10. කුක‍්කුටජාතකං
1456. නාස‍්මසෙ කතපාපම‍්හි නාස‍්මසෙ අලිකවාදිනෙ, නාස‍්මසත‍්තට‍්ඨපඤ‍්ඤම‍්හි අතිසන‍්තෙපි නාස‍්මසෙ.
1456. පවු කළ පුද්ගලයා කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. බොරු කියන්නහු කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. ආත්මාර්‍ත්‍ථයට ම නුවණ යොදා ගන්නා පුද්ගලයා කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. අති ශාන්ත පුද්ගලයා කෙරෙහි ද විශ්වාස නො කරන්නේ ය.
1457. භවන‍්ති හෙකෙ පුරිසා ගොපිපාසකජාතිකා, ඝසන‍්ති මඤ‍්ඤෙ මිත‍්තානි වාචාය න ච කම‍්මුනා
1457. සමහර පුරුෂයෝ පිපාසිත ගවයන් වැනියහ. ඔහු මිතුරන් වචනයෙන් කාදමති. ක්‍රියාවෙන් කිසිත් නො කරති.
1458. සුක‍්ඛඤ‍්ජලී පග‍්ගහිතා වාචාය පළිගුණ‍්ඨිතා මනුස‍්සඵෙග‍්ගු නාසීදෙ යස‍්මිං නත්‍ථි කතඤ‍්ඤුතා.
1458. කළගුණ නො දත් බොරු ඇඳිලි බැඳීම් පමණක් ඇති නිසරු මිනිසා කරා නො යන්නේ ය.
1459. න හි අඤ‍්ඤඤ‍්ඤ චිත‍්තානං ඉත්‍ථීනං පුරීසාන වා, නානාව කත්‍වා සංසග‍්ගං තාදිසම‍්පි නාස‍්මසෙ.
1459. වහා වෙනස් වන ස්වභාව ඇති ස්ත්‍රී පුරුෂයන් විශ්වාස නො කරන්නේ ය. හිතෛෂී නො වූවෙක් නොයෙක් හේතු දක්වමින් (මිතුරකුසේ) එක් වන්නේ ද එ වැන්නහු විශ්වාස නො කරන්නේ ය.
1460. අනරියකම‍්මං ඔක‍්කන‍්තං අත්‍ථෙතං සබ‍්බ ඝාතිනං, නිසිතංව පටිච‍්ඡන‍්නං තාදිසම‍්පි නාස‍්මසෙ.
1460. අනාර්‍ය්‍ය ක්‍රියාවට බැසගත් ස්ථිර වචන නැති අවකාස ලද කල්හි හැම දෙන නසන හෙයින් කොපුවෙක ලූ තියුණු කඩුවක් වැනි පුද්ගලයා විශ්වාස නො කරන්නේ ය.
1461. මිත‍්තරූපෙනිධෙකච‍්චෙ සාඛල‍්ලෙන අචෙතසා, විවිධෙහි උපායෙහි තාදිසම‍්පි නාස‍්මසෙ.
1461. මෙහි (මෙ ලොවැ) යම් කෙනෙක් මිත්‍රප්‍රතිරූපක ව තද හිතැත්තාහු නමුදු සිලිටි බසින් බෙණෙමින් නානාවිධ කෛරාටික පැවැතුම් ඇත්තෝ වෙත් ද එ වැනියන් විශ්වාස නො කරන්නේ ය.
1462. ආමිසං වා ධනං වාපි යත්‍ථ පස‍්සති තාදිසො, දූභිං කරොති දුම‍්මෙධො තඤ‍්ච ඣත්‍වාන ගච‍්ඡති.
1462. එ බඳු මෝඩයා (මිත්‍ර ප්‍රතිරූපකයා) යම් මිතුරකුගේ නිවෙසකැ ආහාරයක් හෝ ධනයක් හෝ දුටු වේ නම් මිතුරාට ද්‍රෝහ කොට එය පැහැර ගන්නේ ය. ඔහු ද (මිතුරා) නසාපියා යන්නේ ය.
1463. මිත‍්තරූපෙන බහවො ඡන‍්නා සෙවන‍්ති සත‍්තවො, ජහෙ කාපුරිසෙහෙතෙ කුක‍්කුටො විය සෙනකං.
1463. බොහෝ සතුරෝ මිත්‍රප්‍රතිරූපකයන් මෙන් ඇසුරු කෙරෙති. මෙ වැනි නින්දනීය පුරුෂයන් උකුස්සා දුරැලූ විලිකුළුහු මෙන් දුරු කරන්නේ ය.
1464. යො ච උප‍්පතිතං අත්‍ථං න ඛිප‍්පමනුබුජ‍්ඣති, අමිත‍්තවසමන්‍වෙති පච‍්ඡා ච මනුතප‍්පති.
1464. යමෙක් (යමක් පිළිබඳ) හටගත් කරුණු වහා වටහා නො ගනී ද. හේ සතුරන්ගේ වසඟයට පැමිණ පසුව තැවේ.
1465. යො ච උප‍්පතිතං අත්‍ථං ඛිප‍්පමෙව නිබොධති, මුච‍්චතෙ සත‍්තුසම‍්බාධා කුක‍්කුටො විය සෙනකා.
1465. යමෙක් (යමක් පිළිබඳ හටගත් කරුණු වහා වටහා ගනී ද. උකුස්සාගෙන් මිදුනු විලිකුළුහු සේ සතුරු වියවුලෙන් මිදෙන්නේ ය.
1466. තං තාදිසං කුටමිවොඩ‍්ඩිතං වනෙ අධම‍්මිකං නිච‍්චවිධංසකාරිනං, ආරා විවජ‍්ජෙය්‍ය නාරො විචක‍්ඛණො සෙනං යථා කුක‍්කුටො වංසකානනෙ’ති.
1466. වනයේ අටවා තැබූ පාසයක් (මළපුඩුවක්) වැනි නො දැහැමි විනාශකාරී වූ ඔහු, උණ වනයේ වෙසෙන පිරික්සුම් නැණින් හෙබි ඇටිකුළා උකුස්සා දුරු කළා සේ දුරු කරන්නේ යි.