1. චතුද්වාරජාතකවණ්ණනා 439 අට්ඨකථා
1. චතුද්වාරජාතකවණ්ණනා (439)
1. චතුද්වාර ජාතකය (439)
චතුද්වාරමිදං නගරන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං දුබ්බචභික්ඛුං ආරබ්භ කථෙසි. පච්චුප්පන්නවත්ථු නවකනිපාතස්ස පඨමජාතකෙ විත්ථාරිතමෙව. ඉධ පන සත්ථා තං භික්ඛුං “සච්චං කිර ත්වං භික්ඛු දුබ්බචො”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “පුබ්බෙපි ත්වං භික්ඛු දුබ්බචතාය පණ්ඩිතානං වචනං අකත්වා ඛුරචක්කං ආපාදෙසී”ති වත්වා අතීතං ආහරි.
චතුද්වාර මිදං නගරං යනු මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසය කරන සේක් එක් දුර්වච භික්ෂුවක් අරභයා දේශනා කළ සේක. වර්තමාන කථාව නවවන නිපාතයේ පළමු ජාතකයෙහි විස්තර කරන ලද්දේමය. මෙහිදී ශාස්තෘන් වහන්සේ ඒ භික්ෂුවට “තොප දූර්වච වෙහි යනු සත්‍යදැ” යි විචාරා ස්වාමීනි, සත්‍යයයි කි කල්හි භික්ෂුව, තෝ පෙරද නපුරු වචන ඇති හෙයින් පණ්ඩිතයන්ගේ වචනය නොකොට උරචක්රයක් (පපුව මත තැබූ විට කැරකැවෙමින් කැපෙන ආයුධයක්) ලද්දේ යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ කස්සපදසබලස්ස කාලෙ බාරාණසියං අසීතිකොටිවිභවස්ස සෙට්ඨිනො එකො පුත්තො මිත්තවින්දකො නාම අහොසි. තස්ස මාතාපිතරො සොතාපන්නා අහෙසුං, සො පන දුස්සීලො අස්සද්ධො. අථ නං අපරභාගෙ පිතරි කාලකතෙ මාතා කුටුම්බං විචාරෙන්තී ආහ – “තාත, තයා දුල්ලභං මනුස්සත්තං ලද්ධං, දානං දෙහි, සීලං රක්ඛාහි, උපොසථකම්මං කරොහි, ධම්මං සුණාහී”ති. අම්ම, න මය්හං දානාදීහි අත්ථො, මා මං කිඤ්චි අවචුත්ථ, අහං යථාකම්මං ගමිස්සාමීති. එවං වදන්තම්පි නං එකදිවසං පුණ්ණමුපොසථදිවසෙ මාතා ආහ – “තාත, අජ්ජ අභිලක්ඛිතො මහාඋපොසථදිවසො, අජ්ජ උපොසථං සමාදියිත්වා විහාරං ගන්ත්වා සබ්බරත්තිං ධම්මං සුත්වා එහි, අහං තෙ සහස්සං දස්සාමී”ති. සො “සාධූ”ති ධනලොභෙන උපොසථං සමාදියිත්වා භුත්තපාතරාසො විහාරං ගන්ත්වා දිවසං වීතිනාමෙත්වා රත්තිං යථා එකම්පි ධම්මපදං කණ්ණං න පහරති, තථා එකස්මිං පදෙසෙ නිපජ්ජිත්වා නිද්දං ඔක්කමිත්වා පුනදිවසෙ පාතොව මුඛං ධොවිත්වා ගෙහං ගන්ත්වා නිසීදි.
අතීතයෙහි කස්සප බුදුරදුන්ගේ කාලයෙහි බරණැස් නුවර අසූකෙළක් ධනය ඇති සිටුවරයෙකුගේ මත්තවින්දක නම් පුතෙක් විය. ඔහුගේ මව්පියෝ සෝවාන් වූවාහු වෙති. ඔහු වනාහි දුස්සීලය. ශ්‍රද්ධාව නැත්තෙකි. ඉක්බිති මෑත කාලයෙහි පියා කළුරිය කළ කල්හි මව ඔහුට පවුලක් (පිළිබඳ) විචාරන්නී කීය. දරුව, ඔබ විසින් දුලබ වූ මිනිසත් බව ලබන ලදි. දන් දෙව - සිල් රකුව. උපෝසථ කර්මය කරව. ධර්මය අසවයි. මෑණියනි, මට දානාදීන්ගෙන් වැඩක් නැත. මට කිසිවක් නොකියව. මම කම් වූ පරිදෙන් මිය පරලොව යන්නෙමි යි මෙසේ කියන්නා වූ ඔහුට එක් පුන් පසළොස්වක පොහෝ දිනක මව කීවාය. දරුව, අද සොඳුරු මහපොහොය දිනයකි. අද පෙහෙවස් සමාදන් වී විහාරයට ගොස් මුළු රෑ බණ අසා එව. මම තොපට දහසක් දෙමි යනුවෙනි. හෙතෙම මැනවයි මුදල් ආශාවෙන් පෙහෙවස් සමාදන් වී අනුභව කරන ලද උදේ ආහාරය ඇත්තේ විහාරයට ගොස් දවස ගෙවා රාත්‍රියෙහි යම් සේ එක් බණ පදයකුදු කණට නොඇසේද එවැනි එක් පෙදෙසක නින්දට වැටී දෙවන දවස්හි උදෑසනම මුහුණ සෝදා ගෙට ගොස් හුන්නේය.
මාතා පනස්ස “අජ්ජ මෙ පුත්තො ධම්මං සුත්වා පාතොව ධම්මකථිකත්ථෙරං ආදාය ආගමිස්සතී”ති යාගුං ඛාදනීයං භොජනීයං පටියාදෙත්වා ආසනං පඤ්ඤපෙත්වා තස්සාගමනං පටිමානෙන්තී තං එකකං ආගතං දිස්වා “තාත, ධම්මකථිකො කෙන න ආනීතො”ති වත්වා “න මය්හං ධම්මකථිකෙන අත්ථො”ති වුත්තෙ “තෙන හි යාගුං පිවා”ති ආහ. සො “තුම්හෙහි මය්හං සහස්සං පටිස්සුතං, තං තාව මෙ දෙථ, පච්ඡා පිවිස්සාමී”ති ආහ. “පිව, තාත, පච්ඡා දස්සාමී”ති. “ගහෙත්වාව පිවිස්සාමී”ති. අථස්ස මාතා සහස්සභණ්ඩිකං පුරතො ඨපෙසි. සො යාගුං පිවිත්වා සහස්සභණ්ඩිකං ගහෙත්වා වොහාරං කරොන්තො න චිරස්සෙව වීසසතසහස්සං උප්පාදෙසි. අථස්ස එතදහොසි – “නාවං උපට්ඨපෙත්වා වොහාරං කරිස්සාමී”ති. සො නාවං උපට්ඨපෙත්වා “අම්ම, අහං නාවාය වොහාරං කරිස්සාමී”ති ආහ. අථ නං මාතා “ත්වං තාත, එකපුත්තකො, ඉමස්මිං ඝරෙ ධනම්පි බහු, සමුද්දො අනෙකාදීනවො, මා ගමී”ති නිවාරෙසි. සො “අහං ගමිස්සාමෙව, න සක්කා මං නිවාරෙතු”න්ති වත්වා “අහං තං, තාත, වාරෙස්සාමී”ති මාතරා හත්ථෙ ගහිතො හත්ථං විස්සජ්ජාපෙත්වා මාතරං පහරිත්වා පාතෙත්වා අන්තරං කත්වා ගන්ත්වා නාවාය සමුද්දං පක්ඛන්දි.
මොහුගේ මව වනාහි අද මගේ පුතා බණ අසා උදෑසනම ධර්මදේශනා කළ තෙරුන් කැඳවාගෙන එන්නේය යයි කැඳ හා කෑ යුතු දේ, බුදිය යුතු දේ සූදානම් කර ආසනයක් පනවා ඔහුගේ පැමිණීම අපේක්ෂා කරන්නී ඔහු හුදකලාව පැමිණෙනු දැක දරුව, ධර්මදේශක භික්ෂුව ඔබ විසින් කැඳවාගෙන නොඑන ලද්දේ දැයි කියා “මට ධර්ම කථිකයෙකුගෙන් වැඩක් නැතැ”යි කී කල්හි එසේනම් කැඳ බොවයි කීය. හෙතෙම (කියනුයේ) තොප විසින් මා හට දහසක් (දෙමැයි) පොරොන්දු විය. පළමුකොට එය මට දෙව. පසුව බොමියි කීය. දරුව බොව. පසුව ගන්නෙහි යයි. ගෙනම බොන්නෙමියි. ඉක්බිති ඔහුගේ මව සහසක පොදිය ඉදිරියෙන් තැබීය. හෙතෙම කැඳ බී දහසින් බැඳි පොදිය ගෙන වෙළදාම් කරන්නේ නොබෝ කලකින්ම විසිලක්ෂයක් උපදවීය. ඉක්බිති ඔහුට මෙසේ සිත් වීය. නැවක් ගෙන වෙළදාම් කරන්නෙමියි. හෙතෙම නැවක් ගෙන මෑණියෙනි, මම නැවෙන් වෙළදාම් කරන්නෙමි යි කීය. ඉක්බිති ඔහුට මව (කියනුයේ) දරුව තෝ එකම පුතුය. මේ ගෙයි ධනය බොහෝය. මුහුද බොහෝ ආදීනව ඇත්තීය. නොයවයි වලක්වාලීය. හෙතෙම මම යන්නේම වෙමි. මා වළක්වාලන්ට නොහැකියයි කියා දරුව, මම වළක්වන්නෙමියි මව විසින් අත්හි ගන්නා ලද්දේ අත මුදවා මුවට පහරදී හෙලා අතරට කර ගොස් නැවෙන් මුහුදට ගියේය.
නාවා සත්තමෙ දිවසෙ මිත්තවින්දකං නිස්සාය සමුද්දපිට්ඨෙ නිච්චලා අට්ඨාසි. කාළකණ්ණිසලාකා කරියමානා මිත්තවින්දකස්සෙව හත්ථෙ තික්ඛත්තුං පති. අථස්ස උළුම්පං දත්වා “ඉමං එකං නිස්සාය බහූ මා නස්සන්තූ”ති තං සමුද්දපිට්ඨෙ ඛිපිංසු. තාවදෙව නාවා ජවෙන මහාසමුද්දං පක්ඛන්දි. සොපි උළුම්පෙ නිපජ්ජිත්වා එකං දීපකං පාපුණි. තත්ථ ඵලිකවිමානෙ චතස්සො වෙමානිකපෙතියො අද්දස. තා සත්තාහං දුක්ඛං අනුභවන්ති, සත්තාහං සුඛං . සො තාහි සද්ධිං සත්තාහං දිබ්බසම්පත්තිං අනුභවි. අථ නං තා දුක්ඛානුභවනත්ථාය ගච්ඡමානා “සාමි, මයං සත්තමෙ දිවසෙ ආගමිස්සාම, යාව මයං ආගච්ඡාම, තාව අනුක්කණ්ඨමානො ඉධෙව වසා”ති වත්වා අගමංසු. සො තණ්හාවසිකො හුත්වා තස්මිංයෙව ඵලකෙ නිපජ්ජිත්වා පුන සමුද්දපිට්ඨෙන ගච්ඡන්තො අපරං දීපකං පත්වා තත්ථ රජතවිමානෙ අට්ඨ වෙමානිකපෙතියො දිස්වා එතෙනෙව උපායෙන අපරස්මිං දීපකෙ මණිවිමානෙ සොළස, අපරස්මිං දීපකෙ කනකවිමානෙ ද්වත්තිංස වෙමානිකපෙතියො දිස්වා තාහි සද්ධිං දිබ්බසම්පත්තිං අනුභවිත්වා තාසම්පි දුක්ඛං අනුභවිතුං ගතකාලෙ පුන සමුද්දපිට්ඨෙන ගච්ඡන්තො එකං පාකාරපරික්ඛිත්තං චතුද්වාරං නගරං අද්දස. උස්සදනිරයො කිරෙස, බහූනං නෙරයිකසත්තානං කම්මකරණානුභවනට්ඨානං මිත්තවින්දකස්ස අලඞ්කතපටියත්තනගරං විය හුත්වා උපට්ඨාසි.
නැව සත්වන දවස්හි මිත්තවින්දක ඇසුරුකොට මුහුද ම නිසලව සිටියේය. කාලකණ්ණියා කවරෙක්දැයි විමසන සීට්ටුව මිත්ත වින්දකයාගේම අතෙහි තෙවරක් වැටුණේය. ඉක්බිති ඔහුට පහුරක් දී මේ එකෙකු නිසා බොහොමයක් විනාස නොකෙරෙත්වායි ඔහු මුහුදෙහි දැමුවේය. එකෙනෙහිම නැව වේගයෙන් මුහුදට ගියේය. ඔහු පහුරෙහි වැතිර එක් දිවයිනකට පැමිණියේය. එහි පළිඟු විමනයෙහි ප්රේතීන් සතර දෙනෙකු දුටුවේය. ඈලා සත් දවසක් දුක් අනුභව කරත්. සත් දවසක් සැප අනුභව කරත්. හෙතෙම ඈලා සමග සත්දිනයක් දිව්‍ය සම්පත් අනුභව කළේය. ඉක්බිති ඔහුට දුක් අනුභව කිරීම සඳහා යන්නා වූ ඈලා ස්වාමීනි, අපි සත්වන දිනයෙහි පැමිණෙන්නෙමු. යම්තාක් අපි පැමිණෙමුද ඒ තාක් උකටලී නොවන්නේ මෙහිම වසවයි කියා ගියාහුය. හෙතෙම තෘෂ්ණාවෙහි වසඟ වූවෙක් වී ඒ ලෑල්ලෙහිම වැතිර නැවත මුහුද මතින් යන්නේ වෙනත් දිවයිනකට පැමිණ එහි රිදී විමානයක ප්‍රේතියන් අටදෙනෙකු දැක, මේ ක්‍රමයෙන්ම වෙනත් දිවයිනක මැණික් විමානයක සොළොස් දෙනෙක්දැයි. වෙනත් රන් විමානයක දෙතිසක් ප්‍රේතියන් දැක ඈලා සමග දිව්‍ය සම්පත් අනුභව කර ඈලාද දුක් අනුභව කරන්නට ගියකල්හි නැවත මුහුද මතින් යන්නේ පවුරින් වටකරන ලද දොරටු සතරක් ඇති එක් නගරයක් දුටුවේය. එය උස්සද නිරයයි. බොහෝ නිරි සතුන්ට තමා කළ කර්මයන් අනුභව කරන තැන වූ එය මිත්ත වින්දකයාට අලංකාර කර සරසන ලද නගරයක් මෙන් වැටහී ගියේය.
සො “ඉමං නගරං පවිසිත්වා රාජා භවිස්සාමී”ති චින්තෙත්වා ඛුරචක්කං උක්ඛිපිත්වා සීසෙ පච්චමානං නෙරයිකසත්තං අද්දස. අථස්ස තං තස්ස සීසෙ ඛුරචක්කං පදුමං විය හුත්වා උපට්ඨාසි. උරෙ පඤ්චඞ්ගිකබන්ධනං උරච්ඡදපසාධනං හුත්වා සීසතො ගලන්තං ලොහිතං ලොහිතචන්දනවිලෙපනං විය හුත්වා පරිදෙවනසද්දො මධුරසරො ගීතසද්දො විය හුත්වා උපට්ඨාසි. සො තස්ස සන්තිකං ගන්ත්වා “භො පුරිස, චිරං තයා පදුමං ධාරිතං, දෙහි මෙ එත”න්ති ආහ. “සම්ම, නයිදං පදුමං, ඛුරචක්කං එත”න්ති. “ත්වං මය්හං අදාතුකාමතාය එවං වදසී”ති. නෙරයිකසත්තො චින්තෙසි “මය්හං කම්මං ඛීණං භවිස්සති, ඉමිනාපි මයා විය මාතරං පහරිත්වා ආගතෙන භවිතබ්බං, දස්සාමිස්ස ඛුරචක්ක”න්ති. අථ නං “එහි භො, ගණ්හ ඉම”න්ති වත්වා ඛුරචක්කං තස්ස සීසෙ ඛිපි, තං තස්ස මත්ථකං පිසමානං භස්සි. තස්මිං ඛණෙ මිත්තවින්දකො තස්ස ඛුරචක්කභාවං ඤත්වා “තව ඛුරචක්කං ගණ්හ, තව ඛුරචක්කං ගණ්හා”ති වෙදනාප්පත්තො පරිදෙවි, ඉතරො අන්තරධායි. තදා බොධිසත්තො රුක්ඛදෙවතා හුත්වා මහන්තෙන පරිවාරෙන උස්සදචාරිකං චරමානො තං ඨානං පාපුණි. මිත්තවින්දකො තං ඔලොකෙත්වා “සාමි දෙවරාජ, ඉදං මං චක්කං සණ්හකරණියං විය තිලානි පිසමානං ඔතරති, කිං නු ඛො මයා පාපං පකත”න්ති පුච්ඡන්තො ද්වෙ ගාථා අභාසි –
හෙතෙම මේ නගරයට පිවිස රජ වන්නෙමියි සිතා පිවිස දැළිපිහිය, මුවහත මෙන් මුවහත ඇති චක්‍රයක් ඔසවා හිසෙහි පැසෙන්නා වූ නිරිසතෙකු දිටීය. ඉක්බිති ඔහුට ඔහුගේ හිසෙහි වූ ඒ ඛුරචක්‍රය පියුමක් මෙන් වී වැටහී ගියේය. ළෙහි පස්වැදෑරුම් බැම්ම පපුව වසන පළඳනාවක් මෙන් වීද හිස පටන් ගලන්නා වූ රුධිරය රන්වන් සඳුන් ආලේපයක් මෙන් වීද වැලපෙන ශබ්දය ගීත නාදයක් මෙන්ද වැටහී ගියේය. හෙතෙම ඔහු සමීපයට ගොස් එම්බා පුරුෂය, ඔබ විසින් කලෙක සිට පියුම දරන ලදි. එය මට දෙවයි කීය. යහළුව, මේ පියුමක් නොවේ. මෙය උරචක්රයකි යි. ඔබ මට නොදෙනු කැමැත්තෙන් මෙසේ කියහි යි. නිරි සත්වයා මෙසේ සිතීය. මගේ කර්මය ක්ෂය වන්නේය. මොහු විසින්ද මා මෙන් මවට පහරදී ආවෙකු විය යුතුය. මොහුට ඛුර චක්‍රය දෙමියි යනුයි. ඉක්බිති ඔහු (කියනුයේ) පින්වත, එව. මේ පියුම ගනුවයි කියා ඛුර චක්‍රය ඔහුගේ හිසෙහි හෙළීය. එය ඔහුගේ හිස සුණු කරනුයේ පහලට බැස්සේය. එකෙණෙහි මිත්රවින්දකයා එය ඛුරචක්‍රයක් බව දැන ඹබගේ ඛුර චක්‍රය ගනුව. ඔබගේ ඛුරචක්‍රය ගනුවයි වේදනාවන්නේ හැඬීය. අනිකා අතුරුදහන් විය. එකල්හි බෝධිසත්වයන් වහන්සේ මහත් වූ පිරිවර සමග මුහුදු චාරිකාවෙහි හැසිරෙනුයේ එතැනට පැමිණියේය. මිත්‍ර වින්දකයා ඒ බලා ස්වාමීනි, දෙව්රදුනි, මේ චක්‍රය තල අඹරනු ලබන ඇඹරුම්ගලක් මෙන් පෙළයි. මවිසින් කවර පවක් කරන ලදදැයි විමසන්නේ ගාථා දෙකක් කීවේය.
“චතුද්වාරමිදං නගරං, ආයසං දළ්හපාකාරං; ඔරුද්ධපටිරුද්ධොස්මි, කිං පාපං පකතං මයා.
චතු ද්වාරමිදං නගරං ආයසං දළ්හපාකාරං, ඔරුද්ධපති රුද්ධොස්මි කිං පාපං පකතං මයා
“සබ්බෙ අපිහිතා ද්වාරා, ඔරුද්ධොස්මි යථා දිජො; කිමාධිකරණං යක්ඛ, චක්කාභිනිහතො අහ”න්ති.
සබ්බෙ අපිහිතා ද්වාරා ඔරුද්ධොස්මි යථා ද්විජො, කිමාධිකරණං යක්ඛ චක්කාභිනිපාතො අහන්ති
1. යකඩින් කළ ශක්තිමත් පවුරු ඇති මේ නගරය දොරටු සතරක් ඇති එකකි. සිර කරන ලද්දේ වෙමි. හාත්පසින් සිරකරන ලද්දේ වෙමි. මවිසින් කවර කර්මයක් කරන ලදද?
2. සියළු දොරටු වසා ඇත. කූඩුවක වෙසෙන පක්ෂියෙක් මෙන් සිරකරන ලද්දේ වෙමි. යක්ෂය, කවර කරුණක් නිසා මම චක්‍රයෙන් පහරදෙන ලද්දෙම්ද?
තත්ථ දළ්හපාකාරන්ති ථිරපාකාරං. “දළ්හතොරණ”න්තිපි පාඨො, ථිරද්වාරන්ති අත්ථො. ඔරුද්ධපටිරුද්ධොස්මීති අන්තො කත්වා සමන්තා පාකාරෙන රුද්ධො, පලායනට්ඨානං න පඤ්ඤායති. කිං පාපං පකතන්ති කිං නු ඛො මයා පාපකම්මං කතං. අපිහිතාති ථකිතා. යථා දිජොති පඤ්ජරෙ පක්ඛිත්තො සකුණො විය. කිමාධිකරණන්ති කිං කාරණං. චක්කාභිනිහතොති චක්කෙන අභිනිහතො.
එහි දළ්හපාකාරා යනු ස්ථිර පවුරය. දළ්හතොරණං යනුද පෙළයි. ශක්තිමත් දොරටු ඇත්තේ යන අර්ථයි. ඔරුද්ධ පතිරුද්ධොස්මි යනු ඇතුළත කොට හාත්පසින් පවුරෙන් අවහිර කරන ලද්දේ පලා යෑමට තැනක් නොපෙනේ. කිං පාපං පකතං යනු මවිසින් කවර පාපයක් කරන ලදද? අපිහිතා යනු වසන ලදහ. යථා ද්විජො යනු කූඩුවෙහි දමන ලද කුරුල්ලා මෙන්. කිමාධිකරණං යනු කරුණු කවරීද, චක්කාභිනිහතො යනු චක්‍රයෙන් පහරදෙන ලද්දේ,
අථස්ස දෙවරාජා කාරණං කථෙතුං ඡ ගාථා අභාසි –
ඉක්බිති දෙව්රජු කරුණ කියන්නට ගාථා සයක් කීවේය.
“ලද්ධා සතසහස්සානි, අතිරෙකානි වීසති; අනුකම්පකානං ඤාතීනං, වචනං සම්ම නාකරි.
3. යහළුව (මවගෙන්) දහසක්ද (වෙළදාමෙන්) අතිරේක විසිලක්ෂයක්ද ලබන ලදුයේ අනුකම්පා සහගත නෑදෑයන්ගේ වචනය නොකෙළේය.
“ලඞ්ඝිං සමුද්දං පක්ඛන්දි, සාගරං අප්පසිද්ධිකං; චතුබ්භි අට්ඨජ්ඣගමා, අට්ඨාහිපි ච සොළස.
4-5. (නැවෙන්) තරණයකොට යායුතු විනාසබහුල මුහුදට පැමිණියේය. සතරදෙනා ඉක්මවා අටදෙනෙකු වෙත ගියේය. අටකින් සොළොසක් වෙතද සොළසින් දෙතිසක් වෙතද ගියේය. වැඩියක් ලබනු කැමතිවූයේ චක්‍රයක් තබන ලදි. තෘෂ්ණාවෙන් මඩනා ලද පුරුෂයාගේ හිස මත ක්ෂුර චක්‍රය කැරකෙයි.
“සොළසාහි ච බාත්තිංස, අතිච්ඡං චක්කමාසදො; ඉච්ඡාහතස්ස පොසස්ස, චක්කං භමති මත්ථකෙ.
“උපරිවිසාලා දුප්පූරා, ඉච්ඡා විසටගාමිනී; යෙ ච තං අනුගිජ්ඣන්ති, තෙ හොන්ති චක්කධාරිනො.
6. මත්තෙහි විශාල වන්නා වූ පිරවිය නොහැකි පැතිර යන්නා වූ යම් තෘෂ්ණාවක් වේද යමෙක් එයට ගිජුවෙත්ද ඔවුහු ක්ෂුරචක්රය දරන්නෝ වෙති.
“බහුභණ්ඩං අවහාය, මග්ගං අප්පටිවෙක්ඛිය; යෙසඤ්චෙතං අසඞ්ඛාතං, තෙ හොන්ති චක්කධාරිනො.
7. බොහෝ වූ වස්තුව අත්හැර යායුතු මග නොබලා යමෙක් සිත පිළිබඳව නොසැළකිලිමත් වේද ඔහු ක්ෂුරචක්රය දරන්නෝ වෙති.
“කම්මං සමෙක්ඛෙ විපුලඤ්ච භොගං, ඉච්ඡං න සෙවෙය්ය අනත්ථසංහිතං; කරෙය්ය වාක්යං අනුකම්පකානං, තං තාදිසං නාතිවත්තෙය්ය චක්ක”න්ති.
8. (නුවණැති පුරුෂයා) කළයුතු කටයුත්තද මහත්වූ සම්පත්ද විමසා බලන්නේය. විපත් සහිත වූ තෘෂ්ණාව නොසෙවුනේය. අනුකම්පා කරන්නවුන්ගේ වචනය කරන්නේය. එවැනි වූ ඔහු ක්ෂුරචක්රය නොමඩන්නේය.
තත්ථ ලද්ධා සතසහස්සානි, අතිරෙකානි වීසතීති ත්වං උපොසථං කත්වා මාතු සන්තිකා සහස්සං ගහෙත්වා වොහාරං කරොන්තො සතසහස්සානි ච අතිරෙකානි වීසතිසහස්සානි ලභිත්වා. නාකරීති තෙන ධනෙන අසන්තුට්ඨො නාවාය සමුද්දං පවිසන්තො සමුද්දෙ ආදීනවඤ්ච කථෙත්වා මාතුයා වාරියමානොපි අනුකම්පකානං ඤාතීනං වචනං න කරොසි, සොතාපන්නං මාතරං පහරිත්වා අන්තරං කත්වා නික්ඛන්තොයෙවාසීති දීපෙති.
එහි ලද්ධා සතසහස්සානි අතිරෙකානි විසති යනු ඔබ පෙහෙවස් කොට මව සමීපයෙන් දහසක් ගෙන වෙළදාම් කරන්නේ අමතර විසිලක්ෂයක්ද ලැබ. නාකරී යනු ඒ ධනයෙන් සතුටු නොවූයේ නැවෙන් මුහුදට පිවිසෙන්නේ මුහුදෙහි ආදීනව කියා මව විසින් වළක්වනු ලබන්නේද, අනුකම්පකානං ඤාතීනං වචනං සම්ම නාකරී යනු වේ. සෝවාන් වූ මවට ගසා අනතුරු කොට නික්මුණේම යයි දක්වයි.
ලඞ්ඝින්ති නාවං උල්ලඞ්ඝනසමත්ථං. පක්ඛන්දීති පක්ඛන්දොසි. අප්පසිද්ධිකන්ති මන්දසිද්ධිං විනාසබහුලං. චතුබ්භි අට්ඨාති අථ නං නිස්සාය ඨිතාය නාවාය ඵලකං දත්වා සමුද්දෙ ඛිත්තොපි ත්වං මාතරං නිස්සාය එකදිවසං කතස්ස උපොසථකම්මස්ස නිස්සන්දෙන ඵලිකවිමානෙ චතස්සො ඉත්ථියො ලභිත්වා තතො රජතවිමානෙ අට්ඨ, මණිවිමානෙ සොළස, කනකවිමානෙ ද්වත්තිංස අධිගතොසීති. අතිච්ඡං චක්කමාසදොති අථ ත්වං යථාලද්ධෙන අසන්තුට්ඨො “අත්ර උත්තරිතරං ලභිස්සාමී”ති එවං ලද්ධං ලද්ධං අතික්කමනලොභසඞ්ඛාතාය අතිච්ඡාය සමන්නාගතත්තා අතිච්ඡො පාපපුග්ගලො තස්ස උපොසථකම්මස්ස ඛීණත්තා ද්වත්තිංස ඉත්ථියො අතික්කමිත්වා ඉමං පෙතනගරං ආගන්ත්වා තස්ස මාතුපහාරදානඅකුසලස්ස නිස්සන්දෙන ඉදං ඛුරචක්කං සම්පත්තොසි. “අත්‍රිච්ඡ”න්තිපි පාඨො, අත්ර අත්ර ඉච්ඡමානොති අත්ථො. “අත්රිච්ඡා”තිපි පාඨො, අත්රිච්ඡායාති අත්ථො. භමතීති තස්ස තෙ ඉච්ඡාහතස්ස පොසස්ස ඉදං චක්කං මත්ථකං පිසමානං ඉදානි කුම්භකාරචක්කං විය මත්ථකෙ භමතීති අත්ථො.
ලංඝිං යනු තරණය කිරීමට පොහෝනා නැව. පක්කන්දි යනු පැන්නේය. අප්පසිද්ධිකං යනු මද වූ යහපත ඇති. බහුල වූ විනාශ ඇති. චතුබ්හි අට්ඨා යනු ඉක්බිති ඔහු ඇසුරු කොට සිටි නැවින් ලෑල්ලක් දී මුහුදෙහි දමන ලද්දේද ඔබ මව නිසා එක්දිනක් කරන ලද පෙහෙවස් රැකීම හේතුවෙන් පළිඟු විමානයෙහි ස්ත්‍රීන් සතරදෙනෙක් ලැබ. අනතුරුව රිදී විමානයක සොළොසෙක, රන් විමානයෙහි දෙතිසක්ද ලබන ලද්දේ වෙහිය. අතිච්ඡං චක්කමාසදො යනු ඉක්බිති තෝ ලද දෙයින් සතුටු නොවූයේ මෙහි වැඩියක් ලබන්නෙමියි මෙසේ ලද දෙය ඉක්මවා යෑමේ ලෝභ සංඛ්‍යාත වැඩියක් කැමති වීමෙන් යුක්ත වූ හෙයින් මහත් වූ තෘෂ්ණා ඇති පවිටු පුද්ගලයෙකි. ඒ උපෝසථ කර්මය ක්ෂය වූ හෙයින් දෙතිසක් ස්ත්‍රීන් ඉක්මවා මේ ප්‍රේත නගරයට පැමිණ ඒ මවට පහර දීමේ අකුසලය හේතුවෙන් මේ ක්ෂුරචක්රය ලබන ලද්දේ වෙහි. අත්රිච්ඡං යනුද පෙළයි. මෙහිද මෙහිද කැමතිවන්නේය යන අර්ථයි. අත්රිච්ඡා යනුද පෙළ වේ. මෙහි කැමති වීමෙන් යන අර්ථයි. භමතී යනු තෘෂ්ණාවෙන් මඩනා ලද ඒ පුරුෂයාගේ හිස අඹරනු ලැබූ මේ ක්ෂුරචක්රය දැන් කුඹල්කරුවෙකුගේ සකපෝරුවක් මෙන් තොපගේ මත්තෙහි කරකැවෙයි යන අර්ථයි.
යෙ ච තං අනුගිජ්ඣන්තීති තණ්හා නාමෙසා ගච්ඡන්තී උපරූපරි විසාලා හොති, සමුද්දො විය ච දුප්පූරා, රූපාදීසු තස්ස තස්ස ඉච්ඡනඉච්ඡාය විසටගාමිනී, තං එවරූපං තණ්හං යෙ ච අනුගිජ්ඣන්ති ගිද්ධා ගධිතා හුත්වා පුනප්පුනං අල්ලීයන්ති. තෙ හොන්ති චක්කධාරිනොති තෙ එවං පච්චන්තා ඛුරචක්කං ධාරෙන්ති. බහුභණ්ඩන්ති මාතාපිතූනං සන්තකං බහුධනං ඔහාය. මග්ගන්ති ගන්තබ්බං අප්පසිද්ධිකං සමුද්දමග්ගං අපච්චවෙක්ඛිත්වා යථා ත්වං පටිපන්නො, එවමෙව අඤ්ඤෙසම්පි යෙසඤ්චෙතං අසඞ්ඛාතං අවීමංසිතං, තෙ යථා ත්වං තථෙව තණ්හාවසිකා හුත්වා ධනං පහාය ගමනමග්ගං අනපෙක්ඛිත්වා පටිපන්නා චක්කධාරිනො හොන්ති. කම්මං සමෙක්ඛෙති තස්මා පණ්ඩිතො පුරිසො අත්තනා කත්තබ්බකම්මං “සදොසං නු ඛො, නිද්දොස”න්ති සමෙක්ඛෙය්ය පච්චවෙක්ඛෙය්ය. විපුලඤ්ච භොගන්ති අත්තනො ධම්මලද්ධං ධනරාසිම්පි සමෙක්ඛෙය්ය. නාතිවත්තෙය්යාති තං තාදිසං පුග්ගලං ඉදං චක්කං න අතිවත්තෙය්ය නාවත්ථරෙය්ය. “නාතිවත්තෙතී”තිපි පාඨො, නාවත්ථරතීති අත්ථො.
යෙ ච තං අනුගිජ්ක්ධන්ති යනු මේ තෘෂ්ණාව නම් මතුමත්තේ යන්නී විශාල වේ. මුහුද මෙන් දුප්පුරා පිරවිය නොහැක්කේද වේ. රූපාදී අරමුණුවල ඒ ඒ වශයෙන් කැමතිවන ආසා ඇති හෙයින් විසමගාමිනී වේ. මෙබඳු ඒ තෘෂ්ණාවෙහි යමෙකු ඇලෙත්ද ගිජු වූවාහු වෙළුනාහු වී නැවත නැවතත් ඇලෙත්. තෙ හොන්ති චක්කධාරිනො යනු ඔවුහු මෙසේ පැසෙන්නාහු ක්ෂුර චක්‍රය දරත්. බහු භණ්ඩං යනු මව්පියන් සතු බොහෝ ධනය හැර, මග්ගං යනු යායුතු ස්වල්ප වූ යහපත ඇති මුහුදු මාර්ගය නොසලකා යම්සේ ඔබ පිළිපන්නේද, මෙසේම අන්‍යයන්ටද, යෙසං චෙතං අසංඛාතං නොවිමසන ලද ඔවුන් යම්සේද තොපද එසේ තෘෂ්ණා වසඟව ධනය හැර යායුතු මාර්ගය නොබලා පිළිපන්නෝ චක්රධාරීහු වෙති. කම්මං සමෙක්ඛෙ යනු එහෙයින් පණ්ඩිත පුරුෂයා තමා විසින් කළයුතු කටයුතු දොස් සහිතද දොස් රහිතදැයි විමසා බලනු ලබන්නේය. නුවණින් බලන්නේය. විපුලඤ්ච භොගං යනු තමා විසින් දැහැමිව ලබන ලද ධනරාශිය බලන්නේ ය. නාතිවත්තෙය්ය යනු තමා විසින් දැහැමිව ලබන ලද ධන රාශිය විමසා බලන්නේය. නාති වත්තෙය්ය එවැනි වූ ඒ පුද්ගලයා මේ චක්‍රය ඉක්මවා නොයන්නේ ය. මැඩගෙන නොසිටින්නේය. නාති වත්තෙති යනුද පෙළයි. මැඩගෙන නොයයි යන අර්ථයි.
තං සුත්වා මිත්තවින්දකො “ඉමිනා දෙවපුත්තෙන මයා කතකම්මං තථතො ඤාතං, අයං මය්හං පච්චනපමාණම්පි ජානිස්සති, පුච්ඡාමි න”න්ති චින්තෙත්වා නවමං ගාථමාහ –
ඒ අසා මිත්රවින්දකයා මේ දේවපුත්‍රයා විසින් මා කළ කටයුත්ත ඒ වූ පරිද්දෙන් දන්නේය. මා පැසෙන ප්‍රමාණයද දන්නේය. ඔහුගෙන් විමසමියි සිතා නවවන ගාථාව කීය.
“කීවචිරං නු මෙ යක්ඛ, චක්කං සිරසි ඨස්සති; කති වස්සසහස්සානි, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
9.යක්ෂය, මේ ක්ෂුරචක්රය කෙතෙක් කල් මගේ හිසෙහි සිටින්නේද? අවුරුදු කෙතෙක් දහසක් සිටින්නේද අසන්නා වූ මට එය කියව.
අථස්ස කථෙන්තො මහාසත්තො දසමං ගාථමාහ –
ඉක්බිති ඔහුට කියන්නා වු මහා සත්ත්ව තෙමේ දසවන ගාථාව කීවේය.
“අතිසරො පච්චසරො, මිත්තවින්ද සුණොහි මෙ; චක්කං තෙ සිරසි මාවිද්ධං, න තං ජීවං පමොක්ඛසී”ති.
10. මිත්ත වින්දකය මට ඇහුම්කන් දෙව. තොප බලවත් පාපකර්ම ඇත්තෙහිය. අතිශයින් බලවත් පාපකර්ම ඇත්තෙහිය. තොපගේ හිසෙහි ඇමිණී තිබෙන ඒ චක්‍රය දිවිහිමියෙන් නොමිදෙන්නේය යනුයි.
තත්ථ අතිසරොති අතිසරීතිපි අතිසරො, අතිසරිස්සතීතිපි අතිසරො. පච්චසරොති තස්සෙව වෙවචනං. ඉදං වුත්තං හොති – සම්ම මිත්තවින්දක, සුණොහි මෙ වචනං, ත්වඤ්හි අතිදාරුණස්ස කම්මස්ස කතත්තා අතිසරො, තස්ස පන න සක්කා වස්සගණනාය විපාකො පඤ්ඤාපෙතුන්ති අපරිමාණං අතිමහන්තං විපාකදුක්ඛං සරිස්සසි පටිපජ්ජිස්සසීති අතිසරො. තෙන තෙ “එත්තකානි වස්සසහස්සානී”ති වත්තුං න සක්කොමි. සිරසිමාවිද්ධන්ති යං පන තෙ ඉදං චක්කං සිරස්මිං ආවිද්ධං කුම්භකාරචක්කමිව භමති. න තං ජීවං පමොක්ඛසීති තං ත්වං යාව තෙ කම්මවිපාකො න ඛීයති, තාව ජීවමානො න පමොක්ඛසි, කම්මවිපාකෙ පන ඛීණෙ ඉදං චක්කං පහාය යථාකම්මං ගමිස්සසීති.
එහි අතිසරො යනු බෙහෙවින් සිහිකරයිනුයි අතිසරො නම් වේ. බෙහෙවින් සිහි කරන්නේනුයි අති සරො වේ. අච්චසරො යනු ඊටම සමාන අර්ථ ඇති වචනයකි. මෙසේ කීවේ වෙයි. එම්බා මිත්තවින්දකය, මගේ වචනය අසව. තොප ඉතා දරුණු කාර්යයක් කළ හෙයින් බොහෝකොට සිහි කරනුයේ අවුරුදු ගණනින් විපාක පනවන්නට නොහැකිය. අප්‍රමාණ වූ අතිමහත් වූ විපාක දුක් සිහි කරන්නෙහි පිළිපදින්නෙහිය නුයි අතිඝරො වේ. එහෙයින් තොප මෙතෙක් වර්ෂ දහසක වර්ෂ ලක්ෂයකැයි කියන්නට නොහැකි වෙමි. සිරසිමාවිද්ධං යනු යම් මේ චක්‍රයක් තොපගේ හිසෙහි ඇමිණුනිද කුඹල්සකක් මෙන් කරකැවේ. න තං ජීවං පමොක්ඛසි යනු තොපගේ ඒ පාපකර්මය ක්ෂය නොවේද ඒතාක් ජීවත් වන්නේ නොමිදෙන්නේය. කර්මවිපාකය ක්ෂය වූ කල්හි මේ චක්‍රය හැර කම්වූ පරිදි යන්නෙහි යයි,
ඉදං වත්වා දෙවපුත්තො අත්තනො දෙවට්ඨානමෙව ගතො, ඉතරොපි මහාදුක්ඛං පටිපජ්ජි.
මෙසේ කියා දේවපුත්‍රයා තමා වසන තැනටම ගියේය. අනිකාද මහා දුකට පිළිපන්නේ ය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා මිත්තවින්දකො අයං දුබ්බචභික්ඛු අහොසි, දෙවරාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය පූර්වාපර සන්ධි ගලපා වදාළ සේක. එකල්හි මිත්තවින්දකයා නපුරුකථා ඇති භික්ෂුව විය. දෙව්රජු වනාහි මම ම වීමි යයි වදාළහ.
චතුද්වාරජාතකවණ්ණනා පඨමා.