13. චක‍්කවාකජාතකවණ‍්ණනා 451 අට‍්ඨකථා
13. චක‍්කවාකජාතකවණ‍්ණනා (451)
13. චක්කවාක ජාතකය (451)
වණ‍්ණවා අභිරූපොසීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං ලොලභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො කිර චීවරාදීහි අතිත‍්තො “කහං සඞ‍්ඝභත‍්තං, කහං නිමන‍්තන”න‍්ති පරියෙසන‍්තො විචරති, ආමිසකථායමෙව අභිරමති. අථඤ‍්ඤෙ පෙසලා භික‍්ඛූ තස‍්සානුග‍්ගහෙන සත්‍ථු ආරොචෙසුං. සත්‍ථා තං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු ලොලො”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛු කස‍්මා එවරූපෙ නිය්‍යානිකසාසනෙ පබ‍්බජිත්‍වා ලොලො අහොසි, ලොලභාවො ච නාම පාපකො, පුබ‍්බෙපි ත්‍වං ලොලභාවං නිස‍්සාය බාරාණසියං හත්‍ථිකුණපාදීහි අතිත‍්තො මහාඅරඤ‍්ඤං පවිට‍්ඨො”ති වත්‍වා අතීතං ආහරි.
වණ්ණවා අභිරූපොසි යන මෙය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක් එක් ලොල් වූ භික්‍ෂුවක් අරබයා දේශනා කළ සේක. හෙතෙම සිවුරු ආදියෙන් තෘප්තිමත් නොවූයේ සංඝයා වෙත පිරිනමන බත් කොහිද ආරාධනා කොහිදැයි සොයන්නේ හැසිරෙයි. ආමිස කථාවෙහිම ඇලෙයි. ඉක්බිති අන් සිල්වත් භික්‍ෂූහු ඔහුට අනුග්‍රහ පිණිස බුදුරදුන්ට දැන්වූහ. ශාස්තෘන් වහන්සේ ඔහු කැඳවා භික්‍ෂුව ඔබ ලොල් වූයේ සත්‍යදැයි විමසා ඇත්තයි ස්වාමීනියි කී කල්හි භික්‍ෂුව කුමක් හෙයින් මෙබඳු නෛර්යාණික සසුනක පැවිදි වී ලොල් වූයේ වෙහිද? ලොල් බව නම් පවිටු වූවෙකි. පෙරද ඔබ ලොල් බව නිසා බරණැස ඇත් කුණු ආදියෙන් තෘප්තිමත් නොවූයේ මහවනයට පිවිසියේ යැයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ එකො ලොලකාකො බාරාණසියං හත්‍ථිකුණපාදීහි අතිත‍්තො “අරඤ‍්ඤං නු ඛො කීදිස”න‍්ති අරඤ‍්ඤං ගන‍්ත්‍වා තත්‍ථපි ඵලාඵලෙහි අසන‍්තුට‍්ඨො ගඞ‍්ගාය තීරං ගන‍්ත්‍වා විචරන‍්තො ජයම‍්පතිකෙ චක‍්කවාකෙ දිස‍්වා “ඉමෙ සකුණා අතිවිය සොභන‍්ති, ඉමෙ ඉමස‍්මිං ගඞ‍්ගාතීරෙ බහුං මච‍්ඡමංසං ඛාදන‍්ති මඤ‍්ඤෙ, ඉමෙ පටිපුච‍්ඡිත්‍වා මයාපි ඉමෙසං භොජනං ගොචරං ඛාදිත්‍වා වණ‍්ණවන‍්තෙන භවිතුං වට‍්ටතී”ති තෙසං අවිදූරෙ නිසීදිත්‍වා චක‍්කවාකං පුච‍්ඡන‍්තො ද‍්වෙ ගාථා අභාසි –
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි එක් ලොල් වූ කපුටෙක් බරණැස ඇත්කුණු ආදියෙන් තෘප්තිමත් නොවූයේ වනය කෙබඳුදැයි වනයට ගොස් එහිද ලොකු කුඩා ගෙඩිවලින් සතුටු නොවුයේ ගංගා තීරයට ගොස් හැසිරෙන්නේ අඹුසැමි වූ සක්වා ලිහිණියන් දෙදෙනෙකු දැක මේ කුරුල්ලෝ අතිශයින් හොබිත්. මොවුහු මේ ගංතෙර බොහෝ මස් කත් යයි සිතමි. මොවුන් විමසා මා විසින්ද මොවුන්ගේ ගොදුරු කා පැහැ ඇත්තෙකු වන්නට වටනේ යයි ඔවුන්ගේ නුදුරෙහි හිඳ සක්වාලිහිණියාගෙන් විමසන්නේ ගාථා දෙකක් කීය.
“වණ‍්ණවා අභිරූපොසි, ඝනො සඤ‍්ජාතරොහිතො; චක‍්කවාක සුරූපොසි, විප‍්පසන‍්නමුඛින්‍ද්‍රියො.
වණ්ණවා අභිරූපොසි ඝනො සඤ්ජාත රොහිතො, ඔක්කවාක සුරූපොසි විප්පඝන්න මුධින්‍ද්‍රියො
“පාඨීනං පාවුසං මච‍්ඡං, බලජං මුඤ‍්ජරොහිතං; ගඞ්ගාය තීරෙ නිසින්නො, එවං භුඤ‍්ජසි භොජන”න‍්ති.
පාඨිනං පාවුසං මච්ඡං වලජං මුඤ්ජරොහිතං, ගඞ්ගාය තීරෙ නිසින්නො එවං - භුඤ්ජසි භොජනන්ති
1. සක්වා ලිහිණියනි, මනා වූ පැහැය ඇත්තේහිය. රූප සම්පත්තියෙන් යුක්තය. ඝණ වූ සිරුරු ඇත්තෙහිය. හටගත් රන්වන් වූවෙහිය. මනා රූ ඇත්තෙහිය. පැහැපත් මුහුණ හා ඉඳුරන් ඇත්තෙහිය.
2. මෙසේ ගංතෙර සිටියේ පෙටි මස්, ලූල් මස්, වලා මාළුවන්ගේ මස්, මොදුව මස්, රේ මස් වලින් යුක්ත බොජුන් අනුභව කන්නෙහිද?
තත්‍ථ ඝනොති ඝනසරීරො. සඤ‍්ජාතරොහිතොති උත‍්තත‍්තසුවණ‍්ණං විය සුට‍්ඨුජාතරොහිතවණ‍්ණො. පාඨීනන‍්ති පාඨීනනාමකං පාසාණමච‍්ඡං. පාවුසන‍්ති මහාමුඛමච‍්ඡං, “පාහුස”න‍්තිපි පාඨො. බලජන‍්ති බලජමච‍්ඡං. මුඤ‍්ජරොහිතන‍්ති මුඤ‍්ජමච‍්ඡඤ‍්ච රොහිතමච‍්ඡඤ‍්ච. එවං භුඤ‍්ජසීති එවරූපං භොජනං මඤ‍්ඤෙ භුඤ‍්ජසීති පුච‍්ඡති.
එහි ඝනො යනු ඝන වූ සිරුර ඇති සඤ්ජාතරොහිතො යනු තවන ලද රන් මෙන් මනාව රතුපැහැ වූයේ. පාඨනං යනු පෙටියා යන නම් ඇති ගල්මාළුය. පාවුසං යනු මහත් වූ මුඛ ඇති මාලුවා. පාගුසං යයාද පාඨයි. වලජං යනු වලාමාළුවා. මුඤ්ජරොහිතං යනු මොදුව මාලුවාද රේ මාළුවාද වේ. එවං භුඤ්චසි යනු මෙවැනි වූ බොජුන් බුදිනෙහියි සිතමියි විචාළේය.
චක‍්කවාකො තස‍්ස වචනං පටික‍්ඛිපන‍්තො තතියං ගාථමාහ –
සක්වා ලිහිණියා ඔහුගේ වචනය ප්‍රතික්‍ෂෙප කරන්නේ තෙවන ගාථාව කීය.
“න වාහමෙතං භුඤ‍්ජාමි, ජඞ‍්ගලානොදකානි වා; අඤ‍්ඤත්‍ර සෙවාලපණකා, එතං මෙ සම‍්ම භොජන”න‍්ති.
3. මම මෙය නොබුදිමි. වනයෙහි හෝ ජලයෙහි හෝ වූ මස් නොබුදිමි. යහළුව, සෙවෙල් පරඬැල් යන මෙය මගේ ආහාරයයි.
තස‍්සත්‍ථො – අහං සම‍්ම, අඤ‍්ඤත්‍ර සෙවාලා ච පණකා ච සෙසානි ජඞ‍්ගලානි වා ඔදකානි වා මංසානි ආදාය එතං භොජනං න භුඤ‍්ජාමි, යං පනෙතං සෙවාලපණකං, එතං මෙ සම‍්ම, භොජනන‍්ති.
එහි අර්ථය, මම සෙවෙල්ද, පරඩැල්ද හැර සෙසු වනයෙහි වූ හෝ ජලයෙහි වූ මස් නොගෙන මේ බොජුන අනුභව කරමි. යහළුව, යම් මේ සෙවෙල් පරඬැල් වේද මෙය මගේ භෝජනයයි.
තතො කාකො ද‍්වෙ ගාථා අභාසි –
අනතුරුව කපුටා ගාථා දෙකක් කීවේය.
“න වාහමෙතං සද‍්දහාමි, චක‍්කවාකස‍්ස භොජනං; අහම‍්පි සම‍්ම භුඤ‍්ජාමි, ගාමෙ ලොණියතෙලියං.
4. සෙවෙල් පරඬැල් සක්වාලිහිණියාගේ භෝජනය යි යන මෙය මම නො අදහමි. යහළුව, මම ගමෙහි ලුණු හා තෙල් මිශ්‍ර ආහාර අනුභව කරමි.
“මනුස‍්සෙසු කතං භත‍්තං, සුචිං මංසූපසෙචනං; න ච මෙ තාදිසො වණ‍්ණො, චක‍්කවාක යථා තුව”න‍්ති.
5. සක්වා ලිහිණිය, මිනිසුන් විෂයෙහි කරන ලද පිරිසිදු මස් සහිත බත් අනුභව කරන නමුත් ඔබට මෙන් වර්ණවත් වූ පාටක් මට නැත.
තත්‍ථ යථා තුවන‍්ති යථා තුවං සොභග‍්ගප‍්පත‍්තො සරීරවණ‍්ණො, තාදිසො මය‍්හං වණ‍්ණො නත්‍ථි, එතෙන කාරණෙන අහං තව “සෙවාලපණකං මම භොජන”න‍්ති වදන‍්තස‍්ස වචනං න සද‍්දහාමීති.
එහි යථා තවං යනු යම් සේ ඔබගේ සෝභාවෙන් අගතැන් පැමිණි ශරීර වර්ණයක් වේද මට එවැනි වර්ණයක් නැත. මේ කරුණින් මම සෙවෙල් හා පරඬැල් මගේ ආහාරයයි ඔබ විසින් කියන්නා වූ වචනය නො අදහමි.
අථස‍්ස චක‍්කවාකො දුබ‍්බණ‍්ණකාරණං කථෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො සෙසගාථා අභාසි –
ඉක්බිති සක්වා ලිහිණියා ඔහුගේ දුර්වර්ණ බවට හේතුව කියා ධර්මය දේශනා කරන්නේ සෙසු ගාථාවන් කීවේය.
“සම‍්පස‍්සං අත‍්තනි වෙරං, හිංසයං මානුසිං පජං; උත්‍රස‍්තො ඝසසී භීතො, තෙන වණ‍්ණො තවෙදිසො.
6. තමා කෙරෙහි වූ වෛර සිතින් බලමින් මිනිසුන්ට හිංසා කරමින් තැති ගත්තේ බියට පත්වූයේ අනුභව කරහි. එහෙයින් ඔබගේ වර්ණය මෙබඳු වේ.
“සබ‍්බලොකවිරුද‍්ධොසි, ධඞ‍්ක පාපෙන කම‍්මුනා; ලද‍්ධො පිණ‍්ඩො න පීණෙති, තෙන වණ‍්ණො තවෙදිසො.
7. කපුට, පවිටු ක්‍රියා නිසා මුළු ලොවම (ඔබට) විරුද්ධ වෙහිය. ලබන ලද ආහාරය ඔබ නො පිනවයි. එහෙයින් ඔබගේ වර්ණය මෙබඳු වේ.
“අහම‍්පි සම‍්ම භුඤ‍්ජාමි, අහිංසං සබ‍්බපාණිනං; අප‍්පොස‍්සුක‍්කො නිරාසඞ‍්කී, අසොකො අකුතොභයො.
8. යහළුව, මමද සියළු ප්‍රාණීන්ට හිංසා නොකරන්නෙම් මද වෑයමෙන් යුතුව සැක රහිතව සෝක නැතිව බිය නැතිව අනුභව කරමි.
“සො කරස්සු ආනුභාවං, වීතිවත‍්තස‍්සු සීලියං; අහිංසාය චර ලොකෙ, පියො හොහිසි මංමිව.
9. ඒ ඔබ වෑයම් කරව. පැරණි පුරුද්ද දුසිල් බව ඉක්මවා පවතුව. ලොවෙහි අහිංසාවෙන් හැසිරෙන්නේ මා මෙන් ප්‍රිය වෙහි.
“යො න හන‍්ති න ඝාතෙති, න ජිනාති න ජාපයෙ; මෙත‍්තංසො සබ‍්බභූතෙසු, වෙරං තස‍්ස න කෙනචී”ති.
10. යමෙක් නො නසාද නොනස්වාද නොදිනයිද නොදිනවයිද හෙතෙම සියළු සතුන් වෙත මෙත් වඩයි. ඔහුට කිසිවෙකු විසින් හෝ වෛර නොකරයි.
තත්‍ථ සම‍්පස‍්සන‍්ති සම‍්ම කාක ත්‍වං පරෙසු උප‍්පන‍්නං අත‍්තනි වෙරචිත‍්තං සම‍්පස‍්සමානො මානුසිං පජං හිංසන‍්තො විහෙඨෙන‍්තො. උත්‍රස‍්තොති භීතො. ඝසසීති භුඤ‍්ජසි. තෙන තෙ එදිසො බීභච‍්ඡවණ‍්ණො ජාතො. ධඞ‍්කාති කාකං ආලපති. පිණ‍්ඩොති භොජනං. අහිංසං සබ‍්බපාණිනන‍්ති අහං පන සබ‍්බසත‍්තෙ අහිංසන‍්තො භුඤ‍්ජාමීති වදති. සො කරස‍්සු ආනුභාවන‍්ති සො ත්‍වම‍්පි වීරියං කරොහි, අත‍්තනො සීලියසඞ‍්ඛාතං දුස‍්සීලභාවං වීතිවත‍්තස‍්සු. අහිංසායාති අහිංසාය සමන‍්නාගතො හුත්‍වා ලොකෙ චර. පියො හොහිසි මංමිවාති එවං සන‍්තෙ මයා සදිසොව ලොකස‍්ස පියො හොහිසි. න ජිනාතීති ධනජානිං න කරොති. න ජාපයෙති අඤ‍්ඤෙපි න කාරෙති. මෙත‍්තංසොති මෙත‍්තකොට‍්ඨාසො මෙත‍්තචිත‍්තො. න කෙනචීති කෙනචි එකසත‍්තෙනපි සද‍්ධිං තස‍්ස වෙරං නාම නත්‍ථීති.
එහි සම්පස්සං යනු යහළු කාකය, ඔබ අනුන් කෙරෙහි උපන් තමාගේ වෛරී සිත සලකා බලනු ලබන්නේ මිනිස් ප්‍රජාවට හිංසා කරන්නේ වෙහෙස කරන්නේ, උත්‍රස්තො යනු බියට පත් වූයේ. සසසි අනුභව කරහි. ඒ නිසා තොපගේ මේ හා සමාන පිළිකුල් සහගත පැහැ ඇත්තේයි. ධංකා යනු කපුටා අමතයි. පිණ්ඩො යනු භෝජනයයි. අහිංසා සබ්බ පාණිනං යනු මම වනාහි සියළු සතුන්ට හංසා නොකරන්නේ අනුභව කරමි යයි කියයි. සො කරස්සු ආනුභාවං යනු ඒ තොපද වීර්ය කරව. තමාගේ පුරුද්ද සංඛ්‍යාත වූ දුසිල් බව ඉක්මවා පවතුව. අහිංසාය යනු හිංසා නොකිරීමෙන් යුක්ත වී ලොව හැසිරෙව. පියො හොහීසි මම්මිවා යනු මෙසේ ඇති කල්හි මා හා සමානව ලෝකයාට ප්‍රිය වෙහි. න ජිනාති යනු ධනහානිය නොකරයි. න ජාපයෙ යනු අනිකුන් ලවාද නොකරවයි. මෙත්තං සො යනු මෛත්‍රී කොටස. මෛත්‍රී සිත න කෙන චි යනු කිසියම් එක සත්ත්වයෙකු සමගද ඔහුගේ වෛරයක් නම් නැතැයි. එහෙයින් ඉදින් ලෝකයාට ප්‍රියවීමට කැමැත්තෙහිද සියළු වෛරයන්ගෙන් වෙන් වවයි යනුයි.
තස‍්මා සචෙ ලොකස‍්ස පියො භවිතුං ඉච‍්ඡසි, සබ‍්බවෙරෙහි විරමාහීති එවං චක‍්කවාකො කාකස‍්ස ධම‍්මං දෙසෙසි. කාකො “තුම‍්හෙ අත‍්තනො ගොචරං මය‍්හං න කථෙථ, කා කා”ති වස‍්සන‍්තො උප‍්පතිත්‍වා බාරාණසියං උක‍්කාරභූමියඤ‍්ඤෙව ඔතරි.
මෙසේ සක්වාලිහිණියා කපුටාට ධර්මය දේශනා කළේය. කපුටා තෙපි තමාගේ ගොදුර මට නොකියන්නෙහුයි කා කා යයි හඬන්නේ ඉගිලී බරණැස් නුවර අපවිත්‍ර බිමෙකම බැස්සේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ ලොලභික‍්ඛු අනාගාමිඵලෙ පතිට‍්ඨහි. තදා කාකො ලොලභික‍්ඛු අහොසි, චක‍්කවාකී රාහුලමාතා, චක‍්කවාකො පන අහමෙව අහොසින‍්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාව අවසානයෙහි ලොල් වූ භික්‍ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය. එකල්හි කපුටා ලොල් වූ භික්‍ෂුව විය. සක්වාලිහිණිය රාහුල මාතාවයි. සක්වාලිහිණියා මම ම වීමි යයි වදාළ සේක.
චක‍්කවාකජාතකවණ‍්ණනා තෙරසමා.