4. සඞ‍්ඛජාතකං
1391. බහුස‍්සුතො සුතධම‍්මොසි සඞ‍්ඛ දිට‍්ඨා තයා සමණබ්‍රාහ‍්මණා ච, අථක‍්ඛණෙ දස‍්සයසෙ විලාපං අඤ‍්ඤොනු කො තෙ පටිමන‍්තකො මයා.
1391. සඞ්ඛ බමුණ, තෙපි බහුශ්‍රුත වූවහු ඇසූ දහම් ඇත්තහු යැ, තොප විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද දක්නා ලදහ. (එහෙත්) නො කල්හි වලප්නහු යැ, (මෙහි) මා හැර පිළිවදන් දෙන්නේ (අනෙක් තැනැත්තේ) කවරෙක් ද?
1392. සුබ‍්භූ සුභා සුප‍්පටිමුත‍්තකම‍්බු පග‍්ගය‍්හ සොවණ‍්ණමයාය පාතියා, භුඤ‍්ජස‍්සු භත‍්තං ඉති මං වදෙති සද‍්ධා චිත‍්තා තමහං නොති බ්‍රූමි.
1392. දුටු දුටුවන්ගේ සිත් ගන්නා මනා බැම ඇති, විසිතුරු රන්අබරණ පැළැඳි ස්ත්‍රියක් රන්තලියෙක ලූ බොජුන් ගෙන ප්‍රීති සිතැති ව බොජුන් බුදින්නා යි කියතුදු, මම (ඊට) නො කැමැතිය යි ඇයට කියමි.
1393. එතාදිසං බ්‍රාහ‍්මණ දිස‍්වා යක‍්ඛං පුච‍්ඡෙය්‍ය පොසො සුඛමාසසානො උට‍්ඨෙහි තං පඤ‍්ජලිකාහි පුච‍්ඡ දෙවීනුසි ත්‍වං උද මානුසී නු.
1393. බමුණ තමාගේ සැපත රුස්නා වූ පුරුෂ තෙම මෙබඳු යක්‍ෂයා දැක (මෙසේ) විචාරන්නේ ය. ඔබ දෙව්දුවක් ද නැතහොත් මනුෂ්‍යස්ත්‍රියක් දැ යි, නැගීසිටගෙන බද්ධාඤ්ජලි වැ විචාරව.
1394. යං ත්‍වං සුඛෙනාභිසමෙක‍්ඛසෙ මං භුඤ‍්ජස‍්සු භත‍්තං ඉති මං වදෙසි, පුච‍්ඡාමි තං නාරි මහානුභාවෙ දෙවීනුසි ත්‍වං උද මානුසී නු.
1394. මහතෙදැති ඉතිරිය, මා බලා බත් බුදින්නැ යි මට කියන තී විතාරමී. තෝ දෙව්දුවක් ද? නැතහොත් මනුෂ්‍ය ස්ත්‍රියක් වහු ද?
1395. දෙවී අහං සඞ‍්ඛ මහානුභාවා ඉධාගතා සාගරවාරිමජ‍්ඣෙ, අනුකම‍්පිකා නො ච පදුට‍්ඨචිත‍්තා තමෙව අත්‍ථාය ඉධාගතොස‍්මි.
1395. සඞ්ඛ බමුණ, මුහුදුදිය මැදට පැමිණි මම මහතෙදැති දෙව්දුවක්මු. සානුකම්පික වූ මම තොපගේ යහපත සලකා මෙහි පැමිණියමු. ප්‍රදුෂ්ට සිතැති ව පැමිණියා නො වෙමි.
1396. ඉධන‍්නපානං සයනාසනඤ‍්ච යානානි නානා විවිධානි සඞ‍්ඛ, සබ‍්බස‍්ස ත්‍යාහං පටිපාදයාමි යං කිඤ‍්චි තුය‍්හං මනසාභිපත්‍ථිතං.
1396. සඞ්ඛ බමුණ, තොප රුචි කරන කෑම් බිම් ද ආසන ද නානාවිධ යානාවන් ද යන මේ සියලු දෙය දෙමි.
1397. යං කිඤ‍්චි යිට‍්ඨංව හුතං ව මය‍්හං සබ‍්බස‍්ස නො ඉස‍්සරා ත්‍වං සුගත‍්තෙ, සුස‍්සොණි සුබ‍්භූ සුවිලාකමජ‍්ඣෙ කිස‍්ස මෙ කම‍්මස‍්ස අයං විපාකො.
1397. මනස්කාන්ත වූ සිරුරැති තොපගේ ඉහ, බැම, හා මැදපෙදෙස දුටුවන් ළගන්නා සුලු වෙයි, මාගේ කිසියම් දානයක හෝ ආගන්තුක සත්කාරයක හෝ (විපාක) වේ ද? එයට ඔබ ඉසුරු ය. මේවා මා කළ කවර කර්‍මයෙක විපාක ද?
1398. ඝම‍්මෙ පථෙ බ්‍රාහ‍්මණ එකභික‍්ඛුං උග‍්ඝට‍්ටපාදං තසිතං කිලන‍්තං, පටිපාදයි සඞ‍්ඛ උපාහනාහි සා දක‍්ඛිණා කාමදුහා තවජ‍්ජ.
1398. දැඩි රශ්මිය පැවැති සමයෙක මහමඟැ උණුවැල්ලේ තැබූ පා ඇති පිපාසායෙන් හා ක්ලාන්තයෙන් විඩා වූ (සිරුරැති) පසේබුදුන් වහන්සේ නමකට වහන්සඟළක් දුන්නේ ය. ඔබ දුන් ඒ දානය අද ඔබට කැමැති කැමැති දෙය දේ.
1399. සා හොතු නාවා ඵලකූප‍්පන‍්නා අනවස‍්සුතා එරකවාතයුත‍්තා, අඤ‍්ඤස‍්ස යානස‍්ස න හෙත්‍ථ භූමි අජ‍්ජෙව මං මොලිනං පාපයස‍්සු.
1399. (නැව් හැර) අන් යානාවකට බිමක් (මෙහි) නැත. ඒ නැව දිය ඇතුළු නො වන පරිදි බොහෝ පුවරු යොදා සකස් වූවක් වේවා, මා අද ම මෝලිනී නගරයට ගෙනයව.
1400. සා තත්‍ථ චිත‍්තා සුමනා පතීතා නාවං සුචිත‍්තං අභිනිම‍්මිනිත්‍වා, ආදාය සඞ‍්ඛං පුරිසෙන සද‍්ධිං උපානයී නගරං සාධු රම‍්ම’න‍්ති.
1400. එහි දී ඔහුගේ ප්‍රකාශයන් අසා අතිශයින් ම ප්‍රමුදිත වූ දෙව්දුව විසිතුරු නැවක් මවා සඞ්ඛ නමැති පුරුෂයා සමග සිත් අලවන මෝලිනී නගරයට ගෙන ගියා ය.