3. කණ්ඩිජාතකවණ්ණනා 13 අට්ඨකථා
3. කණ්ඩිජාතකවණ්ණනා (13)
3. කණ්ඩින ජාතකය (13)
ධිරත්ථු කණ්ඩිනං සල්ලන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පුරාණදුතියිකාපලොභනං ආරබ්භ කථෙසි. තං අට්ඨකනිපාතෙ ඉන්ද්රියජාතකෙ ආවිභවිස්සති. භගවා පන තං භික්ඛුං එතදවොච “භික්ඛු, පුබ්බෙපි ත්වං එතං මාතුගාමං නිස්සාය ජීවිතක්ඛයං පත්වා වීතච්චිතෙසු අඞ්ගාරෙසු පක්කො”ති. භික්ඛූ තස්සත්ථස්සාවිභාවත්ථාය භගවන්තං යාචිංසු, භගවා භවන්තරෙන පටිච්ඡන්නකාරණං පාකටං අකාසි. ඉතො පරං පන භික්ඛූනං යාචනං භවන්තරපටිච්ඡන්නතඤ්ච අවත්වා “අතීතං ආහරී”ති එත්තකමෙව වක්ඛාම, එත්තකෙ වුත්තෙපි යාචනඤ්ච වලාහකගබ්භතො චන්දනීහරණූපමාය භවන්තරපටිච්ඡන්නකාරණභාවො චාති සබ්බමෙතං හෙට්ඨා වුත්තනයෙනෙව යොජෙත්වා වෙදිතබ්බං.
“ධිරත්ථු කණ්ඩිනං සල්ලං” යන මේ ජාතකය බුදුරදහු දෙව්රම් වෙහෙර වෙසෙමින් පෙර බිරිඳගේ පෙළඹවීම අරබයා මේ ජාතකය දේශනා කළහ. ඒ පුවත අටවන නිපාතයේ ඉන්ද්රිය ජාතකයෙහි වන්නේය. බුදුරදහු ඒ භික්ෂුවට මෙසේ වදාළහ. මහණ, ඔබ පෙරත් මේ ස්ත්‍රිය නිසා මරණයට පත්ව ගිනිදැල් රහිත ගිනි අඟුරු ගොඩක පැසුණෙහිය. භික්ෂූහු එම අර්ථය හෙළිදරවු කරනු පිණිස බුදුරදුන් අයැද සිටියහ. බුදුරදහු භාවාන්තරයෙන් වැසී ගිය එම පුවත ප්‍රකට කළහ. මින්පසුව භික්ෂූන්ගේ ආයාචනය ද භවාන්තරයෙන් වැසීගිය බව ද නො කියා අතීත කථාව ගෙනහැර දැක්වූහ, යන මෙපමණක් ම කියමු. මෙපමණක් කී කල්හි ද ආයාචනය වලාගැඹකින් සඳ ගෙනහැර දැක්වීමේ උපමාවෙන් භවාන්තරයෙන් පිළිසන් වූ බව යන සියල්ල පෙර කී පරිදි ම යොදා දත යුතුය.
අතීතෙ මගධරට්ඨෙ රාජගහෙ මගධරාජා රජ්ජං කාරෙසි. මගධවාසිකානං සස්සසමයෙ මිගානං මහාපරිපන්ථො හොති. තෙ අරඤ්ඤෙ පබ්බතපාදං පවිසන්ති. තත්ථ එකො අරඤ්ඤවාසී පබ්බතෙය්යමිගො එකාය ගාමන්තවාසිනියා මිගපොතිකාය සද්ධිං සන්ථවං කත්වා තෙසං මිගානං පබ්බතපාදතො ඔරුය්හ පුන ගාමන්තං ඔතරණකාලෙ මිගපොතිකාය පටිබද්ධචිත්තත්තා තෙහි සද්ධිංයෙව ඔතරි. අථ නං සා ආහ – “ත්වං ඛොසි, අය්ය, පබ්බතෙය්යො බාලමිගො, ගාමන්තො ච නාම සාසඞ්කො සප්පටිභයො, මා අම්හෙහි සද්ධිං ඔතරී”ති. සො තස්සා පටිබද්ධචිත්තත්තා අනිවත්තිත්වා සද්ධිංයෙව අගමාසි. මගධවාසිනො “ඉදානි මිගානං පබ්බතපාදා ඔතරණකාලො”ති ඤත්වා මග්ගෙ පටිච්ඡන්නකොට්ඨකෙසු තිට්ඨන්ති. තෙසම්පි ද්වින්නං ආගමනමග්ගෙ එකො ලුද්දකො පටිච්ඡන්නකොට්ඨකෙ ඨිතො හොති. මිගපොතිකා මනුස්සගන්ධං ඝායිත්වා “එකො ලුද්දකො ඨිතො භවිස්සතී”ති තං බාලමිගං පුරතො කත්වා සයං පච්ඡතො අහොසි. ලුද්දකො එකෙනෙව සරප්පහාරෙන මිගං තත්ථෙව පාතෙති. මිගපොතිකා තස්ස විද්ධභාවං ඤත්වා උප්පතිත්වා වාතගතියාව පලායි. ලුද්දකො කොට්ඨකතො නික්ඛමිත්වා මිගං ඔක්කන්තිත්වා අග්ගිං කත්වා වීතච්චිතෙසු අඞ්ගාරෙසු මධුරමංසං පචිත්වා ඛාදිත්වා පානීයං පිවිත්වා අවසෙසං ලොහිතබින්දූහි පග්ඝරන්තෙහි කාජෙනාදාය දාරකෙ තොසෙන්තො ඝරං අගමාසි.
පෙර මගධ රට රජගහ නුවර මගධ රජ රාජ්‍යය කරවයි. මගධ වැසියන්ගේ අස්වනු කාලයෙහි මුවන්ට මහ උවදුරක් වෙයි. මුවෝ වනයෙහි පර්වත ජාලයට පිවිසෙත්. එහි ගිරිදුර්ග ආශ්රිත ව වනයෙහි වසන මුවෙක් ග්‍රාමාන්තවාසී මුව පැටිස්සියක සමග මිත්‍ර සබඳකම් පවත්වා මුවන් පර්වත පාදයෙන් බැස නැවත ගම්පියසට බසින කාලයෙහි මුවැත්තිය කෙරෙහි බැඳුණු සිත් ඇති බැවින් ඔවුන් සමග ම බැස්සේය. ඇය ඔහුට කියන්නී, මිත්‍රය, ඔබ කවරෙක් ද? ගම් පියස සැක සහිතය. භය සහිතය. අප සමග නො බසින්න. පර්වතවාසී බාල මුවා ඇය පිළිබඳ සිත් ඇත්තේ බැවින් නො නැවතී ඔවුන් සමග ම ගියේය. මගධ වැසියෝ මුවන් පර්වත පාදයෙන් බසින වෙලාව මේයැ යි දැන මඟ සැඟවුණු කොටුවල සිටිත්. ඒ දෙදෙන එන මඟ එක් මුව වැද්දකු සැඟවුණු කොටුවක සිටියේ විය. මුවැත්තී මිනිස් ගඳ ආඝ්‍රාණය කොට එක් වැද්දකු සිටින්නේයැ යි බාල මුවා පෙරටු කොට තමා පසුපසින් ගියාය. මුව වැද්දා එක් ඊපහරින් ම මුවා හෙළාලීය. මුවැත්තිය ඔහුට ඊපහර වැදුණු බව දැන උඩ පැන වායු වේගයෙන් පළා ගියාය. වැද්දා කොටුවෙන් නික්ම මුවා කපා ගිනි ගසා ගිනිදැල් නැති අඟුරු රැසක මිහිරි මස පිස අනුභව කොට පැන් බී ඉතිරි මස් ලේ බිඳු වැගිරෙද්දී ම කදින් ගෙන දරුවන් සතුටු කැරෙමින් සිය ගෙට ගියේය.
තදා බොධිසත්තො තස්මිං වනසණ්ඩෙ රුක්ඛදෙවතා හුත්වා නිබ්බත්තො හොති. සො තං කාරණං දිස්වා “ඉමස්ස බාලමිගස්ස මරණං නෙව මාතරං නිස්සාය, න පිතරං නිස්සාය, අථ ඛො කාමං නිස්සාය. කාමනිමිත්තඤ්හි සත්තා සුගතියං හත්ථච්ඡෙදාදිකං, දුග්ගතියඤ්ච පඤ්චවිධබන්ධනාදිනානප්පකාරකං දුක්ඛං පාපුණන්ති, පරෙසං මරණදුක්ඛුප්පාදනම්පි නාම ඉමස්මිං ලොකෙ ගරහිතමෙව. යං ජනපදං මාතුගාමො විචාරෙති අනුසාසති, සො ඉත්ථිපරිණායකො ජනපදොපි ගරහිතොයෙව. යෙ සත්තා මාතුගාමස්ස වසං ගච්ඡන්ති, තෙපි ගරහිතායෙවා”ති එකාය ගාථාය තීණි ගරහවත්ථූනි දස්සෙත්වා වනදෙවතාසු සාධුකාරං දත්වා ගන්ධපුප්ඵාදීහි පූජයමානාසු මධුරෙන සරෙන තං වනසණ්ඩං උන්නාදෙන්තො ඉමාය ගාථාය ධම්මං දෙසෙසි –
එදා බෝසතාණෝ ඒ වන ලැහැබෙහි දේවතාවෙක් වී උපන්නාහු වෙති. ඔහු මෙකරුණ දැක මේ මෝඩ මුවාගේ මරණය මව නිසා නො වේ. පියා නිසා ද නොවේ. හුදෙක් ආශාව නිසාමය. කාමය නිමිති කොට සත්ත්වයෝ සුගති භවයේ දී අත්පා කැපීම් ආදී දුකට පත් වෙත්. දුගති භවයේ දී පස් ආකාර බැඳුම් ආදී නොයෙක් දුකට පැමිණෙත්. මෙරමාහට මරණ දුක දීම මෙලොව නින්දිත වූවක් මය. එ සේ ම යම් දනව්වක් මාගමක් පාලනය කරයි ද අනුශාසනා කරයි ද ගැහැනියක ප්‍රධාන වූ ඒ දනව්ව ද නින්දිත මය. යම් කෙනෙක් මාගමකගේ වසඟයට යත් ද ඔවුහු ද නින්දිත වම්හ යි එක ම ගාථාවකින් නින්දා කටයුතු කරුණු තුනක් දක්වා වන දේවතාවන් සාධු හඬ දී ගඳමල් ආදියෙන් පුදද්දී මිහිරි හඬින් ඒ වන ලැහැබ ගුගුරවමින් මේ ගාථාවෙන් දහම් දෙසූහ.
“ධිරත්ථු කණ්ඩිනං සල්ලං, පුරිසං ගාළ්හවෙධිනං; ධිරත්ථු තං ජනපදං, යත්ථිත්ථී පරිණායිකා; තෙ චාපි ධික්කිතා සත්තා, යෙ ඉත්ථීනං වසං ගතා”ති.
“ධිරත්ථු කණ්ඩිනං සල්ලං පුරිසං ගාළ්හවෙධිනං, ධිරත්ථු තං ජනපදං යත්ථිත්ථි පරිනායිකා, තෙචාපි ධික්කිතා සත්තා යෙ ඉත්ථීනං වසං ගතාති”
“මෙරමා දැඩි කොට විදින්නා වූ හෙල්ල සහ ඊ දුනු දරන පුරුෂයාට නින්දා වේවා. යම් ජනපදයක වනිතාවක් නායක වූවා ද ඒ ජනපදයට නින්දා වේවා. එ සේ ම යම් කෙනකු ස්ත්රීන්ගේ වසඟයට ගියාහු ද ඔවුන් ද නින්දා කටයුතුය.”
තත්ථ ධිරත්ථූති ගරහණත්ථෙ නිපාතො, ස්වායමිධ උත්තාසුබ්බෙගවසෙන ගරහණෙ දට්ඨබ්බො. උත්තසිතුබ්බිග්ගො හි හොන්තො බොධිසත්තො එවමාහ. කණ්ඩමස්ස අත්ථීති කණ්ඩී, තං කණ්ඩිනං. තං පන කණ්ඩං අනුපවිසනට්ඨෙන “සල්ල”න්ති වුච්චති, තස්මා කණ්ඩිනං සල්ලන්ති එත්ථ සල්ලකණ්ඩිනන්ති අත්ථො. සල්ලං වා අස්සත්ථීතිපි සල්ලො, තං සල්ලං. මහන්තං වණමුඛං කත්වා බලවප්පහාරං දෙන්තො ගාළ්හං විජ්ඣතීති ගාළ්හවෙධී, තං ගාළ්හවෙධිනං. නානප්පකාරෙන කණ්ඩෙන, කුමුදපත්තසණ්ඨානථලෙන උජුකගමනෙනෙව සල්ලෙන ච සමන්නාගතං ගාළ්හවෙධිනං පුරිසං ධිරත්ථූති අයමෙත්ථ අත්ථො. පරිණායිකාති ඉස්සරා සංවිධායිකා. ධික්කිතාති ගරහිතා. සෙසමෙත්ථ උත්තානත්ථමෙව. ඉතො පරං පන එත්තකම්පි අවත්වා යං යං අනුත්තානං, තං තදෙව වණ්ණයිස්සාම. එවං එකාය ගාථාය තීණි ගරහවත්ථූනි දස්සෙත්වා බොධිසත්තො වනං උන්නාදෙත්වා බුද්ධලීලාය ධම්මං දෙසෙසි.
එහි “ධිරත්ථු” යනු නින්දා අර්ථයෙහි නිපාතයකි. එය මෙහි දී තැති ගැනීම්, බයවීම් වශයෙන් නින්දා කිරීමෙහියැ යි දත යුතුයි. මේ නිසා බිය, තැති ගැනීම දෙකින් යුත් බෝසත්හු මෙසේ කීහ. ඊතල ඇත්තේ කණ්ඩි නමි. එය “කණ්ඩිනං” වේ. “සල්ලං” යන මෙය හෙල්ලෙන් හා ඊයෙන් යුක්තය යන අර්ථය දෙයි. වෙනත් ක්‍රමයකින් හෙල්ල ඇත්තා “සල්ල” නමි. හෙල්ල වනාහි මහත් වණමුඛයක් කොට දැඩිව විදිනා හෙයින් ගාළ්හවේධි නමි. කුමුදු පත් මෙන් සෘජුව ගමන් කරන හෙල්ලෙන් යුක්ත වූ පුරුෂයාට නින්දා වේවා. මේ මෙහි අර්ථයි. “පරිනායිකා” අධිපතිනිය, සංවිධායිකාවය. “ධික්කිතා” යනු නින්දා කරන ලද්දීය. මෙම ගාථාවේ ඉතිරිය නො ගැඹුරු අරුත් ඇත්තේ මය. මින් මතු මෙපමණවත් අරුත් නො දක්වා යම් යම් ගැඹුරු දෙයක් වේ නම් එය ම වර්ණනා කරන්නෙමි. මෙසේ එක ම ගාථාවෙන් නින්දාවට හේතු තුනක් දක්වා බෝසත්හු වනය ගුගුරුවා බුද්ධ ලීලාවෙන් දම් දෙසූහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. සත්ථා ද්වෙ වත්ථූනි කථෙත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි. ඉතො පරං පන “ද්වෙ වත්ථූනි කථෙත්වා”ති ඉදං අවත්වා “අනුසන්ධිං ඝටෙත්වා”ති එත්තකමෙව වක්ඛාම, අවුත්තම්පි පන හෙට්ඨා වුත්තනයෙනෙව යොජෙත්වා ගහෙතබ්බං.
බුදුරදහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් ප්‍රකාශ කළහ. ඒ කෙළවර උකටළී භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුරදහු අතීත වත්මන් පුවත් කථා කියා අනුසන්ධි ගළපා නිමවා වදාළහ. ජාතකය මින්පසු “දෙපුවත් කියා” නො කියා “අනුසන්ධි ගළපා” යනු පමණක් කියමු. නො කියන ලද්දේ යටකී අනුසාරයෙන් ම යොදා ගත යුතුය.
තදා පබ්බතෙය්යමිගො උක්කණ්ඨිතභික්ඛු අහොසි, මිගපොතිකා පුරාණදුතියිකා, කාමෙසු දොසං දස්සෙත්වා ධම්මදෙසකදෙවතා පන අහමෙව අහොසින්ති.
එදා පර්වතවැසි මුවා උකටලී භික්ෂුව විය. එදා මුවැත්තිය පෙර බිරිය වූවාය. කාමාදීනව දක්වා දම් දෙසූ දේවතාවා වනාහි මම ම වීමි.
කණ්ඩිජාතකවණ්ණනා තතියා.