යෙදුමෙන් කියවන්න

11. පූතිමංසජාතකවණ‍්ණනා 437 අට‍්ඨකථා

11. පූතිමංසජාතකවණ‍්ණනා (437)

11. පූතිමංස ජාතකය (437)

න ඛො මෙ රුච‍්චතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ඉන්‍ද්‍රියඅසංවරං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි සමයෙ බහූ භික‍්ඛූ ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරා අහෙසුං. සත්‍ථා “ඉමෙ භික‍්ඛූ ඔවදිතුං වට‍්ටතී”ති ආනන්‍දත්‍ථෙරස‍්ස වත්‍වා අනියමවසෙන භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා අලඞ‍්කතපල‍්ලඞ‍්කවරමජ‍්ඣගතො භික‍්ඛූ ආමන‍්තෙත්‍වා “න, භික‍්ඛවෙ, භික‍්ඛුනා නාම රූපාදීසු සුභනිමිත‍්තවසෙන නිමිත‍්තං ගහෙතුං වට‍්ටති, සචෙ හි තස‍්මිං සමයෙ කාලං කරොති, නිරයාදීසු නිබ‍්බත‍්තති, තස‍්මා රූපාදීසු සුභනිමිත‍්තං මා ගණ‍්හථ. භික‍්ඛුනා නාම රූපාදිගොචරෙන න භවිතබ‍්බං, රූපාදිගොචරා හි දිට‍්ඨෙව ධම‍්මෙ මහාවිනාසං පාපුණන‍්ති, තස‍්මා වරං, භික‍්ඛවෙ, තත‍්තාය අයොසලාකාය ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය චක‍්ඛුන්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨ”න‍්ති විත්‍ථාරෙත්‍වා “තුම‍්හාකං රූපං ඔලොකනකාලොපි අත්‍ථි අනොලොකනකාලොපි. ඔලොකනකාලෙ සුභවසෙන අනොලොකෙත්‍වා අසුභවසෙනෙව ඔලොකෙය්‍යාථ, එවං අත‍්තනො ගොචරා න පරිහායිස‍්සථ. කො පන තුම‍්හාකං ගොචරොති? චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා, චත‍්තාරො ඉද‍්ධිපාදා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, නව ලොකුත‍්තරධම‍්මා. එතස‍්මිඤ‍්හි වො ගොචරෙ චරන‍්තානං න ලච‍්ඡති මාරො ඔතාරං, සචෙ පන කිලෙසවසිකා හුත්‍වා සුභනිමිත‍්තවසෙන ඔලොකෙස‍්සථ, පූතිමංසසිඞ‍්ගාලො විය අත‍්තනො ගොචරා පරිහායිස‍්සථා”ති වත්‍වා අතීතං ආහරි.

න ඛො මෙ රුච්චති යන මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම්හි වාසය කරන්නේ ඉඳුරන්ගේ සංවරණය අරබයා දේශනා කළ සේක. එක් සමයෙක්හි බොහෝ භික්‍ෂූහු ඉඳුරන්හි නොරක්නා ලද දොරටු ඇත්තෝ වූහ. බුදුරජු මේ භික්‍ෂූන්ට අවවාද කරන්නට වටනේයයි ආනන්‍ද තෙරුන්ට කියා නියම වශයෙන් නොව භික්‍ෂු සංඝයා රැස්කරවා අලංකාර කරන ලද උතුම් පළඟ මැද වැඩසිටි සේක් භික්‍ෂූන් අමතා මහණෙනි, භික්‍ෂුව විසින් රූපාදී අරමුණුවල ශුභ වශයෙන් නිමිති ගැනීමට නුසුදුසුය. ඉදින් එකල්හි කළුරිය කෙරේද නිරය ආදියෙහි උපදී. එහෙයින් රූපාදීන්හි සුභනිමිති නොගනිවු. භික්‍ෂුව විසින් රූපාදිය ගොදුරුකර ගන්නෙකු නොවිය යුතුය. රූපාදිය ගොදුරු කරගන්නාහු මෙලොව මහා විනාශයකට පත් වෙති. එහෙයින් මහණෙනි, කෙළෙස් හා වැකුණු චක්ඛු ඉන්‍ද්‍රියය රත්වූ යකඩ කැබැල්ලක් සේ ගැනීම උතුම්ය. ආදීන් විස්තර කර තෙපි රූපය බලන වේලාවක්ද ඇත. නොබලන වේලාවක්ද ඇත. බලන කල්හි ශුභ වශයෙන් නොබලා අශුභ වශයෙන් බලව්. මෙසේ තමන්ගේ ගොදුරු නොපිරිහෙළව්. තොපට කවරක් නම් ගොදුරු වේද? සතර සතිපට්ඨානයෝය. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නවලෝකෝත්තර ධර්මයෝය. මේ ගොදුරෙහි හැසිරෙන්නා වූ ඔබලා මරුගේ බැස ගැන්මක් නොබලයි. ඉදින් කෙලෙස් වසඟ වූවෝ වී ශුභ නිමිති වශයෙන් බලව්ද පූතිමංස (කුණු වූ මස් බුදින) සිවලා මෙන් තම ගොදුරෙන් පිරිහෙලව් යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ හිමවන‍්තපදෙසෙ අරඤ‍්ඤායතනෙ පබ‍්බතගුහායං අනෙකසතා එළකා වසන‍්ති. තෙසං වසනට‍්ඨානතො අවිදූරෙ එකිස‍්සා ගුහාය පූතිමංසො නාම සිඞ‍්ගාලො වෙණියා නාම භරියාය සද‍්ධිං වසති. සො එකදිවසං භරියාය සද‍්ධිං විචරන‍්තො තෙ එළකෙ දිස‍්වා “එකෙන උපායෙන ඉමෙසං මංසං ඛාදිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා උපායෙන එකෙකං එළකං මාරෙසි. තෙ උභොපි එළකමංසං ඛාදන‍්තා ථාමසම‍්පන‍්නා ථූලසරීරා අහෙසුං. අනුපුබ‍්බෙන එළකා පරික‍්ඛයං අගමංසු. තෙසං අන‍්තරෙ මෙණ‍්ඩමාතා නාම එකා එළිකා බ්‍යත‍්තා අහොසි උපායකුසලා. සිඞ‍්ගාලො තං මාරෙතුං අසක‍්කොන‍්තො එකදිවසං භරියාය සද‍්ධිං සම‍්මන‍්තෙන‍්තො “භද‍්දෙ, එළකා ඛීණා, ඉමං එළිකං එකෙන උපායෙන ඛාදිතුං වට‍්ටති, අයං පනෙත්‍ථ උපායො, ත්‍වං එකිකාව ගන‍්ත්‍වා එතාය සද‍්ධිං සඛී හොහි, අථ තෙ තාය සද‍්ධිං විස‍්සාසෙ උප‍්පන‍්නෙ අහං මතාලයං කරිත්‍වා නිපජ‍්ජිස‍්සාමි, ත්‍වං එතං උපසඞ‍්කමිත්‍වා ‘එළිකෙ සාමිකො මෙ මතො, අහඤ‍්ච අනාථා, ඨපෙත්‍වා තං අඤ‍්ඤො මෙ ඤාතකො නත්‍ථි, එහි රොදිත්‍වා කන්‍දිත්‍වා තස‍්ස සරීරකිච‍්චං කරිස‍්සාමා’ති වත්‍වා තං ගහෙත්‍වා ආගච‍්ඡෙය්‍යාසි, අථ නං අහං උප‍්පතිත්‍වා ගීවාය ඩංසිත්‍වා මාරෙස‍්සාමී”ති ආහ.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි හිමවත පෙදෙසෙහි වනයෙහි පර්වත ගුහාවෙක නොයෙක් සියගණන් එළුවෝ වෙසෙති. ඔවුන් වසන තැනින් නුදුරෙහි එක් ගුහාවක පූතිමංස නම් සිවලෙක් වේණි නම් වූ බිරිඳ සමග වසයි. හෙතෙම එක් දවසක් බිරිඳ සමග හැසිරෙන්නේ ඒ එළුවන් දැක එක් උපායකින් මොවුන්ගේ මස් කෑමට වටනේ යයි සිතා උපක්‍රමයෙන් එක් එක් එළුවෙකු මැරීය. ඒ දෙදෙනාම එළුමස් කන්නාහු බලසම්පන්න වූවාහු මහත් වූ ශරීර ඇත්තාහු වූහ. පිළිවෙලින් එළුවෝ ක්‍ෂයවීමට ගියාහුය. ඔවුන් අතර දක්‍ෂ වූ උපායෙහි බුහුටි වූ ‘මෙළමාතා’ නම් එළිස්සියක් වූවාය. සිවලා ඇය මරන්නට නොහැකි වන්නේ එක් දවසක් බිරිඳ සමග කථාබහ කරනුයේ සොඳුර, එළුවෝ ක්‍ෂය වූවාහ. මේ එළිස්සිය එක් උපායකින් කන්නට වටනේය. එහිලා මේ උපායයි. නුඹ හුදකලාව ගොස් ඇය සමග යෙහෙළියක වෙහි. ඉක්බිති ඇය සමග විශ්වාසය උපන් කල්හි මම මළවූවෙකු මෙන් වැදහොවින්නෙම්. ඔබ ඇය වෙත එළඹ එළිස්සියෙනි, මගේ සැමියා මළේය. මම අනාථ වූයෙමි. ඔහු හැර අන් නෑයෙක් මට නැත. එවයි හඬා වැළපී ඔහුගේ ශරීරකෘත්‍යය කරමු යයි කියා ඇය ගෙන එන්නේය යයි. ඉක්බිති මම ඇය වෙත පැන බෙල්ලෙහි සපා කා මරන්නෙමියි.

සා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තාය සද‍්ධිං සඛිභාවං කත්‍වා විස‍්සාසෙ උප‍්පන‍්නෙ එළිකං තථා අවොච. එළිකා “ආළි සිඞ‍්ගාලි තව සාමිකෙන සබ‍්බෙ මම ඤාතකා ඛාදිතා, භායාමි න සක‍්කොමි ගන‍්තු”න‍්ති ආහ. “ආළි, මා භායි, මතකො කිං කරිස‍්සතී”ති? “ඛරමන‍්තො තෙ සාමිකො, භායාමෙවාහ”න‍්ති සා එවං වත්‍වාපි තාය පුනප‍්පුනං යාචියමානා “අද‍්ධා මතො භවිස‍්සතී”ති සම‍්පටිච‍්ඡිත්‍වා තාය සද‍්ධිං පායාසි. ගච‍්ඡන‍්තී පන “කො ජානාති, කිං භවිස‍්සතී”ති තස‍්මිං ආසඞ‍්කාය සිඞ‍්ගාලිං පුරතො කත්‍වා සිඞ‍්ගාලං පරිග‍්ගණ‍්හන‍්තීයෙව ගච‍්ඡති. සිඞ‍්ගාලො තාසං පදසද‍්දං සුත්‍වා “ආගතා නු ඛො එළිකා”ති සීසං උක‍්ඛිපිත්‍වා අක‍්ඛීනි පරිවත‍්තෙත්‍වා ඔලොකෙසි. එළිකා තං තථා කරොන‍්තං දිස‍්වා “අයං පාපධම‍්මො මං වඤ‍්චෙත්‍වා මාරෙතුකාමො මතාලයං දස‍්සෙත්‍වා නිපන‍්නො”ති නිවත‍්තිත්‍වා පලායන‍්තී සිඞ‍්ගාලියා “කස‍්මා පලායසී”ති වුත‍්තෙ තං කාරණං කථෙන‍්තී පඨමං ගාථමාහ –

ඇය ‘මැනවයි’ පිළිගෙන ඇය සමග යහළු බව කොට විශ්වාසය උපන් කල්හි එළිස්සියට එසේ කීවාය. එළිස්සිය යෙහෙළියනි, ඔබගේ සැමියා විසින් මගේ සියළු නෑයෝ කන ලදහ. බිය වෙමි. යන්නට නොහැක්කෙමැයි කීය. යෙහෙළිය බිය නොවව. මියගිය තැනැත්තේ කුමක් කරන්නේදැයි කීවාය. තොපගේ සැමියා රළු පැවැත්ම ඇතියෙක. මම බියවෙමියි කීය. ඇය මෙසේ කියාද ඇය විසින් නැවත නැවතත් අයදිනු ලබන්නී ඒකාන්තයෙන් මියගියේ වන්නේ යයි පිළිගෙන ඇය සමග පිටත්වීය. යන්නීද කවරක් දනීද කුමක් වන්නේදැයි ඇය කෙරෙහි සැකයෙන් සිවලිය පෙරටු කර සිවලා පරීක්‍ෂා කරන්නීම යයි. සිවලා ඇයගේ පා ශබ්දය අසා එළිස්සිය ආවාමය යි හිස ඔසවා ඇස් පෙරලා බැලීය. එළිස්සිය ඔහු දැක පවිටු ස්වභාව ඇති මැය මා රවටා මා මරනු කැමැත්තේ මළ සෙයක් දක්වා හොත්තේ යයි ආපසු හැරී පලා යන්නී, සිවලිය විසින් කුමක් හෙයින් පලා යන්නෙහි දැයි කී කල්හි ඒ කරුණ කියන්නේ පළමු ගාථාව කීය.

“න ඛො මෙ රුච‍්චති ආළි, පූතිමංසස‍්ස පෙක‍්ඛනා; එතාදිසා සඛාරස‍්මා, ආරකා පරිවජ‍්ජයෙ”ති.

න ඛො මෙ රුච්චති ආළි - පූතිමංසස්ස පෙක්ඛණ, එතාදිසා සඞ්ඛාරස්මා - ආරකා පරිවජ්ජයෙ

1. යෙහෙලිය, පූතිමංසගේ දැක්ම මට රුචි නොවේ. මෙබඳු මිතුරාගෙන් දුරින්ම දුරුවන්නේය යි.

තත්‍ථ ආළීති ආලපනං, සඛි සහායිකෙති අත්‍ථො. එතාදිසා සඛාරස‍්මාති එවරූපා සහායකා අපක‍්කමිත්‍වා තං සහායකං ආරකා පරිවජ‍්ජෙය්‍යාති අත්‍ථො.

එහි ආළි යනු ආමන්ත්‍රණයයි. මිතුරිය යෙහෙළිය යන අර්ථයි. එතාදිසා සංඛාරස්මා යනු මෙබඳු වූ යහළුවාගෙන් ඉවත්වී, ඒ යහළුවා දුරින්ම දුරු කරවවයි. අර්ථයි.

එවඤ‍්ච පන වත්‍වා සා නිවත‍්තිත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව ගතා. සිඞ‍්ගාලී තං නිවත‍්තෙතුං අසක‍්කොන‍්තී තස‍්සා කුජ‍්ඣිත්‍වා අත‍්තනො සාමිකස‍්සෙව සන‍්තිකං ගන‍්ත්‍වා පජ‍්ඣායමානා නිසීදි. අථ නං සිඞ‍්ගාලො ගරහන‍්තො දුතියං ගාථමාහ –

ඇය මෙසේ කියා ආපසු හැරී තමා වසන තැනටම ගියේය. සිවල් දෙනද ඇය නවතාලන්නට නොහැකි වන්නී ඇයට කිපී සිය සැමියා වෙතටම ගොස් ශෝක කරන්නී හුන්නාය. ඉක්බිති සිවලා ඇයට ගරහන්නේ දෙවන ගාථාව කීය.

“උම‍්මත‍්තිකා අයං වෙණී, වණ‍්ණෙති පතිනො සඛිං; පජ‍්ඣායි පටිගච‍්ඡන‍්තිං, ආගතං මෙණ‍්ඩමාතර”න‍්ති.

2. මේ වෙණී නම් සිවලිය උමතු තැනැත්තියක. සැමියා හමුවේ මිතුරිය වර්ණනා කෙරේ. ආවා වූ මේලමාතා නම් එළිස්සිය පෙරළා යනු බලා ශෝක කරයි.

තත්‍ථ වෙණීති තස‍්සා නාමං. වණ‍්ණෙති පතිනො සඛින‍්ති පඨමමෙව අත‍්තනො සඛිං එළිකං “මයි සිනෙහා විස‍්සාසිකා ආගමිස‍්සති නො සන‍්තිකං, මතාලයං කරොහී”ති පතිනො සන‍්තිකෙ වණ‍්ණෙති. අථ නං සා ඉදානි ආගතං මම සන‍්තිකං අනාගන‍්ත්‍වාව පටිගච‍්ඡන‍්තිං මෙණ‍්ඩමාතරං පජ‍්ඣායති අනුසොචතීති.

එහි වෙණි යනු ඇගේ නමයි. වණ්ණොති පතිනො සඛිං යනු පළමුව තමාගේ යෙහෙළිය වූ එළිස්සිය මා කෙරෙහි ආදර ඇත්තී විශ්වාසවන්ත වූවා අපගේ සමීපයට එන්නේය. මළ සෙයක් කරවවයි ස්වාමියාගේ සමීපයෙහි වර්ණනා කරයි. ඉක්බිති ඇය දැන් ආගතං මා සමීපයට නොඅවුත්ම, පටිගච්ඡන්තිං මෙළමාතරං පජ්ක්‍ධායති සෝක කෙරේ යනුයි.

තං සුත්‍වා සිඞ‍්ගාලී තතියං ගාථමාහ –

ඒ අසා සිවලිය තෙවන ගාථාව කීය.

“ත්‍වං ඛොසි සම‍්ම උම‍්මත‍්තො, දුම‍්මෙධො අවිචක‍්ඛණො; යො ත්‍වං මතාලයං කත්‍වා, අකාලෙන විපෙක‍්ඛසී”ති.

3. සබඳ, ඔබම උමතු වූයේද මෝඩ වූයේද තැනට සුදුසු නුවණින් තොර වූයේද වෙහි. මක්නිසාද? යම් බඳු වූ නුඔ මළ එකෙකු සේ කොට නුසුදුසු වේලාවෙහි බැලුවෙහිය. (එනිසාය.)

තත්‍ථ අවිචක‍්ඛණොති විචාරණපඤ‍්ඤාරහිතො. අකාලෙන විපෙක‍්ඛසීති එළිකාය අත‍්තනො සන‍්තිකං අනාගතායෙව ඔලොකෙසීති අත්‍ථො.

එහි අවිචක්ඛණො යනු විචාර බුද්ධිරහිත වූයේ අකාලෙන විපෙක්ඛසි යනු එළිස්සිය තමාගේ සමීපයට නොපැමිණි කල්හිම බැලුවෙහිය යන අර්ථය.

“න අකාලෙ විපෙක‍්ඛය්‍ය, කාලෙ පෙක‍්ඛෙය්‍ය පණ‍්ඩිතො; පූතිමංසොව පජ‍්ඣායි, යො අකාලෙ විපෙක‍්ඛතී”ති. – අයං අභිසම‍්බුද‍්ධගාථා;

4. පණ්ඩිත තෙමේ නොකල්හි නොබලන්නේය. සුදුසු කල්හිම බලන්නේය. යමෙක් නොකල්හි බලන්නේද (ඔහු) පූතිමංසයා මෙන් ශෝක වෙයි.

තත්‍ථ අකාලෙති කාමගුණෙ ආරබ‍්භ සුභවසෙන චිත‍්තුප‍්පාදකාලෙ. අයඤ‍්හි භික‍්ඛුනො රූපං ඔලොකෙතුං අකාලො නාම. කාලෙති අසුභවසෙන අනුස‍්සතිවසෙන කසිණවසෙන වා රූපග‍්ගහණකාලෙ. අයඤ‍්හි භික‍්ඛුනො රූපං ඔලොකෙතුං කාලො නාම. තත්‍ථ අකාලෙ සාරත‍්තකාලෙ රූපං ඔලොකෙන‍්තා මහාවිනාසං පාපුණන‍්තීති හරිතචජාතකලොමසකස‍්සපජාතකාදීහි දීපෙතබ‍්බං. කාලෙ අසුභවසෙන ඔලොකෙන‍්තා අරහත‍්තෙ පතිට‍්ඨහන‍්තීති අසුභකම‍්මිකතිස‍්සත්‍ථෙරවත්‍ථුනා කථෙතබ‍්බං. පූතිමංසොව පජ‍්ඣායීති භික‍්ඛවෙ, යථා පූතිමංසසිඞ‍්ගාලො අකාලෙ එළිකං ඔලොකෙත්‍වා අත‍්තනො ගොචරා පරිහීනො පජ‍්ඣායති, එවං භික‍්ඛු අකාලෙ සුභවසෙන රූපං ඔලොකෙත්‍වා සතිපට‍්ඨානාදිගොචරා පරිහීනො දිට‍්ඨධම‍්මෙ සම‍්පරායෙපි සොචති පජ‍්ඣායති කිලමතීති.

මේ බුද්ධදේශිත ගාථාවයි. එහි අකාලෙ යනු කාම වස්තූන් අරබයා සුභ වශයෙන් සිතුවිලි උපන් කාලයයි. මේ වේලාව භික්‍ෂුවට රූප බලන්නට නොසුදුසු කාලය වේ. කාලෙ යනු අසුභ වශයෙන් හෝ අනුස්සති වශයෙන් හෝ කසින වශයෙන් හෝ රූපයන් ගන්නා කාලයයි. මේ වේලාව භික්‍ෂුවට රූපය බලන්නට සුදුසු කාලය නම් වේ. එහි අකාලෙ යනු කාමයෙහි ගිජුවූ කල්හි රූපය බලන්නාහු මහත් වූ විනාශයකට පැමිණෙත් යනුයි. හාරිත ජාතකය, ලොමස කස්සප ජාතකය ආදීන්ගෙන් දැක්විය යුතුය. කාලෙ යනු අසුභ වශයෙන් බලන්නාහු අර්හත් බැව්හි පිහිටුවත් යයි අසුභකම්මික තෙරුන්ගේ කථා වස්තුවෙන් කිවයුතුය. පූතිමංසොව පජ්ක්‍ධායති යනු මහණෙනි, යම්සේ පූතිමංස සිවලා නොකල්හි එළිස්සිය දෙස බලා තමාගේ ගොදුරෙන් පිරිහුනේ ශෝක කරයි. එසේ භික්‍ෂුව නොකල්හි සුභ වශයෙන් බලා රූපය බලා සතිපට්ඨානාදී ගෝචරයන්ගෙන් පිරිහුනේ මෙලොවද පරලොවද දැවේ. වෙසෙසින් දැවේ. ක්ලාන්ත වේ යනුයි.

වෙණීපි ඛො සිඞ‍්ගාලී පූතිමංසං අස‍්සාසෙත්‍වා “සාමි, මා චින‍්තෙසි, අහං තං පුනපි උපායෙන ආනෙස‍්සාමි, ත්‍වං ආගතකාලෙ අප‍්පමත‍්තො ගණ‍්හෙය්‍යාසී”ති වත්‍වා තස‍්සා සන‍්තිකං ගන‍්ත්‍වා “ආළි, තව ආගතකාලෙයෙව නො අත්‍ථො ජාතො, තව ආගතකාලස‍්මිංයෙව හි මෙ සාමිකො සතිං පටිලභි, ඉදානි ජීවති, එහි තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කරොහී”ති වත්‍වා පඤ‍්චමං ගාථමාහ –

වේණි නම් වූ සිවලිය පූතිමංසයා අස්වසා ස්වාමීනි, තහනමක් නොසිතව. මම ඇය නැවතද උපක්‍රමයෙන් ගෙන එන්නෙමි. ඔබ (අද) පැමිණෙන කල්හි නොපමාව ගත යුත්තෙහියි (කියා) ඇයගේ සමීපයට ගොස් යෙහෙළිය, ඔබගේ පැමිණි බවම අපගේ යහපත පිණිස වීය. ඔබ පැමිණි කල්හිම මගේ සැමියා සිහිය ලැබුවේය. දැන් ජීවත් වෙයි. ඔහු සමග පිළිසඳර කරවයි කියා පස්වන ගාථාව කීය.

“පියං ඛො ආළි මෙ හොතු, පුණ‍්ණපත‍්තං දදාහි මෙ; පති සඤ‍්ජීවිතො මය‍්හං, එය්‍යාසි පියපුච‍්ඡිකා”ති.

5. යෙහෙළිය, මට ප්‍රියයෙකු වන්න. මට තුටුපඬුරු දෙන්න. මගේ සැමියා ජීවත් වෙයි. ප්‍රියයන් විචාරන්නීය (මා සමග) එන්න.

තත්‍ථ පුණ‍්ණපත‍්තං දදාහි මෙති පියක‍්ඛානං අක‍්ඛායිකා මය‍්හං තුට‍්ඨිදානං දෙහි. පති සඤ‍්ජීවිතො මය‍්හන‍්ති මම සාමිකො සඤ‍්ජීවිතො උට‍්ඨිතො අරොගොති අත්‍ථො. එය්‍යාසීති මයා සද‍්ධිං ආගච‍්ඡ.

එහි පුණ්ණපත්තං දදාහි මෙ යනු ප්‍රියතෙපුල් කියනු පිණිස පැමිණි මට තුටුපඬුරු දෙව. පති සංජීවිතො යනු මගේ සැමියා ජීවත් වන්නේ නිරෝගී යයි යනු අර්ථයි. එය්‍යාසි යනු මා සමග එව.

එළිකා “අයං පාපධම‍්මා මං වඤ‍්චෙතුකාමා, අයුත‍්තං ඛො පන පටිපක‍්ඛකරණං, උපායෙනෙව නං වඤ‍්චෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා ඡට‍්ඨං ගාථමාහ –

එළිස්සිය පවිටු ස්වභාව ඇති මැය මා රවටනු කැමති වූවාය. එරෙහිව කටයුතු කිරීම නුසුදුසුය. ඇය උපක්‍රමයෙන් රවටන්නනෙමියි සිතා සවන ගාථාව කීය.

“පියං ඛො ආළි තෙ හොතු, පුණ‍්ණපත‍්තං දදාමි තෙ; මහතා පරිවාරෙන, එස‍්සං කයිරාහි භොජන”න‍්ති.

6. යෙහෙළිය( මා) තොපට ප්‍රිය වූවෙකු වේවා! තොපට තුටුපඬුරු දෙමි. මහත් වූ පිරිවර සමඟ (පැමිණෙන්නෙමි) අපට ආහාර පිළියෙල කරන්න.

තත්‍ථ එස‍්සන‍්ති ආගමිස‍්සාමි. ආගච‍්ඡමානා ච අත‍්තනො ආරක‍්ඛං කත්‍වා මහන‍්තෙන පරිවාරෙන ආගමිස‍්සාමීති.

එහි එසං යනු පැමිණෙන්නෙමි. එන්නීද තමාගේ ආරක්‍ෂාව (සහතික) කොට මහත් වූ පිරිවර සමග එන්නෙමි.

අථ නං සිඞ‍්ගාලී පරිවාරං පුච‍්ඡන‍්තී සත‍්තමං ගාථමාහ –

ඉක්බිති සිවලිය ඇයගේ පිරිවර ගැන විමසන්නීය.

“කීදිසො තුය‍්හං පරිවාරො, යෙසං කාහාමි භොජනං; කිං නාමකා ච තෙ සබ‍්බෙ, තෙ මෙ අක‍්ඛාහි පුච‍්ඡිතා”ති.

7. යම් කෙනෙකුට ආහාර පිළියෙල කරම්ද ඒ ඔබගේ පිරිවර කෙබඳුද? ඔවුහු කිනම් ඇත්තෝද? අසන්නා වූ මට ඒ සියල්ල කියව යි සත්වන ගාථාව කීවාය.

සා ආචික‍්ඛන‍්තී අට‍්ඨමං ගාථමාහ –

ඇය කියන්නී.

“මාලියො චතුරක‍්ඛො ච, පිඞ‍්ගියො අථ ජම‍්බුකො; එදිසො මය‍්හං පරිවාරො, තෙසං කයිරාහි භොජන”න‍්ති.

8. මාලිය ද චතුරකව ද පිංගල ද තවද ජම්බුක ද යන මොවුහු මගේ පිරිවරයි. ඔවුන්ට ආහාර පිළියෙල කරන්නයි අටවන ගාථාව කීය.

තත්‍ථ තෙ මෙති තෙ පරිවාරෙ මය‍්හං ආචික‍්ඛි. මාලියොතිආදීනි චතුන‍්නං සුනඛානං නාමානි. “තත්‍ථ එකෙකස‍්ස පඤ‍්ච පඤ‍්ච සුනඛසතානි පරිවාරෙන‍්ති, එවං ද‍්වීහි සුනඛසහස‍්සෙහි පරිවාරිතා ආගමිස‍්සාමී”ති වත්‍වා “සචෙ තෙ භොජනං න ලභිස‍්සන‍්ති, තුම‍්හෙ ද‍්වෙපි ජනෙ මාරෙත්‍වා ඛාදිස‍්සන‍්තී”ති ආහ.

එහි තෙ මෙ යනු ඔබේ පිරිවර මට කියව. මාලියො යනු මාලිය ආදීන් සුනඛයන් සිව්දෙනෙකුගේ නම්ය. එහි ඔවුන් එක එකෙකුට පන්සියයක් සුනඛ පිරිවර යැයි මෙසේ සුනඛයන් දෙදහසකින් පිරිවරා පැමිණෙන්නෙමැයි කියා ඉදින් තොපගේ ආහාර නොලබන්නාහුද තොප දෙදෙනාම මරා කන්නාහු යයි කීය.

තං සුත්‍වා සිඞ‍්ගාලී භීතා “අලං ඉමිස‍්සා තත්‍ථ ගමනෙන, උපායෙනස‍්සා අනාගමනමෙව කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා නවමං ගාථමාහ –

ඒ අසා සිවලිය බියට පත් වූවා මැයගේ එහි යෑමෙන් කම් නැත. උපක්‍රමයෙන් මැයගේ නොපැමිණීමම කරන්නෙමියි සිතා නවවන ගාථාව කීය.

“නික‍්ඛන‍්තාය අගාරස‍්මා, භණ‍්ඩකම‍්පි විනස‍්සති; ආරොග්‍යං ආළිනො වජ‍්ජං, ඉධෙව වස මාගමා”ති.

9. ගෙයින් නික්ම ගියපසු ගෙයි බඩු විනාශ වේ. මිතුරාට සුවදුක් කියමි. මෙහිම වසන්න. පිටතට නොයන්න. යනුවෙනි.

තස‍්සත්‍ථො – ආළි, තව ගෙහෙ බහුභණ‍්ඩකං අත්‍ථි, තං තෙ නික‍්ඛන‍්තාය අගාරස‍්මා අනාරක‍්ඛං භණ‍්ඩකං විනස‍්සති, අහමෙව තෙ ආළිනො සහායකස‍්ස ආරොග්‍යං වජ‍්ජං වදිස‍්සාමි, ත්‍වං ඉධෙව වස මාගමාති.

එහි අර්ථය. යෙහෙළිය, ඔබේ නිවසෙහි බොහෝ බඩු ඇත. එය ඔබ නික්ඛන්තාය අගාරස්මා ගෙන් නික්ම ගිය කල්හි ආරක්‍ෂා රහිත වේ. භණ්ඩකං බඩු වැනසෙන්නේ යි. මම ඔබගේ ආළිනො යහළුවාට නිරෝගී බව වජ්ජං කියන්නෙමි. ඔබ ඉධෙව වස මාගමො යනු මෙහිම සිටුව. පිටතට නොයව.

එවඤ‍්ච පන වත්‍වා මරණභයභීතා වෙගෙන සාමිකස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං ගහෙත්‍වා පලායි. තෙ පුන තං ඨානං ආගන‍්තුං නාසක‍්ඛිංසු.

මෙසේ කියා මරණ බියෙන් බියට පත් වූවා වේගයෙන් ස්වාමියා සමීපයට ගොස් ඔහු ගෙන පලා ගියේය. ඔවුහු නැවත එතැනට පැමිණෙන්නට නොහැකි වූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි “තදා අහං තස‍්මිං ඨානෙ වනජෙට‍්ඨකරුක‍්ඛෙ නිබ‍්බත‍්තදෙවතා අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය පූර්වාපර සන්‍ධි ගලපා වදාළ සේක. එකල්හි මම එතන්හි වනස්පතී රුකක උපන් දේවතාවා වූයෙමි යි.

පූතිමංසජාතකවණ‍්ණනා එකාදසමා.