යෙදුමෙන් කියවන්න

6. කණ‍්හදීපායනජාතකවණ‍්ණනා 444 අට‍්ඨකථා

6. කණ‍්හදීපායනජාතකවණ‍්ණනා (444)

6. කණහදීපායන ජාතකය (444)

සත‍්තාහමෙවාහන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු කුසජාතකෙ (ජා· 2.20.1 ආදයො) ආවි භවිස‍්සති. සත්‍ථා තං භික‍්ඛුං “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛු පොරාණකපණ‍්ඩිතා අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ බාහිරකපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අතිරෙකපඤ‍්ඤාසවස‍්සානි අනභිරතා බ්‍රහ‍්මචරියං චරන‍්තා හිරොත‍්තප‍්පභෙදභයෙන අත‍්තනො උක‍්කණ‍්ඨිතභාවං න කස‍්සචි කථෙසුං, ත්‍වං කස‍්මා එවරූපෙ නිය්‍යානිකසාසනෙ පබ‍්බජිත්‍වා මාදිසස‍්ස ගරුනො බුද‍්ධස‍්ස සම‍්මුඛෙ ඨත්‍වා චතුපරිසමජ‍්ඣෙ උක‍්කණ‍්ඨිතභාවං ආවි කරොසි, කිමත්‍ථං අත‍්තනො හිරොත‍්තප‍්පං න රක‍්ඛසී”ති වත්‍වා අතීතං ආහරි.

සත්තාහ මෙවාහං යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන්නේ එක් උකටලී වූ භික්‍ෂුවක් අරබයා දේශනා කල සේක. කථා පුවත කුස ජාතකයෙහි පෙනෙන්නේය. බුදුරජු ඔබ උකටලී වූයෙහි ඇත්තදැයි ඒ භික්‍ෂුවගෙන් විමසා සත්‍යයයි කී කල්හි මහණ. පැරණි පඬුවෝ බුදුන් නූපන් කල්හිද බාහිර පැවිද්දෙන් පැවිදි වී අවුරුදු පනහකට වැඩියක් කල් පඤ්චකාමයෙහි නොඇළුනාහු බඹසර හැසිරෙන්නාහු හිරි ඔතප් බිඳීමේ බියෙන් තමාගේ උකටලී බවක් කිසිවෙකුට නොකීවාහුය. තෝ කුමක් හෙයින් මෙබඳු නෛර්යාණික ශාසනයෙහි පැවිදි වි මා වැනි ගරු කටයුතු බුදුවරයෙකු ඉදිරියෙහි සිට සිවුපිරිස මැද උකටලී බව ප්‍රකට කරහිද කුමක් නිසා හිරි-ඔතප් නොරකිහිදැයි කියා අතීත කථාව ගෙනහැර පෑවේය.

අතීතෙ වංසරට‍්ඨෙ කොසම‍්බියං නාම නගරෙ කොසම‍්බකො නාම රාජා රජ‍්ජං කාරෙසි. තදා අඤ‍්ඤතරස‍්මිං නිගමෙ ද‍්වෙ බ්‍රාහ‍්මණා අසීතිකොටිධනවිභවා අඤ‍්ඤමඤ‍්ඤං පියසහායකා කාමෙසු දොසං දිස‍්වා මහාදානං පවත‍්තෙත්‍වා උභොපි කාමෙ පහාය මහාජනස‍්ස රොදන‍්තස‍්ස පරිදෙවන‍්තස‍්ස නික‍්ඛමිත්‍වා හිමවන‍්තපදෙසෙ අස‍්සමපදං කත්‍වා පබ‍්බජිත්‍වා උඤ‍්ඡාචරියාය වනමූලඵලාඵලෙන යාපෙන‍්තා පණ‍්ණාස වස‍්සානි වසිංසු, ඣානං උප‍්පාදෙතුං නාසක‍්ඛිංසු. තෙ පණ‍්ණාසවස‍්සච‍්චයෙන ලොණම‍්බිලසෙවනත්‍ථාය ජනපදං චරන‍්තා කාසිරට‍්ඨං සම‍්පාපුණිංසු. තත්‍ර අඤ‍්ඤතරස‍්මිං නිගමගාමෙ දීපායනතාපසස‍්ස ගිහිසහායො මණ‍්ඩබ්‍යො නාම අත්‍ථි, තෙ උභොපි තස‍්ස සන‍්තිකං අගමංසු. සො තෙ දිස‍්වාව අත‍්තමනො පණ‍්ණසාලං කාරෙත්‍වා උභොපි තෙ චතූහි පච‍්චයෙහි උපට‍්ඨහි. තෙ තත්‍ථ තීණි චත‍්තාරි වස‍්සානි වසිත්‍වා තං ආපුච‍්ඡිත්‍වා චාරිකං චරන‍්තා බාරාණසිං පත්‍වා අතිමුත‍්තකසුසානෙ වසිංසු. තත්‍ථ දීපායනො යථාභිරන‍්තං විහරිත්‍වා පුන තස‍්සෙව සහායස‍්ස සන‍්තිකං ගතො. මණ‍්ඩබ්‍යතාපසො තත්‍ථෙව වසි.

අතීතයෙහි වංස රටෙහි කොසඹෑ නුවර කොසම්බික නම් රජු රාජ්‍යය කරවීය. එකල්හි එක්තරා නියම්ගමක අසූකෙළක් ධනය ඇති බ්‍රාහ්මණයෝ දෙදෙනෙක් ඔවුනොවුන් ප්‍රිය යහළු වූවාහු කාමයෙහි දොස් දැක මහදන් පවත්වා දෙදෙනාම කාමයන් හැර මහජනයා හඬද්දීම වැලපෙද්දීම නික්ම හිමවත පෙදෙසෙහි අසපුවක් කොට පැවිදි වී අහර සෙවීමෙන් වනයෙහි මුල් හා ලොකු කුඩා ගෙඩිවලින් යැපෙන්නාහු අවුරුදු පනහක් වාසය කළාහුය. ධ්‍යාන උපදවන්නට නොහැකි වූවාහුය. ඔවුහු අවුරුදු පනහ ඇවෑමෙන් ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපදයෙහි හැසිරෙන්නාහු කසීරටට පැමිණියාහුය. එහි එක් නියම්ගමක දීපායන තවුසාගේ ගිහි යහළු වූ මණ්ඩව්‍ය නම් අයෙක් සිටිති. ඒ දෙදෙනාම ඔහු සමීපයට ගියාහුය. ඔහු ඔවුන් දැක සතුටු සිත් ඇත්තේ පන්සලක් කරවා දෙදෙනාටම සිව්පසයෙන් උපස්ථාන කෙළේය. ඔවුහු එහි තුන්හතර වසරක් වාසය කර ඔහුට දන්වා චාරිකාවෙහි හැසිරෙන්නාහු බරණැසට පැමිණ කොඹුගස් ඇති සුසානයක වාසය කළාහුය. එහිදී දීපායන තෙමේ කැමතිතාක් කල් වාසය කර ඔහුගේ සහායකයාගේ සමීපයට ගියේය. මණ්ඩව්‍ය තාපසයා එහිම වාසය කෙළේය.

අථෙකදිවසං එකො චොරො අන‍්තොනගරෙ චොරිකං කත්‍වා ධනසාරං ආදාය නික‍්ඛන‍්තො “චොරො”ති ඤත්‍වා පටිබුද‍්ධෙහි ඝරස‍්සාමිකෙහි චෙව ආරක‍්ඛමනුස‍්සෙහි ච අනුබද‍්ධො නිද‍්ධමනෙන නික‍්ඛමිත්‍වා වෙගෙන සුසානං පවිසිත්‍වා තාපසස‍්ස පණ‍්ණසාලද‍්වාරෙ භණ‍්ඩිකං ඡට‍්ටෙත්‍වා පලායි . මනුස‍්සා භණ‍්ඩිකං දිස‍්වා “අරෙ දුට‍්ඨජටිල, ත්‍වං රත‍්තිං චොරිකං කත්‍වා දිවා තාපසරූපෙන චරසී”ති තජ‍්ජෙත්‍වා පොථෙත්‍වා තං ආදාය නෙත්‍වා රඤ‍්ඤො දස‍්සයිංසු. රාජා අනුපපරික‍්ඛිත්‍වාව “ගච‍්ඡථ, නං සූලෙ උත‍්තාසෙථා”ති ආහ. තෙ තං සුසානං නෙත්‍වා ඛදිරසූලං ආරොපයිංසු, තාපසස‍්ස සරීරෙ සූලං න පවිසති. තතො නිම‍්බසූලං ආහරිංසු, තම‍්පි න පවිසති. අයසූලං ආහරිංසු, තම‍්පි න පවිසති. තාපසො “කිං නු ඛො මෙ පුබ‍්බකම‍්ම”න‍්ති ඔලොකෙසි, අථස‍්ස ජාතිස‍්සරඤාණං උප‍්පජ‍්ජි, තෙන පුබ‍්බකම‍්මං ඔලොකෙත්‍වා අද‍්දස. කිං පනස‍්ස පුබ‍්බකම‍්මන‍්ති? කොවිළාරසූලෙ මක‍්ඛිකාවෙධනං. සො කිර පුරිමභවෙ වඩ‍්ඪකිපුත‍්තො හුත්‍වා පිතු රුක‍්ඛතච‍්ඡනට‍්ඨානං ගන‍්ත්‍වා එකං මක‍්ඛිකං ගහෙත්‍වා කොවිළාරසලාකාය සූලෙ විය විජ‍්ඣි. තමෙනං පාපකම‍්මං ඉමං ඨානං පත්‍වා ගණ‍්හි. සො “න සක‍්කා ඉතො පාපා මයා මුච‍්චිතු”න‍්ති ඤත්‍වා රාජපුරිසෙ ආහ “සචෙ මං සූලෙ උත‍්තාසෙතුකාමත්‍ථ, කොවිළාරසූලං ආහරථා”ති. තෙ තථා කත්‍වා තං සූලෙ උත‍්තාසෙත්‍වා ආරක‍්ඛං දත්‍වා පක‍්කමිංසු.

ඉක්බිති එක් දවසක් එක් සොරෙක් ඇතුල් නගරයෙහි සොරකම් කර මුදල් රැසක් ගෙන නික්මෙන්නේ පිබිදි නිවෙස් හිමියන් විසින්ද රැකවලෙහි හුන් මිනිසුන් විසින්ද “සොරකැයි” දැන ඔවුන් විසින් ලුහුබඳනා ලද්දේ කුණු කානුවෙන් නික්ම වේගයෙන් සොහොනට පිවිස තවුසාගේ පන්සල දොර බඩු දමා පලා ගියේය. මුදල් හිමියෝ බඩු දැක එම්බා දුෂ්ට ජටිලය, තෝ රාත්‍රියෙහි සොරකම් කර දවල් තවුසෙකු මෙන් හැසිරෙන්නෙහියි. තර්ජනය කොට තලා ඔහු ගෙන ගොස් රජුට දැක්වූවාහුය. පරීක්‍ෂා නොකරම යව් මොහු උල තබවයි කීය. ඔවුහු ඒ තවුසා සොහොනට ගෙනගොස් කිහිරි උලක නංවාලූහ. එය නොපිවිසෙයි. යකඩ උලක් ගෙන ආවාහුය. එයද නොපිවිසෙයි. තාපසයා මගේ පෙර කර්මය කුමක්දැයි බැලීය. ඉක්බිති ඔහුට ජාති ස්මරණ ඤාණය ඉපදුණේය. ඔහු විසින් පෙර කර්මය බලන්නේ දුටුවේය. ඔහුගේ පෙර කර්මය කුමක්ද? කොබෝලීල උලෙහි ගසා මැස්සන් මැරීමයි. ඔහු වනාහි පෙර භවයෙහි වඩුවෙකුගේ පුතෙකු වී පියා ගස් රහින තැනට ගොස් එක් මැස්සෙකු ගෙන කොබෝලීල හුලෙහි විද්දේය. එහුට එම පාපය මෙතැනට පැමිණ ගත්තේය. හෙතෙම මේ පවෙන් මිදෙන්නට නොහැකි යයි දැන රාජ පුරුෂයන්ට කීවේය. ඉදින් මා උල තබන්නට කැමති වහු නම් කොබෝලීල උලක් ගෙනෙව් යනුවෙනි. ඔවුහු එසේ කොට ඔහු උල තබා ආරක්‍ෂාව දී ගියාහුය.

ආරක‍්ඛකා පටිච‍්ඡන‍්නා හුත්‍වා තස‍්ස සන‍්තිකං ආගච‍්ඡන‍්තෙ ඔලොකෙන‍්ති. තදා දීපායනො “චිරදිට‍්ඨො මෙ සහායො”ති මණ‍්ඩබ්‍යස‍්ස සන‍්තිකං ආගච‍්ඡන‍්තො “සූලෙ උත‍්තාසිතො”ති තං දිවසඤ‍්ඤෙව අන‍්තරාමග‍්ගෙ සුත්‍වා තං ඨානං ගන‍්ත්‍වා එකමන‍්තං ඨිතො “කිං සම‍්ම කාරකොසී”ති පුච‍්ඡිත්‍වා “අකාරකොම‍්හී”ති වුත‍්තෙ “අත‍්තනො මනොපදොසං රක‍්ඛිතුං සක‍්ඛි, නාසක‍්ඛී”ති පුච‍්ඡි. “සම‍්ම, යෙහි අහං ගහිතො, නෙව තෙසං, න රඤ‍්ඤො උපරි මය‍්හං මනොපදොසො අත්‍ථී”ති. “එවං සන‍්තෙ තාදිසස‍්ස සීලවතො ඡායා මය‍්හං සුඛා”ති වත්‍වා දීපායනො සූලං නිස‍්සාය නිසීදි. අථස‍්ස සරීරෙ මණ‍්ඩබ්‍යස‍්ස සරීරතො ලොහිතබින්‍දූනි පතිංසු. තානි සුවණ‍්ණවණ‍්ණසරීරෙ පතිතපතිතානි සුස‍්සිත්‍වා කාළකානි උප‍්පජ‍්ජිංසු. තතො පට‍්ඨායෙව සො කණ‍්හදීපායනො නාම අහොසි. සො සබ‍්බරත‍්තිං තත්‍ථෙව නිසීදි.

ආරක්‍ෂකයෝ සැඟවී ඔහු සමීපයට එන්නවුන් බලත්. එකල්හි දීපායන තවුසා මගේ යහළුවා කලකින් දක්නා ලද්දේයයි කියා මණ්ඩව්‍යගේ සමීපයට එන්නේ උල තබන ලදැයිද එදවසට අතරමඟදී අසා එතැනට ගොස් එකත්පස්ව සිටියේ යහළුව, කුමක් කරන්නෙකැයි විමසා කරුණු නැත්තෙම් වෙමියි කී කල්හි තමාගේ සිත් දූෂණය වීම රක්නට හැකිද නොහැකිදැයි විචාළේය. යහළුව, යම් කෙනෙකුන් විසින් මම ගන්නා ලද්දෙම්ද ඔවුන් පිළිබඳව හෝ රජු කෙරෙහි හෝ මා තුළ කෝපයක් නැතැයි. මෙසේ ඇති කල්හි ඔබ වැනි වූ සිල්වතෙකුගේ සෙවනැල්ල මට සැපයක් යයි කියා දීපායන තවුසා උල සමීපයෙහි හුන්නේය. ඉක්බිති ඔහුගේ සිරුරෙහි මණ්ඩව්‍යගේ සිරුරෙන් ලේ බින්දු වැටුණි. එ්වා රන්වන් ශරීරයෙහි වැටුනේ වියලි නළුවන් බවට පැමිණියේය. එතැන් පටන් ඔහු කණ්හ දීපායන නම් වීය. හෙතෙම මුළු රැය එහිම හුන්නේය.

පුනදිවසෙ ආරක‍්ඛපුරිසා ආගන‍්ත්‍වා තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසුං. රාජා “අනිසාමෙත්‍වාව මෙ කත”න‍්ති වෙගෙන තත්‍ථ ගන‍්ත්‍වා “පබ‍්බජිත, කස‍්මා සූලං නිස‍්සාය නිසින‍්නොසී”ති දීපායනං පුච‍්ඡි. මහාරාජ, ඉමං තාපසං රක‍්ඛන‍්තො නිසින‍්නොම‍්හි. කිං පන ත්‍වං මහාරාජ, ඉමස‍්ස කාරකභාවං වා අකාරකභාවං වා ඤත්‍වා එවං කාරෙසීති? සො කම‍්මස‍්ස අසොධිතභාවං ආචික‍්ඛි. අථස‍්ස සො “මහාරාජ, රඤ‍්ඤා නාම නිසම‍්මකාරිනා භවිතබ‍්බං , අලසො ගිහී කාමභොගී න සාධූ”තිආදීනි වත්‍වා ධම‍්මං දෙසෙසි. රාජා මණ‍්ඩබ්‍යස‍්ස නිද‍්දොසභාවං ඤත්‍වා “සූලං හරථා”ති ආණාපෙසි. සූලං හරන‍්තා හරිතුං න සක‍්ඛිංසු. මණ‍්ඩබ්‍යො ආහ – “මහාරාජ, අහං පුබ‍්බෙ කතකම‍්මදොසෙන එවරූපං භයං සම‍්පත‍්තො, මම සරීරතො සූලං හරිතුං න සක‍්කා, සචෙ මය‍්හං ජීවිතං දාතුකාමො, කකචං ආහරාපෙත්‍වා ඉමං සූලං චම‍්මසමං ඡින්‍දාපෙහී”ති. රාජා තථා කාරෙසි. අන‍්තොසරීරෙ සූලො අන‍්තොයෙව අහොසි. තදා කිර සො සුඛුමං කොවිළාරසලාකං ගහෙත්‍වා මක‍්ඛිකාය වච‍්චමග‍්ගං පවෙසෙසි, තං තස‍්ස අන‍්තොසරීරෙයෙව අහොසි. සො තෙන කාරණෙන අමරිත්‍වා අත‍්තනො ආයුක‍්ඛයෙනෙව මරි, තස‍්මා අයම‍්පි න මතො. රාජා තාපසෙ වන්‍දිත්‍වා ඛමාපෙත්‍වා උභොපි උය්‍යානෙ වසාපෙන‍්තො පටිජග‍්ගි, තතො පට‍්ඨාය මණ‍්ඩබ්‍යො ආණිමණ‍්ඩබ්‍යො නාම ජාතො. සො රාජානං උපනිස‍්සාය තත්‍ථෙව වසි, දීපායනො පන තස‍්ස වණං ඵාසුකං කත්‍වා අත‍්තනො ගිහිසහායමණ‍්ඩබ්‍යස‍්ස සන‍්තිකමෙව ගතො.

දෙවන දවස්හි ආරක්‍ෂක පුරුෂයෝ ගොස් එපුවත රජුට දැන්වූහ. රජු නොවිමසා මවිසින් කළ කටයුත්තකැයි වේගයෙන් එහි ගොස් පැවිද්ද කුමක් හෙයින් උල ඇසුරු කොට හුන්නෙහිදැයි දීපායනගෙන් විමසීය. මහරජ මේ තාපසයා රකිමින් හුන්නේ වෙමි. කිම ඔබ මොහු කළ බව හෝ නොකළ බව හෝ දැන මෙසේ කරහිදැයි. හෙතෙම කාර්යය විමසා නොබැලූ බව කීවේය. ඉක්බිති හෙතෙම ඔහුට (කියනුයේ) මහරජ, රජ විසින් සොයා බලා කටයුතු කරන්නෙක් විය යුතුය. අලසො ගිහී කාමභෝගී නසාධු” යි ආදීන් කියා ධර්මදේශනා කෙළේය. රජු මණ්ඩව්‍යගේ නිදොස් බව දැන හුල ඉවත් කරව් යයි ඇණවීය. උල ඉවත් කරන්නාහු ඉවත් කරන්නට නොහැකි වූවාහුය. මණ්ඩව්‍ය තෙමේ කීය. මහරජ, මම පෙර කරන ලද කර්මයෙහි දෝෂයෙන් මෙබඳු වූ අපකීර්තියකට පත්වූයෙම් වෙමි. මගේ සිරුරෙන් උල ඉවත් කරන්නට නොහැකිය. ඉදින් මට ජීවිතය දෙනු කැමැත්තේ නම් කියතත් ගෙන්වා මේ උල සම හා සමාන කොට (සම ලඟින්) සිඳුවමයි. රජු එසේ කරවීය. සිරුර තුළ උල ඇතුළතම වීය. එකල්හි හෙතෙම ඒ සියුම් උල ගෙන මැස්සාගේ අසූචි මාර්ගයෙහි පිවිසවීය. එය ඇයගේ සිරුර තුළට වීය. ඈ ඒ හේතුවෙන් නොමැරී තමාගේ ආයුෂ අවසන් වීමෙන් මැරුණේය. එහෙයින් මොහුද නොමැරුණේය යනුයි. රජ තවුසා වැඳ සමා කරවා දෙදෙනාම උයනෙහි වාසය කරවන්නේ පෝෂණය කෙළේය. එතැන් පටන් මණ්ඩව්‍ය තාපසයා ආණිමණ්ඩව්‍ය නම් වීය. හෙතෙම රජු ඇසුරුකොට එහිම වාසය කෙළේය. දීපායන තවුසා ඔහුගේ තුවාලය සුවකොට තමාගේ ගිහි යහළු මණ්ඩව්‍යගේ සමීපයටම ගියේය.

තං පණ‍්ණසාලං පවිසන‍්තං දිස‍්වා එකො පුරිසො සහායස‍්ස ආරොචෙසි. සො සුත්‍වාව තුට‍්ඨචිත‍්තො සපුත‍්තදාරො බහූ ගන්‍ධමාලතෙලඵාණිතාදීනි ආදාය තං පණ‍්ණසාලං ගන‍්ත්‍වා දීපායනං වන්‍දිත්‍වා පාදෙ ධොවිත්‍වා තෙලෙන මක‍්ඛෙත්‍වා පානකං පායෙත්‍වා ආණිමණ‍්ඩබ්‍යස‍්ස පවත‍්තිං සුණන‍්තො නිසීදි. අථස‍්ස පුත‍්තො යඤ‍්ඤදත‍්තකුමාරො නාම චඞ‍්කමනකොටියං ගෙණ‍්ඩුකෙන කීළි, තත්‍ර චෙකස‍්මිං වම‍්මිකෙ ආසීවිසො වසති. කුමාරස‍්ස භූමියං පහටගෙණ‍්ඩුකො ගන‍්ත්‍වා වම‍්මිකබිලෙ ආසීවිසස‍්ස මත්‍ථකෙ පති. සො අජානන‍්තො බිලෙ හත්‍ථං පවෙසෙසි. අථ නං කුද‍්ධො ආසීවිසො හත්‍ථෙ ඩංසි. සො විසවෙගෙන මුච‍්ඡිතො තත්‍ථෙව පති. අථස‍්ස මාතාපිතරො සප‍්පෙන ඩට‍්ඨභාවං ඤත්‍වා කුමාරකං උක‍්ඛිපිත්‍වා තාපසස‍්ස සන‍්තිකං ආනෙත්‍වා පාදමූලෙ නිපජ‍්ජාපෙත්‍වා “භන‍්තෙ, පබ‍්බජිතා නාම ඔසධං වා පරිත‍්තං වා ජානන‍්ති, පුත‍්තකං නො ආරොගං කරොථා”ති ආහංසු. අහං ඔසධං න ජානාමි, නාහං වෙජ‍්ජකම‍්මං කරිස‍්සාමීති. “තෙන හි භන‍්තෙ, ඉමස‍්මිං කුමාරකෙ මෙත‍්තං කත්‍වා සච‍්චකිරියං කරොථා”ති වුත‍්තෙ තාපසො “සාධු, සච‍්චකිරියං කරිස‍්සාමී”ති වත්‍වා යඤ‍්ඤදත‍්තස‍්ස සීසෙ හත්‍ථං ඨපෙත්‍වා පඨමං ගාථමාහ –

ඒ පන්සලට පිවිසෙන්නා වූ ඔහු එක් ආර්යයකු දැක යහළුවාට දැන්වීය. හෙතෙම අසා සතුටු සිත් ඇත්තේ අඹුදරුවන් සහිත වූයේ බොහෝ සුවඳ-මල්-තෙල්-පැණි ආදිය ගෙන ඒ පන්සලට ගොස් දීපායන තවුසාට වැඳ පා සෝදා තෙල් ගල්වා පැන් පොවා ආණි මණ්ඩව්‍යගේ ප්‍රවෘත්තිය අසන්නේ හුන්නේය. ඉක්බිති ඔහු පුත්‍ර වූ යඥදත්ත නම් කුමාරයා සක්මන්මළුව කෙළවර පන්දුවෙන් සෙල්ලම් කෙළේය. එහි එක් තුඹසක සර්පයෙක් වසයි. කුමාරයා විසින් ගසන ලද පන්දුව ගොස් තුඹස් කුහරයේ හුන් සර්පයා මත්තෙහි වැටුනේය. ඔහු නොදන්නේ කුහරයේ අත දැමීය. ඉක්බිති කිපුන සර්පයා ඔහුගේ අත දෂ්ට කෙළේය. හෙතෙම විෂ වේගයෙන් සිහිසුන් වූයේ එහිම වැටුනේය. ඉක්බිති ඔහුගේ මව්පියෝ සර්පයා විසින් දෂ්ට කළ බව දැන කුමාරයා ඔසවා තවුසා සමීපයට ගෙනවුත් පාමුල හොවා ස්වාමීනි, පැවිද්දෝ නම් බෙහෙත් හෝ ආරක්‍ෂා මන්ත්‍ර හෝ දනිත්. අපගේ පුත්‍රයා නිරෝගී කරව යයි කීවාහුය. මම බෙහෙත් නොදනිමි. මම වෙදකම් නොකරමි. පැවිද්දෙක් වෙමි. ස්වාමීනි, එසේනම් මේ කුමාරයා කෙරෙහි මෛත්‍රී කර සත්‍යක්‍රියා කරව යයි කීය. තවුසා මැනවි, සත්‍ය ක්‍රියා කරන්නෙමියි කියා යඥදත්තගේ හිසෙහි අත තබා පළමු ගාථාව කීවේය.

“සත‍්තාහමෙවාහං පසන‍්නචිත‍්තො, පුඤ‍්ඤත්‍ථිකො ආචරිං බ්‍රහ‍්මචරියං; අථාපරං යං චරිතං මමෙදං, වස‍්සානි පඤ‍්ඤාස සමාධිකානි; අකාමකොවාපි අහං චරාමි, එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතු; හතං විසං ජීවතු යඤ‍්ඤදත‍්තො”ති.

සත්තාහ මෙවාහං පසන්න චිත්තො, පුඤ්ඤන්‍ථිකො අචරිං බ්‍රහ්මචරියං, අථාපරං යං චරිතං මමයිදං , වස්සානි පඤ්ඤාස සමාධිතානි, අකාමකො වාපි අහං චරාමි, එතේන සච්චේන සුවත්‍ථි හොතු, ඒතං විසං ජීවතු යඤ්ඤත්තොති

1. මම පිං කැමැත්තේ පහන් සිත් ඇත්තේ සත් දවසක්ම බ්‍රහ්මචර්යාවෙහි හැසුරුනෙමි. අනතුරුව මා පනස්වසරකට වැඩි කාලයක් යම් මේ තවුස් දහමක් වැඩුවෙම්ද, මම කාමුක බැවින් තොරව හැසිරෙම්ද මේ සත්‍ය බලයෙන් සුවපත් වේවා! යඥදත්තයා නැසුන විස ඇතිව ජීවත් වේවා!

තත්‍ථ අථාපරං යං චරිතන‍්ති තස‍්මා සත‍්තාහා උත‍්තරි යං මම බ්‍රහ‍්මචරියං. අකාමකොවාපීති පබ‍්බජ‍්ජං අනිච‍්ඡන‍්තොයෙව. එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතූති සචෙ අතිරෙකපණ‍්ණාසවස‍්සානි අනභිරතිවාසං වසන‍්තෙන මයා කස‍්සචි අනාරොචිතභාවො සච‍්චං, එතෙන සච‍්චෙන යඤ‍්ඤදත‍්තකුමාරස‍්ස සොත්‍ථිභාවො හොතු, ජීවිතං පටිලභතූති.

එහි අථාපරං යං චරිතං යනු ඒ සත්දවසින් මත්තෙහි වැඩූ යම් බඹසර විසීමක්. අකාමකොවාපි යනු පැවිද්ද නොකැමති වන්නේම. එතේන සච්චේන සුවත්‍ථි හොතු ඉදින් වැඩියක් පනස් වසරක් කාමයන් පිළිබඳ නොඇල්මෙන් වසන්නා වූ මා විසින් (ඒ බව) කිසිවෙකුට නොකී බව සත්‍යයි. ඒ සත්‍යයෙන් යඤ්ඤදත්ත කුමාරයාට සැපතක් වේවා. ජීවිතය ලබාවා!

අථස‍්ස සහ සච‍්චකිරියාය යඤ‍්ඤදත‍්තස‍්ස ථනප‍්පදෙසතො උද‍්ධං විසං භස‍්සිත්‍වා පථවිං පාවිසි. කුමාරො අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා මාතාපිතරො ඔලොකෙත්‍වා “අම‍්මතාතා”ති වත්‍වා පරිවත‍්තිත්‍වා නිපජ‍්ජි. අථස‍්ස පිතරං කණ‍්හදීපායනො ආහ – “මයා තාව මම බලං කතං, ත්‍වම‍්පි අත‍්තනො බලං කරොහී”ති. සො “අහම‍්පි සච‍්චකිරියං කරිස‍්සාමී”ති පුත‍්තස‍්ස උරෙ හත්‍ථං ඨපෙත්‍වා දුතියං ගාථමාහ –

සත්‍ය ක්‍රියාවත් සමඟ යඥදත්තගේ තන ප්‍රදේෂයෙන් උඩට විස බැස පොළොවට පිවිසියේය. කුමාරයා ඇස්හැර මව්පියන් බලා ‘මෑණියෙනි’ යයි කියා පෙරළී හොත්තේය. ඉක්බිති ඔහුගේ පියාට කණ්හ දීපායන කීවේය. පළමුකොට මා විසින් මගේ බලය කරන ලදි. ඔබද තමාගේ බලය කරවයි. ඔහු මමද සත්‍යක්‍රියා කරන්නෙමියි පුතුගේ ලයෙහි අත තබා දෙවන ගාථාව කීවේය.

“යස‍්මා දානං නාභිනන්‍දිං කදාචි, දිස‍්වානහං අතිථිං වාසකාලෙ; න චාපි මෙ අප‍්පියතං අවෙදුං, බහුස‍්සුතා සමණබ්‍රාහ‍්මණා ච; අකාමකොවාපි අහං දදාමි, එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතු; හතං විසං ජීවතු යඤ‍්ඤදත‍්තො”ති.

2. යම්හෙයකින් මම කිසිදිනෙකත් දානය පිළිබඳ සතුටු නොවීම්ද? නවාතැන් ගැනීමට පැමිණි කල්හි ආගන්තුකයා දැක සතුටු නොවීමිද? බහුශ්‍රැත ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මගේ අප්‍රිය බව නොදත්තාහුද මම නොකැමැත්තෙන්ම දෙමිද මේ සත්‍යයෙන් සැපතක් වේවා! යඥදත්තයා නැසූ විස ඇතිව ජීවත් වේවා යනුයි.

තත්‍ථ වාසකාලෙති වසනත්‍ථාය ගෙහං ආගතකාලෙ. න චාපි මෙ අප‍්පියතං අවෙදුන‍්ති බහුස‍්සුතාපි සමණබ්‍රාහ‍්මණා “අයං නෙව දානං අභිනන්‍දති න අම‍්හෙ”ති ඉමං මම අප‍්පියභාවං නෙව ජානිංසු. අහඤ‍්හි තෙ පියචක‍්ඛූහියෙව ඔලොකෙමීති දීපෙති. එතෙන සච‍්චෙනාති සචෙ අහං දානං දදමානො විපාකං අසද‍්දහිත්‍වා අත‍්තනො අනිච‍්ඡාය දම‍්මි, අනිච‍්ඡනභාවං මම පරෙ න ජානන‍්ති, එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතූති අත්‍ථො.

එහි වාසකාල යනු වාසය කිරීම පිණිස ගෙට පැමිණි කල්හි. නචාපි මෙ අප්පියතං අවෙදුං යනු බහුශ්‍රැතයෝද ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මෙතෙම දානයට නොමසතුටු වෙයි. අප පිළිබඳවද සතුටු නොවෙයි. මගේ මේ අප්‍රියභාවය නොදත්තාහුමය. මම වූ කලී තොපව ප්‍රිය ඇසින් බලමියි දක්වයි. එතේන සච්චේන යනු ඉදින් මට දානය දෙනු ලබන්නේද විපාක නො අදහා තමාගේ නොකැමැත්තෙන් දෙමි. මගේ නොකැමති බව අන්‍යයන් නොදනිත්. මේ සත්‍යයෙන් සැපතක් වේවායි අර්ථයි.

එවං තස‍්ස සච‍්චකිරියාය සහ කටිතො උද‍්ධං විසං භස‍්සිත්‍වා පථවිං පාවිසි. කුමාරො උට‍්ඨාය නිසීදි, ඨාතුං පන න සක‍්කොති. අථස‍්ස පිතා මාතරං ආහ “භද‍්දෙ, මයා අත‍්තනො බලං කතං, ත්‍වං ඉදානි සච‍්චකිරියං කත්‍වා පුත‍්තස‍්ස උට‍්ඨාය ගමනභාවං කරොහී”ති. “සාමි, අත්‍ථි මය‍්හං එකං සච‍්චං, තව පන සන‍්තිකෙ කථෙතුං න සක‍්කොමී”ති. “භද‍්දෙ, යථා තථා මෙ පුත‍්තං අරොගං කරොහී”ති. සා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා සච‍්චං කරොන‍්තී තතියං ගාථමාහ –

මෙසේ ඔහු විසින් සත්‍යක්‍රියා කල කල්හි තුනටියෙන් උඩ විස බැස පොළොවට පිවිසියේය. කුමාරයා නැගිට හුන්නේය. සිටගෙන සිටීමට නොහැකි වන්නේය. ඉක්බිති ඔහුගේ පියා මවට කීවේය. සොඳුර. මවිසින් මගේ බලය කරන ලදි. ඔබ දැන් සත්‍යක්‍රියා කර පුතුගේ නැගී සිට යන බව කරවයි. ඇය මට එක් සත්‍යයක් ඇත. ඔබ සමීපයෙහි කීමට නොහැක්කෙමි. සොඳුර, කෙසේ හෝ මගේ පුතු නිරෝගී කරවයි. ඇය මැනවයි පිළිගෙන සත්‍යක්‍රියා කරන්නී තෙවන ගාථාව කීය.

“ආසීවිසො තාත පහූතතෙජො, යො තං අඩංසී බිලරා උදිච‍්ච; තස‍්මිඤ‍්ච මෙ අප‍්පියතාය අජ‍්ජ, පිතරඤ‍්ච තෙ නත්‍ථි කොචි විසෙසො; එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතු, හතං විසං ජීවතු යඤ‍්ඤදත‍්තො”ති.

3. දරුව, මහත් තෙද ඇති යම් සර්පයෙක් තුඹසින් නැගී විත් ඔබට දෂ්ට කළේද ඌ කෙරෙහිත් ඔබගේ පියා කෙරෙහිත් අප්‍රිය බැවින් ඇති වූ කිසිම විශේෂයක් නැත. මේ සත්‍යයෙන් සුවපත් වේවා. යඥදත්තයා නසන ලද විස ඇත්තෙකුව ජීවත් වේවා.

තත්‍ථ තාතාති පුත‍්තං ආලපති. පහූතතෙජොති බලවවිසො. බිලරාති විවරා, අයමෙව වා පාඨො. උදිච‍්චාති උට‍්ඨහිත්‍වා, වම‍්මිකබිලතො උට‍්ඨායාති අත්‍ථො. පිතරඤ‍්ච තෙති පිතරි ච තෙ. අට‍්ඨකථායං පන අයමෙව පාඨො. ඉදං වුත‍්තං හොති – “තාත, යඤ‍්ඤදත‍්ත තස‍්මිඤ‍්ච ආසීවිසෙ තව පිතරි ච අප‍්පියභාවෙන මය‍්හං කොචි විසෙසො නත්‍ථි. තඤ‍්ච පන අප‍්පියභාවං ඨපෙත්‍වා අජ‍්ජ මයා කොචි ජානාපිතපුබ‍්බො නාම නත්‍ථි, සචෙ එතං සච‍්චං, එතෙන සච‍්චෙන තව සොත්‍ථි හොතූ”ති.

එහි තාත යනු පුතු අමතයි. පහූතතෙජො යනු බලවත් විස ඇත්තේයි. බිලරා යනු විවරයෙන්. මෙයම පෙළ වේ. උදිච්ච යනු උඩ සිට. තුඹස් බිලයෙන් නැගී සිට යන අර්ථයි. පිතරඤ්ච තෙ යනු තොපගේ පියා කෙරෙහි. අටුවාවෙහි මෙය පෙළ වේ. මෙය කියන ලද්දේ වෙයි. දරුව යඥදත්තය, මේ සර්පයා කෙරෙහිද ඔබගේ පියා කෙරෙහිද අප්‍රිය බැව්හි ලා මට කිසි වෙනසක් නැත. ඒ අප්‍රිය බව හැර අද මා විසින් දැන්විය යුතු කිසිවක් නම් නැත. ඉදින් මෙය සත්‍ය නම් මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවායි.

සහ ච සච‍්චකිරියාය සබ‍්බං විසං භස‍්සිත්‍වා පථවිං පාවිසි. යඤ‍්ඤදත‍්තො නිබ‍්බිසෙන සරීරෙන උට‍්ඨාය කීළිතුං ආරද‍්ධො. එවං පුත‍්තෙ උට‍්ඨිතෙ මණ‍්ඩබ්‍යො දීපායනස‍්ස අජ‍්ඣාසයං පුච‍්ඡන‍්තො චතුත්‍ථං ගාථමාහ –

සත්‍යක්‍රියාවත් සමග සියළු විස බැස පොළොවට පිවිසියේය. යඥදත්තයා විස නැති සිරුරෙන් යුතුව නැගී සිට ක්‍රීඩා කරන්නට පටන් ගත්තේය. මෙසේ පුතා නැගී සිටිකල්හි මණ්ඩව්‍ය තාපසයා දීපායනගේ අදහස විමසන්නේ සිව්වන ගාථාව කීවේය.

“සන‍්තා දන‍්තායෙව පරිබ‍්බජන‍්ති, අඤ‍්ඤත්‍ර කණ‍්හා නත්‍ථාකාමරූපා; දීපායන කිස‍්ස ජිගුච‍්ඡමානො, අකාමකො චරසි බ්‍රහ‍්මචරිය”න‍්ති.

4. දීපායන බ්‍රාහ්මණය, භවත් කණ්හ වූ ඔබ හැර සෙස්සෝ කාමයන් බැහැර කළෝ ශාන්ත වූවෝ දාන්ත වූවෝම පැවිදි වෙති. (ඔබ) කවරක් පිළිකුල් කරන්නේ. නොකැමති වන්නේ බඹසර හැසිරෙන්නෙහිද?

තස‍්සත්‍ථො – යෙ කෙචි ඛත‍්තියාදයො කාමෙ පහාය ඉධ ලොකෙ පබ‍්බජන‍්ති, තෙ අඤ‍්ඤත්‍ර කණ‍්හා භවන‍්තං කණ‍්හං ඨපෙත්‍වා අඤ‍්ඤෙ අකාමරූපා නාම නත්‍ථි, සබ‍්බෙ ඣානභාවනාය කිලෙසානං සමිතත‍්තා සන‍්තා, චක‍්ඛාදීනි ද‍්වාරානි යථා නිබ‍්බිසෙවනානි හොන‍්ති, තථා තෙසං දමිතත‍්තා දන‍්තා හුත්‍වා අභිරතාව බ්‍රහ‍්මචරියං චරන‍්ති, ත්‍වං පන භන‍්තෙ දීපායන, කිංකාරණා තපං ජිගුච‍්ඡමානො අකාමකො හුත්‍වා බ්‍රහ‍්මචරියං චරසි, කස‍්මා පුන න අගාරමෙව අජ‍්ඣාවසසීති.

එහි අර්ථය:- යම්කිසි ක්‍ෂත්‍රිය ආදීහු කාමයන් හැර මෙලොව පබ්බජන්ති පැවිදි වෙත්. ඔවුහු අඤ්ඤත්‍ර කණ්හා. භවත් කණ්හයන් හැර වෙනත් නොකැමැත්තෝ නම් නැත. සියල්ලෝ ධ්‍යාන භාවනාවෙන් කෙලෙස් සමනය කල හෙයින් “සන්තා” වේ. චක්ඛු ආදී දොරටු සේවනය නොකළ යුත්තෝ වෙත්. එසේ ඔවුන්ගේ දමනය කළ බැවින් දන්තා දැමුනෝ වී බඹසරෙහි ඇළුනෝම හැසිරෙත්. ස්වාමීනි, දීපායනයෙනි, කවර කරුණින් තපස ජිගුච්ඡමානො අකාමකො පිළිකුල් කරන්නේ නොකැමති වන්නේ වී බඹසර හැසිරෙහිද? කුමක් හෙයින් නැවත ගිහිගෙයිම නොවසහිද යි.

අථස‍්ස සො කාරණං කථෙන‍්තො පඤ‍්චමං ගාථමාහ –

ඉක්බිති හෙතෙම ඔහුට කරුණ කියන්නේ පස්වන ගාථාව කීවේය.

“සද‍්ධාය නික‍්ඛම‍්ම පුනං නිවත‍්තො, සො එළමූගොව බාලො වතායං; එතස‍්ස වාදස‍්ස ජිගුච‍්ඡමානො, අකාමකො චරාමි බ්‍රහ‍්මචරියං; විඤ‍්ඤුප‍්පසත්‍ථඤ‍්ච සතඤ‍්ච ඨානං, එවම‍්පහං පුඤ‍්ඤකරො භවාමී”ති.

5. ශ්‍රද්ධාවෙන් නික්මී නැවත ගිහිබවට පැමිණි හෙතෙම ඒකාන්තයෙන් කෙළතොලු මෝඩයෙක් වැනිමය. මේ (හීරළු යන) වචනයට පිළිකුල් කරන්නේ නොකැමැත්තේ නමුදු බඹසර හැසිරෙව්. මේ (පැවිදි බව නැමති) සාධූන්ගේ ස්ථානය බුද්ධාදී උතුමන් විසින් පසසන ලදි. මෙසේ හෙයින් මම පිං කරන්නෙක් වෙමි.

තස‍්සත්‍ථො – කණ‍්හො කම‍්මඤ‍්ච ඵලඤ‍්ච සද‍්දහිත්‍වා තාව මහන‍්තං විභවං පහාය අගාරා නික‍්ඛමිත්‍වා යං ජහි, පුන තදත්‍ථමෙව නිවත‍්තො. සො අයං එළමූගො ගාමදාරකො විය බාලො වතාති ඉමං වාදං ජිගුච‍්ඡමානො අහං අත‍්තනො හිරොත‍්තප‍්පභෙදභයෙන අනිච‍්ඡමානොපි බ්‍රහ‍්මචරියං චරාමි. කිඤ‍්ච භිය්‍යො පබ‍්බජ‍්ජාපුඤ‍්ඤඤ‍්ච නාමෙතං විඤ‍්ඤූහි බුද‍්ධාදීහි පසත්‍ථං, තෙසංයෙව ච සතං නිවාසට‍්ඨානං. එවං ඉමිනාපි කාරණෙන අහං පුඤ‍්ඤකරො භවාමි, අස‍්සුමුඛොපි රුදමානො බ්‍රහ‍්මචරියං චරාමියෙවාති.

එහි අර්ථය. කණ්හ තවුසා කර්මය ද විපාකය ද අදහා ඒ සා මහත් සම්පතක් හැර ගිහිගෙන් නික්ම යමක් අත්හලේද නැවත ඒ සඳහාම ගිහි බවට පැමිණියේ ඒ මෙතෙම කෙළතොලු ස්වභාව ඇති ගම් දරුවෙකු මෙන් ඒකාන්තයෙන් මෝඩයෙකු යයි මේ වචනය පිළිකුල් කරනු ලබන්නේ මම තමාගේ හිරිඔතප් බිඳෙන බියෙන් නොකැමති වන්නේම බඹසර හැසිරෙමි. කිම වැඩියක් වේද මේ පැවිදි පිනැයි යමක්ද ප්‍රඥාවන්ත බුද්ධාදීන් විසින් එය පසසන ලදි. ඒ සාධූන්ට වාසස්ථානය වේ. මෙසේ මේ කරුණින්ද මම පිං කරන්නෙක් වෙමි. කදුළු පිරුණු මුහුණින් බඹසර හැසිරෙමි.

එවං සො අත‍්තනො අජ‍්ඣාසයං කථෙත්‍වා පුන මණ‍්ඩබ්‍යං පුච‍්ඡන‍්තො ඡට‍්ඨං ගාථමාහ –

හෙතෙම මෙසේ තමාගේ අදහස කියා නැවත මණ්ඩව්‍ය තවුසා විමසන්නේ සවන ගාථාව කීය.

“සමණෙ තුවං බ්‍රාහ‍්මණෙ අද‍්ධිකෙ ච, සන‍්තප‍්පයාසි අන‍්නපානෙන භික‍්ඛං; ඔපානභූතංව ඝරං තව යිදං, අන‍්නෙන පානෙන උපෙතරූපං; අථ කිස‍්ස වාදස‍්ස ජිගුච‍්ඡමානො, අකාමකො දානමිමං දදාසී”ති.

6. ඔබ ශ්‍රමණයන් බමුණන් මගියන් භික්‍ෂූන් ආහාරපානයෙන් සන්තර්පණ කරව. කෑමෙන්ද බීමෙන්ද යුක්ත වූ ඔබේ මේ නිවස පැන් බොන පොකුණක් වැන්න. තවද කාගේ වචනයක් පිළිකුල් කරමින් නොකැමැත්තෙන් මේ දානය දෙහිද?

තත්‍ථ භික‍්ඛන‍්ති භික‍්ඛාය චරන‍්තානං භික‍්ඛඤ‍්ච සම‍්පාදෙත්‍වා දදාසි. ඔපානභූතංවාති චතුමහාපථෙ ඛතසාධාරණපොක‍්ඛරණී විය.

එහි භික්ඛුං යනු පිඬු පිණිස හැසිරෙන්නවුනට භික්‍ෂාව සම්පාදනය කර දෙන්නේය. ඕපානභූතං වා යනු සතරමං සන්‍ධියක කරන ලද පොදු පොකුණක් මෙන්.

තතො මණ‍්ඩබ්‍යො අත‍්තනො අජ‍්ඣාසයං කථෙන‍්තො සත‍්තමං ගාථමාහ –

අනතුරුව මණ්ඩව්‍ය තාපසයා තමාගේ අදහස කියන්නේ. සත්වන ගාථාව කීවේය.

“පිතරො ච මෙ ආසුං පිතාමහා ච, සද‍්ධා අහුං දානපතී වදඤ‍්ඤූ; තං කුල‍්ලවත‍්තං අනුවත‍්තමානො, මාහං කුලෙ අන‍්තිමගන්‍ධනො අහුං; එතස‍්ස වාදස‍්ස ජිගුච‍්ඡමානො, අකාමකො දානමිමං දදාමී”ති.

7. මගේ මව්පියවරුද මුතුන් මිත්තෝද සැදැහැවත් පරිත්‍යාගශීලී දානපතියෝ වූහ. ඒ කුලසිරිත් අනුව පවත්නේ වන්න. සිය කුලයෙහි අන්තිමයා නොවෙව. මේ වචනයට පිළිකුල් කරන්නේ නොකැමැත්තේ නමුත් මම දානය දෙමි.

තත්‍ථ “ආසු”න‍්ති පදස‍්ස “සද‍්ධා”ති ඉමිනා සම‍්බන්‍ධො, සද‍්ධා අහෙසුන‍්ති අත්‍ථො. අහුන‍්ති සද‍්ධා හුත්‍වා තතො උත‍්තරි දානජෙට‍්ඨකා චෙව “දෙථ කරොථා”ති වුත‍්තවචනස‍්ස අත්‍ථජානනකා ච අහෙසුං. තං කුල‍්ලවත‍්තන‍්ති තං කුලවත‍්තං, අට‍්ඨකථායං පන අයමෙව පාඨො. මාහං කුලෙ අන‍්තිමගන්‍ධනො අහුන‍්ති “අහං අත‍්තනො කුලෙ සබ‍්බපච‍්ඡිමකො චෙව කුලපලාපො ච මා අහු”න‍්ති සල‍්ලක‍්ඛෙත්‍වා එතං “කුලඅන‍්තිමො කුලපලාපො”ති වාදං ජිගුච‍්ඡමානො දානං අනිච‍්ඡන‍්තොපි ඉදං දානං දදාමීති දීපෙති.

එහි ආසුං යන පදයට සද්ධා යන මේ පදය සමග සම්බන්ධයි. ශ්‍රද්ධා ඇත්තෝ වූහ යන අර්ථයි. අහූ යනු ශ්‍රද්ධා ඇත්තේ වී ඉන් මත්තෙහි දන්දෙටුවෙකුව දෙව් කරව් යි කියන ලද වචනයට අර්ථය දන්නෝද වූහ. නං කුල්ල වත්තං යනු ඒ කුලසිරිතයි. අට්ඨකථාවෙහි මෙම පෙළයි. මාහං කුලෙ අන්තිම ගන්‍ධිනො අහුං යනු මම සිය කුලයෙහි සියල්ලන්ට අන්තිමයාද කුලයෙහි හිස් පුද්ගලයාද නොවවු යයි සලකා මේ කුලයෙහි අන්තිමයා කුලයෙහි හිස් පුද්ගලයායි යන වචනය පිළිකුල් කරන්නේ මම නොකැමැත්තෙන් නමුත් මේ දානය දෙමියි දක්වයි.

එවඤ‍්ච පන වත්‍වා මණ‍්ඩබ්‍යො අත‍්තනො භරියං පුච‍්ඡමානො අට‍්ඨමං ගාථමාහ –

මෙසේද කියා මණ්ඩව්‍ය තාපසයා තමාගේ බිරිඳ විමසන්නේ අටවන ගාථාව කීවේය.

“දහරිං කුමාරිං අසමත්‍ථපඤ‍්ඤං, යං තානයිං ඤාතිකුලා සුගත‍්තෙ; න චාපි මෙ අප‍්පියතං අවෙදි, අඤ‍්ඤත්‍ර කාමා පරිචාරයන‍්තා; අථ කෙන වණ‍්ණෙන මයා තෙ භොති, සංවාසධම‍්මො අහු එවරූපො”ති.

8. සොඳුරු සිරුර ඇත්තිය, තරුණ වූ. කුමාරිකා වූ, ගෘහ පාලනයෙහි සමත් නොවන නුවණ ඇති ඒ මේ ඔබ නෑයන්ගෙන් කැඳවාගෙන ආවෙමි. කාමයෙන් තොරව මට මෙහෙවර කරන්නී වූ ඔබ මට අප්‍රිය බවක් නො හැඟවීය. පින්වතිය, තවද කවර කරුණකින් මා සමග ඔබගේ මෙවැනි එක්ව වාසය කිරීමක් වූයේද?

තත්‍ථ අසමත්‍ථපඤ‍්ඤන‍්ති කුටුම‍්බං විචාරෙතුං අප‍්පටිබලපඤ‍්ඤං අතිතරුණිඤ‍්ඤෙව සමානං. යං තානයින‍්ති යං තං ආනයිං, අහං දහරිමෙව සමානං තං ඤාතිකුලතො ආනෙසින‍්ති වුත‍්තං හොති. අඤ‍්ඤත්‍ර කාමා පරිචාරයන‍්තාති එත‍්තකං කාලං විනා කාමෙන අනිච‍්ඡාය මං පරිචාරයන‍්තාපි අත‍්තනො අප‍්පියතං මං න ජානාපෙසි, සම‍්පියායමානරූපාව පරිචරි. කෙන වණ‍්ණෙනාති කෙන කාරණෙන. භොතීති තං ආලපති. එවරූපොති ආසීවිසසමානපටිකූලභාවෙන මයා සද‍්ධිං තව සංවාසධම‍්මො එවරූපො පියසංවාසො විය කථං ජාතොති.

එහි අසමත්‍ථ පඤ්ඤං යනු පවුලක් සොයා බලා විමසන්නට පොහෝනා නුවණක් නැති ඉතා තරුණියක වූයේම. යංතානයී යනු යම් ඒ ඔබ ගෙන ආවෙමි. යම් හෙයකින් මම ඉතා තරුණ වූම ඇය නෑගෙයින් ගෙන ආවෙමි. යයි කියන ලද්දේ වෙමි. අඤ්ඤත්‍ර කාමා පරිවාරයන්ති යනු මෙපමණ කලක් කාමයෙන් තොරව නොකැමැත්තෙන් මට මෙහෙ කරන්නීද තමාගේ අප්‍රියභාවයද මට නොදැන්වීය. ප්‍රිය වූ ස්වරූපයෙන්ම මට මෙහෙවර කළාය. කෙන වණ්ණෙන යනු කවර කාරණයකින් භොතී යනු අමතයි. එව රූපො යනු සර්පවිෂ හා සමාන පිළිකුල් බව නිසා මා සමග ඔබගේ එකට වාසය කිරිම මෙබඳු ප්‍රිය වූ එක්ව විසීමක් මෙන් කෙසේ හටගත්තේද යි.

අථස‍්ස සා කථෙන‍්තී නවමං ගාථමාහ –

ඉක්බිති ඇය ඔහුට කියන්නී නවවන ගාථාව කීය.

“ආරා දූරෙ නයිධ කදාචි අත්‍ථි, පරම‍්පරා නාම කුලෙ ඉමස‍්මිං; තං කුල‍්ලවත‍්තං අනුවත‍්තමානා, මාහං කුලෙ අන‍්තිමගන්‍ධිනී අහුං; එතස‍්ස වාදස‍්ස ජිගුච‍්ඡමානා, අකාමිකා පද‍්ධචරාම‍්හි තුය‍්හ”න‍්ති.

9. දුරින් දුර පිහිටි මේ කුලයෙහි කිසිදිනක පරපුරක් නොවීය. ඒ කුලසිරිත අනුව පවතින්නී වූ මම එම කුලයෙහි අන්තිම තැනැත්තිය නොවේවා. මේ වචනයට පිළිකුල් කරනු ලබන්නී නොකැමැත්තී නමුදු තොපට බැඳුනු තැනැත්තිය වෙමි.

තත්‍ථ ආරා දූරෙති අඤ‍්ඤමඤ‍්ඤවෙවචනං. අතිදූරෙති වා දස‍්සෙන‍්තී එවමාහ. ඉධාති නිපාතමත‍්තං, න කදාචීති අත්‍ථො. පරම‍්පරාති පුරිසපරම‍්පරා. ඉදං වුත‍්තං හොති – සාමි, ඉමස‍්මිං අම‍්හාකං ඤාතිකුලෙ දූරතො පට‍්ඨාය යාව සත‍්තමා කුලපරිවට‍්ටා පුරිසපරම‍්පරා නාම න කදාචි අත්‍ථි, එකිත්‍ථියාපි සාමිකං ඡඩ‍්ඩෙත්‍වා අඤ‍්ඤො පුරිසො ගහිතපුබ‍්බො නාම නත්‍ථීති. තං කුල‍්ලවත‍්තන‍්ති අහම‍්පි තං කුලවත‍්තං කුලපවෙණිං අනුවත‍්තමානා අත‍්තනො කුලෙ පච‍්ඡිමිකා පලාලභූතා මා අහුන‍්ති සල‍්ලක‍්ඛෙත්‍වා එතං කුලඅන‍්තිමා කුලගන්‍ධිනීති වාදං ජිගුච‍්ඡමානා අකාමිකාපි තුය‍්හං පද‍්ධචරාම‍්හි වෙය්‍යාවච‍්චකාරිකා පාදපරිචාරිකා ජාතාම‍්හීති.

එහි අරාදූරෙ යනු ඔවුනොවුන්ට විරුද්ධ අර්ථ ඇති වචනයි. ඉතා දුරයයි හෝ දක්වන්නී මෙසේ කීය. ඉධ යනු නිපාත මාත්‍රයකි. කිසිදිනකත් නොවේ යන අර්ථයි. පරම්පරා යනු පුරුෂයන්ගේ පරපුරයි. මෙය කියන ලද්දේ වෙයි. ස්වාමීනි මේ අපගේ ඤාති කුලයෙහි දුර පටන් සත්වන කුල පරපුර දක්වා පුරුෂ පරම්පරාවක් නම් නැත. එක් ස්ත්‍රියක විසින් හෝ සැමියා හැර අන් පුරුෂයෙකු ගත් බවෙක් නම් නැත. තං කුලවන්තං යනු මමද ඒ කුලසිරිතට කුල ප්‍රවේණියට අනුව පවතින්නී තමාගේ කුලයෙහි අන්තිම තැනැත්තිය. හිස්වූ තැනැත්තිය නොවෙමියි සලකා මැය කුලයෙහි අන්තිම තැනැත්තියය. කුලය හිස් කරන තැනැත්තියය යන වචනය පිළිකුල් කරන්නී නොකැමැත්තී නමුත් ඔබට බැඳුණු සෙනෙහස ඇත්තේ වතාවත් කරන්නී වූ පාදපරිචාරිකාව වූයෙමියි.

එවඤ‍්ච පන වත්‍වා “මයා සාමිකස‍්ස සන‍්තිකෙ අභාසිතපුබ‍්බං ගුය‍්හං භාසිතං, කුජ‍්ඣෙය්‍යපි මෙ අයං, අම‍්හාකං කුලූපකතාපසස‍්ස සම‍්මුඛෙයෙව ඛමාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා ඛමාපෙන‍්තී දසමං ගාථමාහ –

මෙසේ කියා මා විසින් සැමියා සමීපයෙහි නොකියූ විරූ රහසක් කියන ලද්දෙමි. කිපෙන්නේද මේ අපගේ යහළු තවුසාගේ ඉදිරියේදීම ඔහු ක්‍ෂමා කරවන්නෙමි යි සිතා ක්‍ෂමා කරවන්නී දසවන ගාථාව කීය.

“මණ‍්ඩබ්‍ය භාසිං යමභාසනෙය්‍යං, තං ඛම්‍යතං පුත‍්තකහෙතු මජ‍්ජ; පුත‍්තපෙමා න ඉධ පරත්‍ථි කිඤ‍්චි, සො නො අයං ජීවති යඤ‍්ඤදත‍්තො”ති.

10. මණ්ඩව්‍ය බ්‍රාහ්මණය, නොකිවයුත්තක් කීවෙමි. මාගේ ඒ කීම පුතා නිසාවෙන් දැන් ක්‍ෂමා කෙරේවා. මෙලොව පුත්‍ර ප්‍රේමයට වැඩිවූවක් නැත. ඒ අපගේ මේ යඥදත්තයා ජීවත් වේවා!

තත්‍ථ තං ඛම්‍යතන‍්ති තං ඛමයතු. පුත‍්තකහෙතු මජ‍්ජාති තං මම භාසිතං අජ‍්ජ ඉමස‍්ස පුත‍්තස‍්ස හෙතු ඛමයතු. සො නො අයන‍්ති යස‍්ස පුත‍්තස‍්ස කාරණා මයා එතං භාසිතං, සො නො පුත‍්තො ජීවති, ඉමස‍්ස ජීවිතලාභභාවෙන මෙ ඛම සාමි, අජ‍්ජතො පට‍්ඨාය තව වසවත‍්තිනී භවිස‍්සාමීති.

එහි ඛම්‍යතං යනු ක්‍ෂමා කෙරේවා. පුත්තහෙතු මමජ්ජා යනු මවිසින් කියන ලද දෙය මේ පුතා නිසා ඉවසාවා. සො නො අයං යනු යම් පුතෙකු කරණකොට මා විසින් මෙය කියන ලදද ඒ අපගේ පුත්‍රයා ජීවත් වේ. මොහුගේ දිවි ලැබීමෙන්ම මට ක්‍ෂමා වෙව. ස්වාමීනි, අද පටන් ඔබගේ වසඟයෙහි වසන්නියක වන්නෙමි යි.

අථ නං මණ‍්ඩබ්‍යො “උට‍්ඨෙහි භද‍්දෙ, ඛමාමි තෙ, ඉතො පන පට‍්ඨාය මා ඵරුසචිත‍්තා අහොසි, අහම‍්පි තෙ අප‍්පියං න කරිස‍්සාමී”ති ආහ. බොධිසත‍්තො මණ‍්ඩබ්‍යං ආහ – “ආවුසො, තයා දුස‍්සඞ‍්ඝරං ධනං සඞ‍්ඝරිත්‍වා කම‍්මඤ‍්ච ඵලඤ‍්ච අසද‍්දහිත්‍වා දානං දදන‍්තෙන අයුත‍්තං කතං, ඉතො පට‍්ඨාය දානං සද‍්දහිත්‍වා දෙහී”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා බොධිසත‍්තං ආහ – “භන‍්තෙ, තයා අම‍්හාකං දක‍්ඛිණෙය්‍යභාවෙ ඨත්‍වා අනභිරතෙන බ්‍රහ‍්මචරියං චරන‍්තෙන අයුත‍්තං කතං, ඉතො පට‍්ඨාය ඉදානි යථා තයි කතකාරා මහප‍්ඵලා හොන‍්ති, එවං චිත‍්තං පසාදෙත්‍වා සුද‍්ධචිත‍්තො අභිරතො හුත්‍වා බ්‍රහ‍්මචරියං චරාහී”ති. තෙ මහාසත‍්තං වන්‍දිත්‍වා උට‍්ඨාය අගමංසු. තතො පට‍්ඨාය භරියා සාමිකෙ සස‍්නෙහා අහොසි, මණ‍්ඩබ්‍යො පසන‍්නචිත‍්තො සද‍්ධාය දානං අදාසි. බොධිසත‍්තො අනභිරතිං විනොදෙත්‍වා ඣානාභිඤ‍්ඤං උප‍්පාදෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

ඉක්බිති මණ්ඩව්‍ය තෙමේ ඇයට (කියන්නී) සොඳුර, නැගී සිටුව. තොප ක්‍ෂමා කරමි. මෙතැන්පටන් පරුෂ සිත් ඇත්තී නොවෙව. මම තොපට අප්‍රිය නොකරන්නෙමියි කීවේය. බෝධිසත්වයෝද මණ්ඩව්‍යට මෙසේ කීහ. ඇවැත්නි, දුකසේ එකතු කළයුතු ධනය එකතුකර කර්මයද විපාකයද නො අදහා දන්දෙන්නා වූ ඔබ විසින් නුසුදුස්සක් කරන ලදි. මෙතැන් පටන් කර්මය විපාකය අදහා දන් දෙන්නේය. හෙතෙම මැනවයි පිළිගෙන බෝසතුන්ට කීවේය. ස්වාමීනි, අපට දක්‍ෂිණෙය්‍ය භාවයෙහි සිට උකටලී බඹසර හැසිරෙන ඔබ විසින් නුසුදුස්සක් කරන ලදි. මෙතැන් පටන් යම්සේ ඔබ කළ ආකාරය මහත්ඵල වෙත්ද මෙසේ සිත පහදවා පිරිසිදු සිත් ඇත්තේ ධ්‍යානයන්හි ඇලී බඹසර හැසිරෙව යි. ඔවුහු මහා සත්වයන්ට වැඳ නැගිට ගියාහුය. එතැන් පටන් බිරිඳ සැමියා කෙරෙහි ස්නේහ සහිත වූවාය. මණ්ඩව්‍යයා පැහැදුන සිත් ඇත්තේ ශ්‍රද්ධාවෙන් දන් දුන්නේය. බෝධිසත්වයෝ උකටලී බව දුරුකොට ධ්‍යාන අභිඥාවන් උපදවා බ්‍රහ්මලෝකය පිහිටකොට ඇත්තෝ වූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතො භික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි . තදා මණ‍්ඩබ්‍යො ආනන්‍දො අහොසි, භරියා විසාඛා, පුත‍්තො රාහුලො, ආණිමණ‍්ඩබ්‍යො සාරිපුත‍්තො, කණ‍්හදීපායනො පන අහමෙව අහොසින‍්ති.

ශාස්තෲන් වහන්සේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍යදේශනා අවසානයෙහි උකටලී භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල්හි මණ්ඩව්‍ය තෙමේ ආනන්ද තෙර විය. බිරිඳ විශාඛාවය. පුතු රාහුලය. ආණිමණ්ඩව්‍ය සැරියුත්ය. කණ්හදීපායන මම ම වීමි යයි වදාළහ.

කණ‍්හදීපායනජාතකවණ‍්ණනා ඡට‍්ඨා.