11. මට්ටකුණ්ඩලීජාතකං
1467. අලඞ්කතො මට්ටකුණ්ඩලී මාලාභාරි හරිචන්දනුස්සදො, බාහා පග්ගය්හ කන්දසි වනමජ්ඣෙ කිං දුක්ඛිතො තුවං.
1467. නන් අබරණින් සැරැසී මටකොඬොල් පැළැඳ විසිතුරු මල් දරන්නේ, රන්වන් සඳුන් ආලේප කොට ගත් තෙපි මේ වන මැද හිසැ අත් බැඳගෙන කවර හෙයින් අඬන්නහු ද?
1468. සොවණ්ණමයො පභස්සරො උප්පන්නො අථපඤ්ජරො මම තස්ස චක්කයුගං න වින්දාමි තෙන දුක්ඛෙන ජහාමි ජිතිතං.
1468. රන්මුවා දීප්තිමත් රියමැදිරියක් මට ලැබිණ. ඊට රියසක් දෙකක් නො ලබමි. ඒ නිසා උපන් දුකෙන් දිවි හරිමි.
1469. සොවණ්ණමයං මණිමයං ලොහමයං අථ රූපියාමයං, පාවද රථං කාරයාමි තෙ චක්කයුගං පටිපාදයාමි තං.
1469. රන්මුවා, මිණිමුවා, ලොහොමුවා වූ හෝ රිදීමුවා රියක් ඔබට සාදමි. යම් බඳු රියක් කැමැත්තහු ද ඒ සක් යුගළය ඔබට ලබා දෙමි.
1470. සො මාණවො තස්ස පාවදි චන්දසුරියා උභයෙත්ථ භාතරො, සොවණ්ණමයො රථො මම තෙන චක්කයුගෙන සොභති.
1470. ඒ මාණවකයා ඔහුට කීය. මාගේ රිය රන්මුවා වෙයි. දීප්තිමත් සඳහිරු දෙදෙනා සක් යුගළය (වශයෙන්) මාගේ රියට හොබනේ වේ.
1471. බාලො ඛො ත්වමසි මාණව යො ත්වං පත්ථයසෙ අපත්ථියං, මඤ්ඤාමි තුවං මරිස්සසි න හි ත්වං ලච්ඡසි චන්දසූරියෙ.
1471. මාණවකය, නො පැතියයුතු දැය පතන තෙපි මෝඩයෙකි. තොප මියැ යෙති යි සිතමි. තෙපි සඳහිරු නො ලබන්නහු ය.
1472. ගමනාගමනම්පි දිස්සති වණ්ණධාතු උභයෙත්ථ වීථියො. පෙතො පන නෙව දිස්සති කො නු ඛො කන්දතං බාල්යතරො.
1472. ගමනා ගමන (උදාවීම හා බැස යාම) ද හැඩහුරු කම හා පැහැය ද ගමන් මාර්ග දෙක ද පෙනේ. මිය ගිය තැනැත්තා දකින්නට නැත. අඬන්නවුන්ගෙන් කවරෙක් වඩා බාල්යතර ද?
1473. සච්චං ඛො වදෙසි මාණව අහමෙව කන්දතං බාල්යතරො, චන්දං විය දාරකො රුදං පෙතං කාලකතාභිපත්ථයෙ.
1473. මාණවකය, සත්‍යයක් කීයෙහි ය. අඬන්නවුන් ගෙන් ඉතා බාලයා මම වෙමි. හඳ ඉල්ලා අඬන ගම්දරුවකු සේ මියැ පරලොව ගියකු පතන්නෙමි.
1474. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තං ව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
1474. ගිතෙල් ඉසින ලද ගින්නක් ලෙස ශෝක ගින්නෙන් ඇවිල ගෙන සිටි මා, ජලය ඉසින ලද කලෙක මෙන් සියලු දාහය නිවී ගියේ ය.
1475. අබ්බහී වත මෙ සල්ලං යමාසි හදයනිස්සිතං, යො මෙ සොකපරෙතස්ස පුත්තසොකං අපානුදි.
1475. සොවින් පෙළුණු මාගේ, පුත්‍ර ශෝකය යමෙක් නැති කෙළේ ද, හේ මාගේ හදවතේ පැවැති ශෝකය නමැති හුල ද ඒකාන්තයෙන් උදුරා දැමී ය.
1476. සොහං අබ්බූළ්හසල්ලොස්මි වීතසොකො අනාවිලො, න සොචාමි න රොදාමි තව සුත්වාන මාණවාති.
1476. තරුණය, ඒ මම උපුටා හළ ශෝක නමැති උලඇත්තෙමි. ශෝකය නැත්තෙමි. නො කැලඹුණ සිතැත්තෙමි. තොප ගේ බස් අසා ශෝක නො කරමි. නො හඬමි.