යෙදුමෙන් කියවන්න

12. බිලාරකොසියජාතකවණ‍්ණනා 450 අට‍්ඨකථා

12. බිලාරකොසියජාතකවණ‍්ණනා (450)

12. බිළාර කෝසිය ජාතකය (450)

අපචන‍්තාපීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං දානවිත‍්තං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො කිර භගවතො ධම‍්මදෙසනං සුත්‍වා සාසනෙ පබ‍්බජිත්‍වා පබ‍්බජිතකාලතො පට‍්ඨාය දානවිත‍්තො අහොසි දානජ‍්ඣාසයො, පත‍්තපරියාපන‍්නම‍්පි පිණ‍්ඩපාතං අඤ‍්ඤස‍්ස අදත්‍වා න භුඤ‍්ජි, අන‍්තමසො පානීයම‍්පි ලභිත්‍වා අඤ‍්ඤස‍්ස අදත්‍වා න පිවි, එවං දානාභිරතො අහොසි. අථස‍්ස ධම‍්මසභායං භික‍්ඛූ ගුණකථං කථෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ තං භික‍්ඛුං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු දානවිත‍්තො දානජ‍්ඣාසයො”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛවෙ අයං පුබ‍්බෙ අස‍්සද‍්ධො අහොසි අප‍්පසන‍්නො, තිණග‍්ගෙන තෙලබින්‍දුම‍්පි උද‍්ධරිත්‍වා කස‍්සචි න අදාසි, අථ නං අහං දමෙත්‍වා නිබ‍්බිසෙවනං කත්‍වා දානඵලං ඤාපෙසිං, තමෙව දානනින‍්නං චිත‍්තං භවන‍්තරෙපි න පජහතී”ති වත්‍වා භික‍්ඛූහි යාචිතො අතීතං ආහරි.

අපචන්තා පි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන්නේ එක් දන්දීමෙහි ඇළුණු සිත් ඇති භික්‍ෂුවක් අරබයා වදාළ සේක. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පැවිදි වූ කල පටන් දානයෙහි ඇළුණු සිත් ඇත්තේ වීය. දානය පිළිබඳ අදහස් ඇත්තේ වීය. පාත්‍රයට ලැබුන පිණ්ඩපාතය අනිකෙකුට නොදී නොවැළදීය. යටත් පිරිසෙයින් පැන් වුවද ලැබ අනිකෙකුට නොදී නොබීවේය. මෙසේ දානයෙහි ඇළුනේ වීය. ඉක්බිති දම්සභාවෙහි ඔහුගේ ගුණකථාව කළාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නාහු දැයි විමසා මෙනම් කථාවක් යැයි කී කල්හි ඒ භික්‍ෂුව කැඳවා ඔබ දානයෙහි ඇළුන සිත් ඇත්තේ දානයෙහි අදහස් ඇත්තේ සැබෑ දැයි විමසා ස්වාමීනි, ඇත්ත යයි කී කල්හි මහණෙනි, මෙතෙම පෙර ශ්‍රද්ධා නැත්තේ වීය. නොපැහැදුනේ වීය. තණ අගින් තෙල් බින්‍දුවක්ද උපුටා කිසිවෙකුට නො දුන්නේය. ඉක්බිති මම ඔහු දමනය කර ලෝභය නොසෙව්වුනෙකු කර දානයෙහි විපාක පැණවීමි. ඒ මොහු දානයට නැඹුරු වූ සිත අන්‍ය භවයන්හිද අත් නොහරන්නේ යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා පිතු අච‍්චයෙන සෙට‍්ඨිට‍්ඨානං පත්‍වා එකදිවසං ධනවිලොකනං කත්‍වා “ධනං පඤ‍්ඤායති, එතස‍්ස උප‍්පාදකා න පඤ‍්ඤායන‍්ති, ඉමං ධනං විස‍්සජ‍්ජෙත්‍වා මහාදානං දාතුං වට‍්ටතී”ති දානසාලං කාරෙත්‍වා යාවජීවං මහාදානං පවත‍්තෙත්‍වා ආයුපරියොසානෙ “ඉදං දානවත‍්තං මා උපච‍්ඡින්‍දී”ති පුත‍්තස‍්ස ඔවාදං දත්‍වා තාවතිංසභවනෙ සක‍්කො හුත්‍වා නිබ‍්බත‍්ති. පුත‍්තොපිස‍්ස තථෙව දානං දත්‍වා පුත‍්තං ඔවදිත්‍වා ආයුපරියොසානෙ චන්‍දො දෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, තස‍්ස පුත‍්තො සූරියො හුත්‍වා නිබ‍්බත‍්ති, තස‍්සපි පුත‍්තො මාතලිසඞ‍්ගාහකො හුත්‍වා නිබ‍්බත‍්ති, තස‍්ස පුත‍්තො පඤ‍්චසිඛො ගන්‍ධබ‍්බදෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. ඡට‍්ඨො පන අස‍්සද‍්ධො අහොසි ථද‍්ධචිත‍්තො නිස‍්නෙහො මච‍්ඡරී, දානසාලං විද‍්ධංසෙත්‍වා ඣාපෙත්‍වා යාචකෙ පොථෙත්‍වා නීහරාපෙසි, කස‍්සචි තිණග‍්ගෙන උද‍්ධරිත්‍වා තෙලබින්‍දුම‍්පි න දෙති. තදා සක‍්කො දෙවරාජා අත‍්තනො පුබ‍්බකම‍්මං ඔලොකෙත්‍වා “පවත‍්තති නු ඛො මෙ දානවංසො, උදාහු නො”ති උපධාරෙන‍්තො “පුත‍්තො මෙ දානං පවත‍්තෙත්‍වා චන්‍දො හුත්‍වා නිබ‍්බත‍්ති, තස‍්ස පුත‍්තො සූරියො, තස‍්ස පුත‍්තො මාතලි, තස‍්ස පුත‍්තො පඤ‍්චසිඛො ගන්‍ධබ‍්බදෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, ඡට‍්ඨො පන තං වංසං උපච‍්ඡින්‍දී”ති පස‍්සි.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්‍වයන් වහන්සේ සිටු කුලයෙහි ඉපිද සුදුසු වයසට පත් වූයේ, පවුලක් පිහිටුවා. පියා ඇවෑමෙන් සිටු තනතුරට පත්වී එක් දිනක් තමා සතු ධනය බලා ධනය පෙනේ. මේ ධනය උපදවන්නෝ නොපෙනෙති. මේ ධනය වියදම් කර මා විසින් දන් දෙන්නට වටනේ යයි දන් ශාලාවක් කරවා දිවිහිමියෙන් මහදන් පවත්වා ආයුෂ කෙළවර මේ දන්වැට නොසිඳුව යයි පුතාට අවවාද දී තව්තිසා භවනයෙහි ශක්‍රයා වී උපන්නේය. ඔහුගේ පුත්‍රයාද එසේම දන් දී සිය පුතුට අවවාද කර ආයු කෙළවර චන්‍ද්‍ර දේවපුත්‍රයා වී උපන්නේය. ඔහුගේ පුතා සූරිය දෙව්පුත්ද වී ඔහුගේද පුතා මාතලී රථාචාර්යයා වී ඔහුගේ පුතා පඤ්චසිඛ ගාන්‍ධර්ව පුත්‍රයා වී උපන්නේය. සවැන්නා ශ්‍රද්ධා නැත්තේ වීය. තද සිත් ඇත්තේ වීය. සෙනෙහෙ නැත්තේය. මසුරුය. දන් ශාලාව වනසා දා යාචකයන් තලා බැහැර කරවීය. කිසිවෙකුට තණ අගින් තෙල් බින්දුවකුදු නොදෙයි. එකල්හි ශක්‍ර දේවරාජයා තමාගේ පෙර කරන ලද කර්මයන් බලා මගේ දන්වැට පවත්නේද නැතහොත් නැත්දැයි සලකා බලන්නේ මගේ පුතා දන්වැට පවත්වා චන්‍ද්‍රයා වී උපන්නේය. ඔහුගේ පුතා සූරියද ඔහුගේ පුතා මාතලීද ඔහුගේ පුතා පඤ්චසිඛද වී උපන්නේය. සවැන්නා ඒ පරපුර නැසී යයි දුටුවේය. ඉක්බිති ඔහුට මෙවැනි අදහසක් වීය.

අථස‍්ස එතදහොසි “ඉමං පාපධම‍්මං දමෙත්‍වා දානඵලං ජානාපෙත්‍වා ආගමිස‍්සාමී”ති. සො චන්‍දසූරියමාතලිපඤ‍්චසිඛෙ පක‍්කොසාපෙත්‍වා “සම‍්මා, අම‍්හාකං වංසෙ ඡට‍්ඨො කුලවංසං සමුච‍්ඡින්‍දිත්‍වා දානසාලං ඣාපෙත්‍වා යාචකෙ නීහරාපෙසි, න කස‍්සචි කිඤ‍්චි දෙති, එථ නං දමෙස‍්සාමා”ති තෙහි සද‍්ධිං බාරාණසිං අගමාසි. තස‍්මිං ඛණෙ සෙට‍්ඨි රාජුපට‍්ඨානං කත්‍වා ආගන‍්ත්‍වා සත‍්තමෙ ද‍්වාරකොට‍්ඨකෙ අන‍්තරවීථිං ඔලොකෙන‍්තො චඞ‍්කමති. සක‍්කො “තුම‍්හෙ මම පවිට‍්ඨකාලෙ පච‍්ඡතො පටිපාටියා ආගච‍්ඡථා”ති වත්‍වා ගන‍්ත්‍වා සෙට‍්ඨිස‍්ස සන‍්තිකෙ ඨත්‍වා “භො මහාසෙට‍්ඨි, භොජනං මෙ දෙහී”ති ආහ. “බ්‍රාහ‍්මණ නත්‍ථි තව ඉධ භත‍්තං, අඤ‍්ඤත්‍ථ ගච‍්ඡා”ති. “භො මහාසෙට‍්ඨි, බ්‍රාහ‍්මණෙහි භත‍්තෙ යාචිතෙ න දාතුං න ලබ‍්භතී”ති. “බ්‍රාහ‍්මණ, මම ගෙහෙ පක‍්කම‍්පි පචිතබ‍්බම‍්පි භත‍්තං නත්‍ථි, අඤ‍්ඤත්‍ථ ගච‍්ඡා”ති. “මහාසෙට‍්ඨි, එකං තෙ සිලොකං කථෙස‍්සාමි, තං සුණාහී”ති. “නත්‍ථි මය‍්හං තව සිලොකෙනත්‍ථො, මා ඉධ තිට‍්ඨා”ති. සක‍්කො තස‍්ස කථං අසුණන‍්තො විය ද‍්වෙ ගාථා අභාසි –

මේ පවිටා දමනය කර දානයෙහි විපාක දන්වා එන්නෙමියි. ඔහු චන්‍ද සූරිය මාතලී පඤ්චසිඛ යන මොවුන් කැඳවා යහළුවනි, අපගේ පරපුරෙහි සයවැන්නා කුල පරපුර සිඳ දන්සැල දමා යදින්නන් බැහැර කරවීය. කිසිවෙකුට කිසිවක් නොදෙයි. එව්. ඔහු දමනය කරන්නෙමුයි ඔවුන් සමග බරණැසට ගියේය. එකෙණෙහි සිටුවරයා රජුට උවටැන් කර අවුත් සත්වන දොරටුවෙහි ඇතුල් වීථිය බලන්නේ සක්මන් කරයි. ශක්‍රයා තෙපි මා පිවිසි කල්හි පිළිවෙලින් එව් යයි කියා ගොස් සිටුවරයාගේ සමීපයෙහි සිට එම්බා මහසිටාණනි, මට ආහාර දෙවයි කීය. බ්‍රාහ්මණය, මෙහි තොපට බත් නැත. අන්තැනක යවයි කීය. එම්බා මහසිටාණනි, බමුණන් විසින් බත් ඉල්ලූ කල්හි නොදෙන්නට නොලබයි යි කීවේය. බ්‍රාහ්මණය මගේ ගෙහි පැසුණු හෝ පිසිය යුතු බත් නැත. ඉවත්වවයි කීය. මහසිටාණනි, තොපට එක් සිලෝවක් කියන්නෙමි. අසවයි. මට තොපගේ සිලෝවෙන් වැඩක් නැත. යව. මෙහි නොසිටුවයි. ශක්‍රයා ඔහුගේ කථාව නො අසන්නේ මෙන් ගාථා දෙකක් කීවේය.

“අපචන‍්තාපි දිච‍්ඡන‍්ති, සන‍්තො ලද‍්ධාන භොජනං; කිමෙව ත්‍වං පචමානො, යං න දජ‍්ජා න තං සමං.

අපවන්තාපි දිච්ඡන්ති - සන්තො ලද්ධාන භොජනං, කිමෙව ත්‍වං පචමානො - යං න දජ්ජා න තං සමං

“මච‍්ඡෙරා ච පමාදා ච, එවං දානං න දීයති; පුඤ‍්ඤං ආකඞ‍්ඛමානෙන, දෙය්‍යං හොති විජානතා”ති.

මච්ඡෙරාච පමාදාච - එවං දානං නදීය්‍යති, පුඤ්ඤං ආකඞ්ඛමානෙන - දෙය්‍යං හොති විජානතා ති

1. නොපිසින්නා වූද සත්පුරුෂයෝ භෝජනය ලැබ දෙන්නට කැමති වේ. කිම තෝ පිසනු ලබන්නේම නොදේ යන යමක් වේද එය නුසුදුසුය.

2. මසුරුකම නිසාද ප්‍රමාදය නිසාද මෙසේ දන් නොදෙනු ලැබේ. දැනුවත් වූ පිං කැමැත්තන් විසින් දිය යුතු වේ.

තාසං අත්‍ථො – මහාසෙට‍්ඨි අපචන‍්තාපි සන‍්තො සප‍්පුරිසා භික‍්ඛාචරියාය ලද‍්ධම‍්පි භොජනං දාතුං ඉච‍්ඡන‍්ති, න එකකා පරිභුඤ‍්ජන‍්ති. කිමෙව ත්‍වං පචමානො යං න දදෙය්‍යාසි, න තං සමං, තං තව අනුරූපං අනුච‍්ඡවිකං න හොති. දානඤ‍්හි මච‍්ඡෙරෙන ච පමාදෙන චාති ද‍්වීහි දොසෙහි න දීයති, පුඤ‍්ඤං ආකඞ‍්ඛමානෙන විජානතා පණ‍්ඩිතමනුස‍්සෙන දාතබ‍්බමෙව හොතීති.

ඒ ගාථාවන්ගේ අර්ථය. මහසිටුතුමනි, පිසනු නොලබන්නා වූද සත්පුරුෂයෝ පිඬු පිණිස හැසිරීමෙන් ලද ආහාරයද දෙන්නට කැමති වෙති. තනිවම අනුභව නොකරති. කිමෙව ත්‍වං කිම තෝ පිසනු ලබන්නේ යමක් නොදෙන්නෙහිද නතං සමං යනු එය ඔබට අනුරූප වූයේ සුදුසු වූයේ නොවෙයි. දානය වූ කලී මසුරු බැවින්ද ප්‍රමාදයෙන්ද යන දෝෂයන් දෙක නිසා නොදෙනු ලැබේ. පිං කැමැත්තා වූ දැනුවත් පණ්ඩිත මනුෂ්‍යයන් විසින් දියයුතු වන්නේමය.

සො තස‍්ස වචනං සුත්‍වා “තෙන හි ගෙහං පවිසිත්‍වා නිසීද, ථොකං ලච‍්ඡසී”ති ආහ. සක‍්කො පවිසිත්‍වා තෙ සිලොකෙ සජ‍්ඣායන‍්තො නිසීදි. අථ නං චන්‍දො ආගන‍්ත්‍වා භත‍්තං යාචි. “නත්‍ථි තෙ භත‍්තං, ගච‍්ඡා”ති ච වුත‍්තො “මහාසෙට‍්ඨි අන‍්තො එකො බ්‍රාහ‍්මණො නිසින‍්නො, බ්‍රාහ‍්මණවාචනකං මඤ‍්ඤෙ භවිස‍්සති, අහම‍්පි භවිස‍්සාමී”ති වත්‍වා “නත්‍ථි බ්‍රාහ‍්මණවාචනකං, නික‍්ඛමා”ති වුච‍්චමානොපි “මහාසෙට‍්ඨි ඉඞ‍්ඝ තාව සිලොකං සුණාහී”ති ද‍්වෙ ගාථා අභාසි –

හෙතෙම ඔහුගේ වචනය අසා එසේනම් ගෙට පිවිස හිඳුව. ටිකක් ලබන්නෙහි යයි කීවේය. ශක්‍රයා පිවිස ඒ ශ්ලෝකයන් කියමින් හුන්නේය. ඉක්බිති චන්‍ද්‍රයා අවුත් බත් ඉල්වීය. තොපට බත් නැත. යවයි කියන ලද මහසිටුවරයා ඇතුළත එක් බ්‍රාහ්මණයෙක් හුන්නේය. බ්‍රාහ්මණයන් ලවා වේද කියවීමක් මෙන් වන්නේය. මමද පිවිසෙන්නෙමියි කියා බමුණන් ලවා වේද කියවීමක් නැත. නික්මෙවයි කියනු ලබන්නේද මහසිටුතුමනි, එසේ නම් පළමු කොට සිලෝවක් අසවයි ගාථා දෙකක් කීවේය.

“යස‍්සෙව භීතො න දදාති මච‍්ඡරී, තදෙවාදදතො භයං; ජිඝච‍්ඡා ච පිපාසා ච, යස‍්ස භායති මච‍්ඡරී; තමෙව බාලං ඵුසති, අස‍්මිං ලොකෙ පරම‍්හි ච.

3. දන්දීම නිසා බඩගින්නෙන්ද පිපාසයෙන්ද පීඩා විඳින්නට සිදුවේය යන බිය නිසා මසුරා නොදේද නොදෙන්නා වූ ඔහුට එය බිය වන්නේ ය. සාපිපාසා දෙකට මසුරා බියවේද එයම ඔහු දෙලොවදී පෙළයි.

“තස‍්මා විනෙය්‍ය මච‍්ඡෙරං, දජ‍්ජා දානං මලාභිභූ; පුඤ‍්ඤානි පරලොකස‍්මිං, පතිට‍්ඨා හොන‍්ති පාණින”න‍්ති.

4. එහෙයින් කෙලෙස්මල මඩින්නා මසුරු බව දුරුකර දන් දෙන්නේය. කරන ලද පින් ප්‍රාණීන්ට පරලොවදී පිහිට පිණිස පවතින්නේය.

තත්‍ථ යස‍්ස භායතීති “අහං අඤ‍්ඤෙසං දත්‍වා සයං ජිඝච‍්ඡිතො ච පිපාසිතො ච භවිස‍්සාමී”ති යස‍්සා ජිඝච‍්ඡාය පිපාසාය භායති. තමෙවාති තඤ‍්ඤෙව ජිඝච‍්ඡාපිපාසාසඞ‍්ඛාතං භයං එතං බාලං නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ ඉධලොකෙ පරලොකෙ ච ඵුසති පීළෙති, අච‍්චන‍්තදාලිද‍්දියං පාපුණාති. මලාභිභූති මච‍්ඡරියමලං අභිභවන‍්තො.

එහි යස්ස භායති යනු මම අනුන්ට තමා බඩගින්නේ වූයේ හෝ පිපාසයට පත් වූයේ හෝ වන්නෙමියි යම් සා පිපාසාවකට බිය වේද තමෙව යනු ඒ බඩගින්න හා පිපාසය නම් වූ බිය බාලං මේ බාලයා මෙලොවද පරලොවදැයි උපන් උපන් ස්ථානයෙහි. ඵුසති පීඩාවට පත් වෙයි. අතිශයින් දුළිඳු බවට පත්වෙයි. මලාභිභූ යනු මසුරුමල මැඩලන්නේ.

තස‍්සපි වචනං සුත්‍වා “තෙන හි පවිස, ථොකං ලභිස‍්සසී”ති ආහ. සොපි පවිසිත්‍වා සක‍්කස‍්ස සන‍්තිකෙ නිසීදි. තතො ථොකං වීතිනාමෙත්‍වා සූරියො ආගන‍්ත්‍වා භත‍්තං යාචන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

ඔහුගේද වචනය අසා එසේනම් පිවිසෙව. ටිකක් ලබන්නෙහියයි කීය. ඔහු පිවිස ශක්‍රයාගේ සමීපයෙහි හුන්නේය. අනතුරුව මදක් ගෙවා සූරිය දෙව්පුත් අවුත් බත් ඉල්ලා ගාථා දෙකක් කීවේය.

“දුද‍්දදං දදමානානං, දුක‍්කරං කම‍්ම කුබ‍්බතං; අසන‍්තො නානුකුබ‍්බන‍්ති, සතං ධම‍්මො දුරන‍්නයො.

5. දීම දුෂ්කරය. දෙන්නවුන් විසින් දුෂ්කර ක්‍රියාවක් කරන ලදි. අසත්පුරුෂයෝ සත්පුරුෂයන්ගේ ක්‍රියා නොකරති. සත්පුරුෂයන්ගේ ධර්මය සෙස්සන්ට පහසු නොවේ.

“තස‍්මා සතඤ‍්ච අසතං, නානා හොති ඉතො ගති; අසන‍්තො නිරයං යන‍්ති, සන‍්තො සග‍්ගපරායණා”ති.

6. එහෙයින් සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද මින්මතු උපත වෙනස් වේ. අසත්පුරුෂයෝ නිරයට යෙති. සත්පුරුෂයෝ ස්වර්ගය පිහිටකොට ඇත්තෝ වෙති.

තත්‍ථ දුද‍්දදන‍්ති දානං නාම දුද‍්දදං මච‍්ඡෙරං අභිභවිත්‍වා දාතබ‍්බතො, තං දදමානානං. දුක‍්කරන‍්ති තදෙව දානකම‍්මං දුක‍්කරං යුද‍්ධසදිසං, තං කුබ‍්බතං. නානුකුබ‍්බන‍්තීති අසප‍්පුරිසා දානඵලං අජානන‍්තා තෙසං ගතමග‍්ගං නානුගච‍්ඡන‍්ති. සතං ධම‍්මොති සප‍්පුරිසානං බොධිසත‍්තානං ධම‍්මො අඤ‍්ඤෙහි දුරනුගමො. අසන‍්තොති මච‍්ඡරියවසෙන දානං අදත්‍වා අසප‍්පුරිසා නිරයං යන‍්ති.

එහි දුද්දදන්ති යනු මසුරු බව මැඩලා දියයුතු නිසා දානය දුකසේ දිය යුතුය. දදමානානං දුක්කරං යනු ඒ දාන කර්මය දුෂ්කරය. එය කිරීම යුද්ධයක් හා සමානය. නානුකුබ්බතං යනු අසත්පුරුෂයෝ දානයෙහි විපාක නොදන්නාහු ඔවුන් විසින් ගියමඟ අනුව නොයත්. සතං ධම්මො යනු සත්පුරුෂ වූ බෝධිසත්ත්‍වයන්ගේ ධර්මය අන්‍යයන් විසින් අනුගමනය කිරීම අපහසුය. අසන්තො යනු අසත්පුරුෂයෝ මසුරු බව නිසා දන් නොදී නිරයට යති.

සෙට‍්ඨි ගහෙතබ‍්බගහණං අපස‍්සන‍්තො “තෙන හි පවිසිත්‍වා බ්‍රාහ‍්මණානං සන‍්තිකෙ නිසීද, ථොකං ලච‍්ඡසී”ති ආහ. තතො ථොකං වීතිනාමෙත්‍වා මාතලි ආගන‍්ත්‍වා භත‍්තං යාචිත්‍වා “නත්‍ථී”ති වචනමත‍්තකාලමෙව සත‍්තමං ගාථමාහ –

සිටුතුමා ගතයුතු ගැන්මක් නොදක්නේ එසේ නම් පිවිසී බ්‍රාහ්මණයන්ගේ සමීපයෙහි හිඳුව. ටිකක් ලබන්නෙහි යයි කීවේය. අනතුරුව මද වේලාවක් ගෙවා මාතලීය අවුත් බත් ඉල්වා නැතැයි යන වචනයත් සමඟම සත්වන ගාථාව කීවේය.

“අප‍්පස‍්මෙකෙ පවෙච‍්ඡන‍්ති, බහුනෙකෙ න දිච‍්ඡරෙ; අප‍්පස‍්මා දක‍්ඛිණා දින‍්නා, සහස‍්සෙන සමං මිතා”ති.

7. ඇතමෙක් ස්වල්පයක් ඇති කල්හිද දන්දෙති. ඇතමෙක් බොහෝ ධනය ඇත්තේද දන් නොදෙත්. මද වස්තුවෙන් දෙන ලද දක්‍ෂිණාව දහසකින් දුන් දානය හා සමානය.

තත්‍ථ අප‍්පස‍්මෙකෙ පවෙච‍්ඡන‍්තීති මහාසෙට‍්ඨි එකච‍්චෙ පණ‍්ඩිතපුරිසා අප‍්පස‍්මිම‍්පි දෙය්‍යධම‍්මෙ පවෙච‍්ඡන‍්ති, දදන‍්තියෙවාති අත්‍ථො. බහුනාපි දෙය්‍යධම‍්මෙන සමන‍්නාගතා එකෙ සත‍්තා න දිච‍්ඡරෙ න දදන‍්ති. දක‍්ඛිණාති කම‍්මඤ‍්ච ඵලඤ‍්ච සද‍්දහිත්‍වා දින‍්නදානං. සහස‍්සෙන සමං මිතාති එවං දින‍්නා කටච‍්ඡුභත‍්තමත‍්තාපි දක‍්ඛිණා සහස‍්සදානෙන සද‍්ධිං මිතා, මහාඵලත‍්තා සහස‍්සදානසදිසාව හොතීති අත්‍ථො.

එහි අප්පස්මෙකෙ පච්චෙඡන්ති යනු මහසිටුතුමනි, ඇතැම් පණ්ඩිත පුරුෂයෝ ස්වල්ප වූද දියයුතු දේ ඇති කල්හි පච්චෙඡන්ති දෙත්මය යන අර්ථයි. බොහෝ වූද දියයුතු සම්පත් ඇති ඇතැම් පහත් පුරුෂයෝ නදිච්ඡරෙ යනු නොදෙත්. දක්ඛිණා යනු කර්මයද විපාකයද අදහා දෙන ලද දානය. සහස්සෙන සමංමිතා යනු මේ දෙන ලද බත් හැන්දක් පමණ වූද දක්‍ෂිණාව දහසින් දෙන ලද දානය සමග මිතා. මහත් වූ ආනිසංස ඇති හෙයින් දහසින් දෙන ලද දානය සමානම වේ යන අර්ථයි.

තම‍්පි සො “තෙන හි පවිසිත්‍වා නිසීදා”ති ආහ. තතො ථොකං වීතිනාමෙත්‍වා පඤ‍්චසිඛො ආගන‍්ත්‍වා භත‍්තං යාචිත්‍වා “නත්‍ථි ගච‍්ඡා”ති වුත‍්තෙ “අහං න ගතපුබ‍්බො, ඉමස‍්මිං ගෙහෙ බ්‍රාහ‍්මණවාචනකං භවිස‍්සති මඤ‍්ඤෙ”ති තස‍්ස ධම‍්මකථං ආරභන‍්තො අට‍්ඨමං ගාථමාහ –

හෙතෙම එසේනම් තෝද පිවිස හිඳුවයි කීය. අනතුරුව මද වේලාවක් ගෙවා පඤ්චසිකයා අවුත් බත් ඉල්ලා නැත යවයි කී කල්හි මම නොයන්නෙමි. මේ ගෙහි බමුණන් ලවා වේද කියවීමක් වන්නේය යි හඟිමියි. ඔහුගේ දැහැමි කථාව ආරම්භ කරන්නේ අටවන ගාථාව කීය.

“ධම‍්මං චරෙ යොපි සමුඤ‍්ඡකං චරෙ, දාරඤ‍්ච පොසං දදමප‍්පකස‍්මිං; සතං සහස‍්සානං සහස‍්සයාගිනං, කලම‍්පි නාග‍්ඝන‍්ති තථාවිධස‍්ස තෙ”ති.

8. යමෙක් ධර්මයෙහි හැසිරේද, ගමෙහි ආහාර පිණිස හැසිරේද, අඹුදරුවන් පෝෂණය කෙරේද, ස්වල්පයක් ඇති කල්හිද දන් දෙන්නේද සියක් දහසින් කරන දහසක් යාගයන්ට වඩා ඒ දිළින්දෙකුගේ පරිත්‍යාගයෙන් සොලසින් කලාවක් තරම් හෝ නොඅගනාහ.

තත්‍ථ ධම‍්මන‍්ති තිවිධසුචරිතධම‍්මං. සමුඤ‍්ඡකන‍්ති ගාමෙ වා ආමකපක‍්කභික‍්ඛාචරියං අරඤ‍්ඤෙ වා ඵලාඵලහරණසඞ‍්ඛාතං උඤ‍්ඡං යො චරෙය්‍ය, සොපි ධම‍්මමෙව චරෙ. දාරඤ‍්ච පොසන‍්ති අත‍්තනො ච පුත‍්තදාරං පොසෙන‍්තොයෙව. දදමප‍්පකස‍්මින‍්ති පරිත‍්තෙ වා දෙය්‍යධම‍්මෙ ධම‍්මිකසමණබ්‍රාහ‍්මණානං දදමානො ධම‍්මං චරෙති අත්‍ථො. සතං සහස‍්සානං සහස‍්සයාගිනන‍්ති පරං පොථෙත්‍වා විහෙඨෙත්‍වා සහස‍්සෙන යාගං යජන‍්තානං සහස‍්සයාගීනං ඉස‍්සරානං සතසහස‍්සම‍්පි. කලම‍්පි නාග‍්ඝන‍්ති තථාවිධස‍්ස තෙති තෙසං සතසහස‍්සසඞ‍්ඛාතානං සහස‍්සයාගීනං යාගා තථාවිධස‍්ස ධම‍්මෙන සමෙන දෙය්‍යධම‍්මං උප‍්පාදෙත්‍වා දෙන‍්තස‍්ස දුග‍්ගතමනුස‍්සස‍්ස සොළසිං කලං න අග‍්ඝන‍්තීති.

එහි ධම්මං යනු ත්‍රිවිධ සුචරිත ධර්මයයි. සමුඤ්ජකං යනු ගමෙහි හෝ පැසුන ආහාර පිණිස හැසිරීම හෝ වනයෙහි ලොකු කුඩා ගෙඩි ගෙන ඊම් සංඛ්‍යාත ආහාර පිණිස හැසිරීම හෝ වේද එයද ධර්මයෙහිම හැසිරීම වේ. දාරංච පොසං යනු තමාගේ අඹුදරුවන් පෝෂණය කරන්නේම. දදං අප්පකස්මිං යනු ස්වල්ප වූ හෝ දීමට සුදුසු සම්පත් ඇති කල්හි ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙන්නේම ධර්මයෙහි හැසිරෙන්නේ යන අර්ථයි. සතං සහස්සානං සහස්සයාගිනන්ති යනු අනුන් පෙළා දැඩිව පෙළා දහසක් වියදම් කර යාග කරන්නවුන්ගේ දහස් ගණන් වියදම් කර යාගකරන ඉසුරුමතුන්ගේ ලක්‍ෂයක් වුද යාගයන්ට වඩා කලන්ති නාග්ඝම්පි තථා විධස්ස යනු ඒ දහසක් වියදම් කර යාග කරන්නවුන්ගේ ලක්‍ෂ සංඛ්‍යාත යාගයෝ වෙත්ද, ඊට වඩා ධර්මයෙන්ද සංයමයෙන්ද දිය යුතු දේ උපදවා දන් දෙන්නා වූ දුප්පත් මනුෂ්‍යයාගේ දානයෙන් සොළොසින් කලාවක්ද නොඅගිත් යයි.

සෙට‍්ඨි පඤ‍්චසිඛස‍්ස කථං සුත්‍වා සල‍්ලක‍්ඛෙසි. අථ නං අනග‍්ඝකාරණං පුච‍්ඡන‍්තො නවමං ගාථමාහ –

සිටුවරයා පඤ්චසිඛගේ කථාව අසා මෙසේ සැලකීය. ඉක්බිති ඔහු අනගි වූ කරුණ විමසන්නේ නවවන ගාථාව කීය.

“කෙනෙස යඤ‍්ඤො විපුලො මහග‍්ඝතො, සමෙන දින‍්නස‍්ස න අග‍්ඝමෙති; කථං සතං සහස‍්සානං සහස‍්සයාගිනං, කලම‍්පි නාග‍්ඝන‍්ති තථාවිධස‍්ස තෙ”ති.

9. කවර කරුණක් නිසා මේ මහත් වූ බොහෝ වටිනා වූ යාගය (දානය) සංයමයෙන් (දැහැමිව) දෙන ලද දානයේ වටිනාකම හා සමාන නොවේද. දහසක් වියදම් කර දෙන දහසක් යාගයන් එලෙස දුප්පතාගේ දානයෙන් කොටසක් තරම් හෝ නොවටින්නේ කෙසේද?

තත්‍ථ යඤ‍්ඤොති දානයාගො සතසහස‍්සපරිච‍්චාගවසෙන විපුලො, විපුලත‍්තාව මහග‍්ඝතො. සමෙන දින‍්නස‍්සාති ධම‍්මෙන දින‍්නස‍්ස කෙන කාරණෙන අග‍්ඝං න උපෙති. කථං සතං සහස‍්සානන‍්ති බ්‍රාහ‍්මණ, කථං සහස‍්සයාගීනං පුරිසානං බහූනං සහස‍්සානං සතසහස‍්සසඞ‍්ඛාතා ඉස‍්සරා තථාවිධස‍්ස ධම‍්මෙන උප‍්පාදෙත්‍වා දායකස‍්ස එකස‍්ස දුග‍්ගතමනුස‍්සස‍්ස කලං නාග‍්ඝන‍්තීති.

එහි යඤ්ඤො යනු දානය නැමති යාගයයි. ලක්‍ෂයක් දෙනා දහසක් ධන පරිත්‍යාග වශයෙන් දෙන හෙයින් විපුලය. විපුල බැවින්ම මහත් වූ වටිනාකම් ඇත්තේය. සමෙන දින්නස්ස යනු ධර්මයෙන් දෙන ලද දෙයට වඩා කවර කරුණින් වටනා බවට නොඑළඹේද? කථං සහස්සානං යනු බ්‍රාහ්මණය, කෙසේ නම් සහස්ස යාගිනං, බොහෝ පුරුෂයන්ගේ, දහස් ගණන් පුරුෂයන්ගේ ලක්‍ෂ සංඛ්‍යාත සම්පත්. තථා වියයන්ගේ ලක්‍ෂස් ගණන් පුරුෂයන්ගේධස්ස දැහැමිව උපයා දෙන්නහුගේ, එක් දුප්පත් මිනිසෙකුගේ දානයෙන් කලාවක් තරම් හෝ නොවටිත් යි.

අථස‍්ස කථෙන‍්තො පඤ‍්චසිඛො ඔසානගාථමාහ –

ඉක්බිති ඔහුට කියන්නා වූ පඤ්චසිඛයා අවසාන ගාථාව කීවේය.

“දදන‍්ති හෙකෙ විසමෙ නිවිට‍්ඨා, ඡෙත්‍වා වධිත්‍වා අථ සොචයිත්‍වා; සා දක‍්ඛිණා අස‍්සුමුඛා සදණ‍්ඩා, සමෙන දින‍්නස‍්ස න අග‍්ඝමෙති; එවං සතං සහස‍්සානං සහස‍්සයාගිනං, කලම‍්පි නාග‍්ඝන‍්ති තථාවිධස‍්ස තෙ”ති.

10. ඇතැම්හු විෂම චර්යාවෙහි නිරත වූවාහු දවා මරා අනතුරුව අනුන් ශෝකයට පත්කොට දන්දෙති. කඳුළු පිරුණු මුහුණු ඇති දඬුවම් සහිත වූ ඒ දානය සංයමයෙන් දුන් දානයාගේ වටිනාකමට සමාන නොවේ. මෙසේ දහසක් වියදම් කර දහසක් දෙනාගේ දානය එවැනි දිළින්දාගේ දානයෙන් සොළොසින් කොටසක් තරම් හෝ නො වටනේය.

තත්‍ථ විසමෙති විසමෙ කායකම‍්මාදිම‍්හි නිවිට‍්ඨා. ඡෙත්‍වාති කිලමෙත්‍වා. වධිත්‍වාති මාරෙත්‍වා. සොචයිත්‍වාති සසොකෙ කත්‍වා.

එහි විසමෙ යනු අයහපත් කාය කර්මාදියෙහි බැසගත්තාහු. ඣත්‍වා යනු වෙහෙස කරවා. වධිත්‍වා යනු මරා. සොචයිත්‍වා යනු ශෝක සහිත වූවන් කර.

සො පඤ‍්චසිඛස‍්ස ධම‍්මකථං සුත්‍වා “තෙන හි ගච‍්ඡ, ගෙහං පවිසිත්‍වා නිසීද, ථොකං ලච‍්ඡසී”ති ආහ. සොපි ගන‍්ත්‍වා තෙසං සන‍්තිකෙ නිසීදි. තතො බිලාරකොසියො සෙට‍්ඨි එකං දාසිං ආමන‍්තෙත්‍වා “එතෙසං බ්‍රාහ‍්මණානං පලාපවීහීනං නාළිං නාළිං දෙහී”ති ආහ. සා වීහී ගහෙත්‍වා බ්‍රාහ‍්මණෙ උපසඞ‍්කමිත්‍වා “ඉමෙ ආදාය යත්‍ථ කත්‍ථචි පචාපෙත්‍වා භුඤ‍්ජථා”ති ආහ. “න අම‍්හාකං වීහිනා අත්‍ථො, න මයං වීහිං ආමසාමා”ති. “අය්‍ය, වීහිං කිරෙතෙ නාමසන‍්තී”ති? “තෙන හි තෙසං තණ‍්ඩුලෙ දෙහී”ති. සා තණ‍්ඩුලෙ ආදාය ගන‍්ත්‍වා “බ්‍රාහ‍්මණා තණ‍්ඩුලෙ ගණ‍්හථා”ති ආහ. “මයං ආමකං න පටිග‍්ගණ‍්හාමා”ති. “අය්‍ය, ආමකං කිර න ගණ‍්හන‍්තී”ති. “තෙන හි තෙසං කරොටියං වඩ‍්ඪෙත්‍වා ගොභත‍්තං දෙහී”ති. සා තෙසං කරොටියං වඩ‍්ඪෙත්‍වා මහාගොණානං පක‍්කභත‍්තං ආහරිත්‍වා අදාසි. පඤ‍්චපි ජනා කබළෙ වඩ‍්ඪෙත්‍වා මුඛෙ පක‍්ඛිපිත්‍වා ගලෙ ලග‍්ගාපෙත්‍වා අක‍්ඛීනි පරිවත‍්තෙත්‍වා විස‍්සට‍්ඨසඤ‍්ඤා මතා විය නිපජ‍්ජිංසු. දාසී තෙ දිස‍්වා “මතා භවිස‍්සන‍්තී”ති භීතා ගන‍්ත්‍වා සෙට‍්ඨිනො ආරොචෙසි “අය්‍ය, තෙ බ්‍රාහ‍්මණා ගොභත‍්තං ගිලිතුං අසක‍්කොන‍්තා මතා”ති.

හෙතෙම පඤ්චසිඛගේ දැහැමි කථාව අසා එසේනම් යව. ගෙට පිවිස හිඳුව. ටිකක් ලබන්නෙහියි කීවේය. ඔහුද ගොස් ඔවුන් සමීපයෙහි හුන්නේය. අනතුරුව බිළාරකෝසිය සිටුතුමා එක් දාසියක අමතා මේ බ්‍රාහ්මණයන්ට බොල් වීවලින් නැළියක් නැළියක් දෙවයි කීය. ඇය වී ගෙන බමුණන් වෙත එළඹ මේවා ගෙන යම්කිසි තැනක පිසවා අනුභව කරව් යයි කීය. අපි වී ස්පර්ශ නොකරමුයි. උතුමාණෙනි, වී ස්පර්ශ නොකරතියි කියත්. එසේනම් සහල් දෙවයි. ඇය සහල් ගෙන ගොස් බ්‍රාහ්මණවරුනි, සහල් ගනුවයි කීවාය. අපි අමු සහල් නොපිළිගනිමු යයි කීහ. උතුමාණෙනි, අමු සහල් නොගනිත්ය. එසේනම් ඔවුන්ට නිවුඩු සහල් දමා ගවයන්ට දෙන බත් දෙවයි කීය. ඇය ඔවුන්ට නිවුඩු සහල් දමා මහ ගොනුන්ට පිසිනා ලද බත් ගෙනවුත් දුන්නීය. පස්දෙනාම බත්පිඩ සකසා මුවෙහි බහා ගෙලෙහි අලවවා ඇස්පෙරළා සිහිසන් වූවාහු මළෝ මෙන් හොත්තාහුය. දාසිය ඔවුන් දැක මළෝ වෙත්යයි බියපත් වූවා ගොස් සිටුතුමාට දැන්වූවාය. උතුමාණෙනි, ඔබගේ බ්‍රාහ්මණයෝ ගවයන් සඳහා වූ බත් ගිලින්නට අසමත් වූවාහු මළෝයයි.

සො චින‍්තෙසි “ඉදානි අයං පාපධම‍්මො සුඛුමාලබ්‍රාහ‍්මණානං ගොභත‍්තං දාපෙසි, තෙ තං ගිලිතුං අසක‍්කොන‍්තා මතාති මං ගරහිස‍්සන‍්තී”ති. තතො දාසිං ආහ – “ඛිප‍්පං ගන‍්ත්‍වා එතෙසං කරොටිකෙසු භත‍්තං හරිත්‍වා නානග‍්ගරසං සාලිභත‍්තං වඩ‍්ඪෙහී”ති. සා තථා අකාසි. සෙට‍්ඨි අන‍්තරපීථිං පටිපන‍්නමනුස‍්සෙ පක‍්කොසාපෙත්‍වා “අහං මම භුඤ‍්ජනනියාමෙන එතෙසං බ්‍රාහ‍්මණානං භත‍්තං දාපෙසිං, එතෙ ලොභෙන මහන‍්තෙ පිණ‍්ඩෙ කත්‍වා භුඤ‍්ජමානා ගලෙ ලග‍්ගාපෙත්‍වා මතා, මම නිද‍්දොසභාවං ජානාථා”ති වත්‍වා පරිසං සන‍්නිපාතෙසි. මහාජනෙ සන‍්නිපතිතෙ බ්‍රාහ‍්මණා උට‍්ඨාය මහාජනං ඔලොකෙත්‍වා “පස‍්සථිමස‍්ස සෙට‍්ඨිස‍්ස මුසාවාදිතං, ‘අම‍්හාකං අත‍්තනො භුඤ‍්ජනභත‍්තං දාපෙසි’න‍්ති වදති, පඨමං ගොභත‍්තං අම‍්හාකං දත්‍වා අම‍්හෙසු මතෙසු විය නිපන‍්නෙසු ඉමං භත‍්තං වඩ‍්ඪාපෙසී”ති වත්‍වා අත‍්තනො මුඛෙහි ගහිතභත‍්තං භූමියං පාතෙත්‍වා දස‍්සෙසුං. මහාජනො සෙට‍්ඨිං ගරහි “අන්‍ධබාල, අත‍්තනො කුලවංසං නාසෙසි, දානසාලං ඣාපෙසි, යාචකෙ ගීවායං ගහෙත්‍වා නීහරාපෙසි, ඉදානි ඉමෙසං සුඛුමාලබ්‍රාහ‍්මණානං භත‍්තං දෙන‍්තො ගොභත‍්තං දාපෙසි, පරලොකං ගච‍්ඡන‍්තො තව ඝරෙ විභවං ගීවායං බන්‍ධිත්‍වා ගමිස‍්සසි මඤ‍්ඤෙ”ති.

හෙතෙම සිතීය. සියුමැලි බ්‍රාහ්මණයන්ට ගවයන් සඳහා වූ බත් දෙවීද මෙය පවිටු ක්‍රියාවකි. ඔවුහු එය ගිලින්නට අපොහොසත් වූවාහු මළෝ යැයි මට ගර්හා කරන්නාහ. අනතුරුව දාසියට කීවේය. වහා ගොස් මොවුන් වෙත වූ නිවුඩු සහල් බත ඉවත්කොට විවිධ උසස් රස ඇති හැල්බත සකසවයි කීවාය. ඇය එසේ කළය. සිටුවරයා ඇතුල් වීථීයට පිළිපන් මිනිසුන් කැඳවා මම මා අනුභව කරන ආකාරයෙන්ම මේ බමුණන්ට බත් දෙවීමි. මොවුහු ආශාවෙන් මහත් වූ පිඬුකොට අනුභව කරන්නාහු ගෙලෙහි අලවවා මළෝය. මගේ නිදොස් බව දනිව් යයි කියා පිරිස රැස්කරවීය. මහජනයා රැස්වූ කල්හි බමුණෝ නැගී සිට මහජනයා බලා මේ සිටුවරයාගේ බොරු කියන සැටි බලව. අපට තමා අනුභව කරන බත් දෙවීමි යයි කියයි. පළමුව අපට ගවයන් සඳහා වූ බත් දී අප මළවුන් මෙන් හොත් කල්හි මේ බත සැකසී යයි කියා තමා විසින් මුවෙන් ගන්නා ලද බත බිම හෙලා දැක්වූවාහුය. මහජනයා සිටුවරයාට ගර්හා කෙළේය. අඥානය, තමාගේ කුල පරපුර වැනසීය. දන්සැල දැවීය. යදින්නන් බෙල්ලෙන් ගෙන බැහැර කරවීය. දැන් මේ සියුමැලි බ්‍රාහ්මණයන්ට බත් දෙන්නේ ගවයන් සඳහා වූ බත් දෙවීය. පරලොව යන්නේ තොපගේ නිවසෙහි සම්පත් ගෙල බැඳගෙන යන්නෙහි යයි සිතහිද?

තස‍්මිං ඛණෙ සක‍්කො මහාජනං පුච‍්ඡි “ජානාථ, තුම‍්හෙ ඉමස‍්මිං ගෙහෙ ධනං කස‍්ස සන‍්තක”න‍්ති? “න ජානාමා”ති. “ඉමස‍්මිං නගරෙ අසුකකාලෙ බාරාණසියං මහාසෙට‍්ඨි නාම දානසාලං කාරෙත්‍වා මහාදානං පවත‍්තයී”ති සුතපුබ‍්බං තුම‍්හෙහීති. “ආම සුණාමා”ති. “අහං සො සෙට‍්ඨි, දානං දත්‍වා සක‍්කො දෙවරාජා හුත්‍වා පුත‍්තොපි මෙ තං වංසං අවිනාසෙත්‍වා දානං දත්‍වා චන්‍දො දෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්තො, තස‍්ස පුත‍්තො සූරියො, තස‍්ස පුත‍්තො මාතලි, තස‍්ස පුත‍්තො පඤ‍්චසිඛො ගන්‍ධබ‍්බදෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්තො. තෙසු අයං චන්‍දො, අයං සූරියො, අයං මාතලිසඞ‍්ගාහකො, අයං ඉමස‍්ස පාපධම‍්මස‍්ස පිතා පඤ‍්චසිඛො ගන්‍ධබ‍්බදෙවපුත‍්තො, එවං බහුගුණං එතං දානං නාම, කත‍්තබ‍්බමෙව කුසලං පණ‍්ඩිතෙහී”ති කථෙන‍්තා මහාජනස‍්ස කඞ‍්ඛච‍්ඡෙදනත්‍ථං ආකාසෙ උප‍්පතිත්‍වා මහන‍්තෙනානුභාවෙන මහන‍්තෙන පරිවාරෙන ජලමානසරීරා අට‍්ඨංසු, සකලනගරං පජ‍්ජලන‍්තං විය අහොසි. සක‍්කො මහාජනං ආමන‍්තෙත්‍වා “මයං අත‍්තනො දිබ‍්බසම‍්පත‍්තිං පහාය ආගච‍්ඡන‍්තා ඉමං කුලවංසනාසකරං පාපධම‍්මබිලාරකොසියං නිස‍්සාය ආගතා, අයං පාපධම‍්මො අත‍්තනො කුලවංසං නාසෙත්‍වා දානසාලං ඣාපෙත්‍වා යාචකෙ ගීවායං ගහෙත්‍වා නීහරාපෙත්‍වා අම‍්හාකං වංසං සමුච‍්ඡින්‍දි, ‘අයං අදානසීලො හුත්‍වා නිරයෙ නිබ‍්බත‍්තෙය්‍යා’ති ඉමස‍්ස අනුකම‍්පාය ආගතාම‍්හා”ති වත්‍වා දානගුණං පකාසෙන‍්තො මහාජනස‍්ස ධම‍්මං දෙසෙසි. බිලාරකොසියො සිරස‍්මිං අඤ‍්ජලිං පතිට‍්ඨපෙත්‍වා “දෙව, අහං ඉතො පට‍්ඨාය පොරාණකුලවංසං අනාසාපෙත්‍වා දානං පවත‍්තෙස‍්සාමි, අජ‍්ජ ආදිං කත්‍වා අන‍්තමසො උදකදන‍්තපොනං උපාදාය අත‍්තනො ලද‍්ධාහාරං පරස‍්ස අදත්‍වා න ඛාදිස‍්සාමී”ති සක‍්කස‍්ස පටිඤ‍්ඤං අදාසි. සක‍්කො තං දමෙත්‍වා නිබ‍්බිසෙවනං කත්‍වා පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨපෙත්‍වා චත‍්තාරො දෙවපුත‍්තෙ ආදාය සකට‍්ඨානමෙව ගතො. සොපි සෙට‍්ඨි යාවජීවං දානං දත්‍වා තාවතිංසභවනෙ නිබ‍්බත‍්ති.

එකෙනෙහි ශක්‍රයා මේ ගෙහි ධනය කා සතුදැයි තෙපි දන්නෙහුදැයි මහජනයාගෙන් විමසීය. නොදනිමුයි. මේ නගරයෙහි අසවල් කාලයෙහි බරණැස් නුවර මහසිටුතුමා මහ දන්සැලක් කරවා මහා දානයක් පැවැත්වීයයි ඔබලා විසින් ඇසූ විරූද? එසේය ඇසුවෝ වෙමු යි. මම ඒ සිටුවරයා වෙමි. ඒ දානය දී ශක්‍රදෙව්රජු වී උපන්නේය. මගේ පුතාද ඒ පරපුර නොනසා චන්‍ද්‍ර දෙව්පුත් වී උපන්නේය. ඔහුගේ පුත්‍රයා සුරියද ඔහුගේ පුත්‍රයා මාතලීද ඔහුගේ පුත්‍රයා පඤ්චසිඛද වී උපන්නේය. ඔවුන් අතර මේ චන්‍ද්‍රය. මේ සුරිය ය. මේ මාතලී රථාචාර්ය ය. මේ මෙම පවිටු තැනැත්තාගේ පියා වූ පඤ්චසිඛ ගාන්‍ධර්ව පුත්‍රයාය. මෙසේ මේ දානය නම් බොහෝ ආනිසංස ඇති එකකි. පණ්ඩිතයන් විසින් මේ කුසලය කළ යුතුය යි කියන්නේ මහජනයාගේ සැකය දුරලනු පිණිස අහසෙහි නැගී මහත් වූ ආනුභාවයෙන්ද මහත් වූ පිරිවර සමඟද දිළියෙන ශරීර ඇත්තාහු සිටියාහුය. සියළු නුවර ගිනි ගත්තක් මෙන් වීය. ශක්‍රයා මහජනයා අමතා අපි තමාගේ දිව්‍ය සම්පත් හැර එන්නාහු කුලයෙහි අන්තිමයා වූ පවිටු ස්වභාව ඇති බිළාර කෝසිය නිසා ආවෝ වෙමු. මේ පවිටු තැනැත්තා සිය කුල පරපුර නසා දන්සැල දවා යදින්නන් ගෙලෙන් ගෙන බැහැරකොට අපගේ පරපුර සිඳීය. මෙතෙමේ නොදෙන සුළු වී නිරයෙහි උපදින්නේ යයි මොහුට අනුකම්පාවෙන් ආවෝ වෙමුයි කියා දානයෙහි ආනිසංස කියන්නේ මහජනයාට ධර්මය දේශනා කළේය. බිළාරකෝසිය සිටුතුමා ඇඳිළි පිහිටුවා දේවයන් වහන්ස, මම මෙතැන් පටන් පැරණි කුල පරපුර නොනසා දන් පවත්වන්නෙමි. අද පටන්කොට යටත් පිරිසෙයින් ජලය දැහැටි හා සමාන වූද තමා විසින් ලබන ලද ආහාර අනිකකුට නොදී නොකන්නෙමියි ප්‍රතිඥා දුන්නේය. ශක්‍රයා ඔහු දමනය කර නැවත එවැන්නක් සේවනය නොකරන්නෙකු කොට පන්සිල්හි පිහිටුවා දෙව්පුතුන් සතරදෙනා ගෙන සිය වාසස්ථානයටම ගියේය. ඒ සිටුවරයාද දිවි ඇති තෙක් දන් දී තවුතිසා දෙව්ලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “එවං, භික‍්ඛවෙ, අයං භික‍්ඛු පුබ‍්බෙ අස‍්සද‍්ධො අහොසි කස‍්සචි කිඤ‍්චි අදාතා, අහං පන නං දමෙත්‍වා දානඵලං ජානාපෙසිං, තමෙව චිත‍්තං භවන‍්තරගතම‍්පි න ජහාතී”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සෙට‍්ඨි අයං දානපතිකො භික‍්ඛු අහොසි, චන්‍දො සාරිපුත‍්තො, සූරියො මොග‍්ගල‍්ලානො, මාතලි කස‍්සපො, පඤ‍්චසිඛො ආනන්‍දො, සක‍්කො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මෙසේ මේ භික්‍ෂුව ශ්‍රද්ධා නැත්තේ වීය. කිසිවෙකුට කිසිවක් නොදෙන්නේ වීය. මම ඔහු දමනය කර දානයෙහි විපාක දැනවූවෙමි. ඒ සිත අන් භවයකට ගියේ නමුදු අත් නොහරයි යි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි සිටුවරයා මේ දන්පති භික්‍ෂුව වීය. චන්‍ද්‍ර දෙව්පුත් සැරියුත් තෙර වීය. සුරිය දෙව්පුත් මුගලන් තෙර වීය. මාතලී දෙව්පුත් කස්සප තෙර වීය. පඤචසිඛ දෙව්පුත් ආනන්‍ද තෙර වීය. ශක්‍රයා වූ කලී මම ම වීමි යයි වදාළ සේක.

බිලාරකොසියජාතකවණ‍්ණනා ද‍්වාදසමා.