9. මහාධම්මපාලජාතකවණ්ණනා 447 අට්ඨකථා
9. මහාධම්මපාලජාතකවණ්ණනා (447)
9. මහාධම්මපාල ජාතකය (447)
කිං තෙ වතන්ති ඉදං සත්ථා පඨමගමනෙන කපිලපුරං ගන්ත්වා නිග්රොධාරාමෙ විහරන්තො පිතු නිවෙසනෙ රඤ්ඤො අසද්දහනං ආරබ්භ කථෙසි. තදා හි සුද්ධොදනමහාරාජා වීසතිසහස්සභික්ඛුපරිවාරස්ස භගවතො අත්තනො නිවෙසනෙ යාගුඛජ්ජකං දත්වා අන්තරාභත්තෙ සම්මොදනීයං කථං කථෙන්තො “භන්තෙ, තුම්හාකං පධානකාලෙ දෙවතා ආගන්ත්වා ආකාසෙ ඨත්වා ‘පුත්තො තෙ සිද්ධත්ථකුමාරො අප්පාහාරතාය මතො’ති මය්හං ආරොචෙසු”න්ති ආහ. සත්ථාරා ච “සද්දහි, මහාරාජා”ති වුත්තෙ “න සද්දහිං, භන්තෙ, ආකාසෙ ඨත්වා කථෙන්තියොපි දෙවතා, ‘මම පුත්තස්ස බොධිතලෙ බුද්ධත්තං අප්පත්වා පරිනිබ්බානං නාම නත්ථී’ති පටික්ඛිපි”න්ති ආහ. “මහාරාජ, පුබ්බෙපි ත්වං මහාධම්මපාලකාලෙපි ‘පුත්තො තෙ මතො ඉමානිස්ස අට්ඨීනී’ති දස්සෙත්වා වදන්තස්සපි දිසාපාමොක්ඛාචරියස්ස ‘අම්හාකං කුලෙ තරුණකාලෙ කාලකිරියා නාම නත්ථී’ති න සද්දහි, ඉදානි පන කස්මා සද්දහිස්සසී”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
කින්තෙ වතං යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ පළමු ගමනින් කිඹුල්වතට ගොස් නිග්‍රෝධාරාමයෙහි වාසය කරන සේක් පියාගේ නිවෙස්නහි රජුගේ නොඇදහීමක් අරභයා දේශනා කළ සේක. එකල්හි සුදොවුන් මහරජු විසිදහසක් පිරිවර ඇති භාග්‍යවතුන් වහන්සේට තම නිවෙස්හි කැඳ-කැවිලි දී බත් අතර කාලයෙහි සතුටුවිය යුතු කථා කරන්නේ ස්වාමීනි, ඔබගේ වීර්ය වඩන කාලයෙහි දේවතාවෝ පැමිණ අහස්හි සිට ඔබගේ පුතු වූ සිද්ධාර්ථ කුමාරයා ස්වල්පාහාර ඇති නිසා මළේ යයි මට දැන්වූහයි කීය. බුදුරජු විසින් මහරජ, ඇදහුවෙදැයි කී කල්හි ස්වාමීනි, නොඇදහුවෙමි. අහස්හි සිට දේවතාවෝ කියන්නෝද මගේ පුතා බෝමැඩහි බුද්ධත්වයට නොපැමිණ පිරිනිවන්පෑමක් නම් නැතැයි ප්රතික්ෂෙප කෙළෙමියි කීය. මහරජතුමනි, පෙර ඔබ මහාධර්මපාල කාලයෙහිද තොපගේ පුතු මළේය. මේ ඔහුගේ ඇටයි දක්වා කියන්නා වූ දිසාපාමොක් ආචාරීන්ට අපගේ කුලයෙහි තරුණ කල කළුරිය කිරීමක් නම් නැතැයි විශ්වාස නොකළේය. දැන් වනාහි කුමක් හෙයින් අදහන්නෙහි දැයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ කාසිරට්ඨෙ ධම්මපාලගාමො නාම අහොසි. සො ධම්මපාලකුලස්ස වසනතාය එතං නාමං ලභි. තත්ථ දසන්නං කුසලකම්මපථානං පාලනතො “ධම්මපාලො”ත්වෙව පඤ්ඤාතො බ්රාහ්මණො පටිවසති, තස්ස කුලෙ අන්තමසො දාසකම්මකරාපි දානං දෙන්ති, සීලං රක්ඛන්ති, උපොසථකම්මං කරොන්ති. තදා බොධිසත්තො තස්මිං කුලෙ නිබ්බත්ති, “ධම්මපාලකුමාරො”ත්වෙවස්ස නාමං කරිංසු. අථ නං වයප්පත්තං පිතා සහස්සං දත්වා සිප්පුග්ගහණත්ථාය තක්කසිලං පෙසෙසි. සො තත්ථ ගන්ත්වා දිසාපාමොක්ඛාචරියස්ස සන්තිකෙ සිප්පං උග්ගණ්හි, පඤ්චන්නං මාණවකසතානං ජෙට්ඨන්තෙවාසිකො අහොසි. තදා ආචරියස්ස ජෙට්ඨපුත්තො කාලමකාසි. ආචරියො මාණවකපරිවුතො ඤාතිගණෙන සද්ධිං රොදන්තො කන්දන්තො සුසානෙ තස්ස සරීරකිච්චං කාරෙති. තත්ථ ආචරියො ච ඤාතිවග්ගො චස්ස අන්තෙවාසිකා ච රොදන්ති පරිදෙවන්ති, ධම්මපාලොයෙවෙකො න රොදති න පරිදෙවති. අපිච ඛො පන තෙසු පඤ්චසතෙසු මාණවෙසු සුසානා ආගම්ම ආචරියස්ස සන්තිකෙ නිසීදිත්වා “අහො එවරූපො නාම ආචාරසම්පන්නො තරුණමාණවො තරුණකාලෙයෙව මාතාපිතූහි විප්පයුත්තො මරණප්පත්තො”ති වදන්තෙසු “සම්මා, තුම්හෙ ‘තරුණො’ති භණථ, අථ කස්මා තරුණකාලෙයෙව මරති, නනු අයුත්තං තරුණකාලෙ මරිතු”න්ති ආහ.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසීරට ධම්මපාල නම් ගමක් විය. එගම ධර්මපාල කුලය වසන බැවින් මේ නම ලැබුවේය. එහි දසකුසලපථ ධර්මයන් පාලනය කරන හෙයින් ධර්මපාල යනුවෙන්ම ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණයෙක් වාසය කරයි. ඔහුගේ කුලයෙහි අවසන් වශයෙන් දාස කම්කරුවෝද දන් දෙති. සිල් රකිති. පෙහෙවස් කර්මය කරති. එකල්හි බෝධිසත්ව තෙමේ ඒ කුලයෙහි උපන්නේය. ධර්මපාල කුමාරයා යනුවෙන්ම ඔහුට නම් කළාහුය. ඉක්බිති සුදුසු වයසට පත් ඔහුට පියා දහසක් දී ශිල්ප ඉගෙනීම පිණිස තක්ෂිලාවට යැවීය. හෙතෙම එහි ගොස් දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප උගත්තේය. පන්සියයක් මානවකයන් අතර දෙටු අතවැසියා වීය. එකල්හි ආචාර්යයන්ගේ වැඩිමහල් පුතා කළුරිය කෙළේය. ආචාර්ය තෙමේ මානවකයන් පිරිවරන ලද්දේ නෑ සමූහයා සමග හඬන්නේ සොහොනෙහි ඔහුගේ ශරීරය පිළිබඳ ආදාහන කටයුතු කරවයි. එහිදී ආචාර්යවරයාද නෑ සමූහයාද අතවැසියෝද හඩත්. වැලපෙත්. දක්ෂ වූ ධර්මපාල නොහඬයි. නොවැළපෙයි. තවද ඒ පන්සියයක් මානවකයන් සොහොනින් අවුත් ආචාර්යයන්ගේ සමීපයෙහි හිඳ ඛේදයක මහත. මෙබඳු වූ මනා පැවැත්මෙන් යුක්ත වූ තරුණ මානවකයා යොවුන් වියෙහිදීම මව්පියන්ගෙන් වෙන් වූයේ මරණයට පත්වූයේ යයි කියන කල්හි යහළුවෙනි, තෙපි තරුණයෙකැයි කියහු. තවද තරුණ කාලයෙහිදීම මළේය. යොවුන් කාලයෙහි මැරීම නුසුදුසු නොවේදැයි කීය.
අථ නං තෙ ආහංසු “කිං පන සම්ම, ත්වං ඉමෙසං සත්තානං මරණභාවං න ජානාසී”ති? ජානාමි, තරුණකාලෙ පන න මරන්ති, මහල්ලකකාලෙයෙව මරන්තීති. නනු අනිච්චා සබ්බෙ සඞ්ඛාරා හුත්වා අභාවිනොති? “සච්චං අනිච්චා, දහරකාලෙ පන සත්තා න මරන්ති, මහල්ලකකාලෙ මරන්ති, අනිච්චතං පාපුණන්තී”ති. “කිං සම්ම, ධම්මපාල, තුම්හාකං ගෙහෙ න කෙචි මරන්තී”ති? “දහරකාලෙ පන න මරන්ති, මහල්ලකකාලෙයෙව මරන්තී”ති. “කිං පනෙසා තුම්හාකං කුලපවෙණී”ති? “ආම කුලපවෙණී”ති. මාණවා තං තස්ස කථං ආචරියස්ස ආරොචෙසුං. අථ නං සො පක්කොසාපෙත්වා පුච්ඡි “සච්චං කිර තාත ධම්මපාල, තුම්හාකං කුලෙ දහරකාලෙ න මීයන්තී”ති? “සච්චං ආචරියා”ති. සො තස්ස වචනං සුත්වා චින්තෙසි “අයං අතිවිය අච්ඡරියං වදති, ඉමස්ස පිතු සන්තිකං ගන්ත්වා පුච්ඡිත්වා සචෙ එතං සච්චං, අහම්පි තමෙව ධම්මං පූරෙස්සාමී”ති. සො පුත්තස්ස කත්තබ්බකිච්චං කත්වා සත්තට්ඨදිවසච්චයෙන ධම්මපාලං පක්කොසාපෙත්වා “තාත, අහං ඛිප්පං ආගමිස්සාමි, යාව මමාගමනා ඉමෙ මාණවෙ සිප්පං වාචෙහී”ති වත්වා එකස්ස එළකස්ස අට්ඨීනි ගහෙත්වා ධොවිත්වා පසිබ්බකෙ කත්වා එකං චූළුපට්ඨාකං ආදාය තක්කසිලතො නික්ඛමිත්වා අනුපුබ්බෙන තං ගාමං පත්වා “කතරං මහාධම්මපාලස්ස ගෙහ”න්ති පුච්ඡිත්වා ගන්ත්වා ද්වාරෙ අට්ඨාසි. බ්රාහ්මණස්ස දාසමනුස්සෙසු යො යො පඨමං අද්දස, සො සො ආචරියස්ස හත්ථතො ඡත්තං ගණ්හි, උපාහනං ගණ්හි, උපට්ඨාකස්සපි හත්ථතො පසිබ්බකං ගණ්හි. “පුත්තස්ස වො ධම්මපාලකුමාරස්ස ආචරියො ද්වාරෙ ඨිතොති කුමාරස්ස පිතු ආරොචෙථා”ති ච වුත්තා “සාධූ”ති ගන්ත්වා ආරොචයිංසු. සො වෙගෙන ද්වාරමූලං ගන්ත්වා “ඉතො එථා”ති තං ඝරං අභිනෙත්වා පල්ලඞ්කෙ නිසීදාපෙත්වා සබ්බං පාදධොවනාදිකිච්චං අකාසි.
ඉක්බිති ඔහුට ඒ මානවකයෝ කීහ. යහළුව, ඔබ මේ සත්ත්වයන්ගේ මරණ ස්වභාවය නොදන්නෙහිද? දනිමි. තරුණ කාලයෙහි නොමැරෙත්. මහළු කාලයෙහිදීම මැරෙත්. සියළු සංස්කාරයෝ අනිත්‍යයෝ වී විනාශ වන්නෝ නොවෙත්ද? අනිත්‍ය බව සැබවි. යොවුන් කාලයෙහිදී සත්ත්වයෝ නොමැරෙති. මහළු කාලයෙහි අනිත්‍ය බවට පැමිණෙත් යි. කිම යහළු ධම්මපාලයනි, නුඹගේ ගෙහි කිසිවෙක් තරුණ කාලයෙහි නොමැරෙත්ද? මහළු කාලයෙහිදීම මැරෙත්දැයි. කිම මෙය තොපගේ කුලයෙහි පරම්පරාගත උරුමයක්ද? එසේය. පරම්පරාගත උරුමයකි. මානවකයෝ ඔහුගේ ඒ කථාව අසා ආචාර්යයන්ට දැන්වූවාහුය. ඉක්බිති හෙතෙම ඔහු කැඳවා විමසීය. දරුව, ධර්මපාලය, තොපගේ කුලයෙහි තරුණ කාලයෙහි නොමියත් යනු ඇත්තද? ආචාර්යතුමනි, ඇත්තයි. ඔහු ඒ ධර්මපාලගේ කථාව අසා සිතීය. මොහු අතිශයින් පුදුම වූවක් කියයි. මොහුගේ සමීපයට ගොස් විමසා ඉදින් මෙය සත්‍ය නම් මමද එම ධර්මයම සම්පූර්ණ කරන්නෙමියි. හෙතෙම පුතාට කළයුතු කටයුතු කොට සත්-අට දවසක් ඇවෑමෙන් ධර්මපාල කැඳවා දරුව, මම බැහැර යන්නෙමි. ඔබ මා පැමිණෙන තෙක් මේ මානවකයන්ට ශිල්ප උගන්වවයි. (කියවවයි) කියා එක් එළුවෙකුගේ ඇට ගෙන සෝදා පසුම්බියක කොට එක් සුළු උපස්ථායෙකු ගෙන තක්ෂිලාවෙන් නික්මී පිළිවෙලින් එගමට පැමිණ මහාධර්මපාලගේ ගෙය කොහිදැයි විමසා ගොස් දොරටුවෙහි සිටියේය. බ්‍රාහ්මණයාගේ දාසයන් වූ මිනිසුන් අතර යමෙක් යමෙක් පළමුව දුටුවේද ඒ ඒ තැනැත්තා ආචාර්යයන්ගේ අතින් කුඩය ගත්තේය. පාවහන ගත්තේය. උපස්ථායකයාගේ අතින් පසුම්බිය ගත්තේය. ඔබගේ පුතු වූ ධර්මපාල කුමාරයාගේ ගුරුවරයා දොරටුවෙහි සිටියේ යයි කුමාරයාගේ පියාට දන්වව් යයි කියන ලද්දෝ ඔවුහු මැනවයි කියා දැන්වූහ. හෙතෙම වේගයෙන් දොර මුලට ගොස් මෙහෙන් එවයි ඔහු ගෙට කැඳවා පළගෙහි හිඳුවා පාදෙවීම් ආදී සියළු කටයුතු කෙළේය.
ආචරියො භුත්තභොජනො සුඛකථාය නිසින්නකාලෙ “බ්‍රාහ්මණ, පුත්තො තෙ ධම්මපාලකුමාරො පඤ්ඤවා තිණ්ණං වෙදානං අට්ඨාරසන්නඤ්ච සිප්පානං නිප්ඵත්තිං පත්තො, අපිච ඛො පනෙකෙන අඵාසුකෙන ජීවිතක්ඛයං පත්තො, සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, මා සොචිත්ථා”ති ආහ. බ්රාහ්මණො පාණිං පහරිත්වා මහාහසිතං හසි. “කිං නු බ්‍රාහ්මණ, හසසී”ති ච වුත්තෙ “මය්හං පුත්තො න මරති, අඤ්ඤො කොචි මතො භවිස්සතී”ති ආහ. “බ්‍රාහ්මණ, පුත්තොයෙව තෙ මතො, පුත්තස්සෙව තෙ අට්ඨීනි දිස්වා සද්දහා”ති අට්ඨීනි නීහරිත්වා “ඉමානි තෙ පුත්තස්ස අට්ඨීනී”ති ආහ. එතානි එළකස්ස වා සුනඛස්ස වා භවිස්සන්ති, මය්හං පන පුත්තො න මරති, අම්හාකාඤ්හි කුලෙ යාව සත්තමා කුලපරිවට්ටා තරුණකාලෙ මතපුබ්බා නාම නත්ථි, ත්වං මුසා භණසීති. තස්මිං ඛණෙ සබ්බෙපි පාණිං පහරිත්වා මහාහසිතං හසිංසු. ආචරියො තං අච්ඡරියං දිස්වා සොමනස්සප්පත්තො හුත්වා “බ්‍රාහ්මණ, තුම්හාකං කුලපවෙණියං දහරානං අමරණෙන න සක්කා අහෙතුකෙන භවිතුං, කෙන වො කාරණෙන දහරා න මීයන්තී”ති පුච්ඡන්තො පඨමං ගාථමාහ –
ආචාර්ය තෙමේ අනුභව කරන ලද ආහාර ඇත්තේ සුව (දුක්) පිළිබඳ කථාවෙහි හුන් කල්හි “බ්‍රාහ්මණය, ඔබගේ පුත් වූ ධර්මපාල කුමාරයා නුවණැත්තෙකි. ත්රිවේදයන්හිද අටළොස් ශිල්පයන්ගේද නිමාවට පැමිණියේය. එතකුදු වුවත් එක් රෝගයකින් ජීවිතක්ෂයට පත් වූයේය. සියළු සංස්කාරයෝ අනිත්‍යයහ. සෝක නොකරව් යි කීය. බ්‍රාහ්මණය, අතින් (අත) ගසා මහ සිනහවක් සිනාසුනේය. බ්‍රාහ්මණය, කවරකින් සිනාසෙයිද? යි කී කල්හි මගේ පුතා නොමැරෙයි. අන් කිසිවෙක් මැරුනේ වන්නේය යි කීය. බ්‍රාහ්මණය, තොපගේ පුතාම මළේය. තොපගේ පුතාගේ ඇට දැක විශ්වාස කරවයි පිටතට ගෙන මේ තොපගේ පුතාගේ ඇටයි කීය. මේවා එළුවෙකුගේ හෝ සුනඛයෙකුගේ හෝ ඒවා වෙයි. මගේ පුතා නොමැරෙයි. අපගේ කුලයෙහි සත්වන පරපුර දක්වා තරුණ කාලයෙහි මැරුණෙක් නම් නැත. ඔබ බොරු කියහියි. එකෙනෙහි සියල්ලෝම අතින් අත ගසා මහ හඬින් සිනාසුනහ. ආචාර්ය තෙමේ ඒ ආශ්චර්යය දැක සොම්නසට පත්වූයේ වී බ්‍රාහ්මණය, තොපගේ කුල පරම්පරාවෙහි තරුණයන් නොමැරීම හේතු නැතිව වීමට නොහැකිය. කවර කරුණකින් තොපගේ තරුණයෝ නොමියෙත්දැයි විමසන්නේ පළමු ගාථාව කීය.
“කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං, කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො; අක්ඛාහි මෙ බ්‍රාහ්මණ එතමත්ථං, කස්මා නු තුම්හං දහරා න මීයරෙ”ති.
කින්තෙ වතං කිං පන බ්රහ්මචරියං - කිස්ස සුචිණස්ස අයං විපාකො, අක්ඛාහි මෙ බ්‍රාහ්මණ පතමත්ථං - කස්මාහි තුම්හං දහරා නමීයරෙති
1. තොපගේ ව්‍රතය කුමක්ද? උසස් හැසිරීම කුමක්ද? මේ විපාකය කවර සුචරිතයකද? බ්‍රාහ්මණය. මේ කරුණ මට කියව. කුමක් හෙයින් තොපගේ තරුණයෝ නොමියෙත්ද?
තත්ථ වතන්ති වතසමාදානං. බ්රහ්මචරියන්ති සෙට්ඨචරියං. කිස්ස සුචිණ්ණස්සාති තුම්හාකං කුලෙ දහරානං අමරණං නාම කතරසුචරිතස්ස විපාකොති.
එහි වතං යනු ව්‍රත සමාදානයයි. බ්රහ්මචරියං යනු උසස් හැසිරීමයි. කිස්ස සුචිණ්ණස්ස යනු තොපගේ කුලයෙහි තරුණයන්ගේ නොමැරීම කවර සුචරිතයක විපාකයක්ද?
තං සුත්වා බ්රාහ්මණො යෙසං ගුණානං ආනුභාවෙන තස්මිං කුලෙ දහරා න මීයන්ති, තෙ වණ්ණයන්තො –
ඒ අසා බ්‍රාහ්මණය, යම් ගුණයන්ගේ අනුභාවයෙන් ඒ කුලයෙහි තරුණයෝ නොමියෙත්ද ඒවා වර්ණනා කරන්නේ.
“ධම්මං චරාම න මුසා භණාම, පාපානි කම්මානි පරිවජ්ජයාම; අනරියං පරිවජ්ජෙමු සබ්බං, තස්මා හි අම්හං දහරා න මීයරෙ.
2. දහම්හි හැසිරෙමු. බොරු නොකියමු. පවිටු කර්මයන් වර්ජනය කරමු. සියළු නින්දා කටයුතු ක්‍රියා දුරුකරමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත්.
“සුණොම ධම්මං අසතං සතඤ්ච, න චාපි ධම්මං අසතං රොචයාම; හිත්වා අසන්තෙ න ජහාම සන්තෙ, තස්මා හි අම්හං දහරා න මීයරෙ.
3. සත් පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද ධර්මය අසමු. අසත්පුරුෂයන්ගේ ධර්මය රුචි නොකරමු. අසත්පුරුෂයන් අත්හැර සත්පුරුෂයන් අත් නොහරින්නෝ වෙමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත්.
“පුබ්බෙව දානා සුමනා භවාම, දදම්පි වෙ අත්තමනා භවාම; දත්වාපි වෙ නානුතප්පාම පච්ඡා, තස්මා හි අම්හං දහරා න මීයරෙ.
4. දන් දීමට පෙර සතුටු සිත් ඇත්තෝ වෙමු. දන් දෙන්නේද සතුටු සිත් ඇත්තෝ වෙමු. දන් දී පසුව නොතැවෙමු. එහෙයින් අපගේ දරුවෝ නොමැරෙත්.
“සමණෙ මයං බ්රාහ්මණෙ අද්ධිකෙ ච, වනිබ්බකෙ යාචනකෙ දලිද්දෙ; අන්නෙන පානෙන අභිතප්පයාම, තස්මා හි අම්හං දහරා න මීයරෙ.
5. අපි ශ්‍රමණයන්ද, බ්‍රාහ්මණයන්ද, මගියන්ද, ගුණ කියා ඉල්ලන්නන්ද, යාචකයන්ද, දිළින්දන්ද යන මොවුන් කෑමෙන් හා බීමෙන් සන්තර්පණය කරමු.
“මයඤ්ච භරියං නාතික්කමාම, අම්හෙ ච භරියා නාතික්කමන්ති; අඤ්ඤත්ර තාහි බ්රහ්මචරියං චරාම, තස්මා හි අම්හං දහරා න මීයරෙ.
6. අපි සිය භාර්යාව ඉක්මවා නොයන්නෙමු. අපගේ භාර්යාවෝද අප ඉක්මවා නොයති. ඔවුන් හැර අන් ස්ත්‍රීන් පිළිබදව බඹසර හැසිරෙමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙති.
“පාණාතිපාතා විරමාම සබ්බෙ, ලොකෙ අදින්නං පරිවජ්ජයාම; අමජ්ජපා නොපි මුසා භණාම, තස්මා හි අම්හං දහරා න මීයරෙ.
7. අපි සියල්ලෝම ප්‍රාණඝාතයෙන් වැලකෙමු. ලොව නොදුන් දේ වර්ජනය කරමු. මත්පැන් නොබොමු. බොරු නොකියමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත්.
“එතාසු වෙ ජායරෙ සුත්තමාසු, මෙධාවිනො හොන්ති පහූතපඤ්ඤා; බහුස්සුතා වෙදගුනො ච හොන්ති, තස්මා හි අම්හං දහරා න මීයරෙ.
8. මනා ශීලයෙන් යුත් මේ උතුම් ස්ත්‍රීන් කෙරෙහි යම් දරු කෙනෙක් උපදිත්ද මහාප්‍රාඥ වූ බුද්ධිමත්හු වෙති. බහුශ්‍රැතයෝද වෙති. වේදයන්හි පරතෙරට ගියෝද වෙති. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත්.
“මාතා පිතා ච භගිනී භාතරො ච, පුත්තා ච දාරා ච මයඤ්ච සබ්බෙ; ධම්මං චරාම පරලොකහෙතු, තස්මා හි අම්හං දහරා න මීයරෙ.
9. මවද පියාද සහෝදරී සහෝදරයෝද පුත්‍රයෝද බිරින්දෝද යන අපි සියල්ලෝ පරලොව සැප සලකා ධර්මයෙහි හැසිරෙමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙති.
“දාසා ච දාස්යො අනුජීවිනො ච, පරිචාරකා කම්මකරා ච සබ්බෙ; ධම්මං චරන්ති පරලොකහෙතු, තස්මා හි අම්හං දහරා න මීයරෙ”ති. –
10. දාසයෝ ද දාසියෝ ද අප නිසා දිවි රැකගන්නෝ ද පිරිවර ජනයෝ ද කම්කරුවෝ ද යන සියල්ලෝ පරලොව සැප සලකා ධර්මයෙහි හැසිරෙත්. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙත් යි.
ඉමා ගාථා ආහ.
මේ ගාථාවෙන් කීය.
තත්ථ ධම්මං චරාමාති දසකුසලකම්මපථධම්මං චරාම, අත්තනො ජීවිතහෙතු අන්තමසො කුන්ථකිපිල්ලිකම්පි ජීවිතා න වොරොපෙම, පරභණ්ඩං ලොභචිත්තෙන න ඔලොකෙමාති සබ්බං විත්ථාරෙතබ්බං. මුසාවාදො චෙත්ථ මුසාවාදිස්ස අකරණපාපං නාම නත්ථීති උස්සන්නවසෙන පුන වුත්තො. තෙ කිර හසාධිප්පායෙනපි මුසා න භණන්ති. පාපානීති සබ්බානි නිරයගාමිකම්මානි. අනරියන්ති අරියගරහිතං සබ්බං අසුන්දරං අපරිසුද්ධං කම්මං පරිවජ්ජයාම. තස්මා හි අම්හන්ති එත්ථ හි-කාරො නිපාතමත්තො, තෙන කාරණෙන අම්හාකං දහරා න මීයන්ති, අන්තරා අකාලමරණං නාම නො නත්ථීති අත්ථො. “තස්මා අම්හ”න්තිපි පාඨො. සුණොමාති මයං කිරියවාදානං සප්පුරිසානං කුසලදීපනම්පි අසප්පුරිසානං අකුසලදීපනම්පි ධම්මං සුණොම , සො පන නො සුතමත්තකොව හොති, තං න රොචයාම. තෙහි පන නො සද්ධිං විග්ගහො වා විවාදො වා මා හොතූති ධම්මං සුණාම, සුත්වාපි හිත්වා අසන්තෙ සන්තෙ වත්තාම, එකම්පි ඛණං න ජහාම සන්තෙ, පාපමිත්තෙ පහාය කල්යාණමිත්තසෙවිනොව හොමාති.
එහි ධම්මං චරාම යනු දශකුසල පථ ධර්මයන්හි හැසිරෙමු. තමාගේ ජීවිතය නිසාවෙන්ද කුරු කුහුඹුවෙකුද ජීවිතයෙන් නොහරිමු. අනුන්ගේ බඩු දෙස ලෝභ සිතින් නොබලමුයි සියල්ල විස්තර කටයුතුයි. මුසාවාදො යන මෙහි බොරු කියන තැනැත්තාට කළ නොහැකි පාපයක් නැතැයි බහුල වශයෙන් නැවත කියන ලදි. ඔවුහු සිනහ පිණිසද බොරු නොකියති. පාපානි යනු නිරයගාමී සියළු ලාමක ක්රියාවෝයි. අනරියං යනු උතුමන් විසින් ගර්හා කරන ලද සියල්ලයි. සුන්දර නොවූ අපිරිසිදු කර්මයන් දුරුකරමු. තස්මාහි අම්හං යනු මෙහි “හි” කාරය නිපාත මාත්‍රයකි. ඒ කරුණින් අපගේ තරුණයෝ නොමියෙත්. අතරදී අකාල මරණයක් නම් අපට නැතැයි යි අර්ථයි. තස්මා අම්හං යනුද පාඨයි. සුණෝම යනු අපි ක්‍රියාවාදී වූ සත් පුරුෂයන්ගේ කුසල් දැක්වීමත් අසත්පුරුෂයන්ගේ කුසල් දැක්වීමත් වූ ධර්මය අසමු. එය අපට ඇසූවක් පමණක් වේ. එය රුචි නොකරමු. ඔවුන් සමග අපගේ අරගලයක් විවාදයක් නොවේවායි ධර්මය අසමු. අසාද හිත්වා අසන්තෙ අසත්පුරුෂයන් අත්හැර සත්පුරුෂයන් අනුව පවතිමු. එක් ඇසිල්ලකුදු සත්පුරුෂයන් අත් නොහරිමු. පවිටු මිත්‍රයන් අත්හැර කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නෝ වෙමුයි.
සමණෙ මයං බ්රාහ්මණෙති මයං සමිතපාපෙ බාහිතපාපෙ පච්චෙකබුද්ධසමණබ්රාහ්මණෙපි අවසෙසධම්මිකසමණබ්රාහ්මණෙපි අද්ධිකයාචකෙ සෙසජනෙපි අන්නපානෙන අභිතප්පෙමාති අත්ථො. පාළියං පන අයං ගාථා “පුබ්බෙව දානා”ති ගාථාය පච්ඡතො ආගතා. නාතික්කමාමාති අත්තනො භරියං අතික්කමිත්වා බහි අඤ්ඤං මිච්ඡාචාරං න කරොම. අඤ්ඤත්ර තාහීති තා අත්තනො භරියා ඨපෙත්වා සෙසඉත්ථීසු බ්රහ්මචරියං චරාම, අම්හාකං භරියාපි සෙසපුරිසෙසු එවමෙව වත්තන්ති. ජායරෙති ජායන්ති. සුත්තමාසූති සුසීලාසු උත්තමිත්ථීසු. ඉදං වුත්තං හොති – යෙ එතාසු සම්පන්නසීලාසු උත්තමිත්ථීසු අම්හාකං පුත්තා ජායන්ති, තෙ මෙධාවිනොති එවංපකාරා හොන්ති, කුතො තෙසං අන්තරා මරණං, තස්මාපි අම්හාකං කුලෙ දහරා න මරන්තීති. ධම්මං චරාමාති පරලොකත්ථාය තිවිධසුචරිතධම්මං චරාම. දාස්යොති දාසියො.
සමණෙ මයං බ්රාහ්මණෙ යනු බ්‍රාහ්මණය අපි සන්සිඳුවන ලද පාපයන් ඇති බහා තබන ලද පාපයන් ඇති පසේබුදු ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහිද සෙසු ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහිද මගීන් ආදී සෙසු ජනයන් කෙරෙහිද කෑම්-බීම්වලින් සන්තර්පණය කරමු යන අර්ථයි. පෙළෙහි මෙම ගාථා පුබ්බේව දානා යන ගාථාවෙන් පසුව එයි. නාතික්කමාමා යනු තමාගේ භාර්යාව ඉක්මවා පිටස්තර අන් වැරදි හැසිරිමක් නොකරමු. අඤ්ඤත්ර තාහි යනු තමාගේ ඒ භාර්යාවන් හැර සෙසු ස්ත්‍රීන් පිළිබඳව බඹසර හැසිරෙමු. අපගේ භාර්යාවෝද මෙලෙසම පවතිත්. ජායරෙ යනු උපදිත්. සුත්තමාසු යනු මනා සිල් ඇති උත්තම ස්ත්‍රීන් කෙරෙහි මෙය කියන ලද්දේ වෙයි. මේ සීලයෙන් යුක්ත වූ උතුම් ස්ත්‍රීන් කෙරෙහි අපට යම් පුතෙක් උපදිත්ද ඔවුහු බුද්ධිමත්හු වෙතියි මෙවැනි ප්‍රකාර වෙති. ඔවුන්ගේ අතරෙහි (අකල්) මරණයක් කොයින්ද? එහෙයින්ද අපගේ කුලයෙහි තරුණයෝ නොමැරෙත්. ධම්මං චරාම යනු පරලොව පිණිස ත්‍රිවිධාකාර වූ සුසිරිත් දහම්හි හැසිරෙමු දස්සො යනු දාසීහුය.
අවසානෙ –
අවසානයෙහිදී
“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං, ධම්මො සුචිණ්ණො සුඛමාවහති; එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී.
11. ඒකාන්තයෙන්ම ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය තෙමේම රකියි. ධර්මයෙහි මනාව පුරුදු කරන ලද සුචරිත ධර්මය සැප එළවයි. මනාව පුරුදු කරන ලද ධර්මයෙහි මේ ආනිසංසය වේ. දහම්හි හැසිරෙන්නා දුගතියට නොයයි.
“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං, ඡත්තං මහන්තං විය වස්සකාලෙ; ධම්මෙන ගුත්තො මම ධම්මපාලො, අඤ්ඤස්ස අට්ඨීනි සුඛී කුමාරො”ති. –
12. වැසිකල්හි මහත් කුඩයක් (කුඩය දරන්නා රකින්නාක්) මෙන් සුචරිත ධර්මය දහම්හි හැසිරෙන්නා රකී. මගේ ධර්මපාලයා ධර්මය විසින් ආරක්ෂා කරන ලද්දේ වෙයි. මේ ඇට අනිකකුගේය. කුමාරයා සැපෙනි.
ඉමාහි ද්වීහි ගාථාහි ධම්මචාරීනං ගුණං කථෙසි.
මේ ගාථා දෙකෙන් ධර්මයෙහි හැසිරෙන්නවුන්ගේ ගුණ කීවේය.
තත්ථ රක්ඛතීති ධම්මො නාමෙසො රක්ඛිතො අත්තනො රක්ඛිතං පටිරක්ඛති. සුඛමාවහතීති දෙවමනුස්සසුඛඤ්චෙව නිබ්බානසුඛඤ්ච ආවහති. න දුග්ගතින්ති නිරයාදිභෙදං දුග්ගතිං න ගච්ඡති. එවං බ්‍රාහ්මණ, මයං ධම්මං රක්ඛාම, ධම්මොපි අම්හෙ රක්ඛතීති දස්සෙති. ධම්මෙන ගුත්තොති මහාඡත්තසදිසෙන අත්තනා ගොපිතධම්මෙන ගුත්තො. අඤ්ඤස්ස අට්ඨීනීති තයා ආනීතානි අට්ඨීනි අඤ්ඤස්ස එළකස්ස වා සුනඛස්ස වා අට්ඨීනි භවිස්සන්ති, ඡඩ්ඩෙථෙතානි, මම පුත්තො සුඛී කුමාරොති.
එහි රක්ඛති යනු රක්නා ලද ධර්මය තමා ආරක්ෂා කරන්නා පෙරලා රකී. සුඛමාවහාති යනු දෙව්මිනිස් සැපද නිවන් සැපද ගෙන දෙයි. න දුග්ගතිං යනු නිරය ආදී භේද ඇති දුගතියට නොයයි. බ්‍රාහ්මණය, මෙසේ අපි ධර්මය රකිමු. ධර්මයද අප රකී යයි දක්වයි. ධම්මෙන ගුත්තො යනු මහකුඩයකින් මෙන් තමා විසින් ආරක්ෂා කරන ලද ධර්මයෙන් රක්නා ලද්දේ. අඤ්ඤස්ස අටඨිනි යනු ඔහු විසින් ගෙන එන ලද ඇට අන් එළුවෙකුගේ හෝ බල්ලෙකුගේ හෝ වන්නේය. මේවා බැහැර කරවයි. මගේ පුත් කුමාරය සැපවත් වූයේ වෙයි.
තං සුත්වා ආචරියො “මය්හං ආගමනං සුආගමනං, සඵලං, නො නිප්ඵල”න්ති සඤ්ජාතසොමනස්සො ධම්මපාලස්ස පිතරං ඛමාපෙත්වා “මයා ආගච්ඡන්තෙන තුම්හාකං වීමංසනත්ථාය ඉමානි එළකඅට්ඨීනි ආභතානි, පුත්තො තෙ අරොගොයෙව, තුම්හාකං රක්ඛිතධම්මං මය්හම්පි දෙථා”ති පණ්ණෙ ලිඛිත්වා කතිපාහං තත්ථ වසිත්වා තක්කසිලං ගන්ත්වා ධම්මපාලං සබ්බසිප්පානි සික්ඛාපෙත්වා මහන්තෙන පරිවාරෙන පෙසෙසි.
ඒ අසා ආචාර්යවරයා කියනුයේ මගේ පැමිණීම මනා වූ පැමිණීමකි. ඵල සහිත වූවකි. නිෂ්ඵල නොවූවකි යි හටගත් සොම්නස් ඇත්තේ ධර්මපාලගේ පියා ක්ෂමා කරවා පැමිණෙන්නා වූ මා විසින් තොප විමසනු පිණිස මේ එළු ඇට ගෙනාවේ වෙයි. තොපගේ පුතා නිරෝගී වූයේම වෙයි. තෙපි රකින ධර්මය මටද දෙව් යයි ලිපියක් ලියා දින කීපයක් එහි වාසය කර තක්ෂිලාවට ගොස් ධර්මපාල කුමරුට සියළු ශිල්පයන් උගන්වා මහත් වූ පිරිවර සමග එවීය.
සත්ථා සුද්ධොදනමහාරාජස්ස ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ රාජා අනාගාමිඵලෙ පතිට්ඨහි. තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, ආචරියො සාරිපුත්තො, පරිසා බුද්ධපරිසා, ධම්මපාලකුමාරො පන අහමෙව අහොසින්ති.
ශාස්තෲන් වහන්සේ සුදොවුන් මහරජුට මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි රජු අනාගාමී ඵලයෙහි පිහිටියේය. එකල්හි මව්පියෝ මහරාජකුලය වූහ. ආචාර්යයා සැරියුත් තෙර විය. පිරිස බුද්ධ පිරිසයි. ධර්මපාල කුමාරයා මම ම වීමි යයි වදාළහ.
මහාධම්මපාලජාතකවණ්ණනා නවමා.