යෙදුමෙන් කියවන්න

2. කණ‍්හජාතකවණ‍්ණනා 440 අට‍්ඨකථා

2. කණ‍්හජාතකවණ‍්ණනා (440)

2. කණ්හ ජාතකය (440)

කණ‍්හො වතායං පුරිසොති ඉදං සත්‍ථා කපිලවත්‍ථුං උපනිස‍්සාය නිග්‍රොධාරාමෙ විහරන‍්තො සිතපාතුකම‍්මං ආරබ‍්භ කථෙසි. තදා කිර සත්‍ථා සායන‍්හසමයෙ නිග්‍රොධාරාමෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො ජඞ‍්ඝවිහාරං අනුචඞ‍්කමමානො අඤ‍්ඤතරස‍්මිං පදෙසෙ සිතං පාත්‍වාකාසි. ආනන්‍දත්‍ථෙරො “කො නු ඛො හෙතු, කො පච‍්චයො භගවතො සිතස‍්ස පාතුකම‍්මාය, න අහෙතු තථාගතා සිතං පාතුකරොන‍්ති, පුච‍්ඡිස‍්සාමි තාවා”ති අඤ‍්ජලිං පග‍්ගය‍්හ සිතකාරණං පුච‍්ඡි. අථස‍්ස සත්‍ථා “භූතපුබ‍්බං, ආනන්‍ද, කණ‍්හො නාම ඉසි අහොසි, සො ඉමස‍්මිං භූමිප‍්පදෙසෙ විහාසි ඣායී ඣානරතො, තස‍්ස සීලතෙජෙන සක‍්කස‍්ස භවනං කම‍්පී”ති සිතකාරණං වත්‍වා තස‍්ස වත්‍ථුනො අපාකටත‍්තා ථෙරෙන යාචිතො අතීතං ආහරි.

කණෙහා වතා යං පුරිසො යනු මේ ගාථාව ශාස්තෘන් වහන්සේ කිඹුල්වත ඇසුරුකොට නිග්‍රොධාරාමයේ වාසය කරන සේක් සිනා පහළකිරිම අරබයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෘන් වහන්සේ සවස් සමයෙහි නිග්‍රෝධාරාමයෙහිදී භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද්දේ සක්මනෙහි හැසිරෙන්නේ එක් පෙදෙසෙක්හිදී මදසිනා පහළ පහළ කළ සේක. ආනන්‍ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට කවර හේතුවක්ද? කවර ප්‍රත්‍යයක්ද? තථාගතයෝ හේතුරහිතව සිනා පහළ නොකරති යි පළමුකොට විමසමුයි ඇඳිළි බැඳ සිනහවට කරුණු විමසීය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඔහුට (වදාරනුයේ) ආනන්‍දය පෙර කණ්හ නම් තවුසෙක් විසීය. ඉපිදවූ ධ්‍යාන ඇති ධ්‍යානයෙහි ඇළුණු හෙතෙම මෙම භූමිප්‍රදේශයෙහි වාසය කළේය. ඔහුගේ සිල් තෙදින් ශක්‍ර භවනය කම්‍පා වී යයි. සිනහවට කරුණ කියා ඒ ප්‍රවෘත්තිය අප්‍රකට හෙයින් තෙරුන් විසින් අයදනා ලද්දේ අතීත ප්‍රවාත්තිය ගෙනහැර වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බාරාණසියං එකෙන අසීතිකොටිවිභවෙන අපුත‍්තකෙන බ්‍රාහ‍්මණෙන සීලං සමාදියිත්‍වා පුත‍්තෙ පත්‍ථිතෙ බොධිසත‍්තො තස‍්ස බ්‍රාහ‍්මණියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති. කාළවණ‍්ණත‍්තා පනස‍්ස නාමග‍්ගහණදිවසෙ “කණ‍්හකුමාරො”ති නාමං අකංසු. සො සොළසවස‍්සකාලෙ මණිපටිමා විය සොභග‍්ගප‍්පත‍්තො හුත්‍වා පිතරා සිප‍්පුග‍්ගහණත්‍ථාය පෙසිතො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගහෙත්‍වා පච‍්චාගච‍්ඡි. අථ නං පිතා අනුරූපෙන දාරෙන සංයොජෙසි. සො අපරභාගෙ මාතාපිතූනං අච‍්චයෙන සබ‍්බිස‍්සරියං පටිපජ‍්ජි. අථෙකදිවසං රතනකොට‍්ඨාගාරානි විලොකෙත්‍වා වරපල‍්ලඞ‍්කමජ‍්ඣගතො සුවණ‍්ණපට‍්ටං ආහරාපෙත්‍වා “එත‍්තකං ධනං අසුකෙන උප‍්පාදිතං, එත‍්තකං අසුකෙනා”ති පුබ‍්බඤාතීහි සුවණ‍්ණපට‍්ටෙ ලිඛිතානි අක‍්ඛරානි දිස‍්වා චින‍්තෙසි “යෙහි ඉමං ධනං උප‍්පාදිතං, තෙ න පඤ‍්ඤායන‍්ති, ධනමෙව පඤ‍්ඤායති, එකොපි ඉදං ධනං ගහෙත්‍වා ගතො නාම නත්‍ථි, න ඛො පන සක‍්කා ධනභණ‍්ඩිකං බන්‍ධිත්‍වා පරලොකං ගන‍්තුං. පඤ‍්චන‍්නං වෙරානං සාධාරණභාවෙන හි අසාරස‍්ස ධනස‍්ස දානං සාරො, බහුරොගසාධාරණභාවෙන අසාරස‍්ස සරීරස‍්ස සීලවන‍්තෙසු අභිවාදනාදිකම‍්මං සාරො, අනිච‍්චාභිභූතභාවෙන අසාරස‍්ස ජීවිතස‍්ස අනිච‍්චාදිවසෙන විපස‍්සනායොගො සාරො, තස‍්මා අසාරෙහි භොගෙහි සාරග‍්ගහණත්‍ථං දානං දස‍්සාමී”ති.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරවන කල්හි බරණැස් නුවර අසූකෙළක් ධනය ඇති පුතුන් නැති බ්‍රාහ්මණයෙකු විසින් සිල් සමාදන් වී පුත්‍රයන් ප්‍රාර්ථනා කළ කල්හි බෝධිසත්ව තෙමේ ඒ බැමිණියගේ කුසෙහි උපන්නේය. කළුපැහැ ඇති හෙයින් නම් තබන දිනයේදී ඔහුට කණ්හ යයි නම් කළාහුය. හෙතෙම සොළොස්වයස් කල්හි මැණික් ප්‍රතිමාවක් මෙන් රූපශ්‍රීයෙන් අගතැන්පත් වූයේ පියා විසින් ශිල්ප ඉගෙනීම සඳහා යවන ලද්දේ තක්‍ෂිලාවෙහිදී සියළු ශිල්පයන් උගෙන පෙරළා පැමිණියේය. ඉක්බිති පියා ඔහුව සුදුසු බිරිඳක හා එක් කරවීය. හෙතෙම මෑත කාලයෙහි මව්පියන් ඇවෑමෙන් සියළු සම්පත් පිළිපැද්දේය. ඉක්බිති එක් දවසක් භාණ්ඩාගාර බලා උසස් පළඟක (ආසනයක) හුන්නේ රන්පට ගෙන්වා මෙපමණක් ධනය අසවලා විසින් උපදවන ලදි. මෙපමණක් අසවලා විසින් යයි පෙර නෑයන් විසින් රන්පටෙහි ලියන ලද අකුරු දැක සිතීය. එකෙකුදු මෙය ගෙන ගියේ නොවෙයි. ධනය හා බඩු පොදි බැඳගෙන පරලොව යන්නට නොහැක. පස් වැදෑරුම් යුක්ති සහගත බැවින් දන්දීම අසාර වූ ධනයට සාරය වේ. බොහෝ රෝගයන්ට සාධාරණ නිසා අසාර වූ ශරීරයට සිල්වතුන් කෙරෙහි පිදීම් ආදී කටයුතු සාරය වේ. අනිත්‍ය බැවින් මඩනා ලද ජීවිතයම අනිත්‍යාදී වශයෙන් විදර්ශනාවෙහි යෙදීම සාරයයි. එහෙයින් අසාර වූ සම්පතින් සාරය ගැනීම පිණිස දන් දෙන්නෙමි යි.

සො ආසනා වුට‍්ඨාය රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා රාජානං ආපුච‍්ඡිත්‍වා මහාදානං පවත‍්තෙසි. යාව සත‍්තමා දිවසා ධනං අපරික‍්ඛීයමානං දිස‍්වා “කිං මෙ ධනෙන, යාව මං ජරා නාභිභවති, තාවදෙව පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො භවිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ගෙහෙ සබ‍්බද‍්වාරානි විවරාපෙත්‍වා “දින‍්නං මෙ, හරන‍්තූ”ති අසුචිං විය ජිගුච‍්ඡන‍්තො වත්‍ථුකාමෙ පහාය මහාජනස‍්ස රොදන‍්තස‍්ස පරිදෙවන‍්තස‍්ස නගරා නික‍්ඛමිත්‍වා හිමවන‍්තපදෙසං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අත‍්තනො වසනත්‍ථාය රමණීයං භූමිභාගං ඔලොකෙන‍්තො ඉමං ඨානං පත්‍වා “ඉධ වසිස‍්සාමී”ති එකං ඉන්‍දවාරුණීරුක‍්ඛං ගොචරගාමං අධිට‍්ඨාය තස‍්සෙව රුක‍්ඛස‍්ස මූලෙ විහාසි. ගාමන‍්තසෙනාසනං පහාය ආරඤ‍්ඤිකො අහොසි, පණ‍්ණසාලං අකත්‍වා රුක‍්ඛමූලිකො අහොසි, අබ‍්භොකාසිකො නෙසජ‍්ජිකො. සචෙ නිපජ‍්ජිතුකාමො, භූමියංයෙව නිපජ‍්ජති, දන‍්තමූසලිකො හුත්‍වා අනග‍්ගිපක‍්කමෙව ඛාදති, ථුසපරික‍්ඛිත‍්තං කිඤ‍්චි න ඛාදති, එකදිවසං එකවාරමෙව ඛාදති, එකාසනිකො අහොසි. ඛමාය පථවීආපතෙජවායුසමො හුත්‍වා එතෙ එත‍්තකෙ ධුතඞ‍්ගගුණෙ සමාදාය වත‍්තති, ඉමස‍්මිං කිර ජාතකෙ බොධිසත‍්තො පරමප‍්පිච‍්ඡො අහොසි. සො න චිරස‍්සෙව අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා ඣානකීළං කීළන‍්තො තත්‍ථෙව වසති, ඵලාඵලත්‍ථම‍්පි අඤ‍්ඤත්‍ථ න ගච‍්ඡති, රුක‍්ඛස‍්ස ඵලිතකාලෙ ඵලං ඛාදති, පුප‍්ඵිතකාලෙ පුප‍්ඵං ඛාදති, සපත‍්තකාලෙ පත‍්තානි ඛාදති, නිප‍්පත‍්තකාලෙ පපටිකං ඛාදති. එවං පරමසන‍්තුට‍්ඨො හුත්‍වා ඉමස‍්මිං ඨානෙ චිරං වසති.

හෙතෙම අසුනින් නැගී සිට රජු සමීපයට ගොස් රජුගෙන් විමසා මහදන් පැවැත්වීය. සත්වන දිනය තෙක් ධනය ක්‍ෂය නොවනු දැක මට ධනයෙන් කවර ප්‍රයෝජනයක්ද? යම්තාක් ජරාව (මා) අභිභවනය නොකරයිද එකල්හි පැවිදි වී අභිඥාවන්ද සමාපත්තීන්ද උපදවා බඹලොව පිහිටකොට ඇත්තෙක් වන්නෙමි යි සිතා නිවසෙහි සියළු දොරටු හරවා “මා විසින් දෙන ලදි. ගෙන යත්වායි අසූචිය මෙන් පිළිකුල් කරන්නේ වස්තුකාමය හැර මහජනයා හඬද්දී වැලපෙද්දී නගරයෙන් නික්ම හිමවත පෙදෙසට පිවිස තවුස් පැවිද්දේන් පැවිදි වී තමාගේ වාසය පිණිස සිත්කළු බිම්කඩක් බලන්නේ මෙතැනට පැමිණ මෙහි වසන්නෙමියි එක් තියඹරා ගසක් ගොදුරු ගම කොට අධිෂ්ඨාන කර ඒ ගස මුලහිම වාසය කළේය. ග්‍රාමාන්ත සෙනසුන හැර වනවාසියෙක් වීය. පන්සලක් නොකොට රුක්ඛමූලිකයෙක් විය. එළිමහනේ වසන්නෙක් වීය. නොනිදා හිඳගැන්ම පමණක් කරන්නෙක් වූයේ ඉදින් නිදනු කැමැත්තේ වීද පොළොවෙහිම නිදයි. දන්තමූසලිකයෙක් වී ගින්නෙහි නොපිසන දේම කයි. පොත්තෙන් දහයියාවෙන් වටකරනා ලද කිසිවක් නොකයි. එක් දවසක්හි එක් වරක්ම කයි. එක් අසුනක පමණක් හිඳගන්නෙක් විය. ඉවසීමෙන් පොළොව ජලය ගින්න හා සුළඟ හා සමවී එපමණක් මේ ධුතාංගයන් සමාදන් වී පවතී. මේ ජාතකයේදී බෝසත් තෙමේ අතිශය අල්පේච්ඡ වීය. හෙතෙම නොබෝ කලකින්ම අභිඥාවන්ද සමාපත්තීන්ද උපදවා ධ්‍යාන නැමති ක්‍රීඩාව කෙළින්නේ එහිම වසයි. ලොකු කුඩා ගෙඩි පිණිසද අන්තැනක නොයයි. ගස ගෙඩි හටගත් කල්හි ගෙඩි කයි. මල් පිපුන කල්හි මල්ද කොළ සහිත කාලයෙහි කොළද කයි. කොළ නැති කල්හි ගැලවුන පොත්ත කයි. මෙසේ අතිශයින්ම ලද දෙයින් සතුටුවූයේ වී මෙතන්හි බොහෝ කාලයක් වාසය කළේය.

සො එකදිවසං පුබ‍්බණ‍්හසමයෙ තස‍්ස රුක‍්ඛස‍්ස පක‍්කානි ඵලානි ගණ‍්හි, ගණ‍්හන‍්තො පන ලොලුප‍්පචාරෙන උට‍්ඨාය අඤ‍්ඤස‍්මිං පදෙසෙ න ගණ‍්හාති, යථානිසින‍්නොව හත්‍ථං පසාරෙත්‍වා හත්‍ථප‍්පසාරණට‍්ඨානෙ ඨිතානි ඵලානි සංහරති, තෙසුපි මනාපාමනාපං අවිචිනිත්‍වා සම‍්පත‍්තසම‍්පත‍්තමෙව ගණ‍්හාති. එවං පරමසන‍්තුට‍්ඨස‍්ස තස‍්ස සීලතෙජෙන සක‍්කස‍්ස පණ‍්ඩුකම‍්බලසිලාසනං උණ‍්හාකාරං දස‍්සෙසි. තං කිර සක‍්කස‍්ස ආයුක‍්ඛයෙන වා උණ‍්හං හොති පුඤ‍්ඤක‍්ඛයෙන වා, අඤ‍්ඤස‍්මිං වා මහානුභාවසත‍්තෙ තං ඨානං පත්‍ථෙන‍්තෙ, ධම‍්මිකානං වා මහිද‍්ධිකසමණබ්‍රාහ‍්මණානං සීලතෙජෙන උණ‍්හං හොති. සක‍්කො “කො නු ඛො මං ඨානා චාවෙතුකාමො”ති ආවජ‍්ජෙත්‍වා ඉමස‍්මිං පදෙසෙ වසන‍්තං කණ‍්හං ඉසිං රුක‍්ඛඵලානි උච‍්චිනන‍්තං දිස‍්වා චින‍්තෙසි “අයං ඉසි ඝොරතපො පරමජිතින්‍ද්‍රියො, ඉමං ධම‍්මකථාය සීහනාදං නදාපෙත්‍වා සුකාරණං සුත්‍වා වරෙන සන‍්තප‍්පෙත්‍වා ඉමමස‍්ස රුක‍්ඛං ධුවඵලං කත්‍වා ආගමිස‍්සාමී”ති. සො මහන‍්තෙනානුභාවෙන සීඝං ඔතරිත්‍වා තස‍්මිං රුක‍්ඛමූලෙ තස‍්ස පිට‍්ඨිපස‍්සෙ ඨත්‍වා “අත‍්තනො අවණ‍්ණෙ කථිතෙ කුජ‍්ඣිස‍්සති නු ඛො, නො”ති වීමංසන‍්තො පඨමං ගාථමාහ –

හෙතෙම එක් දවසකුදු පෙරවරු කාලයෙහි ඒ ගසේ ඉදුන ගෙඩි නොගත්තේය. ගන්නේද ලොල් බැවින් යුක්තව නැගී සිට අන් පෙදෙසෙහි නොගනී. හුන්නේම අත දිගහැර අත් පොහෝනා තැන වැටුන ගෙඩි එකතු කරයි. ඒවායේ ප්‍රිය අප්‍රිය බව නොවිමසා පැමිණි පැමිණි දේම ගනියි. මෙසේ අතිශයින් ලද දෙයින් සතුටුවන්නා වූ ඔහුගේ සිල් තෙදින් ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වූ අයුරක් දැක්වීය. ඒ ශෛලාසනය වනාහි ශක්‍රයාගේ ආයුෂ පිරිහීමෙන් හෝ උණුවේ. පිං ක්‍ෂය වීමෙන් හෝ උණු වේ. වෙනත් වූ මහානුභාව සම්පන්න සත්ත්‍වයෙකු ප්‍රාර්ථනය කරන කල්හි හෝ දැහැමි මහා සෘද්ධිමත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සිල් තෙදින් හෝ උණු වේ. එදවස සිල් තෙදින් උණු වූයේ වීය. ශක්‍රයා කවරෙක් මා තනතුරෙන් ඉවත් කරනු කැමැත්තේදැයි විමසා බලා මේ පියසෙහි වනයෙහි වසන්නා වූ, ගසෙහි ගෙඩි එකතු කරන්නා වූ කණ්හ තවුසා දැක සිතීය. මේ තවුස් තෙමේ උග්‍ර තවුස්දම් ඇත්තෙක. අතිශයින් දිනන ලද ඉඳුරන් ඇත්තෙක. මොහු දැහැමි කථාවෙන් සීහනාද කරවා යහපත් කරුණු අසා වරයකින් සතප්පවා මොහුගේ මේ ගස හැමදා ගෙඩි ඇත්තක් කර එන්නෙමියි යනුවෙනි. හෙතෙම මහත් වූ ආනුභාවයෙන් වහා (දෙව්ලොවින්) බැස ඒ ගස මුල ඔහුගේ පිටුපස සිට තමාගේ නුගුණ කීකල්හි කිපෙන්නෙහිදැයි නැත්දැයි විමසා බලන්නේ පළමු ගාථාව කීය.

“කණ‍්හො වතායං පුරිසො, කණ‍්හං භුඤ‍්ජති භොජනං; කණ‍්හෙ භූමිපදෙසස‍්මිං, න මය‍්හං මනසො පියො”ති.

කණ්හො වාතායං පුරිසො- කණ්හං භුඤ්ජති භොජනං, කණ්හො භූමි පදෙස්සමිං න මය්හං මනසො පියොති

1. මේ පුරුෂ තෙමේ ඒකාන්තයෙන් කළුපැහැ ඇත්තේය. කළු බොදුන් බුදී. කළුපැහැ බිම්පෙදෙසක වසයි. මගේ සිතට ප්‍රිය නොවේ.

තත්‍ථ කණ‍්හොති කාළවණ‍්ණො. භොජනන‍්ති රුක‍්ඛඵලභොජනං.

එහි කණ්හං කළු පැහැයයි. භොජනං යනු ගස් ගෙඩි සංඛ්‍යාත බොදුන්ය.

කණ‍්හො ඉසි සක‍්කස‍්ස වචනං සුත්‍වා “කො නු ඛො මයා සද‍්ධිං කථෙතී”ති දිබ‍්බචක‍්ඛුනා උපධාරෙන‍්තො “සක‍්කො”ති ඤත්‍වා අනිවත‍්තිත්‍වා අනොලොකෙත්‍වාව දුතියං ගාථමාහ –

කණ්හ තවුසා ශක්‍රයාගේ වචනය අසා කවරෙක් මා සමග කථා කරයිදැයි දිවැසින් සලකා බලනුයේ ශක්‍රයා යැයි දැන ආපිට හැරී නොබලාම දෙවන ගාථාව කීවේය.

“න කණ‍්හො තචසා හොති, අන‍්තොසාරො හි බ්‍රාහ‍්මණො; යස‍්මිං පාපානි කම‍්මානි, ස වෙ කණ‍්හො සුජම‍්පතී”ති.

2. ශක්‍රය, සමින් කළුවූවෙක් නොවේ. ඇතුලත සීලාදී සාරයෙන් යුක්ත වූයේ බ්‍රාහ්මණ වේ. යමෙකු කෙරෙහි පවිටු ක්‍රියාවෝ වෙත්ද ඔහු ඒකාන්තයෙන් කළු වූවෙක් වෙයි.

තත්‍ථ තචසාති තචෙන කණ‍්හො නාම න හොතීති අත්‍ථො. අන‍්තොසාරොති අබ‍්භන‍්තරෙ සීලසමාධිපඤ‍්ඤාවිමුත‍්තිවිමුත‍්තිඤාණදස‍්සනසාරෙහි සමන‍්නාගතො. එවරූපො හි බාහිතපාපත‍්තා බ්‍රාහ‍්මණො නාම හොති. ස වෙති යස‍්මිං පන පාපානි කම‍්මානි අත්‍ථි, සො යත්‍ථ කත්‍ථචි කුලෙ ජාතොපි යෙන කෙනචි සරීරවණ‍්ණෙන සමන‍්නාගතොපි කාළකොව.

එහි තචසා යනු සමින් කළුවූවෙක් නම් නොවේ යයි යන අර්ථයි. අන්තො සාරො යනු ඇතුළත සීල, සමාධි, ප්‍රඥා-විමුක්ති-විමුක්තිඥාන දර්ශන යන සාරයන්ගෙන් යුක්ත වූයේ. මෙබඳු වූ තැනැත්තා බහාලන ලද පව් ඇති බැවින් බ්‍රාහ්මණො බ්‍රාහ්මණ නම් වේ. සවෙ යනු යමෙකු කෙරෙහි පාපයෝ වෙත්නම් ඔහු යම්කිසි කුලයක උපන්නේද යම්කිසි සිරුරු පැහැයකින් යුක්ත වූයේද කළු වූයේමය.

එවඤ‍්ච පන වත්‍වා ඉමෙසං සත‍්තානං කණ‍්හභාවකරානි පාපකම‍්මානි එකවිධාදිභෙදෙහි විත්‍ථාරෙත්‍වා සබ‍්බානිපි තානි ගරහිත්‍වා සීලාදයො ගුණෙ පසංසිත්‍වා ආකාසෙ චන්‍දං උට‍්ඨාපෙන‍්තො විය සක‍්කස‍්ස ධම‍්මං දෙසෙසි. සක‍්කො තස‍්ස ධම‍්මකථං සුත්‍වා පමුදිතො සොමනස‍්සජාතො මහාසත‍්තං වරෙන නිමන‍්තෙන‍්තො තතියං ගාථමාහ –

මෙසේ කියා මේ සත්ත්‍වයන්ගේ කළු බව කරන පාප කර්මයන් එක් ආකාර ඇති ආදි භේදයන්ගෙන් විස්තරකොට ඒ සියල්ල ගර්හාවට ලක්කර සීලාදීන්ගේ ගුණයන් පසසා අහස්හි චන්‍ද්‍රයා නංවන්නාක් මෙන් ශක්‍රයාට ධර්ම දේශනා කළේය. ශක්‍රයා ඔහුගේ ධර්මකථාව අසා සතුටු වූයේ සොම්නස් වූසේ මහා සත්ත්‍වයන්ට වරයකින් ආරාධනය කරන ලද්දේ තෙවන ගාථාව කීය.

“එතස‍්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ; වරං බ්‍රාහ‍්මණ තෙ දම‍්මි, යං කිඤ‍්චි මනසිච‍්ඡසී”ති.

3. බ්‍රහ්මණය, මේ තොපගේ මනාව කියන ලද සුදුසු වූ මනා වූ ප්‍රකාශ නිමිත්තෙන් ඔබට කැමති වරයක් දෙමි.

තත්‍ථ එතස‍්මින‍්ති යං ඉදං තයා සබ‍්බඤ‍්ඤුබුද‍්ධෙන විය සුලපිතං, තස‍්මිං සුලපිතෙ තුම‍්හාකමෙව අනුච‍්ඡවිකත‍්තා පතිරූපෙ සුභාසිතෙ යං කිඤ‍්චි මනසා ඉච‍්ඡසි, සබ‍්බං තෙ යං වරං ඉච‍්ඡිතං පත්‍ථිතං, තං දම‍්මීති අත්‍ථො.

මෙහි එතස්මිං යනු යම් මේ දෙයක් ඔබ විසින් සර්වඥ බුදුවරයෙකු විසින් මෙන් මනාව කියන ලදද ඒ යහපත් ප්‍රකාශය නිමිත්තෙන් ඔබටම සුදුසු බැවින් පතිරූපෙ සුභාසිතෙ විය. යං කිඤ්චි යනු යමක් සිතින් කැමති වන්නෙහිද යම් වරයක් කැමති වන්නේද ප්‍රාර්ථනය කරන්නේද ඒ සියල්ල ඔබට දෙමි යන අර්ථයි.

තං සුත්‍වා මහාසත‍්තො චින‍්තෙසි “අයං කිං නු ඛො අත‍්තනො අවණ‍්ණෙ කථිතෙ කුජ‍්ඣිස‍්සති, නොති මං වීමංසන‍්තො මය‍්හං ඡවිවණ‍්ණඤ‍්ච භොජනඤ‍්ච වසනට‍්ඨානඤ‍්ච ගරහිත්‍වා ඉදානි මය‍්හං අකුද‍්ධභාවං ඤත්‍වා පසන‍්නචිත‍්තො වරං දෙති, මං ඛො පනෙස ‘සක‍්කිස‍්සරියබ්‍ර්‍හ‍්මිස‍්සරියානං අත්‍ථාය බ්‍රහ‍්මචරියං චරතී’තිපි මඤ‍්ඤෙය්‍ය, තත්‍රස‍්ස නික‍්කඞ‍්ඛභාවත්‍ථං මය‍්හං පරෙසු කොධො වා දොසො වා මා උප‍්පජ‍්ජතු, පරසම‍්පත‍්තියං ලොභො වා පරෙසු සිනෙහො වා මා උප‍්පජ‍්ජතු, මජ‍්ඣත‍්තොව භවෙය්‍යන‍්ති ඉමෙ මයා චත‍්තාරො වරෙ ගහෙතුං වට‍්ටතී”ති. සො තස‍්ස නික‍්කඞ‍්ඛභාවත්‍ථාය චත‍්තාරො වරෙ ගණ‍්හන‍්තො චතුත්‍ථං ගාථමාහ –

ඒ අසා මහා සත්ත්‍ව තෙමේ සිතුවේය. මෙතෙම, කිම තමාගේ නුගුණ කී කල්හි කිපෙන්නේ නැත්දැයි මා විමසන්නේ මගේ සමේ පැහැයද ආහාරයද වසන තැනද ගර්හාවට ලක්කර දැන් මගේ නොකිපෙන බව දැන පැහැදුන සිත් ඇත්තේ වරයක් දෙයි. මෙතෙම මා ශක්‍රයාගේ ඓශ්චර්යය හෝ බ්‍රහ්මයාගේ ඓශ්චර්ය සඳහා බඹසර හැසිරෙයි යනුවෙන්ද සිතන්නේ නම් එහිලා මොහුගේ නිසැක බව සඳහා මට අන්‍යයන් කෙරෙහි ක්‍රෝධයක් හෝ ද්වේෂයක් හෝ නො උපදීවා! අන් සතු සැපතෙහි ලෝභය හෝ අන්‍යයන් කෙරෙහි සෙනෙහසක් හෝ නොඋපදීවා! මධ්‍යස්ථ වන්නෙම් නම් යෙහෙකැයි මා විසින් මේ වර සතරක් ගන්නට වටී යයි. හෙතෙම ඔහුගේ නිසැක බව සඳහා වර සතරක් ගන්නේ සිව්වන ගාථාව කීවේය.

“වරඤ‍්චෙ මෙ අදො සක‍්ක, සබ‍්බභූතානමිස‍්සර; සුනික‍්කොධං සුනිද‍්දොසං, නිල‍්ලොභං වුත‍්තිමත‍්තනො; නිස‍්නෙහමභිකඞ‍්ඛාමි, එතෙ මෙ චතුරො වරෙ”ති.

4. සියළු සත්ත්‍වයන්ට ප්‍රධාන වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නේ නම් ක්‍රෝධ රහිත වූ ද්වේෂ රහිත වූ ලෝභ රහිත වූ සෙනෙහෙ රහිත වූ තමාටම පවතින්නා වූ වරයක් කැමති වෙමි. මොවුහු මගේ සිව්වැදෑරුම් වරයෝයි.

තත්‍ථ වරඤ‍්චෙ මෙ අදො සක‍්කාති සචෙ ත්‍වං මය‍්හං වරං අදාසි. සුනික‍්කොධන‍්ති අකුජ‍්ඣනවසෙන සුට‍්ඨු නික‍්කොධං. සුනිද‍්දොසන‍්ති අදුස‍්සනවසෙන සුට‍්ඨු නිද‍්දොසං. නිල‍්ලොභන‍්ති පරසම‍්පත‍්තීසු නිල‍්ලොභං. වුත‍්තිමත‍්තනොති එවරූපං අත‍්තනො වුත‍්තිං. නිස‍්නෙහන‍්ති පුත‍්තධීතාදීසු වා සවිඤ‍්ඤාණකෙසු ධනධඤ‍්ඤාදීසු වා අවිඤ‍්ඤාණකෙසු අත‍්තනො සන‍්තකෙසුපි නිස‍්නෙහං අපගතලොභං. අභිකඞ‍්ඛාමීති එවරූපං ඉමෙහි චතූහඞ‍්ගෙහි සමන‍්නාගතං අත‍්තනො වුත‍්තිං අභිකඞ‍්ඛාමි. එතෙ මෙ චතුරො වරෙති එතෙ නික‍්කොධාදිකෙ චතුරො මය‍්හං වරෙ දෙහීති.

එහි වරඤ්චෙව මෙ අදො යනු ඉදින් ඔබ මට වරයක් දෙන්නෙහි. සුනික්කොධං යනු නොකිපීම් වශයෙන් මනාව ක්‍රෝධ රහිත වූ. සුනිද්දොසං යනු ද්වේෂ නොකිරීම් වශයෙන් මනාව ද්වේෂ රහිත වූ. නිල්ලොභං යනු අන්‍යයන්ගේ සම්පත්තීන්හි මනාව ලෝභ රහිත වූ. වුත්ති මන්තනො යනු මෙබඳු වූ තමාගේ පැවැත්මයි. නිසෙනහං යනු පුත් දූ ආදී පණ ඇත්තවුන් කෙරෙහි හෝ ධන ධන්‍යාදී පණ නැති දේ කෙරෙහි හෝ තමා අයත් වූවන් කෙරෙහි නිසෙනහං ඉවත් වූ ලෝභ ඇති. අභිකඞ්ඛාමි යනු මේ සිව් කරුණින් යුක්ත වූ මෙවන් තමාගේ පැවැත්ම කැමැත්තෙමි. එතෙ මෙ චතුරො වරෙ යනු මේ ක්‍රෝධ රහිත වූ ආදීන් වන මගේ වර සතර දෙවයි කියයි.

කිං පනෙස න ජානාති “යථා න සක‍්කා සක‍්කස‍්ස සන‍්තිකෙ වරං ගහෙත්‍වා වරෙන කොධාදයො හනිතු”න‍්ති. නො න ජානාති, සක‍්කෙ ඛො පන වරං දෙන‍්තෙ න ගණ‍්හාමීති වචනං න යුත‍්තන‍්ති තස‍්ස ච නික‍්කඞ‍්ඛභාවත්‍ථාය ගණ‍්හි . තතො සක‍්කො චින‍්තෙසි “කණ‍්හපණ‍්ඩිතො වරං ගණ‍්හන‍්තො අතිවිය අනවජ‍්ජෙ වරෙ ගණ‍්හි, එතෙසු වරෙසු ගුණදොසං එතමෙව පුච‍්ඡිස‍්සාමී”ති. අථ නං පුච‍්ඡන‍්තො පඤ‍්චමං ගාථමාහ –

කිම මෙතෙම යම් සේ ශක්‍රයා සමිපයෙහි වරයක් ගෙන ඒ වරයෙන් මාගේ ක්‍රෝධාදිය හරනට නොහැක්කේ යයි නොදනීද? ශක්‍රයා වරයක් දෙන කල්හි නොගන්නෙමි යන වචනයද නුසුදුසු යයි නොම නොදන්නෙහිද. ඔහුගේ නිසැක භාවය සඳහාම ගත්තේය. අනතුරුව ශක්‍රයා සිතීය. කණ්හ පණ්ඩිතයා වරය ගන්නේ අතිශයින් නිවැරදිම වරයක් ගත්තේය. මේ වරයන්ගේ ගුණදොස් මොහුගෙන්ම විචාරන්නෙමියි. ඉක්බිති ඔහුව විමසන්නේ පස්වන ගාථාව කිවේය.

“කිංනු කොධෙ වා දොසෙ වා, ලොභෙ ස‍්නෙහෙ ච බ්‍රාහ‍්මණ; ආදීනවං ත්‍වං පස‍්සසි, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො”ති.

5. බ්‍රාහ්මණය, ක්‍රෝධයෙහිද ද්වෙිෂයෙහිද ලෝභයෙහි ද ස්නේහයෙහිද කෙබඳු ආදිීනව දක්නෙහිද? අසන්නා වු මට ඵය කියව.

තස‍්සත්‍ථො – බ්‍රාහ‍්මණ කිං නු ඛො ත්‍වං කොධෙ දොසෙ ලොභෙ ස‍්නෙහෙ ච ආදීනවං පස‍්සසි, තං තාව මෙ පුච‍්ඡිතො අක‍්ඛාහි, න හි මයං එත්‍ථ ආදීනවං ජානාමාති.

ඵහි අර්ථය නම් බ්‍රාහ්මණය, තොප ක්‍රෝධයෙහි හෝ ද්වේෂයෙහි හෝ ලෝභයෙහි හෝ සෙනෙහසෙහි හෝ කවර ආදීනවයක් දක්නෙහිද? පළමුකොට, අසන්නා වු මට ඵය කියව. අපි මෙහි ආදීනව නොදනිමු යනුයි.

අථ නං මහාසත‍්තො “තෙන හි සුණාහී”ති වත්‍වා චතස‍්සො ගාථා අභාසි –

ඉක්බිති මහාසත්ව තෙමේ ඔහුට (කියනුයේ) එසේනම් අසව යි කියා ගාථා සතරක් කිීවේය.

“අප‍්පො හුත්‍වා බහු හොති, වඩ‍්ඪතෙ සො අඛන‍්තිජො; ආසඞ‍්ගී බහුපායාසො, තස‍්මා කොධං න රොචයෙ.

6. ඉවසිීම නැති හෙයින් උපදින්නා වු ඒ ක්‍රෝධය ස්වල්ප වශයෙන් ඇතිවී බොහෝ වෙයි. වැඩෙයි. ආක්‍රෝශ කරවීම් වශයෙන් එහිම අලවයි. බොහෝ සිත් තැවුල් ඇති කරයි. එහෙයින් ක්‍රෝධය රුචි නොකරමි.

“දුට‍්ඨස‍්ස ඵරුසා වාචා, පරාමාසො අනන‍්තරා; තතො පාණි තතො දණ‍්ඩො, සත්‍ථස‍්ස පරමා ගති; දොසො කොධසමුට‍්ඨානො, තස‍්මා දොසං න රොචයෙ.

7. ද්වේෂ සහිත වුවහුගේ වචනය එරුෂ වෙයි. අනතුරුව අල්ලාගැනීම වේ. අනතුරුව අතින් පහරදෙයි. අනතුරුව දණ්ඩෙන් පහර දෙයි. ආයුධයෙන් පහරදීම අවසන් ස්වභාවය වේ. ද්වේෂය, ක්‍රෝධය උත්පත්තිකොට ඇත. එහෙයින් ද්වේෂය රුචි නොකරමි.

“ආලොපසාහසාකාරා, නිකතී වඤ‍්චනානි ච; දිස‍්සන‍්ති ලොභධම‍්මෙසු, තස‍්මා ලොභං න රොචයෙ.

8. ගම්පැහැරීම බලහත්කාරකම් කිරීම කපටිකම හා වංචාව යන මේවා ලෝභය ඇති කල්හි දක්නා ලැබෙත්. එහෙයින් ලෝභය රුචි නොකරමි.

“ස‍්නෙහසඞ‍්ගථිතා ගන්‍ථා, සෙන‍්ති මනොමයා පුථූ; තෙ භුසං උපතාපෙන‍්ති, තස‍්මා ස‍්නෙහං න රොචයෙ”ති.

9. බැදීම් සෙනෙහසින් ගැට ගැසුනාහු වෙති. බොහෝ සිතුවිලි (සෙනෙහසෙහි) වැදහොවිීයි. ඔවුහු බොහෝ සිත්තැවුල් ඇති කරත්. එනිසා ස්නේහය රුචි නොකරමි.

තත්‍ථ අඛන‍්තිජොති සො අනධිවාසකජාතිකස‍්ස අඛන‍්තිතො ජාතො කොධො පඨමං පරිත‍්තො හුත්‍වා පච‍්ඡා බහු හොති අපරාපරං වඩ‍්ඪති. තස‍්ස වඩ‍්ඪනභාවො ඛන‍්තිවාදීජාතකෙන (ජා· 1.4.49 ආදයො) චෙව චූළධම‍්මපාලජාතකෙන (ජා· 1.5.44 ආදයො) ච වණ‍්ණෙතබ‍්බො. අපිච තිස‍්සාමච‍්චස‍්සපෙත්‍ථ භරියං ආදිං කත්‍වා සබ‍්බං සපරිජනං මාරෙත්‍වා පච‍්ඡා අත‍්තනො මාරිතවත්‍ථු කථෙතබ‍්බං. ආසඞ‍්ගීති ආසඞ‍්ගකරණො. යස‍්ස උප‍්පජ‍්ජති, තං ආසත‍්තං ලග‍්ගිතං කරොති, තං වත්‍ථුං විස‍්සජ‍්ජෙත්‍වා ගන‍්තුං න දෙති, නිවත‍්තිත්‍වා අක‍්කොසනාදීනි කාරෙති. බහුපායාසොති බහුනා කායිකචෙතසිකදුක‍්ඛසඞ‍්ඛාතෙන උපායාසෙන කිලමථෙන සමන‍්නාගතො. කොධං නිස‍්සාය හි කොධවසෙන අරියාදීසු කතවීතික‍්කමා දිට‍්ඨධම‍්මෙ චෙව සම‍්පරායෙ ච වධබන්‍ධවිප‍්පටිසාරාදීනි චෙව පඤ‍්චවිධබන්‍ධනකම‍්මකරණාදීනි ච බහූනි දුක‍්ඛානි අනුභවන‍්තීති කොධො බහුපායාසො නාම. තස‍්මාති යස‍්මා එස එවං අනෙකාදීනවො, තස‍්මා කොධං න රොචෙමි.

එහි අඛන්තිජො යනු නොඉවසනසුළු අයෙකුට නොඉවසීමෙන් උපන් යම් ක්‍රෝධයක් වේද එය පළමුව කුඩා වී පසුව බොහෝ වෙයි. නැවත නැවතත් වැඩෙයි. ඒ ක්‍රෝධයේ වැඩෙන බව ක්‍ෂාන්තිවාද ජාතකයෙන්ද චුල්ලධම්මපාල ජාතකයෙන්ද, වර්ණනා කටයුතුය. තවද තිස්ස අමාත්‍යයාගේ මියගිය භාර්යාව ආදීකොට සියලු ස්වජනයාද පිරිවර ජනයාද මරා පසුව තමා මරන ලද පුවත කිවයුතුය. ආසඞ්ගී යනු ඇලීම් කිරීමයි. යමෙක ඇළුණු බවක් උපදීද එහි ලැගුණේ කරයි. ඒ වස්තුව අත්හැර යෑමට නොදෙයි. ආපසු හැරී බැනීම් ආදිය කරයි. බහුපායාසො යනු බොහෝ කායික චෛතසික දුක් නම් වූ සිත්තැවුලින් වෙහෙසින් යුක්ත වූයේ. ක්‍රෝධය නිසාවෙන් හෝ ක්‍රෝධ වශයෙන් ආර්ය ආදීන් කෙරෙහි කරන ලද ඉක්මවාලීම් ඇත්තෝ මෙලොවද පරලොවද වධබන්‍ධන විපිළසර වීම් ආදියද පස්වැදෑරුම් බැඳුම් කටයුතු ආදී බොහෝ දුක් අනුභව කරත් යයි ක්‍රෝධය බොහෝ උපද්‍රව ඇත්තෝ නම් වේ. තස්මා යනු යම් හෙයකින් මෙසේ බොහෝ ආදීනව ඇත්තේද එහෙයින් ක්‍රෝධය රුචි නොකරමි.

දුට‍්ඨස‍්සාති කුජ‍්ඣනලක‍්ඛණෙන කොධෙන කුජ‍්ඣිත්‍වා අපරභාගෙ දුස‍්සනලක‍්ඛණෙන දොසෙන දුට‍්ඨස‍්ස පඨමං තාව “අරෙ, දාස, පෙස‍්සා”ති ඵරුසවාචා නිච‍්ඡරති, වාචාය අනන‍්තරා ආකඩ‍්ඪනවිකඩ‍්ඪනවසෙන හත්‍ථපරාමාසො, තතො අනන‍්තරා උපක‍්කමනවසෙන පාණි පවත‍්තති, තතො දණ‍්ඩො, දණ‍්ඩප‍්පහාරෙ අතික‍්කමිත්‍වා පන එකතොධාරඋභතොධාරස‍්ස සත්‍ථස‍්ස පරමා ගති, සබ‍්බපරියන‍්තා සත්‍ථනිප‍්ඵත‍්ති හොති. යදා හි සත්‍ථෙන පරං ජීවිතා වොරොපෙත්‍වා පච‍්ඡා තෙනෙව සත්‍ථෙන අත‍්තානං ජීවිතා වොරොපෙති, තදා දොසො මත්‍ථකප‍්පත‍්තො හොති. දොසො කොධසමුට‍්ඨානොති යථා අනම‍්බිලං තක‍්කං වා කඤ‍්ජිකං වා පරිණාමවසෙන පරිවත‍්තිත්‍වා අම‍්බිලං හොති, තං එකජාතිකම‍්පි සමානං අම‍්බිලං අනම‍්බිලන‍්ති නානා වුච‍්චති, තථා පුබ‍්බකාලෙ කොධො පරිණමිත්‍වා අපරභාගෙ දොසො හොති. සො අකුසලමූලත‍්තෙන එකජාතිකොපි සමානො කොධො දොසොති නානා වුච‍්චති. යථා අනම‍්බිලතො අම‍්බිලං, එවං සොපි කොධතො සමුට‍්ඨාතීති කොධසමුට‍්ඨානො. තස‍්මාති යස‍්මා එවං අනෙකාදීනවො දොසො, තස‍්මා දොසම‍්පි න රොචෙමි.

දුට්ඨස්ස යනු කිපීම් ලක්‍ෂණ කොට ඇති ක්‍රෝධයෙන් කිපී. මෑත කාලයෙහි ද්වේෂ කිරීම් ලක්‍ෂණ කොට ඇති ද්වේෂයෙන් දුෂ්ට වූවහු පළමුකොට එම්බා දාසය, මෙහෙකරුව යයි පරුසාවාචා පරුස වචන කියයි. වචනයෙන් අනන්තරා ඇදීම් තල්ලුකිරිම් වශයෙන් අතින් අල්ලා ගැනීම් වෙයි. තතො අනතුරුව පහරදීම් වශයෙන් පාණි අත් හසුරුවයි. තතො දණ්ඩා දඬු පහර ඉක්මවා එක්පසෙකින් පහර දෙපසින්ම පහර දෙන්නහුට. සත්‍ථස්ස පරමාගති සියල්ල කෙළවර ආයුධ හෙළීම වේ. යම්කලෙක ආයුධයෙන් අනුන් ජීවිතය තොරකොට අරවා පසුව ඒ ආයුධයෙන්ම තමාගේ ජීවිතය අරවයි. එකල්හි ද්වේෂය මස්තකප්‍රාප්ත වූයේ වෙයි. දොසොකොධ සමුට්ඨානො යනු යම් සේ නොඇඹුල් මෝරු හෝ කැඳ හෝ දිරවීම් වශයෙන් වෙනස් වී ඇඹුල් වේද එකම ජාතියට අයත් වූයේම ඇඹුල් යයි හෝ ඇඹුල් නැතැයි හෝ කියයිද එසේම මුල් කාලයෙහි ක්‍රෝධය වෙනස්වී පසු කාලයෙහි ද්වේෂය වේ. එය අකුසල මූලයක් හෙයින් එක ජාතියක් වූයේම ක්‍රෝධය දෝසයයි වෙන් වෙන්ව කියයි. යම්සේ ඇඹුල් නොවූවකින් ඇඹුල් හටගනීද මෙසේ ඒ ද්වේෂයද ක්‍රෝධයෙන් හටගනීනුයි ක්‍රෝධ සමුට්ඨාන වේ. තස්මා යනු යම් හෙයකින් ද්වේෂය මෙසේ බොහෝ ආදීනව ඇත්තේද එහෙයින් ද්වේෂයද රුචි නොකරමි.

ආලොපසාහසාකාරාති දිවා දිවස‍්සෙව ගාමං පහරිත්‍වා විලුම‍්පනානි ච ආවුධං සරීරෙ ඨපෙත්‍වා “ඉදං නාම මෙ දෙහී”ති සාහසාකාරා ච. නිකතී වඤ‍්චනානි චාති පතිරූපකං දස‍්සෙත්‍වා පරස‍්ස හරණං නිකති නාම, සා අසුවණ‍්ණමෙව “සුවණ‍්ණ”න‍්ති කූටකහාපණං “කහාපණො”ති දත්‍වා පරසන‍්තකග‍්ගහණෙ දට‍්ඨබ‍්බා. පටිභානවසෙන පන උපායකුසලතාය පරසන‍්තකග‍්ගහණං වඤ‍්චනං නාම. තස‍්සෙවං පවත‍්ති දට‍්ඨබ‍්බා – එකො කිර උජුජාතිකො ගාමිකපුරිසො අරඤ‍්ඤතො සසකං ආනෙත්‍වා නදීතීරෙ ඨපෙත්‍වා න‍්හායිතුං ඔතරි. අථෙකො ධුත‍්තො තං සසකං සීසෙ කත්‍වා න‍්හායිතුං ඔතිණ‍්ණො. ඉතරො උත‍්තරිත්‍වා සසකං අපස‍්සන‍්තො ඉතො චිතො ච විලොකෙසි. තමෙනං ධුත‍්තො “කිං භො විලොකෙසී”ති වත්‍වා “ඉමස‍්මිං මෙ ඨානෙ සසකො ඨපිතො, තං න පස‍්සාමී”ති වුත‍්තෙ “අන්‍ධබාල, ත්‍වං න ජානාසි, සසකා නාම නදීතීරෙ ඨපිතා පලායන‍්ති, පස‍්ස අහං අත‍්තනො සසකං සීසෙ ඨපෙත්‍වාව න‍්හායාමී”ති ආහ. සො අප‍්පටිභානතාය “එවං භවිස‍්සතී”ති පක‍්කාමි. එකකහාපණෙන මිගපොතකං ගහෙත්‍වා පුන තං දත්‍වා ද‍්විකහාපණග‍්ඝනකස‍්ස මිගස‍්ස ගහිතවත්‍ථුපෙත්‍ථ කථෙතබ‍්බං. දිස‍්සන‍්ති ලොභධම‍්මෙසූති සක‍්ක, ඉමෙ ආලොපාදයො පාපධම‍්මා ලොභසභාවෙසු ලොභාභිභූතෙසු සත‍්තෙසු දිස‍්සන‍්ති. න හි අලුද‍්ධා එවරූපානි කම‍්මානි කරොන‍්ති. එවං ලොභො අනෙකාදීනවො, තස‍්මා ලොභම‍්පි න රොචෙමි.

ආලොපසහසාකාරා යනු රෑ දවල් දෙක්හිම ගමට පහරදී පැහැර ගැනීම්ද සිරුරෙහි ආයුධ තබා මෙනම් වූවක් මට දෙවයි සැහැසි කටයුතු කිරීමද. නික්ති වඤ්චනා යනු සුදුස්සක් දක්වා අනිකක් ගෙන යෑම ‘නිකති’ නම් වේ. එය රන් නොවූවක් රන් යයිද කහවනු නොවූවක් කහවනු යයිද දක්වා අන්සතු දේ ගැනීමෙහි දතයුතුය. වැටහීම් වශයෙන් උපායයෙහි දක්‍ෂ බැවින් අන්සතු දේ ගැනීම වංචාව නම් වේ. එයට මෙසේ තොරතුරු දතයුතුය. එක් අවංක ගම්වැසි පුරුෂයෙක් වනයෙන් සාවෙකු ගෙනවුත් ගංතෙර තබා නෑමට බැස්සේය. ඉක්බිති එක් ධූර්තයෙක් ඒ සාවා හිස තබා නෑමට බැස්සේ අනිකා ගොඩට විත් සාවා නොදක්නේ ඔබිනොබ බැලීය. ධූර්තයා ඔහුට කුමක් බලන්නෙහිදැයි කියා මෙතැන මවිසින් සාවෙකු තබන ලදි. ඌ නොදකිමි යයි කී කල්හි මෝඩය, තොප නොදන්නෙහිද? ගංතෙර තබන ලද සාවෝ පලා යත්. බලව, මම මගේ සාවා හිසෙහි තබාම නහමියි. හෙතෙම නොවැටහෙන බැවින් එසේ වන්නේය යි ගියේය. එක් කහවනුවකින් මුව පැටවෙකු ගෙන නැවත ඌ දී කහවනු දෙකක් වටිනා මුවා ගැනීමේ පුවතද මෙහිලා කිවයුතුය. දිස්සන්ති ලොභධම්මෙසු යනු ශක්‍රය, මේ ගම්පැහැරීම් ආදී වූ පාප ධර්මයෝ ලෝභය ස්වභාවකොට ඇත්තවුන් කෙරෙහි ලෝභයෙන් මැඩපැවැත්වූ සත්ත්‍වයන් කෙරෙහි දක්නා ලැබෙත්. ලෝභ නැත්තෝ මෙවැනි කටයුතු නොකරත්. ලෝභය මෙසේ බොහෝ ආදීනව ඇත්තෙකි. එහෙයින් ලෝභයද රුචි නොකරමි.

ස‍්නෙහසඞ‍්ගථිතා ගන්‍ථාති ආරම‍්මණෙසු අල‍්ලීයනලක‍්ඛණෙන ස‍්නෙහෙන සඞ‍්ගථිතා පුනප‍්පුනං උප‍්පාදවසෙන ඝටිතා සුත‍්තෙන පුප‍්ඵානි විය බද‍්ධා නානප‍්පකාරෙසු ආරම‍්මණෙසු පවත‍්තමානා අභිජ‍්ඣාකායගන්‍ථා. සෙන‍්ති මනොමයා පුථූති තෙ පුථූසු ආරම‍්මණෙසු උප‍්පන‍්නා සුවණ‍්ණාදීහි නිබ‍්බත‍්තානි සුවණ‍්ණාදිමයානි ආභරණාදීනි විය මනෙන නිබ‍්බත‍්තත‍්තා මනොමයා අභිජ‍්ඣාකායගන්‍ථා තෙසු ආරම‍්මණෙසු සෙන‍්ති අනුසෙන‍්ති. තෙ භුසං උපතාපෙන‍්තීති තෙ එවං අනුසයිතා බලවතාපං ජනෙන‍්තා භුසං උපතාපෙන‍්ති අතිකිලමෙන‍්ති. තෙසං පන භුසං උපතාපනෙ “සල‍්ලවිද‍්ධොව රුප‍්පතී”ති (සු· නි· 773) ගාථාය වත්‍ථු, “පියජාතිකා හි ගහපති, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා පියප‍්පභුතිකා” (ම· නි· 2.353), “පියතො ජායතී සොකො”තිආදීනි (ධ· ප· 212) සුත‍්තානි ච ආහරිතබ‍්බානි. අපිච මඞ‍්ගලබොධිසත‍්තස‍්ස දාරකෙ දත්‍වා බලවසොකෙන හදයං ඵලි, වෙස‍්සන‍්තරබොධිසත‍්තස‍්ස මහන‍්තං දොමනස‍්සං උදපාදි. එවං පූරිතපාරමීනං මහාසත‍්තානං පෙමං උපතාපං කරොතියෙව. අයං ස‍්නෙහෙ ආදීනවො, තස‍්මා ස‍්නෙහම‍්පි න රොචෙමීති.

සෙනහ සංග ථිතාගන්‍ථා යනු අරමුණු කෙරෙහි ඇලීම ලක්‍ෂණ කොට ඇති ස්නේහයෙන් ගැටගැසුනේ නැවත නැවත ඉපදීම් වශයෙන් ගැලපුනෝ නූලකින් මල් මෙන් බැඳුනාහු. නන් වැදෑරුම් අරමුණු කෙරෙහි පවත්නා වූ දැඩි ලෝභය නම් වූ කාය ග්‍රන්ථයෝය. සෙන්ති මනොමයා පුථ යනු ඒ අරමුණුවල හොවිත් අනුව හොවිත්. තෙ භුසං උපතාපෙන්ති යනු ඔවුහු බොහෝකොට හොවුනාහු බලවත් ලෙස තැවුලි උපදවන්නාහු බොහෝකොට තැවුලි උපදවත්. අතිශයින් පීඩාවට පත්කරත්. ඔවුන් විසින් බොහෝකොට තැවීමෙහි “සල්ල විදෙධා ව රුප්පති” යන ගාථාවෙහි කථා පුවතයි. “ගෘහපතිය, සෝකය, වැළපීමය. දුකය දෝමනස්සය. දැඩිව අල්ලා ගැනීමය යන මේවා ප්‍රිය දේ උප්පත්ති කර ඇත්තෝය. ප්‍රිය බැවින්ම හටගනිත්. “පියතො ජායතො-පෙමතො ජායතො සොකො” යන සූත්‍රයන්ද ගෙනහැර පෑ යුතුය. තවද මංගල බෝසතුන්ට දරුවන් දන් දී බලවත් ශෝකයෙන් හදවත පැලුනේය. වෙස්සරන්තර බෝසතුන්ට මහත්වූ දොම්නස උපනි. මෙසේ පුරන ලද පාරමිතා ඇති මහා සත්ත්‍වයන්ටද මොවුහු තැවුලි ඇති කරත්මය. මේ ස්නේහයෙහි ආදීනවයයි. එහෙයින් ස්නේහයද රුචි නොකරමි.

සක‍්කො පඤ‍්හවිස‍්සජ‍්ජනං සුත්‍වා “කණ‍්හපණ‍්ඩිත තයා ඉමෙ පඤ‍්හා බුද‍්ධලීළාය සාධුකං කථිතා, අතිවිය තුට‍්ඨොස‍්මි තෙ, අපරම‍්පි වරං ගණ‍්හාහී”ති වත්‍වා දසමං ගාථමාහ –

ශක්‍රයා ප්‍රශ්න විසදීම අසා කණ්හ පණ්ඩිතය, ඔබ විසින් මේ ප්‍රශ්නය බුදුවරයෙකු මෙන් මනාව කියන ලදි. අතිශයින් සතුටුවූයේ වෙමි. තොප වෙනත් වූද වරයක් ගනුවයි කියා දසවන ගාථාව කීවේය.

“එතස‍්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ; වරං බ්‍රාහ‍්මණ තෙ දම‍්මි, යං කිඤ‍්චි මනසිච‍්ඡසී”ති.

10. බ්‍රාහ්මණය, මේ තොප විසින්, මනාව කියන ලද, සුදුසු වූ මනාවූ ප්‍රකාශ නිමිත්තෙන් ඔබට කැමති වරයක් දෙමියි.

තතො බොධිසත‍්තො අනන‍්තරගාථමාහ –

අනතුරුව බෝධිසත්ත්‍ව තෙමේ සමීප වූම ගාථාවක් කීවේය.

“වරඤ‍්චෙ මෙ අදො සක‍්ක, සබ‍්බභූතානමිස‍්සර; අරඤ‍්ඤෙ මෙ විහරතො, නිච‍්චං එකවිහාරිනො; ආබාධා මා උප‍්පජ‍්ජෙය්‍යුං, අන‍්තරායකරා භුසා”ති.

11. සියළු සත්ත්‍වයන්ට ප්‍රධාට වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නේ නම් වනයෙහි වසන්නා වූ නිතර හුදකලා වූ මට අන්තරායකර වූ බොහෝ ආබාධයෝ නොඋපදවන්නාහුය යි. (එවැනි වරයක් දෙවයි)

තත්‍ථ අන‍්තරායකරා භුසාති ඉමස‍්ස මෙ තපොකම‍්මස‍්ස අන‍්තරායකරා.

එහි අන්තරායකරා භුසා යනු මගේ මේ තවුස් දහමට අනතුරු කරන්නෝ.

තං සුත්‍වා සක‍්කො “කණ‍්හපණ‍්ඩිතො වරං ගණ‍්හන‍්තො න ආමිසසන‍්නිස‍්සිතං ගණ‍්හාති, තපොකම‍්මනිස‍්සිතමෙව ගණ‍්හාතී”ති චින‍්තෙත්‍වා භිය්‍යොසොමත‍්තාය පසන‍්නො අපරම‍්පි වරං දදමානො ඉතරං ගාථමාහ –

ඒ අසා කණ්හ පණ්ඩිතයා වරය ගන්නේ ආමිසය ඇසුරු කළ වරයක් නොගන්නේය. තවුස් බව ඇසුරුකළ එකක්ම ගන්නේ යයි සිතා බොහෝ සොම්නසට පත්වූයේ පැහැදුනේ වෙනත් වරයක්ද දෙන්නේ අන්‍ය වූ ගාථාව කීය.

“එතස‍්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ; වරං බ්‍රාහ‍්මණ තෙ දම‍්මි, යං කිඤ‍්චි මනසිච‍්ඡසී”ති.

12. බ්‍රාහ්මණය, මේ තොප විසින් මනාව කියන ලද සුදුසු වූ මනා වූ ප්‍රකාශ නිමිත්තෙන් ඔබට කැමති වරයක් දෙමි.

බොධිසත‍්තොපි වරග‍්ගහණාපදෙසෙන තස‍්ස ධම‍්මං දෙසෙන‍්තො ඔසානගාථමාහ –

බෝසත් තෙමේ වරගැනීමේ ව්‍යාජයෙන් ධර්මය දේශනා කරන්නේ අවසාන ගාථාව කීය.

“වරඤ‍්චෙ මෙ අදො සක‍්ක, සබ‍්බභූතානමිස‍්සර; න මනො වා සරීරං වා, මං-කතෙ සක‍්ක කස‍්සචි; කදාචි උපහඤ‍්ඤෙථ, එතං සක‍්ක වරං වරෙ”ති.

13. සියලු සත්ත්‍වයන්ට ප්‍රධාන වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නේ නම් ශක්‍රය, මා නිසා කිසිවෙකුගේ සිත හෝ කය හෝ කිසිදිනෙක නොවෙහෙසේද ශක්‍රය, එවැනි වරයක් දෙව.

තත්‍ථ මනො වාති මනොද‍්වාරං වා. සරීරං වාති කායද‍්වාරං වා, වචීද‍්වාරම‍්පි එතෙසං ගහණෙන ගහිතමෙවාති වෙදිතබ‍්බං. මං-කතෙති මම කාරණා. උපහඤ‍්ඤෙථාති උපඝාතං ආපජ‍්ජෙය්‍ය අපරිසුද‍්ධං අස‍්ස. ඉදං වුත‍්තං හොති – සක‍්ක දෙවරාජ, මම කාරණා මං නිස‍්සාය මම අනත්‍ථකාමතාය කස‍්සචි සත‍්තස‍්ස කිස‍්මිඤ‍්චි කාලෙ ඉදං තිවිධම‍්පි කම‍්මද‍්වාරං න උපහඤ‍්ඤෙථ, පාණාතිපාතාදීහි දසහි අකුසලකම‍්මපථෙහි විමුත‍්තං පරිසුද‍්ධමෙව භවෙය්‍යාති.

එහි මනො වා යනු සිත හෝ. සරීරං වා යනු කය හෝ වචනයද මොවුන් ගැනීමෙන් ගන්නා ලද්දේම වේ යයි දතයුතුයි. මං කතෙ යනු මා කරණකොට යනුයි. උපහඤ්ඤෙථ යනු වෙහෙසකට පැමිණෙන්නේය. අපිරිසිදු වන්නේ ය යන්න සඳහා මෙසේ කීවේ වෙයි. ශක්‍ර දෙව්රජුනි, මා කරුණුකොට මා නිසා මට අනර්ථයක් කරනු කැමතිව කිසියම් සත්ත්‍වයෙකුගේ කිසියම් කාලයක මේ තෙවැදෑරුම් දොරටු නො වෙහෙසව්. පරපණ නැසීම ආදී වූ දස අකුසල කර්මපථයන්ගෙන් මිදිනහු පිරිසිදු වූවෙකුම වන්නේය යි.

ඉති මහාසත‍්තො ඡසුපි ඨානෙසු වරං ගණ‍්හන‍්තො නෙක‍්ඛම‍්මනිස‍්සිතමෙව ගණ‍්හි, ජානාති චෙස “සරීරං නාම බ්‍යාධිධම‍්මං, න තං සක‍්කා සක‍්කෙන අබ්‍යාධිධම‍්මං කාතු”න‍්ති. සත‍්තානඤ‍්හි තීසු ද‍්වාරෙසු පරිසුද‍්ධභාවො අසක‍්කායත‍්තොව, එවං සන‍්තෙපි තස‍්ස ධම‍්මදෙසනත්‍ථං ඉමෙ වරෙ ගණ‍්හි. සක‍්කොපි තං රුක‍්ඛං ධුවඵලං කත්‍වා මහාසත‍්තං වන්‍දිත්‍වා සිරසි අඤ‍්ජලිං පතිට‍්ඨපෙත්‍වා “අරොගා ඉධෙව වසථා”ති වත්‍වා සකට‍්ඨානමෙව ගතො. බොධිසත‍්තොපි අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකූපගො අහොසි.

මෙසේ මහා සත්ත්‍ව තෙමේ අවස්ථා සයකදී වරය ගන්නේ නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළා වූම වර ගත්තේය. ශරීරය වූ කලී රෝග ස්වභාව කොට ඇත්තේය. රෝග ස්වභාවකොට නැත්තක් කරන්නට ශක්‍රයා විසින්ද නොහැකියයි මෙතෙම දනී. සත්ත්‍වයන්ගේ තුන්දොරහි පිරිසිදු බව ශක්‍රයා අයත් නොවූවේමය. මෙසේ ඇති කල්හි ඔහුට ධර්මදේශනා කිරීම සඳහා මේ වරයන් ගත්තේය. ශක්‍රයාද ඒ ගස සැමදා ගෙඩි ඇත්තක් කර මහසතුන් හිසෙහි ඇඳිළි කොට වැඳ නිරෝගීව මෙහිම වසවයි කියා සිය වාසස්ථානයටම ගියේය. බෝධිසත්වයෝ නොපිරිහුන ධ්‍යාන ඇත්තේ බඹලොව පිහිටකොට ඇත්තෝ වූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “ආනන්‍ද, පුබ‍්බෙ මයා නිවුත්‍ථභූමිප‍්පදෙසො චෙසො”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සක‍්කො අනුරුද‍්ධො අහොසි, කණ‍්හපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ආනන්‍දය, මේ පෙර වාසය කරන ලද ස්ථානයයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි ශක්‍රයා අනුරුද්ධ තෙර වීය. කණ්හ පණ්ඩිතයා මම ම වීමි යයි වදාළහ.

කණ‍්හජාතකවණ‍්ණනා දුතියා.