යෙදුමෙන් කියවන්න

4. සඞ‍්ඛජාතකවණ‍්ණනා 442 අට‍්ඨකථා

4. සඞ‍්ඛජාතකවණ‍්ණනා (442)

4. සංඛ ජාතකය (442)

බහුස‍්සුතොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සබ‍්බපරික‍්ඛාරදානං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිරෙකො උපාසකො තථාගතස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නචිත‍්තො ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා අත‍්තනො ඝරද‍්වාරෙ මණ‍්ඩපං කාරෙත්‍වා අලඞ‍්කරිත්‍වා පුනදිවසෙ තථාගතස‍්ස කාලං ආරොචාපෙසි. සත්‍ථා පඤ‍්චසතභික‍්ඛුපරිවාරො තත්‍ථ ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. උපාසකො සපුත‍්තදාරො සපරිජනො බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා පුන ස‍්වාතනායාති එවං සත‍්තාහං නිමන‍්තෙත්‍වා මහාදානං පවත‍්තෙත්‍වා සත‍්තමෙ දිවසෙ සබ‍්බපරික‍්ඛාරං අදාසි. තං පන දදමානො උපාහනදානං උස‍්සන‍්නං කත්‍වා අදාසි. දසබලස‍්ස දින‍්නො උපාහනසඞ‍්ඝාටො සහස‍්සග‍්ඝනකො අහොසි, ද‍්වින‍්නං අග‍්ගසාවකානං පඤ‍්චසතග‍්ඝනකො, සෙසානං පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං සතග‍්ඝනකො. ඉති සො සබ‍්බපරික‍්ඛාරදානං දත්‍වා අත‍්තනො පරිසාය සද‍්ධිං භගවතො සන‍්තිකෙ නිසීදි. අථස‍්ස සත්‍ථා මධුරෙන සරෙන අනුමොදනං කරොන‍්තො “උපාසක, උළාරං තෙ සබ‍්බපරික‍්ඛාරදානං, අත‍්තමනො හොහි, පුබ‍්බෙ අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ පච‍්චෙකබුද‍්ධස‍්ස එකං උපාහනසඞ‍්ඝාටං දත්‍වා නාවාය භින‍්නාය අප‍්පතිට‍්ඨෙ මහාසමුද‍්දෙපි උපාහනදානනිස‍්සන්‍දෙන පතිට‍්ඨං ලභිංසු, ත්‍වං පන බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සබ‍්බපරික‍්ඛාරදානං අදාසි, තස‍්ස තෙ උපාහනදානස‍්ස ඵලං කස‍්මා න පතිට‍්ඨා භවිස‍්සතී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

බහුස්සුතො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක්, සියලු පිරිකර දීම අරබයා දේශනා කල සේක. සැවැත්නුවර එක් උපාසකයෙක් බුදුරදුන්ගේ ධර්මදේශනාව අසා පැහැදුණු සිත් ඇත්තේ හෙට සඳහා ආරාධනා කොට තමාගේ නිවස දොරටුවෙහි මණ්ඩපයක් කරවා අලංකාර කොට දෙවන දවස්හි කල් දැන්වීය. බුදුරජාණෝ පන්සියයක් භික්‍ෂූන් සහිතව එහි ගොස් පනවන ලද උතුම් ආසනයෙහි හුන් සේක. උපාසකයා බුද්ධප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් දී නැවත හෙට සඳහා යයි. මෙසේ සත්දිනක් ආරාධනාකොට මහදන් පවත්වා සත්වන දවසෙහි සියලු පිරිකර දානයක් දුන්නේය. ඒ දානය දෙන්නේ පාවහන් දීම උසස්කොට දුන්නේය. බුදුරදුන්ට දුන් පාවහන් යුවල දහසක් අගනේ වීය. අග්‍රශ්‍රාවකයන්ට පන්සියයක් අගනා ඒවාද සෙසු පන්සියයක් භික්‍ෂූන්ට සියයක් අගනා ඒවාදැයි දුන්නේය. මෙසේ හෙතෙම සියළු පිරිකර දානය දී තමාගේ පිරිස සමග භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හුන්නේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මිහිරි හඬින් ඔහුට අනුමෝදනා කරන්නේ උපාසකය, ඔබගේ සියලු පිරිකර දානය මහත් වූවකි. සතුටුසිත් ඇත්තේ වෙහි. පෙර බුදුන් නො උපන් කල්හි එසේ බුදුන්ට එක් පාවහන් යුවලක් දී නැව බිඳී මුහුදෙහි පිහිටක් නොමැති කල්හි පාවහන් දීමේ ආනිසංසයෙන් පිහිටක් ලැබුවාහුය. තොප වනාහි බුද්ධප්‍රමුඛ භික්‍ෂු සංඝයාට සියලු පිරිකර දානයක් දුන්නේය. ඒ ඔබට පාවහන් දානය කුමක් හෙයින් පිහිටක් නොවන්නේදැයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ අයං බාරාණසී මොළිනී නාම අහොසි. මොළිනිනගරෙ බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ සඞ‍්ඛො නාම බ්‍රාහ‍්මණො අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො පහූතවිත‍්තුපකරණො පහූතධනධඤ‍්ඤසුවණ‍්ණරජතො චතූසු නගරද‍්වාරෙසු නගරමජ‍්ඣෙ නිවෙසනද‍්වාරෙ චාති ඡසු ඨානෙසු ඡ දානසාලායො කාරෙත්‍වා දෙවසිකං ඡසතසහස‍්සානි විස‍්සජ‍්ජෙන‍්තො කපණද‍්ධිකානං මහාදානං පවත‍්තෙසි. සො එකදිවසං චින‍්තෙසි “අහං ගෙහෙ ධනෙ ඛීණෙ දාතුං න සක‍්ඛිස‍්සාමි, අපරික‍්ඛීණෙයෙව ධනෙ නාවාය සුවණ‍්ණභූමිං ගන‍්ත්‍වා ධනං ආහරිස‍්සාමී”ති. සො නාවං බන්‍ධාපෙත්‍වා භණ‍්ඩස‍්ස පූරාපෙත්‍වා පුත‍්තදාරං ආමන‍්තෙත්‍වා “යාවාහං ආගච‍්ඡාමි , තාව මෙ දානං අනුපච‍්ඡින්‍දිත්‍වා පවත‍්තෙය්‍යාථා”ති වත්‍වා දාසකම‍්මකරපරිවුතො ඡත‍්තං ආදාය උපාහනං ආරුය‍්හ මජ‍්ඣන‍්හිකසමයෙ පට‍්ටනගාමාභිමුඛො පායාසි. තස‍්මිං ඛණෙ ගන්‍ධමාදනෙ එකො පච‍්චෙකබුද‍්ධො ආවජ‍්ජෙත්‍වා තං ධනාහරණත්‍ථාය ගච‍්ඡන‍්තං දිස‍්වා “මහාපුරිසො ධනං ආහරිතුං ගච‍්ඡති, භවිස‍්සති නු ඛො අස‍්ස සමුද‍්දෙ අන‍්තරායො, නො”ති ආවජ‍්ජෙත්‍වා “භවිස‍්සතී”ති ඤත්‍වා “එස මං දිස‍්වා ඡත‍්තඤ‍්ච උපාහනඤ‍්ච මය‍්හං දත්‍වා උපාහනදානනිස‍්සන්‍දෙන සමුද‍්දෙ භින‍්නාය නාවාය පතිට‍්ඨං ලභිස‍්සති, කරිස‍්සාමිස‍්ස අනුග‍්ගහ”න‍්ති ආකාසෙනාගන‍්ත්‍වා තස‍්සාවිදූරෙ ඔතරිත්‍වා චණ‍්ඩවාතාතපෙ අඞ‍්ගාරසන්‍ථරසදිසං උණ‍්හවාලුකං මද‍්දන‍්තො තස‍්ස අභිමුඛො ආගච‍්ඡි.

අතීතයෙහි මේ බරණැස්නුවර මොලිනී නම් විය. මෝලිනී නගරයෙහි බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි සංඛ නම් වූ පොහොසත් වූ මහත් ධනය ඇති බ්‍රාහ්මණයා නගරයේ සිව් දොරටුවලද නගරය මැදද තමා වසන ගෙදොරදැයි ස්ථාන සයක දන්ශාලා කරවා දිනපතා සය ලක්‍ෂයක් වියදම් කරමින් දිළින්දන්ටද මගියන්ටද මහදන් පැවැත්වීය. හෙතෙම එක් දිනයක (මෙසේ) සිතීය. මම ගෙයි ධනය ක්‍ෂය වූ කල්හි දන් දෙන්නට නොහැකි වන්නෙමි. ධනය නොපිරිහුන කල්හිම නැවෙන් ස්වර්ණ භූමියට ගොස් ධනය ගෙන එන්නෙමියි හෙතෙම නැවක් බඳවා බඩු පුරවා අඹුදරුවන් අමතා යම්තාක් මම පැමිණෙමිද ඒ තාක් මගේ දානය නොසිඳ පැවැත්වුව මැනව යයි කියා දාස කම්කරුවන්ගෙන් පිරිවරන ලද්දේ කුඩයක් ගෙන පාවහන් මත නැගී මධ්‍යාහ්න සමයෙහි පටුන්ගමට අභිමුඛ වූයේ පිටත්වීය. එකල්හි ගන්‍ධමාන පර්වතයෙහි එක් පසේබුදුනමක් විමසා බලා ධනය ගෙනඒම සඳහා යන්නා වූ ඔහු දැක. මහාපුරුෂයා ධනය ගෙනඒමට යයි. මොහුට මුහුදේදී අනතුරක් වන්නේද නැත්දැයි විමසා බලා වන්නේයයි දැන මෙතෙම මා දැක කුඩයද පාවහනද මට දී පාවහන් දීමේ විපාකයෙන් මුහුදෙහි නැව බිඳුන කල්හි පිහිටක් ලබන්නේය. මොහුට අනුග්‍රහ කරන්නෙමියි අහසින් අවුත් ඔහු සමීපයෙහි බැස සැඩසුළං-අව් ඇති, අඟුරු පැතුරුණාක් වැනි වූ උණු වැලි මඩින්නේ ඔහුට අභිමුඛ වී පැමිණියේය. හෙතෙම උන්වහන්සේ දැක පුණ්‍යක්‍ෂෙත්‍ර වූ පසේබුදුන් මා වෙත පැමිණියේය.

සො තං දිස‍්වාව “පුඤ‍්ඤක‍්ඛෙත‍්තං මෙ ආගතං, අජ‍්ජ මයා එත්‍ථ දානබීජං රොපෙතුං වට‍්ටතී”ති තුට‍්ඨචිත‍්තො වෙගෙන තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා “භන‍්තෙ, මය‍්හං අනුග‍්ගහත්‍ථාය ථොකං මග‍්ගා ඔක‍්කම‍්ම ඉමං රුක‍්ඛමූලං උපසඞ‍්කමථා”ති වත්‍වා තස‍්මිං රුක‍්ඛමූලං උපසඞ‍්කමන‍්තෙ රුක‍්ඛමූලෙ වාලුකං උස‍්සාපෙත්‍වා උත‍්තරාසඞ‍්ගං පඤ‍්ඤපෙත්‍වා පච‍්චෙකබුද‍්ධං නිසීදාපෙත්‍වා වන්‍දිත්‍වා වාසිතපරිස‍්සාවිතෙන උදකෙන පාදෙ ධොවිත්‍වා ගන්‍ධතෙලෙන මක‍්ඛෙත්‍වා අත‍්තනො උපාහනා ඔමුඤ‍්චිත්‍වා පප‍්ඵොටෙත්‍වා ගන්‍ධතෙලෙන මක‍්ඛෙත්‍වා තස‍්ස පාදෙසු පටිමුඤ‍්චිත්‍වා “භන‍්තෙ, ඉමා උපාහනා ආරුය‍්හ ඡත‍්තං මත්‍ථකෙ කත්‍වා ගච‍්ඡථා”ති ඡත‍්තුපාහනං අදාසි. සො අස‍්ස අනුග‍්ගහත්‍ථාය තං ගහෙත්‍වා පසාදසංවඩ‍්ඪනත්‍ථං පස‍්සන‍්තස‍්සෙවස‍්ස උප‍්පතිත්‍වා ගන්‍ධමාදනමෙව අගමාසි. බොධිසත‍්තොපි තං දිස‍්වා අතිවිය පසන‍්නචිත‍්තො පට‍්ටනං ගන‍්ත්‍වා නාවං අභිරුහි. අථස‍්ස මහාසමුද‍්දං පටිපන‍්නස‍්ස සත‍්තමෙ දිවසෙ නාවා විවරං අදාසි, උදකං උස‍්සිඤ‍්චිතුං නාසක‍්ඛිංසු. මහාජනො මරණභයභීතො අත‍්තනො අත‍්තනො දෙවතා නමස‍්සිත්‍වා මහාවිරවං විරවි. මහාසත‍්තො එකං උපට‍්ඨාකං ගහෙත්‍වා සකලසරීරං තෙලෙන මක‍්ඛෙත්‍වා සප‍්පිනා සද‍්ධිං සක‍්ඛරචුණ‍්ණං යාවදත්‍ථං ඛාදිත්‍වා තම‍්පි ඛාදාපෙත්‍වා තෙන සද‍්ධිං කූපකයට‍්ඨිමත්‍ථකං ආරුය‍්හ “ඉමාය දිසාය අම‍්හාකං නගර”න‍්ති දිසං වවත්‍ථපෙත්‍වා මච‍්ඡකච‍්ඡපපරිපන්‍ථතො අත‍්තානං මොචෙන‍්තො තෙන සද‍්ධිං උසභමත‍්තං අතික‍්කමිත්‍වා පති. මහාජනො විනාසං පාපුණි. මහාසත‍්තො පන උපට‍්ඨාකෙන සද‍්ධිං සමුද‍්දං තරිතුං ආරභි. තස‍්ස තරන‍්තස‍්සෙව සත‍්තමො දිවසො ජාතො. සො තස‍්මිම‍්පි කාලෙ ලොණොදකෙන මුඛං වික‍්ඛාලෙත්‍වා උපොසථිකො අහොසියෙව.

මා විසින් අද මෙහි බිජු රෝපණය කරන්නට වටී යයි සතුටු සිත් ඇත්තේ වේගයෙන් උන්වහන්සේ වෙත එළඹ වැඳ ස්වාමීනි, මට අනුග්‍රහ පිණිස මාර්ගයෙන් මදක් ඉවත්වී මේ ගසමුලට පැමිණෙන්න යයි කියා උන්වහන්සේ ගසමුලට පැමිණෙන කල්හි ගස මුල වැලි ඔසවා (අතුරා) උතුරුසළුව පනවා පසේබුදුන් හිඳුවා වැඳ සුවඳ කැවූ වතුරෙන් පා දෝවනය කර සුවඳ තෙල් ගල්වා ඔහුගේ පාදයන්ගෙන් මුදා ස්වාමීනි, මේ පාවහන් මත නැගී කුඩය මත්තෙහි කොට වඩින්නැයි කුඩයද පාවහනද දුන්නේය. උන්වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස එය ගෙන ප්‍රසාදය වැඩීම පිණිස ඔහු දකිද්දීම අහසට පැන නැගී ගන්‍ධමාදන පර්වතයටම වැඩි සේක. බෝසත් තෙමේද ඒ දැක අතිශයින් පැහැදුන සිත් ඇතිව ඇත්තේ පටුනට ගොස් නැව් නැංගේය. ඉක්බිති ඔහුට මහමුහුදට පිළිපන් සත්වන දවස්හි නැව සිදුරු විය. ජලය ඉසින්නට නොහැකි වූහ. මහජනයා මරණ බියෙන් බියපත් වූවේ තම තමාගේ දෙවියන් නමස්කාර කර මහඬින් කෑගැසූහ. මහාසත්ත්ව තෙමේ එක් උපස්ථායකයෙකු ගෙන්වාගෙන සියළු සිරුරු තෙල් ගල්වා ගිතෙල් සමග උක්සකුරු කුඩු ඇති තාක් කා ඔහුටද කවා ඔහු සමග කුඹගස මතට නැගී අපගේ නගරය මේ දෙසැයි දිශාව සලකා මසු-කැසුබු ආදීන්ගේ උවදුරින් තමා මුදවන්නේ ඔහු සමඟ ඉස්බක් (රියන් 140ක් පමණ දුර) ඉක්මවා පැන්නේය. මහජනයා විනාශයට පැමිණියේය. මහාසත්ත්‍ව තෙමේ උපස්ථායකයා සමග මුහුද තරණය කරන්නට පටන් ගත්තේය. ඔහු තරණය කරද්දීම සත්දවසක් ඉක්මුණාහ. හෙතෙම ඒ කාලයෙහි ලුණුදියෙන් මුව සෝදා පෙහෙවස් සමාදන් වූවෙකුම වීය.

තදා පන චතූහි ලොකපාලෙහි මණිමෙඛලා නාම දෙවධීතා “සචෙ සමුද‍්දෙ නාවාය භින‍්නාය තිසරණගතා වා සීලසම‍්පන‍්නා වා මාතාපිතුපට‍්ඨාකා වා මනුස‍්සා දුක‍්ඛප‍්පත‍්තා හොන‍්ති, තෙ රක‍්ඛෙය්‍යාසී”ති සමුද‍්දෙ ආරක‍්ඛණත්‍ථාය ඨපිතා හොති. සා අත‍්තනො ඉස‍්සරියෙන සත‍්තාහමනුභවිත්‍වා පමජ‍්ජිත්‍වා සත‍්තමෙ දිවසෙ සමුද‍්දං ඔලොකෙන‍්තී සීලාචාරසංයුත‍්තං සඞ‍්ඛබ්‍රාහ‍්මණං දිස‍්වා “ඉමස‍්ස සත‍්තමො දිවසො සමුද‍්දෙ පතිතස‍්ස, සචෙ සො මරිස‍්සති අතිවිය ගාරය‍්හා මෙ භවිස‍්සතී”ති සංවිග‍්ගමානහදයා හුත්‍වා එකං සුවණ‍්ණපාතිං නානග‍්ගරසභොජනස‍්ස පූරෙත්‍වා වාතවෙගෙන තත්‍ථ ගන‍්ත්‍වා තස‍්ස පුරතො ආකාසෙ ඨත්‍වා “බ්‍රාහ‍්මණ, ත්‍වං සත‍්තාහං නිරාහාරො, ඉදං දිබ‍්බභොජනං භුඤ‍්ජා”ති ආහ. සො තං ඔලොකෙත්‍වා “අපනෙහි තව භත‍්තං, අහං උපොසථිකො”ති ආහ. අථස‍්ස උපට‍්ඨාකො පච‍්ඡතො ආගතො දෙවතං අදිස‍්වා සද‍්දමෙව සුත්‍වා “අයං බ්‍රාහ‍්මණො පකතිසුඛුමාලො සත‍්තාහං නිරාහාරතාය දුක‍්ඛිතො මරණභයෙන විලපති මඤ‍්ඤෙ, අස‍්සාසෙස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා පඨමං ගාථමාහ –

එකල්හි ලෝකපාලක සතරවරම් දෙවිවරුන් විසින් ‘ඉදින් නැව සිදුන කල්හි තෙරුවන් සරණගිය හෝ සීලයෙන් යුක්තවූ හෝ මව්පියන් දෙවියන් මෙන් සලකන්නාවූ හෝ යම් මනුෂ්‍යයෝ තුමූ දුකට පත්වූවාහු වෙත්ද ඔවුන් රකින්නේ යයි මණිමේඛලා නම් දෙව්දුවක් මුහුදෙහි ආරක්‍ෂාව පිණිස තබන ලද්දී වෙයි. ඇය සිය ඉසුරින් සත්දිනක් පමා වී සත්වන දවස්හි මුහුද බලන්නී සිල් පැවැත්මෙන් යුක්ත වූ සංඛ බ්‍රාහ්මණයා දැක මුහුදට වැටුන මොහුගේ සත්වන දවසයි. ඉදින් හෙතෙම මැරෙන්නේ නම් අතිශයින් ගැරහිය යුත්තියක වන්නෙමියි තැතිගත් සිත් ඇත්තී එක් රන් පාත්‍රයකට නොයෙක් අග්‍ර වූ රස ඇති දිව්‍යමය භෝජන පුරවා වාත වේගයෙන් ඔහු වෙත ගොස් ඔහු ඉදිරියේ අහස්හි සිට බ්‍රාහ්මණය, ඔබ සත්දිනක් ආහාර රහිතය. මේ දිව්‍යමය ආහාර අනුභව කරවයි කීය. හෙතෙම ඇය බලා ඔබේ බත් ඉවත් කරව. මම පෙහෙවස් සමාදන් වූයෙමියි කීය. ඉක්බිති ඔහුගේ පිටුපසින් එන්නා වූ උපස්ථායකයා දෙව්දුව නොදැක ශබ්දය පමණක් අසා මේ බ්‍රාහ්මණයා ස්වභාවයෙන්ම සියුමැලිය. දින හතක් ආහාර නැති නිසා දුකට පත් වූයේ මරණ බියෙන් වැලපෙතැයි සිතමි. ඔහු අස්වසමැයි සිතා පළමු ගාථාව කීවේය.

“බහුස‍්සුතො සුතධම‍්මොසි සඞ‍්ඛ, දිට‍්ඨා තයා සමණබ්‍රාහ‍්මණා ච; අථක‍්ඛණෙ දස‍්සයසෙ විලාපං, අඤ‍්ඤො නු කො තෙ පටිමන‍්තකො මයා”ති.

බහුස්සුතො සුත ධම්මෝසි සඞ්ඛ, දිට්ඨා තයා සමණ බ්‍රාහ්මණාච, අථක්ඛණෙ දස්සයසෙ විලාපං, අඤ්ඤොනූ කො තෙ පටිමන්තකො මයා ති

1. සංඛ බමුණ, නුඹ බහුශ්‍රැත වූයෙහිය. අසන ලද ධර්මය ඇත්තෙහිය. ඔබ විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දක්නා ලදහ. ඉක්බිති නොකල්හි විලාප දක්වන්හෙිය. මගෙන් අන්‍ය වූ කවරෙක් ඔබට පිළිවදන් දෙන්නේද?

තත්‍ථ සුතධම‍්මොසීති ධම‍්මොපි තයා ධම‍්මිකසමණබ්‍රාහ‍්මණානං සන‍්තිකෙ සුතො අසි. දිට‍්ඨා තයාති තෙසං පච‍්චයෙ දෙන‍්තෙන වෙය්‍යාවච‍්චං කරොන‍්තෙන ධම‍්මිකසමණබ්‍රාහ‍්මණා ච තයා දිට‍්ඨා. එවං අකරොන‍්තො හි පස‍්සන‍්තොපි තෙ න පස‍්සතියෙව. අථක‍්ඛණෙති අථ අක‍්ඛණෙ සල‍්ලපන‍්තස‍්ස කස‍්සචි අභාවෙන වචනස‍්ස අනොකාසෙ. දස‍්සයසෙති “අහං උපොසථිකො”ති වදන‍්තො විලාපං දස‍්සෙසි. පටිමන‍්තකොති මයා අඤ‍්ඤො කො තව පටිමන‍්තකො පටිවචනදායකො, කිංකාරණා එවං විප‍්පලපසීති?

එහි සුත ධම්මො යනු ඔබ විසින් දැහැමි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සමීපයෙහිදී ධර්මය අසන ලදි. දිට්ඨා යනු ඔවුන්ට ප්‍රත්‍යයන් දෙන්නා වූද වතාවත් කරන්නා වූද ඔබ විසින් දැහැමි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දක්නා ලදහ. මෙසේ නොකරන්නේම දක්නේ නමුත් ඔවුන් නොදක්නේමය. අථක්ඛණෙ යනු අථ+අක්ඛණෙ යනු විසන්‍ධියි. කථා කරන්නා වූ කිසිවෙකු නොවීමෙන් වචනයට අවකාශ නොවූ කල්හි. දස්සයසෙ යනු මම පෙහෙවස් සමාදන් වූවෙක් වෙමැයි කියන්නේ මහහඬ දක්වන්නෙහිය. පටිමන්තකො යනු මගෙන් වෙනත් වූ කවරෙක් ඔබට පෙරළා කථා කරන්නෙකු පිළිවදන් දෙන්නෙකු වේද? කවර හේතුවක් නිසා මෙසේ වැලපෙහිද?

සො තස‍්ස වචනං සුත්‍වා “ඉමස‍්ස දෙවතා න පඤ‍්ඤායති මඤ‍්ඤෙ”ති චින‍්තෙත්‍වා “සම‍්ම, නාහං මරණස‍්ස භායාමි, අත්‍ථි පන මෙ අඤ‍්ඤො පටිමන‍්තකො”ති වත්‍වා දුතියං ගාථමාහ –

හෙතෙම ඔහුගේ වචනය අසා මොහුට ඒ දෙව්දුව නොපෙනේ යයි හඟිමියි සිතා යහළුව, මම මරණයට බිය නොවෙමි. මට වෙනත් පිළිවදන් දෙන්නෙක් ඇතැයි කියා දෙවන ගාථාව කීය.

“සුබ‍්භූ සුභා සුප‍්පටිමුක‍්කකම‍්බු, පග‍්ගය‍්හ සොවණ‍්ණමයාය පාතියා; ‘භුඤ‍්ජස‍්සු භත‍්තං’ ඉති මං වදෙති, සද‍්ධාවිත‍්තා, තමහං නොති බ්‍රූමී”ති.

2. පැහැපත් මුහුණ ඇති සිත් ගන්නා සුලු රන් අබරණින් සැරසුන ස්ත්‍රියක් රන්මුවා වූ පාත්‍රයක් ගෙන බත් වළදවයි මට කියයි. ඇය සැදැහැති සිත් ඇත්තිය. මම ඇයට නොකැමති යෙමියි කියමි යනුයි.

තත්‍ථ සුබ‍්භූති සුභමුඛා. සුභාති පාසාදිකා උත‍්තමරූපධරා. සුප‍්පටිමුක‍්කකම‍්බූති පටිමුක‍්කසුවණ‍්ණාලඞ‍්කාරා. පග‍්ගය‍්හාති සුවණ‍්ණපාතියා භත‍්තං ගහෙත්‍වා උක‍්ඛිපිත්‍වා. සද‍්ධාවිත‍්තාති සද‍්ධා චෙව තුට‍්ඨචිත‍්තා ච. “සද‍්ධං චිත‍්ත”න‍්තිපි පාඨො, තස‍්සත්‍ථො සද‍්ධන‍්ති සද‍්දහන‍්තං, චිත‍්තන‍්ති තුට‍්ඨචිත‍්තං. තමහං නොතීති තමහං දෙවතං උපොසථිකත‍්තා පටික‍්ඛිපන‍්තො නොති බ්‍රූමි, න විප‍්පලපාමි සම‍්මාති.

එහි සුබ්හු යනු පැහැපත් මුහුණ ඇති. සුභා යනු ප්‍රසාද කර උතුම් රූප දරන්නී වූ. සුප්පටිමුත්තකම්බු යනු පැළද ගත් රන් අබරණ ඇත්තී. පග්ගයහ යනු රන් පාත්‍රයෙන් බත් ගෙන එළවා. සද්ධා චිත්තා යනු ශ්‍රද්ධා ඇත්තීද සතුටු සිත් ඇත්තීද සද්ධං චිත්තං යනුද පෙළයි. එහි අර්ථය. සද්ධං යනු ඇදහිළි ඇත්තේ. චිත්තං යනු සතුටු සිත් ඇත්තේ. තමහංනො යනු මම පෙහෙවස් සමාදන් වී ඇති හෙයින් ඒ දේවතාවිය ප්‍රතික්‍ෂේප කරන්නේ නැතැයි කීවෙමි. යහළුව, විලාප නොකරමියි.

අථස‍්ස සො තතියං ගාථමාහ –

ඉක්බිති හෙතෙම ඔහුට තෙවන ගාථාව කීය.

“එතාදිසං බ්‍රාහ‍්මණ දිස‍්වාන යක‍්ඛං, පුච‍්ඡෙය්‍ය පොසො සුඛමාසිසානො; උට‍්ඨෙහි නං පඤ‍්ජලිකාභිපුච‍්ඡ, දෙවී නුසි ත්‍වං උද මානුසී නූ”ති.

3. බ්‍රාහ්මණය, තමාගේ සැපත කැමති වන්නා වූ පුරුෂයා මෙබඳු යක්‍ෂයකු දැක විචාරන්නේය. නැගී සිටුව. ඔබ දෙව්දුවක්ද නැතහොත් මනුෂ්‍ය දුවක්දැයි බැඳදිළිවැ ඇයගෙන් විමසුව.

තත්‍ථ සුඛමාසිසානොති එතාදිසං යක‍්ඛං දිස‍්වා අත‍්තනො සුඛං ආසීසන‍්තො පණ‍්ඩිතො පුරිසො “අම‍්හාකං සුඛං භවිස‍්සති, න භවිස‍්සතී”ති පුච‍්ඡෙය්‍ය. උට‍්ඨෙහීති උදකතො උට‍්ඨානාකාරං දස‍්සෙන‍්තො උට‍්ඨහ. පඤ‍්ජලිකාභිපුච‍්ඡාති අඤ‍්ජලිකො හුත්‍වා අභිපුච‍්ඡ. උද මානුසීති උදාහු මහිද‍්ධිකා මානුසී ත්‍වන‍්ති. බොධිසත‍්තො “යුත‍්තං කථෙසී”ති තං පුච‍්ඡන‍්තො චතුත්‍ථං ගාථමාහ –

එහි සුඛමාසිසානො මෙබඳු වූ යක්‍ෂයෙකු දැක තමන්ගේ සැපය අපේක්‍ෂා කරන්නා වූ පණ්ඩිත පුරුෂයා අපට සැපයක් වන්නේය නොවන්නේය යැයි අසන්නේය. උට්ඨෙහි යනු ජලයෙන් නැගිටිනා කාරයක් දක්වමින් නැගී සිටුව. පඤ්ජලිකාභිපුච්ඡා යනු බැඳදිළිව විමසව. උදමානසීනූති යනු නැතහොත් ඔබ මහත් සෘද්ධි ඇති සම්පූර්ණ කළ තපස් ඇති මිනිස් දුවක්ද, බෝධිසත්ව තෙමේ සුදුස්සක් කියන්නෙහි යයි ඇය විමසන්නේ සිව්වන ගථාව කීය.

“යං ත්‍වං සුඛෙනාභිසමෙක‍්ඛසෙ මං, භුඤ‍්ජස‍්සු භත‍්තං ඉති මං වදෙසි; පුච‍්ඡාමි තං නාරි මහානුභාවෙ, දෙවී නුසි ත්‍වං උද මානුසී නූ”ති.

4. මහත් වූ ආනුභාව ඇති ස්ත්‍රිය, යම් හෙයකින් මා දෙස ප්‍රිය ඇසින් බලා බත් අනුභව කරව යයි මට කීයෙහිය. ඔබව විමසමි. ඔබ දෙව්දුවක් වෙහිද නැතහොත් මිනිස් දුවක වෙහිද?

තත්‍ථ යං ත්‍වන‍්ති යස‍්මා ත්‍වං සුඛෙන මං අභිසමෙක‍්ඛසෙ, පියචක‍්ඛූහි ඔලොකෙසි. පුච‍්ඡාමි තන‍්ති තෙන කාරණෙන තං පුච‍්ඡාමි.

එහි යං ත්‍වං යනු යම් හෙයකින් ඔබ, සුඛෙන මං අභිසමෙක්ඛසෙ ප්‍රිය ඇසින් බලන්නෙහිය. පුච්ඡාමිතං යනු ඒ කරුණින් ඔබ විමසමි.

තතො දෙවධීතා ද‍්වෙ ගාථා අභාසි –

ඉක්බිති දෙව්දුව ගාථා දෙකක් කීවාය.

“දෙවී අහං සඞ‍්ඛ මහානුභාවා, ඉධාගතා සාගරවාරිමජ‍්ඣෙ; අනුකම‍්පිකා නො ච පදුට‍්ඨචිත‍්තා, තවෙව අත්‍ථාය ඉධාගතාස‍්මි.

5. සංඛ බ්‍රාහ්මණය, මෙහි මුහුදුදිය මැදට පැමිණි මම මහත් තෙද ඇති දෙව්දුවක වෙමි. තොපට අනුකම්පා සිත් ඇත්තීමය. දුෂ්ට වූ සිත් ඇත්තී නොවෙමි. ඔබට යහපත පිණිසම මෙහි පැමිණියේ වෙමි.

“ඉධන‍්නපානං සයනාසනඤ‍්ච, යානානි නානාවිවිධානි සඞ‍්ඛ; සබ‍්බස‍්ස ත්‍යාහං පටිපාදයාමි, යං කිඤ‍්චි තුය‍්හං මනසාභිපත්‍ථිත”න‍්ති.

6. සංඛ බ්‍රාහ්මණය, මෙහි තොප විසින් යම් කිසිවක් සිතින් පතන ලදද (ඒ) ආහාරපාන, ආසන, නන් වැදෑරුම් යානාවන්ද යන එ් සියල්ල මම ඔබට පිළියෙල කොට දෙමි.

තත්‍ථ ඉධාති ඉමස‍්මිං මහාසමුද‍්දෙ. නානාවිවිධානීති බහූනි ච අනෙකප‍්පකාරානි ච හත්‍ථියානඅස‍්සයානාදීනි අත්‍ථි. සබ‍්බස‍්ස ත්‍යාහන‍්ති තස‍්ස අන‍්නපානාදිනො සබ‍්බස‍්ස සාමිකං කත්‍වා තං තෙ අන‍්නපානාදිං පටිපාදයාමි දදාමි. යං කිඤ‍්චීති අඤ‍්ඤම‍්පි යං කිඤ‍්චි මනසා ඉච‍්ඡිතං, තං සබ‍්බං තෙ දම‍්මීති.

එහි ඉධ යනු මේ මුහුදෙහි. නානා විධානි යනු බොහෝ නන් වැදෑරුම් වූ හස්ති යාන අශ්ව යාන ආදිය ඇත. සබ්බස්ස ත්‍යාහං යනු ඒ කෑම් බීම් ආදී සියල්ලට ස්වාමියෙකු කොට ඔබට ඒ ආහාරපාන ආදිය. පයිපාදයාමි දෙමි. යං කිඤ්චි යනු අන් යම් කිසිවක් ඔබගේ සිතින් කැමති වන ලදද ඒ සියල්ල ඔබට දෙමි යි.

තං සුත්‍වා මහාසත‍්තො “අයං දෙවධීතා සමුද‍්දපිට‍්ඨෙ මය‍්හං ‘ඉදඤ‍්චිදඤ‍්ච දම‍්මී’ති වදති, කිං නු ඛො එසා මයා කතෙන පුඤ‍්ඤකම‍්මෙන දාතුකාමා, උදාහු අත‍්තනො බලෙන, පුච‍්ඡිස‍්සාමි තාව න”න‍්ති චින‍්තෙත්‍වා පුච‍්ඡන‍්තො සත‍්තමං ගාථමාහ –

මහාසත්ව තෙමේ ඒ අසා මේ දෙව්දුව මුහුද මතදී මට මේ මේ දේ දෙමි යයි කියයි. කිම මැය මා විසින් කළ පිංකමකින් දෙනු කැමැත්තීද නැතහොත් තම බලයෙන් දැයි. පළමුකොට ඇය විමසමියි සිතා විමසන්නේ සත්වන ගාථාව කීය.

“යං කිඤ‍්චි යිට‍්ඨඤ‍්ච හුතඤ‍්ච මය‍්හං, සබ‍්බස‍්ස නො ඉස‍්සරා ත්‍වං සුගත‍්තෙ; සුස‍්සොණි සුබ‍්භමු සුවිලග‍්ගමජ‍්ඣෙ, කිස‍්ස මෙ කම‍්මස‍්ස අයං විපාකො”ති.

7. මනා ඉගටිය ඇති, යහපත් බැම ඇති, මනා වූ (ශරීරයේ) මධ්‍ය ප්‍රදේශ ඇති, යහපත් සිරුරු ඇත්තිය, මගේ යම්කිසි පූජාවක හෝ ආගන්තුක සත්කාරයක හෝ විපාකයක් වේ නම් ඒ සියල්ලට තොපම ප්‍රධානය. (ඒ ඒ ක්‍රියාවන්හි විපාක දන්නා නිසාවෙනි) මෙය මගේ කිනම් කර්මයක විපාකයක්ද?

තත්‍ථ යිට‍්ඨන‍්ති දානවසෙන යජිතං. හුතන‍්ති ආහුනපාහුනවසෙන දින‍්නං. සබ‍්බස‍්ස නො ඉස‍්සරා ත්‍වන‍්ති තස‍්ස අම‍්හාකං පුඤ‍්ඤකම‍්මස‍්ස ත්‍වං ඉස‍්සරා, “ඉමස‍්ස අයං විපාකො, ඉමස‍්ස අය”න‍්ති බ්‍යාකරිතුං සමත්‍ථාති අත්‍ථො. සුස‍්සොණීති සුන්‍දරඌරුලක‍්ඛණෙ. සුබ‍්භමූති සුන්‍දරභමුකෙ . සුවිලග‍්ගමජ‍්ඣෙති සුට‍්ඨුවිලග‍්ගිතතනුමජ‍්ඣෙ. කිස‍්ස මෙති මයා කතකම‍්මෙසු කතරකම‍්මස‍්ස අයං විපාකො, යෙනාහං අප‍්පතිට‍්ඨෙ සමුද‍්දෙ පතිට‍්ඨං ලභාමීති.

එහි යිට්ඨං යනු දාන වශයෙන් පුදන ලද්දයි. හුතං යනු ගුණ සලකා හෝ ආගන්තුක සත්කාර වශයෙන් දෙන ලද්ද සබ්බස්ස නො ඉස්සරා ත්‍වං යනු අපගේ ඒ සියළු පිංකම්වලට ඔබ ප්‍රධානය. මේ විපාකය මෙහිය. මේ විපාකය මෙහියයි දැනගන්නට සාමර්ථ්‍යය යන අර්ථයි. සුස්සොණි යනු සුන්දර වූ කලවා ලක්‍ෂණයෙහි. සුබ්භු යනු යහපත් බැම ඇති. සුවිලාක මජෙක්‍ධ යනු මනාව ලැගුනු සිරුරු මධ්‍ය භාගය ඇති. කිස්ස මෙ යනු මෙය මා කළ කටයුතු අතර කවර කටයුත්තක විපාකයද? යම් හෙයකින් මට පිහිටක් නැති මුහුදෙහි පිහිටක් ලබම්ද?

තං සුත්‍වා දෙවධීතා “අයං බ්‍රාහ‍්මණො ‘යං තෙන කුසලං කතං, තං කම‍්මං න ජානාතී’ති අඤ‍්ඤාය පුච‍්ඡති මඤ‍්ඤෙ, කථයිස‍්සාමි දානිස‍්සා”ති තං කථෙන‍්තී අට‍්ඨමං ගාථමාහ –

ඒ අසා දෙව් දූ මේ බ්‍රාහ්මණයා ඔහු විසින් යම් කුසල කර්මයක් කරන ලදද එය මොහු නොදනී යයි හැඟීමෙන් විමසයි යයි හඟිමි. දැන් ඔහුට කියමියි කියන්නී අටවන ගාථාව කීවේය.

“ඝම‍්මෙ පථෙ බ්‍රාහ‍්මණ එකභික‍්ඛුං, උග‍්ඝට‍්ටපාදං තසිතං කිලන‍්තං; පටිපාදයී සඞ‍්ඛ උපාහනානි, සා දක‍්ඛිණා කාමදුහා තවජ‍්ජා”ති.

8. සංඛ බ්‍රාහ්මණය, උණුසුමෙන් යුත් මාවතෙහිදී උණුසුම් වැල්ලෙහි තබන ලද පා ඇති, පිපාසිත වූ (එහෙයින්ම) ක්ලාන්ත වූ එක් භික්‍ෂුවකට (පසේ බුදුවරයෙකුට) පාවහන්වලින් (අවශ්‍යතා) පිළියෙල කළේය. ඒ දානය වූ කලී අද ඔබට කැමති දෙය දෙන්නේය.

තත්‍ථ එකභික‍්ඛුන‍්ති එකං පච‍්චෙකබුද‍්ධං සන්‍ධායාහ. උග‍්ඝට‍්ටපාදන‍්ති උණ‍්හවාලුකාය ඝට‍්ටිතපාදං. තසිතන‍්ති පිපාසිතං. පටිපාදයීති පටිපාදෙසි, යොජෙසීති අත්‍ථො. කාමදුහාති සබ‍්බකාමදායිකා.

එහි එක භික්ඛුං යනු ඒ පසේ බුදුරජු අරබයා කීය. උග්ඝට්ට පාදං යනු උණුසුම් වැලිවලින් ගටනා ලද පා ඇති. තසිතං යනු පිපාසයට පත්වූ. පටිපාදයී යනු පිළියෙල කළේය. යෙදවීය. කාම දු හා යනු කැමති සියලු දේ දෙන්නීය.

තං සුත්‍වා මහාසත‍්තො “එවරූපෙපි නාම අප‍්පතිට‍්ඨෙ මහාසමුද‍්දෙ මයා දින‍්නඋපාහනදානං මම සබ‍්බකාමදදං ජාතං, අහො සුදින‍්නං මෙ පච‍්චෙකබුද‍්ධස‍්ස දාන”න‍්ති තුට‍්ඨචිත‍්තො නවමං ගාථමාහ –

මහා සත්ත්ව තෙමේ එය අසා මෙබඳු පිහිටක් නැති මහ මුහුදෙහිදීද මා විසින් දෙන ලද පාවහන් දානය මට කැමති සියළු දේ දෙන්නේ වීය. පුදුමයි. මා විසින් පසේබුදුන්ට දානයක් මනාව දෙන ලදි යි සතුටු සිත් ඇත්තේ නවවන ගාථාව කීය.

“සා හොතු නාවා ඵලකූපපන‍්නා, අනවස‍්සුතා එරකවාතයුත‍්තා; අඤ‍්ඤස‍්ස යානස‍්ස න හෙත්‍ථ භූමි, අජ‍්ජෙව මං මොළිනිං පාපයස‍්සූ”ති.

9. ඒ නැව යහපත් ලෑලිවලින් යුක්ත වූයේ දිය පිවිසීමෙන් තොර වූයේ එරක වාතයෙන් මෙහෙයවන්නක් වේවා! අන් යානයකට මෙහි බිමක් නැත. අදම මා මොලිනී නගරයට පමුණුවව යනුයි.

තස‍්සත්‍ථො – දෙවතෙ, එවං සන‍්තෙ මය‍්හං එකං නාවං මාපෙහි, ඛුද‍්දකං පන එකදොණිකනාවං මාපෙහි, යං නාවං මාපෙස‍්සසි, සා හොතු නාවා බහූහි සුසිබ‍්බිතෙහි ඵලකෙහි උපපන‍්නා, උදකපවෙසනස‍්සාභාවෙන අනවස‍්සුතා, එරකෙන සම‍්මා ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙන වාතෙන යුත‍්තා, ඨපෙත්‍වා දිබ‍්බනාවං අඤ‍්ඤස‍්ස යානස‍්ස එත්‍ථ භූමි නත්‍ථි, තාය පන දිබ‍්බනාවාය අජ‍්ජෙව මං මොළිනිනගරං පාපයස‍්සූති.

එහි අර්ථය - දේවතාවිය මෙසේ ඇති කල්හි මට එක් නැවක් මවව. කුඩා වූ එක් ඔරුවක් ඇති නැවක් නො මවව. යමක් මවන්නෙහිද ඒ නැව බොහෝ වූ මනාව මස්නා ලද ලෑලිවලින් යුක්ත වූවා ජලය නොපිවිසෙන හෙයින් අනවස්සුත වූවා. එරක විසින් මනාව ගෙන, යන්නා වූ වාතයෙන් යොදවන ලද දිව්‍යමය නැව හැර අනිකකට ඉඩක් නැති හෙයින් ඒ නැවෙන්ම මා අදම මොලිනී නගරයට පමුණුවයි.

දෙවධීතා තස‍්ස වචනං සුත්‍වා තුට‍්ඨචිත‍්තා සත‍්තරතනමයං නාවං මාපෙසි. සා දීඝතො අට‍්ඨඋසභා අහොසි විත්‍ථාරතො චතුඋසභා, ගම‍්භීරතො වීසතියට‍්ඨිකා. තස‍්සා ඉන්‍දනීලමයා තයො කූපකා, සොවණ‍්ණමයානි යොත‍්තානි රජතමයානි පත‍්තානි සොවණ‍්ණමයානි ච ඵියාරිත‍්තානි අහෙසුං. දෙවතා තං නාවං සත‍්තන‍්නං රතනානං පූරෙත්‍වා බ්‍රාහ‍්මණං ආලිඞ‍්ගිත්‍වා අලඞ‍්කතනාවාය ආරොපෙසි, උපට‍්ඨාකං පනස‍්ස න ඔලොකෙසි. බ්‍රාහ‍්මණො අත‍්තනා කතකල්‍යාණතො තස‍්ස පත‍්තිං අදාසි, සො අනුමොදි. තදා දෙවතා තම‍්පි ආලිඞ‍්ගිත්‍වා නාවාය පතිට‍්ඨාපෙසි. අථ නං නාවං මොළිනිනගරං නෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස ඝරෙ ධනං පතිට‍්ඨාපෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව අගමාසි. සත්‍ථා අභිසම‍්බුද‍්ධො හුත්‍වා –

දේවතාවිය, ඔහුගේ වචනය අසා සතුටු වූ සිත් ඇත්තේ සත්රුවනින්ම කළ නැවක් මැවීය. එය දිගින් අට ඉස්බක් විය. පළලින් සිව් ඉස්බක් විය. ගැඹුරින් විසි යෂ්ටියකි. (යෂ්ටිය යනු සත්රියනකි) එයට ඉන්‍ද්‍රනීලමය කුඹගස් තුනෙකි. රන්මුවා වූ යොත්ය. රිදීමය වූ නැංගුරම්ය. රන්මුවා වූව රුවල් වීය. දෙව්දුව ඒ නැව සත්රුවනින් පුරවා බමුණා වැළඳ අලංකාර කරන ලද නැවට නැංවීය. ඔහුගේ උපස්ථායකයා පිළිබඳව නොබැලීය. බ්‍රාහ්මණයා තමාගේ පිනෙන් ඔහුට පින් දුන්නේය. හෙතෙම අනුමෝදන් වීය. එකල්හි දෙව්දුව ඔහු වැළඳගෙන පිහිටුවීය. ඉක්බිති ඇය නැව මෝලිනී නගරයට පමුණුවා බමුණාගේ නිවසෙහි ධනය තබා තමා වසන තැනටම ගියාය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්‍වයට පත්ව.

“සා තත්‍ථ විත‍්තා සුමනා පතීතා, නාවං සුචිත‍්තං අභිනිම‍්මිනිත්‍වා; ආදාය සඞ‍්ඛං පුරිසෙන සද‍්ධිං, උපානයී නගරං සාධුරම‍්ම”න‍්ති. –

10. ඇය ඒ මුහුද මැදදී සතුටු වූවා පහන් වූ සිත් ඇත්තී, බෙහෙවින් සතුටු වූවා විසිතුරු නැවක් මවා උපස්ථායක පුරුෂයා සමග සංඛ බ්‍රාහ්මණයා ගෙන ඉතා රමණීය වූ නගරයට පැමිණවීය. යි

ඉමං ඔසානගාථං අභාසි.

මේ අවසාන ගාථාව වදාළ සේක.

තත්‍ථ සාති භික‍්ඛවෙ, සා දෙවතා තත්‍ථ සමුද‍්දමජ‍්ඣෙ තස‍්ස වචනං සුත්‍වා විත‍්තිසඞ‍්ඛාතාය පීතියා සමන‍්නාගතත‍්තා විත‍්තා. සුමනාති සුන්‍දරමනා පාමොජ‍්ජෙන පතීතචිත‍්තා හුත්‍වා විචිත්‍රනාවං නිම‍්මිනිත්‍වා බ්‍රාහ‍්මණං පරිචාරකෙන සද‍්ධිං ආදාය සාධුරම‍්මං අතිරමණීයං නගරං උපානයීති.

එහි සා යනු මහණෙනි, ඒ දෙව්දුවයි. තත්‍ථ යනු මුහුද මැදදී ඔහුගේ වචනය අසා, විත්ති සංඛ්‍යාත ප්‍රීතියෙන් සමන්විත හෙයින් චිත්තා නම් විය. සුමනා යනු සොඳුරු සිත් ඇත්තී ප්‍රමුදිත බැවින් සතුටු සිත් ඇත්තේ වී විසිතුරු නැවක් මවා පරිවාරක පුරුෂයා සමග ඒ බ්‍රාහ්මණයා සාධු රම්මං යනු ඉතා සිත්කළු නගරයට පැමිණවීය.

බ්‍රාහ‍්මණොපි යාවජීවං අපරිමිතධනං ගෙහං අජ‍්ඣාවසන‍්තො දානං දත්‍වා සීලං රක‍්ඛිත්‍වා ජීවිතපරියොසානෙ සපරිසො දෙවනගරං පරිපූරෙසි.

බ්‍රාහ්මණයාද දිවි ඇති තෙක් ගෙහි වසන්නේ අපමණ ධනයක් දන් දී සිල් රැක ආයුෂ කෙළවර පිරිවර සහිතව දේව නගරය (ලෝකය) පිරවීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උපාසකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කොට ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර උපාසකයා සෝවාන් ඵලයෙහි පිහිටියේය.

තදා දෙවධීතා උප‍්පලවණ‍්ණා අහොසි, උපට‍්ඨාකපුරිසො ආනන්‍දො, සඞ‍්ඛබ්‍රාහ‍්මණො පන අහමෙව අහොසින‍්ති.

එකල්හි දෙව්දුව උත්පලවණ්ණා තෙරණිය වූවාය. උපස්ථායක පුරුෂයා ආනන්ද තෙර වීය. සංඛ බ්‍රාහ්මණයා මම ම වීමි යයි වදාළ සේක.

සඞ‍්ඛජාතකවණ‍්ණනා චතුත්‍ථා.