6. තිපල්ලත්ථමිගජාතකවණ්ණනා 16 අට්ඨකථා
6. තිපල්ලත්ථමිගජාතකවණ්ණනා (16)
6. තිපල්ලත්ථමිග ජාතකය (16)
මිගං තිපල්ලත්ථන්ති ඉදං සත්ථා කොසම්බියං බදරිකාරාමෙ විහරන්තො සික්ඛාකාමං රාහුලත්ථෙරං ආරබ්භ කථෙසි. එකස්මිඤ්හි කාලෙ සත්ථරි ආළවිනගරං උපනිස්සාය අග්ගාළවෙ චෙතියෙ විහරන්තෙ බහූ උපාසකා උපාසිකා භික්ඛූ භික්ඛුනියො ච විහාරං ධම්මස්සවනත්ථාය ගච්ඡන්ති, දිවා ධම්මස්සවනං හොති. ගච්ඡන්තෙ පන කාලෙ උපාසිකායො භික්ඛුනියො ච න ගච්ඡිංසු, භික්ඛූ චෙව උපාසකා ච අහෙසුං. තතො පට්ඨාය රත්තිං ධම්මස්සවනං ජාතං. ධම්මස්සවනපරියොසානෙ ථෙරා භික්ඛූ අත්තනො අත්තනො වසනට්ඨානානි ගච්ඡන්ති. දහරා සාමණෙරා ච උපාසකෙහි සද්ධිං උපට්ඨානසාලායං සයන්ති. තෙසු නිද්දං උපගතෙසු එකච්චෙ ඝුරුඝුරුපස්සාසා කාකච්ඡමානා දන්තෙ ඛාදන්තා නිපජ්ජිංසු, එකච්චෙ මුහුත්තං නිද්දායිත්වා උට්ඨහිංසු. තෙ තං විප්පකාරං දිස්වා භගවතො ආරොචෙසුං. භගවා “යො පන භික්ඛු අනුපසම්පන්නෙන සහසෙය්යං කප්පෙය්ය පාචිත්තිය”න්ති (පාචි· 49) සික්ඛාපදං පඤ්ඤපෙත්වා කොසම්බිං අගමාසි.
“මිගන්තිපල්ලත්ථ” යන මෙය බුදු රජහු කොසඹෑ නුවර බදරිකාරාමයෙහි වැඩ වසමින් ශික්ෂාකාමී රාහුල තෙරුන් අරබයා දෙසූහ. එක් කාලයක බුදුරදුන් අළව් නුවර අග්ගාළව චෛත්‍යයෙහි වසන කල්හි උපාසිකාවෝත් භික්ෂුණියෝත් බණ ඇසීම සඳහා විහාරයට යත්. බණ දෙසීම දවල් කාලයෙහි විය. කල්යත් ම උපාසිකාවෝත් භික්ෂුණියෝත් නො ගියාහුය. උපාසකයෝ ද භික්ෂූහු ද පමණක් වූහ. එතැන් පටන් බණ ඇසීම රාත්‍රී කාලයෙහි විය. බණ ඇසීම කෙළවර ස්ථවිර භික්ෂූහු තම තමන්ගේ වසන තැන්වල යති. ලාබාල භික්ෂූහු උපාසකයන් සමග උපස්ථාන ශාලාවෙහි නිදත්. ඔවුහු නිදිගත් කල්හි සමහරු සුරු සුරු හඬින් හුස්ම ගනිත්. සමහරු තතනමින් ද සමහරු දත් විකමින් ද නිදාගත්හ. සමහරු ටික වේලාවක් නිදා නැගිටිත්. ඔවුහු මේ විප්‍රකාරය බුදුරදුන්ට දැන්වූහ. බුදුරදහු “යම් භික්ෂුවක් උපසපන් නොවූවකු සමග එකට නිදන්නේ නම්, පචිත් ඇවතක් වේ” යි සික පදය පනවා කොසඹෑ නුවරට වැඩියහ.
තත්ථ භික්ඛූ ආයස්මන්තං රාහුලං ආහංසු – “ආවුසො රාහුල, භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං, ඉදානි ත්වං අත්තනො වසනට්ඨානං ජානාහී”ති. පුබ්බෙ පන තෙ භික්ඛූ භගවති ච ගාරවං තස්ස චායස්මතො සික්ඛාකාමතං පටිච්ච තං අත්තනො වසනට්ඨානං ආගතං අතිවිය සඞ්ගණ්හන්ති, ඛුද්දකමඤ්චකං පඤ්ඤපෙත්වා උස්සීසකකරණත්ථාය චීවරං දෙන්ති. තං දිවසං පන සික්ඛාපදභයෙන වසනට්ඨානම්පි න අදංසු. රාහුලභද්දොපි “පිතා මෙ”ති දසබලස්ස වා, “උපජ්ඣායො මෙ”ති ධම්මසෙනාපතිනො වා, “ආචරියො මෙ”ති මහාමොග්ගල්ලානස්ස වා, “චූළපිතා මෙ”ති ආනන්දත්ථෙරස්ස වා සන්තිකං අගන්ත්වා දසබලස්ස වළඤ්ජනවච්චකුටිං බ්‍රහ්මවිමානං පවිසන්තො විය පවිසිත්වා වාසං කප්පෙසි. බුද්ධානඤ්හි වළඤ්ජනකුටියං ද්වාරං සුපිහිතං හොති, ගන්ධපරිභණ්ඩකතා භූමි, ගන්ධදාමමාලාදාමානි ඔසාරිතානෙව හොන්ති, සබ්බරත්තිං දීපො ඣායති. රාහුලභද්දො පන න තස්සා කුටියා ඉමං සම්පත්තිං පටිච්ච තත්ථ වාසං උපගතො, භික්ඛූහි පන “වසනට්ඨානං ජානාහී”ති වුත්තත්තා ඔවාදගාරවෙන සික්ඛාකාමතාය තත්ථ වාසං උපගතො. අන්තරන්තරා හි භික්ඛූ තං ආයස්මන්තං දූරතොව ආගච්ඡන්තං දිස්වා තස්ස වීමංසනත්ථාය මුට්ඨිසම්මජ්ජනිං වා කචවරඡඩ්ඩනකං වා බහි ඛිපිත්වා තස්මිං ආගතෙ “ආවුසො, ඉමං කෙන ඡඩ්ඩිත”න්ති වදන්ති. තත්ථ කෙහිචි “රාහුලො ඉමිනා මග්ගෙන ගතො”ති වුත්තෙ සො ආයස්මා “නාහං, භන්තෙ, එතං ජානාමී”ති අවත්වාව තං පටිසාමෙත්වා “ඛමථ මෙ, භන්තෙ”ති ඛමාපෙත්වා ගච්ඡති. එවමෙස සික්ඛාකාමො. සො තං සික්ඛාකාමතංයෙව පටිච්ච තත්ථ වාසං උපගතො.
එහිදී භික්ෂූහු රාහුල ආයුෂ්මතුන්ට කීහ. ඇවැත් රාහුලයනි, බුදුරදුන් විසින් සිකපදයක් පනවන ලදි. දැන් ඔබ තමුන්ගේ වසන ස්ථානය දැනගන්න. පෙරදී භික්ෂූහු බුදුරදුන් කෙරෙහි ගෞරවය නිසාත්, රාහුල ආයුෂ්මතුන්ගේ ශික්ෂාකාමිත්වය නිසාත් තම වාසස්ථානය එන ඔහුට සැලකිලි දක්වත්. කුඩා ඇඳක් සකසා හිස තැබීම සඳහා සිවුරු දෙත්. එදින සිකපදයට බියෙන් විසීමට ඉඩක්වත් නුදුන්හ. රාහුල, මගේ පියායැ යි බුදුන් වෙත හෝ උපාධ්යායන්යැ යි සලකන සැරියුත් තෙරුන් වෙත හෝ ගුරුවරයායැ යි සලකන මහ මුගලන් තෙරුන් වෙත හෝ සුළු පියායැ යි සලකන ආනන්ද තෙරුන් වෙත හෝ නොගොස් බඹවිමනකට පිවිසෙන්නාක් මෙන් බුදුරදුන්ගේ වැසිකිළියට පිවිස වාසය කළේය. බුදුරදුන්ගේ වැසිකිළිය දොර මනාව වසා තිබේ. බිම සුවඳ පිරි මඩ ගෙන ඇත. ගඳ මල් දම් එල්ලා තිබේ. මුළු රාත්‍රියෙහි පහනක් දැල්වේ. රාහුල ඒ කුටියෙහි ඇති පහසුකම් සලකා එහි වාසයට පැමිණියේ නො වෙයි. භික්ෂූන් විසින් වසනා තැන දනුවයි කියන ලද බැවින් අවවාදයට ගරු කිරීමක් වශයෙන් ශික්ෂාකාමී බව නිසා හේ වාසයට පැමිණියේය. වරින්වර භික්ෂූහු රාහුල දුර එනු දැක විමසනු පිණිස ඉලපතක් හෝ කසල බඳුනකින් හෝ පිටතින් තබා ඔහු පැමිණි කල්හි ඇවැත්නි, ඉවත දමන ලද්දේ කවුරුන් විසින් දැයි කියත්. එහි සිටි කෙනකු මේ මගින් රාහුල ගියේයැ යි කී කල්හි රාහුල ආයුෂ්මත්හු හිමියනි, මම දනිමි යි නො කියා එතන තබා හිමියනි, මට සමාවන්නැ යි භික්ෂූන් සමාකරවා ගෙන ඔහුගේ ශික්ෂාකාමිත්වය නිසා ම එහි වාසයට ගියේය.
අථ සත්ථා පුරෙඅරුණංයෙව වච්චකුටිද්වාරෙ ඨත්වා උක්කාසි, සොපායස්මා උක්කාසි. “කො එසො”ති? “අහං රාහුලො”ති නික්ඛමිත්වා වන්දි. “කස්මා ත්වං රාහුල ඉධ නිපන්නොසී”ති? “වසනට්ඨානස්ස අභාවතො”. “පුබ්බෙ හි, භන්තෙ, භික්ඛූ මම සඞ්ගහං කරොන්ති, ඉදානි අත්තනො ආපත්තිභයෙන වසනට්ඨානං න දෙන්ති, ස්වාහං ‘ඉදං අඤ්ඤෙසං අසඞ්ඝට්ටනට්ඨාන’න්ති ඉමිනා කාරණෙන ඉධ නිපන්නොස්මීති. අථ භගවතො “රාහුලං තාව භික්ඛූ එවං පරිච්චජන්ති, අඤ්ඤෙ කුලදාරකෙ පබ්බාජෙත්වා කිං කරිස්සන්තී”ති ධම්මසංවෙගො උදපාදි. අථ භගවා පාතොව භික්ඛූ සන්නිපාතාපෙත්වා ධම්මසෙනාපතිං පුච්ඡි “ජානාසි පන ත්වං, සාරිපුත්ත, අජ්ජ කත්ථචි රාහුලස්ස වුත්ථභාව”න්ති? “න ජානාමි, භන්තෙ”ති. “සාරිපුත්ත, අජ්ජ රාහුලො වච්චකුටියං වසි, සාරිපුත්ත, තුම්හෙ රාහුලං එවං පරිච්චජන්තා අඤ්ඤෙ කුලදාරකෙ පබ්බාජෙත්වා කිං කරිස්සථ? එවඤ්හි සන්තෙ ඉමස්මිං සාසනෙ පබ්බජිතා න පතිට්ඨා භවිස්සන්ති, ඉතො දානි පට්ඨාය අනුපසම්පන්නෙන එකං ද්වෙ දිවසෙ අත්තනො සන්තිකෙ වසාපෙත්වා තතියදිවසෙ තෙසං වසනට්ඨානං ඤත්වා බහි වාසෙථා”ති ඉමං අනුපඤ්ඤත්තිං කත්වා පුන සික්ඛාපදං පඤ්ඤපෙසි.
ඉක්බිති බුදුහු අරුණ නැගීමට පෙර ම වැසිකිළි දොර ළඟ සිට උගුර පෑදූහ. ඒ ආයුෂ්මත්හු ද උගුර පෑදූහ. මේ කවුද? මම රාහුල වෙමි යි අවුත් වැන්දේය. රාහුල, ඔබ මෙහි වැදහොත්තේ ද? විසීමට තැනක් නැති හෙයිනි. ස්වාමීනි, පෙර මට භික්ෂූහු සංග්‍රහ කරත්. දැන් ඇවැත් බිය නිසා වසන තැනක් නො දෙත්. ඒ මම අනුන් හා නො ගැටෙන තැනක්ය යන කරුණ නිසා මෙහි හොත්තෙමි. බුදුරදුන්ට ධර්ම සංවේගය පහළ විය. ඉක්බිති බුදුරදුන්, භික්ෂූහු රාහුල මෙසේ ප්‍රතික්ෂේප කරන්නාහු නම් අන් කුලදරුවන් පැවිදි කොට කුමක් කරන්නාහු දැයි උදෑසන ම භික්ෂූන් රැස්කරවා ඊයේ රාත්‍රිය රාහුල කිසියම් තැනක විසූ බව දන්නහුදැ යි සැරියුත් තෙරුන්නේ ඇසූහ. නො දනිමි ස්වාමීනි, සාරිපුත්ත, රාහුල අද වැසිකිළියෙහි විසීය. සාරිපුත්ත, තොප රාහුල මෙසේ බැහැර කරනවිට අන් කුල දරුවන් පැවිදි කොට කුමක් කරන්න ද? මෙසේ ඇතිකල්හි මේ සසුනෙහි පැවිදිවූවෝ පිහිටක් නැත්තෝ වන්නාහුය. මෙතැන් පටන් අනුපසම්පන්නයන් සමග එක් රැයක් දෙකක් තමා සමග වාසය කරවා තෙවන දවසෙහි ඔවුන්ව වාසස්ථානයක් දැන පිටත වාසය කැරවිය යුතුයැ යි දෙවන පැනවීමක් කොට නැවත සිකපදය පැනවූහ.
තස්මිං සමයෙ ධම්මසභායං සන්නිසින්නා භික්ඛූ රාහුලස්ස ගුණකථං කථෙන්ති “පස්සථාවුසො, යාව සික්ඛාකාමො වතායං රාහුලො, ‘තව වසනට්ඨානං ජානාහී’ති වුත්තො නාම ‘අහං දසබලස්ස පුත්තො, තුම්හාකං සෙනාසනස්මා තුම්හෙයෙව නික්ඛමථා’ති එකං භික්ඛුම්පි අප්පටිප්ඵරිත්වා වච්චකුටියං වාසං කප්පෙසී”ති. එවං තෙසු කථයමානෙසු සත්ථා ධම්මසභං ගන්ත්වා අලඞ්කතාසනෙ නිසීදිත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති ආහ. “භන්තෙ, රාහුලස්ස සික්ඛාකාමකථාය, න අඤ්ඤාය කථායා”ති. සත්ථා “න, භික්ඛවෙ, රාහුලො ඉදානෙව සික්ඛාකාමො, පුබ්බෙ තිරච්ඡානයොනියං නිබ්බත්තොපි සික්ඛාකාමොයෙවා”ති වත්වා අතීතං ආහරි.
එකල්හි දම්සභාවෙහි රැස්වූ භික්ෂූහු රාහුලගේ ගුණ කථා කරමින් බලන්න ඇවැත්නි, රාහුල කොතරම් ශික්ෂාකාමී ද? ඔබ වසන තැන දනුවයි කියා හෝ මම බුදුරදුන්ගේ පුත්‍රයා වෙමි. ඔබලා සෙනසුනෙහි වසන්න කවුරුහු ද? ඔබලා ම නික්මෙනු ආදී වශයෙන් එක භික්ෂුවකටවත් අවලාද නො කියා වැසිකිළියෙහි වාසය කළේයැ යි මෙසේ ඔවුන් කතා කරමින් සිටියදී බුදුරදහු දම්සභාවට වැඩම කොට විසිතුරු අසුනෙහි හිඳ මහණෙනි, කුමන කථාවකින් හුන්නාහුදැ යි ඇසූහ. ස්වාමීනි, රාහුලගේ ශික්ෂාකාමී බව පිළිබඳ කථාවෙන් මිස අන් කථාවකින් නො වේ. මහණෙනි, රාහුල ශික්ෂාකාමී වූයේ දැන් පමණක් නො වේ. පෙර තිරිසන් යෝනියෙහි උපන්නේ ද ශික්ෂාකාමී වූයේ මයැ යි වදාරා ඉකුත්වත දෙසූහ.
අතීතෙ රාජගහෙ එකො මගධරාජා රජ්ජං කාරෙසි. තදා බොධිසත්තො මිගයොනියං නිබ්බත්තිත්වා මිගගණපරිවුතො අරඤ්ඤෙ වසති. අථස්ස භගිනී අත්තනො පුත්තකං උපනෙත්වා “භාතික, ඉමං තෙ භාගිනෙය්‍යං මිගමායං සික්ඛාපෙහී”ති ආහ. බොධිසත්තො “සාධූ”ති පටිස්සුණිත්වා “ගච්ඡ, තාත, අසුකවෙලාය නාම ආගන්ත්වා සික්ඛෙය්යාසී”ති ආහ. සො මාතුලෙන වුත්තවෙලං අනතික්කමිත්වා තං උපසඞ්කමිත්වා මිගමායං සික්ඛි. සො එකදිවසං වනෙ විචරන්තො පාසෙන බද්ධො බද්ධරවං රවි, මිගගණො පලායිත්වා “පුත්තො තෙ පාසෙන බද්ධො”ති තස්ස මාතුයා ආරොචෙසි. සා භාතු සන්තිකං ගන්ත්වා “භාතික, භාගිනෙය්යො තෙ මිගමායං සික්ඛාපිතො”ති පුච්ඡි. බොධිසත්තො “මා ත්වං පුත්තස්ස කිඤ්චි පාපකං ආසඞ්කි, සුග්ගහිතා තෙන මිගමායා, ඉදානි තං හාසයමානො ආගච්ඡිස්සතී”ති වත්වා ඉමං ගාථමාහ –
පෙර රජගහ නුවර මගධ රජ රාජ්‍යය කරයි. එකල්හි බෝසත්හු මුව යෝනියෙහි ඉපිද මුව සමූහයා පිරිවරාගෙන මහ වනයෙහි වෙසෙයි. ඉක්බිති බෝසතුන්ගේ නැගනිය තම පුතා ගෙන්වා සොහොයුර, මේ ඔබගේ බෑණායි. මුවමායම් පුහුණු කරනු මැනවැ යි කීවාය. බෝසත්හු මැනවැ යි පිළිගෙන දරුව, යන්න අසවල් වේලාවට අවුත් පුහුණු වන්නැ යි කීහ. ඔහු ද මයිලණුවන් කී වේලාව නො ඉක්මවා ඔහු වෙත එළඹ මුව මායම් හදාළේය. දිනක් ඔහු වනයෙහි හැසිරෙන විට මළ පුඬුවක බැඳී බැඳුණු හඬින් හැඬීය. මුව රැල පළා ගොස් ඇයගේ පුතා පුඬුවෙහි බැඳුණු බව ඔහුගේ මවට කීහ. ඕ බෑයා ළඟට ගොස් සොහොයුරාණෙනි, ඔබගේ බෑනාට මුව මායම් උගන්වන ලද්දේදැ යි විචාළාය. ඔබ පුත්‍රයා ගැන නපුරක් නො සිතනු. ඔහු විසින් මුව මායම් මනාව ඉගෙන ගන්නා ලදි. දැන් සිනා ගන්වමින් එන්නේයැ යි පවසා මේ ගාථාව කීය.
“මිගං තිපල්ලත්ථමනෙකමායං, අට්ඨක්ඛුරං අඩ්ඪරත්තාපපායිං; එකෙන සොතෙන ඡමාස්සසන්තො, ඡහි කලාහිතිභොති භාගිනෙය්යො”ති.
“මිගං තිපල්ලත්ථ මනෙකමායං අට්ඨඛුරං අඩ්ඪරත්තාව පායිං, එකෙන සොතෙන ඡමාස්සසන්තො ඡහි කලාහතිභොති භාගිණෙය්යොති”
“කුර අටක් ඇති, මැදියම් රැයෙහි පැමිණ ජලය බොන, තිපල්ලත්ථ මුවාට නොයෙක් මායම් ඉගැන්වීමි. ඒ බෑණා කලාවන් සය අතුරින් එකකින් (වැද්දා) වංචා කරන්නේය.”
තත්ථ මිගන්ති භාගිනෙය්යමිගං. තිපල්ලත්ථන්ති පල්ලත්ථං වුච්චති සයනං, උභොහි පස්සෙහි උජුකමෙව ච නිපන්නකවසෙනාති තීහාකාරෙහි පල්ලත්ථං අස්ස, තීණි වා පල්ලත්ථානි අස්සාති තිපල්ලත්ථො, තං තිපල්ලත්ථං. අනෙකමායන්ති බහුමායං බහුවඤ්චනං. අට්ඨක්ඛුරන්ති එකෙකස්මිං පාදෙ ද්වින්නං ද්වින්නං වසෙන අට්ඨහි ඛුරෙහි සමන්නාගතං. අඩ්ඪරත්තාපපායින්ති පුරිමයාමං අතික්කමිත්වා මජ්ඣිමයාමෙ අරඤ්ඤතො ආගම්ම පානීයස්ස පිවනතො අඩ්ඪරත්තෙ ආපං පිවතීති අඩ්ඪරත්තාපපායී. තං අඩ්ඪරත්තෙ අපායින්ති අත්ථො. මම භාගිනෙය්‍යං මිගං අහං සාධුකං මිගමායං උග්ගණ්හාපෙසිං. කථං? යථා එකෙන සොතෙන ඡමාස්සසන්තො, ඡහි කලාහිතිභොති භාගිනෙය්යොති. ඉදං වුත්තං හොති – අහඤ්හි තව පුත්තං තථා උග්ගණ්හාපෙසිං, යථා එකස්මිං උපරිමනාසිකාසොතෙ වාතං සන්නිරුම්භිත්වා පථවියා අල්ලීනෙන එකෙන හෙට්ඨිමසොතෙන තත්ථෙව ඡමායං අස්සසන්තො ඡහි කලාහි ලුද්දකං අතිභොති, ඡහි කොට්ඨාසෙහි අජ්ඣොත්ථරති වඤ්චෙතීති අත්ථො. කතමාහි ඡහි? චත්තාරො පාදෙ පසාරෙත්වා එකෙන පස්සෙන සෙය්යාය, ඛුරෙහි තිණපංසුඛණනෙන, ජිව්හානින්නාමනෙන උදරස්ස උද්ධුමාතභාවකරණෙන, උච්චාරපස්සාවවිස්සජ්ජනෙන, වාතසන්නිරුම්භනෙනාති.
එහි “මිගං” යනු බෑණ මුවාය. “තිපල්ලත්ථ” හි පල්ලත්ථං යන්නෙන් සයනය කියවේ. දෙපසට නිදීම, හිටගෙන නිදීම සහ ගවයකු නිදන්නාක් මෙන් නිදීම වශයෙන් තුන් ආකාර නිදීම් ඇත්තේ යමකුට ද නිදීම් තුනම ඇත්තේ ඔහු තිපල්ලත්ථ නම් වේ. “අනෙක මායං” යනු බොහෝ මායා ඇති සහ කපටිකම් ඇති බවයි. “අට්ඨඛුරං” යනු එක් එක් පාදයක දෙක වශයෙන් කුර අටක් ඇති බවයි. “අඩ්ඪරත්තාවපායිං” පෙරයම ඉක්මවා මැදුම්යම වනයෙන් අවුත් පැන් බොන නිසා අඩ්ඪරත්තාවපායිං නම් වේ. මම මගේ බෑණ මුවාට මැනවින් මුව මායම් ඉගැන්වීමි. කෙසේද යත්, “එකෙන සොතෙන ඡමාස්සසන්තො ඡහි කලාහතිභොත භාගිණෙය්යො” මෙයින් කියන ලද්දේ මෙම අදහසයි. මම තිගේ පුතා මෙසේ ඉගැන්වීමි. උඩුපැත්තට සිට නාහු සිදුරෙන් වාතය තදකොට සයාකාරයකින් වැද්දා රවටයි. කවර සයකින් ද යත්, පාසතර දිගහැර එක පැත්තකට සිටීම, කුරවලින් තණ හා පස් කැණීම, දිව පිටට දැමීම, බඩ පුම්බාගෙන සිටීම, මළ මුත්‍ර බැහැර කිරීම, හුස්ම නො ගැනීම ය.
අපරො නයො – පාදෙන පංසුං ගහෙත්වා අභිමුඛාකඩ්ඪනෙන, පටිපණාමනෙන, උභොසු පස්සෙසු සඤ්චරණෙන, උදරං උද්ධං පක්ඛිපනෙන, අධො අවක්ඛිපනෙනාති ඉමාහි ඡහි කලාහි යථා අතිභොති, “මතො අය”න්ති සඤ්ඤං උප්පාදෙත්වා වඤ්චෙති, එවං තං මිගමායං උග්ගණ්හාපෙසින්ති දීපෙති.
තවත් ක්‍රමයකට සයාකාරය මෙසේය. අත්පා ඉදිරිය ඇදීමෙන්, ආපසු ඇදීමෙන්, දෙපසින් සෙලවීමෙන්, උඩට ඉස්සීමෙන් හා පහතට හෙළීමෙන් ය. මේ කලාවන් සයෙන් මූ මළේයැ යි හැඟීමක් ඇතිකොට රවටයි.
අපරො නයො – තථා නං උග්ගණ්හාපෙසිං, යථා එකෙන සොතෙන ඡමාස්සසන්තො ඡහි කලාහිති ද්වීසුපි නයෙසු දස්සිතෙහි ඡහි කාරණෙහි කලාහිති කලායිස්සති, ලුද්දං වඤ්චෙස්සතීති අත්ථො. භොතීති භගිනිං ආලපති. භාගිනෙය්යොති එවං ඡහි කාරණෙහි වඤ්චනකං භාගිනෙය්‍යං නිද්දිසති. එවං බොධිසත්තො භාගිනෙය්යස්ස මිගමායාය සාධුකං උග්ගහිතභාවං දස්සෙන්තො භගිනිං සමස්සාසෙති.
මෙසේ ඔහු ම මුව මායම් ඉගැන්වීමෙන් පෙන්වයි. “එකෙන සොතෙන ඡමාස්සසන්තො ඡහි කලාහති” පෙර කී දෙයාකාර කරුණුවලින් වැද්දා රවටයි යන අර්ථයයි. “භොති” නැගනිය අමතයි. “භාගිණෙය්යොති”, මෙකී සය කරුණකින් රවටන බෝසත් බෑනා නිර්දේශ කරයි. මෙසේ බෝසත්හු බෑණා මුව මායම් මැනවින් උගත් බව දක්වමින් නැගනිය අස්වැසූහ.
සොපි මිගපොතකො පාසෙ බද්ධො අවිප්ඵන්දිත්වායෙව භූමියං මහාඵාසුකපස්සෙන පාදෙ පසාරෙත්වා නිපන්නො පාදානං ආසන්නට්ඨානෙ ඛුරෙහෙව පහරිත්වා පංසුඤ්ච තිණානි ච උප්පාටෙත්වා උච්චාරපස්සාවං විස්සජ්ජෙත්වා සීසං පාතෙත්වා ජිව්හං නින්නාමෙත්වා සරීරං ඛෙළකිලින්නං කත්වා වාතග්ගහණෙන උදරං උද්ධුමාතකං කත්වා අක්ඛීනි පරිවත්තෙත්වා හෙට්ඨා නාසිකාසොතෙන වාතං සඤ්චරාපෙන්තො උපරිමනාසිකාසොතෙන වාතං සන්නිරුම්භිත්වා සකලසරීරං ථද්ධභාවං ගාහාපෙත්වා මතාකාරං දස්සෙසි. නීලමක්ඛිකාපි නං සම්පරිවාරෙසුං, තස්මිං තස්මිං ඨානෙ කාකා නිලීයිංසු. ලුද්දො ආගන්ත්වා උදරං හත්ථෙන පහරිත්වා “අතිපාතොව බද්ධො භවිස්සති, පූතිකො ජාතො”ති තස්ස බන්ධනරජ්ජුකං මොචෙත්වා “එත්ථෙවදානි නං උක්කන්තිත්වා මංසං ආදාය ගමිස්සාමී”ති නිරාසඞ්කො හුත්වා සාඛාපලාසං ගහෙතුං ආරද්ධො. මිගපොතකොපි උට්ඨාය චතූහි පාදෙහි ඨත්වා කායං විධුනිත්වා ගීවං පසාරෙත්වා මහාවාතෙන ඡින්නවලාහකො විය වෙගෙන මාතු සන්තිකං අගමාසි.
මළ පුඬුවෙහි බැඳුණු ඒ මුවපොව්වා ද කලබල නො වී මහඉලඇට ඇති පැත්තෙන් පාදකෙ දිග හැර, හොත්තේය. පාදයන්ට ළඟ භූමිය කුරවලින් ගසා තණද පස්ද විසුරුවා මළ මුත්‍ර බැහැරකොට හිස පහත්කොට දිව එළියට දමාගෙන ඇඟ හැමතැන කෙළ තවරා හුස්ම ගැනීමෙන් උදරය ඉදිමී ගිය සේ කොට, ඇස් පෙරළා, යට නාස් පුඬුවෙන් හුස්ම ගනිමින් උඩුනාස් පුඬුවෙහි හුස්ම තදකොට මුළු සිරුරම දරදඬුකොට මළ ආකාරයක් දැක්වීය. නිල මැස්සෝ ද ඔහු පිරිවැරූහ. කපුටෝ ද ඒ තැන සැඟවී සිටියහ. වැද්දා අවුත් උදරයට අතින් ගසා ඉතා අළුය ම බැඳුණා විය යුතුයි. කුණු වී ඇතැයි බැඳි රැහැන මුදා මෙහිදී ම මුවා කපා මස් ගෙන යමි යි අතුර කොළ ඇහිඳීමට පටන් ගත්තේය. මුවපොව්වා ද නැගිට පා සතරෙන් සිට ඇඟ පොළා ගෙල ඔසවා මහා සුළඟින් බිඳුණු වලා කඩක් මෙන් වේගයෙන් මව් වෙත ගියේය.
සත්ථාපි “න, භික්ඛවෙ, රාහුලො ඉදානෙව සික්ඛාකාමො, පුබ්බෙපි සික්ඛාකාමොයෙවා”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා භාගිනෙය්යමිගපොතකො රාහුලො අහොසි, මාතා උප්පලවණ්ණා, මාතුලමිගො පන අහමෙව අහොසි”න්ති.
මහණෙනි, රාහුල ශික්ෂාකාමී වූයේ දැන් පමණක් නො වේ. පෙරත් එ සේ ම වූයේ යි මේ ධර්ම දේශනය ගෙනහැර දක්වා අනුසන්ධි ගලපා වදාරා ජාතකය නිමවූහ. එදා බෑණා මුවපොව්වා නම් රාහුලය. මව උප්පලවණ්ණා වූවාය. මයිලණු මුවා නම් මම වූයෙමි.
තිපල්ලත්ථමිගජාතකවණ්ණනා ඡට්ඨා.