යෙදුමෙන් කියවන්න

7. මාලුතජාතකවණ‍්ණනා 17 අට‍්ඨකථා

7. මාලුතජාතකවණ‍්ණනා (17)

7. මාලුත ජාතකය (17)

කාළෙ වා යදි වා ජුණ‍්හෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ද‍්වෙ වුඩ‍්ඪපබ‍්බජිතෙ ආරබ‍්භ කථෙසි. තෙ කිර කොසලජනපදෙ එකස‍්මිං අරඤ‍්ඤාවාසෙ වසන‍්ති. එකො කාළත්‍ථෙරො නාම, එකො ජුණ‍්හත්‍ථෙරො නාම. අථෙකදිවසං ජුණ‍්හො කාළං පුච‍්ඡි “භන‍්තෙ කාළ, සීතං නාම කස‍්මිං කාලෙ හොතී”ති. සො “කාළෙ හොතී”ති ආහ. අථෙකදිවසං කාළො ජුණ‍්හං පුච‍්ඡි – “භන‍්තෙ ජුණ‍්හ, සීතං නාම කස‍්මිං කාලෙ හොතී”ති. සො “ජුණ‍්හෙ හොතී”ති ආහ. තෙ උභොපි අත‍්තනො කඞ‍්ඛං ඡින්‍දිතුං අසක‍්කොන‍්තා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා “භන‍්තෙ, සීතං නාම කස‍්මිං කාලෙ හොතී”ති පුච‍්ඡිංසු. සත්‍ථා තෙසං කථං සුත්‍වා “පුබ‍්බෙපි අහං, භික‍්ඛවෙ, තුම‍්හාකං ඉමං පඤ‍්හං කථෙසිං, භවසඞ‍්ඛෙපගතත‍්තා පන න සල‍්ලක‍්ඛයිත්‍ථා”ති වත්‍වා අතීතං ආහරි.

“කාළෙ වා යදි වා ජුණ්හෙ” යන මෙය බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් වයසට ගොස් පැවිදිවූවන් දෙදෙනකු අරබයා වදාළහ. ඔවුහු කොසොල් දනව්වෙහි එක් වනගත සෙනසුනක වෙසෙත්. එක් නමක් කාල නම් තෙර වූ අතර එක්නමක් ජුණ්හ නම් තෙර වූහ. එක් දවසක් ජුණ්හ තෙරණුවෝ කාළ තෙරුන්ගෙන් ස්වාමීනි, සීතල ඇතිවන්නේ කවර කාලයෙහිදැ යි ඇසීහ. අප පසෙහි යි කීහ. තවත් දවසක දී කාළ තෙරණුවෝ ජුණ්හ තෙරුන්ගෙන් සීතල කවර කලෙක වේදැ යි විමසූහ. ඔහු පුර පසදී සීතල ඇති වෙතැ යි කීයේය. මේ දෙදෙනා ම මේ සැකය සිඳීමට නොදන්නාහ. බුදුරදුන් වෙත ගොස් වැඳ ස්වාමීනි, සීතල ඇතිවන්නේ කවර කාලයකදැ යි විචාළහ. බුදුරදහු ඔවුන්ගේ කථාව අසා මහණෙනි, ඔබ දෙදෙනා ම පෙර භවයක දීත් මේ ප්‍රශ්නය කීමි යි භවයෙන් ගෙවී ගිය බැවින් නො සලකා හැරයහුද වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ එකස‍්මිං පබ‍්බතපාදෙ සීහො ච බ්‍යග‍්ඝො ච ද‍්වෙ සහායා එකිස‍්සායෙව ගුහාය වසන‍්ති. තදා බොධිසත‍්තොපි ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තස‍්මිංයෙව පබ‍්බතපාදෙ වසති. අථෙකදිවසං තෙසං සහායකානං සීතං නිස‍්සාය විවාදො උදපාදි. බ්‍යග‍්ඝො “කාළෙයෙව සීතං හොතී”ති ආහ. සීහො “ජුණ‍්හෙයෙව සීතං හොතී”ති ආහ. තෙ උභොපි අත‍්තනො කඞ‍්ඛං ඡින්‍දිතුං අසක‍්කොන‍්තා බොධිසත‍්තං පුච‍්ඡිංසු. බොධිසත‍්තො ඉමං ගාථමාහ –

පෙර එක් පර්වත පාදයක සිංහයෙක් හා ව්‍යාඝ්‍රයෙක් යාළුවෝ ලෙසින් එක ම ගුහාවක වසත්. බෝධිසත්ත්වයෝ ද තවුස් වෙසින් පැවිදි ව ඒ පර්වත පාදයෙහි ම වෙසෙති. එක් දවසක් යහළුවන් දෙදෙනාට සීතල පිළිබඳ විවාදයක් ඇතිවිය. ව්‍යාඝ්‍රයා කළුවර අවපස සීත ඇති වේයැ යි කීය. සිංහයා පුර පසෙහි සීත ඇතිවන බව කීය. දෙදෙනා ම මේ සැකය සිඳින්න නො හැකි ව බෝසතුන්ගෙන් විමසූහ. එතුමෝ මේ ගාථාව කීහ.

“කාළෙ වා යදි වා ජුණ‍්හෙ, යදා වායති මාලුතො; වාතජානි හි සීතානි, උභොත්‍ථමපරාජිතා”ති.

“කාළෙ වා යදි වා ජුණ්හෙ යදා වායති මාලුතො, වාතජානි හි සීතානි උභොත්‍ථමපරාජිතාති”

“කළුවරපස හෝ පුරපස හෝ යම් කලෙක සුළඟ හමයි ද ඒ සීතල වාතයෙන් හටගන්නකි. මෙහි දී දෙදෙනා ම අපරාජිතයන්ය.”

තත්‍ථ කාළෙ වා යදි වා ජුණ‍්හෙති කාළපක‍්ඛෙ වා ජුණ‍්හපක‍්ඛෙ වා. යදා වායති මාලුතොති යස‍්මිං සමයෙ පුරත්‍ථිමාදිභෙදො වාතො වායති, තස‍්මිං සමයෙ සීතං හොති. කිංකාරණා? වාතජානි හි සීතානි, යස‍්මා වාතෙ විජ‍්ජන‍්තෙයෙව සීතානි හොන‍්ති, කාළපක‍්ඛො වා ජුණ‍්හපක‍්ඛො වා එත්‍ථ අපමාණන‍්ති වුත‍්තං හොති. උභොත්‍ථමපරාජිතාති උභොපි තුම‍්හෙ ඉමස‍්මිං පඤ‍්හෙ අපරාජිතාති. එවං බොධිසත‍්තො තෙ සහායකෙ සඤ‍්ඤාපෙසි.

එහි “කාළෙ වා යදි වා ජුණ්හෙ” යනු අවපස හෝ පුරපසය. “යදා වායති මාලුතො” යම් කලෙක පෙර දිසාව ආදී වශයෙන් සුළඟ හමයි ද එවිට සීත ඇති වේ. මක්නිසා ද යත් “වාහජානි හි සීතානි” සුළඟ හමන කල්හිම සීත ඇතිවන හෙයිනි. අවපස කියා හෝ පුරපස කියා හෝ ප්‍රමාණ නො වේයැ යි කියන ලදි. “උභොත්‍ථමපරාජිතාති” තොප දෙදෙනා ම මේ ප්‍රශ්නයේ දී පරාජය වූවෝ නො වෙති. මෙසේ බෝසත්හු යහළුවන් දෙදෙනා දැනුවත් කළහ.

සත්‍ථාපි “භික‍්ඛවෙ, පුබ‍්බෙපි මයා තුම‍්හාකං අයං පඤ‍්හො කථිතො”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ ද‍්වෙපි ථෙරා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු. සත්‍ථා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි “තදා බ්‍යග‍්ඝො කාළො අහොසි, සීහො ජුණ‍්හො, පඤ‍්හවිස‍්සජ‍්ජනකතාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරදහු ද මහණෙනි, පෙරත් මා විසින් මේ ප්‍රශ්නය කියනු ලද්දේයැ යි මේ ධර්ම දේශනය ගෙනහැර දක්වා වදාරා සිව්සස් දෙසූහ. තෙරවරු දෙදෙනා ම සෝවාන් ඵලයෙහි පිහිටියහ. බුදුරදහු අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළහ. එදා ව්‍යාඝ්‍රයා කාළ තෙරය. සිංහයා ජුණ්හ තෙරය. ප්‍රශ්නය විසඳුන තවුසා මම ම වීමි.

මාලුතජාතකවණ‍්ණනා සත‍්තමා.