2. කුක්කුරජාතකවණ්ණනා 22 අට්ඨකථා
2. කුක්කුරජාතකවණ්ණනා (22)
2. කුක්කුර ජාතකය (22)
යෙ කුක්කුරාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ඤාතත්ථචරියං ආරබ්භ කථෙසි. සා ද්වාදසකනිපාතෙ භද්දසාලජාතකෙ ආවිභවිස්සති. ඉදං පන වත්ථුං පතිට්ඨපෙත්වා අතීතං ආහරි.
“යෙ කුක්කුරාති” යන මේ ජාතක දේශනාව බුදුරදුන් දෙව්රම් වෙහෙරෙහි වසන සේක්, ඤාති සංග්‍රහය අරබයා දෙසූහ. එය දොළොස් වැනි නිපාතයෙහි භද්දසාළ ජාතකයෙහි එන්නේය. ඒ කථා පුවත පදනම් කොට අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තථාරූපං කම්මං පටිච්ච කුක්කුරයොනියං නිබ්බත්තිත්වා අනෙකසතකුක්කුරපරිවුතො මහාසුසානෙ වසති. අථෙකදිවසං රාජා සෙතසින්ධවයුත්තං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං රථං ආරුය්හ උය්යානං ගන්ත්වා තත්ථ දිවසභාගං කීළිත්වා අත්ථඞ්ගතෙ සූරියෙ නගරං පාවිසි. තස්ස තං රථවරත්තං යථානද්ධමෙව රාජඞ්ගණෙ ඨපයිංසු, සො රත්තිභාගෙ දෙවෙ වස්සන්තෙ තින්තො. උපරිපාසාදතො කොලෙය්යකසුනඛා ඔතරිත්වා තස්ස චම්මඤ්ච නද්ධිඤ්ච ඛාදිංසු. පුනදිවසෙ රඤ්ඤො ආරොචෙසුං “දෙව, නිද්ධමනමුඛෙන සුනඛා පවිසිත්වා රථස්ස චම්මඤ්ච නද්ධිඤ්ච ඛාදිංසූ”ති. රාජා සුනඛානං කුජ්ඣිත්වා “දිට්ඨදිට්ඨට්ඨානෙ සුනඛෙ ඝාතෙථා”ති ආහ. තතො පට්ඨාය සුනඛානං මහාබ්යසනං උදපාදි. තෙ දිට්ඨිදිට්ඨට්ඨානෙ ඝාතියමානා පලායිත්වා සුසානං ගන්ත්වා බොධිසත්තස්ස සන්තිකං අගමංසු.
පෙර බරණැස බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසතාණෝ එබඳු කර්මයක් නිසා සුනඛ යෝනියෙහි ඉපිද නොයෙක් සිය ගණන් සුනඛයන් පිරිවරා මහ සොහොන් බිමෙහි වසත්. ඉක්බිති එක් දවසක් රජු සුදු සෛන්ධව අසුන් යෙදූ සියලු අලංකාරයෙන් යුත් රථයට නැඟී උයනට ගොස් දවල් කාලය එහි ක්‍රීඩා කොට හිරු බැස යන කල්හි නුවරට පිවිසියේය. රජුගේ රථය වරමදු රැහැන් සමග බැඳුණු ලෙසින් ම රජ මිදුලෙහි තිබිණි. එදින රැයෙහි වැසිවට කල්හි රථය තෙමිණි. උඩුමහලෙහි සිටි උසස් ගණයෙහි සුනඛයෝ බැස අවුත් රථයෙහි සම් ද රැහැන් ද කෑහ. දෙවන දවස්හි රජුට සැල කළහ. දේවයිනි, වතුර නික්මන කාණුවෙන් සුනඛයෝ අවුත් රථයෙහි සම් ද රැහැන් ද කෑහ. රජ සුනඛයන්ට කිපී දුටු දුටු තැන සුනඛයන් මරවු යි කීය. මරනු ලබන්නා සොහොනට ගොස් බෝසතුන් සමීපයට ගියහ.
බොධිසත්තො ‘තුම්හෙ බහූ සන්නිපතිතා, කිං නු ඛො කාරණ”න්ති පුච්ඡි. තෙ “අන්තෙපුරෙ කිර රථස්ස චම්මඤ්ච නද්ධි ච සුනඛෙහි ඛාදිතා’ති කුද්ධො රාජා සුනඛවධං ආණාපෙසි, බහූ සුනඛා විනස්සන්ති, මහාභයං උප්පන්න”න්ති ආහංසු. බොධිසත්තො චින්තෙසි “ආරක්ඛට්ඨානෙ බහි සුනඛානං ඔකාසො නත්ථි, අන්තොරාජනිවෙසනෙ කොලෙය්යකසුනඛානමෙව තං කම්මං භවිස්සති. ඉදානි පන චොරානං කිඤ්චි භයං නත්ථි, අචොරා මරණං ලභන්ති, යංනූනාහං චොරෙ රඤ්ඤො දස්සෙත්වා ඤාතිසඞ්ඝස්ස ජීවිතදානං දදෙය්ය”න්ති. සො ඤාතකෙ සමස්සාසෙත්‍වා “තුම්හෙ මා භායිත්ථ, අහං වො අභයං ආහරිස්සාමි, යාව රාජානං පස්සාමි, තාව ඉධෙව හොථා”ති පාරමියො ආවජ්ජෙත්වා මෙත්තාභාවනං පුරෙචාරිකං කත්වා “මය්හං උපරි ලෙඩ්ඩුං වා මුග්ගරං වා මා කොචි ඛිපිතුං උස්සහී”ති අධිට්ඨාය එකකොව අන්තොනගරං පාවිසි. අථ නං දිස්වා එකසත්තොපි කුජ්ඣිත්වා ඔලොකෙන්තො නාම නාහොසි. රාජාපි සුනඛවධං ආණාපෙත්වා සයං විනිච්ඡයෙ නිසින්නො හොති. බොධිසත්තො තත්ථෙව ගන්ත්වා පක්ඛන්‍දිත්‍වා රඤ්ඤො ආසනස්ස හෙට්ඨා පාවිසි. අථ නං රාජපුරිසා නීහරිතුං ආරද්ධා, රාජා පන වාරෙසි.
බෝසත්හු උඹලා බොහෝ දෙනෙක් රැස්වූයේ කුමන කරුණක් නිසාදැ යි විමසූහ. නගරය ඇතුළත සුනඛයන් විසින් සම් රැහැන් කන ලද බැවින් කිපුණු රජ සුනඛ වධය පැනවීය. බොහෝ සුනඛයෝ විනාශයට පත්වෙති. මහත් බයක් උපන් බව කීහ. බෝසතාණෝ සිතූහ. රැකවරණ යොදා ඇති පෙදෙසින් පිටත සුනඛයන් ඉඩක් නැත. රජමැදුර තුළ කොලෙය්යක (වංසවත්) සුනඛයන්ගේ ක්‍රියාවක් වන්නේය. දැන් සොරුන්ට කිසිවක් නැත. නො සොරු මරණය ලබත්. මම හොරුන් රජුට පෙන්වා මගේ නෑ පිරිසට ජීවිත දානය දෙන්නේ නම් මැනවි යි හේ බෝසත් ඤාතීන් අස්වසා ඔබලා බය නො වෙනු. මම ඔබ හැමට අභය ගෙනග එන්නෙමි යි රජු හමුවන තුරු මෙහිම සිටිවු යි පෙරුම් දම් සිහිකොට මෛත්‍රී භාවනාව පෙරදැරි කොට මා මතට ගල්මුගුරු හෙළීමට කිසිවෙක් උත්සාහ නො කරත්වා යි අධිෂ්ඨාන කොට හුදෙකලාව ඇතුළු නුවරට පිවිසියහ. බෝසතුන් දැක කිසිවකු කිපී බලන්නේ පමණකුදු නො වීය. රජ සුනඛ ඝාතනය අණ කොට තෙමේ විනිසුරු අසුනෙහි හුන්නේ විය. බෝසත්හු එතැනට ම ගොස් පැන රජුගේ අසුන යටට ගියහ. ඉක්බිති රාජ පුරුෂයෝ ඔහු බැහැර කිරීමට උත්සාහ කළහ. රජ ඒ වැළකීය.
සො ථොකං විස්සමිත්වා හෙට්ඨාසනා නික්ඛමිත්වා රාජානං වන්දිත්වා “දෙව, තුම්හෙ කුක්කුරෙ මාරාපෙථා”ති පුච්ඡි. “ආම, මාරාපෙමහ”න්ති . “කො නෙසං අපරාධො නරින්දා”ති? “රථස්ස මෙ පරිවාරචම්මඤ්ච නද්ධිඤ්ච ඛාදිංසූ”ති. “යෙ ඛාදිංසු, තෙ ජානාථා”ති? “න ජානාමා”ති. “‘ඉමෙ නාම චම්මඛාදකචොරා’ති තථතො අජානිත්වා දිට්ඨදිට්ඨට්ඨානෙයෙව මාරාපනං න යුත්තං, දෙවා”ති. “රථචම්මස්ස කුක්කුරෙහි ඛාදිතත්තා ‘දිට්ඨදිට්ඨෙ සබ්බෙව මාරෙථා’ති සුනඛවධං ආණාපෙසි”න්ති. “කිං පන වො මනුස්සා සබ්බෙව කුක්කුරෙ මාරෙන්ති, උදාහු මරණං අලභන්තාපි අත්ථී”ති? “අත්ථි, අම්හාකං ඝරෙ කොලෙය්යකා මරණං න ලභන්තී”ති. මහාරාජ ඉදානෙව තුම්හෙ “රථචම්මස්ස කුක්කුරෙහි ඛාදිතත්තා ‘දිට්ඨදිට්ඨෙ සබ්බෙව මාරෙථා’ති සුනඛවධං ආණාපෙසි”න්ති අවොචුත්ථ, ඉදානි පන “අම්හාකං ඝරෙ කොලෙය්යකා මරණං න ලභන්තී”ති වදෙථ. “නනු එවං සන්තෙ තුම්හෙ ඡන්දාදිවසෙන අගතිගමනං ගච්ඡථ, අගතිගමනඤ්ච නාම න යුත්තං, න ච රාජධම්මො, රඤ්ඤා නාම කාරණගවෙසකෙන තුලාසදිසෙන භවිතුං වට්ටති, ඉදානි ච කොලෙය්යකා මරණං න ලභන්ති, දුබ්බලසුනඛාව ලභන්ති, එවං සන්තෙ නායං සබ්බසුනඛඝච්චා, දුබ්බලඝාතිකා නාමෙසා”ති. එවඤ්ච පන වත්වා මහාසත්තො මධුරස්සරං නිච්ඡාරෙත්වා “මහාරාජ, යං තුම්හෙ කරොථ, නායං ධම්මො”ති රඤ්ඤො ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
බෝසත්හු මඳ වේලාවක් ගිමන් හැර අසුන යටින් එළියට අවුත් රජුන් වැඳ ඔබ වහන්සේ සුනඛයන් මරවන්නේදැ යි ඇසූහ. එ සේය. මම වෙමි. මහරජ ඔවුන්ගේ වරද කුමක් ද? සුනඛයෝ මාගේ රථයෙහි සම් සහ රැහැන් කෑවාහුය. මහරජ කෑ සුනඛයන් ඔබ දන්නේ ද? නො දනිමි. දේවයිනි, සම් කෑ සොරුන් හරිහැටි නො දැන ම දුටු දුටු තැන සුනඛයන් මරා දැමීම සුදුසු නො වේ. රියෙහි සම් සුනඛයන් විසින් කන ලද බැවින් දුටු දුටු තැන සුනඛයන් මරව යි සුනඛ වධය පැනවීමි. ඔබතුමාගේ මිනිස්සු සියලු සුනඛයන් මරත් ද? නැතහොත් මරණය නො ලබන්නෝත් ඇත් ද? එසේ ඇත. අප රජ මැදුරෙහි කුලවත් සුනඛයෝ මරණය නො ලබත්. මහරජ, දැන් සුනඛයන් රථ සම් කෑ නිසා සියලු ම සුනඛයින් මරණ වධය පැනවූ බව කීවා නො වේ ද? දැන් ඔබ අප ගෙදර කුලවත් සුනඛයන් මරණය නො ලබන බව කියයි. එ සේ නම් එය ඡන්ද ආදී වශයෙන් නො මඟ යෑමක් නො වේ ද? අගති ගමන වනාහි යුක්ති සහගත නො වේ. රාජ ධර්මයන් ද නො වේ. හේතු සොයන්නකු විසින් තුලාවක් මෙන් වීම වටී. දැන් කුලවත් සුනඛයෝ මරණය නො ලබත්. දුබල සුනඛයෝ ලබත්. මෙසේ ඇතිකල මේ සියලු සුනඛ ඝාතනයක් නො වේ. දුර්වලයන් ඝාතනයකි. මෙසේ පැවසූ බෝසත්හු මිහිරි ස්වරය පතුරමින් මහරජ, ඔබ යමක් කරයි නම් එය දහමක් නො වේ යි රජුට දම් දෙසමින් මේ ගාථාව කීහ.
“යෙ කුක්කුරා රාජකුලම්හි වද්ධා, කොලෙය්යකා වණ්ණබලූපපන්නා; තෙමෙ න වජ්ඣා මයමස්ම වජ්ඣා, නායං සඝච්චා දුබ්බලඝාතිකාය”න්ති.
“යෙ කුක්කුරා රාජකුලම්හි වද්ධා, කොලෙය්යකා වණ්ණබලූපපන්නා, තෙමෙ න වජ්ඣා මයමස්ම වජ්ඣා, නායං සඝච්චා දුබ්බලඝාතිකායන්ති”
“රජ කුලයෙහි වැඩුණා වූ එහෙයින් ම කුලවත් වූ හැඩරුවින් හා කාය බලයෙන් යුත් යම් ඒ සුනඛයෝ වෙත් ද ඔවුහු මා විසින් නො නැසිය යුත්තෝය. අපි ම නැසිය යුත්තෝ වෙමු. මේ සාධාරණ ඝාතනයක් නො වේ. දුර්වලයන් ඝාතනය කිරීමකි.”
තත්ථ යෙ කුක්කුරාති යෙ සුනඛා. යථා හි ධාරුණ්හොපි පස්සාවො “පූතිමුත්ත”න්ති, තදහුජාතොපි සිඞ්ගාලො “ජරසිඞ්ගාලො”ති, කොමලාපි ගලොචිලතා “පූතිලතා”ති, සුවණ්ණවණ්ණොපි කායො “පූතිකායො”ති වුච්චති, එවමෙවං වස්සසතිකොපි සුනඛො “කුක්කුරො”ති වුච්චති. තස්මා මහල්ලකා කායබලූපපන්නාපි තෙ “කුක්කුරා”ත්වෙව වුත්තා. වද්ධාති වඩ්ඪිතා. කොලෙය්යකාති රාජකුලෙ ජාතා සම්භූතා සංවඩ්ඪා. වණ්ණබලූපපන්නාති සරීරවණ්ණෙන චෙව කායබලෙන ච සම්පන්නා. තෙමෙ න වජ්ඣාති තෙ ඉමෙ සස්සාමිකා සාරක්ඛා න වජ්ඣා. මයමස්ම වජ්ඣාති අස්සාමිකා අනාරක්ඛා මයං වජ්ඣා නාම ජාතා. නායං සඝච්චාති එවං සන්තෙ අයං අවිසෙසෙන සඝච්චා නාම න හොති. දුබ්බලඝාතිකායන්ති අයං පන දුබ්බලානංයෙව ඝාතනතො දුබ්බලඝාතිකා නාම හොති. රාජූහි නාම චොරා නිග්ගණ්හිතබ්බා, නො අචොරා. ඉධ පන චොරානං කිඤ්චි භයං නත්ථි, අචොරා මරණං ලභන්ති. අහො ඉමස්මිං ලොකෙ අයුත්තං වත්තති, අහො අධම්මො වත්තතීති.
එහි, “යෙ කුක්කුරා” සුනඛයෝය. මුත්‍ර දහර උණුසුම් වුව ද ප්‍රතිමුත්ත කුණු මුත්රමය. එදවස උපන් හිවලා ද මහළු සිවල්ලුය. මොළොක්වූ රසකිඳ වැල ප්රතිලතා කුණුවැලය. රන්වන් වූ සිරුර කුණු කය යි කියති. එමෙන් සියවස් වූද සුනඛයා බල්ලෙකැ යි කියනු ලැබේ. එම නිසා මහළු වූ කාය බලයෙන් යුක්ත වූ ද ඒ කුලවත් සුනඛයන් බල්ලන් නමින් හැඳින්විණි. “වද්ධා” වැඩුණාවූ, “කොලෙය්යකා” රජකුලයෙහි උපන්, “වණ්ණ බලූපපන්නා” සිරුරු පැහැයෙන් ද කාය බලයෙන් ද යුත්, “තෙමෙ න වජ්ඣා” ඒ මේ හිමිකරුවන් ඇති ආරක්ෂා සහිත සුනඛයෝ නො නැසිය යුත්තෝය. “මයමස්ම වජ්ඣා” හිමිකරුවන් නැති ආරක්ෂා රහිත අපි නැසිය යුත්තෝ වෙමු. “නායං සඝච්චා” එ සේ ඇති කල්හි අවිභේදයෙන් සාධාරණ ඝාතනයක් නම් නො වේ. “දුබ්බලඝාතිකායන්ත” මේ ඝාතනය වනාහි දුබලයන් ම නසන හෙයින් දුබලයන් නැසීමකි. රජවරුන් විසින් සොරුන්ට දඬුවම්දිය යුතුය. නො සොරුන්ට නො වේ. මෙහි දී නියම සොරුන්ට කිසිවක් නැත. නො සොරු මරණය ලබත්. අනේ ලොව අසාධාරණය පවතී. අනේ අධර්මය පවතී.
රාජා බොධිසත්තස්ස වචරං සුත්වා ආහ – “ජානාසි ත්වං, පණ්ඩිත, අසුකෙහි නාම රථචම්මං ඛාදිත”න්ති? “ආම, ජානාමී”ති. “කෙහි ඛාදිත”න්ති? “තුම්හාකං ගෙහෙ වසනකෙහි කොලෙය්යකසුනඛෙහී”ති. “කථං තෙහි ඛාදිතභාවො ජානිතබ්බො”ති? “අහං තෙහි ඛාදිතභාවං දස්සෙසාමී”ති. “දස්සෙහි පණ්ඩිතා”ති. “තුම්හාකං ඝරෙ කොලෙය්යකසුනඛෙ ආහරාපෙත්වා ථොකං තක්කඤ්ච දබ්බතිණානි ච ආහරාපෙථා”ති. රාජා තථා අකාසි. අථ නං මහාසත්තො “ඉමානි තිණානි තක්කෙන මද්දාපෙත්වා එතෙ සුනඛෙ පායෙථා”ති ආහ. රාජා තථා කත්වා පායාපෙසි, පීතා පීතා සුනඛා සද්ධිං චම්මෙහි වමිංසු. රාජා “සබ්බඤ්ඤුබුද්ධස්ස බ්‍යාකරණං වියා”ති තුට්ඨො බොධිසත්තස්ස සෙතච්ඡත්තෙන පූජං අකාසි. බොධිසත්තො “ධම්මං චර, මහාරාජ, මාතාපිතූසු ඛත්තියා”තිආදීහි (ජා· 2.17.39) තෙසකුණජාතකෙ ආගතාහි දසහි ධම්මචරියගාථාහි රඤ්ඤො ධම්මං දෙසෙත්වා “මහාරාජ, ඉතො පට්ඨාය අප්පමත්තො හොහී”ති රාජානං පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙත්වා සෙතච්ඡත්තං රඤ්ඤොව පටිඅදාසි.
බෝසතුන්ගේ වදන් අසා රජ මෙසේ කීය. පඬිතුමනි, අසවලුන් විසින් රථ සම් කන ලදැ යි ඔබ දන්නහු ද? එ සේය. මම දනිමි. කවුරුන් විසින් කන ලද ද? මහරජ, ඔබගේ රජ මැදුරෙහි වෙසෙන කුලවත් සුනඛයන් විසින්. ඔවුන් විසින් කන ලද බව අපි කෙසේ දතයුතු ද? මම ඔවුන් විසින් කන ලද බව පෙන්වන්නෙමි. පෙන්වනු මැනවි පඬිතුමනි. මහරජ ඔබ ගෙහි කුලවත් සුනඛයන් ගෙන ඒමට අණ කොට කිරිමෝරු සුඟක් හා ඊතණ ගෙන්වනු මැනවි. රජ එසේ කළේය. බෝසත්හු කිරිමෝරු හා ඊතණ එකට කොටා මේ සුනඛයින්ට පොවන්නැ යි රජුට කීහ. රජ එ සේ කොට පෙවීය. සුනඛයෝ නම් කැබලි සමග වමනය කළහ. රජ සියල්ලදත් බුදුවරයකුගේ ප්‍රකාශයක් මෙනැ යි ඉතා සතුටු ව බෝසතුන්ට සේසතින් පිදීය. බෝසත්හු කාලත්රිය මහරජ, ඔබ දෙමාපියන් කෙරෙහි ධර්මයෙන් හැසිරෙන්න. ආදී තේසකුණ ජාතකයෙහි එන ධම්මචරිය ගාථා දහයකින් රජුට දම් දෙසා මහරජ, මෙතැන්පටන් අප්‍රමාද වන්නැ යි රජු පන්සිල්හි පිහිටුවා සේසත රජුට ම ආපසු දුන්හ.
රාජා මහාසත්තස්ස ධම්මකථං සුත්වා සබ්බසත්තානං අභයං දත්වා බොධිසත්තං ආදිං කත්වා සබ්බසුනඛානං අත්තනො භොජනසදිසමෙව නිච්චභත්තං පට්ඨපෙත්වා බොධිසත්තස්ස ඔවාදෙ ඨිතො යාවතායුකං දානාදීනි පුඤ්ඤානි කත්වා කාලං කත්වා දෙවලොකෙ උප්පජ්ජි. කුක්කුරොවාදො දස වස්සසහස්සානි පවත්ති. බොධිසත්තොපි යාවතායුකං ඨත්වා යථාකම්මං ගතො.
රජ බෝසතුන්ගේ බණ අසා සියලු සතුන්ට ජීවිත දානය දී බෝසතුන් ආදී කොට ඇති සුනඛයන්ට තමාගේ බොජුන් හා සමානවූ නිති බත් පිහිටුවා බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා දිවි ඇතිතාක් දානාදී පින් කොට කලුරිය කොට දෙව්ලොව උපන්නේය. මේ කුක්කුරෝවාදය දසදහසක් අවුරුදු පැවැතියේය. බෝසත්හු ද දිවි ඇති තෙක් සිට කම් වූ පරිදි මිය පරලොව ගියහ.
සත්ථා “න, භික්ඛවෙ, තථාගතො ඉදානෙව ඤාතකානං අත්ථං චරති, පුබ්බෙපි චරියෙවා”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්දො අහොසි, අවසෙසා පරිසා බුද්ධපරිසා, කුක්කුරපණ්ඩිතො පන අහමෙව අහොසි”න්ති.
මහණෙනි, තථාගත තෙමේ ඤාති සංග්‍රහය කළේ දැන් පමණක් නො වේ. පෙර ද කළේයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමවූහ. එකල රජ ආනන්ද තෙරණුවෝය. ඉතිරි පිරිස බුදු පිරිස මය. සුනඛයා මම ම වීමි.
කුක්කුරජාතකවණ්ණනා දුතියා.