යෙදුමෙන් කියවන්න

5. චූළබොධිජාතකවණ‍්ණනා 443 අට‍්ඨකථා

5. චූළබොධිජාතකවණ‍්ණනා (443)

5. චුල්ලබෝධි ජාතකය (443)

යො තෙ ඉමං විසාලක‍්ඛින‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කොධනං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො කිර භික‍්ඛු නිය්‍යානිකෙ බුද‍්ධසාසනෙ පබ‍්බජිත්‍වාපි කොධං නිග‍්ගහෙතුං නාසක‍්ඛි, කොධනො අහොසි උපායාසබහුලො, අප‍්පම‍්පි වුත‍්තො සමානො අභිසජ‍්ජි කුප‍්පි බ්‍යාපජ‍්ජි පතිට‍්ඨයි. සත්‍ථා තස‍්ස කොධනභාවං සුත්‍වා පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං කොධනො”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛු කොධො නාම වාරෙතබ‍්බො, එවරූපො හි ඉධලොකෙ ච පරලොකෙ ච අනත්‍ථකාරකො, ත්‍වං නික‍්කොධස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ පබ‍්බජිත්‍වා කස‍්මා කුජ‍්ඣසි, පොරාණකපණ‍්ඩිතා බාහිරසාසනෙ පබ‍්බජිත්‍වාපි කොධං න කරිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

යො තෙ ඉමං විසාලක්ඛි යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක් එක් කිපෙනසුළු භික්‍ෂුවක් අරබයා දේශනා කළ සේක. ඒ භික්‍ෂුව නෛර්යාණික සසුනෙහි පැවිදි වීද ක්‍රෝධයට නිග්‍රහ කරන්නට නොහැකි විය. කිපෙන සුළු විය. සිත්තැවුල් බහුල වූයේ ස්වල්පයක්ද කීවේ කෝපවීය. කිපුනේය. විපතට පත්වීය. කෝප බහුල වූයේ වෙයි. ශාස්තෲන් වහන්සේ ඔහුගේ කිපෙනසුළු බව අසා කැඳවා තොප කිපෙනසුළු බව ඇත්තේ සත්‍යදැයි විමසා ස්වාමීනි, සත්‍යයයි කී කල්හි මහණ, ක්‍රෝධය නම් වැලැක්විය යුතුය. මෙලොවද පරලොවද විපත් ඇතිකරන මෙබඳු වූ අනිකෙකු නැත. ඔබ ක්‍රෝධ රහිත වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වී කුමක් හෙයින් කිපෙහිද? පැරණි පණ්ඩිතයෝ බාහිර ශාසනයෙහි පැවිදි වීද ක්‍රෝධ නොකළෝ යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ අඤ‍්ඤතරස‍්මිං කාසිනිගමෙ එකො බ්‍රාහ‍්මණො අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො අපුත‍්තකො අහොසි, තස‍්ස බ්‍රාහ‍්මණී පුත‍්තං පත්‍ථෙසි. තදා බොධිසත‍්තො බ්‍රහ‍්මලොකා චවිත්‍වා තස‍්සා කුච‍්ඡියං නිබ‍්බත‍්ති, තස‍්ස නාමග‍්ගහණදිවසෙ “බොධිකුමාරො”ති නාමං කරිංසු. තස‍්ස වයප‍්පත‍්තකාලෙ තක‍්කසිලං ගන‍්ත්‍වා සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා පච‍්චාගතස‍්ස අනිච‍්ඡන‍්තස‍්සෙව මාතාපිතරො සමානජාතිකා කුලා කුමාරිකං ආනෙසුං. සාපි බ්‍රහ‍්මලොකා චුතාව උත‍්තමරූපධරා දෙවච‍්ඡරපටිභාගා. තෙසං අනිච‍්ඡමානානඤ‍්ඤෙව අඤ‍්ඤමඤ‍්ඤං ආවාහවිවාහං කරිංසු. උභින‍්නං පනෙතෙසං කිලෙසසමුදාචාරො නාම න භූතපුබ‍්බො, සංරාගවසෙන අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඔලොකනං නාම නාහොසි, සුපිනෙපි මෙථුනධම‍්මො නාම න දිට‍්ඨපුබ‍්බො, එවං පරිසුද‍්ධසීලා අහෙසුං.

අතීතයෙහි බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසීරට එක් නියම්ගමක පොහොසත් වූ මහත් ධනය ඇති මහත් සම්පත් ඇති පුතුන් නැති එක් බ්‍රාහ්මණයෙක් විසීය. ඔහුගේ බැමිණිය පුතකු පැතුවාය. එකල්හි බෝධිසත්වයෝ බ්‍රහ්මලෝකයෙන් චුත වී ඒ බැමිණියගේ කුසෙහි උපන්නෝය. නම් තබන දවස්හි ඔහුට බෝධිකුමාරයා යයි නම් කළහ. ඔහු වයසට පත් කල්හි තක්‍ෂිලාවට ගොස් සියළු ශිල්පයන් ඉගෙන පෙරලා පැමිණි ඔහුට ඔහුගේ නොකැමැත්තෙන්ම මව්පියෝ සමාන කුලයකින් කුමාරිකාවක ගෙන ආවාහුය. ඇයද බඹලොවින් චුත වූවාම උතුම් රූපයක් දරන්නී දෙව් අප්සරාවක හා සමාන වූවාය. ඔවුන්ගේ නොකැමැත්තෙන්ම ඔවුනොවුන්ගේ ආවාහ විවාහය කළාහුය. ඔවුන් දෙදෙනාගේම කෙලෙස් පැවතීමක් නම් නොවූ විරූය. රාග සහිතව එකිනෙකාගේ බැලීමක් නම් නොවීය. සිහිනෙනුදු ඔවුන් විසින් මෙවුන්දමක් නම් නොදුටුවිරූය. මෙසේ පිරිසිදු සිල් ඇත්තෝ වූහ.

අථාපරභාගෙ මහාසත‍්තො මාතාපිතූසු කාලකතෙසු තෙසං සරීරකිච‍්චං කත්‍වා තං පක‍්කොසිත්‍වා “භද‍්දෙ, ත්‍වං ඉමං අසීතිකොටිධනං ගහෙත්‍වා සුඛෙන ජීවාහී”ති ආහ. “කිං කරිස‍්සථ තුම‍්හෙ පන, අය්‍යපුත‍්තා”ති? “මය‍්හං ධනෙන කිච‍්චං නත්‍ථි, හිමවන‍්තපදෙසං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අත‍්තනො පතිට‍්ඨං කරිස‍්සාමී”ති. “කිං පන අය්‍යපුත‍්ත පබ‍්බජ‍්ජා නාම පුරිසානඤ‍්ඤෙව වට‍්ටතී”ති? “ඉත්‍ථීනම‍්පි වට‍්ටති, භද‍්දෙ”ති. “තෙන හි අහං තුම‍්හෙහි ඡට‍්ටිතඛෙළං න ගණ‍්හිස‍්සාමි, මය‍්හම‍්පි ධනෙන කිච‍්චං නත්‍ථි, අහම‍්පි පබ‍්බජිස‍්සාමී”ති. “සාධු, භද‍්දෙ”ති. තෙ උභොපි මහාදානං දත්‍වා නික‍්ඛමිත්‍වා රමණීයෙ භූමිභාගෙ අස‍්සමං කත්‍වා පබ‍්බජිත්‍වා උඤ‍්ඡාචරියාය ඵලාඵලෙහි යාපෙන‍්තා තත්‍ථ දසමත‍්තානි සංවච‍්ඡරානි වසිංසු, ඣානං පන නෙසං න තාව උප‍්පජ‍්ජති. තෙ තත්‍ථ පබ‍්බජ‍්ජාසුඛෙනෙව දස සංවච‍්ඡරෙ වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය ජනපදචාරිකං චරන‍්තා අනුපුබ‍්බෙන බාරාණසිං පත්‍වා රාජුය්‍යානෙ වසිංසු.

ඉක්බිති මෑත කාලයෙහි මහාසත්ත්ව තෙමේ මව්පියන් කළුරිය කළ කල්හි ඔවුන්ගේ අවසාන කෘත්‍යය කර ඇය කැඳවා සොඳුර, ඔබ මේ අසූ කෙළක් ධනය ගෙන සුවෙන් ජීවත් වෙවයි කීය. ආර්ය පුත්‍රය, ඔබ වනාහි කොහි යව්ද? මට ධනයෙන් වැඩක් නැත. හිමවත පෙදෙසට ගොස් පැවිදි වී තමා පිහිටක් කරන්නෙමියි. ආර්යපුත්‍රය, කිම පැවිද්ද නම් පුරුෂයන්ට පමණක් සුදුසු වේදැයි. සොඳුර ස්ත්‍රීන්ට වටී. එසේ වී නම් මම ඔබ විසින් හරනා ලද කෙළ පිඩුව නොගන්නෙමි. මටද ධනයෙන් වැඩක් නැත. මමද පැවිදි වන්නෙමියි. සොඳුර මැනවයි. ඒ දෙදෙනාම මහදන් දී නික්ම සිත්කළු බිම් කොටසක ආශ්‍රමයක් කොට පැවිදි වී අහුලා ගත් ලොකු කුඩා ගෙඩිවලින් යැපෙන්නාහු එහි අවුරුදු දහයක් පමණ විසුවාහුය. ඔවුන්ට ධ්‍යානයක නො උපදීද ඔවුහු එහි පැවිදි සුවයෙන් දසවසරක් වාසය කර ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙන්නාහු පිළිවෙලින් බරණැසට පැමිණ රජුගේ උයනෙහි වාසය කළාහුය.

අථෙකදිවසං රාජා උය්‍යානපාලං පණ‍්ණාකාරං ආදාය ආගතං දිස‍්වා “උය්‍යානකීළිකං කීළිස‍්සාම, උය්‍යානං සොධෙහී”ති වත්‍වා තෙන සොධිතං සජ‍්ජිතං උය්‍යානං මහන‍්තෙන පරිවාරෙන අගමාසි. තස‍්මිං ඛණෙ තෙ උභොපි ජනා උය්‍යානස‍්ස එකපස‍්සෙ පබ‍්බජ‍්ජාසුඛෙන වීතිනාමෙත්‍වා නිසින‍්නා හොන‍්ති. අථ රාජා උය්‍යානෙ විචරන‍්තො තෙ උභොපි නිසින‍්නකෙ දිස‍්වා පරමපාසාදිකං උත‍්තමරූපධරං පරිබ‍්බාජිකං ඔලොකෙන‍්තො පටිබද‍්ධචිත‍්තො අහොසි. සො කිලෙසවසෙන කම‍්පන‍්තො “පුච‍්ඡිස‍්සාමි තාව, අයං පරිබ‍්බාජිකා ඉමස‍්ස කිං හොතී”ති බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා “පබ‍්බජිත අයං තෙ පරිබ‍්බාජිකා කිං හොතී”ති පුච‍්ඡි. මහාරාජ, කිඤ‍්චි න හොති, කෙවලං එකපබ‍්බජ‍්ජාය පබ‍්බජිතා, අපිච ඛො පන මෙ ගිහිකාලෙ පාදපරිචාරිකා අහොසීති. තං සුත්‍වා රාජා “අයං කිරෙතස‍්ස කිඤ‍්චි න හොති, අපිච ඛො පන ගිහිකාලෙ පාදපරිචාරිකා කිරස‍්ස අහොසි , සචෙ පනාහං ඉස‍්සරියබලෙන ගහෙත්‍වා ගච‍්ඡෙය්‍යං, කිං නු ඛො එස කරිස‍්සති, පරිග‍්ගණ‍්හිස‍්සාමි තාව න”න‍්ති චින‍්තෙත්‍වා උපසඞ‍්කමිත්‍වා පඨමං ගාථමාහ –

එක් දවසක් රජු පඬුරු ගෙන ආ උයන්පල්ලා දැක උද්‍යාන ක්‍රීඩාවන් කෙළින්නෙමු උයන පිරිසිදු කරවයි කියා ඔහු විසින් පිරිසිදු කළ සරසන ලද උයනට මහත් වූ පිරිවර සමග ගියේය. ඒ වේලාවෙහි ඒ දෙදෙනා උයනේ එක්පසෙක පැවිදි සුවයෙන් කල්ගෙවන්නාහු හුන්නෝ වෙත්. ඉක්බිති රජු උයනෙහි හැසිරෙන්නේ. හුන්නා වූ ඒ දෙදෙනා දැක, අතිශයින් පැහැදීම් ඇතිකරන උතුම් රූපශ්‍රීයක් දරන පරිබ්‍රාජිකාව දෙස බලන්නේ පිළිබඳ සිත් ඇත්තේ වීය. හෙතෙම කෙලෙස් වශයෙන් කම්පා වන්නේ පළමුකොට මේ පරිබ්‍රාජිකාව පුළුවුස්නෙමි. මොහුට මැය කවරක් වෙයි දැයි බෝසතුන් වෙත එළඹ පැවිද්ද, මේ පරිබ්‍රාජිකාව තොපට කුමක් වේදැයි විචාළේය. මහරජ, කිසිවක් නොවේ. හුදෙක් එකම පැවිද්දෙන් පැවිදි වූවෝ වෙමු. එහෙත් ගිහිකල මගේ පාදපරිචාරිකාව (භාර්යාව) වූවා යයි. රජු ඒ අසා මැය මොහුගේ කිසිවෙක් නොවේ. තවද ගිහි කල ඔහුගේ පාදපරිචාරිකාව වීය. ඉදින් මම මැය ඉසුරු බලෙන් ගෙන යන්නේ නම් යෙහෙකි. මෙතෙම කවරක් කරන්නේද පළමුකොට ඔහු පරීක්‍ෂා කරන්නෙමියි සිතා වෙත එළඹ පළමුගාථාව කීවේය.

“යො තෙ ඉමං විසාලක‍්ඛිං, පියං සංම‍්හිතභාසිනිං; ආදාය බලා ගච‍්ඡෙය්‍ය, කිං නු කයිරාසි බ්‍රාහ‍්මණා”ති.

යො තෙ ඉමං විසාලක්ඛිං පියං සම්මිල්ලභාසිනිං, ආදාය බලා ගච්ඡෙය්‍ය කින්නු කයිරාසි බ්‍රාහ්මණා

1. බ්‍රාහ්මණය, යමෙක් විශාල ඇස් ඇති, මද සිනහ සහිතව කථාකරන ඔබගේ මේ ප්‍රියාවිය බලයෙන් ගෙන යන්නේ නම් කුමක් කරන්නෙහිද?

තත්‍ථ සංම‍්හිතභාසිනින‍්ති මන්‍දහසිතභාසිනිං. බලා ගච‍්ඡෙය්‍යාති බලක‍්කාරෙන ආදාය ගච‍්ඡෙය්‍ය. කිං නු කයිරාසීති තස‍්ස ත්‍වං බ්‍රාහ‍්මණ කිං කරෙය්‍යාසීති?

එහි සමමිල්ල භාසිං යනු මද සිනහ සහිතව කථා කරන්නී වූ. බලා ගච්ඡෙය්‍ය යනු බලහත්කාරයෙන් ගෙන යන්නේය. කින්නු කයිරාසි යනු බ්‍රාහ්මණය, ඔහුට ඔබ කුමක් කරන්නෙහිද?

අථස‍්ස කථං සුත්‍වා මහාසත‍්තො දුතියං ගාථමාහ –

ඉක්බිති මහා සත්ත්ව තෙමේ ඔහුගේ කථාව අසා දෙවන ගාථාව කීය.

“උප‍්පජ‍්ජෙ මෙ න මුච‍්චෙය්‍ය, න මෙ මුච‍්චෙය්‍ය ජීවතො; රජංව විපුලා වුට‍්ඨි, ඛිප‍්පමෙව නිවාරයෙ”ති.

2. මගේ සිතෙහි කෝපය උපන් නමුත් නොමුදන්නේය. ජීවිත හේතුවෙන්ද නොමුදන්නේය. මහත් වූ වැස්ස දූවිලි වලක්වන්නාක් මෙන් එම කෝපය වහා වළක්වාලමි.

තස‍්සත්‍ථො – මහාරාජ, සචෙ ඉමං ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙ කිස‍්මිඤ‍්චි මම අබ‍්භන‍්තරෙ කොපො උප‍්පජ‍්ජෙය්‍ය, සො මෙ අන‍්තො උප‍්පජ‍්ජිත්‍වා න මුච‍්චෙය්‍ය, යාවාහං ජීවාමි, තාව මෙ න මුච‍්චෙය්‍ය. නාස‍්ස අන‍්තො ඝනසන‍්නිවාසෙන පතිට‍්ඨාතුං දස‍්සාමි, අථ ඛො යථා උප‍්පන‍්නං රජං විපුලා මෙඝවුට‍්ඨි ඛිප‍්පං නිවාරෙති, තථා ඛිප‍්පමෙව නං මෙත‍්තාභාවනාය නිග‍්ගහෙත්‍වා වාරෙස‍්සාමීති.

එහි අර්ථය- මහරජ, ඉදින් මැය ගෙනයන කල්හි මගේ ඇතුලත කවර තැනක හෝ කෝපයක් උපදින්නේ නම් එය මගේ ඇතුලත ඉපදී, නමුච්වෙය්‍ය යම්තාක් මම ජීවත් වෙම්ද ඒ තාක් මවිසින් එය නොමුදන්නේය. ඔහුට ඇතුලත දැඩිව එකට වාසය කිරීමෙන් පිහිටන්නට නොදෙමි. ඉක්බිති යම්සේ උපන් දූවිලි මහත් වූ වර්ෂාව වහා වළක්වයිද එසේ වහාම එය මෛත්‍රී භාවනාවෙන් නිග්‍රහකොට වළක්වන්නෙමි යි.

එවං මහාසත‍්තො සීහනාදං නදි. රාජා පනස‍්ස කථං සුත්‍වාපි අන්‍ධබාලතාය පටිබද‍්ධං අත‍්තනො චිත‍්තං නිවාරෙතුං අසක‍්කොන‍්තො අඤ‍්ඤතරං අමච‍්චං ආණාපෙසි “ඉමං පරිබ‍්බාජිකං රාජනිවෙසනං නෙහී”ති. සො “සාධූ”ති පටිස‍්සුණිත්‍වා “අධම‍්මො ලොකෙ වත‍්තති, අයුත‍්ත”න‍්තිආදීනි වත්‍වා පරිදෙවමානංයෙව නං ආදාය පායාසි. බොධිසත‍්තො තස‍්සා පරිදෙවනසද‍්දං සුත්‍වා එකවාරං ඔලොකෙත්‍වා පුන න ඔලොකෙසි. තං රොදන‍්තිං පරිදෙවන‍්තිං රාජනිවෙසනමෙව නයිංසු. සොපි බාරාණසිරාජා උය්‍යානෙ පපඤ‍්චං අකත්‍වාව සීඝතරං ගන‍්ත්‍වා තං පරිබ‍්බාජිකං පක‍්කොසාපෙත්‍වා මහන‍්තෙන යසෙන නිමන‍්තෙසි. සා යසස‍්ස අගුණං පබ‍්බජාය එව ගුණං කථෙසි. රාජා කෙනචි පරියායෙන තස‍්සා මනං අලභන‍්තො තං එකස‍්මිං ගබ‍්භෙ කාරෙත්‍වා චින‍්තෙසි “අයං පරිබ‍්බාජිකා එවරූපං යසං න ඉච‍්ඡති, සොපි තාපසො එවරූපං මාතුගාමං ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙ කුජ‍්ඣිත්‍වා ඔලොකිතමත‍්තම‍්පි න අකාසි, පබ‍්බජිතා ඛො පන බහුමායා හොන‍්ති, කිඤ‍්චි පයොජෙත්‍වා අනත්‍ථම‍්පි මෙ කරෙය්‍ය, ගච‍්ඡාමි තාව ජානාමි කිං කරොන‍්තො නිසින‍්නො”ති සණ‍්ඨාතුං අසක‍්කොන‍්තො උය්‍යානං අගමාසි. බොධිසත‍්තොපි චීවරං සිබ‍්බන‍්තො නිසීදි. රාජා මන්‍දපරිවාරොව පදසද‍්දං අකරොන‍්තො සණිකං උපසඞ‍්කමි. බොධිසත‍්තො රාජානං අනොලොකෙත්‍වා චීවරමෙව සිබ‍්බි. රාජා “අයං කුජ‍්ඣිත්‍වා මයා සද‍්ධිං න සල‍්ලපතී”ති මඤ‍්ඤමානො “අයං කූටතාපසො ‘කොධස‍්ස උප‍්පජ‍්ජිතුං න දස‍්සාමි, උප‍්පන‍්නම‍්පි නං ඛිප‍්පමෙව නිග‍්ගණ‍්හිස‍්සාමී’ති පඨමමෙව ගජ‍්ජිත්‍වා ඉදානි කොධෙන ථද‍්ධො හුත්‍වා මයා සද‍්ධිං න සල‍්ලපතී”ති සඤ‍්ඤාය තතියං ගාථමාහ –

මහාසත්ත්‍ව තෙමේ මෙසේ සිංහනාද කළේය. රජු ඔහුගේ කථාව අසාද අඥාන බව නිසා තමාගේ පිළිබඳ සිතුවිල්ල වළක්වන්නට නොහැකි වන්නේ එක්තරා ඇමතියෙකුට “මේ පරිබ්‍රාජිකාව රජමැදුරට පමුණුවය යයි අණ කරවීය. හෙතෙම මැනවයි පිළිගෙන ලොව අධර්මය පවතී. නුසුදුසුය. ආදීන් කියා හඬන්නීවූම ඇය ගෙන ගියේය. බෝධිසත්ත්‍ව තෙමේ ඇයගේ හඬන ශබ්දය අසා එක්වරක් බලා නැවත නොබැලීය. හඬන්නී වූ වැලපෙන්නී වූ ඇය රජගෙදරටම ගෙන ගියාහුය. ඒ බරණැස් රජුද උයනෙහි ප්‍රමාදවීමක් නොකරම වහා ගෙට ගොස් ඒ පරිබ්‍රාජිකාව කැඳවා මහත් වූ යසසින් සතුටු කළේය. ඇය යසසෙහි අගුණද පැවිද්දෙහි ගුණමද කීවාය. රජු කිනම් ක්‍රමයෙන්ද ඇගේ සිත නොබලන්නේ ඇය එක් කාමරයක දමා (කරවා) සිතීය. මේ පරිබ්‍රාජිකාව මෙබඳු යසස නොකැමති වෙයි.ඒ තාපසයාද මෙබඳු ස්ත්‍රියක් ගෙනයන කල්හි කිපී බැලීම් මාත්‍රයක්ද නොකළේය. පැවිද්දෝ වනාහි බොහෝ මායා ඇත්තෝ වෙති. කිසිවක් යොදවා මට අනර්ථයක් කරන්නේය. පළමුකොට යමි. කුමක් කරමින් සිටින්නේදැයි දනිමි යි. සිටින්නට නොහැකි වන්නේ උයනට ගියේය. බෝධිසත්ත්‍ව තෙමේ සිවුර මසමින් හුන්නේය. මද පිරිවර ඇති රජු පිය ශබ්දයක් නොකරන්නේ වහා එළඹියේය. බෝධිසත්වත්‍වයෝ රජු දෙස නොබලා සිවුරම මැසුවේය. රජු, හෙතෙම කිපී මා සමග කථා නොකරයි මේ කූට තාපසයා කෝපය උපදින්නට නොදෙන්නෙමි. උපන් කල්හිද වහාම නිග්‍රහ කරන්නෙමියි පළමුව ගුගුරා දැන් ක්‍රෝධයෙන්ම තදවී මා සමග කථා නොකරයි යි හැඟීමෙන් තෙවන ගාථාව කීය.

“යං නු පුබ‍්බෙ විකත්‍ථිත්‍ථො, බලම‍්හිව අපස‍්සිතො; ස‍්වජ‍්ජ තුණ‍්හිකතො දානි, සඞ‍්ඝාටිං සිබ‍්බමච‍්ඡසී”ති.

3. යම් හෙයකින් පළමුව බලවතෙකු මෙන් වී පුරසාරම් දෙඩූ ඔබ දැන් කිසිවක් නොකියන්නේ සඟල සිවුර මසමින් සිටින්නෙහිය.

තත්‍ථ බලම‍්හිව අපස‍්සිතොති බලනිස‍්සිතො විය හුත්‍වා. තුණ‍්හිකතොති කිඤ‍්චි අවදන‍්තො. සිබ‍්බමච‍්ඡසීති සිබ‍්බන‍්තො අච‍්ඡසි.

එහි බලම්හිව අපස්සිතො යනු බලයෙන් යුක්ත වූවෙකු මෙන් වී. තුණ්හීකකො යනු කිසිවක් නොකියන්නේ. සිබ්බමච්ඡසි යනු මසමින් සිටින්නෙහිය.

තං සුත්‍වා මහාසත‍්තො “අයං රාජා කොධවසෙන මං නාලපතීති මඤ‍්ඤති, කථෙස‍්සාමි දානිස‍්ස උප‍්පන‍්නස‍්ස කොධස‍්ස වසං අගතභාව”න‍්ති චින‍්තෙත්‍වා චතුත්‍ථං ගාථමාහ –

මහා සත්ත්‍වයා ඒ අසා මේ රජු ක්‍රෝධ වශයෙන් මා කථා නොකරයි යි සිතයි. දැන් උපන් ක්‍රෝධයේ වසඟයට නොගිය බව ඔහුට කියන්නෙමියි සිතා සිව්වන ගාථාව කීවේය.

“උප‍්පජ‍්ජි මෙ න මුච‍්චිත්‍ථ, න මෙ මුච‍්චිත්‍ථ ජීවතො; රජංව විපුලා වුට‍්ඨි, ඛිප‍්පමෙව නිවාරයි”න‍්ති.

4. මාගේ ක්‍රෝධය උපන. නමුත් නොමුදන්නේය. ජීවිත හේතුවෙන්ද මගේ ක්‍රෝධය නොමුදන්නේය. මහවැස්ස දූවිලි වළක්වන්නා සේ ක්‍රෝධය වහා වැළැක්වූයෙමි යි.

තස‍්සත්‍ථො – මහාරාජ, උප‍්පජ‍්ජි මෙ, න න උප‍්පජ‍්ජි, න පන මෙ මුච‍්චිත්‍ථ, නාස‍්ස පවිසිත්‍වා හදයෙ ඨාතුං අදාසිං, ඉති සො මම ජීවතො න මුච‍්චිත්‍ථෙව, රජං විපුලා වුට‍්ඨි විය ඛිප‍්පමෙව නං නිවාරෙසින‍්ති.

එහි අර්ථය - මහරජ, මට ක්‍රෝධය උපන. නූපන්නේ නොවේ. නමුත් මගේ ක්‍රෝධය නොමුදන්නේය. ඔහුට (ඇතුළට) පිවිස හදවතෙහි සිටින්නට නොදුන්නෙමි. මෙසේ ඒ ක්‍රෝධය මගේ ජීවිත හේතුවෙන්ද නොමුදන්නේමය. මහවැස්ස දූවිලිය මෙන් වහාම එය වලක්වාලූයෙමි යි.

තං සුත්‍වා රාජා “කිං නු ඛො එස කොපමෙව සන්‍ධාය වදති, උදාහු අඤ‍්ඤං කිඤ‍්චි සිප‍්පං සන්‍ධාය කථෙසි, පුච‍්ඡිස‍්සාමි තාව න”න‍්ති චින‍්තෙත්‍වා පුච‍්ඡන‍්තො පඤ‍්චමං ගාථමාහ –

ඒ අසා රජු කිම මෙතෙමේ කෝපය නිසාම කියයිද නැතහොත් අන් කිසිවක් නිසා කියහිදැයි, පළමුකොට ඔහු විමසමැයි සිතා විමසන්නේ පස්වන ගාථාව කීය.

“කිං තෙ උප‍්පජ‍්ජි නො මුච‍්චි, කිං තෙ න මුච‍්චි ජීවතො; රජංව විපුලා වුට‍්ඨි, කතමං තං නිවාරයී”ති.

5. තොපගේ සිතෙහි කවරක් ඉපදුනේද? කවරක් නොමිදුවේද? ඔබ ජීවිත හේතුවෙන්ද කවරක් නොමිදුවේද? මහවැස්ස දූවිලිය මෙන් තොප වැළැක්වූයේ කවරක්ද?

තත්‍ථ කිං තෙ උප‍්පජ‍්ජි නො මුච‍්චීති කිං තව උප‍්පජ‍්ජි චෙව න මුච‍්චි ච.

එහි කිං තෙ උප්පජ්ජි නො මුච්චි යනු තොප කවරක් ඉපදුනේද නොමිදුවේද?

තං සුත්‍වා බොධිසත‍්තො “මහාරාජ, එවං කොධො බහුආදීනවො මහාවිනාසදායකො, එසො මම උප‍්පජ‍්ජි, උප‍්පන‍්නඤ‍්ච නං මෙත‍්තාභාවනාය නිවාරෙසි”න‍්ති කොධෙ ආදීනවං පකාසෙන‍්තො –

ඒ අසා බෝධිසත්ත්‍ව තෙමේ මහරජ, ක්‍රෝධය මෙසේ බොහෝ ආදීනව ඇති මහත් වූ විනාශ ගෙනදෙන්නා වූ මේ ක්‍රෝධය මට ඉපදුනි. උපන්නා වූ එය මෛත්‍රී භාවනාවෙන් වළක්වාලුයෙමියි ක්‍රෝධයෙහි ආදීනව කියනුයේ.

“යම‍්හි ජාතෙ න පස‍්සති, අජාතෙ සාධු පස‍්සති; සො මෙ උප‍්පජ‍්ජි නො මුච‍්චි, කොධො දුම‍්මෙධගොචරො.

6. යමක් උපන් කල්හි ආත්මාර්ථය නොදකීද නොඋපන් කල්හි මනාව දකීද ඒ ක්‍රෝධය මාගේ සිතෙහි උපනි. නොමිදුනේය. ක්‍රෝධය මෝඩයන්ට ගෝචර වූවෙකි.

“යෙන ජාතෙන නන්‍දන‍්ති, අමිත‍්තා දුක‍්ඛමෙසිනො; සො මෙ උප‍්පජ‍්ජි නො මුච‍්චි, කොධො දුම‍්මෙධගොචරො.

7. යමක හටගැනීම නිසා දුක කැමති වන්නා වූ පසමිතුරෝ සතුටු වෙත්ද ඒ ක්‍රෝධය මාගේ සිතෙහි උපනි. නොමිදුනේය. ක්‍රෝධය මෝඩයන්ට ගෝචර වූවෙකි.

“යස‍්මිඤ‍්ච ජායමානම‍්හි, සදත්‍ථං නාවබුජ‍්ඣති; සො මෙ උප‍්පජ‍්ජි නො මුච‍්චි, කොධො දුම‍්මෙධගොචරො.

8. යමක් හට ගන්නා කල්හි ආත්මාර්ථය අවබෝධ නොවේද ඒ ක්‍රෝධය මගේ සිතෙහි උපනි. නොමිදුනි. ක්‍රෝධය මෝඩයන්ට ගෝචර වූවකි.

“යෙනාභිභූතො කුසලං ජහාති, පරක‍්කරෙ විපුලඤ‍්චාපි අත්‍ථං; ස භීමසෙනො බලවා පමද‍්දී, කොධො මහාරාජ න මෙ අමුච‍්චථ.

මහරජ, යම්බඳු කෝපය විසින් මඩනා ලද්දේ කුසලයන් දුරු කෙරේද මහත් වූ අභිවෘද්ධිය බැහැර කෙරේද බියකරු සේනාවක් වැනි වූ, උතුමන් පවා මඩින්නා වූ ඒ ක්‍රෝධය වෙතින් නොමිදුනේය.

“කට‍්ඨස‍්මිං මත්‍ථමානස‍්මිං, පාවකො නාම ජායති; තමෙව කට‍්ඨං ඩහති, යස‍්මා සො ජායතෙ ගිනි.

වියලි දර හමනා කල්හි ගින්න හටගනී. ඒ ගින්න යමකින් හටගනීද ඒ දර කඩම දවයි.

“එවං මන්‍දස‍්ස පොසස‍්ස, බාලස‍්ස අවිජානතො; සාරම‍්භා ජායතෙ කොධො, සොපි තෙනෙව ඩය‍්හති.

මෙසේ මන්‍දබුද්ධික වූ කිසිත් නොදන්නා වූ පුරුෂයාගේ එකට එක කීමෙන් ක්‍රෝධය හට ගනී. හෙතෙම ඒ ක්‍රෝධයෙන්ම දවනු ලබයි.

“අග‍්ගීව තිණකට‍්ඨස‍්මිං, කොධො යස‍්ස පවඩ‍්ඪති; නිහීයති තස‍්ස යසො, කාළපක‍්ඛෙව චන්‍දිමා.

තණකොළ හා දර නිසා හටගන්නා ගින්න මෙන් යමෙකුගේ සිත තුළ ක්‍රෝධය වැඩේද ඔහුගේ යසස කෘෂ්ණ පක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් පිරිහේ.

“අනෙධො ධූමකෙතූව, කොධො යස‍්සූපසම‍්මති; ආපූරති තස‍්ස යසො, සුක‍්කපක‍්ඛෙව චන්‍දිමා”ති. – ඉමා ගාථා ආහ;

ඉන්ධන (දර) රහිත ගින්න මෙන් යමෙකුගේ ක්‍රෝධය සන්සිඳේද ශුක්ල පක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් ඔහුගේ යසස වැඩේ.

යන මේ ගාථා කීය.

තත්‍ථ න පස‍්සතීති අත‍්තත්‍ථම‍්පි න පස‍්සති, පගෙව පරත්‍ථං. සාධු පස‍්සතීති අත‍්තත්‍ථං පරත්‍ථං උභයත්‍ථම‍්පි සාධු පස‍්සති. දුම‍්මෙධගොචරොති නිප‍්පඤ‍්ඤානං ආධාරභූතො ගොචරො. දුක‍්ඛමෙසිනොති දුක‍්ඛං ඉච‍්ඡන‍්තා. සදත්‍ථන‍්ති අත‍්තනො අත්‍ථභූතං අත්‍ථතො චෙව ධම‍්මතො ච වුද‍්ධිං. පරක‍්කරෙති විපුලම‍්පි අත්‍ථං උප‍්පන‍්නං පරතො කාරෙති, අපනෙථ, න මෙ ඉමිනා අත්‍ථොති වදති. ස භීමසෙනොති සො කොධො භීමාය භයජනනියා මහතියා කිලෙසසෙනාය සමන‍්නාගතො. පමද‍්දීති අත‍්තනො බලවභාවෙන උළාරෙපි සත‍්තෙ ගහෙත්‍වා අත‍්තනො වසෙ කරණෙන මද‍්දනසමත්‍ථො. න මෙ අමුච‍්චථාති මම සන‍්තිකා මොක‍්ඛං න ලභති, හදයෙ වා පන මෙ ඛීරං විය මුහුත‍්තං දධිභාවෙන න පතිට‍්ඨහිත්‍ථාතිපි අත්‍ථො.

එහි න පසසති යනු ආත්මාර්ථයද නොදනී. පරාර්ථය පිළිබදව කියනුම කවරේද? සාධු පස්සති යනු ආත්මාර්ථයද පරාර්ථයද මනාව දකී. දුම්මෙධ ගොචරො යනු නුවණ නැත්තවුනට ආහාරයක් වූයේ. දුක්ඛ මෙසිනො යනු දුක කැමති වන්නාහු. සදත්‍ථං යනු තමා යහපත පිණිස වූ. ධනයෙන්ද ධර්මයෙන්ද වැඩීමයි. පරක්කරෙ යනු උපන්නා වූ මහත් අර්ථයද බැහැර කරයි. මට මෙයින් වැඩක් නැත. ඉවත් කරව් යයි කියයි. සභිමසෙනො යනු ඒ ක්‍රෝධය භයානක වූ බිය ඇතිකරන මහත් වූ කෙලෙස් සේනාවකින් යුක්ත වූයේ, බලවා පමද්දි යනු තමාගේ බලවත් බව නිසා මහත් සත්ත්‍වයන් පවා ගෙන තමාගේ වසඟයෙහි කිරීමෙන් මැඩීමට සමර්ථ වූ. නෙ මෙ අමුච්ච යනු මගේ සමීපයෙන් මිදීමක් නොලැබීය. කිරි දීකිරි භාවයෙන් තොරව මෙන් මගේ හදවතෙහි මොහොතක් නොසිතන්නේයයි අර්ථයි.

කට‍්ඨස‍්මිං මත්‍ථමානස‍්මින‍්ති අරණීසහිතෙන මත්‍ථියමානෙ, “මද‍්දමානස‍්මි”න‍්තිපි පාඨො. යස‍්මාති යතො කට‍්ඨා ජායති, තමෙව ඩහති. ගිනීති අග‍්ගි. බාලස‍්ස අවිජානතොති බාලස‍්ස අවිජානන‍්තස‍්ස. සාරම‍්භා ජායතෙති අහං ත්‍වන‍්ති ආකඩ‍්ඪනවිකඩ‍්ඪනං කරොන‍්තස‍්ස කරණුත‍්තරියලක‍්ඛණා සාරම‍්භා අරණීමත්‍ථනා විය පාවකො කොධො ජායති. සොපි තෙනෙවාති සොපි බාලො තෙනෙව කොධෙන කට‍්ඨං විය අග‍්ගිනා ඩය‍්හති. අනෙධො ධූමකෙතූවාති අනින්‍ධනො අග‍්ගි විය. තස‍්සාති තස‍්ස අධිවාසනඛන‍්තියා සමන‍්නාගතස‍්ස පුග‍්ගලස‍්ස සුක‍්කපක‍්ඛෙ චන්‍දො විය ලද‍්ධො යසො අපරාපරං ආපූරතීති.

කට්ඨසමිං මත්‍ථමානස්මිං යනු ගිනි ගානා දණ්ඩෙන් මඩිනු ලබන කල්හි - මද්දමානස්මිං යනුද පෙළයි. යස්මා යනු යමු දරකඩකින් හටගනීද එයම දවයි. ගිනි යනු ගින්නයි. බාලස්ස අවිජානතො නොදන්නා වූ බාලයාට. සාරම්භා ජායතෙ යනු මමද තොපදැයි ඇදීම්-තල්ලු කිරීම් කරන්නහුට එකට එක කිරීම ලක්‍ෂණ කොට ඇති සාරම්භයෙන් ගිනි ගානා දණ්ඩෙන් මෙන් ගින්න වැනි වූ ක්‍රෝධය උපදී. සොපි තෙනෙව යනු ඒ බාලයා ඒ ක්‍රෝධයෙන් ගින්නෙන් දර මෙන් දැවේ. අනින්‍ධො ධූමකේතුවා යනු දර නැති ගින්න මෙන්. තස්ස යනු ඒ ඉවසීමෙන් යුක්ත වූ පුද්ගලයාගේ පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් ලබන ලද කීර්තිය මෙන් මතුමතුද පිරේ.

රාජා මහාසත‍්තස‍්ස ධම‍්මකථං සුත්‍වා තුට‍්ඨො එකං අමච‍්චං ආණාපෙත්‍වා පරිබ‍්බාජිකං ආහරාපෙත්‍වා “භන‍්තෙ නික‍්කොධතාපස, උභොපි තුම‍්හෙ පබ‍්බජ‍්ජාසුඛෙන වීතිනාමෙන‍්තා ඉධෙව උය්‍යානෙ වසථ, අහං වො ධම‍්මිකං රක‍්ඛාවරණගුත‍්තිං කරිස‍්සාමී”ති වත්‍වා ඛමාපෙත්‍වා වන්‍දිත්‍වා පක‍්කාමි. තෙ උභොපි තත්‍ථෙව වසිංසු. අපරභාගෙ පරිබ‍්බාජිකා කාලමකාසි. බොධිසත‍්තො තස‍්සා කාලකතාය හිමවන‍්තං පවිසිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

රජ මහාසත්ත්‍වයන්ගේ දැහැමි කථාව අසා සතුටු වී එක් ඇමතියෙකුට අණ කරවා පරිබ්‍රාජිකාව ගෙන්වා ස්වාමීනි, ක්‍රෝධ රහිත වෙව. කෙළෙස් තවව. තෙපි දෙදෙනම පැවිදි සුවෙන් කල්ගෙවන්නාහු මේ උයනෙහිම වසව්. මම තොපට දැහැමි ආරක්‍ෂාව කරන්නෙමියි කියා ක්‍ෂමා කරවා වැඳ ගියේය. ඒ දෙදෙනාම එහිම වාසය කළාහුය. මෑත කාලයෙහි පරිබ්‍රාජිකාව කළුරිය කළාය. බෝසත් තෙමේ ඇය කළුරිය කළ කල්හි හිමවතට ගොස් අභිඥාවන්ද සමාපත්තීන්ද උපදවා සතර බ්‍රහ්ම විහරණයන් වඩා බඹලොව පිහිට කර ඇත්තෙක් වීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ කොධනො භික‍්ඛු අනාගාමිඵලෙ පතිට‍්ඨහි.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි කෝපී වූ භික්‍ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය.

තදා පරිබ‍්බාජිකා රාහුලමාතා අහොසි, රාජා ආනන්‍දො, පරිබ‍්බාජකො පන අහමෙව අහොසින‍්ති.

එකල්හි පරිබ්‍රාජිකා තොමෝ රාහුල මාතාව වූවාය. රජු ආනන්ද තෙර විය. පරිබ්‍රාජකය මම ම වූයෙමි යි වදාළ සේක.

චූළබොධිජාතකවණ‍්ණනා පඤ‍්චමා.