4. ආජඤ්ඤජාතකවණ්ණනා 24 අට්ඨකථා
4. ආජඤ්ඤජාතකවණ්ණනා (24)
4. ආජඤ්ඤ ජාතකය (24)
යදා යදාති ඉදම්පි සත්ථා ජෙතවනෙ විහරන්තො ඔස්සට්ඨවීරියමෙව භික්ඛුං ආරබ්භ කථෙසි. තං පන භික්ඛුං සත්ථා ආමන්තෙත්වා “භික්ඛු පුබ්බෙ පණ්ඩිතා අනායතනෙපි ලද්ධප්පහාරාපි හුත්වා වීරියං අකංසූ”ති වත්වා අතීතං ආහරි.
“යදා යදා” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, වීර්යය අත්හළ භික්ෂුවක් අරබයා දෙසූහ. බුදුරදහු ඒ භික්ෂුව අමතා මහණ, පෙර පඬිවරු අස්ථානගතයෙහි පවා පහර ලැබුව ද වීර්යය කළ හැකියැ යි කියා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ පුරිමනයෙනෙව සත්ත රාජානො නගරං පරිවාරයිංසු. අථෙකො රථිකයොධො ද්වෙ භාතිකසින්ධවෙ රථෙ යොජෙත්වා නගරා නික්ඛම්ම ඡ බලකොට්ඨකෙ භින්දිත්වා ඡ රාජානො අග්ගහෙසි. තස්මිං ඛණෙ ජෙට්ඨකඅස්සො පහාරං ලභි. රථිකො රථං පෙසෙන්තො රාජද්වාරං ආගන්ත්වා ජෙට්ඨභාතිකං රථා මොචෙත්වා සන්නාහං සිථිලං කත්වා එකෙනෙව පස්සෙන නිපජ්ජාපෙත්වා අඤ්ඤං අස්සං සන්නය්හිතුං ආරද්ධො. බොධිසත්තො තං දිස්වා පුරිමනයෙනෙව චින්තෙත්වා රථිකං පක්කොසාපෙත්වා නිපන්නකොව ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි පෙර පරිද්දෙන් ම සත් රජහු නුවර වට කළහ. ඉක්බිති එක් රථයෙහි සිටි යුද්ධ කරන සෙබළෙක් ඔවුනොවුන් සොහොයුරු වූ අශ්වයන් දෙදෙනෙකු රථයෙහි යොදා නගරෙන් නික්ම බලකොටු සයක් බිඳ රජුන් සයදෙනකු අල්ලාගත්තේය. එකල්හි දෙටු අසු පහරක් ලැබූ හෙයින් සෙබලා රථය යොදා මෙහෙයවමින් රජ දොරටුව ළඟට අවුත් දෙටු සොයුරු රියෙන් මුදවා යුද ඇඳුම ළිහිල්කොට එක පසින් හොයා වෙනත් අසකු සදන්න පටන්ගත්තේය. බෝසත් රජු ඒ දැක පෙර පරිද්දෙන් සිතා රථිකයා කැඳවා වැදහොත්තේ ම මේ ගාථාව කීය.
“යදා යදා යත්ථ යදා, යත්ථ යත්ථ යදා යදා; ආජඤ්ඤො කුරුතෙ වෙගං, හායන්ති තත්ථ වාළවා”ති.
“යදා යදා යත්ථ යත්ථ යදා යදා, ආජඤ්ඤො කුරුතෙ වෙගං හායන්ති තත්ථ වාළවාති”
“පෙරවරු ආදී යම් යම් කාලයක මඟ යුදබිම ආදී තැනක යම් මොහොතක යුද බලකොටු ආදී තැනක ආයුද ප්‍රහාරයක් ලද හෝ නො ලද කල, ආජඤ්ඤෙ අශ්වයා ම වේග කරයි. වළවා ආදී සෙසු අස්හු පිරිහෙත්.”
තත්ථ යදා යදාති පුබ්බණ්හාදීසු යස්මිං යස්මිං කාලෙ. යත්ථාති යස්මිං ඨානෙ මග්ගෙ වා සඞ්ගාමසීසෙ වා. යදාති යස්මිං ඛණෙ. යත්ථ යත්ථාති සත්තන්නං බලකොට්ඨකානං වසෙන බහූසු යුද්ධමණ්ඩලෙසු. යදා යදාති යස්මිං යස්මිං කාලෙ පහාරං ලද්ධකාලෙ වා අලද්ධකාලෙ වා. ආජඤ්ඤො කුරුතෙ වෙගන්ති සාරථිස්ස චිත්තරුචිතං කාරණං ආජානනසභාවො ආජඤ්ඤො වරසින්ධවො වෙගං කරොති වායමති වීරියං ආරභති. හායන්ති තත්ථ වාළවාති තස්මිං වෙගෙ කරියමානෙ ඉතරෙ වළවසඞ්ඛාතා ඛළුඞ්කස්සා හායන්ති පරිහායන්ති, තස්මා ඉමස්මිං රථෙ මංයෙව යොජෙහීති ආහ.
එහි “යදා යදා” යනු පෙරවරු ආදී යම් කාලයක, “යත්ථ” යි යම් තැනක, මඟෙහි හෝ යුද බිමෙහි හෝ “යදා” යම් මොහොතක, “යත්ථ යත්ථ” සත්ත්ව බලකොටු මෙන් බොහෝ යුදබිම්වල, “යදා යදා” යම් යම් කලෙක පහරක් ලද කල හෝ නො ලද කල, “ආජඤ්ඤො කුරුතෙ වෙගං” රියදුරුගේ සිත් කැමැත්ත දැනගන්නා ස්වභාව ඇත්තේ යන අරුත්හි ආජඤ්ඤ නම් වූ උසස් කුල අසු වේගවත් වේ. වීර්යය අරඹයි. “හායන්ති තත්ථ වාළවා” කුලවත් අසු වේගවත් ව ක්‍රියා කරන කල්හි වළව නම් වූ දුබල අශ්වයෝ පිරිහෙත්. එම නිසා මේ රථයෙහි මා යොදව යි කීය.
සාරථි බොධිසත්තං උට්ඨාපෙත්වා රථෙ යොජෙත්වා සත්තමං බලකොට්ඨකං භින්දිත්වා සත්තමං රාජානං ආදාය රථං පෙසෙන්තො රාජද්වාරං ආගන්ත්වා සින්ධවං මොචෙසි. බොධිසත්තො එකෙන පස්සෙන නිපන්නො පුරිමනයෙනෙව රඤ්ඤො ඔවාදං දත්වා නිරුජ්ඣි. රාජා තස්ස සරීරකිච්චං කාරෙත්වා සාරථිස්ස සම්මානං කත්වා ධම්මෙන රජ්ජං කාරෙත්වා යථාකම්මං ගතො.
රියදුරු බෝසතුන් නැගිටුවා රථයෙහි යොදා සත් වැනි බල කොටුව බිඳ සත් වැනි රජු ද ගෙන රිය පදවමින් රජ දොරටුව වෙත අවුත් සෛන්ධවයා මුදාහළේය. බෝසත්හු එක් පසකින් හොවින්නේ පෙර පරිද්දෙන් ම රජුට අවවාද දී මිය ගියහ. රජු අසුගේ මළ සිරුරු කිස කරවා රියදුරුට සම්මානකොට දැහැමින් රාජ්‍යය කරවා කම් වූ පරිදි මිය ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ සො භික්ඛු අරහත්තෙ පතිට්ඨාසි. සත්ථා ජාතකං සමොධානෙසි “තදා රාජා ආනන්දත්ථෙරො අහොසි, අස්සො සම්මාසම්බුද්ධො”ති.
බුදුරදහු දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් සමග මේ ජාතකය නිමවූහ. එසේ කෙළවර භික්ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. එකල රජ ආනන්ද තෙරණුවෝය. අශ්වයා බුදුරදාණෝය.
ආජඤ්ඤජාතකවණ්ණනා චතුත්ථා.