7. නිග්රොධජාතකවණ්ණනා 445 අට්ඨකථා
7. නිග්රොධජාතකවණ්ණනා (445)
7. නිග්‍රෝධ ජාතකය (445)
න වාහමෙතං ජානාමීති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. එකදිවසඤ්හි භික්ඛූ තෙන “ආවුසො දෙවදත්ත, සත්ථා තව බහූපකාරො, ත්වඤ්හි සත්ථාරං නිස්සාය පබ්බජ්ජං ලභි උපසම්පදං ලභි, තෙපිටකං බුද්ධවචනං උග්ගණ්හි, ඣානං උප්පාදෙසි, ලාභසක්කාරොපි තෙ දසබලස්සෙව සන්තකො”ති භික්ඛූහි වුත්තෙ තිණසලාකං උක්ඛිපිත්වා “එත්තකම්පි සමණෙන ගොතමෙන මය්හං කතං ගුණං න පස්සාමී”ති වුත්තෙ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො අකතඤ්ඤූ මිත්තදුබ්භී”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
න චාහ මෙතං ජානාමි යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් දෙව්දත් අරබයා දේශනා කල සේක. එක් දවසක් භික්ෂූහු “ඇවැත්නි, දේවදත්තයනි; ශාස්තෲන් වහන්සේ ඔබට බොහෝ උපකාර ඇත්තේයි. තොප ශාස්තෲන් වහන්සේ නිසා පැවිද්ද ලැබුවේය. උපසම්පදාව ලැබුවේය. ත්‍රිපිටක බුද්ධ වචනය උගත්තේය. ධ්‍යාන ඉපදවීය. තොපගේ ලාභ සත්කාරද දසබලයන් සතුයයි භික්ෂූන් විසින් කී කල්හි, තණකොළ කඩක් ඔසවා ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් මට කළ මෙපමණ ගුණයක් හෝ නො දකිමියි කී කල්හි දම්සභාවෙහි කථාවක් උපදවාලූහ. බුදුරජු අවුත් මහණෙනි, කවරනම් කථාවකින් දැන් හුන්නාහුදැයි විමසා, මෙනම් වූ කථාවකැයි කී කල්හි මහණෙනි, දේවදත්ත කළගුණ නොදන්නා මිත්රද්රෝහිී වූයේ දැන්ම පමණක් නොවේ පෙරද මිත්‍රද්‍රෝහී වූයේ ම යයි කියා අතීතය ගෙනහැර දැක්වීය.
අතීතෙ රාජගහෙ මගධමහාරාජා නාම රජ්ජං කාරෙසි. තදා රාජගහසෙට්ඨි අත්තනො පුත්තස්ස ජනපදසෙට්ඨිනො ධීතරං ආනෙසි, සා වඤ්ඣා අහොසි. අථස්සා අපරභාගෙ සක්කාරො පරිහායි. “අම්හාකං පුත්තස්ස ගෙහෙ වඤ්ඣිත්ථියා වසන්තියා කථං කුලවංසො වඩ්ඪිස්සතී”ති යථා සා සුණාති, එවම්පි කථං සමුට්ඨාපෙන්ති. සා තං සුත්වා “හොතු ගබ්භිනිආලයං කත්වා එතෙ වඤ්චෙස්සාමී”ති චින්තෙත්වා අත්තනො අත්ථචාරිකං ධාතිං ආහ “අම්ම, ගබ්භිනියො නාම කිඤ්ච කිඤ්ච කරොන්තී”ති ගබ්භිනිපරිහාරං පුච්ඡිත්වා උතුනිකාලෙ පටිච්ඡාදෙත්වා අම්බිලාදිරුචිකා හුත්වා හත්ථපාදානං උද්ධුමායනකාලෙ හත්ථපාදපිට්ඨියො කොට්ටාපෙත්වා බහලං කාරෙසි, දිවසෙ දිවසෙපි පිලොතිකාවෙඨනෙන ච උදරවඩ්ඪනං වඩ්ඪෙසි, ථනමුඛානි කාළානි කාරෙසි, සරීරකිච්චං කරොන්තීපි අඤ්ඤත්ර තස්සා ධාතියා අඤ්ඤෙසං සම්මුඛට්ඨානෙ න කරොති. සාමිකොපිස්සා ගබ්භපරිහාරං අදාසි. එවං නව මාසෙ වසිත්වා “ඉදානි ජනපදෙ පිතු ඝරං ගන්ත්වා විජායිස්සාමී”ති සසුරෙ ආපුච්ඡිත්වා රථමාරුහිත්වා මහන්තෙන පරිවාරෙන රාජගහා නික්ඛමිත්වා මග්ගං පටිපජ්ජි. තස්සා පන පුරතො එකො සත්ථො ගච්ඡති. සත්ථෙන වසිත්වා ගතට්ඨානං එසා පාතරාසකාලෙ පාපුණාති.
අතීතයෙහි රජගහනුවර මගධ මහරජු රාජ්‍යය කරවීය. එකල්හි රජගහනුවර සිටුතුමා තමාගේ පුතාට ජනපද සිටුගේ දුව ගෙන ආවේය. ඇය වඳ තැනැත්තියක වූවාය. ඉක්බිති මෑත කාලයෙහි ඇයට සත්කාර පිරිහුනේය. අපගේ පුතුගේ නිවසෙහි වඳ ස්ත්‍රියක් වසන කල්හි කුලවංශය කෙසේ නම් වැඩෙන්නේදැයි. යම්සේ ඇය එය අසයිද එසේද කථා උපදවයි. ඇය එය අසා, වේවා. ගැබිණියක්ගේ ආකාරයකොට මොවුන් වංචා කරන්නෙමියි සිතා තමාගේ යහපත පිණිස හැසිරෙන කිරිමවකට කීවාය. මෑණියනි, ගැබිණියෝ නම් කවරක් කවරක් කරත්දැයි ගැබිණියකගේ ආරක්ෂාවට කරන දේ විමසා එය අසා සෘතුවත් කාලය සඟවා ඇඹුල් ආදියෙහි රුචි කරන්නියක වී, අත් පා ඉදිමෙන කල්හි අත්පා වල පිටිපතුල් තලවා ඝණ වූ ඒවා කරවීය. දවස් දවස්හි රෙදි වෙලීමෙන් බඩ වැඩීම කරවීය. පියයුරු මුව කළු කරවීය. සිරුරු කටයුතු කරන්නීද ඒ කිරිමවගෙන් අන්තැනක අනිකෙකුගේ හමුවෙහි නොකරයි. සැමියාද ඇයට ගර්භාරක්ෂාව දුන්නේය. මෙසේ නවමසක් වාසය කර දැන් සිය ජනපදයෙහි පියාගේ ගෙට ගොස් වදන්නෙමියි නැදිමයිළනුවන්ට කියා රියට නැගී මහත් පිරිවර සමග රජගහ නුවරින් නික්ම මාර්ගයට පිළිපන්නේය. ඇයගේ ඉදිරියෙන් ඉදිරියෙන් එක් තවලමක් යයි. තවලම සිට ගිය තැනට මැය උදෑසන කාලයෙහි පැමිණෙයි.
අථෙකදිවසං තස්මිං සත්ථෙ එකා දුග්ගතිත්ථී රත්තියා එකස්මිං නිග්රොධමූලෙ පුත්තං විජායිත්වා පාතොව සත්ථෙ ගච්ඡන්තෙ “අහං විනා සත්ථෙන ගන්තුං න සක්ඛිස්සාමි, සක්කා ඛො පන ජීවන්තියා පුත්තං ලභිතු”න්ති නිග්රොධමූලජාලෙ ජලාබුඤ්චෙව ගබ්භමලඤ්ච අත්ථරිත්වා පුත්තං ඡට්ටෙත්වා අගමාසි. දාරකස්සපි දෙවතා ආරක්ඛං ගණ්හිංසු. සො හි න යො වා සො වා, බොධිසත්තොයෙව. සො පන තදා තාදිසං පටිසන්ධිං ගණ්හි. ඉතරා පාතරාසකාලෙ තං ඨානං පත්වා “සරීරකිච්චං කරිස්සාමී”ති තාය ධාතියා සද්ධිං නිග්රොධමූලං ගතා සුවණ්ණවණ්ණං දාරකං දිස්වා “අම්ම, නිප්ඵන්නං නො කිච්ච”න්ති පිලොතිකායො අපනෙත්වා උච්ඡඞ්ගපදෙසං ලොහිතෙන ච ගබ්භමලෙන ච මක්ඛෙත්වා අත්තනො ගබ්භවුට්ඨානං ආරොචෙසි. තාවදෙව නං සාණියා පරික්ඛිපිත්වා හට්ඨතුට්ඨො සපරිජනො රාජගහං පණ්ණං පෙසෙසි. අථස්සා සස්සුසසුරා විජාතකාලතො පට්ඨාය “පිතු කුලෙ කිං කරිස්සති, ඉධෙව ආගච්ඡතූ”ති පෙසයිංසු. සා පටිනිවත්තිත්වා රාජගහමෙව පාවිසි. තත්ථ තං සම්පටිච්ඡිත්වා දාරකස්ස නාමං කරොන්තා නිග්රොධමූලෙ ජාතත්තා “නිග්රොධකුමාරො”ති නාමං කරිංසු. තං දිවසඤ්ඤෙව අනුසෙට්ඨිසුණිසාපි විජායනත්ථාය කුලඝරං ගච්ඡන්තී අන්තරාමග්ගෙ එකිස්සා රුක්ඛසාඛාය හෙට්ඨා පුත්තං විජායි, තස්ස “සාඛකුමාරො”ති නාමං කරිංසු. තං දිවසඤ්ඤෙව සෙට්ඨිං නිස්සාය වසන්තස්ස තුන්නකාරස්ස භරියාපි පිලොතිකන්තරෙ පුත්තං විජායි, තස්ස “පොත්තිකො”ති නාමං කරිංසු.
ඉක්බිති එක් දිනයක ඒ තවලමෙහි එක් දුප්පත් ස්ත්‍රියක් රාත්‍රියෙහි එක් නුගගසක් මුලදී පුතෙක් වදා, උදෑසන තවලම යන කල්හි තවලම නැතිව මම දිවිපැවැත්මට යෑමට නොහැකි වන්නෙමි. ජීවත්වන තැනැත්තිය විසින් පුතෙකු ලබන්නට හැකිය යි නුගගස මුල ඇතුලෙහි වැදෑමහද ගැබ්මලද අතුරා පුතා විසිකර දමා ගියාය. දරුවාට දෙවියෝ අරක්ගත්හ. ඔහු වනාහි අනිකෙකු නොව බෝධිසත්වයෝමය. හෙතෙම එකල්හි එවැනි පිළිසිඳ ගැනීමක් ගත්තේය. දෙවන තැනැත්තිය උදෑසන කාලයෙහි එතැනට පැමිණ ශරීරකෘත්‍යය කරන්නෙමියි ඒ කිරිමව සමග නුගගස මුලට ගියා රන්වන් වූ දරුවා දැක මෑණියනි, අපගේ කටයුත්ත සම්පූර්ණ වූයේ යයි රෙදිකඩ ඉවත්කර උකුල පෙදෙස ලෙයින්ද ගැබ්මලින්ද ගල්වා තමාගේ ගැබ්බරින් නිදහස් වූ බව දැන්වීය. එකෙණෙහි ඇය තිරයෙන් වටකොට තුටුපහටු වූ පිරිවර ජනයා රජගහනුවරට හසුන් යැවූහ. ඉක්බිති ඇයගේ නැදිමයිලෝ වැදූ කල්හි පටන් පියාගේ නිවසෙහි කවරක් කරන්නේද මෙහිම එවයි පණිවුඩ යැවූහ. ඇය ආපිට හැරී රජගහ නුවරටම පිවිසියාය. එහිදී ඇය පිළිගෙන දරුවාට නම තබන්නේ නුගගස මුල උපන් හෙයින් නිග්‍රෝධ කුමාරයායි නම් කළාහුය. එදවසම සිටුවරයාගේ ලේලිය වැදීම සඳහා කුලගෙට එන්නී අතරමගදී එක් ගසක අත්තක යට පුත්‍රයෙකු වැදුවාය. ඔහුට සාඛ කුමාරයායි නම් කළාහුය. එදවසම සිටුවරයා ඇසුරුකොට වසන්නා වූ සන්නාලියාගේ භාර්යාවද රෙදිවැරලි අතර පුතෙකු වැදුවාය. ඔහුට පොත්තික යයි නම් කළාහුය.
මහාසෙට්ඨි උභොපි තෙ දාරකෙ “නිග්රොධකුමාරස්ස ජාතදිවසඤ්ඤෙව ජාතා”ති ආණාපෙත්වා තෙනෙව සද්ධිං සංවඩ්ඪෙසි. තෙ එකතො වඩ්ඪිත්වා වයප්පත්තා තක්කසිලං ගන්ත්වා සිප්පං උග්ගණ්හිංසු. උභොපි සෙට්ඨිපුත්තා ආචරියස්ස ද්වෙ සහස්සානි අදංසු. නිග්රොධකුමාරො පොත්තිකස්ස අත්තනො සන්තිකෙ සිප්පං පට්ඨපෙසි. තෙ නිප්ඵන්නසිප්පා ආචරියං ආපුච්ඡිත්වා නික්ඛන්තා “ජනපදචාරිකං චරිස්සාමා”ති අනුපුබ්බෙන බාරාණසිං පත්වා එකස්මිං රුක්ඛමූලෙ නිපජ්ජිංසු. තදා බාරාණසිරඤ්ඤො කාලකතස්ස සත්තමො දිවසො, “ස්වෙ ඵුස්සරථං යොජෙස්සාමා”ති නගරෙ භෙරිං චරාපෙසුං. තෙසුපි සහායෙසු රුක්ඛමූලෙ නිපජ්ජිත්වා නිද්දායන්තෙසු පොත්තිකො පච්චූසකාලෙ උට්ඨාය නිග්රොධකුමාරස්ස පාදෙ පරිමජ්ජන්තො නිසීදි. තස්මිං රුක්ඛෙ වුත්ථකුක්කුටෙසු උපරිකුක්කුටො හෙට්ඨාකුක්කුටස්ස සරීරෙ වච්චං පාතෙසි. අථ නං සො “කෙනෙතං පාතිත”න්ති ආහ. “සම්ම, මා කුජ්ඣි, මයා අජානන්තෙන පාතිත”න්ති ආහ. “අරෙ, ත්වං මම සරීරං අත්තනො වච්චට්ඨානං මඤ්ඤසි, කිං මම පමාණං න ජානාසී”ති. අථ නං ඉතරො “අරෙ ත්වං ‘අජානන්තෙන මෙ කත’න්ති වුත්තෙපි කුජ්ඣසියෙව, කිං පන තෙ පමාණ”න්ති ආහ. “යො මං මාරෙත්වා මංසං ඛාදති, සො පාතොව සහස්සං ලභති, තස්මා අහං මානං කරොමී”ති. අථ නං ඉතරො “අරෙ එත්තකමත්තෙන ත්වං මානං කරොසි, මං පන මාරෙත්වා යො ථූලමංසං ඛාදති, සො පාතොව රාජා හොති, යො මජ්ඣිමමංසං ඛාදති, සො සෙනාපති, යො අට්ඨිනිස්සිතං ඛාදති, සො භණ්ඩාගාරිකො හොතී”ති ආහ.
මහසිටු තෙමේ ඒ දරුවෝ දෙදෙනාම නිග්‍රෝධ කුමාරයා උපන් දවසෙහිම උපන්නේ යයි අණකොට ගෙන්වා ඔහු සමගම ඇතිදැඩි කෙළේය. ඔවුහු එකට වැඩී සුදුසු වයසට පැමිණියේ තක්ෂිලාව ගොස් ශිල්ප උගත්තාහුය. සිටුපුත් දෙදෙනා ආචාර්යයන්ට කහවනු දෙදහසක් දුන්නාහුය. නිග්‍රෝධ කුමාරයා පෝතිකව තමා සමීපයෙහි ශිල්ප පිහිටුවීය. නිමකළ ශිල්ප ඇති ඔවුහු ආචාර්යවරයාට කියා නික්මුනාහු ජනපද චාරිකාවෙහි හැසිරෙන්නෙමු යි පිළිවෙලින් බරණැසට පැමිණ එක් ගසක් මුල හොත්තාහුය. එදින බරණැස් රජු කළුරිය කොට සත්වන දවසයි. හෙට ඵුස්ස, (රාජ) රථය යොදමු යයි නගරයෙහි බෙර හැසිරවූහ. ඒ තුන් යහළුවෝ ගසමුල වැතිර නිදන කල්හි පොත්තික තෙමේ ඉතා උදෑසන නැගිට නිග්‍රෝධ කුමාරයාගේ පාදයන් පිරිමදිමින් හුන්නේය. ඒ ගසෙහි වාසය කළ කුකුළන් අතර මත්තෙහි වූ කුකුළා යට සිටි කුකුළාගේ සිරුරෙහි වසුරු හෙලීය. ඉක්බිති හෙතෙම ඔහුට ‘කවරෙකු විසින් මේ වසුරු හෙලන ලද දැයි’ කීය. යහළුව නොකිපෙව. මා විසින් නොදැන හෙළන ලදැයි කීය. බොල තෝ මගේ සිරුර තමාගේ වැසිකිළිය යයි සිතන්නෙහිද? මගේ පමණ නොදන්නෙහි යයි. ඉක්බිති දෙවැන්නා ඔහුට බොල තොපට නොදන්නා වූ මා විසින් කරන ලදැයි කී කල්හිද කිපියෙහිමය. තොපගේ පමණ නම් කවරක් දැයි කීය. යමෙක් මා මරා මස් කයිද ඔහු උදෑසනම දහසක් ලබයි. කුමක් හෙයින් මම මානය නොකරන්නෙමිද? ඉක්බිති දෙවැන්නා ඔහුට කීවේය. බොල මෙපමණකින් තෝ මානය කෙරෙහි යමෙක් මා මරා මිහිරි මස් කයිද ඔහු උදෑසනම රජවෙයි. යමෙක් මධ්‍යම මස් කයිද ඔහු සේනාපති වෙයි. යමෙක් ඇට සහිත මස් කයිද ඔහු භාණ්ඩාගාරික වෙයි යි කීය.
පොත්තිකො තෙසං කථං සුත්වා “කිං නො සහස්සෙන, රජ්ජමෙව වර”න්ති සණිකං රුක්ඛං අභිරුහිත්වා උපරිසයිතකුක්කුටං ගහෙත්වා මාරෙත්වා අඞ්ගාරෙ පචිත්වා ථූලමංසං නිග්රොධස්ස අදාසි, මජ්ඣිමමංසං සාඛස්ස අදාසි, අට්ඨිමංසං අත්තනා ඛාදි. ඛාදිත්වා පන “සම්ම නිග්රොධ, ත්වං අජ්ජ රාජා භවිස්සසි, සම්ම සාඛ, ත්වං සෙනාපති භවිස්සසි, අහං පන භණ්ඩාගාරිකො භවිස්සාමී”ති වත්වා “කථං ජානාසී”ති පුට්ඨො තං පවත්තිං ආරොචෙසි. තෙ තයොපි ජනා පාතරාසවෙලාය බාරාණසිං පවිසිත්වා එකස්ස බ්රාහ්මණස්ස ගෙහෙ සප්පිසක්කරයුත්තං පායාසං භුඤ්ජිත්වා නගරා නික්ඛමිත්වා උය්යානං පවිසිංසු. නිග්රොධකුමාරො සිලාපට්ටෙ නිපජ්ජි , ඉතරෙ ද්වෙ බහි නිපජ්ජිංසු. තස්මිං සමයෙ පඤ්ච රාජකකුධභණ්ඩානි අන්තො ඨපෙත්වා ඵුස්සරථං විස්සජ්ජෙසුං. තත්ථ විත්ථාරකථා මහාජනකජාතකෙ (ජා· 2.22.123 ආදයො) ආවි භවිස්සති. ඵුස්සරථො උය්යානං ගන්ත්වා නිවත්තිත්වා ආරොහනසජ්ජො හුත්වා අට්ඨාසි. පුරොහිතො “උය්යානෙ පුඤ්ඤවතා සත්තෙන භවිතබ්බ”න්ති උය්යානං පවිසිත්වා කුමාරං දිස්වා පාදන්තතො සාටකං අපනෙත්වා පාදෙසු ලක්ඛණානි උපධාරෙත්වා “තිට්ඨතු බාරාණසියං රජ්ජං, සකලජම්බුදීපස්ස අධිපතිරාජා භවිතුං යුත්තො”ති සබ්බතාලාවචරෙ පග්ගණ්හාපෙසි. නිග්රොධකුමාරො පබුජ්ඣිත්වා මුඛතො සාටකං අපනෙත්වා මහාජනං ඔලොකෙත්වා පරිවත්තිත්වා නිපන්නො ථොකං වීතිනාමෙත්වා සිලාපට්ටෙ පල්ලඞ්කෙන නිසීදි. අථ නං පුරොහිතො ජණ්ණුනා පතිට්ඨාය “රජ්ජං තෙ දෙව පාපුණාතී”ති වත්වා “‘සාධූ”ති වුත්තෙ තත්ථෙව රතනරාසිම්හි ඨපෙත්වා අභිසිඤ්චි. සො රජ්ජං පත්වා සාඛස්ස සෙනාපතිට්ඨානං දත්වා මහන්තෙන සක්කාරෙන නගරං පාවිසි, පොත්තිකොපි තෙහි සද්ධිඤ්ඤෙව අගමාසි. තතො පට්ඨාය මහාසත්තො බාරාණසියං ධම්මෙන රජ්ජං කාරෙසි.
පොත්තිකයා ඒ කථාව අසා අපට දහසකින් කවර ප්‍රයෝජනයක්ද? රාජ්‍යයම උතුමැයි වහා ගසට නැගී මත්තෙහි නිදාගත් කුකුළා මරා අඟුරුවල පිස මිහිරි මස නිග්රෝධට දුන්නේය. මධ්‍යම මස සාඛටද ඇට සහිත මස තමා විසින්ද කෑවේය. කාද යහළුව නිග්‍රෝධය, ඔබ අද රජ වන්නෙහිය. යහළුව සාඛය, ඔබ සේනාපති වන්නෙහිය. මම භාණ්ඩාගාරික වෙමියි කියා කෙසේ දනිහිදැයි විමසන ලදුයේ ඒ පුවත දැන්වීය. ඒ තිදෙනාම උදේ ආහාර වේලාවෙහි බරණැසට ගොස් බ්‍රාහ්මණයෙකුගේ නිවසෙහි ගිතෙල් හා උක්සකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර නික්ම උයනට පිවිසියාහුය. නිග්‍රෝධ කුමාරයා ගල්තලාවක හොත්තේය. අන් දෙදෙනා පිටත හොත්තාහුය. එසමයෙහි පස්වැදෑරුම් රාජ කකුධ භාණ්ඩයන් ඇතුලත තබා රාජ රථය විහිදුවාලූහ. එහි විස්තර කථාව මහාජනක ජාතකයෙහි ප්‍රකට වන්නේය. ඵුස්ස රථය උයනට ගොස් ආපසු හැරී නැගීමට සුදුසු ලෙස සැදුනක් වී සිටියේය. පුරෝහිතයා උයනෙහි පිංවත් සත්වයෙකු විය යුතුයයි උයනට පිවිස කුමාරයා දැක සළුව පාදයෙන් ඉවත්කර පාදයන්හි ලක්ෂණ සලකා බරණැස රාජ්‍යය තිබේවා! සියළු දඹදිවද රජවීමට සුදුස්සෙකැයි සියළු තූර්ය භාණ්ඩයන් වාදනය කරවීය. නිග්‍රෝධ කුමාරයා අවදි වී සළුව ඉවත්කොට මහජනයා බලා අනෙක්පිට හැරී හොත්තේ කල්ගෙවා ගල්තලාවෙහි පළගින් හුන්නේය. ඉක්බිති පුරෝහිතයා දණින් සිට දේවයන් වහන්ස, ඔබට රාජ්‍යය පැමිණෙයි යි කියා මැනවයි කී කල්හි එහිම රන් රාසියක තබා අභිෂේක කෙළේය. හෙතෙම රාජ්‍යයට පත්වී සාඛට සේනාපති තනතුර දී මහත් වූ සත්කාර සහිතව නගරයට පිවිසියේය. පොත්තිකද ඔහු සමගම ගියේය. මහාසත්ව තෙමේ එතැන් පටන් බරණැස් නුවර දැහැමිව රාජ්‍යය කරවීය.
සො එකදිවසං මාතාපිතූනං සරිත්වා සාඛං ආහ – “සම්ම, න සක්කා මාතාපිතූහි විනා වත්තිතුං, මහන්තෙන පරිවාරෙන ගන්ත්වා මාතාපිතරො නො ආනෙහී”ති. සාඛො “න මෙ තත්ථ ගමනකම්මං අත්ථී”ති පටික්ඛිපි. තතො පොත්තිකං ආණාපෙසි. සො “සාධූ”ති තත්ථ ගන්ත්වා නිග්රොධස්ස මාතාපිතරො “පුත්තො වො රජ්ජෙ පතිට්ඨිතො, එථ ගච්ඡාමා”ති ආහ. තෙ “අත්ථි නො තාව විභවමත්තං, අලං තත්ථ ගමනෙනා”ති පටික්ඛිපිංසු. සාඛස්සපි මාතාපිතරො අවොච, තෙපි න ඉච්ඡිංසු. අත්තනො මාතාපිතරො අවොච, “මයං තාත තුන්නකාරකම්මෙන ජීවිස්සාම අල”න්ති පටික්ඛිපිංසු. සො තෙසං මනං අලභිත්වා බාරාණසිමෙව පච්චාගන්ත්වා “සෙනාපතිස්ස ඝරෙ මග්ගකිලමථං විනොදෙත්වා පච්ඡා නිග්රොධසහායං පස්සිස්සාමී”ති චින්තෙත්වා තස්ස නිවෙසනද්වාරං ගන්ත්වා “සහායො කිර තෙ පොත්තිකො නාම ආගතොති සෙනාපතිස්ස ආරොචෙහී”ති දොවාරිකං ආහ, සො තථා අකාසි. සාඛො පන “අයං මය්හං රජ්ජං අදත්වා සහායනිග්රොධස්ස අදාසී”ති තස්මිං වෙරං බන්ධි. සො තං කථං සුත්වාව කුද්ධො ආගන්ත්වා “කො ඉමස්ස සහායො උම්මත්තකො දාසිපුත්තො, ගණ්හථ න”න්ති වත්වා හත්ථපාදජණ්ණුකප්පරෙහි කොට්ටාපෙත්වා ගීවායං ගාහාපෙත්වා නීහරාපෙසි.
ඔහු එක්දිනක් මව්පියන් සිහිකොට සාඛට කීවේය. යහළුව, මව්පියන්ගෙන් තොරව පවතින්නට නොහැකිය. මහත් වූ පිරිවර සමග ගොස් අපගේ මව්පියවරුන් ගෙන එවයි. (කීය) සාඛයා මට එහි යෑමෙන් වැඩක් නැතැයි ප්‍රතික්ෂේප කළේය. අනතුරුව පොත්තිකට ඇනවීය. හෙතෙම මැනවයි එහි ගොස් නිග්රෝධගේ මව්පියන්ට, තොපගේ පුත්‍රයා රාජ්‍යයෙහි පිහිටියේය. එව් යමුයි කීය. ඔවුහු දරුව, අපට මේ ප්‍රමාණවත් සම්පත් ඇත. එහි යෑමෙන් කම් නැතැයි ප්‍රතික්ෂේප කළාහුය. සාඛගේ මව්පියන්ටද දැන්වීය. ඔවුහුද නො කැමති වූහ. තමාගේ මව්පියෝ කීහ. අපි සන්නාලි කර්මාන්තයෙන් ජීවත් වන්නෙමු. වැඩක් නැතැයි ප්‍රතික්ෂේප කළාහුය. හෙතෙම ඔවුන්ගේ සිත නොලැබ බරණැසටම පෙරලා අවුත් සෙන්පතියාගේ නිවසෙහි මාර්ග විඩාව දුරුකර පසුව නිග්රොධව බලන්නෙමියි සිතා ඔහුගේ නිවසෙහි දොරටුවට ගොස් තොපගේ යහළු වූ පොත්තික ආවේයයි සෙන්පතිතුමාට දන්වවයි දොරටුපල්ලාට කීවේය. හෙතෙම එසේ කළේය. සාඛයා මෙතෙම මට රාජ්‍යය නොදී යහළු වූ නිග්රෝධට දුන්නේ යයි ඔහු කෙරෙහි වෛර බැන්දේය. ඔහු ඒ අසාම කිපියේ අවුත් මොහුගේ යහළුවෙක් නම් කවරෙක්ද? උම්මත්තකයෙකි. දාසියගේ පුතෙකි. ඔහු ගනුවයි අත්, පා, දණ වැළමිට යන තැන්වලින් කොටවා බෙල්ලෙන් ගෙන බැහැර කරවීය.
සො චින්තෙසි “සාඛො මම සන්තිකා සෙනාපතිට්ඨානං ලභිත්වා අකතඤ්ඤූ මිත්තදුබ්භී, මං කොට්ටාපෙත්වා නීහරාපෙසි, නිග්රොධො පන පණ්ඩිතො කතඤ්ඤූ සප්පුරිසො, තස්සෙව සන්තිකං ගමිස්සාමී”ති. සො රාජද්වාරං ගන්ත්වා “දෙව, පොත්තිකො කිර නාම තෙ සහායො ද්වාරෙ ඨිතො”ති රඤ්ඤො ආරොචාපෙසි. රාජා පක්කොසාපෙත්වා තං ආගච්ඡන්තං දිස්වා ආසනා වුට්ඨාය පච්චුග්ගන්ත්වා පටිසන්ථාරං කත්වා මස්සුකම්මාදීනි කාරාපෙත්වා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතෙන පරිභුත්තනානග්ගරසභොජනෙන තෙන සද්ධිං සුඛනිසින්නො මාතාපිතූනං පවත්තිං පුච්ඡිත්වා අනාගමනභාවං සුණි. සාඛොපි “පොත්තිකො මං රඤ්ඤො සන්තිකෙ පරිභින්දෙය්ය , මයි පන ගතෙ කිඤ්චි වත්තුං න සක්ඛිස්සතී”ති තත්ථෙව අගමාසි. පොත්තිකො තස්ස සන්තිකෙයෙව රාජානං ආමන්තෙත්වා “දෙව, අහං මග්ගකිලන්තො ‘සාඛස්ස ගෙහං ගන්ත්වා විස්සමිත්වා ඉධාගමිස්සාමී’ති අගමිං. අථ මං සාඛො ‘නාහං තං ජානාමී’ති වත්වා කොට්ටාපෙත්වා ගීවායං ගාහාපෙත්වා නීහරාපෙසීති සද්දහෙය්යාසි ත්වං එත”න්ති වත්වා තිස්සො ගාථා අභාසි –
හෙතෙම සිතීය. සාඛයා මම වෙතින් සේනාපති තනතුර ලැබ කළගුණ නොදන්නේ මිත්‍රද්‍රෝහි වූයේ මා කොටා බැහැර කරවීය. නිග්‍රෝධ වූ කලී පණ්ඩිතය. කළගුණ දන්නේය. සත්පුරුෂයෙකි. ඔහුගේම සමීපයට යන්නෙමියි ඔහු රජ දොරට ගොස් ඔබගේ යහළු වූ පොත්තිකයා දොරටුවෙහි සිටියේ යයි රජුට දන්වා යැවීය. රජු කැඳවා එන්නා වූ ඔහු දැක අසුනින් නැගී සිට පෙරගමන් කොට පිළිසඳර කථාකොට රැවුල් බෑම ආදිය කරවා සියළු ආභරණයන්ගෙන් සැරසුනා වූ වළඳන ලද උසස් රස ආහාර ඇති ඔහු සමග සුවසේ හුන්නේ මව්පියන්ගේ තොරතුරු විමසා (ඔවුන්) නොපැමිණෙන බව ඇසීය. සාඛද පොත්තිකයා මා රජු හමුවෙහි බිඳින්නේ යයි මා ගිය කල්හි කිසිවක් කියන්නට නොහැකි වන්නේ යයි එහිම ගියේය. පොත්තික තෙමේ ඔහු සමීපයේදීම රජු අමතා දේවයන් වහන්ස, මම ගමන් වෙහෙසින් ක්ලාන්ත වූයේ සාඛගේ ගෙට ගොස් විඩාහැර මෙහි පැමිණෙන්නෙමියි ගියෙමි. ඉක්බිති සාඛයා මට ‘මම නොදනිමි’ යි කියා මා කොටවා බෙල්ලෙන් ගෙන බැහැර කරවීය යි. ඔබ මෙය අදහව් දැයි කියා ගාථා තුනක් කීවේය.
“න වාහමෙතං ජානාමි, කො වායං කස්ස වාති වා; යථා සාඛො වදි එව, නිග්රොධ කින්ති මඤ්ඤසි.
නවාහ මෙතං ජනාමි කොචායං කස්ස චාතිවා, යථා සාඛො වදී එවං - නිග්රොධ කිත්ති මඤ්ඤසි
1. නිග්‍රෝධ රජතුමනි, යම්සේ සාඛයා මම මොහු නොහඳුනමි. කාගේ කවුරුදැයි නොදනිමි යි කීවේද කිම? ඔබද එසේ සිතයිද?
“තතො ගලවිනීතෙන, පුරිසා නීහරිංසු මං; දත්වා මුඛපහාරානි, සාඛස්ස වචනංකරා.
2. අනතුරුව සාඛගේ වචනය කරන්නාවූ පුරුෂයෝ මට මුඛප්රහාර දී බෙල්ලෙන් අල්ලා බැහැර කළාහුය.
“එතාදිසං දුම්මතිනා, අකතඤ්ඤුන දුබ්භිනා; කතං අනරියං සාඛෙන, සඛිනා තෙ ජනාධිපා”ති.
3. රජතුමනි, ඔබගේ මිත්‍රයෙකු වූ කළගුණ නොදන්නා වූ නුවණ නැත්තා වූ මිත්‍රද්‍රෝහී වූ සාඛ විසින් මෙබඳු වූ පහත් කටයුත්තක් කරන ලදි.
තත්ථ කින්ති මඤ්ඤසීති යථා මං සාඛො අචරි, කිං ත්වම්පි එවමෙව මඤ්ඤසි, උදාහු අඤ්ඤථා මඤ්ඤසි, මං සාඛො එවං වදෙය්යාති සද්දහසි, තං න සද්දහසීති අධිප්පායො. ගලවිනීතෙනාති ගලග්ගාහෙන. දුබ්භිනාති මිත්තදුබ්භිනා.
එහි කින්ති මඤ්ඤසි යනු සාඛයා යම් සේ මට කීවේද කිමද ඔබද එසේම සිතහිද නැතහොත් අන් පරිද්දකින් සිතහිද සාඛයා මෙසේ මට කියන්නේ යයි අදහන්නෙහිද එය නොඅදහන්නෙහිද යන අදහසයි. ගලවිනීතෙන යනු බෙල්ලෙන් අල්ලා ගැනීමෙන් දුබ්භිනා මිත්‍රද්‍රෝහී වුවහු විසින්.
තං සුත්වා නිග්රොධො චතස්සො ගාථා අභාසි –
ඒ අසා නිග්‍රෝධ රජු ගාථා සතරක් කීවේය.
“න වාහමෙතං ජානාමි, නපි මෙ කොචි සංසති; යං මෙ ත්වං සම්ම අක්ඛාසි, සාඛෙන කාරණං කතං.
4. යහළුව, ඔබ මට යමක් කීවෙහිද මම එය නොදනිමි. සාඛයා විසින් යම් හිරිහැරයක් කරන ලදද එය මට කිසිවෙක් නොකීවේය.
“සඛීනං සාජීවකරො, මම සාඛස්ස චූභයං; ත්වං නොසිස්සරියං දාතා, මනුස්සෙසු මහන්තතං; තයාමා ලබ්භිතා ඉද්ධී, එත්ථ මෙ නත්ථි සංසයො.
5. ඔබ මටත් සාඛයාටත් යන යහළුවන් දෙදෙනාටම සමාන ලෙස සංග්‍රහ කෙළේය. මිනිසුන් අතර මහත් බව ලද ඉසුර අපට දුන්නේය. ඔබ වෙතින් දියුණුව ලැබුණි. මෙහි සැකයක් නැත.
“යථාපි බීජමග්ගිම්හි, ඩය්හති න විරූහති; එවං කතං අසප්පුරිසෙ, නස්සති න විරූහති.
6. යම්සේ ගින්නෙහි ලූ බීජය දැවේද නොවැඩේද මෙසේ අසත්පුරුෂයා විෂයෙහිදී කළ යහපත නැසේ. නොවැඩේ.
“කතඤ්ඤුම්හි ච පොසම්හි, සීලවන්තෙ අරියවුත්තිනෙ; සුඛෙත්තෙ විය බීජානි, කතං තම්හි න නස්සතී”ති.
7. කළගුණ දන්නා වූ සිල්වත් වූ යහපත් පැවතුම් ඇති පුරුෂයා කෙරෙහි කරන ලද්ද යහපත් කෙතක රෝපණය කරන ලද බීජයක් මෙන් නොනැසේ.
තත්ථ සංසතීති ආචික්ඛති. කාරණං කතන්ති ආකඩ්ඪනවිකඩ්ඪනපොථනකොට්ටනසඞ්ඛාතං කාරණං කතන්ති අත්ථො. සඛීනං සාජීවකරොති සම්ම, පොත්තික ත්වං සහායකානං සුආජීවකරො ජීවිකාය උප්පාදෙතා. මම සාඛස්ස චූභයන්ති මය්හඤ්ච සාඛස්ස ච උභින්නම්පි සඛීනන්ති අත්ථො. ත්වං නොසිස්සරියන්ති ත්වං නො අසි ඉස්සරියං දාතා, තව සන්තිකා ඉමා සම්පත්තී අම්හෙහි ලද්ධා. මහන්තතන්ති මහන්තභාවං.
එහි සංසති යනු කියයි. කඩ්ඪනං කතං යනු ඇදීම් තල්ලුකිරීම් තැලීම් කෙටීම් සංඛ්‍යාත වූ හිරිහැර කරන ලදැයි අර්ථයි. සඛීනං සාජීවකරො යනු යහළු පොත්තිකය, ඔබ යහළුවන්ට යහපත් ජීවිකාව ඇති කරන්නෙකි. ජීවිතය උපදවන්නෙකි. මම සාඛස්ස චූභයං යනු මටද සාඛටද යන යහළුවන් දෙදෙනාටම යන අර්ථයි. ත්වං නො ඉස්සරියං යනු ඔබ අපට ඉසුරු දුන්නේ වෙහි. ඔබ වෙතින් අප විසින් මෙය ලබන ලදි. මහග්ගතං යනු මහත් බවයි.
එවඤ්ච පන වත්වා එත්තකං කථෙන්තෙ නිග්රොධෙ සාඛො තත්ථෙව අට්ඨාසි. අථ නං රාජා “සාඛ ඉමං පොත්තිකං සඤ්ජානාසී”ති පුච්ඡි. සො තුණ්හී අහොසි. අථස්ස රාජා දණ්ඩං ආණාපෙන්තො අට්ඨමං ගාථමාහ –
මෙසේ නිග්‍රෝධ රජු මෙසේ කියන කල්හි සාඛයා එහිම සිටියේය. ඉක්බිති රජු ඔහුගෙන් සාඛය, මේ පොත්තිකව හඳුනන්නෙහිදැයි විමසීය. හෙතෙම නිශ්ශබ්ද වීය. ඉක්බිති රජු ඔහුට දඬුවම් පනවන්නේ අටවන ගාථාව කීවේය.
“ඉමං ජම්මං නෙකතිකං, අසප්පුරිසචින්තකං; හනන්තු සාඛං සත්තීහි, නාස්ස ඉච්ඡාමි ජීවිත”න්ති.
8. අසත්පුරුෂ සිතුවිලි ඇති, ලාමක වූ, කපටි වූ මේ සාඛයා පිහියෙන් ඇන නසත්වා. මොහුගේ ජීවිතය නොකැමති වෙමි යි.
තත්ථ ජම්මන්ති ලාමකං. නෙකතිකන්ති වඤ්චකං.
එහි ජම්මං යනු ලාමක, නෙත්තිකං යනු කපටි.
තං සුත්වා පොත්තිකො “මා එස බාලො මං නිස්සාය නස්සතූ”ති චින්තෙත්වා නවමං ගාථමාහ –
ඒ අසා පොත්තික කියනුයේ මේ මෝඩයා මා නිසා නොනැසේවා යි සිතා නවවන ගථාව කීවේය.
“ඛමතස්ස මහාරාජ, පාණා න පටිආනයා; ඛම දෙව අසප්පුරිසස්ස, නාස්ස ඉච්ඡාමහං වධ”න්ති.
9. මහරජතුමනි, අසත්පුරුෂ වූ මොහුට ක්ෂමා කෙරේවා. මළවුන්ගේ ප්‍රාණීන් නැවත ගෙනඒමට නොහැකිය. දේවයන් වහන්ස කමා කරන්න. මම මොහුගේ මරණය කැමති නොවෙමි.
තත්ථ ඛමතස්සාති ඛමතං අස්ස, එතස්ස අසප්පුරිසස්ස ඛමථාති අත්ථො. න පටිආනයාති මතස්ස නාම පාණා පටිආනෙතුං න සක්කා.
එහි බම්යතස්ස යනු මොහුට ක්ෂමා කෙරේවා. මේ අසත්පුරුෂයාට කමා කරව යන අර්ථයි. දුප්පටි ආනයා යනු මළහුගේ ප්‍රාණය නැවත ගෙන ඒමට නොහැකිය.
රාජා තස්ස වචනං සුත්වා සාඛස්ස ඛමි, සෙනාපතිට්ඨානම්පි පොත්තිකස්සෙව දාතුකාමො අහොසි , සො පන න ඉච්ඡි. අථස්ස සබ්බසෙනානීනං විචාරණාරහං භණ්ඩාගාරිකට්ඨානං නාම අදාසි. පුබ්බෙ කිරෙතං ඨානන්තරං නාහොසි, තතො පට්ඨාය ජාතං. අපරභාගෙ පොත්තිකො භණ්ඩාගාරිකො පුත්තධීතාහි වඩ්ඪමානො අත්තනො පුත්තධීතානං ඔවාදවසෙන ඔසානගාථමාහ –
රජු ඔහුගේ වචනය අසා සාඛට කමා කළේය. සෙන්පති තනතුර පොත්තිකට දෙනු කැමති වීය. හෙතෙම නොකැමති වීය. ඉක්බිති සියළු සේනාවන්ගේ විමසීමට සුදුසුවන භාණ්ඩාගාරික තනතුර දුන්නේය. පෙර මේ තනතුර නොවීය. එතැන් පටන් ඇති විය. මෑත කාලයෙහි පොත්තික භාණ්ඩාගාරිකයා පුත් දූන්ගෙන් වැඩෙන්නේ තමාගේ පුත් දූවරුන්ට අවවාද වශයෙන් අවසාන ගාථාව කීවේය.
“නිග්රොධමෙව සෙවෙය්ය, න සාඛමුපසංවසෙ; නිග්රොධස්මිං මතං සෙය්යො, යඤ්චෙ සාඛස්මි ජීවිත”න්ති.
10. නිග්‍රෝධ රජුම සේවනය කරන්නේය. සාඛයා ඇසුරට නොයන්නේය. සාඛයා වෙත ජීවත් වනවාට වඩා නිග්‍රෝධ වෙත මරණය උතුම්ය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, දෙවදත්තො පුබ්බෙපි අකතඤ්ඤූයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා සාඛො දෙවදත්තො අහොසි, පොත්තිකො ආනන්දො, නිග්රොධො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මෙසේ දෙව්දත් පෙරද කළගුණ නොදන්නේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි සාඛයා දෙව්දත් වීය. පොත්තික ආනන්ද වීය. නිග්‍රෝධ රජු මම ම වූයෙමි යි වදාළ සේක.
නිග්රොධජාතකවණ්ණනා සත්තමා.