2. කණ‍්හජාතකං
1364. කණ‍්හොවතායං පුරිසො කණ‍්හං භුඤ‍්ජති භොජනං, කණ‍්හෙ භූමිප‍්පදෙසස‍්මිං න මය‍්හං මනසො පියො.
1364. කළු පැහැති මේ පුරුෂයා කළු පැහැති බොජුන් බුදී. කළු පාට බිම් පියෙසකැ (මෙ තෙමේ) වෙසේ. (මෙය) මාගේ සිතට ප්‍රිය නො වේ.
1365. න කණ‍්හො තචසා හොති අන‍්තොසාරො බ්‍රාහ‍්මණො යස‍්මිං පාපානි කම‍්මානි සචෙ කණ‍්හො සුජම‍්පති.
1365. ශක්‍රය, හම කළුපැහැය ඇති වීමෙන් (කෙනකු) කළු නො වේ. සීලාදි ගුණසාරයන් ඇතුළතැ පිහිටියේ (නම්) බ්‍රාහ්මණ නම් වෙයි. ඉදින් යමකු කෙරෙහි පාපකර්‍ම ඇත්තේ ද හේ එකැතින් කළුවෙක් වේ.
1366. එතස‍්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං බ්‍රාහ‍්මණ තෙ දම‍්මී යං කිඤ‍්චි මනසිච‍්ඡසි.
1366. බමුණ, තොපට ඔබින යහපත් ප්‍රකාශය නිමිත්තෙන් කැමැති වරයක් තොපට දෙමි.
1367. වරං චෙ මෙ අදො සක‍්ක සබ‍්බභූතානමිස‍්සර, සුනික‍්කොධං සුනිද‍්දොසං නිල‍්ලොභං වුත‍්තිමත‍්තනො. නිස‍්නෙහමභිකඞ‍්ඛාමි එතෙ මෙ චතුරො වරෙ.
1367. සර්‍වභූතයන්ට ඊශ්වර වූ දේවේන්‍ද්‍රය, මට වරයක් දේ නම්, මෙරමා කෙරෙහි ක්‍රෝධ රහිත වූ, ද්වේෂ රහිත වූ, ලෝභ රහිත වූ, ස්නෙහ රහිත වූ වරයක් රුස්නෙමි. මේ වර සතර මට දෙනු මැනැවි.
1368. කින‍්නු කොධෙ ච දොසෙ වා ලොභෙ ස‍්නෙහෙව බ්‍රාහ‍්මණ, ආදීනවං සම‍්පස‍්සසි තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.
1368. බමුණ, ක්‍රෝධයෙහි, ද්වේෂයෙහි, ලෝභයෙහි හෝ ස්නේහයෙහි කෙබඳු දෝෂයක් දක්නෙහි ද? විචාළ මට එය කියව.
1369. අප‍්පො හුත්‍වා බහු හොති වඩ‍්ඪතෙ සො අඛන‍්තිජො, ආසඞ‍්ගි බහුපායාසො තස‍්මා කොධං න රොචයෙ.
1369. ඉවැසීම නැති බැවින් හටගන්නා කෝපය ස්වල්ප වශයෙන් ඉපිදැ පසුව වැඩි වේ. නැවත නැවත හටගනී. ද්වේෂයට ලක් වූවහුගෙන් ඉවත් ව යන්නට නො දී ආක්‍රෝශ කරවයි. බොහෝ සිත් තැවුල් උපදී. එහෙයින් ක්‍රෝධය නො රුස්නෙමි.
1370. දුට‍්ඨස‍්ස ඵරුසා වාචා පරාමාසො අනන‍්තරා, තතො පාණි තතො දණ‍්ඩො සත්‍ථස‍්ස පරමා ගති දොසො කොධසමුට‍්ඨානො තස‍්මා දොසං න රොචයෙ.
1370. ද්වේෂයෙන් දූෂිත වූවහුගේ වචනය එරුෂ වෙයි, අනතුරු ව දැඩි ව ගැනීම වෙයි, පසුව අත්පහර දෙයි. දඬුපහර දෙයි, ආයුධ පහර දෙයි. අවි පහර දී ද්වේෂය මස්තකප්‍රාප්ත කරයි. ද්වේෂය ක්‍රෝධයෙන් හටගනී, එහෙයින් ද්වේෂය නො රුස්නෙමි.
1371. අලොපසහසාකාරා නිකතී වඤ‍්චනානි ච, දිස‍්සන‍්ති ලොභධම‍්මෙසු තස‍්මා ලොභං න රොචයෙ.
1371. ගම් පැහැරීම, බලහත්කාරයෙන් පැහැර ගැනීම, වංචා කිරීම, යන මේ පාප ක්‍රියා ලෝභය ඇති කල්හි (සිදු කරනු) දක්නට ලැබෙති. එහෙයින් ලෝභය නො රුස්නෙමි.
1372. ස‍්නෙහ සඞ‍්ගථීතා ගන්‍ථා සෙන‍්ති මනොමයා පුථු, තෙ භුසං උපතාපෙන‍්ති තස‍්මා ස‍්නෙහං න රොචයෙ.
1372. නූලකින් මල් ගොතන්නා සේ නානාවිධ බොහෝ ආරම්මණයන්හි තෘෂ්ණායෙන් ඇමිණීම බොහෝ තැවුලි උපදවති, එහෙයින් ස්නේහය නො රුස්නේ ය.
1373. එතස‍්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං බ්‍රාහ‍්මණ තෙ දම‍්මි යං කිඤ‍්චි මනසිච‍්ඡසි.
1373. බමුණ, ඔබට ඔබින යහපත් ප්‍රකාශය නිමිත්තෙන් කැමැති වරයක් ඔබට දෙනු කැමැත්තෙමි.
1374. වරං චෙ මෙ අදො සක‍්ක සබ‍්බභූතානමිස‍්සර, අරඤ‍්ඤෙ මෙ විහරතො නිච‍්චං එකවිහාරිනො. ආබාධා මා උප‍්පජ‍්ජෙය්‍යුං අන‍්තරායකරා භුසා.
1374. දේවේන්‍ද්‍රය, ඉදින් මට වරයක් දේ නම් නිතර හුදෙකලා ව වනයෙහි වාසය කරන මට තවුස්දම් රැක ගැනීමේ දී අන්තරාය කරන ආබාධයෝ නූපදනාහු නම් එබඳු වරයක් දුන මැනැවි.
1375. එතස‍්මිං තෙ සුලපිතෙ පතිරූපෙ සුභාසිතෙ, වරං බ්‍රාහ‍්මණ තෙ දම‍්මි යං කිඤ‍්චි මනසිච‍්ඡසි.
1375. බමුණ, ඔබට ඔබින යහපත් ප්‍රකාශය නිමිත්තෙන් කැමැති වරයක් ඔබට දෙනු කැමැත්තෙමි.
1376. වරං චෙ මෙ අදො සක‍්ක සබ‍්බභූතානමිස‍්සර න මනො වා සරීරං වා මඞ‍්කතෙ සක‍්ක කස‍්සචි කදාචි උපහඤ‍්ඤෙථ එතං සක‍්ක වරං වරෙති.
1376. සව් සතුනට ඉසුරු වූ ශක්‍රය, ඉදින් මට වරයක් දේ නම් මා නිසා කිසිවකුගේ සිත, කය හෝ වචනය කිසිකලෙකැ අපවිත්‍ර නොවන වරයක් දුන මැනැවි.