12. දද්දරජාතකවණ්ණනා 438 අට්ඨකථා
12. දද්දරජාතකවණ්ණනා (438)
12. තිත්තිර ජාතකය (438)
යො තෙ පුත්තකෙති ඉදං සත්ථා ගිජ්ඣකූටෙ විහරන්තො දෙවදත්තස්ස වධාය පරිසක්කනං ආරබ්භ කථෙසි. තස්මිඤ්හි සමයෙ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “අහො ආවුසො දෙවදත්තො නිල්ලජ්ජො අනරියො එවං උත්තමගුණධරස්ස සම්මාසම්බුද්ධස්ස අජාතසත්තුනා සද්ධිං එකතො හුත්වා ධනුග්ගහපයොජනසිලාපවිජ්ඣනනාළාගිරිවිස්සජ්ජනෙහි වධාය උපායං කරොතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො මය්හං වධාය පරිසක්කි, ඉදානි පන මෙ තාසමත්තම්පි කාතුං නාසක්ඛී”ති වත්වා අතීතං ආහරි.
යො තෙ පුත්තකෙ යන මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්වෙහි වාසය කරන සේක් දේවදත් තෙරුන්ගේ (තමන් වහන්සේ) මරණු පිණිස උත්සාහ කිරිම අරබයා දේශනා කළ සේක. එසමයෙහි දම්සභාවෙහි කථාවක් උපදවාලූහ. ඇවැත්නි, දෙව්දත් තෙමේ ලජ්ජා රහිතය. ලාමකය. මෙසේ උතුම් ගුණ දරන්නා වූ සම්මා සම්බුදු රදුන්ට අජාසත් සමග එක්වී ධනුර්ධයන් යෙදවීම, ගල්විදීම නාලාගිරි මෙහෙයවීම ආදියෙන් නස්නට උපාය කරයි යි යනුයි. බුදුරජු අවුත් මහණෙනි, කිනම් කථාවකින් මෙහි හුන්නහු දැයි විමසා ‘මෙනම් වූවකනැයි’ කී කල්හි මහණෙනි, දෙව්දත් මා නැසීම පිණිස උත්සාහී වූයේ දැන් පමණක් නොවේ. පෙරද උත්සාහී වූයේ ය. දැන් වනාහි මට තැති ගැනීම් පමණද කරන්නට නොහැකි යයි වදාරා අතීත ප්‍රවාත්තිය ගෙනහැර පෑය.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ එකො දිසාපාමොක්ඛො ආචරියො පඤ්චසතානං මාණවකානං සිප්පං වාචෙන්තො එකදිවසං චින්තෙසි “මය්හං ඉධ වසන්තස්ස පලිබොධො හොති, මාණවකානම්පි සිප්පං න නිට්ඨාති, හිමවන්තපදෙසෙ අරඤ්ඤායතනං පවිසිත්වා තත්ථ වසන්තො වාචෙස්සාමී”ති. සො මාණවකානං කථෙත්වා තිලතණ්ඩුලතෙලවත්ථාදීනි ගාහාපෙත්වා අරඤ්ඤං පවිසිත්වා මග්ගතො අවිදූරෙ ඨානෙ පණ්ණසාලං කාරෙත්වා නිවාසං කප්පෙසි, මාණවාපි අත්තනො පණ්ණසාලං කරිංසු. මාණවකානං ඤාතකා තෙලතණ්ඩුලාදීනි පෙසෙන්ති. රට්ඨවාසිනොපි “දිසාපාමොක්ඛො ආචරියො කිර අරඤ්ඤෙ අසුකට්ඨානෙ නාම වසන්තො සිප්පං උග්ගණ්හාපෙතී”ති තස්ස තණ්ඩුලාදීනි අභිහරන්ති, කන්තාරප්පටිපන්නාපි දෙන්ති, අඤ්ඤතරොපි පුරිසො ඛීරපානත්ථාය සවච්ඡං ධෙනුං අදාසි. ආචරියස්ස පණ්ණසාලාය සන්තිකෙ ද්වීහි පොතකෙහි සද්ධිං එකා ගොධා වසති, සීහබ්යග්ඝාපිස්ස උපට්ඨානං ආගච්ඡන්ති. එකො තිත්තිරොපි තත්ථ නිබද්ධවාසො අහොසි. සො ආචරියස්ස මාණවානං මන්තෙ වාචෙන්තස්ස සද්දං සුත්වා තයොපි වෙදෙ උග්ගණ්හි. මාණවා තෙන සද්ධිං අතිවිස්සාසිකා අහෙසුං.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි එක් දිසාමොක් ආචාර්ය කෙනෙක් පන්සියයක් මානවකයන්ට ශිල්ප උගන්වනුයේ එක් දිනයක මෙසේ සිතුවේය. මෙහි වසන්නා වූ මට බාධා වෙයි. මානවකයන්ගේද ශිල්ප නොනිමවෙයි. හිමවත පෙදෙසෙහි වනගතයට පිවිස එහි වසන්නේ උගන්වමි යනුවෙනි. හෙතෙම මානවකයනට කියා තල සහල් තෙල් වස්ත්‍ර ආදින් ගෙන්වාගෙන වනයට පිවිස මාර්ගයෙන් නුදුරු තන්හි පන්සලක් කරවා වාසය කෙළේය. මානවයෝද තමාගේ පන්සල කළාහුය. මානවකයන්ගේ ඤාතීහු සහල් ආදිය එවත්. තමාගේ රටවාසීහුද දිසාපාමොක් ආචාර්ය තෙමේ වනයෙහි අසවල් තැන වසන්නේ ශිල්ප උගන්වයි යයි ඔහුට සහල් ආදිය ගෙන යත්. කාන්තාරයට පිළිපන්නාහුද දෙත්. එක්තරා පුරුෂයෙක් කිරිබීම සඳහා වසුපැටියා සහිත දෙනක්ද දුන්නේය. ආචාර්යයන්ගේ පන්සල සමීපයෙහි පැටවුන් දෙදෙනෙකු සමග එක් තලගොයෙක් වසයි. සිංහ ව්‍යාඝ්‍රයෝද ඔහුට උපස්ථාන පිණිස පැමිණෙත්. එක් වටුවෙක්ද එහි නිතර වසන්නේ වීය. ඔහු මානවකයන්ට මන්ත්‍ර උගන්වන්නා වූ ආචාර්යයන්ට ඇහුම්කන් දී වේද තුනම උගත්තේය. මානවකයෝ ඔහු සමග ඉතා විශ්වාසනීය වූහ.
අපරභාගෙ මාණවෙසු නිප්ඵත්තිං අප්පත්තෙසුයෙව ආචරියො කාලමකාසි. මාණවා තස්ස සරීරං ඣාපෙත්වා වාලුකාය ථූපං කත්වා නානාපුප්ඵෙහි පූජෙත්වා රොදන්ති පරිදෙවන්ති. අථ නෙ තිත්තිරො “කස්මා රොදථා”ති ආහ. “ආචරියො නො සිප්පෙ අනිට්ඨිතෙයෙව කාලකතො, තස්මා රොදාමා”ති. “එවං සන්තෙ මා සොචිත්ථ, අහං වො සිප්පං වාචෙස්සාමී”ති. “ත්වං කථං ජානාසී”ති? “අහං ආචරියෙ තුම්හාකං වාචෙන්තෙ සද්දං සුත්වා තයො වෙදෙ පගුණෙ අකාසින්ති. තෙන හි අත්තනො පගුණභාවං අම්හෙ ජානාපෙහී”ති. තිත්තිරො “තෙන හි සුණාථා”ති තෙසං ගණ්ඨිට්ඨානමෙව පබ්බතමත්ථකා නදිං ඔතරන්තො විය ඔසාරෙසි. මාණවා හට්ඨතුට්ඨා හුත්වා තිත්තිරපණ්ඩිතස්ස සන්තිකෙ සිප්පං පට්ඨපෙසුං. සොපි දිසාපාමොක්ඛාචරියස්ස ඨානෙ ඨත්වා තෙසං සිප්පං වාචෙසි. මාණවා තස්ස සුවණ්ණපඤ්ජරං කරිත්වා උපරි විතානං බන්ධිත්වා සුවණ්ණතට්ටකෙ මධුලාජාදීනි උපහරන්තා නානාවණ්ණෙහි පුප්ඵෙහි පූජෙන්තා මහන්තං සක්කාරං කරිංසු. “තිත්තිරො කිර අරඤ්ඤායතනෙ පඤ්චසතෙ මාණවකෙ මන්තං වාචෙතී”ති සකලජම්බුදීපෙ පාකටො අහොසි.
මෑත කාලයෙහි මානවකයන් (ඉගෙනුමෙහි) නිමාවට නොගිය කල්හිම ආචාර්ය තෙමේ කළුරිය කළේය. මානවකයෝ ඔහුගේ සිරුර දවා වැලිවලින් ස්ථූපයක් කර නොයෙක් මල්වලින් පුදා හඩත් වැළපෙත්. ඉක්බිති තිත්වටුවා කුමක් හෙයින් හඬව්දැයි කීය. අපගේ ආචාර්යවරයා ශිල්පයන් නොනිමි කල්හිම කළුරිය කළේය. එහෙයින් හඬමු යයි කීහ. මෙසේ ඇතිකල්හි (නපුරක්) නොසිතව. මම තොපට ශිල්පය උගන්වමියි කීය. තෝ කෙසේ දන්නෙහිදයි. මම ආචාර්යයන් තොපට කියවන කල්හි අසාම තුන්වේදයන් ප්‍රගුණ කළෙමි යයි කීය. එසේ නම් තමාගේ ප්‍රගුණ අපට දක්වවයි. තිත්වටුවා එසේ නම් අසව් යැයි ඔවුන්ගේ ගැටළු සහිත තැන් පර්වත මුදුනෙන් නදියක් බසින්නාක් මෙන් පැහැදිලි කළේය. මානවකයෝ තුටුපහටු වී තිත්වටු පඩුවා සමීපයෙහි ශිල්පය පිහිටුවාලූහ. ඔහු ද දිසාපාමොක් ආචාර්යයන්ගේ තැනෙහි සිට ඔවුන්ට ශිල්පය කියවීය. මානවකයෝ ඔහුම රන් කූඩුවක් කර මත්තෙහි වියනක් බැඳ රන්තැටියෙහි මී විළඳ ආදිය එළවන්නාහු නොයෙක් පැහැ ඇති මල්වලින් පුදන්නාහු මහත් සත්කාර කළහ. තිත්වටුවා වනගතයෙහි පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර කියවයි යයි සියළු දඹදිව ප්‍රකට වීය.
තදා ජම්බුදීපෙ ගිරග්ගසමජ්ජසදිසං මහන්තං ඡණං ඝොසයිංසු. මාණවානං මාතාපිතරො “ඡණදස්සනත්ථාය ආගච්ඡන්තූ”ති පෙසෙසුං. මාණවා තිත්තිරස්ස ආරොචෙත්වා තිත්තිරපණ්ඩිතං සබ්බඤ්ච අස්සමපදං ගොධං පටිච්ඡාපෙත්වා අත්තනො අත්තනො නගරමෙව අගමිංසු. තදා එකො නික්කාරුණිකො දුට්ඨතාපසො තත්ථ තත්ථ විචරන්තො තං ඨානං සම්පාපුණි. ගොධා තං දිස්වා පටිසන්ථාරං කත්වා “අසුකට්ඨානෙ තණ්ඩුලා, අසුකට්ඨානෙ තෙලාදීනි අත්ථි, භත්තං පචිත්වා භුඤ්ජාහී”ති වත්වා ගොචරත්ථාය ගතා. තාපසො පාතොව භත්තං පචිත්වා ද්වෙ ගොධාපුත්තකෙ මාරෙත්වා ඛාදි, දිවා තිත්තිරපණ්ඩිතඤ්ච වච්ඡකඤ්ච මාරෙත්වා ඛාදි, සායං ධෙනුං ආගච්ඡන්තං දිස්වා තම්පි මාරෙත්වා මංසං ඛාදිත්වා රුක්ඛමූලෙ නිපජ්ජිත්වා ඝුරුඝුරායන්තො නිද්දං ඔක්කමි. ගොධා සායං ආගන්ත්වා පුත්තකෙ අපස්සන්තී උපධාරයමානා විචරි. රුක්ඛදෙවතා ගොධං පුත්තකෙ අදිස්වා කම්පමානං ඔලොකෙත්වා ඛන්ධවිටපබ්භන්තරෙ දිබ්බානුභාවෙන ඨත්වා “ගොධෙ මා කම්පි, ඉමිනා පාපපුරිසෙන තව පුත්තකා ච තිත්තිරො ච වච්ඡො ච ධෙනු ච මාරිතා, ගීවාය නං ඩංසිත්වා ජීවිතක්ඛයං පාපෙහී”ති සල්ලපන්තී පඨමං ගාථමාහ –
එකල්හි දඹදිව ගිරග්ග සමජ්ජය හා සමාන මහා සැණකෙළියක් ප්‍රකාශයට පත් කළහ. මානවකයන්ගේ මව්පියෝ සැණකෙළි දැකීම පිණිස එත්වායි පණිවුඩ යැවූහ. මානවකයෝ තිත්වටුවාට දන්වා තිත්වටු පණ්ඩිතයාද සියළු ආශ්‍රමයද තලගොයාට පවරා තම තමා නගරයටම ආවාහුය. එකල්හි එක් කරුණා නැති දුෂ්ට තාපසයෙක් ඒ ඒ තැන හැසිරෙන්නේ එතැනට පැමිණියේය. තලගොයා ඔහු දැක පිළිසඳර කථාකොට අසවල් තැන සහල්ය. අසවල් තැන තෙල් ආදිය ඇත. බත් පිස අනුභව කරවයි කියා ගොදුරු පිණිස ගියාය. හෙතෙම උදෑසනම බත් පිස තලගොයි පැටවුන් දෙදෙනාම මරා රසකොට අනුභව කෙළේය. සවස ආවා වූ ධේනුව දැක ඇයද මරා මස් කා ගස්මුල්හි වැදහොවා සුරු සුරු නාදයෙන් ගොරවමින් නින්දට වැටුනේය. තලගොයා හවස අවුත් පුතුන් නොදක්නී සොයමින් හැසුරුණාය. වෘක්ෂ දේවතා තොමෝ දරුවන් නොදැක කම්පා වන්නාවූ ගොයා දැක ගස් බෙනයෙහි දිව්‍ය ආත්මභාවයෙන් සිට ගොයෙනි, කම්පා නොවෙහි. මේ පවිටු පුරුෂයා විසින් ඔබගේ පුත් තිත්වටුවෝ ද වසුපැටවා ද ගවදෙන ද මරන ලදහ. බෙල්ලෙහි ඩැහැගෙන ඔහු ජීවිතක්ෂයට පමුණුවවයි කියන්නී පළමු ගාථාව කීය.
“යො තෙ පුත්තකෙ අඛාදි, දින්නභත්තො අදූසකෙ; තස්මිං දාඨං නිපාතෙහි, මා තෙ මුච්චිත්ථ ජීවතො”ති.
යො තෙ පුත්තකෙ අඛාදි දිනාභත්තො අදූසකෙ, තස්මිං දාඨං නිපාතෙහි මා තෙ මුචවිත්ථ ජීවතො ති
1. තොප විසින් දෙන ලද බත් ඇති යමෙක් ඔබගේ නිරපරාධී වූ පුතුන් කෑවේද ඔහු කෙරෙහි දළ හෙලව. (දළින් පහරදෙව) ජීවත් වන්නා වූ තොපගෙන් නොමිදේවා!යි.
තත්ථ දින්නභත්තොති භත්තං පචිත්වා භුඤ්ජාහීති තයා දින්නභත්තො. අදූසකෙති නිද්දොසෙ නිරපරාධෙ. තස්මිං දාඨං නිපාතෙහීති තස්මිං පාපපුරිසෙ චතස්සොපි දාඨා නිපාතෙහීති අධිප්පායො. මා තෙ මුච්චිත්ථ ජීවතොති ජීවන්තො සජීවො හුත්වා තව හත්ථතො එසො පාපධම්මො මා මුච්චිත්ථ, මොක්ඛං මා ලභතු, ජීවිතක්ඛයං පාපෙහීති අත්ථො.
එහි දින්න භත්තො යනු බත් පිස අනුභව කරව යයි දෙන ලද බත් ඇති. අදූසකෙ යනු දොස් නැති අපරාධ රහිත වූ. තස්මිං දාඨං යනු ඒ පවිටු පුරුෂයා කෙරෙහි දළ සතරම හෙළව යන අදහසයි. මා තෙ මුචචිත්ථ ජීවතො යනු ජීවත් වන්නේ දිවි සහිත වී ඔබ අතින් මේ පවිටු ස්වභාව ඇත්තා නොමිදුව. මිදීමක් නොලබාවා! මරණයට පමුණුව යන අර්ථයි.
තතො ගොධා ද්වෙ ගාථා අභාසි –
අනතුරුව තලගොයා ගාථා දෙකක් කීවේය.
“ආකිණ්ණලුද්දො පුරිසො, ධාතිචෙලංව මක්ඛිතො; පදෙසං තං න පස්සාමි, යත්ථ දාඨං නිපාතයෙ.
2. නපුරු ගතිවලින් යුත් පුරුෂයා කිරිමවකගේ වස්ත්‍රයක් මෙන් අපවිත්‍රය. (එහෙයින්) යම් පෙදෙසක දළ හෙළම්ද එවැනි තැනක් නොදකිමි.
“අකතඤ්ඤුස්ස පොසස්ස, නිච්චං විවරදස්සිනො; සබ්බං චෙ පථවිං දජ්ජා, නෙව නං අභිරාධයෙ”ති.
3. නිතර අනුන්ගේ වරද දක්නා වූ කළගුණ නොදන්නා වූ පුරුෂයාට ඉදින් සියළු පොළොව දෙන්නේ නමුත් ඔහු සතුටු කළ නොහැකිය.
තත්ථ ආකිණ්ණලුද්දොති ගාළ්හලුද්දො. විවරදස්සිනොති ඡිද්දං ඔතාරං පරියෙසන්තස්ස. නෙව නං අභිරාධයෙති එවරූපං පුග්ගලං සකලපථවිං දෙන්තොපි තොසෙතුං න සක්කුණෙය්ය, කිමඞ්ගං පනාහං භත්තමත්තදායිකාති දස්සෙති.
එහි අකිණ්ණළුද්දො යනු ඉතා දැඩි පැවතුම් ඇති. විවර දස්සිනො යනු සිදුරට (වරදට) බැසගැනීමට සොයන්නහුට. නෙව නං අභිරාධයෙ යනු මෙවැනි පුද්ගලයා සියළු පොළොව දෙන්නේ නමුත් සතුටු කරන්නට නොහැකි වන්නේය. මම බත් පමණක් දෙන්නෙක්මියි. කියනුම කවරේදැයි දක්වයි.
ගොධා එවං වත්වා “අයං පබුජ්ඣිත්වා මම්පි ඛාදෙය්යා”ති අත්තනො ජීවිතං රක්ඛමානා පලායි. තෙපි පන සීහබ්යග්ඝා තිත්තිරස්ස සහායකාව, කදාචි තෙ ආගන්ත්වා තිත්තිරං පස්සන්ති, කදාචි සො ගන්ත්වා තෙසං ධම්මං දෙසෙත්වා ආගච්ඡති, තස්මිං පන දිවසෙ සීහො බ්යග්ඝං ආහ – “සම්ම, චිරං දිට්ඨො නො තිත්තිරො, අජ්ජ සත්තට්ඨදිවසා හොන්ති, ගච්ඡ, තාවස්ස පවත්තිං ඤත්වා එහී”ති. බ්‍යග්ඝො “සාධූ”ති සම්පටිච්ඡිත්වා ගොධාය පලායනකාලෙ තං ඨානං පත්වා තං පාපපුරිසං නිද්දායන්තං පස්සි. තස්ස ජටන්තරෙ තිත්තිරපණ්ඩිතස්ස ලොමානි පඤ්ඤායන්ති, ධෙනුයා ච වච්ඡකස්ස ච අට්ඨීනි පඤ්ඤායන්ති. බ්යග්ඝරාජා තං සබ්බං දිස්වා සුවණ්ණපඤ්ජරෙ ච තිත්තිරපණ්ඩිතං අදිස්වා “ඉමිනා පාපපුරිසෙන එතෙ මාරිතා භවිස්සන්තී”ති තං පාදෙන පහරිත්වා උට්ඨාපෙසි. සොපි තං දිස්වා භීතතසිතො අහොසි. අථ නං බ්‍යග්ඝො “ත්වං එතෙ මාරෙත්වා ඛාදසී”ති පුච්ඡි. “නෙව මාරෙමි, න ඛාදාමී”ති. “පාපධම්ම තයි අමාරෙන්තෙ අඤ්ඤො කො මාරෙස්සති, කථෙහි තාව කාරණං, අකථෙන්තස්ස ජීවිතං තෙ නත්ථී”ති. සො මරණභයභීතො “ආම, සාමි, ගොධාපුත්තකෙ ච වච්ඡකඤ්ච ධෙනුඤ්ච මාරෙත්වා ඛාදාමි, තිත්තිරං පන න මාරෙමී”තිආහ. සො තස්ස බහුං කථෙන්තස්සපි අසද්දහිත්වා “ත්වං කුතො ආගතොසී”ති පුච්ඡිත්වා “සාමි, කලිඞ්ගරට්ඨතො වාණිජකානං භණ්ඩං වහන්තො ජීවිකහෙතු ඉදඤ්චිදඤ්ච කම්මං කත්වා ඉදානිම්හි ඉධාගතො”ති තෙන සබ්බස්මිං අත්තනා කතකම්මෙ කථිතෙ “පාපධම්ම තයි තිත්තිරං අමාරෙන්තෙ අඤ්ඤො කො මාරෙස්සති, එහි සීහස්ස මිගරඤ්ඤො සන්තිකං තං නෙස්සාමී”ති තං පුරතො කත්වා තාසෙන්තො අගමාසි. සීහරාජා තං ආනෙන්තං බ්යග්ඝං පුච්ඡන්තො චතුත්ථං ගාථමාහ –
තලගොයා මෙසේ කියා මෙතෙම පිබිදී මාද කන්නේ යයි තමාගේ ජීවිතය රකිනු ලබන්නී පලාගියාය. ඒ (වනයෙහි වූ) සිංහ ව්‍යාඝ්‍රයෝ වටුවාගේ යහළුවෝම වූහ. ඇතැම් දිනක ඔවුහු අවුත් තිත්වටුවා දකිත්. ඇතැම්දිනක ඔහු ගොස් ඔවුන්ට දහම්දෙසා පැමිණෙයි. එදවස සිංහයා ව්‍යාඝ්‍රයාට කීය. යහළුව අප විසින් තිත්වටුවා කලකින් දක්නා ලද්දේය. අදට සත්අට දවසක් වෙත්. යව පළමුකොට ඔහුගේ තොරතුරු දැන එවයි කීය. ව්‍යාඝ්‍රයා මැනවයි පිළිගෙන තලගොයා පලාගිය කල්හි එතැනට පැමිණ නිදන්නා වූ ඒ පවිටු පුරුෂයා දුටුවේය. ඔහුගේ ජටාව තුළ පණ්ඩිත වූ තිත්වටුවාගේ ලොම් (පිහාටු) පෙනෙයි. දෙනගේද වසුපැටියාගේද ඇට පෙනේ. ව්යාඝ්ර රජු ඒ සියල්ල දැක රන්කූඩුවෙහි පණ්ඩිත වූ තිත්වටුවා නොදැක මේ පවිටු පුරුෂයා විසින් ඔවුහු මරණ ලද්දෝ වෙතැයි ඔහුට පයින් පහරදී නැගිටුවාලීය. පවිටු පුරුෂයා ඔහු දැක බියෙන් තැති ගත්තේ වීය. ඉක්බිති ව්‍යාඝ්‍රයා ඔහුට “තෝ මොවුන් මරා කෑවේදැ”යි විචාළේය. නොමැරුවෙමි. නොකෑවෙමියි. පවිටු පුරුෂය, තොප නොමරන කල්හි අන් කවරෙක් මරන්නේද? කියව. නොකියන්නා වූ තොපගේ ජීවිතය නැතැයි කීය. මරණ බියෙන් බියපත් වූ හෙතෙම ස්වාමීනි, එසේය. තලගොයි පැටවුන් ද වසුපැටවා ද දෙන ද මරා කෑවෙමි. තිත් වටුවා වූ කලී නොමැරුවෙමි. හෙතෙම බොහෝකොට කියන්නා වූද ඔහුගේ වචනය නො අදහා තොප කොහි සිට පැමිණියෙහිදැයි විමසා ස්වාමීනි, කළිඟු රට වෙළඳුන්ගේ බඩු ඔසවන්නේම ජීවත්වීම සඳහා මේ මේ කටයුතු කර දැන් මෙහි ආවේ වෙමියි කීය. ඔහු විසින් තමා කළ සියළු කටයුතු කී කල්හි පවිටු ස්වභාව ඇත්ත! තිත්වටුවාව තෝ නොමරන කල්හි අන් කවරෙක් මරන්නේද? එව, සතුන් අතර රජවූ සිංහයාගේ සමීපයට පමුණුවන්නෙමියි ඔහු පෙරටුකොට, බියට පත්කරමින් ගියේය. සිංහයා ව්යාඝ්ර රජු විසින් කැදවාගෙන එන්නා වූ ඔහු දැක ව්‍යාඝ්‍රයා විමසන්නේ සිව්වන ගාථාව කීවේය.
“කිං නු සුබාහු තරමානරූපො, පච්චාගතොසි සහ මාණවෙන; කිං කිච්චමත්ථං ඉධමත්ථි තුය්හං, අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථ”න්ති.
4. ව්‍යාඝ්‍රය, යුහුසුළු වූයේ මානවකයෙකු සමග කුමක් හෙයින් පෙරළා පැමිණියෙහිද? තොපට මෙහි කුමන කටයුත්තක් ඇත්ද? විමසන්නා වූ මට මේ කරුණ කියව.
තත්ථ සුබාහූති බ්යග්ඝං නාමෙනාලපති. බ්යග්ඝස්ස හි පුරිමකායො මනාපො හොති, තෙන තං එවමාහ. කිං කිච්චමත්ථං ඉධමත්ථි තුය්හන්ති කිං කරණීයං අත්ථසඤ්ඤිතං ඉමිනා මාණවෙන ඉධ අත්ථි. “තුය්හං කිං කිච්චමත්ථ”න්තිපි පාඨො, අයමෙවත්ථො.
එහි සුබාහු යනු ව්‍යාඝ්‍රයා නමින් ආමන්ත්‍රණය කරයි. ව්යාඝ්රයාගේ ශරීරයේ ඉදිරිකොටස ප්‍රියමනාප වේ. එහෙයින් ඔහුට මෙසේ කීය. කිං කිච්චමත්ථං ඉධමත්ථි තුය්හං යනු මේ මානවයා සමඟ ප්‍රතිඵල සහිත කිනම් කටයුත්තක් මෙහි ඇත්ද? තුය්හං කිං කිච්ච මත්ථං යනුද පෙළයි. මේ අර්ථමැයි.
තං සුත්වා බ්‍යග්ඝො පඤ්චමං ගාථමාහ –
ඒ අසා ව්‍යාඝ්‍රයා පස්වන ගාථාව කීය.
“යො තෙ සඛා දද්දරො සාධුරූපො, තස්ස වධං පරිසඞ්කාමි අජ්ජ; පුරිසස්ස කම්මායතනානි සුත්වා, නාහං සුඛිං දද්දරං අජ්ජ මඤ්ඤෙ”ති.
5. මනා පැවතුම් ඇති, තොපගේ මිතුරු වූ යම් වටුවෙක් වේද, අද ඒ වටුවාගේ මරණය ගැන සැක කරමි. මේ පුරුෂයාගේ කටයුතු ගැන අසා දැන් ඒ වටුවා සැපෙන් යයි නොහඟිමි.
තත්ථ දද්දරොති තිත්තිරො. තස්ස වධන්ති තස්ස තිත්තිරපණ්ඩිතස්ස ඉමම්හා පුරිසම්හා අජ්ජ වධං පරිසඞ්කාමි. නාහං සුඛින්ති අහං අජ්ජ දද්දරං සුඛිං අරොගං න මඤ්ඤාමි.
එහි දද්දරො යනු වටුවායි. තස්සවධං යනු ඒ තිත්වටු පණ්ඩිතයාට මේ පුරුෂයා කෙරෙහි දැන් විනාශයක් ගැන සැක කරමි. නාහං සුඛිං යනු මම දැන් වටුවා සැපසේ යයි, නිරෝගී යයි නොසිතමි.
අථ නං සීහො ඡට්ඨං ගාථමාහ –
ඉක්බිති ඔහුට සිංහයා සවන ගාථාව කීවේය.
“කානිස්ස කම්මායතනානි අස්සු, පුරිසස්ස වුත්තිසමොධානතාය; කං වා පටිඤ්ඤං පුරිසස්ස සුත්වා, පරිසඞ්කසි දද්දරං මාණවෙනා”ති.
6. පුරුෂයාගේ දිවිපැවැත්වීම සඳහා කිනම් කර්මාන්ත (කරන ලදැයි) ඇසුවෙහිද? පුරුෂයාගේ කවර නම් ප්‍රතිඥාවක් අසා මානවකයා විසින් තිත්වටුවා මරන ලදැයි සැක කරහිද?
තත්ථ අස්සූති අස්සොසි. වුත්තිසමොධානතායාති ජීවිතවුත්තිසමොධානතාය, කානි නාම ඉමිනා අත්තනො කම්මානි තුය්හං කථිතානීති අත්ථො. මාණවෙනාති කිං සුත්වා ඉමිනා මාණවෙන මාරිතං පරිසඞ්කසි.
එහි අස්සු යනු ඇසුවෙහි. වුත්ති සමොධානතයා යනු දිවිපැවැත්ම ගෙනයෑම සඳහා මොහු විසින් කවර කටයුතු කළැයි තොපට කියන ලදදැයි යන අර්ථයි. මානවෙන යනු කවරක් අසා මේ මානවකයා විසින් මරන ලදැයි සැක කරහිද?
අථස්ස කථෙන්තො බ්යග්ඝරාජා සෙසගාථා අභාසි –
ඉක්බිති ව්යාඝ්ර රජු ඔහුට කියන්නේ සෙසු ගාථාවන් කීවේය.
“චිණ්ණා කලිඞ්ගා චරිතා වණිජ්ජා, වෙත්තාචරො සඞ්කුපථොපි චිණ්ණො; නටෙහි චිණ්ණං සහ වාකුරෙහි, දණ්ඩෙන යුද්ධම්පි සමජ්ජමජ්ඣෙ.
7. කළිඟු දේශයේ හැසිරුණු පුරුදු ඇත. වෙළදාම් කර ඇත. වේවැල්වලින් යායුතු හුල් සහිත මාර්ගය පුරුදුය. නළුවන් සමඟද වරදැල් දමන වැද්දන් සමඟද හැසිරී පුරුදුය. පිරිස් මැද මුගුරින් කෙරෙන් සටන්ද පුරුදුය.
“බද්ධා කුලීකා මිතමාළකෙන, අක්ඛා ජිතා සංයමො අබ්භතීතො; අබ්බාහිතං පුබ්බකං අඩ්ඪරත්තං, හත්ථා දඩ්ඪා පිණ්ඩපටිග්ගහෙන.
8. මොහු විසින් කුරුල්ලෝ බඳින ලද්දාහ. ධාන්‍ය මැනීමද කරන ලදි. දූකෙළිය භාවිතා කරන ලදි. හික්මීම ඉක්මවා ගියේය. වෙළදාමට තැබූ දෙයෙහි වටිනාකම වංචා කරන ලදි. (මධ්‍යම රාත්‍රියෙහිදී) ලේ වැගිරවීම නවතාලීය. පිඬුසිගා ගිය අවදියේදී අත් දැවී ගියේය.
“තානිස්ස කම්මායතනානි අස්සු, පුරිසස්ස වුත්තිසමොධානතාය; යථා අයං දිස්සති ලොමපිණ්ඩො, ගාවො හතා කිං පන දද්දරස්සා”ති.
9. මේ පුරුෂයාගේ දිවිපැවැත්ම සඳහා වූ ඒ කර්මාන්ත ඇසුවෙමි. යම් හෙයකින් මේ ලොම් පිඬු (පිහාටු රොද) දිස්වේද ගවයන් නසන ලදද වටුවා ගැන කියනු කවරේද?
තත්ථ චිණ්ණා කලිඞ්ගාති වාණිජකානං භණ්ඩං වහන්තෙන කිර තෙන කලිඞ්ගරට්ඨෙ චිණ්ණා. චරිතා වණිජ්ජාති වණිජ්ජාපි තෙන කතා. වෙත්තාචරොති වෙත්තෙහි සඤ්චරිතබ්බො. සඞ්කුපථොපි චිණ්ණොති ඛාණුකමග්ගොපි වලඤ්ජිතො. නටෙහීති ජීවිකහෙතුයෙව නටෙහිපි සද්ධිං. චිණ්ණං සහ වාකුරෙහීති වාකුරං වහන්තෙන වාකුරෙහි සද්ධිං චරිතං. දණ්ඩෙන යුද්ධන්ති දණ්ඩෙන යුද්ධම්පි කිර තෙන යුජ්ඣිතං.
එහි චිණ්ණා කලිඞ්ගා යනු වෙළඳුන්ගේ බඩු ඔසවන ඔහු විසින් කළිඟු රටෙහි චිණ්ණා හැසිරෙන ලදි. ඔහු විසින් වෙළඳාමද කරන ලදි. වෙත්තාචරො යනු වේවැල්වලින් හැසිරිය යුතු සඞ්කුපථොපි චිණ්ණො යනු කණු සහිත මාර්ගයද පරිහරණය කරන ලදි. නටෙහි යනු ජීවත්වීම සඳහාම නළුවන් සමඟද, චිණ්ණං සහ වාකුරෙහි යනු වරදැල් උසුලන්නා වූ (මොහු) විසින් වැද්දන් සමගද හැසිරෙන ලදි. දණ්ඩෙන යුද්ධං යනු මුගුරුවලින් කරන අරගලද ඔහු විසින් කරන ලදි.
බද්ධා කුලීකාති සකුණිකාපි කිර තෙන බද්ධා. මිතමාළකෙනාති ධඤ්ඤමාපකකම්මම්පි කිර තෙන කතං. අක්ඛා ජිතාති අක්ඛධුත්තානං වෙය්යාවච්චං කරොන්තෙන අක්ඛා හටා. සංයමො අබ්භතීතොති ජීවිතවුත්තිං නිස්සාය පබ්බජන්තෙනෙව සීලසංයමො අතික්කන්තො. අබ්බාහිතන්ති අපග්ඝරණං කතං. පුබ්බකන්ති ලොහිතං. ඉදං වුත්තං හොති – ඉමිනා කිර ජීවිකං නිස්සාය රාජාපරාධිකානං හත්ථපාදෙ ඡින්දිත්වා තෙ ආනෙත්වා සාලාය නිපජ්ජාපෙත්වා වණමුඛෙහි පග්ඝරන්තං ලොහිතං අඩ්ඪරත්තසමයෙ තත්ථ ගන්ත්වා කුණ්ඩකධූමං දත්වා ඨපිතන්ති. හත්ථා දඩ්ඪාති ආජීවිකපබ්බජ්ජං පබ්බජිතකාලෙ උණ්හපිණ්ඩපාතපටිග්ගහණෙ හත්ථාපි කිරස්ස දඩ්ඪා.
බද්ධකුලිකා යනු කුරුල්ලෝද ඔහු විසින් බඳිනා ලදහ. මිගමාළ්හකෙන යනු ධාන්‍ය වෙළදාමද ඔහු විසින් කරන ලදි. අක්ඛාවිතා යනු සූදුකරුවන්ට වතාවත් කරන්නන් විසින් සූදුවද පුරුදු කරන ලදි. සංයමො අබ්භතීතො යනු දිවිපැවැත්ම සඳහා පැවිදි වූවන් විසින් සීලයෙන් හික්මීම ඉක්මවන ලදි. අප්පහිතං යනු තැබූ දෙය පැහැර ගැනීම කරන ලදි. පුප්ඵකං යනු රුධිරයයි. මෙය කියන ලදි. මොහු විසින් ජීවත්වීම සඳහා රාජ අපරාධකරුවන්ගේ අත්පා සිඳ ඔවුන් ගෙනවුත් ශාලාවෙහි හොවා තුවාල මුඛයෙන් වැගිරෙන ලෙය මධ්‍යම රාත්‍රී කාලයෙහි එහි ගොස් එනම් දුම් දී නවතාලීය. හත්ථ දඩ්ඩා යනු ආජීවක පැවිද්දෙන් පැවිදි වූ කල්හි උණු පිණ්ඩපාතය ගැනීමෙන් මොහුගේ අත්ද දවන ලදහ.
තානිස්ස කම්මායතනානීති තානි අස්ස කම්මානි. අස්සූති අස්සොසිං. යථා අයන්ති යථා එස එතස්ස ජටන්තරෙ තිත්තිරලොමපිණ්ඩොපි දිස්සති, ඉමිනා කාරණෙන වෙදිතබ්බමෙතං “එතෙනෙව සො මාරිතො”ති. ගාවො හතා කිං පන දද්දරස්සාති ගාවොපි එතෙන හතා, දද්දරස්ස පන කිං න හනිතබ්බං, කස්මා එස තං න මාරෙස්සතීති.
තානිස්ස කම්මායතනානි යනු ඒවා මොහුගේ ජීවිකා වෘත්තියෝයි. අස්සු යනු ඇසීමි. යථා අයං යනු යම් සේ මෙතෙම මොහුගේ ජටාව ඇතුළෙහි තිත් වටුවාගේ ලොම්පිඩද දක්නේය. මේ කරුණින් මොහු විසින්ම ඔහු මරන ලද්දේයයි දතයුතුයි. ගාවො හතා කිං පන දද්දරස්ස යනු මොහු විසින් ගොන්නු නසන ලදහ. තිත්වටුවා කුමක් හෙයින් නොමැරිය යුතු බවක් ඇත්ද? මෙතෙම ඔහු මරන්නේමය යි.
සීහො තං පුරිසං පුච්ඡි “මාරිතො තෙ තිත්තිරපණ්ඩිතො”ති? “ආම, සාමී”ති. අථස්ස සච්චවචනං සුත්වා සීහො තං විස්සජ්ජෙතුකාමො අහොසි. බ්යග්ඝරාජා පන “මාරෙතබ්බයුත්තකො එසො”ති වත්වා තත්ථෙව නං දාඨාහි පහරිත්වා මාරෙත්වා ආවාටං ඛණිත්වා පක්ඛිපි. මාණවා ආගන්ත්වා තිත්තිරපණ්ඩිකං අදිස්වා රොදිත්වා පරිදෙවිත්වා නිවත්තිංසු.
සිංහයාගේ ඒ පුරුෂයාගෙන් විචාළේය. තොප විසින් තිත්වටු පණ්ඩිතයා මරන ලදද? එසේය ස්වාමීනි, ඉක්බිති ඔහුගේ සත්‍ය වචනය අසා සිංහයා ඔහු නිදහස්කොට යවනු කැමති වීය. ව්යාඝ්ර රජ මේ පවිටා මරා දැමිය යුත්තෙකියි එහිදීම ඔහුට දළවලින් පහරදී වලක් හාරා (එහි) දැමීය. මානවකයෝ අවුත් තිත්වටු පණ්ඩිතයා නොදැක හඬා වැලපී පෙරළා ගියාහුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, දෙවදත්තො පුබ්බෙපි මය්හං වධාය පරිසක්කී”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා කූටජටිලො දෙවදත්තො අහොසි, ගොධා උප්පලවණ්ණා, බ්‍යග්ඝො මොග්ගල්ලානො, සීහො සාරිපුත්තො, දිසාපාමොක්ඛො ආචරියො මහාකස්සපො, තිත්තිරපණ්ඩිතො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දෙව්දත් තෙමේ මෙසේ පෙරද මා මැරීම පිණිස උත්සාහ කළේ යයි කියා ජාතකය පූර්වාපර සන්ධි ගලපා වදාළ සේක. එකල්හි ජටිලයා දෙව්දත් වීය. තලගොයා කිසාගෝතමී වූවාය. ව්‍යාඝ්‍රයා මුගලන් තෙරය. සිංහයා සැරියුත් තෙරය. දිසාපාමොක් ආචාර්ය තෙමේ කස්සප තෙරය. තිත්වටු පණ්ඩිතයා මම ම වීමි යනුවෙන් වදාළ සේක.
දද්දරජාතකවණ්ණනා ද්වාදසමා.
ජාතකුද්දානං –
ගිජ්ඣකොසම්බී සුවඤ්ච, චූළසූවං හරිත්තචං; කුසලං ලොමකස්සපං, චක්කවාකං හලිද්දි ච.
සමුග්ගං පූතිමංසඤ්ච, දද්දරඤ්චෙව ද්වාදස; ජාතකෙ නවනිපාතෙ, ගීයිංසු ගීතිකාරකා.
නවකනිපාතවණ්ණනා නිට්ඨිතා.
නවවන නිපාත වර්ණනාව නිමියේය.
(තතියො භාගො නිට්ඨිතො.)
චතුත්ථො භාගො