3. චතුපොසථිකජාතකං
1377. යො කොපනෙය්‍යෙ න කරොති කොපං, න කුජ‍්ඣති සප‍්පුරිසො කදාචි, කුද‍්ධොපි යො නාවිකරොති කොපං තං වෙ නරං සමණං ආහු ලොකෙ.
1377. සත්පුරුෂ තෙම කිසි කලෙක නො කිපෙයි, යමෙක් කිපියැයුතු පුද්ගලයා කෙරෙහි කෝප නො කෙරේ ද, යමෙක් කිපියේ නමුදු කෝපය පහළ නො කෙරේ ද, ඒ පුරුෂයා ඒකාන්තයෙන් (ශමිතපාප බැවින්) ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1378. ඌනොදරො යො සහතෙ ජිඝච‍්ඡං දන‍්තො තපස‍්සි මිතපානභොජනො, ආහාරහෙතු න කරොති පාපං තං වෙ නරං සමණං ආහු ලොකෙ.
1378. ඌන වූ උදරය (අල්පාහාර) ඇති යමෙක් සාගිනි ඉවසා ද ඉන්‍දිය දමනයෙන් සමන්‍වාගත වූයේ තපස් ඇතියේ ප්‍රමාණ කරනලද ආහාරපාන ඇතියේ ආහාර හේතුයෙන් පව් නො කෙරේ ද ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1379. ඛිඩ‍්ඩං රතිං විප‍්පජහිත්‍ව සබ‍්බං න චාලිකං භාසති කිඤ‍්චි ලොකෙ, විභූසනට‍්ඨානා විරතො මෙථුනස‍්මා තං වෙ නරං සමණං ආහු ලොකෙ.
1379. ලෝකයෙහි සියලු (කායික, වාචසික) ක්‍රීඩා ද (දිව්‍ය කාමගුණ) රතිය ද දුරු කොට අල්පමාත්‍ර වූ ද මුසාවක් නො කියා ද (මාංස, ඡවී විභූෂණයෙන් ද මෛථුන සේවනයෙන් ද වෙන් වූයේ වේද, ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1380. පරිග‍්ගහං ලොභධම‍්මඤ‍්ච සබ‍්බං යො වෙ පරිඤ‍්ඤාය පරිබ‍්බජෙති, දන‍්තං ඨිතත‍්තං අමමං නිරාසං තං වෙ නරං සමණං ආහු ලොකෙ.
1380. යම් කෙනෙක් සියලු වස්තුකාමය ද තෘෂ්ණාව ද (ත්‍රිවිධ පරිඥායෙන්) දැන ඒකාන්තයෙන් හැරපියත් ද දැමුණු (මිථ්‍යා විතර්‍කාභාවයෙන්) ස්ථිත ස්වභාව ඇති, මමායන නැති (අඹුදරුවන් කෙරෙහි) ආශා නැති ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1381. පුච‍්ඡාම කත‍්තාරං අනොමපඤ‍්ඤං ගාථාසු නො විග‍්ගහො අත්‍ථි ජාතො, ඡින්‍දජ‍්ජ කඞ‍්ඛං විචිකිච‍්ඡිතානි තයජ‍්ජ කඞ‍්ඛං විතරෙමු සබ‍්බෙ.
1381. අලාමකප්‍රඥා ඇති කළයුතු දැය කරන තොප පුළුවුසුම්හ, ගාථාවන්හි අපට උපන් විවාදයෙක් ඇත. අද අපගේ සැකය ද විචිකිත්සාවන් ද සිඳුව, තොප කරණකොටගෙන අපි හැමදෙනමෝ සැක දුරලම්හ.
1382. යෙ පණ‍්ඩිතා අත්‍ථදස‍්සා භවන‍්ති භාසන‍්ති තෙ යොනිසො තත්‍ථ කාලෙ, කථං නු ගාථානං අභාසිතානං අත්‍ථං නයෙය්‍යුං කුසලා ජනින්‍ද.
1382. යම් පණ්ඩිත කෙනෙක් අර්‍ත්‍ථ දක්නා සමර්‍ත්‍ථ වෙත් ද ඔහු ඒ විවාදයෙහි (යුක්තප්‍රයුක්ත) කාලයෙහි නුවණින් කියති. රජවරුනි, ඡේක වූවාහු නමුදු නො කියනලද ගාථාවන්ගේ අර්‍ත්‍ථ කෙසේ නම් එළවා ද? (එහෙයින් කියව)
1383. කථං හවෙ භාසති නාගරාජා කථං පන ගරුළො වෙනතෙය්‍යො, ගන්‍ධබ‍්බරාජා පන කිං වදෙති කථං පන කුරුනං රාජසෙට‍්ඨො.
1383. (වරුණ) නාගරාජ කෙසේ කියා ද? යළි විනතාපුත්‍ර ගරුඬරාජ කෙසේ කියා ද? යළි ගන්‍ධර්‍වරාජ කුමක් කියා ද? යළි කුරු ජනපදවැසියන්ගේ රාජශ්‍රේෂ්ඨ කෙසේ කියා දැ? යි.
1384. ඛන‍්තිං හවෙ භාසති නාගරාජා අප‍්පාහාරං ගරුළො වෙනතෙය්‍යො ගන්‍ධබ‍්බරාජා රතිවිප‍්පහානං අකිඤ‍්චනං කුරුනං රාජසෙට‍්ඨා’ති.
1384. (වරුණ) නාරජ ක්‍ෂාන්තිය මැ ශීල යැ යි කියයි. විනතාපුත්‍ර ගරුඬරාජ අල්පාහාර බව (ආහාර හේතුයෙන් පව් නො කිරීම) ද ගන්‍ධර්‍වරාජ (සක්දෙව්රජ) පඤ්චකාම රති ප්‍රහාණය ද කුරුරජ පළිබෝධ නැති බව ද ශීල යැ යි කියා යි.
1385. සබ‍්බානි එතානි සුභාසිතානි නහෙත්‍ථ දුබ‍්භාසිතමත්‍ථි කිඤ‍්චි, යස‍්මිඤ‍්ච එතානි පතිට‍්ඨිතානි අරාව නාභ්‍යා සුසමොහිතානි, චතුබ‍්භි ධම‍්මෙහි සමඞ‍්ගිභූතං තං වෙ නරං සමණං ආහු ලොකෙ.
1385. මෙ හැම සුහාෂිතයෝ යැ. මෙහි කිසි දුර්‍භාෂිතයෙක් නැත් මැ යි. තවද යම් පුද්ගලයක්හු කෙරෙහි තෙල ගුණජාතයෝ පිහිටියාහු චක්‍රනාභියෙහි සමවහිත (එක්රැස්) වූ අරයන් (දැවි) මෙන් වෙත් ද තෙල සතර දහමින් සමන්‍වාගත වූ ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි පණ්ඩිතයෝ කීහ.
1386. තුවං සෙට‍්ඨො ත්‍වමනුත‍්තරොසි ත්‍වං ධම‍්මගූ ධම‍්මවිදූ සුමෙධො පඤ‍්ඤාය පඤ‍්හං සමධිග‍්ගහෙත්‍වා, අච‍්ඡෙච‍්ඡි ධීරො විචිකිච‍්ඡිතානි අච‍්ඡෙච‍්ඡි කඞ‍්ඛං විචිකිච‍්ඡිතානි චුන්‍දො යථා නාගදන‍්තං ඛරෙන.
1386. තෙපි ශ්‍රේෂ්ඨ වවු, තෙපි (උත්තරීතරයකු නැතියෙන්) අනුත්තර වවු. තෙපි ධර්‍මගෝපක ද ධර්‍මඥ ද ධර්‍මවිදූ ද සුන්‍දරප්‍රඥා ඇතියහු ද වවු. ප්‍රාඥ තෙම ප්‍රඥායෙන් අපගේ ප්‍රශ්නය යථාභූත කොට දැනැ විචිකිත්සාවන් සින්දේ යැ. යම්සේ දන්ත ශිල්පියෙක් කියතින් ඇත්දළක් සිඳුනේ ද එසෙයින් සැකය ද විචිකිත්සාවන් ද සින්දේ යි.
1387. නීලුප‍්පලාභං විමලං අනග‍්ඝං වත්‍ථං ඉමං ධූමසමානවණ‍්ණං, පඤ‍්හස‍්ස වෙය්‍යාකරණෙන තුට‍්ඨො දදාමි තෙ ධම‍්මපූජාය ධීර.
1387. ප්‍රාඥය, (තොපගේ) ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් නිලුපුල් වන් නිර්‍මල වූ අනර්‍ඝ වූ ධූමයට බඳු පැහැ ඇති මේ වස්ත්‍රය ධර්‍මපූජා පිණිස තොපට දෙමි.
1388. සුණ‍්ණමාලං සතපත‍්තඵුල‍්ලං සකෙසරං රතනසහස‍්සමණ‍්ඩිතං පඤ‍්හස‍්ස වෙය්‍යාකරණෙන තුට‍්ඨො දදාමි තෙ ධම‍්මපූජාය ධීර.
1388. ප්‍රාඥය, ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් දහසක් රුවනින් සැදූ කෙසුරු සහිත පිපි සියපත් (පියුම්) ඇති රන්මල්දම ධර්‍මපූජා පිණිස තොපට දෙමි.
1389. මණිං අනග‍්ඝං රුචිරං පභස‍්සරං, කණ‍්ඨාවසත‍්තං මණිභූසිතං මෙ, පඤ‍්හස‍්ස වෙය්‍යාකරණෙන තුට‍්ඨො දදාමි තෙ ධම‍්මපූජාය ධීර.
1389. ප්‍රාඥය, ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් මාගේ ගෙලෙහි ලැගුණු මිණිරුවනින් අලංකාර වූ සිත්කලු වූ ප්‍රභාස්වර වූ අනගි මිණිරුවන ධර්‍මපූජා පිණිස තොපට දෙමි.
1390. ගවං සහස‍්සං උසභඤ‍්ච නාගං ආජඤ‍්ඤයුත‍්තෙ ච රථෙ දස ඉමෙ, පඤ‍්හස‍්ස වෙය්‍යාකරණෙන තුට‍්ඨො දදාමි තෙ ගාමවරානි සොළසාති.
1390. ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් දෙනුන් දහසක් ද පුංගවයකු ද ඇතකු ද ආජානීය සෛන්‍ධවයන් යෙදූ මේ රිය දසයක් ද ගම්වර සොළසක් ද තොපට (ධර්‍මපූජාවට) දෙමි.