො තත්‍ථ නිමිත‍්තමත‍්තම‍්පි උප‍්පාදෙතුං අසක‍්කොන‍්තො චත‍්තාරො මාසෙ ඛෙපෙසි.

“අඤ්ඤමඤ්ඤෙහි තිත්‍ථෙහි” යන මේ දේශනය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නාහු. දම් සෙනෙවි හිමිගේ අතවැසි එක් රන්කරු පුතකු වූ භික්‍ෂුවක් අරබයා වදාළහ. කෙනකුගේ සිතැඟි වෙසෙස් දන්නා නුවණ බුදුවරුන්ට ම වේ. අන් අයට නො වේ. එම නිසා දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ තමාට ආසය අනුසය ඥානය නැති බැවින් සිතැඟි නො දැන අසුභ කමටහන ම කියා දුන්හ. එය ඔහුට සුදුසු නො වීය. මක්නිසා ද? ඔහු වනාහි පිළිවෙලින් ආත්ම පන්සියක් රන්කරු ගෙයක ම පිළිසිඳ ගත්තේය. ඔහුට මෙසේ බොහෝ කාලයක් රන් දැකීමෙන් හා භාවිතයෙන් අසුභ කමටහන යෝග්‍යය නො වූයේය. ඔහු එහි උපචාර නිමිති මාත්‍රයක් හෝ උපදවා ගනු නො හැකිව සිව් මසක් ගෙවීය.

ධම‍්මසෙනාපති අත‍්තනො සද‍්ධිවිහාරිකස‍්ස අරහත‍්තං දාතුං අසක‍්කොන‍්තො “අද‍්ධා අයං බුද‍්ධවෙනෙය්‍යො භවිස‍්සති, තථාගතස‍්ස සන‍්තිකං නෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා පාතොව තං ආදාය සත්‍ථු සන‍්තිකං අගමාසි. සත්‍ථා “කිං නු ඛො, සාරිපුත‍්ත, එකං භික‍්ඛුං ආදාය ආගතොසී”ති පුච‍්ඡි. “අහං, භන‍්තෙ, ඉමස‍්ස කම‍්මට‍්ඨානං අදාසිං, අයං පන චතූහි මාසෙහි නිමිත‍්තමත‍්තම‍්පි න උප‍්පාදෙසි, ස‍්වාහං ‘බුද‍්ධවෙනෙය්‍යො එසො භවිස‍්සතී’ති චින‍්තෙත්‍වා තුම‍්හාකං සන‍්තිකං ආදාය ආගතො”ති. “සාරිපුත‍්ත, කතරං පන තෙ කම‍්මට‍්ඨානං සද‍්ධිවිහාරිකස‍්ස දින‍්න”න‍්ති? “අසුභකම‍්මට‍්ඨානං භගවා”ති. “සාරිපුත‍්ත, නත්‍ථි තව සන‍්තානෙ ආසයානුසයඤාණං, ගච‍්ඡ, ත්‍වං සායන‍්හසමයෙ ආගන‍්ත්‍වා තව සද‍්ධිවිහාරිකං ආදාය ගච‍්ඡෙය්‍යාසී”ති. එවං සත්‍ථා ථෙරං උය්‍යොජෙත්‍වා තස‍්ස භික‍්ඛුස‍්ස මනාපං චීවරඤ‍්ච නිවාසනඤ‍්ච දාපෙත්‍වා තං ආදාය ගාමං පිණ‍්ඩාය පවිසිත්‍වා පණීතං ඛාදනීයභොජනීයං දාපෙත්‍වා මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරො පුන විහාරං ආගන‍්ත්‍වා ගන්‍ධකුටියං දිවසභාගං ඛෙපෙත්‍වා සායන‍්හසමයෙ තං භික‍්ඛුං ගහෙත්‍වා විහාරචාරිකං චරමානො අම‍්බවනෙ එකං පොක‍්ඛරණිං මාපෙත්‍වා තත්‍ථ මහන‍්තං පදුමිනිගච‍්ඡං, තත්‍රාපි ච මහන‍්තං එකං පදුමපුප‍්ඵං මාපෙත්‍වා “භික‍්ඛු ඉමං පුප‍්ඵං ඔලොකෙන‍්තො නිසීදා”ති නිසීදාපෙත්‍වා ගන්‍ධකුටිං පාවිසි.

දම් සෙනෙවි තෙරණුවෝ තම අතවැසි භික්‍ෂුවට රහත්බව ලබාදීමට නො හැකිව ඒකාන්තයෙන් මොහු බුදුන් විසින් හික්මවිය යුතු අයකු යි බුදුරදුන් වෙත ගෙනයන්නෙමැ යි සිතා අලුයම් වේලෙහි ඔහු ගෙන බුදුරදුන් වෙත වැඩියහ. බුදුරදහු කිම සාරිපුත්‍රය, එක් භික්‍ෂුවක් රැගෙන ආවෙහි යි ඇසූහ. ස්වාමීනි, මම මොහුට කමටහන් දුනිමි. සිව් මසකින් නිමිති මාත්‍රයක් හෝ ඉපදවීමට නො හැකි විය. මොහු බුදුරදුන් විසින් හික්මවිය යුතු අයකු යි සිතා බුදුරදුන් වෙත ගෙන එමි. සාරිපුත්‍රය, ඔබ කිනම් කමටහනක් අතවැසි භික්‍ෂුවට දෙන ලද්දේ ද? භාග්‍යවතුන් වහන්ස, අසුභ කමටහන දුනිමි. සාරිපුත්‍රය, ඔබගේ සන්තානයෙහි පුද්ගලයන්ගේ හැඟීම්වල විශේෂතා දන්නා ඤාණය නැත. දැන් යන්න. සවස් භාගයෙහි අවුත් ඔබ අතවැසියා රැගෙන යන්න. මෙසේ බුදුරදුන් සැරියුත් තෙරුන් යවා ඒ භික්‍ෂුවට කැමැති අඳන සිවුර දෙවා ඒ භික්‍ෂුව සමගම පිඬු පිණිස හැසිර රසවත් කන බොන දේ දෙවා මහසඟන පිරිවරන ලදුව නැවත විහාරයට වැඩමවා ගඳකිළියෙහි දවල් කාලය ගතකොට සවස් කාලයෙහි ඒ භික්‍ෂුව රැගෙන විහාර චාරිකාවෙහි හැසිරෙමින් අඹ උයනෙහි පොකුණක් මවා එහි නෙළුම් පඳුරක් ද එහි මහත් නෙළුම් මලක් ද මවා මහණ, මේ නෙළුම් මල දෙස බලා හිඳුව යි, ඔහු එහි රඳවා ගඳකිළියට වැඩියහ.

සො භික‍්ඛු තං පුප‍්ඵං පුනප‍්පුනං ඔලොකෙති. භගවා තං පුප‍්ඵං ජරං පාපෙසි, තං තස‍්ස පස‍්සන‍්තස‍්සෙව ජරං පත්‍වා විවණ‍්ණං අහොසි. අථස‍්ස පරියන‍්තතො පට‍්ඨාය පත‍්තානි පතන‍්තානි මුහුත‍්තෙන සබ‍්බානි පතිංසු. තතො කිඤ‍්ජක‍්ඛං පති, කණ‍්ණිකාව අවසිස‍්සි. සො භික‍්ඛු තං පස‍්සන‍්තො චින‍්තෙසි “ඉදං පදුමපුප‍්ඵං ඉදානෙව අභිරූපං අහොසි දස‍්සනීයං, අථස‍්ස වණ‍්ණො පරිණතො, පත‍්තානි ච කිඤ‍්චක‍්ඛඤ‍්ච පතිතං, කණ‍්ණිකාමත‍්තමෙව අවසිට‍්ඨං, එවරූපස‍්ස නාම පදුමස‍්ස ජරා පත‍්තා, මය‍්හං සරීරස‍්ස කිං න පාපුණිස‍්සති, සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”ති විපස‍්සනං පට‍්ඨපෙසි. සත්‍ථා “තස‍්ස චිත‍්තං විපස‍්සනං ආරුළ‍්හ”න‍්ති ඤත්‍වා ගන්‍ධකුටියං නිසින‍්නොව ඔභාසං ඵරිත්‍වා ඉමං ගාථමාහ –

ඒ භික්‍ෂුව නෙළුම් මල නැවත නැවත බලයි. බුදුරදහු ඒ මල ක්‍රමයෙන් පරවුණු මලක් බවට පත් කළහ. ඔහු බලා සිටියදී ම පරවී විවර්ණ බවට පත්විය. මලෙහි පෙති සියල්ල ද මොහොතකින් වැටිණි. අනතුරුව මල් රේණු ද වැටී මල් කෙමිය පමණක් ඉතිරි විය. භික්‍ෂුව ඒ බලමින් සිතීය. මේ නෙළුම් මල දැන් ම ඉතා මනහර ලෙස පැවැතියේය. දැකුම්කළු විය. දැන් ඒ වර්ණය වෙනස් විය. පෙති ද රේණු ද වැටිණි. කෙමිය පමණක් ඉතිරි ව තිබේ. මේ පියුම පවා මහළු බවට පැමිණියේය. මගේ ශරීරයට නො එන්නේ ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල ම අනිත්‍යයැ යි සිත විදර්ශනාවෙහි පිහිටුවීය. බුදුරදහු ගඳකිළියේ ම වැඩ සිටියේ, ඔහුගේ සිත විදර්ශනාවට නැගුණු බව දැක ආලෝකයක් විහිදුවා මේ ගාථාව වදාළහ.

“උච‍්ඡින්‍ද සිනෙහමත‍්තනො, කුමුදං සාරදිකංව පාණිනා; සන‍්තිමග‍්ගමෙව බ්‍රූහය, නිබ‍්බානං සුගතෙන දෙසිත”න‍්ති. (ධ· ප· 285);

“උච්ඡින්‍ද සිනෙහ මත්තනො කුමුදං සාරදිකං ව පාණිනා, සන්ති මග්ගමෙව බ්‍රෑහය නිබ්බාණං සුගතෙන දෙසිතන්ති”

“මහණ, සරත් කාලයෙහි හටගත් කුමුදු මලක් අතින් කඩන්නාක් මෙන් තමාගේ සිත හා බැඳි ආශාව සිඳ දමන්න. බුදුන් විසින් දෙසන ලද ශාන්ති මාර්ගය නම් වූ නිවන වඩන්න.”

සො භික‍්ඛු ගාථාපරියොසානෙ අරහත‍්තං පත්‍වා “මුත‍්තො වතම‍්හි සබ‍්බභවෙහී”ති චින‍්තෙත්‍වා –

ඒ භික්‍ෂුව ගාථා කෙළවර රහත් බවට පත්ව මම සියලු භවයෙන් මිදුනෙමින් සිතා,

“සො වුත්‍ථවාසො පරිපුණ‍්ණමානසො, ඛීණාසවො අන‍්තිමදෙහධාරී; විසුද‍්ධසීලො සුසමාහිතින්‍ද්‍රියො, චන්‍දො යථා රාහුමුඛා පමුත‍්තො.

“සො වුත්‍ථවාසො පරිපුණ්ණ මානසො, ඛීණාසවො අන්තිමදෙහධාරී, විසුද්ධසීලො සුසමාහිතින්‍ද්‍රියො, චන්දො යථා රාහුමුඛා පමුත්තො.

“සමොතතං මොහමහන්‍ධකාරං, විනොදයිං සබ‍්බමලං අසෙසං; ආලොකපජ‍්ජොතකරො පභඞ‍්කරො, සහස‍්සරංසී විය භාණුමා නභෙ”ති. –

සමොතතං මොහ මහන්‍ධකාරං, විනොදයිං සබ්බමලං අසෙසං, ආලොකමුජ්ජොතකරො පභඞ්කරො, සහස්සරංසී විය භානුමා නභෙති”

“ඒ මම සසුන් බඹසර විසුවෙමි. පිරිපුන් සිත් ඇත්තේ වෙමි. ආශ්‍රව ධර්ම නැති කෙළෙමි. සසර කෙළවර සිරුර දරන්නේ වෙමි. පිරිසිදු සිල් ඇත්තේ වෙමි. සංවර වූ ඉඳුරන් ඇත්තේ වෙමි. රාහු මුඛයෙන් මිදුණු චන්‍ද්‍රයා මෙන් වීමි.

පැතිරී ගිය මෝහ නැමැති ගනඳුර දුරු කෙළෙමි. ඉතිරි නො කොට සියලු කෙළෙස් මළ දුරු කළෙමි. අහසෙහි ආලෝකය පතුරුවන, පැහැ විහිදුවන සූර්යයා මෙන් බබළමි.”

ආදීහි ගාථාහි උදානං උදානෙසි. උදානෙත්‍වා ච පන ගන‍්ත්‍වා භගවන‍්තං වන්‍දි. ථෙරොපි ආගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා අත‍්තනො සද‍්ධිවිහාරිකං ගහෙත්‍වා අගමාසි. අයං පවත‍්ති භික‍්ඛූනං අන‍්තරෙ පාකටා ජාතා. භික‍්ඛූ ධම‍්මසභායං දසබලස‍්ස ගුණෙ වණ‍්ණයමානා නිසීදිංසු – “ආවුසො, සාරිපුත‍්තත්‍ථෙරො ආසයානුසයඤාණස‍්ස අභාවෙන අත‍්තනො සද‍්ධිවිහාරිකස‍්ස ආසයං න ජානාති, සත්‍ථා පන ඤත්‍වා එකදිවසෙනෙව තස‍්ස සහ පටිසම‍්භිදාහි අරහත‍්තං අදාසි, අහො බුද‍්ධා නාම මහානුභාවා”ති.

ආදී ගාථාවලින් උදන් ඇනීය. උදන් අනා පළමුකොට ගොස් බුදුරදුන් වැන්දාහ. සැරියුත් තෙරණුවෝ ද පැමිණ බුදුරදුන් වැඳ තම අතවැසි භික්‍ෂුව රැගෙන ගියහ. මේ පුවත භික්‍ෂූන් අතර ප්‍රකට විය. භික්‍ෂූහු දම් සභාවෙහි බුදුරදුන්ගේ ගුණ වණමින් හුන්හ. සැරියුත් තෙරණුවෝ ආසයානුසය ඥානය නැති බැවින් තම අතවැසියාගේ සිතැඟි නො දනිති. බුදුහු දැන එක දවසින් ම ඔහුට සිව් පිළිසිඹියා සමග රහත්බව දුන්හ. අහෝ බුදුවරු වනාහි මහත් ආනුභාව ඇත්තෝ වෙති.

සත්‍ථා ආගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදිත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡි. “න භගවා අඤ‍්ඤාය කථාය, තුම‍්හාකඤ‍්ඤෙව පන ධම‍්මසෙනාපතිනො සද‍්ධිවිහාරිකස‍්ස ආසයානුසයඤාණකථායා”ති. සත්‍ථා “න, භික‍්ඛවෙ, එතං අච‍්ඡරියං, ස‍්වාහං එතරහි බුද‍්ධො හුත්‍වා තස‍්ස ආසයං ජානාමි, පුබ‍්බෙපාහං තස‍්ස ආසයං ජානාමියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

බුදුරදහු පැමිණ පැනවූ අසුනෙහි වැඩහිඳ මෙහි කවර කථාවකින් හුන්නාහුදැ යි විචාළහ. ස්වාමීනි, වෙනත් කථාවකින් නො වේ. ඔබ වහන්සේගේ ම දම් සෙනෙවි ඥානය පිළිබඳ කථාවෙනි. මහණෙනි මා දැන් සම්බුදු ව ඔහුගේ සිතැඟි දැනගැනීම පුදුම නො වේ. පෙර ද මම ඔහුගේ සිතැඟි දත්තෙමි යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තො රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො තං රාජානං අත්‍ථෙ ච ධම‍්මෙ ච අනුසාසති. තදා රඤ‍්ඤො මඞ‍්ගලඅස‍්සන‍්හානතිත්‍ථෙ අඤ‍්ඤතරං වළවං ඛළුඞ‍්කස‍්සං න‍්හාපෙසුං. මඞ‍්ගලස‍්සො වළවෙන න‍්හානතිත්‍ථං ඔතාරියමානො ජිගුච‍්ඡිත්‍වා ඔතරිතුං න ඉච‍්ඡි. අස‍්සගොපකො ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි “දෙව, මඞ‍්ගලස‍්සො තිත්‍ථං ඔතරිතුං න ඉච‍්ඡතී”ති. රාජා බොධිසත‍්තං පෙසෙසි – “ගච‍්ඡ, පණ‍්ඩිත, ජානාහි කෙන කාරණෙන අස‍්සො තිත්‍ථං ඔතාරියමානො න ඔතරතී”ති. බොධිසත‍්තො “සාධු, දෙවා”ති නදීතීරං ගන‍්ත්‍වා අස‍්සං ඔලොකෙත්‍වා නිරොගභාවමස‍්ස ඤත්‍වා “කෙන නු ඛො කාරණෙන අයං ඉමං තිත්‍ථං න ඔතරතී”ති උපධාරෙන‍්තො “පඨමතරං එත්‍ථ අඤ‍්ඤො න‍්හාපිතො භවිස‍්සති, තෙනෙස ජිගුච‍්ඡමානො තිත්‍ථං න ඔතරති මඤ‍්ඤෙ”ති චින‍්තෙත්‍වා අස‍්සගොපකෙ පුච‍්ඡි “අම‍්භො, ඉමස‍්මිං තිත්‍ථෙ කං පඨමං න‍්හාපයිත්‍ථා”ති? “අඤ‍්ඤතරං වළවස‍්සං, සාමී”ති.

පෙර බරණැස් නුවර බඹදත් රජ රාජ්‍යය කළේය. එකල බෝසත්හු ඒ රජුට අර්ථයෙන් ද ධර්මයෙන් ද අනුශාසනා කරති. එකල රජුගේ මගුල් අසු නාවන තොටෙහි ඛලුංක ගණයට අයත් වෙළඹ අසකු (පහත් වර්ගයකට අයත් අසකු) නැහැවූයේය. මගුල් අසු, ඛලුංක අශ්වයා නෑ තොටට බස්සවන කල්හි පිළිකුලින් බැසීමට නො කැමැති විය. අස්ගොව් ගොස් රජුට සැලකළේය. රජ බෝසතුන් යැවීය. පණ්ඩිතයෙනි. මගුලසු මක්නිසා දියට බස්නා කල නො බසින්නේදැයි දනුව. බෝසත්හු දේවයිනි, මැනවැ යි, නහන තොටට ගොස් අසු බලා අසුගේ නීරෝග බව ද දැන කුමක් නිසා මොහු තොටට නො බසීදැ යි විමසන්නාහු, ප්‍රථමයෙන් අන් අසකු නහවන ලද්දේ විය යුතුයි. ඒ නිසා මේ අසු පිළිකුලින් නා තොටට නො බසිතැ යි සිතා අස් ගොව්වන්ගෙන් විමසීය. සගයිනි, මෙහි පළමුවෙන් නැහැවූයේ පෙර කුලවන් නො වූ කවරෙක් ද? ස්වාමීනි, වෙනත් වෙළඹ අශ්වයකුයැ යි කීහ.

බොධිසත‍්තො “එස අත‍්තනො සින්‍ධවතාය ජිගුච‍්ඡන‍්තො එත්‍ථ න‍්හායිතුං න ඉච‍්ඡති, ඉමං අඤ‍්ඤතිත්‍ථෙ න‍්හාපෙතුං වට‍්ටතී”ති තස‍්ස ආසයං ඤත්‍වා “භො අස‍්සගොපක, සප‍්පිමධුඵාණිතාදිභිසඞ‍්ඛතපායාසම‍්පි තාව පුනප‍්පුනං භුඤ‍්ජන‍්තස‍්ස තිත‍්ති හොති. අයං අස‍්සො බහූ වාරෙ ඉධ තිත්‍ථෙ න‍්හාතො, අඤ‍්ඤම‍්පි තාව නං තිත්‍ථං ඔතාරෙත්‍වා න‍්හාපෙථ ච පායෙථ චා”ති වත්‍වා ඉමං ගාථමාහ –

මගුල් අසු තමාගේ ශුචිකාමිත්වය නිසා පිළිකුල් බැවින් මෙහි නාන්න කැමැති නො වෙයි. මොහු වෙනත් තොටක නාවන්න වටීයැ යි අසුගේ සිතැඟි දැන අස්ගොව්වනි, ගිතෙල් මී ආදිය යොදා පිළියෙල කළ කිරිබත වුව ද නැවත නැවත බුදින කල්හි තෘප්තියක් නො වෙයි. මේ අසු ද බොහෝ වාර මෙහි නාවන ලද්දේ දැන් වෙනත් තොටකට බස්වා නහවනු, පැන් පොවනු යි කියා මේ ගාථාව කීහ.

“අඤ‍්ඤමඤ‍්ඤෙහි තිත්‍ථෙහි, අස‍්සං පායෙහි සාරථි; අච‍්චාසනස‍්ස පුරිසො, පායාසස‍්සපි තප‍්පතී”ති.

“අඤ්ඤමඤ්ඤෙහි තිත්‍ථෙහි අස්සං පායෙහි සාරථී, අච්චාසනස්ස පුරිසො පායාසස්සපි තප්පතීති”

“රියදුර, මගුල් අසුට වෙනත් තොටවලින් පැන් පොවන්න. පුරුෂයකු අධික ව ආහාර බුදීමෙන් මිහිරි කිරිබතට පවා රුචි නො කැරේ.”

තත්‍ථ අඤ‍්ඤමඤ‍්ඤෙහීති අඤ‍්ඤෙහි අඤ‍්ඤෙහි. පායෙහීති දෙසනාසීසමෙතං, න‍්හාපෙහි ච පායෙහි චාති අත්‍ථො. අච‍්චාසනස‍්සාති කරණත්‍ථෙ සාමිවචනං , අතිඅසනෙන අතිභුත‍්තෙනාති අත්‍ථො. පායාසස‍්සපි තප‍්පතීති සප‍්පිආදීහි අභිසඞ‍්ඛතෙන මධුරපායාසෙන තප‍්පති තිත‍්තො හොති, ධාතො සුහිතො න පුන භුඤ‍්ජිතුකාමතං ආපජ‍්ජති. තස‍්මා අයම‍්පි අස‍්සො ඉමස‍්මිං තිත්‍ථෙ නිබද‍්ධං න‍්හානෙන පරියත‍්තිං ආපන‍්නො භවිස‍්සති, අඤ‍්ඤත්‍ථ නං න‍්හාපෙථාති.

එහි “අඤ්ඤ මඤ්ඤෙහි” යනු වෙනත් පායෙහිය. මේ දේශනා ක්‍රමයෙහි නහවනු, පොවනු යන අර්ථයයි. “අච්චාසනස්සා” යනු කරණ හි අර්ථයෙහි සාමි විභක්ති අර්ථයයි. අධික ව බුදීමෙන්, අනුභවයෙන් යන අර්ථයයි. “පායාසස්සවි තප්පතීති” ගිතෙල් ආදිය යොදා සකස් කළ මිහිරි කිරිබත වුව ද රුචි නො කැරේ. මිහිරි නො වේ. නැවත අනුභව කිරීමේ කැමැත්ත ම නො එළැඹේ. ඒ අනුව මේ අශ්වයා ද මේ තොටින් නිතර කෑම නිසා රුචිකත්වයේ කෙළවරට පැමිණියේ වන්නේය. අසු වෙනත් තොටකින් නහවනුය.

තෙ තස‍්ස වචනං සුත්‍වා අස‍්සං අඤ‍්ඤතිත්‍ථං ඔතාරෙත්‍වා පායිංසු චෙව න‍්හාපයිංසු ච. බොධිසත‍්තො අස‍්සස‍්ස පානීයං පිවිත්‍වා න‍්හානකාලෙ රඤ‍්ඤො සන‍්තිකං අගමාසි. රාජා “කිං, තාත, අස‍්සො න‍්හාතො ච පීතො චා”ති පුච‍්ඡි. “ආම, දෙවා”ති. “පඨමං කිං කාරණා න ඉච‍්ඡතී”ති? “ඉමිනා නාම කාරණෙනා”ති සබ‍්බං ආචික‍්ඛි. රාජා “එවරූපස‍්ස තිරච‍්ඡානස‍්සාපි නාම ආසයං ජානාති, අහො පණ‍්ඩිතො”ති බොධිසත‍්තස‍්ස මහන‍්තං යසං දත්‍වා ජීවිතපරියොසානෙ යථාකම‍්මං ගතො. බොධිසත‍්තොපි යථාකම‍්මමෙව ගතො.

අසරුවෝ බෝසතුන්ගේ වචනය අසා වෙනත් තොටකට බස්වා නෑවූහ. පැන් පෙවූහ. බෝසත්හු අසු පැන් බී නාන කල්හි රජු වෙත ගියෙන් දරුව අශ්වයා නෑවේ ද? පැන් බීවේ ද? එ සේය දේවයිනි. දරුව, අසු පළමු ව නෑමට හා පැන් බීමට අකැමැති වූයේ ඇයි? බෝසත්හු කාරණා සියල්ල කීවේය. රජ, මෙබඳු තිරිසනකුගේ පවා සිතැඟි දැන ගන්නා ලදි. මහ පුදුමයකි යි, රජ බෝසතුන්ට මහත් ධන සම්පත් දී ආයු කෙළවර කම් වූ පරිදි මිය ගියේය. බෝසත්හු ද කම් වූ පරිදි ම මිය ගියහ.

සත්‍ථා “න, භික‍්ඛවෙ, අහං එතස‍්ස ඉදානෙව ආසයං ජානාමි, පුබ‍්බෙපි ජානාමියෙවා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මඞ‍්ගලඅස‍්සො අයං භික‍්ඛු අහොසි, රාජා ආනන්‍දො, පණ‍්ඩිතාමච‍්චො පන අහමෙව අහොසි”න‍්ති.

මහණෙනි, මා මේ භික්‍ෂුවගේ සිතැඟි දන්නේ දැන් පමණක් නොවේ. පෙරත් දත්තේයැ යි දම් දෙසුම ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතක කථාව නිම කළහ. එකල මංගල අශ්වයා මේ භික්‍ෂුවය. රජ ආනන්ද තෙරණුවෝය. නුවණැති ඇමැතියා මම ම වීමි.

තිත්‍ථජාතකවණ‍්ණනා පඤ‍්චමා.