10. කුක්කුටජාතකවණ්ණනා 448 අට්ඨකථා
10. කුක්කුටජාතකවණ්ණනා (448)
10. කුක්කුට ජාතකය (448)
නාස්මසෙ කතපාපම්හීති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තස්ස වධාය පරිසක්කනං ආරබ්භ කථෙසි. ධම්මසභායඤ්හි භික්ඛූ දෙවදත්තස්ස අගුණකථං සමුට්ඨාපෙසුං “ආවුසො, දෙවදත්තො ධනුග්ගහාදිපයොජනෙන දසබලස්ස වධත්ථමෙව උපායං කරොතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි එස මය්හං වධාය පරිසක්කියෙවා”ති වත්වා අතීතං ආහරි.
නාස්මසෙ කතපාපමහි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක්, මැරීම පිණිස උත්සාහ කිරීම අරබයා වදාළ සේක. භික්ෂූහු ධර්මසභාවෙහි දෙව්දත්ගේ නුගුණ කථාවක් උපදවාලූහ. ඇවැත්නි, දේවදත්තයා දුනුවායන් ආදීන් යෙදවීමෙන් බුදුරජාණන් වහන්සේ මරණයට පත්කිරීම පිණිසම උපාය කරයි යි. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, කිනම් කථාවෙක නිරතව හුන්නාහුදැයි විමසා මෙනම් කථාවකැයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද මා මරණයට පත්කිරීමට උත්සාහ කළේම යයි කියා අතීත කථා ප්‍රවෘත්තිය ගෙනහැර පෑ සේක.
අතීතෙ කොසම්බියං කොසම්බකො නාම රාජා රජ්ජං කාරෙසි. තදා බොධිසත්තො එකස්මිං වෙළුවනෙ කුක්කුටයොනියං නිබ්බත්තිත්වා අනෙකසතකුක්කුටපරිවාරො අරඤ්ඤෙ වසති, තස්සාවිදූරෙ එකො සෙනො වසති . සො උපායෙන එකෙකං කුක්කුටං ගහෙත්වා ඛාදන්තො ඨපෙත්වා බොධිසත්තං සෙසෙ ඛාදි, බොධිසත්තො එකකොව අහොසි. සො අප්පමත්තො වෙලාය ගොචරං ගහෙත්වා වෙළුවනං පවිසිත්වා වසති. සො සෙනො තං ගණ්හිතුං අසක්කොන්තො “එකෙන නං උපායෙන උපලාපෙත්වා ගණ්හිස්සාමී”ති චින්තෙත්වා තස්සාවිදූරෙ සාඛාය නිලීයිත්වා “සම්ම කුක්කුටරාජ, ත්වං මය්හං කස්මා භායසි, අහං තයා සද්ධිං විස්සාසං කත්තුකාමො, අසුකස්මිං නාම පදෙසෙ සම්පන්නගොචරො, තත්ථ උභොපි ගොචරං ගහෙත්වා අඤ්ඤමඤ්ඤං පියසංවාසං වසිස්සාමා”ති ආහ. අථ නං බොධිසත්තො ආහ “සම්ම, මය්හං තයා සද්ධිං විස්සාසො නාම නත්ථි, ගච්ඡ ත්ව”න්ති. “සම්ම, ත්වං මයා පුබ්බෙ කතපාපතාය න සද්දහසි, ඉතො පට්ඨාය එවරූපං න කරිස්සාමී”ති. “න මය්හං තාදිසෙන සහායෙනත්ථො, ගච්ඡ ත්ව”න්ති. ඉති නං යාවතතියං පටික්ඛිපිත්වා “එතෙහි අඞ්ගෙහි සමන්නාගතෙන පුග්ගලෙන සද්ධිං විස්සාසො නාම කාතුං න වට්ටතී”ති වනඝටං උන්නාදෙන්තො දෙවතාසු සාධුකාරං දදමානාසු ධම්මකථං සමුට්ඨාපෙන්තො –
අතීතයෙහි කොසඹෑ නුවර කෝසම්බක නම් රජ රාජ්‍යය කරවීය. එකල්හි බෝසත් තෙමේ එක් උණ වනයෙක කුකුළු ජාතියෙහි උපන්නේය. නොයෙක් සියගණනක් කුකුළන් පිරිවර කර ඇත්තේ වනයෙහි වසයි. ඒ නුදුරෙහි එක් උකුස්සෙක් වාසය කරයි. ඌ උපායෙන් එක් එක් කුකුළෙකු බැගින් ගෙන කන්නේ බෝසතුන් හැර සෙස්සන් කෑවේය. බෝසත් තෙමේ හුදකලා විය. හෙතෙම අප්රමාදී වූයේ කල්වේලා ඇතිව ගොදුරු ගෙන උණ වනයට පිවිස වසයි. උකුස්සා ඌ ගැනීමට නොහැකි වන්නේ එක් උපායකින් ඌ පොළඹවා ගන්නනෙමියි සිතා ඒ නුදුරෙහි අත්තෙක සැඟවී සිට යහළුව, කුකුළු රජතුමනි, ඔබ කුමක් හෙයින් මට බියවෙහිද? මම ඔබ සමඟ ඇසුරු කරනු කැමැත්තෙමි. අසවල් ප්‍රදේශය ගොදුරු සහිතය. දෙදෙනාම එහි ගොදුරු ගෙන එකිනෙකා ප්‍රිය ලෙස එකට වසන්නෙමුයි කීය. ඉක්බිති ඔහුට බෝසත් තෙමේ කීය. යහළුව, ඔබ සමග මගේ විශ්වාසයක් නැත. ඔබ යවයි. යහළුව, ඔබ මගේ පෙර කරන ලද පවිටු ක්‍රියා නිසා විශ්වාස නොකරන්නහෙිය. මෙතැන් පටන් එවැන්නක් නොකරන්නෙමියි. මට ඔබ වැනි වූ යහළුවෙකුගෙන් වැඩක් නැත. තෝ යවයි කීය. මෙසේ තෙවන වර දක්වා ඔහු වළක්වා මෙපමණක් අංගයන්ගෙන් යුක්ත පුද්ගලයා සමග විශ්වාස කරන්ට නොසුදුසු යයි වනලැහැබ මහහඬින් ශබ්ද කරනුයේ දේවතාවන් සාධුකාර දෙනු ලබන කල්හි ධර්මකථාවක් උපදවීය.
“නාස්මසෙ කතපාපම්හි, නාස්මසෙ අලිකවාදිනෙ; නාස්මසෙ අත්තත්ථපඤ්ඤම්හි, අතිසන්තෙපි නාස්මසෙ.
නා සම සෙ කතපාපම්හි - නාසමසෙ අලිකවාදීනෙ, නා සම සත්තට්ඨ පඤ්ඤමහි - අති සන්තෙපි නා සමසෙ
1. කරන ලද පවු ඇති පුද්ගලයා කෙරෙහිද. බොරු කියන්නා කෙරෙහිද, ආත්මාර්ථය කෙරෙහිම නුවණ මෙහෙයවන්නන් කෙරෙහිද, අතිශයින් සන්සුන් පුද්ගලයා කෙරෙහිද, විශ්වාස නොකරන්නේය.
“භවන්ති හෙකෙ පුරිසා, ගොපිපාසිකජාතිකා; ඝසන්ති මඤ්ඤෙ මිත්තානි, වාචාය න ච කම්මුනා.
2. ඇතැම් පුරුෂයෝ පිපාසිත වූ ගවයන් වැනි වෙති. (ඔවුහු) වචනයෙන් මිතුරන් කා දමති. වචනයෙන් කිසිවක් නොකරති.
“සුක්ඛඤ්ජලිපග්ගහිතා , වාචාය පලිගුණ්ඨිතා; මනුස්සඵෙග්ගූ නාසීදෙ, යස්මිං නත්ථි කතඤ්ඤුතා.
3. යම් කෙනෙකු වෙත කළගුණ දන්නා බව නැත්ද, හිස් ඇඳිලි බැඳීම් වේද වචනයෙන් හාත්පස වැසුනේද එවැනි හිස් මිනිසුන් වෙත නොයන්නේය.
“න හි අඤ්ඤඤ්ඤචිත්තානං, ඉත්ථීනං පුරිසාන වා; නානාවිකත්වා සංසග්ගං, තාදිසම්පි ච නාස්මසෙ.
4. නිතර වෙනස්වන සිත් ඇති ස්ත්‍රිය හෝ පුරුෂයින් විශ්වාස නොකරන්නේය. කවරක් හෝ කොට හිතෛෂී වන්නේද එවැනි අයද විශ්වාස නොකරන්නේ ය.
“අනරියකම්මමොක්කන්තං, අථෙතං සබ්බඝාතිනං; නිසිතංව පටිච්ඡන්නං, තාදිසම්පි ච නාස්මසෙ.
5. පහත් ක්‍රියාවට බැසගත් ස්ථිර නොවූ කථා ඇති ඉඩකඩ ලත් සැනින් සියල්ලන් නසන හෙයින් මුවහ වූ තියුණු කඩුවක් මෙන් වූවන් විශ්වාස නොකරන්නේ ය.
“මිත්තරූපෙනිධෙකච්චෙ, සාඛල්යෙන අචෙතසා; විවිධෙහි උපායන්ති, තාදිසම්පි ච නාස්මසෙ.
6. මෙලොව ඇතැම්හු සිළුටු වූ එමෙන්ම හිතෛෂී නොවන හෙයින් පරුෂ වූ මිත්‍ර ස්වරූපයෙන් සිටින්නාහු විවිධ උපක්රමයන්ගෙන් පරිහානිය කැමති වන්නෝ වෙති. ඔවුන්ද විශ්වාස නොකරන්නේ ය.
“ආමිසං වා ධනං වාපි, යත්ථ පස්සති තාදිසො; දුබ්භිං කරොති දුම්මෙධො, තඤ්ච හන්ත්වාන ගච්ඡතී”ති. – ඉමා ගාථා ආහ;
7. එබඳු තැනැත්තා මිතුරකුගේ නිවසක ආහාරයක් හෝ ධනයක් හෝ දක්නේද (මිතුරාට) ද්‍රෝහී කටයුත්තක් කර එය පැහැරගනී. ඒ මෝඩයා ඔහු (මිතුරා) ද නසා යයි යි. මේ ගාථා කීහ.
තත්ථ නාස්මසෙති නාස්සසෙ. අයමෙව වා පාඨො, න විස්සසෙති වුත්තං හොති. කතපාපම්හීති පඨමං කතපාපෙ පුග්ගලෙ. අලිකවාදිනෙති මුසාවාදිම්හිපි න විස්සසෙ. තස්ස හි අකත්තබ්බං නාම පාපං නත්ථි. නාස්මසෙ අත්තත්ථපඤ්ඤම්හීති අත්තනො අත්ථාය එව යස්ස පඤ්ඤා ස්නෙහවසෙන න භජති, ධනත්ථිකොව භජති, තස්මිං අත්තත්ථපඤ්ඤෙපි න විස්සසෙ. අතිසන්තෙති අන්තො උපසමෙ අවිජ්ජමානෙයෙව ච බහි උපසමදස්සනෙන අතිසන්තෙ විය පටිච්ඡන්නකම්මන්තෙපි බිලපටිච්ඡන්නආසීවිසසදිසෙ කුහකපුග්ගලෙ. ගොපිපාසිකජාතිකාති ගුන්නං පිපාසකජාතිකා විය, පිපාසිතගොසදිසාති වුත්තං හොති. යථා පිපාසිතගාවො තිත්ථං ඔතරිත්වා මුඛපූරං උදකං පිවන්ති, න පන උදකස්ස කත්තබ්බයුත්තකං කරොන්ති, එවමෙව එකච්චෙ “ඉදඤ්චිදඤ්ච කරිස්සාමා”ති මධුරවචනෙන මිත්තානි ඝසන්ති, පියවචනානුච්ඡවිකං පන න කරොන්ති, තාදිසෙසු විස්සාසො මහතො අනත්ථාය හොතීති දීපෙති.
එහි නාස්මසෙ යනු විශ්වාස නොකරන්නේ ය. මෙම වූ පාඨයි. විශ්වාස නොකරන්නේය යි කියන ලද්දේ වෙයි. කත පාපම්හි යනු පළමුව පවුකරන ලද පුද්ගලයා කෙරෙහි. අලිකවාදිනෙ යනු බොරු කියන්නා කෙරෙහි විශ්වාස නොකරන්නේය. ඔහු විසින් නොකළ හැකි පවක් නම් නැත. නාස්මසත්තට්ඨ පඤ්ඤම්හි යනු තමාගේ අර්ථය පිණිසම යමෙකුගේ ප්‍රඥාව සෙනෙහෙ වශයෙන් භජනය නොකෙරේද ධනය කැමැත්තේම භජනය කෙරේද ආත්මාර්ථකාමී නුවණ ඇත්තා කෙරෙහිද විශ්වාස නොකරන්නේ ය. අති සන්තෙ යනු ඇතුලත් සන්සුන් බවක් විද්‍යමාන නොවන කල්හිම පිටත සන්සුන් බව දැක්වීමෙන් ඉතා ශාන්ත වූවන් මෙන් පිළිසන් කටයුතු ඇත්තන් කෙරෙහිද. කුහරයෙහි සැඟවුන සර්පයෙකු හා සමාන කුහක පුද්ගලයා කෙරෙහි. ගො පිපාසක ජාතිකා යනු ගවයන් අතර පිපාසයට පත් වුවෙකු මෙන්. පවසට පත් වූ ගවයෙක් හා සමාන යයි කියන ලද්දේ වෙයි. යම්සේ පිපාසිත ගවයෝ තොටුපොළට බැස මුව පුරා ජලය බොති. ජලයට කළයුතු (ගුණවත්) කටයුතු නොකරති. එසේම ඇතැම්හු මෙයත් මෙයත් කරමු යයි මිහිරි වචනයෙන් මිත්‍රයන් කරත්. ප්‍රිය වචනයන්ට සුදුසු වූවක් නොකරති. එවැන්නක් කෙරෙහි විශ්වාසය මහත් වූ අනර්ථය පිණිස වේ යයි දක්වයි.
සුක්ඛඤ්ජලිපග්ගහිතාති පග්ගහිතතුච්ඡඅඤ්ජලිනො. වාචාය පලිගුණ්ඨිතාති “ඉදං දස්සාම, ඉදං කරිස්සාමා”ති වචනෙන පටිච්ඡාදිකා. මනුස්සඵෙග්ගූති එවරූපා අසාරකා මනුස්සා මනුස්සඵෙග්ගූ නාම. නාසීදෙති න ආසීදෙ එවරූපෙ න උපගච්ඡෙය්ය. යස්මිං නත්ථීති යස්මිඤ්ච පුග්ගලෙ කතඤ්ඤුතා නත්ථි, තම්පි නාසීදෙති අත්ථො. අඤ්ඤඤ්ඤචිත්තානන්ති අඤ්ඤෙනඤ්ඤෙන චිත්තෙන සමන්නාගතානං , ලහුචිත්තානන්ති අත්ථො. එවරූපානං ඉත්ථීනං වා පුරිසානං වා න විස්සසෙති දීපෙති. නානාවිකත්වා සංසග්ගන්ති යොපි න සක්කා අනුපගන්ත්වා එතස්ස අන්තරායං කාතුන්ති අන්තරායකරණත්ථං නානාකාරණෙහි සංසග්ගමාවිකත්වා දළ්හං කරිත්වා පච්ඡා අන්තරායං කරොති, තාදිසම්පි පුග්ගලං නාස්මසෙ න විස්සසෙය්යාති දීපෙති.
සුක්ඛඤ්ජලි පග්ගහිතා යනු ගන්න ලද හිස් ඇඳිලි කර්ම ඇත්තාහුම. වාචාය පළිගුණ්ඨිතා යනු මෙය දෙමු කරන්නෙමුයි යන වචනයෙන් වසන ලද්දාහු. මනුස්ස ඓග්ගු යනු මෙබඳු වූ හිස් මිනිස්සු මනුස්ස ඓග්ගු නම් වෙති. නාසීදෙ යනු ඔවුන් වෙත නො යන්නේය. එවැන්නක් වෙත නො එළඹෙන්නේ ය. යස්මිං නත්ථි යනු යම් පුද්ලගයෙකු කෙරෙහි කළගුණ දන්නා බව නැත්ද ඔහු වෙතද නො යන්නේ ය යන අර්ථයි. අඤ්ඤඤ්ඤ චිත්තා යනු වෙන් වෙන් වූ සිතින් යුක්ත වූවන්ගේ, ලිහිල් සිත් ඇත්තවුන්ගේ යන අර්ථයි. මෙබඳු වූ ස්ත්‍රීන් හෝ පුරුෂයන් හෝ විශ්වාස නො කරන්නේ යයි දක්වයි. නානාව කත්වා සංසග්ගං යනු යමෙක් වෙතට නොගොස් මොහුට අනතුරක් කරන්නට නොහැකිය යි අනතුරු කිරීම සඳහා නොයෙක් කරුණුවලින් එකට විසීම කර දැඩි සේ කර පසුව අනතුර කරයි. එවැනි පුද්ගලයා කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. විශ්වාස නො කරන්නේ යයි දක්වයි.
අනරියකම්මමොක්කන්තති අනරියානං දුස්සීලානං කම්මං ඔතරිත්වා ඨිතං. අථෙතන්ති අථිරං අප්පතිට්ඨිතවචනං. සබ්බඝාතිනන්ති ඔකාසං ලභිත්වා සබ්බෙසං උපඝාතකරං. නිසිතංව පටිච්ඡන්නන්ති කොසියා වා පිලොතිකාය වා පටිච්ඡන්නං නිසිතඛග්ගමිව. තාදිසම්පීති එවරූපම්පි අමිත්තං මිත්තපතිරූපකං න විස්සසෙය්ය. සාඛල්යෙනාති මට්ඨවචනෙන. අචෙතසාති අචිත්තකෙන. වචනමෙව හි නෙසං මට්ඨං, චිත්තං පන ථද්ධං ඵරුසං. විවිධෙහීති විවිධෙහි උපායෙහි ඔතාරාපෙක්ඛා උපගච්ඡන්ති. තාදිසම්පීති යො එතෙහි අමිත්තෙහි මිත්තපතිරූපකෙහි සදිසො හොති, තම්පි න විස්සසෙති අත්ථො. ආමිසන්ති ඛාදනීයභොජනීයං. ධනන්ති මඤ්චපටිපාදකං ආදිං කත්වා අවසෙසං. යත්ථ පස්සතීති සහායකගෙහෙ යස්මිං ඨානෙ පස්සති. දුබ්භිං කරොතීති දුබ්භිචිත්තං උප්පාදෙති, තං ධනං හරති. තඤ්ච හන්ත්වානාති තඤ්ච සහායකම්පි ඡෙත්වා ගච්ඡති. ඉති ඉමා සත්ත ගාථා කුක්කුටරාජා කථෙසි.
අනරිය කම්මං ඔක්කන්තං යනු අයහපත් වූවන්ගේ දුස්ශීල කටයුතුවලට බැස සිටියේ අත්ථෙතං යනු ස්ථිර නොවූ. ස්ථිරව නොපිහිටි වචන ඇති. සබ්බසාතිනං යනු අවකාශ ලැබ සියල්ලන්ගේ නැසීම කරන්නා වූ. නිසිතං ව පටිච්ඡන්නං යනු කොපුවෙන් හෝ රෙදිකඩින් හෝ වැසුන තියුණු කඩුවක් මෙන් තා දිසම්පි යනු මෙබඳු වූ සතුරෙකු. මිත්‍ර ප්‍රතිරූපකයෙකු විශ්වාස නොකරන්නේය. සාඛල්ලෙන යනු මොළොක් වචනයෙන්. අචේකසා යනු අහිත වූ වචනයෙන්ම. මොවුන්ගේ මොළොක් සිත තදය. පරුෂය. විවිධෙහි යනු විවිධ උපායයන්ගෙන් දොසක් බලාපොරොත්තුවෙන් වෙතට එළඹෙයි. තාදිසම්පි යනු යමෙක් ඒ සතුරු වූ මිත්රප්රතිරූපකයන් සමඟ සමාන වෙයිද ඔහුද විශ්වාස නොකරන්නේය යන අර්ථයි. ආමිසං යනු කෑ යුතු දේ හා අනුභව කළයුතු දේ. ධනං යනු ඇඳන් පිළියෙල කිරීම් ආදී කොට සෙස්සයි. යත්ථ පස්සසී යනු යහළුවාගේ ගෙයි යම්තැනක දකියිද? දුභිං කරොති යනු ද්‍රෝහී සිත උපදවයි. ඒ ධනය රැගෙන යයි. තඤ්ච ක්ධත්වාන යනු එයද යහළුවාද නසා යයි. මෙසේ මේ ගාථා හත කුකුළු රජු කීවේය.
“මිත්තරූපෙන බහවො, ඡන්නා සෙවන්ති සත්තවො; ජහෙ කාපුරිසෙ හෙතෙ, කුක්කුටො විය සෙනකං.
8. බොහෝ සතුරෝ මිත්‍ර ප්රතිරූපකයන් මෙන් මිත්‍ර ස්වරූපයෙන් ඇසුරු කරති. උකුස්සා දුරලූ කුකුළා මෙන් මෙවැනි ලාමක මිනිසුන් අත්හරණේය.
“යො ච උප්පතිතං අත්ථං, න ඛිප්පමනුබුජ්ඣති; අමිත්තවසමන්වෙති, පච්ඡා ච මනුතප්පති.
9. යමෙක් උපන් කරුණ වහා අවබෝධ කර නොගනීද ඔහු සතුරන්ගේ වසඟයට පැමිණෙයි. පසුව තැවෙයි.
“යො ච උප්පතිතං අත්ථං, ඛිප්පමෙව නිබොධති; මුච්චතෙ සත්තුසම්බාධා, කුක්කුටො විය සෙනකා.
10. යමෙක් උපන් කරුණ වහා අවබෝධ කරගනීද ඔහු සතුරාගේ හිරිහැරවලින් මිදේ. උකුස්සාගෙන් මිදුන කුකුළා මෙනි.
“තං තාදිසං කූටමිවොඩ්ඩිතං වනෙ, අධම්මිකං නිච්චවිධංසකාරිනං; ආරා විවජ්ජෙය්ය නරො විචක්ඛණො, සෙනං යථා කුක්කුටො වංසකානනෙ”ති. –
11. වනයෙහි අටවා තැබූ මළපුඩුවක් මෙන් නොදැහැමි නිතර විනාශකාරී වූ ඔහුව විචක්ෂණ වූ (නුවණැති) මිනිසා දුරින්ම දුරු කරන්නේ ය. උණ වනයෙහි කුකුළා විසින් උකුස්සා දුරු කළේ යම් සේද එසේය.
ඉමා චතස්සො ධම්මරාජෙන භාසිතා අභිසම්බුද්ධගාථා.
මේ සතර ධර්මරාජ වූ බුදුන් විසින් දේශනා කරන ලද බුද්ධභාෂිත ගාථාවෝයි.
තත්ථ ජහෙ කාපුරිසෙ හෙතෙති භික්ඛවෙ, එතෙ කාපුරිසෙ පණ්ඩිතො ජහෙය්ය. හ-කාරො පනෙත්ථ නිපාතමත්තං. පච්ඡා ච මනුතප්පතීති පච්ඡා ච අනුතප්පති. කූටමිවොඩ්ඩිතන්ති වනෙ මිගානං බන්ධනත්ථාය කූටපාසං විය ඔඩ්ඩිතං. නිච්චවිධංසකාරිනන්ති නිච්චං විද්ධංසනකරං. වංසකානනෙති යථා වංසවනෙ කුක්කුටො සෙනං විවජ්ජෙති, එවං විචක්ඛණො පාපමිත්තෙ විවජ්ජෙය්ය.
එහි ජහෙ කාපුරිසෙහෙතෙ යනු මහණෙනි, පණ්ඩිතයා මේ නින්දිත පුරුෂයන් දුරුකරන්නේය. මෙහි හකාරය නිපාතයක් පමණි. පච්ඡා ච මනුතප්පති යනු පසුව පසුතැවිලි වේ. කූටමිවොඩ්ඩිතං යනු වනයෙහි මුවන් බැඳීම පිණිස අටවන ලද මලපුඩුවක් මෙන්. නිච්ච විධංස කාරිනං යනු නිරතුරුව විපත් කරන්නා වූ. වංසකානනෙ යනු යම් සේ උණ වනයෙහි කුකුළා උකුස්සා බැහැර කෙළේද මෙසේ දක්ෂ තැනැත්තා පවිටු මිතුරන් බැහැර කරන්නේය.
සොපි තා ගාථා වත්වා සෙනං ආමන්තෙත්වා “සචෙ ඉමස්මිං ඨානෙ වසිස්සසි, ජානිස්සාමි තෙ කත්තබ්බ”න්ති තජ්ජෙසි. සෙනො තතො පලායිත්වා අඤ්ඤත්ර ගතො.
ඔහුද එම ගාථා තුන කියා උකුස්සා අමතා ඉදින් මෙතන්හි සිටිව්ද තොපට කළ යුත්ත දන්නෙමියි තර්ජනය කළේය. උකුස්සා එතැනින් පලා ගොස් අන් තැනකට ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං භික්ඛවෙ දෙවදත්තො පුබ්බෙපි මය්හං වධාය පරිසක්කී”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා සෙනො දෙවදත්තො අහොසි, කුක්කුටො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මෙසේ දේවදත්තයා පෙරද මා මරන්නට උත්සාහ කළේ යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි උකුස්සා දෙව්දත් වීය. කුකුළා මම ම වීමි යයි වදාළහ.
කුක්කුටජාතකවණ්ණනා දසමා.