යෙදුමෙන් කියවන්න

8. තක‍්කලජාතකවණ‍්ණනා 446 අට‍්ඨකථා

8. තක‍්කලජාතකවණ‍්ණනා (446)

8. තක්කළ ජාතකය (446)

න තක‍්කලා සන‍්ති න ආලුවානීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං පිතුපොසකං උපාසකං ආරබ‍්භ කථෙසි. සො කිර දලිද‍්දකුලෙ පච‍්චාජාතො මාතරි කාලකතාය පාතොව උට‍්ඨාය දන‍්තකට‍්ඨමුඛොදකදානාදීනි කරොන‍්තො භතිං වා කසිං වා කත්‍වා ලද‍්ධවිභවානුරූපෙන යාගුභත‍්තාදීනි සම‍්පාදෙත්‍වා පිතරං පොසෙසි. අථ නං පිතා ආහ – “තාත, ත්‍වං එකකොව අන‍්තො ච බහි ච කත‍්තබ‍්බං කරොසි, එකං තෙ කුලදාරිකං ආනෙස‍්සාමි, සා තෙ ගෙහෙ කත‍්තබ‍්බං කරිස‍්සතී”ති. “තාත, ඉත්‍ථියො නාම ඝරං ආගතා නෙව මය‍්හං, න තුම‍්හාකං චිත‍්තසුඛං කරිස‍්සන‍්ති, මා එවරූපං චින‍්තයිත්‍ථ, අහං යාවජීවං තුම‍්හෙ පොසෙත්‍වා තුම‍්හාකං අච‍්චයෙන ජානිස‍්සාමී”ති. අථස‍්ස පිතා අනිච‍්ඡමානස‍්සෙව එකං කුමාරිකං ආනෙසි. සා සසුරස‍්ස ච සාමිකස‍්ස ච උපකාරිකා අහොසි නීචවුත‍්ති. සාමිකොපිස‍්සා “මම පිතු උපකාරිකා”ති තුස‍්සිත්‍වා ලද‍්ධං ලද‍්ධං මනාපං ආහරිත්‍වා දෙති, සාපි තං සසුරස‍්සෙව උපනාමෙසි. සා අපරභාගෙ චින‍්තෙසි “මය‍්හං සාමිකො ලද‍්ධං ලද‍්ධං පිතු අදත්‍වා මය‍්හමෙව දෙති, අද‍්ධා පිතරි නිස‍්නෙහො ජාතො, ඉමං මහල‍්ලකං එකෙනුපායෙන මම සාමිකස‍්ස පටික‍්කූලං කත්‍වා ගෙහා නික‍්කඩ‍්ඪාපෙස‍්සාමී”ති.

න තක්කලා සන්ති න ආලුපානි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වාසය කරන සේක් පියා පෝෂණය කර එක් උපාසකයෙක් අරබයා දේශනා කළ සේක. හෙතෙම එක් දිළිඳු කුලයෙක උපන්නේ මව කළුරිය කළ කල්හි උදෑසනම නැගිට දත් මදින දැහැටි, මුහුණ සේදීමට වතුර ආදී දේ කරන්නේ කුලියක් හෝ කෘෂි කර්මාන්තයක් හෝ කොට ලද සම්පත්වලට සුදුසු වූ කැඳ බත් ආදිය සම්පාදනය කොට පියා පෝෂණය කෙළේය. ඉක්බිති පියා ඔහුට කීවේය. දරුව, නුඹ හුදකලාව ඇතුළත ද පිටත ද කළයුතු දේ කරහි. තොපට එක් කුල දැරියක ගෙන එන්නෙමි. ඇය තොපගේ ගෙයි කළ යුත්තක් වේ නම් එය කරන්නේයයි. පියාණෙනි, ස්ත්‍රීහු නම් ගෙට ආවා මගේද තොපගේද සිත සතුටු නොකරන්නේමය. මෙවැන්නක් නොසිතුව. මම දිවි ඇති තෙක් ඔබ පෝෂණය කර තොප ඇවෑමෙන් කළයුත්ත දනිමි යි. ඉක්බිති පියා ඔහු නොකැමති වන්නේම එක් කුල දැරියක ගෙන ආවේය. ඇය යටහත් පැවතුම් ඇත්තී මාමණ්ඩියටද ස්වාමියාටද උපකාර කරන්නී වූවාය. ඇයගේ ස්වාමියාද මගේ පියාට උපකාරී යයි සතුටු වී ලබන ලබන ලද ප්‍රියමනාප දේ ගෙනවිත් දෙයි. ඇයද එය මාමණ්ඩියටම එළවයි. ඇය මෑත කාලයෙහි සිතුවාය. මගේ සැමියා ලබන ලබන දෙය පියාට නොදී මටම දෙයි. ඒකාන්තයෙන්ම පියා කෙරෙහි සෙනෙහස නැත්තේ වී. මේ මහල්ලා එක් උපායකින් මගේ ස්වාමියාට පිළිකුල් කර ගෙයින් බැහැර කරන්නෙමියි,

සා තතො පට‍්ඨාය උදකං අතිසීතං වා අච‍්චුණ‍්හං වා, ආහාරං අතිලොණං වා අලොණං වා , භත‍්තං උත‍්තණ‍්ඩුලං වා අතිකිලින‍්නං වාති එවමාදීනි තස‍්ස කොධුප‍්පත‍්තිකාරණානි කත්‍වා තස‍්මිං කුජ‍්ඣන‍්තෙ “කො ඉමං මහල‍්ලකං උපට‍්ඨාතුං සක‍්ඛිස‍්සතී”ති ඵරුසානි වත්‍වා කලහං වඩ‍්ඪෙසි. තත්‍ථ තත්‍ථ ඛෙළපිණ‍්ඩාදීනි ඡඩ‍්ඩෙත්‍වාපි සාමිකං උජ‍්ඣාපෙසි “පස‍්ස පිතු කම‍්මං, ‘ඉදඤ‍්චිදඤ‍්ච මා කරී’ති වුත‍්තෙ කුජ‍්ඣති, ඉමස‍්මිං ගෙහෙ පිතරං වා වසාපෙහි මං වා”ති. අථ නං සො “භද‍්දෙ, ත්‍වං දහරා යත්‍ථ කත්‍ථචි ජීවිතුං සක‍්ඛිස‍්සසි, මය‍්හං පිතා මහල‍්ලකො, ත්‍වං තස‍්ස අසහන‍්තී ඉමම‍්හා ගෙහා නික‍්ඛමා”ති ආහ. සා භීතා “ඉතො පට‍්ඨාය එවං න කරිස‍්සාමී”ති සසුරස‍්ස පාදෙසු පතිත්‍වා ඛමාපෙත්‍වා පකතිනියාමෙනෙව පටිජග‍්ගිතුං ආරභි. අථ සො උපාසකො පුරිමදිවසෙසු තාය උබ‍්බාළ‍්හො සත්‍ථු සන‍්තිකං ධම‍්මස‍්සවනාය අගන‍්ත්‍වා තස‍්සා පකතියා පතිට‍්ඨිතකාලෙ අගමාසි. අථ නං සත්‍ථා “කිං, උපාසක, සත‍්තට‍්ඨ දිවසානි ධම‍්මස‍්සවනාය නාගතොසී”ති පුච‍්ඡි. සො තං කාරණං කථෙසි. සත්‍ථා “ඉදානි තාව තස‍්සා කථං අග‍්ගහෙත්‍වා පිතරං න නීහරාපෙසි, පුබ‍්බෙ පන එතිස‍්සා කථං ගහෙත්‍වා පිතරං ආමකසුසානං නෙත්‍වා ආවාටං ඛණිත්‍වා තත්‍ථ නං පක‍්ඛිපිත්‍වා මාරණකාලෙ අහං සත‍්තවස‍්සිකො හුත්‍වා මාතාපිතූනං ගුණං කථෙත්‍වා පිතුඝාතකකම‍්මා නිවාරෙසිං, තදා ත්‍වං මම කථං සුත්‍වා තව පිතරං යාවජීවං පටිජග‍්ගිත්‍වා සග‍්ගපරායණො ජාතො, ස‍්වායං මයා දින‍්නො ඔවාදො භවන‍්තරගතම‍්පි න විජහති, ඉමිනා කාරණෙන තස‍්සා කථං අග‍්ගහෙත්‍වා ඉදානි තයා පිතා න නීහටො”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

ඇය එතැන් පටන් ඉතා සීතල වූ හෝ ඉතා උණුසුම් වූ වතුර ගෙන එයි. ඉතා ලුණු ඇති හෝ ලුණු නැති ව්‍යඤ්ජනද නොතැම්බුන සහල් ඇති හෝ ඉතා තෙත් (බෙරි) වූ බත්ද යනුවෙන් මේ ආදී වශයෙන් කෝපය ඉපදීමට කරුණුකොට ඔහු කිපුන කල්හි කවරෙක් මේ මහල්ලාට උපස්ථාන කිරීමට හැකි වන්නේදැයි පරුෂ වචන කියා කළහ වැඩීය. ඒ ඒ තැන කෙළ පිඬු හෙලාද සැමියාට දොස් කියවයි. පියාගේ කටයුතු බලන්න. මේ මේ දෙය නොකරවයි කී කල්හි කිපෙයි. මේ ගෙයි පියා හෝ මා හෝ (දෙදෙනාගෙන් එක් අයෙකු) වාසය කරවවයි. ඉක්බිති ඔහු ඇයට සොඳුර, ඔබ තරුණය. කවර හෝ තැනක ජීවත් වන්නට හැකිය. මගේ පියා මහළුය. ඔබ ඔහු නොඉවසන්නී නම් මේ ගෙයින් නික්මෙවයි කීවේය. ඇය බියපත් වූවා මෙතැන් පටන් මෙසේ නොකරමියි මාමණ්ඩියගේ පාමුල වැටී වැඳ ක්‍ෂමා කරවා ප්‍රකෘති ස්වරූපයෙන්ම පෝෂණය කරන්නට පටන් ගත්තේය. ඉක්බිති ඒ උපාසකයා පළමු දවස්වල ඇය විසින් කරදරයට පත්කරන ලද්දේ ධර්මශ්‍රවණය පිණිස බුදුරජාණන් වහන්සෙගේ සමීපයට නොගොස් ඇය ප්‍රකෘති තත්වයෙහි සිටි කල්හි ගියේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට උපාසකය, සත්අට දවසක් බණ අසන්නට නොපැමිණියේ කිමැයි විචාළේය. ඔහු ඒ කරුණ පැවසීය. දැන් වූ කලී ඇයගේ කථාව නොගෙන පියා බැහැර නොකරවීය. පෙර වනාහි මැයගේ කථාව ගෙන අමු සොහොනට ගෙනගොස් වළක වැළලුවේය. එහි ඔහු බහාලා මරණ කල්හි මම සත් අවුරුදු වයස් ඇත්තේ වී මව්පියන්ගේ ගුණ පියා මැරීමේ කටයුත්තෙන් වළක්වාලීය. එකල්හි ඔබ මගේ කථාව අසා ඔබේ පියා දිවි ඇතිතෙක් පෝෂණය කර දෙව්ලොව පිහිට කොට ඇත්තේ වීය. මෙතෙම මවිසින් දෙන ලද අවවාද අන්‍ය භවයකට ගියේද ඔහු අත්නොහරී. මේ කරුණින් ඇයගේ කථාව ගෙන දැන් තොප විසින් පියා බැහැර නොකරන ලදි යයි කියා ඔහු විසින් ඉල්ලන ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑවේය.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ අඤ‍්ඤතරස‍්මිං කාසිගාමෙ එකස‍්ස කුලස‍්ස ඝරෙ එකපුත‍්තකො අහොසි නාමෙන සවිට‍්ඨකො නාම. සො මාතාපිතරො පටිජග‍්ගන‍්තො අපරභාගෙ මාතරි කාලකතාය පිතරං පොසෙසීති සබ‍්බං වත්‍ථු පච‍්චුප‍්පන‍්නවත්‍ථුනියාමෙනෙව කථෙතබ‍්බං. අයං පනෙත්‍ථ විසෙසො. තදා සා ඉත්‍ථී “පස‍්ස පිතු කම‍්මං, ‘ඉදඤ‍්චිදඤ‍්ච මා කරී’ති වුත‍්තෙ කුජ‍්ඣතී”ති වත්‍වා “සාමි, පිතා තෙ චණ‍්ඩො ඵරුසො නිච‍්චං කලහං කරොති, ජරාජිණ‍්ණො බ්‍යාධිපීළිතො න චිරස‍්සෙව මරිස‍්සති, අහඤ‍්ච එතෙන සද‍්ධිං එකගෙහෙ වසිතුං න සක‍්කොමි, සයම‍්පෙස කතිපාහෙන මරිස‍්සතියෙව, ත්‍වං එතං ආමකසුසානං නෙත්‍වා ආවාටං ඛණිත්‍වා තත්‍ථ නං පක‍්ඛිපිත්‍වා කුද‍්දාලෙන සීසං ඡින්‍දිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙත්‍වා උපරි පංසුනා ඡාදෙත්‍වා ආගච‍්ඡාහී”ති ආහ. සො තාය පුනප‍්පුනං වුච‍්චමානො “භද‍්දෙ, පුරිසමාරණං නාම භාරියං, කථං නං මාරෙස‍්සාමී”ති ආහ. “අහං තෙ උපායං ආචික‍්ඛිස‍්සාමී”ති. “ආචික‍්ඛ තාවා”ති. “සාමි, ත්‍වං පච‍්චූසකාලෙ පිතු නිසින‍්නට‍්ඨානං ගන‍්ත්‍වා යථා සබ‍්බෙ සුණන‍්ති, එවං මහාසද‍්දං කත්‍වා ‘තාත, අසුකගාමෙ තුම‍්හාකං උද‍්ධාරණකො අත්‍ථි, මයි ගතෙ න දෙති, තුම‍්හාකං අච‍්චයෙන න දස‍්සතෙව, ස‍්වෙ යානකෙ නිසීදිත්‍වා පාතොව ගච‍්ඡිස‍්සාමා’ති වත්‍වා තෙන වුත‍්තවෙලායමෙව උට‍්ඨාය යානකං යොජෙත්‍වා තත්‍ථ නිසීදාපෙත්‍වා ආමකසුසානං නෙත්‍වා ආවාටං ඛණිත්‍වා චොරෙහි අච‍්ඡින‍්නසද‍්දං කත්‍වා මාරෙත්‍වා ආවාටෙ පක‍්ඛිපිත්‍වා සීසං ඡින්‍දිත්‍වා න‍්හායිත්‍වා ආගච‍්ඡා”ති.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසීරට එක්තරා ගමක එක් කුලයක එකම පුතෙක් විය. නමින් වසිට්ඨක නම් වී. හෙතෙම මව්පියන් පෝෂණය කරන්නේ මව කළුරිය කළ කල්හි පියා පෝෂණය කරව යයි සියල්ල වර්තමාන ප්‍රවෘත්තිය ආකාරයෙන්ම කිවයුතුය. මෙයනම් මෙහි වෙනස වේ. එකල්හි ඒ ස්ත්‍රිය පියාගේ කටයුතු බලව. මේ මේ දෙය නොකරවයි කී කල්හි කිපෙයි යයි කියා ස්වාමීනි, ඔබේ පියා චණ්ඩය. පරුෂය. නිතර කලහ කරයි. ජරාවෙන් දිරා ගියේ ලෙඩින් පීඩාවට පත්වූයේ නොබෝ කලකින්ම මරණයට පත්වන්නේය. මම මොහු සමග එකම ගෙයක වසන්නට නොහැක්කෙමි. මෙතෙම දින කිහිපයකින් තෙමේම මැරෙන්නේමය. ඔබ මොහු අමු සොහොනට ගෙනගොස් වළක් සාරා මොහු එහි බහා උදැල්ලෙන් හිස සිඳ ජීවිතක්‍ෂයට පත්කර මත්තෙහි පස්වලින් වසා එවයි කීවාය. හෙතෙම ඇය විසින් නැවත නැවතත් කියනු ලබන්නේ සොඳුර, මිනී මැරීම නම් බැරෑරුම් දෙයකි. ඔහු කෙසේනම් මරන්නෙම්දැයි කීය. මෙම තොපට උපායක් කියන්නෙමි. කියවයි. ස්වාමීනි, ඔබ ඉතා අළුයම් කාලයෙහි පියා හොත් තැනට ගොස් යම් සේ සියල්ලෝම අසත්ද මෙසේ මහා ශබ්දයක් කර පියාණනි, අසවල් ගමෙහි තොපගේ ණයකරුවෙක් මා ගිය කල්හි නොදෙයි. ඔබ ඇවෑමෙන් නොදෙන්නේමය. හෙට යානාවක නැගී යානය යොදවා ඔහු එහි හිඳුවා අමු සොහොනට පමුණුවා වළක් සාරා සොරුන් විසින් පැහැරගත් ශබ්දය කොට මරවා වළෙහි දමා හිස බිඳ නා එවයි කීය.

සවිට‍්ඨකො “අත්‍ථෙස උපායො”ති තස‍්සා වචනං සම‍්පටිච‍්ඡිත්‍වා යානකං ගමනසජ‍්ජං අකාසි. තස‍්ස පනෙකො සත‍්තවස‍්සිකො පුත‍්තො අත්‍ථි පණ‍්ඩිතො බ්‍යත‍්තො. සො මාතු වචනං සුත්‍වා “මය‍්හං මාතා පාපධම‍්මා පිතරං මෙ පිතුඝාතකම‍්මං කාරෙති, අහං ඉමස‍්ස පිතුඝාතකම‍්මං කාතුං න දස‍්සාමී”ති සණිකං ගන‍්ත්‍වා අය්‍යකෙන සද‍්ධිං නිපජ‍්ජි. සවිට‍්ඨකොපි ඉතරාය වුත‍්තවෙලාය යානකං යොජෙත්‍වා “එහි, තාත, උද‍්ධාරං සොධෙස‍්සාමා”ති පිතරං යානකෙ නිසීදාපෙසි. කුමාරොපි පඨමතරං යානකං අභිරුහි. සවිට‍්ඨකො තං නිවාරෙතුං අසක‍්කොන‍්තො තෙනෙව සද‍්ධිං ආමකසුසානං ගන‍්ත්‍වා පිතරඤ‍්ච කුමාරකෙන සද‍්ධිං එකමන‍්තෙ ඨපෙත්‍වා සයං ඔතරිත්‍වා කුද‍්දාලපිටකං ආදාය එකස‍්මිං පටිච‍්ඡන‍්නට‍්ඨානෙ චතුරස‍්සාවාටං ඛණිතුං ආරභි. කුමාරකො ඔතරිත්‍වා තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා අජානන‍්තො විය කථං සමුට‍්ඨාපෙත්‍වා පඨමං ගාථමාහ –

වසිට්ඨකයා මේ උපාය ඇතැයි ඇයගේ වචනය පිළිගෙන යානයෙන් ගමන සූදානම් කෙළේය. ඔහුට සත්වයස් ඇති එක් පුතෙක් ඇත. පණ්ඩිතය, කීමෙහි බුහුටිය. හෙතෙම මවගේ වචනය අසා මගේ මවගේ පවිටු ස්වරූපය නිසා මගේ පියා, පියා නැසීමේ කටයුත්ත කරයි. මම මොහුගේ පියා නැසීමේ කාර්යය කරන්නට නොදෙන්නෙමියි වහා ගොස් ආර්යයා (සීයා) සමග හොත්තේය. වසිට්ඨකයාද කියන ලද වේලාවෙහි යානය යොදවා පියාණනි, එව පියාණනි. ණය ආපසු ගන්නෙමුයි පියා යානයෙහි හිඳුවාලීය. කුමාරයාද පළමුව යානයට නැංගේය. වසිට්ඨකයා ඔහුව වළක්වාලන්නට නොහැකි වන්නේ ඔහු සමගම අමු සොහොනට ගොස් පියාද පුතාද යානය සමගින් පසෙක තබා තෙමේ බැස උදැල්ල ගෙන එක් පිළිසන් වූ තැනක සිව්රැස් වළක් කැනීමට පටන් ගත්තේය. කුමාරයා (යානයෙන්) බැස ඔහුගේ සමීපයට ගොස් නොදන්නේ මෙන් කථා උපදවා පළමු ගාථාව කීවේය.

“න තක‍්කලා සන‍්ති න ආලුවානි, න බිළාලියො න කළම‍්බානි තාත; එකො අරඤ‍්ඤම‍්හි සුසානමජ‍්ඣෙ, කිමත්‍ථිකො තාත ඛණාසි කාසු”න‍්ති.

න තක්කළා සන්ති න ආලුපානි, න බිළාලියො න කලම්බානි තාත, එකො අරඤ්ඤම්හි සුසානමජ්ඣෙ, කිමත්‍ථිකා තාත ඛණාසි කාසුං නම්

1. පියාණනි, කුකුලලද වැල් අලද සිරි අලද තල් අලද නැත. එහෙත් තනිව වනයෙහි අමුසොහොන මැද වළක් සාරහිය. (පියාණනි) කුමක් කැමැත්තෙහිද?

තත්‍ථ න තක‍්කලා සන‍්තීති පිණ‍්ඩාලුකන්‍දා න සන‍්ති. ආලුවානීති ආලුවකන්‍දා. බිළාලියොති බිළාරිවල‍්ලිකන්‍දා. කළම‍්බානීති තාලකන්‍දා.

එහි න තක්කලා සන්ත යනු ආහාර පිණිස වන අල වර්ග නැත. ආලුපා යනු වැල්අල. බිලාලියො යනු සිරි අලය. කලම්බා යනු තල් අලය.

අථස‍්ස පිතා දුතියං ගාථමාහ –

ඉක්බිති ඔහුගේ පියා දෙවන ගාථාව කීවේය.

“පිතාමහො තාත සුදුබ‍්බලො තෙ, අනෙකබ්‍යාධීහි දුඛෙන ඵුට‍්ඨො; තමජ‍්ජහං නිඛණිස‍්සාමි සොබ‍්භෙ, න හිස‍්ස තං ජීවිතං රොචයාමී”ති.

2. දරුව, ඔබේ මුත්තණුවෝ නොයෙක් රෝගයන්ගේ දුකින් යුක්ත වූවෝ දුර්වලයහ. අද මම ඔහු වළෙහි දමමි. මොහුගේ ඒ ජීවත්වීම නොකැමැත්තෙමි.

තත්‍ථ අනෙකබ්‍යාධීහීති අනෙකෙහි බ්‍යාධීහි උප‍්පන‍්නෙන දුක‍්ඛෙන ඵුට‍්ඨො. න හිස‍්ස තන‍්ති අහඤ‍්හි තස‍්ස තව පිතාමහස‍්ස තං දුජ‍්ජීවිතං න ඉච‍්ඡාමි, “එවරූපා ජීවිතා මරණමෙවස‍්ස වර”න‍්ති මඤ‍්ඤමානො තං සොබ‍්භෙ නිඛණිස‍්සාමීති.

එහි අනෙකව්‍යාධීහි යනු නොයෙක් රෝගයන් නිසා උපන් දුකින් පෙළනා ලද්දේ. න හිස්ස තං යනු මම මේ ඔබගේ මුත්තණුවන්ගේ ඒ දුක්බර ජීවිතය නොකැමැත්තෙමි. මෙබඳු වූ ජීවිත මැරීමම උතුම්යයි හඟින්නේ ඔහු වළෙහි වළලන්නෙමියි.

තං සුත්‍වා කුමාරො උපඩ‍්ඪං ගාථමාහ –

ඒ අසා කුමාරයා ගාථා අර්ථයක් කීය.

“සඞ‍්කප‍්පමෙතං පටිලද‍්ධ පාපකං, අච‍්චාහිතං කම‍්ම කරොසි ලුද‍්ද”න‍්ති.

මෙවැනි පවිටු සිතිවිල්ලක් ලබන ලද්දේය. අතිශයින් අහිතකර වූ දරුණු කටයුත්තක් කරන්නෙහිය.

තස‍්සත්‍ථො – තාත, ත්‍වං “පීතරං දුක‍්ඛා පමොචෙස‍්සාමී”ති මරණදුක‍්ඛෙන යොජෙන‍්තො එතං පාපකං සඞ‍්කප‍්පං පටිලද‍්ධා තස‍්ස ච සඞ‍්කප‍්පවසෙන හිතං අතික‍්කම‍්ම ඨිතත‍්තා අච‍්චාහිතං කම‍්මං කරොසි ලුද‍්දන‍්ති.

එහි අර්ථය, පියාණනි, ඔබ පියා දුකෙන් මුදවන්නෙමියි මරණ දුකෙහි යොදවන්නේ මේ පවිටු සිතුවිල්ලක් ලබන ලදි. ඒ සිතුවිලි වශයෙන් යහපත ඉක්මවා සිටි හෙයින් අතිශයින් අහිත වූ කටයුත්තක් කරහිනුයි ලුද්දං යනු වේ.

එවඤ‍්ච පන වත්‍වා කුමාරො පිතු හත්‍ථතො කුද‍්දාලං ගහෙත්‍වා අවිදූරෙ අඤ‍්ඤතරං ආවාටං ඛණිතුං ආරභි. අථ නං පිතා උපසඞ‍්කමිත්‍වා “කස‍්මා, තාත, ආවාටං ඛණසී”ති පුච‍්ඡි. සො තස‍්ස කථෙන‍්තො තතියං ගාථමාහ –

මෙසේද කියා පියාගේ අතින් උදැල්ල ගෙන නුදුරෙහි අන් වළක් කපන්නට පටන් ගත්තේය. ඉක්බිති පියා ඔහු වෙත එළඹ දරුව, කුමක් සඳහා වළක් සාරහිදැයි විචාළේය. ඔහුට මෙසේ කියන්නේ තුන්වන ගාථාව කීවේය.

“මයාපි තාත පටිලච‍්ඡසෙ තුවං, එතාදිසං කම‍්ම ජරූපනීතො; තං කුල‍්ලවත‍්තං අනුවත‍්තමානො, අහම‍්පි තං නිඛණිස‍්සාමි සොබ‍්භෙ”ති.

3. පියාණනි, මවිසින්ද මෙවැනි වූ කර්මජ වූ ජරාවට පත් වූ ඔබ ලබන්නෙමි. ඒ කුලසිරිතට අනුව පවත්නේ මමද ඔබ වළෙහි වළලන්නෙමියි.

තස‍්සත්‍ථො – තාත, අහම‍්පි එතස‍්මිං සොබ‍්භෙ තං මහල‍්ලකකාලෙ නිඛණිස‍්සාමි, ඉති ඛො තාත, මයාපි කතෙ ඉමස‍්මිං සොබ‍්භෙ තුවං ජරූපනීතො එතාදිසං කම‍්මං පටිලච‍්ඡසෙ, යං එතං තයා පවත‍්තිතං කුලවත‍්තං, තං අනුවත‍්තමානො වයප‍්පත‍්තො භරියාය සද‍්ධිං වසන‍්තො අහම‍්පි තං නිඛණිස‍්සාමි සොබ‍්භෙති.

එහි අර්ථය, පියාණනි, මම ද මේ වළෙහි ඔබ මහලු කාලයෙහි වළලන්නෙමි. පියාණනි, මෙසේ මා විසින් කළ කල්හි මේ වළෙහි ජරාවට පත් වූ ඔබ මෙවැනි කටයුත්තක් ලබන්නෙහිය. ඔබ විසින් පවත්වන ලද යම් මේ කුලසිරිතට අනුව පවතින්නේ වයසට පැමිණියේ භාර්යාව සමග වසන්නා වූ මමද ඔබ වළෙහි වළලන්නෙමි.

අථස‍්ස පිතා චතුත්‍ථං ගාථමාහ –

ඉක්බිති ඔහුගේ පියා සිව්වන ගාථාව කීවේය.

“ඵරුසාහි වාචාහි පකුබ‍්බමානො, ආසජ‍්ජ මං ත්‍වං වදසෙ කුමාර; පුත‍්තො මමං ඔරසකො සමානො, අහීතානුකම‍්පී මම ත්‍වංසි පුත‍්තා”ති.

4. කුමාරය, ඔබ පරුෂ වචනයෙන් මා ගටා කියන්නෙහිය. මගේ ඖරස පුත්‍රයෙකු වැනි වූ තොප මා කෙරෙහි අනුකම්පා විරහිත වෙහිද?

තත්‍ථ පකුබ‍්බමානොති අභිභවන‍්තො. ආසජ‍්ජාති ඝට‍්ටෙත්‍වා.

එහි පකුබ්බමානො යනු අභිභවනය කරන්නේ. ආසජ්ජ යනු ගටා.

එවං වුත‍්තෙ පණ‍්ඩිතකුමාරකො එකං පටිවචනගාථං, ද‍්වෙ උදානගාථාති තිස‍්සො ගාථා අභාසි –

මෙසේ කී කල්හි පණ්ඩිත කුමාරයා එක් පිළිතුරු ගාථාවක්ද ප්‍රීතිවාක්‍ය දෙකක්දැයි ගාථා තුනක් කීවේය.

“න තාහං තාත අහිතානුකම‍්පී, හිතානුකම‍්පී තෙ අහම‍්පි තාත; පාපඤ‍්ච තං කම‍්ම පකුබ‍්බමානං, අරහාමි නො වාරයිතුං තතො.

5. පියාණනි, මම ඔබ කෙරෙහි අනුකම්පා විරහිත වන්නේ නොවෙමි. මම ඔබට හිතානුකම්පී වෙමි. මේ කරනු ලබන පවිටු කටයුත්තෙන් අප විසින් වළක්වාලන්නට සුදුසු වන්නෙමි.

“යො මාතරං වා පිතරං සවිට‍්ඨ, අදූසකෙ හිංසති පාපධම‍්මො; කායස‍්ස භෙදා අභිසම‍්පරායං, අසංසයං සො නිරයං උපෙති.

6. වසිට්ඨයෙනි, පවිටු ස්වරූප ඇති යමෙක් නිරපරාධී වූ මවට හෝ පියාට හෝ හිංසා කෙරේද හෙතෙම සැක නැතිවම මරණින් මතු පරලෝ වශයෙන් නිරයට යන්නේය.

“යො මාතරං වා පිතරං සවිට‍්ඨ, අන‍්නෙන පානෙන උපට‍්ඨහාති; කායස‍්ස භෙදා අභිසම‍්පරායං, අසංසයං සො සුගතිං උපෙතී”ති. –

7. වසිට්ඨයෙනි, යමෙක් මවට හෝ පියාට හෝ කෑමෙන් බීමෙන්ද උපස්ථාන කෙරේද ඔහු සැක නැතිවම මරණින් මතු පරලෝ වශයෙන් සුගතියට යන්නේය.

ඉමං පන පුත‍්තස‍්ස ධම‍්මකථං සුත්‍වා පිතා අට‍්ඨමං ගාථමාහ –

පුතුගේ මේ ධර්මකථාව අසා පියා අටවන ගාථාව කීවේය.

“න මෙ ත්‍වං පුත‍්ත අහිතානුකම‍්පී, හිතානුකම‍්පී මෙ ත්‍වංසි පුත‍්ත; අහඤ‍්ච තං මාතරා වුච‍්චමානො, එතාදිසං කම‍්ම කරොමි ලුද‍්ද”න‍්ති.

8. පුත්‍රය, ඔබ මට අනුකම්පා විරහිත වූයේ නොවෙයි. පුත්‍රය, ඔබ මට හිතානුකම්පා ඇත්තේ වෙහිය. මම මව විසින් කියනු ලබන්නේ මෙවැනි දරුණු කටයුත්තක් කරමි.

තත්‍ථ අහඤ‍්ච තං මාතරාති අහඤ‍්ච තෙ මාතරා, අයමෙව වා පාඨො.

එහි අහං ච තං මාතරා යනු මම තොපගේ මව විසින්, මේ මෙම කර්මයෙහි යොදවයි යනු පාඨයි.

තං සුත්‍වා කුමාරො “තාත, ඉත්‍ථියො නාම උප‍්පන‍්නෙ දොසෙ අනිග‍්ගය‍්හමානා පුනප‍්පුනං පාපං කරොන‍්ති, මම මාතා යථා පුන එවරූපං න කරොති, තථා නං පණාමෙතුං වට‍්ටතී”ති නවමං ගාථමාහ –

ඒ අසා කුමාරයා කියනුයේ පියාණනි, ස්ත්‍රීහු නම් දොස් උපන් කල්හි නිග්‍රහ කරනු නොලබන්නී නැවත නැවත පව් කරත්. මගේ මව යම්සේ නැවත මෙවැන්නක් නොකරයිද එසේකොට ඇය නෙරපන්නට වටනේයයි නවවන ගාථාව කීවේය.

“යා තෙ සා භරියා අනරියරූපා, මාතා මමෙසා සකියා ජනෙත‍්ති; නිද‍්ධාපයෙ තඤ‍්ච සකා අගාරා, අඤ‍්ඤම‍්පි තෙ සා දුඛමාවහෙය්‍යා”ති.

9. යහපත් පැවතුම් නැති යම් මේ භාර්යාවක් ඔබට වේද ඇය මා ප්‍රසූත කළ මගේ මව වන්නීය. ඇය සිය නිවසින් ඉවත් කල යුතුය. ඇය ඔබට වෙනත් දුකක් ගෙන දෙන්නේමය.

සවිට‍්ඨකො පණ‍්ඩිතපුත‍්තස‍්ස කථං සුත්‍වා සොමනස‍්සජාතො හුත්‍වා “ගච‍්ඡාම, තාතා”ති සද‍්ධිං පුත‍්තෙන ච පිතරා ච යානකෙ නිසීදිත්‍වා පායාසි. සාපි ඛො අනාචාරා “නික‍්ඛන‍්තා නො ගෙහා කාළකණ‍්ණී”ති හට‍්ඨතුට‍්ඨා අල‍්ලගොමයෙන ගෙහං උපලිම‍්පෙත්‍වා පායාසං පචිත්‍වා ආගමනමග‍්ගං ඔලොකෙන‍්තී තෙ ආගච‍්ඡන‍්තෙ දිස‍්වා “නික‍්ඛන‍්තං කාළකණ‍්ණිං පුන ගහෙත්‍වා ආගතො”ති කුජ‍්ඣිත්‍වා “අරෙ නිකතික, නික‍්ඛන‍්තං කාළකණ‍්ණිං පුන ආදාය ආගතොසී”ති පරිභාසි. සවිට‍්ඨකො කිඤ‍්චි අවත්‍වා යානකං මොචෙත්‍වා “අනාචාරෙ කිං වදෙසී”ති තං සුකොට‍්ටිතං කොට‍්ටෙත්‍වා “ඉතො පට‍්ඨාය මා ඉමං ගෙහං පාවිසී”ති පාදෙ ගහෙත්‍වා නික‍්කඩ‍්ඪි. තතො පිතරඤ‍්ච පුත‍්තඤ‍්ච න‍්හාපෙත්‍වා සයම‍්පි න‍්හායිත්‍වා තයොපි පායාසං පරිභුඤ‍්ජිංසු. සාපි පාපධම‍්මා කතිපාහං අඤ‍්ඤස‍්මිං ගෙහෙ වසි. තස‍්මිං කාලෙ පුත‍්තො පිතරං ආහ – “තාත, මම මාතා එත‍්තකෙන න බුජ‍්ඣති, තුම‍්හෙ මම මාතු මඞ‍්කුභාවකරණත්‍ථං ‘අසුකගාමකෙ මම මාතුලධීතා අත්‍ථි , සා මය‍්හං පිතරඤ‍්ච පුත‍්තඤ‍්ච මඤ‍්ච පටිජග‍්ගිස‍්සති, තං ආනෙස‍්සාමී’ති වත්‍වා මාලාගන්‍ධාදීනි ආදාය යානකෙන නික‍්ඛමිත්‍වා ඛෙත‍්තං අනුවිචරිත්‍වා සායං ආගච‍්ඡථා”ති. සො තථා අකාසි.

වසිට්ඨකයා පණ්ඩිත පුතුගේ කථාව අසා සොම්නස් වී දරුව, යමු යයි කියා පියා හා පුතා සමග යානයෙහි හිඳ ගියේය. ඒ නොමනා හැසිරීම් ඇති ස්ත්‍රියද අපගේ කාලකණ්ණියා ගෙයින් නික්මුනේ යයි තුටුපහටු වූයේ තෙත ගොමින් ගෙය පිස දමා කිරිබත් උයා එන්නා වූ මාර්ගය බලන්නී එන්නා වූ ඔවුන් දැක නික්මුන කාලකණ්ණියා නැවත ගෙන ආවේ යයි කිපී, බොල නික්මුණු කාලකණ්ණියා නැවත ගෙන පැමිණියේ යයි අපහාස කෙළේය. වසිට්ඨකයා කිසිවක් නොකියා යානය මුදවා නොමනා හැසිරීම් ඇත්තිය, කුමක් කියන්නෙහිදැයි ඇයට මොනවට තලා මෙතැන් පටන් මේ ගෙට නොපිවිසෙහියි පාදයන් ගෙන බැහැර කෙළේය. අනතුරුව පියාද පුතාද තෙමේම නහවා තිදෙනාම කිරිබත් කෑවාහුය. පවිටු ස්වභාව ඇති ඇයද කිහිප දිනක් අන් ගෙයක වාසය කළාය. එකල්හි පුතා පියාට කීවේය. පියාණනි, මගේ මව මෙපමණකින් වරද අවබෝධ කරන්නී නොවේ. තෙපි මගේ මව හැකුළුණු සිත් ඇත්තියක කරන්නට අසවල් ගමෙහි මගේ මාමාගේ දියණියක ඇත. ඇය මගේ පියාද පුතුද මාද ආරක්‍ෂා කරන්නීය. ඇය ගෙන එන්නෙමියි කියා මල්-සුවඳ විලවුන් ආදිය ගෙන යානාවකින් නික්මී කෙත්වත්හි (සුදුසු තන්හි) හැසිර සවස එව් යයි. හෙතෙම එසේ කළේය.

පටිවිස‍්සකකුලෙ ඉත්‍ථියො “සාමිකො කිර තෙ අඤ‍්ඤං භරියං ආනෙතුං අසුකගාමං නාම ගතො”ති තස‍්සා ආචික‍්ඛිංසු. සා “දානිම‍්හි නට‍්ඨා, නත්‍ථි මෙ පුන ඔකාසො”ති භීතා තසිතා හුත්‍වා “පුත‍්තමෙව යාචිස‍්සාමී”ති පණ‍්ඩිතපුත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තස‍්ස පාදෙසු පතිත්‍වා “තාත, තං ඨපෙත්‍වා අඤ‍්ඤො මම පටිසරණං නත්‍ථි, ඉතො පට‍්ඨාය තව පිතරඤ‍්ච පිතාමහඤ‍්ච අලඞ‍්කතචෙතියං විය පටිජග‍්ගිස‍්සාමි, පුන මය‍්හං ඉමස‍්මිං ඝරෙ පවෙසනං කරොහී”ති ආහ. සො “සාධු, අම‍්ම, සචෙ පුන එවරූපං න කරිස‍්සථ, කරිස‍්සාමි, අප‍්පමත‍්තා හොථා”ති වත්‍වා පිතු ආගතකාලෙ දසමං ගාථමාහ –

අසල්වැසි කුලයන්හි ස්ත්‍රීහු ‘තොපගේ ස්වාමියා අන් භාර්යාවක ගෙන ඒමට අසවල් ගමට ගියේ’ යයි ඇයට කීවාහුය. ඇය දැන් මම නැසුනේ වෙමි. නැවත මට අවසරයක් නැතැයි බියෙන් තැති ගැනී පුතුම අයදින්නෙමියි වහා පුතුගේ සමීපයට ගොස් ඔහුගේ පාදයන්හි වැටී ‘ඔහු හැර මට අන් පිළිසරණක් නැත. මෙතැන් පටන් තොපගේ පියාද මුත්තණුවන්ද සරසන ලද දාගැබක් මෙන් පෝෂණය කරන්නෙමි. නැවත මා මේ ගෙදර පිවිසීම කරහි යයි කීය. හෙතෙම මෑණියනි, යහපති. නැවත මෙබන්දක් නොකරව. අප්‍රමාද වෙවයි කියා පියා එන කල්හි දසවන ගාථාව කීය.

“යා තෙ සා භරියා අනරියරූපා, මාතා මමෙසා සකියා ජනෙත‍්ති; දන‍්තා කරෙණූව වසූපනීතා, සා පාපධම‍්මා පුනරාවජාතූ”ති.

10. යහපත් පැවතුම් නැති, යම් භාර්යාවක් ඔබට වේද ඇය මා ප්‍රසූත කළ මගේ මව වන්නීය. පවිටු ස්වභාව ඇතිව හුන්නී වූ ඇය ඇතින්නියක මෙන් වසඟයට පත් වූවා නැවත පැමිණේවා.

තත්‍ථ කරෙණූවාති තාත, ඉදානි සා ආනෙඤ‍්ජකාරණං කාරිකා හත්‍ථිනී විය දන‍්තා වසං උපනීතා නිබ‍්බිසෙවනා ජාතා. පුනරාගජාතූති පුන ඉමං ගෙහං ආගච‍්ඡතූති.

එහි කරෙණුවා යනු පියාණනි, ඇය නොසැලෙන්නී බවට පත් වූ ඇතින්නියක මෙන් දමනය වූවා. වසඟයට පමුණුවන ලද්දී වෙනසක් නැතිව සේවය කරන බවට පත් වූවාය. පුනරාවජාතු යනු නැවත මේ ගෙට පැමිණේවා යනුයි.

එවං සො පිතු ධම‍්මං කථෙත්‍වා ගන‍්ත්‍වා මාතරං ආනෙසි. සා සාමිකඤ‍්ච සසුරඤ‍්ච ඛමාපෙත්‍වා තතො පට‍්ඨාය දන‍්තා ධම‍්මෙන සමන‍්නාගතා හුත්‍වා සාමිකඤ‍්ච සසුරඤ‍්ච පුත‍්තඤ‍්ච පටිජග‍්ගි. උභොපි ච පුත‍්තස‍්ස ඔවාදෙ ඨත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කරිත්‍වා සග‍්ගපරායණා අහෙසුං.

මෙසේ හෙතෙම පියාට කියා ගොස් මව ගෙන ආවේය. ඇය ස්වාමියාද මාමාද කමා කරවා එතැන් පටන් දැමුණි වූවා. දැහැමි බවෙන් යුක්ත වූවා. ස්වාමියාද මාමාද පුතාද පෝෂණය කළාය. දෙදෙනාම පුතාගේ අවවාදයෙහි පිහිටා දානාදී පිං කර දෙව්ලොව පිහිට කර ඇත්තෝ වූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ පිතුපොසකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා පිතා ච පුත‍්තො ච සුණිසා ච තෙයෙව අහෙසුං, පණ‍්ඩිතකුමාරො පන අහමෙව අහොසින‍්ති.

ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි පියා පෝෂණය කළ තැනැත්තා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල්හි පියා ද-පුතා ද-ලේලිය ද ඔවුහුම වූහ. පණ්ඩිත කුමාරයා වනාහි මමම වීමි යයි වදාළහ.

තක‍්කලජාතකවණ‍්ණනා අට‍්ඨමා.