5. ඛරාදියජාතකවණ්ණනා 15 අට්ඨකථා
5. ඛරාදියජාතකවණ්ණනා (15)
5. ඛරාදිය ජාතකය (15)
අට්ඨක්ඛුරං ඛරාදියෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං දුබ්බචභික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර භික්ඛු දුබ්බචො ඔවාදං න ගණ්හාති. අථ නං සත්ථා පුච්ඡි “සච්චං කිර ත්වං භික්ඛු දුබ්බචො ඔවාදං න ගණ්හාසී”ති? “සච්චං භගවා”ති. සත්ථා “පුබ්බෙපි ත්වං දුබ්බචතාය පණ්ඩිතානං ඔවාදං අග්ගහෙත්වා පාසෙන බද්ධො ජීවිතක්ඛයං පත්තො”ති වත්වා අතීතං ආහරි.
“අට්ඨඛුරං ඛරාදියෙ” යන මෙය බුදු රජහු දෙව්රම් වෙහෙර වසමින් දුර්වච මහණකු (නො කීකරු මහණකු) අරබයා දේශනා කළහ. ඒ මහණ වනාහි නො කීකරුය. අවවාද නො පිළිගනී. බුදුරදහු, මහණ, ඔබ දුර්වච ව අවවාද නො පිළිගන්නා බව සැබෑ ද? එ සේය ස්වාමීනි, ඔබ පෙරත් දුර්වච ව නුවණැත්තන්ගේ අවවාද නො ගෙන මළ පුඬුවට අසුවී මරණයට පත්වූයේ නො වේදැ යි වදාරා අතීතය ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො මිගො හුත්වා මිගගණපරිවුතො අරඤ්ඤෙ වසති. අථස්ස භගිනිමිගී පුත්තකං දස්සෙත්වා “භාතික, අයං තෙ භාගිනෙය්යො, එතං මිගමායං උග්ගණ්හාපෙහී”ති පටිච්ඡාපෙසි. සො තං භාගිනෙය්යං “අසුකවෙලාය නාම ආගන්ත්වා උග්ගණ්හාහී”ති ආහ. සො වුත්තවෙලාය නාගච්ඡති. යථා ච එකදිවසං, එවං සත්ත දිවසෙ සත්තොවාදෙ අතික්කන්තො සො මිගමායං අනුග්ගණ්හිත්වාව විචරන්තො පාසෙ බජ්ඣි. මාතාපිස්ස භාතරං උපසඞ්කමිත්වා “කිං තෙ, භාතික, භාගිනෙය්යො මිගමායං උග්ගණ්හාපිතො”ති පුච්ඡි. බොධිසත්තො ච “තස්ස අනොවාදකස්ස මා චින්තයි, න තෙ පුත්තෙන මිගමායා උග්ගහිතා”ති වත්වා ඉදානිපි තං අනොවදිතුකාමොව හුත්වා ඉමං ගාථමාහ –
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත් තෙම මුවෙක් වී මුවන් පිරිවරාගෙන කැලයෙහි වෙසෙයි. එකල්හි ඔහුගේ නැගනි මුවදෙන තම පුතු ගෙන්වා සොහොයුර, මේ ඔබගේ බෑණාය. ඔහුට මුව මායම් උගන්වනු හැකිදැ යි පැවරුවාය. බෝසත් මුවා අසවල් වේලාවේ අවුත් ඉගෙන ගනුව යි කීය. ඔහු කී වේලාවට නො එයි. එක දවසක් නොව සත් දවසක් ම අවවාදයන් ඉක්මවන්නේ මුව මායම් නො ඉගෙන ම හැසිරෙන්නේ මළ පුඬුවක බැඳුණේය. ඔහුගේ මව සොහොයුරා වෙත පැමිණ, සොහොයුර බෑණාට මායම් ඉගැන්වූවාදැ යි විමසුවාය. එවිට බෝසත්හු, අවවාද නො පිළිගත් ඔහු ගැන නො සිතනු. ඔහු මායුම් නො උගත්තේය. මේ ගාථාව කීහ. දැනුත් ඔහුට අවවාද නො දෙනු කැමැත්තේ, මේ ගාථාව කීහ.
“අට්ඨක්ඛුරං ඛරාදියෙ, මිගං වඞ්කාතිවඞ්කිනං; සත්තහි කාලාතික්කන්තං, න නං ඔවදිතුස්සහෙ”ති.
“අට්ඨඛුරං ඛරාදියෙ මිගං වඞ්කාතිවඞ්කිනං, සත්තහි කලාහතික්කන්තං න නං ඔවදිතුස්සහෙති”
“ඛරාදිය නැගනියනි, රළු වූ කුර අටක් ඇති වඩ වඩාත් නැමුණු අං ඇති අවවාද සඳහා දින සතක් ඉක්ම වූ ඒ මුවාට අවවාද කිරීමට මම උත්සාහ නො කරමි.”
තත්ථ අට්ඨක්ඛුරන්ති එකෙකස්මිං පාදෙ ද්වින්නං ද්වින්නං වසෙන අට්ඨක්ඛුරං. ඛරාදියෙති තං නාමෙන ආලපති. මිගන්ති සබ්බසඞ්ගාහිකවචනං. වඞ්කාතිවඞ්කිනන්ති මූලෙ වඞ්කානි, අග්ගෙ අතිවඞ්කානීති වඞ්කාතිවඞ්කානි, තාදිසානි සිඞ්ගානි අස්ස අත්ථීති වඞ්කාතිවඞ්කී, තං වඞ්කාතිවඞ්කිනං. සත්තහි කාලාතික්කන්තන්ති සත්තහි ඔවාදකාලෙහි ඔවාදං අතික්කන්තං. න නං ඔවදිතුස්සහෙති එතං දුබ්බචමිගං අහං ඔවදිතුං න උස්සහාමි, එතස්ස මෙ ඔවාදත්ථාය චිත්තම්පි න උප්පජ්ජතීති දස්සෙති. අථ නං දුබ්බචමිගං පාසෙ බද්ධං ලුද්දො මාරෙත්වා මංසං ආදාය පක්කාමි.
එහි “අට්ඨඛුරං” යනු එක් පාදයක දෙක බැගින් කුර අටක් ඇති යන්නය. “ඛරාදියෙ” නමින් ඇය අමතයි. “මිගං” යනු මුව සඳහා පොදු වචනයකි. “වඞ්කාතිවඞ්කිනං” යනු මුල ඇද වූ අග අතිශයින් ඇද වූ වංකාතිවංක නම් එවැනි අං ඔහුට ඇති බවයි. “සත්තහි කලාහතික්කන්තං” යනු අවවාද දෙන කාල හතක් ඉක්ම වූ යන්නය. “න නං ඔවදිතුස්සහෙ” මෙබඳු වාචාල මුවා අවවාද කිරීමට මම උත්සාහ නො කරමි. මොහුට අවවාද කිරීමට මට සිතක්වත් නො උපදී යි දක්වයි. ඉක්බිති, වැද්දා පුඬුවෙහි බැඳුණු මුවා මරා මස් රැගෙන ගියේය.
සත්ථාපි “න ත්වං භික්ඛු ඉදානෙව දුබ්බචො, පුබ්බෙපි දුබ්බචොයෙවා”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි. “තදා භාගිනෙය්යො මිගො දුබ්බචභික්ඛු අහොසි, භගිනී උප්පලවණ්ණා, ඔවාදමිගො පන අහමෙව අහොසි”න්ති.
බුදුරදහු මහණ, ඔබ දැන් පමණක් දුර්වච වූයේ නො වේ. පෙරත් දුර්වච වීයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළහ. එදා බෑණ මුවා නො කීකරු භික්ෂුව විය. නැගණිය උප්පලවණ්ණා වූවාය. අවවාද කළ මුවා මම ම වීමි.
ඛරාදියජාතකවණ්ණනා පඤ්චමා.