4. වාතමිගජාතකවණ්ණනා 14 අට්ඨකථා
4. වාතමිගජාතකවණ්ණනා (14)
4. වාතමිග ජාතකය (14)
න කිරත්ථි රසෙහි පාපියොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො චූළපිණ්ඩපාතිකතිස්සත්ථෙරං ආරබ්භ කථෙසි. සත්ථරි කිර රාජගහං උපනිස්සාය වෙළුවනෙ විහරන්තෙ තිස්සකුමාරො නාම මහාවිභවස්ස සෙට්ඨිකුලස්ස පුත්තො එකදිවසං වෙළුවනං ගන්ත්වා සත්ථු ධම්මදෙසනං සුත්වා පබ්බජිතුකාමො පබ්බජ්ජං යාචිත්වා මාතාපිතූහි අනනුඤ්ඤාතත්තා පටික්ඛිත්තො සත්තාහං භත්තච්ඡෙදං කත්වා රට්ඨපාලත්ථෙරො විය මාතාපිතරො අනුජානාපෙත්වා සත්ථු සන්තිකෙ පබ්බජි. සත්ථා තං පබ්බාජෙත්වා අඩ්ඪමාසමත්තං වෙළුවනෙ විහරිත්වා ජෙතවනං අගමාසි. තත්රායං කුලපුත්තො තෙරස ධුතඞ්ගානි සමාදාය සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානො කාලං වීතිනාමෙති, “චූළපිණ්ඩපාතිකතිස්සත්ථෙරො නාමා”ති වුත්තෙ ගගනතලෙ පුණ්ණචන්දො විය බුද්ධසාසනෙ පාකටො පඤ්ඤාතො අහොසි.
“න කිරත්ථි රසෙහි පාපියො” යන මේ දෙසුම බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නාහු, චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් අරබයා දේශනා කළහ. බුදු රජුන් රජගහ නුවර ඇසුරු කොට වේළුවන වෙහෙරෙහි වැඩ වසන කල්හි මහත් ධන සම්පත් ඇති සිටු කුලයක පුත් වූ තිස්ස නම් සිටු කුමරකු එක් දවසක් වේළුවනාරාමයට ගොස් බුදු රජුන්ගෙන් දහම් අසා පැවිදිවනු කැමැති ව පැවිද්ද අයැද සිටිය ද මව්පියන් නො අනුදන්නා ලද හෙයින් ප්රතික්ෂේප කරන ලදුව සත් දවසක් උපවාස කොට රට්ඨපාල තෙරුන් මෙන් මව්පියන් අනුදන්වා බුදුරදුන් වෙත පැවිදි විය. බුදුරදහු ඔහු පැවිදි කැරවා අඩ මසක් පමණ වේළුවන වෙහෙරෙහි වැඩ සිට ජේතවන වෙහෙරට වැඩියහ. එහි දී මේ කුල පුත්රයා තෙළෙස් ධුතාංග සමාදන් ව සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙමින් කල්ගත කරයි. චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරණුවෝ යි කී කල අහස් තලයෙහි සඳ මෙන් බුදු සසුනෙහි දන්නා ලද්දෝය.
තස්මිං කාලෙ රාජගහෙ නක්ඛත්තකීළාය වත්තමානාය ථෙරස්ස මාතාපිතරො යං තස්ස ගිහිකාලෙ අහොසි ආභරණභණ්ඩකං, තං රතනචඞ්කොටකෙ නික්ඛිපිත්වා උරෙ ඨපෙත්වා “අඤ්ඤාසු නක්ඛත්තකීළාසු අම්හාකං පුත්තො ඉමිනා අලඞ්කාරෙන අලඞ්කතො නක්ඛත්තං කීළති, තං නො එකපුත්තං ගහෙත්වා සමණො ගොතමො සාවත්ථිනගරං ගතො, කහං නු ඛො සො එතරහි නිසින්නො, කහං ඨිතො”ති වත්වා රොදන්ති.
එකල රජගහ නුවර නැකැත් සැණකෙළිය පවත්නා කල්හි තෙරුන්ගේ මව්පියෝ ඔහු ගිහි කල පැළැඳි ආබරණ රිදී තැටියක තබා ලයෙහි තබාගෙන අප පුතණුවන් පෙර නැකැත් සැණකෙලිවල දී මේ මේ අබරණින් සැරසී සැණකෙළි කැරෙති. අපගේ ඒ එක ම පුත්රයා රැගෙන මහණ ගොයුම්හි සැවැත් නුවරට වැඩියෝය. දැන් අප පුත්රයා කොහි හුන්නේදැ යි කොහි සිටිනේදැ යි කියමින් හඬති.
අථෙකා වණ්ණදාසී තං කුලං ගන්ත්වා සෙට්ඨිභරියං රොදන්තිං දිස්වා පුච්ඡි “කිං පන, අය්යෙ, රොදසී”ති? “සා තමත්ථං ආරොචෙසි”. “කිං පන, අය්යෙ, අය්යපුත්තො පියායතී”ති? “අසුකඤ්ච අසුකඤ්චා”ති. “සචෙ තුම්හෙ ඉමස්මිං ගෙහෙ සබ්බං ඉස්සරියං මය්හං දෙථ, අහං වො පුත්තං ආනෙස්සාමී”ති. සෙට්ඨිභරියා “සාධූ”ති සම්පටිච්ඡිත්වා පරිබ්බයං දත්වා මහන්තෙන පරිවාරෙන තං උය්යොජෙසි “ගච්ඡ, අත්තනො බලෙන මම පුත්තං ආනෙහී”ති. සා පටිච්ඡන්නයානෙ නිසින්නා සාවත්ථිං ගන්ත්වා ථෙරස්ස භික්ඛාචාරවීථියං නිවාසං ගහෙත්වා සෙට්ඨිකුලා ආගතෙ මනුස්සෙ ථෙරස්ස අදස්සෙත්වා අත්තනො පරිවාරෙනෙව පරිවුතා ථෙරස්ස පිණ්ඩාය පවිට්ඨස්ස ආදිතොව උළුඞ්කයාගුඤ්ච රසකභික්ඛඤ්ච දත්වා රසතණ්හාය බන්ධිත්වා අනුක්කමෙන ගෙහෙ නිසීදාපෙත්වා භික්ඛං දදමානා ච අත්තනො වසං උපගතභාවං ඤත්වා ගිලානාලයං දස්සෙත්වා අන්තොගබ්භෙ නිපජ්ජි. ථෙරොපි භික්ඛාචාරවෙලාය සපදානං චරන්තො ගෙහද්වාරං අගමාසි. පරිජනො ථෙරස්ස පත්තං ගහෙත්වා ථෙරං ඝරෙ නිසීදාපෙසි. ථෙරො නිසීදිත්වාව “කහං උපාසිකා”ති පුච්ඡි. “ගිලානා, භන්තෙ, තුම්හාකං දස්සනං ඉච්ඡතී”ති. සො රසතණ්හාය බද්ධො අත්තනො වතසමාදානං භින්දිත්වා තස්සා නිපන්නට්ඨානං පාවිසි. සා අත්තනො ආගතකාරණං කථෙත්වා තං පලොභෙත්වා රසතණ්හාය බන්ධිත්වා උප්පබ්බාජෙත්වා අත්තනො වසෙ ඨපෙත්වා යානෙ නිසීදාපෙත්වා මහන්තෙන පරිවාරෙන රාජගහමෙව අගමාසි. සා පවත්ති පාකටා ජාතා.
එකල එක් වෙසඟනක් ඒ කුලයට ගොස් සිටු බිරිය හඬනු දැක ආර්යාව, කුමක් නිසා හඬහි ද? ඈ ඒ කරුණ දැන්වූවාය. ආර්යාවනි, රුචි කරන්නේ කිනම් දේටදැ යි අසන්නේ, අසවල් අසවල් දේටය. ඉදින් ඔබ මෙහි කුලයට අයත් සියලු සම්පත් මට දෙන්නේ නම්, මම ඔබ පුත් මෙහි ගෙන එන්නෙමි යි කීවාය. සිටු බිරිය මැනවැ යි පිළිගෙන ගමනට සුදුසු පිරිවැය දී මහත් පිරිවර සමග යව, තමාගෙ බලයෙන් මගේ පුතා ගෙන එව යි, පිටත් කළාය. ඕ පිළිසන් යානයක හුන්නී, සැවැත් නුවරට ගොස් තෙරුන් පිඬු පිණිස හැසිරෙන වීථියෙහි නිවසක නැවතී සිටු කුලයෙන් පැමිණි මිනිසුන් නො පෙන්නා තම පිරිවරින් පිරිවරන ලද්දී, තෙරුන් පිඬු පිණිස වැඩි කල්හි පළමුව හැන්දක් පමණ බත් ද පසුව බඳුනක් පමණ බත් ද පිළිගන්වා රස තෘෂ්ණාවෙන් බැඳ අනුක්රමයෙන් ගෙය තුළ වඩා හිඳුවා අහර දෙන්නී, තම වසඟයට පැමිණි බව දැන ගිලන් බවක් පෙන්වා යහන් ගැබ හොත්තීය. තෙරහු ද පිඬු සිඟන වේලෙහි ගෙපිළිවෙලින් හැසිරෙන්නෝ ඇගේ ගෙදොරට වැඩියහ. පිරිවර ජනයෝ තෙරුන්ගේ පාත්රය ගෙන තෙරුන් ඇතුළු ගෙහි වැඩ හිඳවූහ. තෙරණුවෝ හිඳගෙන ම උපාසිකාව කොහිදැ යි විමසූහ. ස්වාමීනි, ඈ ගිලන්ව සිටින්නීය. ඔබතුමන්ගේ දර්ශනය කැමැති වන්නීයැ. තෙරණුවෝ රස තෘෂ්ණාවෙන් බැඳෙන්නාහු, තමාගේ ධූත සමාදානය බිඳ ඇය හොත්තැනට වැඩියහ. ඈ තමා පැමිණි කාරණය ප්රකාශ කොට පොළඹවා රස තෘෂ්ණාවෙන් බැඳ උපැවිදි කොට තම වසඟයට ගෙන යහනාවක හිඳුවා මහත් පිරිවරින් රජගහ නුවරට ම ගියාය. මෙපුවත ප්රකට විය.
භික්ඛූ ධම්මසභායං සන්නිසින්නා “චූළපිණ්ඩපාතිකතිස්සත්ථෙරං කිර එකා වණ්ණදාසී රසතණ්හාය බන්ධිත්වා ආදාය ගතා”ති කථං සමුට්ඨාපෙසුං. සත්ථා ධම්මසභං උපගන්ත්වා අලඞ්කතධම්මාසනෙ නිසීදිත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති ආහ. තෙ තං පවත්තිං කථයිංසු. “න, භික්ඛවෙ, ඉදානෙව එසො භික්ඛු රසතණ්හාය බජ්ඣිත්වා තස්සා වසං ගතො, පුබ්බෙපි තස්සා වසං ගතොයෙවා”ති වත්වා අතීතං ආහරි.
භික්ෂූහු දම් සභාවෙහි සිට වෙසඟනක් චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් රස තෘෂ්ණාවෙන් බැඳගෙන ගියාය, යන කථාවක් කළහ. බුදුරදහු දම් සභාව වැඩ විසිතුරු අසුනෙහි වැඩහිඳ මහණෙනි, දැන් කිනම් කථාවක් කරමින් හුන්නාහුදැ යි විචාළහ. භික්ෂූහු එපවත් සැලකළහ. මහණෙනි, මේ භික්ෂුව රස තෘෂ්ණාවෙන් බැඳී ඇගේ වසඟයට ගියේ දැන්මතු නොවෙයි. පෙරත් ඇගේ වසඟයට ගියේමැ යි වදාරා ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං රඤ්ඤො බ්රහ්මදත්තස්ස සඤ්ජයො නාම උය්යානපාලො අහොසි. අථෙකො වාතමිගො තං උය්යානං ආගන්ත්වා සඤ්ජයං දිස්වා පලායති, සඤ්ජයොපි න තං තජ්ජෙත්වා නීහරති. සො පුනප්පුනං ආගන්ත්වා උය්යානෙයෙව චරති. උය්යානපාලො උය්යානෙ නානප්පකාරානි පුප්ඵඵලානි ගහෙත්වා දිවසෙ දිවසෙ රඤ්ඤො අභිහරති. අථ නං එකදිවසං රාජා පුච්ඡි “සම්ම උය්යානපාල, උය්යානෙ කිඤ්චි අච්ඡරියං පස්සසී”ති? “දෙව, අඤ්ඤං න පස්සාමි, එකො පන වාතමිගො ආගන්ත්වා උය්යානෙ චරති, එතං පස්සාමී”ති. “සක්ඛිස්සති පන තං ගහෙතු”න්ති. “ථොකං මධුං ලභන්තො අන්තො රාජනිවෙසනම්පි නං ආනෙතුං සක්ඛිස්සාමි, දෙවා”ති. රාජා තස්ස මධුං දාපෙසි. සො තං ගහෙත්වා උය්යානං ගන්ත්වා වාතමිගස්ස චරණට්ඨානෙ තිණානි මධුනා මක්ඛෙත්වා නිලීයි. මිගො ආගන්ත්වා මධුමක්ඛිතානි තිණානි ඛාදිත්වා රසතණ්හාය බද්ධො අඤ්ඤත්ර අගන්ත්වා උය්යානමෙව ආගච්ඡති. උය්යානපාලො තස්ස මධුමක්ඛිතතිණෙසු පලුද්ධභාවං ඤත්වා අනුක්කමෙන අත්තානං දස්සෙසි. සො තං දිස්වා කතිපාහං පලායිත්වා පුනප්පුනං පස්සන්තො විස්සාසං ආපජ්ජිත්වා අනුක්කමෙන උය්යානපාලස්ස හත්ථෙ ඨිතතිණානි ඛාදිතුං ආරභි.
පෙර බරණැස් නුවර බ්රහ්මදත්ත රජුට සඤ්ජය නම් උයන්පල්ලකු සිටියේය. එකල එක් පවනට සම ජව ඇති මුවෙක් (වාතමිග) උයනට අවුත් සඤ්ජය දැක පැන දුවයි. සඤ්ජය ද මුවා බියගන්වා පළවා නො හරියි. මුවා ද නැවත නැවත අවුත් උයනෙහි ම හැසිරෙයි. උයන්පල්ලා උයනෙහි නානාරස ඇති මල්ඵල ගෙන දිනපතා රජුට ගෙන යයි. දිනක් රජ, උයන්පල්ලා අමතා යහළු උයන් ගොව්වෙනි, උයනෙහි කිසියම් අසිරිමත් දෙයක් දක්නෙහිදැ යි විමසීය. දේවයිනි, වෙන යම්කිසි අමුතු දෙයක් නො දක්මි. එක් වාමුවෙක් උයනෙහි හැසිරෙයි. මෙපමණක් දකිමි. මුවා අල්ලාගැනීමට හැකි ද? දේවයිනි, මී පැණි සුඟක් (ස්වල්පයක්) ලැබෙන්නේ නම් මුවා රජ මැදුරට ම ගෙනෙන්න හැක්කෙමි. රජ ඔහුට මී පැණි දෙවීය. උයන්පල්ලා ඒ ගෙන උයනට ගොස් වාමුවා හැසිරෙන තැන්හි තෘණවල මී තවරා සැඟවී සිටියේය. මුවා පැමිණ මී වැකුණු තෘණ කා රස තෘෂ්ණාවෙන් බැඳුනේ අන් තැනකට නො ගොස් උයනට ම එයි. උයන්පල්ලා, මුවා මී වැකුණු තණට ලොල් වූ බව දැන ක්රමයෙන් තමා දකින්න සැලැස්වීය. මුවා උයන්පලු දැක කීප දිනක් පළා ගොස් නැවත නැවත දකින විට විශ්වාස බවට පැමිණ ක්රමයෙන් ඔහුගේ අත තිබූ තණ කෑමට පටන් ගත්තේය.
සො තස්ස විස්සාසං ආපන්නභාවං ඤත්වා යාව රාජනිවෙසනා වීථිං කිලඤ්ජෙහි පරික්ඛිපිත්වා තහිං තහිං සාඛාභඞ්ගං පාතෙත්වා මධුලාබුකං අංසෙ ලග්ගෙත්වා තිණකලාපං උපකච්ඡකෙ ඨපෙත්වා මධුමක්ඛිතානි තිණානි මිගස්ස පුරතො පුරතො විකිරන්තො අන්තොරාජනිවෙසනංයෙව අගමාසි. මිගෙ අන්තො පවිට්ඨෙ ද්වාරං පිදහිංසු. මිගො මනුස්සෙ දිස්වා කම්පමානො මරණභයතජ්ජිතො අන්තොනිවෙසනඞ්ගණෙ ආධාවති පරිධාවති. රාජා පාසාදා ඔරුය්හ තං කම්පමානං දිස්වා “වාතමිගො නාම මනුස්සානං දිට්ඨට්ඨානං සත්තාහං න ගච්ඡති, තජ්ජිතට්ඨානං යාවජීවං න ගච්ඡති, සො එවරූපො ගහනනිස්සිතො වාතමිගො රසතණ්හාය බද්ධො ඉදානි එවරූපං ඨානං ආගතො, නත්ථි වත භො ලොකෙ රසතණ්හාය පාපතරං නාමා”ති ඉමාය ගාථාය ධම්මදෙසනං පට්ඨපෙසි –
ඔහු මුවා තමා සමග විශ්වායට පැමිණි බව දැන රජ මැදුර දක්වා මඟ පැලලිවලින් ආවරණය කොට තැන් තැන්වල අතු කැබලි දමා මී පැණි කැටක් උරයෙහි එල්ලාගෙන තෘණ මිටියක් කිසිල්ලෙහි රුවාගෙන මී වැකුණු තෘණ මුවා ඉදිරියෙහි විසුරුවමින් රජ මැදුරු තුළට ම ගියේය. මුවා ඇතුළටවන් කල්හි දොර වැසුවේය. මුවා මිනිසුන් දැක වෙවුලමින් මරණ බයින් බියපත් ව ඇතුළත මිදුලෙහි ඔබිමොබ දුවයි. රජ පහයෙන් බැස වෙවුලමින් සිටි මුවා දැක සිතී. වාමුවෝ නම් මිනිසුන් දුටු තැනට සත් දිනක් නො යති. බය වූ තැනකට දිවිහිමියෙන් නො යති. එබඳු වූ මහ වන ඇසුර කරන පවනට බඳු ජව ඇති මුවා රස තෘෂ්ණාවෙන් බැඳී දැන් මෙබඳු තැනකට ආවේය. අහෝ! ලෝකයෙහි රස තෘෂ්ණාවට වැඩි තරම් ළාමක පවක් නැතැ යි මේ ගාථාවෙන් දම් දෙසුම ඇරඹීය.
“න කිරත්ථි රසෙහි පාපියො, ආවාසෙහිව සන්ථවෙහි වා; වාතමිගං ගහනනිස්සිතං, වසමානෙසි රසෙහි සඤ්ජයො”ති.
“න කිරත්ථි රසෙහි පාපියො ආවාසෙහි වා සත්ථවෙහි වා, වාතමිගං ගෙහනිස්සිතං වසමානෙසි රසෙහි සඤ්ජයොති”
“වාසස්ථාන පිළිබඳ ආශාව, මිතුරු සබඳතා පිළිබඳ ආශාව යන මේ ආශාවන්ට වඩා මධුර ඇඹුල් ආදී රස පිළිබඳ ආශාව වඩා ලාමක වේ. සඤ්ජය, වන ගහණය ඇසුරු කොට සිටි වාමුවා රසයෙන් වසඟ කොට ගෙන ආවේය.”
තත්ථ කිරාති අනුස්සවනත්ථෙ නිපාතො. රසෙහීති ජිව්හාවිඤ්ඤෙය්යෙහි මධුරම්බිලාදීහි. පාපියොති පාපතරො. ආවාසෙහිව සන්ථවෙහි වාති නිබද්ධවසනට්ඨානසඞ්ඛාතෙසු හි ආවාසෙසුපි මිත්තසන්ථවෙසුපි ඡන්දරාගො පාපකොව, තෙහි පන සච්ඡන්දරාගපරිභොගෙහි ආවාසෙහි වා මිත්තසන්ථවෙහි වා සතගුණෙන ච සහස්සගුණෙන ච සතසහස්සගුණෙන ච ධුවපටිසෙවනට්ඨෙන ආහාරං විනා ජීවිතින්ද්රියපාලනාය අභාවෙන ච සච්ඡන්දරාගපරිභොගරසාව පාපතරාති. බොධිසත්තො පන අනුස්සවාගතං විය ඉමමත්ථං කත්වා “න කිරත්ථි රසෙහි පාපියො, ආවාසෙහිව සන්ථවෙහි වා”ති ආහ. ඉදානි තෙසං පාපියභාවං දස්සෙන්තො “වාතමිග”න්තිආදිමාහ. තත්ථ ගහනනිස්සිතන්ති ගහනට්ඨානනිස්සිතං. ඉදං වුත්තං හොති – පස්සථ රසානං පාපියභාවං, ඉදං නාම අරඤ්ඤායතනෙ ගහනනිස්සිතං වාතමිගං සඤ්ජයො උය්යානපාලො මධුරසෙහි අත්තනො වසං ආනෙසි, සබ්බථාපි සච්ඡන්දරාගපරිභොගෙහි රසෙහි නාම අඤ්ඤං පාපතරං ලාමකතරං නත්ථීති රසතණ්හාය ආදීනවං කථෙසි. කථෙත්වා ච පන තං මිගං අරඤ්ඤමෙව පෙසෙසි.
එහි “කිර” යනු ශ්රැති, සවන අර්ථයෙහි නිපාත පදයකි. “රසෙහි” යනු ජිව්හා ඉන්ද්රියෙන් දතයුතු මධුර රස, ඇඹුල් රස ආදියයි. “පාපියො” යනු පාපතර ක්රියාවන්ය. “ආවාසෙහි වා සන්ථවෙහි වා” යනු නිබඳ වසන තැන් නම් වූ නිවාසයන්හි ද මිත්රසංවාසය ද ඡන්ද රාගය ද පවිටුය. එම තද ආශාවෙන් පරිභෝග කරන හෝ මිත්ර සංවාසය වඩා දිනපතා අනුභව කරන අරුතින් ආහාරය හැර දිවිපැවැත්ම සඳහා නො වන බැවින් බලවත් ආශාවෙන් අනුභව කරන ජිව්හා රසය ම සියදහස් ගුණයෙන් පවිටුතර වේ. බෝසත්හු වනාහි මෙම කරුණ ශ්රැතිසුචනයෙන් (ආරංචියෙන්) දැනගත් දෙයක් මෙන් මෙය අර්ථ කොට ගෙන “න කිරත්ථි රසෙහි පාපියො ආවාසෙහි වා සන්ථවෙහි වා” යි කීහ. දැන් ඔවුන්ගේ පවිටු බස් දක්වනු වස් “වාතමිගං” යි ආදිය කීහ. එහි “ගෙහනිස්සිතං” යනු වන ගහණය ඇසුරු කළ වගයි. මෙහි අදහස නම්, රසයන්ගේ පවිටු බව මෙයැ යි බලනු. මහා වනයෙහි වන ගහණය ඇසුරු කළ වාමුවා සඤ්ජය නම් උයන්ගොව්වා මී රසයෙන් තම වසඟයට පැමිණ වීය. හැම අයුරින් ම ස්වච්ඡන්ද රාගයෙන් අනුභව කරන රසයන් හා සමාන අන් පවිටුතර දෙයක්, ළාමකතර දෙයක් නැතැ යි රස තෘෂ්ණාවෙහි ආදීනව ප්රකාශ කළහ. එසේ කියා ඒ වාමුවා වනයට ම යැවීය.
සත්ථාපි “න, භික්ඛවෙ, සා වණ්ණදාසී ඉදානෙව එතං රසතණ්හාය බන්ධිත්වා අත්තනො වසෙ කරොති, පුබ්බෙපි අකාසියෙවා”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි. “තදා සඤ්ජයො අයං වණ්ණදාසී අහොසි, වාතමිගො චූළපිණ්ඩපාතිකො, බාරාණසිරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු, මහණෙනි, ඒ වෙසඟන එම තෘෂ්ණානේ බැඳ මොහු තම වසඟයට ගත්තේ දැන් පමණක් නො වේ. පෙරත් එ සේ කළායැ යි, මේ ධර්ම දේශනය ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළහ. එදා සඤ්ජය නම් මෙදා ඒ වෙසඟන වූවාය. වාමුවා චුල්ලපිණ්ඩපාතික ය. බරණැස් රජ වනාහි මම ම වීමි.
වාතමිගජාතකවණ්ණනා චතුත්ථා.