12. ඛිළාරකොසියජාතකං
1477. අපචන‍්තාපි දිච‍්ඡන‍්ති සන‍්නො ලද‍්ධාන භොජනං, කිමෙව ත්‍වං පචමානො යං න දජ‍්ජා න තං සමං.
1477. නො පිසන සත්පුරුෂයෝ බොජුන් ලැබැ දෙන්නට කැමැති වෙති. පිසන ඔබ යම් හෙයෙකින් දෙන්නට කැමැති නො වෙත් නම් සුදුසු නො වේ.
1478. මච‍්ඡෙරා ච පමාදා ච එවං දානං න දීයති, පුඤ‍්ඤං ආකඞ‍්ඛමානෙන දෙය්‍යං හොති විජානතා.
1478. මසුරුකමත් නො සැලකිල්ලත් නිසා දන් නො දෙනු ලැබේ. පින් කැමැති නුවණැත්තා දන් දියයුතු වේ.
1479. යස‍්සෙව භීතො න දදාති මච‍්ඡරී තදෙව අදදතො භයං, ජිඝච‍්ඡා ච පිපාසා ච යස‍්ස භායති මච‍්ඡරී. තමෙව බාලං ඵුසති අස‍්මිං ලොකෙ පරම‍්හි ච.
1479. දන් දීම නිසා සාපිපාසාවෙන් පීඩා විඳින්නට සිදු වේ ය යන බිය නිසා මසුරු පුඟුලා නො දේ ද එය ම ඔහුට බිය වන්නේ ය. සාපිපාසා දෙකට මසුරා බිය වේ ද එය ම (ඔහු) දෙ ලොවැ දී පෙළයි.
1480. තස‍්මා විනෙය්‍ය මච‍්ඡෙරං දජ‍්ජා දානං මලාභිභූ, පුඤ‍්ඤානි පරලොකස‍්මිං පතිට‍්ඨා හොන‍්ති පාණිනං.
1480. එ හෙයින් මසුරුකම මඩින්නේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. කළ පින් ප්‍රාණීන්ට පරලොව දී පිහිට වේ.
1481. දුද‍්දදං දදමානානං දුක‍්කරං කම‍්ම කුබ‍්බතං, අසන‍්තො නානුකුබ‍්බන‍්ති සතං ධම‍්මො දුරන‍්නයො.
1481. මසුරු සිත් මැඩ දියයුතු බැවින් දන් දීම දුෂ්කර ය. අසත්පුරුෂයෝ (දානානිසංස නො දන්නෝ) ඔවුන් ගිය මඟෙහි නො යත්. සත්පුරුෂයන් (බෝසත්වරු) ගිය මග යාම සෙස්සනට පහසු නො වේ.
1482. තස‍්මා සතඤ‍්ච අසතඤ‍්ච නානා හොති ඉතො ගති, අසන‍්තො නිරයං යන‍්ති සන‍්තො සග‍්ගපරායනා.
1482. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙයින් මතු උපත වෙනස් වේ. අසත්පුරුෂයෝ නිරයට යති. සත්පුරුෂයෝ දෙව්ලොව යති.
1483. අප‍්පස‍්මෙකෙ පවෙච‍්ඡින‍්ති බහුනෙකෙ න දිච‍්ඡරෙ, අප‍්පස‍්මා දක‍්ඛිණා දින‍්නා සහස‍්සෙන සමං මිතා.
1483. ඇතැමෙක් මඳ වස්තුවකිනු දු දන් දෙත්. ඇතැමෙක් බොහෝ වස්තුව ඇතත් දන් නො දෙත්. මඳ වස්තුවෙන් දුන් දානය ද මහානිසංස ඇති හෙයින් ප්‍රමාණ කොට බැලීමේ දී දහසක් පමණ වැය කොට දුන් දන හා සම වේ.
1484. ධම‍්මං චරෙ යොපි සමුඤ‍්ජකං චරෙ දාරඤ‍්ච පොසං දදං අප‍්පකස‍්මිං, සතං සහස‍්සානං සහස‍්සයාගිනං කලම‍්පි නාග‍්ඝන‍්ති තථාවිධස‍්ස තෙ.
1484. නො දැහැමි ව සපයාගත් මුදලින් ඉසුරන් ලක්‍ෂයක් දෙනා දෙන දානයෝ ත්‍රිවිධ සුචරිතය පුරමින් අඹුදරුවන් ද රැකැ ගනිමින් දිළින්දකු ස්වල්ප වශයෙන් හෝ කරන පරිත්‍යාගයක සොළොසින් භාගයක් පමණ නො අගනාහ.
1485. කෙනෙස යඤ‍්ඤො විපුලො මහග‍්ඝනො සමෙන දින‍්නස‍්ස න අග‍්ඝමෙති, කථං සහස‍්සානං සහස‍්ස යාගිනං කලම‍්පි නාග‍්ඝන‍්ති තථාවිධස‍්ස තෙ.
1485. දේය ධර්‍ම බොහෝ බැවින් විශාල වූ ලක්‍ෂයක් දෙනා එක් ව දෙන දානය, දැහැමි ව සපයා ගත් දෙයින් දුන් දානය හා සම නො වන්නේ කවර කරුණෙකින් ද? දැහැමි ව සපයා ගත් දෙයින් දන් දෙන දිළින්දාගේ දානමය පින්කමේ (සොළොසින්) කොටසක් පමණවත් නො අගනේ කෙසේ ද?
1486. දදන‍්ති හෙකෙ විසමෙ නිවිට‍්ඨා ඣත්‍වා වධිත්‍වා අථ සොචයිත්‍වා, සා දක‍්ඛිණා අස‍්සුමුඛා සදණ‍්ඩා සමෙන දින‍්නස‍්ස න අග‍්ඝමෙති එවං සහස‍්සානං සහස‍්සයාගිනං කලම‍්පි නාග‍්ඝන‍්ති තථාවිධස‍්ස තෙ’ති.
1486. අනුන් තළා පෙළා අඬවා හිංසා කොට ඇතැම් කෙනෙක් දන් දෙති. එලෙස දුන් දන දැහැමි ව සපයාගත් වස්තුවෙන් දිළින්දා දුන් දානය හා සමාන නො වේ. නො දැහැමි වස්තුවෙන් යාග කළ ලක්‍ෂයක් දෙනාගේ දානය දිළින්දාගේ දානයෙහි සොළොස්වෙනි කොටස තරම්වත් නො අගී.