යෙදුමෙන් කියවන්න

10. සමුග‍්ගජාතකවණ‍්ණනා 436 අට‍්ඨකථා

10. සමුග‍්ගජාතකවණ‍්ණනා (436)

10. සමුග්ග ජාතකය (436)

කුතො නු ආගච‍්ඡථාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “කස‍්මා භික‍්ඛු මාතුගාමං පත්‍ථෙසි, මාතුගාමො නාමෙස අසබ‍්භො අකතඤ‍්ඤූ, පුබ‍්බෙ දානවරක‍්ඛසා ගිලිත්‍වා කුච‍්ඡිනා පරිහරන‍්තාපි මාතුගාමං රක‍්ඛිතුං එකපුරිසනිස‍්සිතං කාතුං නාසක‍්ඛිංසු, ත්‍වං කථං සක‍්ඛිස‍්සසී”ති වත්‍වා අතීතං ආහරි.

කුතොනු ආගච්ඡථ යන මේ ගාථාව ශාස්තෘෘන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් උකටලී භික්‍ෂුවක් අරබයා දේශනා කළ සේක. ශාස්තෲන් වහන්සේ ඔහුට, භික්‍ෂුව ඔබ උකටලී වූයේ සැබව දැයි විමසා ස්වාමීනි, සත්‍යයයි කී කල්හි, මහණ කුමක් හෙයින් මාගමුන් ප්‍රාර්ථනය කෙරෙහිද? මේ මාගමුන් නම් පිළිකුල් කටයුතු ඇත්තේය. කළගුණ නොදන්නේය. පෙර දානව රාක්‍ෂසයෝ ගිල කුසින් පරිහරණය කරන්නාහුද මාගමුන් රක්නට, එක් පුරුෂයෙකු ඇසුරු කරන්නෙකු කිරීමට නොහැකි වූවාහුය යි නුඔ කෙසේ පොහොසත් වන්නෙහි දැයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාමෙ පහාය හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා ඵලාඵලෙන යාපෙන‍්තො විහාසි. තස‍්ස පණ‍්ණසාලාය අවිදූරෙ එකො දානවරක‍්ඛසො වසති. සො අන‍්තරන‍්තරා මහාසත‍්තං උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුණාති, අටවියං පන මනුස‍්සානං සඤ‍්චරණමග‍්ගෙ ඨත්‍වා ආගතාගතෙ මනුස‍්සෙ ගහෙත්‍වා ඛාදති. තස‍්මිං කාලෙ එකා කාසිරට‍්ඨෙ කුලධීතා උත‍්තමරූපධරා අඤ‍්ඤතරස‍්මිං පච‍්චන‍්තගාමෙ නිවුත්‍ථා හොති. තස‍්සා එකදිවසං මාතාපිතූනං දස‍්සනත්‍ථාය ගන‍්ත්‍වා පච‍්චාගමනකාලෙ පරිවාරමනුස‍්සෙ දිස‍්වා සො දානවො භෙරවරූපෙන පක‍්ඛන්‍දි. මනුස‍්සා භීතා ගහිතගහිතාවුධානි ඡඩ‍්ඩෙත්‍වා පලායිංසු. දානවො යානෙ නිසින‍්නං අභිරූපං මාතුගාමං දිස‍්වා පටිබද‍්ධචිත‍්තො හුත්‍වා තං අත‍්තනො ගුහං නෙත්‍වා භරියං අකාසි. තතො පට‍්ඨාය සප‍්පිතෙලතණ‍්ඩුලමච‍්ඡමංසාදීනි චෙව මධුරඵලාඵලානි ච ආහරිත්‍වා තං පොසෙසි, වත්‍ථාලඞ‍්කාරෙහි ච නං අලඞ‍්කරිත්‍වා රක‍්ඛණත්‍ථාය එකස‍්මිං කරණ‍්ඩකෙ පක‍්ඛිපිත්‍වා කරණ‍්ඩකං ගිලිත්‍වා කුච‍්ඡිනා පරිහරති. සො එකදිවසං න‍්හායිතුකාමතාය එකං සරං ගන‍්ත්‍වා කරණ‍්ඩකං උග‍්ගිලිත්‍වා තං තතො නීහරිත්‍වා න‍්හාපෙත්‍වා විලිම‍්පෙත්‍වා අලඞ‍්කාරෙත්‍වා “ථොකං තව සරීරං උතුං ගණ‍්හාපෙහී”ති තං කරණ‍්ඩකසමීපෙ ඨපෙත්‍වා සයං න‍්හානතිත්‍ථං ඔතරිත්‍වා තං අනාසඞ‍්කමානො ථොකං දූරං ගන‍්ත්‍වා න‍්හායි.

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසත් තෙමේ කාමයන් හැර හිමවතට පිවිස තවුස් පැවිද්දේන් පැවිදි වී අභිඥාවන්ද සමාපත්තීන්ද උපදවා ලොකු කුඩා ගෙඩිවලින් යැපෙන්නේ වාසය කළේය. එතුමාගේ පන්සල නුදුරෙහි එක් දානව රකුසෙක් වාසය කරයි. හෙතෙම අතරතුර මහා සත්‍වයන් වෙත එළඹ ධර්මය අසයි. වනයෙහි මිනිසුන් සැරිසරන මාර්ගයෙහි සිට මිනිසුන් කයි. එකල්හි කාසි රට උසස් රූපශ්‍රීයෙන් යුත් එක් කුලදුවක් එක්තරා පසල් ගමක පදිංචි වූවා වෙයි. ඇය එක්දිනක් මව්පියන් දැකීම පිණිස අවුත් පෙරලා යන කල්හි මිනිසුන් දැක ඒ දානව රකුසා භයානක රූපයකින් යුක්තව කඩා පැන්නේය. මිනිස්සු ගත් ගත් ආයුධ දමා පලා ගියාහුය. දානව රකුසා යානයෙහි හුන් ඉතා රූ ඇති ස්ත්‍රිය දැක පිළිබඳ සිත් ඇත්තේ වී ඇය තමාගේ ගුහාවට පමුණුවා සිය බිරිඳ බවට පත් කළේය. එතැන් පටන් ගිතෙල් සහල් මත්ස්‍ය මාංශ ආදියද මිහිරි ගෙඩිද ගෙනවිත් ඇය පෝෂණය කෙළේය. වස්ත්‍රාලංකාරයෙන් ද ඇය අලංකාර කොට ආරක්‍ෂා කිරීම සඳහා කරඬුවක හොවා කරඬුව ගිල කුසින් රැක ගනී. හෙතෙම එක් දිනයක නහවනු කැමැත්තෙන් එක් විලක් වෙත ගොස් කරඬුව වමාරා ඇය ඉන් බැහැරකොට නාවා විලවුන් ගල්වා අලංකාර කැර ඔබේ සිරුර මදක් සෘතු ගන්වවයි ඇය කරඬුව සමීපයෙහි තබා තෙමේ නහන තොටට බැස ඇය ගැන සැක නොකරනුයේ මද දුරක් ගොස් නෑවේය.

තස‍්මිං සමයෙ වායුස‍්සපුත‍්තො නාම විජ‍්ජාධරො සන‍්නද‍්ධඛග‍්ගො ආකාසෙන ගච‍්ඡති. සා තං දිස‍්වා “එහී”ති හත්‍ථමුද‍්දං අකාසි, විජ‍්ජාධරො ඛිප‍්පං ඔතරි. අථ නං සා කරණ‍්ඩකෙ පක‍්ඛිපිත්‍වා දානවස‍්ස ආගමනං ඔලොකෙන‍්තී කරණ‍්ඩකූපරි නිසීදිත්‍වා තං ආගච‍්ඡන‍්තං දිස‍්වා තස‍්ස අත‍්තානං දස‍්සෙත්‍වා තස‍්මිං කරණ‍්ඩකසමීපං අසම‍්පත‍්තෙයෙව කරණ‍්ඩකං විවරිත්‍වා අන‍්තො පවිසිත්‍වා විජ‍්ජාධරස‍්ස උපරි නිපජ‍්ජිත්‍වා අත‍්තනො සාටකං පාරුපි. දානවො ආගන‍්ත්‍වා කරණ‍්ඩකං අසොධෙත්‍වා “මාතුගාමොයෙව මෙ”ති සඤ‍්ඤාය කරණ‍්ඩකං ගිලිත්‍වා අත‍්තනො ගුහං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ චින‍්තෙසි “තාපසො මෙ චිරං දිට‍්ඨො, අජ‍්ජ තාව නං ගන‍්ත්‍වා වන්‍දිස‍්සාමී”ති. සො තස‍්ස සන‍්තිකං අගමාසි. තාපසොපි නං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා ද‍්වින‍්නං ජනානං කුච‍්ඡිගතභාවං ඤත්‍වා සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

එසමයෙහි වායුස්පුත්‍ර නම් වූ විද්‍යාධරයා කඩුවකින් සන්නද්ධ වූයේ අහසින් යයි. ඇය ඔහු දැක “එවයි” අතින් සංඥා කළාය. විද්‍යාධරයා වහා බිමට බැස්සේය. ඉක්බිති ඔහු ඇය කරඬුවෙහි දමා දානවයාගේ නොපැමිණීම බලන්නී කරඬුව මත්තෙහි හිඳ එන්නා වූ ඔහු දැක ඔහුට තමා දක්වා ඔහු කරඬුව සමීපයට නොපැමිණි කල්හිම කරඬුව විවර කර ඇතුළට පිවිස විද්‍යාධරයාගේ මත්තෙහි වැදහෙව තමාගේ සළුව පෙරවීය. දානවයා අවුත් කරඬුව පරීක්‍ෂා නොකරම මගේ ස්ත්‍රියයයි හැඟීමෙන් කරඬුව ගිල තමාගේ ගුහාවට යන්නේ අතරමගදී මවිසින් තවුසා කලකින් දක්නා ලද්දේය. අද වූ කලී ඔහුට වඳින්නෙමියි ඔහු සමීපයට ගියේය. තවුසා එන්නා වූ ඔහු දුරදීම දැක දෙදෙනාම කුසට ගිය බව දැන ආමන්ත්‍රණය කරන්නේ පළමු ගාථාව කීය.

“කුතො නු ආගච‍්ඡථ භො තයො ජනා, ස‍්වාගතා එථ නිසීදථාසනෙ; කච‍්චිත්‍ථ, භොන‍්තො කුසලං අනාමයං, චිරස‍්සමබ‍්භාගමනඤ‍්හි වො ඉධා”ති.

කුතො නු ආගච්ඡථ භො තයො ජනා, ස්වාගතං එත්‍ථ නිසිදථාසනෙ, කච්චිත්‍ථ භොන්තො කුසලං අනාමයං , චිරස්ස මබ්භා ගමණං හි වො ඉධාති

1. පින්වත්නි, තෙපි තිදෙන කොහි සිට එන්නහුද? ආවෝ මැනවයි! මේ අසුන්හි හිඳගනිවු. පින්වත්නි කිම, සුවසේද? දුකක් නැත්ද? ඔබගේ මෙහි පැමිණීම කලකින් වීය.

තත්‍ථ භොති ආලපනං. කච‍්චිත්‍ථාති කච‍්චි හොථ භවථ විජ‍්ජථ. භොන‍්තොති පුන ආලපන‍්තො ආහ. කුසලං අනාමයන‍්ති කච‍්චි තුම‍්හාකං කුසලං ආරොග්‍යං. චිරස‍්සමබ‍්භාගමනඤ‍්හි වො ඉධාති අජ‍්ජ තුම‍්හාකං ඉධ අබ‍්භාගමනඤ‍්ච චිරං ජාතං.

එහි භො යනු ඇමතීමයි. කච්චිත්‍ථ යනු කෙසේ වේද? වහුද? වන්නාහුද? භොන්තො යනු නැවතද අමතන්නේම කීය. කුසලං අනාමයං යනු කිම තොපට යහපත්ද නිරෝගී බව වේද? චිරස්ස මබ්භාගමනං හි වො ඉධ යනු අද තොපලාගේ මෙහි පැමිණීමද බොහෝ කලකින් වීය.

තං සුත්‍වා දානවො “අහං ඉමස‍්ස තාපසස‍්ස සන‍්තිකං එකකොව ආගතො, අයඤ‍්ච තාපසො ‘තයො ජනා’ති වදති, කිං නාමෙස කථෙති, කිං නු ඛො සභාවං ඤත්‍වා කථෙති, උදාහු උම‍්මත‍්තකො හුත්‍වා විලපතී”ති චින‍්තෙත්‍වා තාපසං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො දුතියං ගාථමාහ –

ඒ අසා දානව තෙමේ (සිතනුයේ) මම මේ තාපසයා ළඟට හුදකලාවම පැමිණියෙමි. තවුසා “තිදෙනා” යයි කියයි. මෙතෙම කවරක් නම් කියහිද? කිම ඇති සැටියක් දැන කියයිද නැතහොත් උමතු වී නන් දොඩවයිදැයි සිතා තවුසා වෙත එළඹ වැඳ එකත්පස්ව හිඳ ඔහු සමග සල්ලාපයෙහි යෙදෙන්නේ දෙවන ගාථාව කීය.

“අහමෙව එකො ඉධ මජ‍්ජ පත‍්තො, න චාපි මෙ දුතියො කොචි විජ‍්ජති; කිමෙව සන්‍ධාය තෙ භාසිතං ඉසෙ, කුතො නු ආගච‍්ඡථ භො තයො ජනා”ති.

2. තවුසාණෙනි, අද මම හුදකලාවම මෙහි පැමිණියේ වෙමි. මට කවර හෝ දෙවැන්නෙක් නැත. පින්වත, තෙපි තිදෙන කොහි සිට ආවහුදැයි තොප විසින් කුමක් අරබයා කියන ලදද?

තත්‍ථ ඉධ මජ‍්ජාති ඉධ අජ‍්ජ. කිමෙව සන්‍ධාය තෙ භාසිතං ඉසෙති භන‍්තෙ, ඉසි කිං නාමෙතං සන්‍ධාය තයා භාසිතං, පාකටං තාව මෙ කත්‍වා කථෙහීති.

එහි ඉධමජ්ජ යනු මෙහි අද. කිමෙව සන්‍ධාය තෙ භාසිතං ඉසෙ යනු ස්වාමීනි, තවුසාණෙනි, මේ කවරක් අරබයා කියන ලදද පළමුකොට මට හෙළිපෙහෙලි කර කියවයි.

තාපසො “එකංසෙනෙවාවුසො සොතුකාමොසී”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ “තෙන හි සුණාහී”ති වත්‍වා තතියං ගාථමාහ –

තාපස තෙමේ ඇවැත්නි, එක එල්ලේම අසනු කැමැත්තේ වෙහිදැයි (ඇසීය) එසේය ස්වාමීනි, එසේය ස්වාමීනි යයි කියා තෙවන ගාථාව කීය.

“තුවඤ‍්ච එකො භරියා ච තෙ පියා, සමුග‍්ගපක‍්ඛිත‍්තනිකිණ‍්ණමන‍්තරෙ; සා රක‍්ඛිතා කුච‍්ඡිගතාව තෙ සදා, වායුස‍්සපුත‍්තෙන සහා තහිං රතා”ති.

3. ඔබ එකෙකි. කරඬුවෙහි බහා බඩතුරෙහි තැබූ තොපගේ ප්‍රිය භාර්යාවද වේ. හැමකල්හි තොප විසින් කුසතුළ හොවා රකින්නා වූ ඇය වායුපුත්‍ර සමග එහිදී ඇලුනීය යනුයි.

තත්‍ථ තුවඤ‍්ච එකොති පඨමං තාව ත්‍වං එකො ජනො. පක‍්ඛිත‍්තනිකිණ‍්ණමන‍්තරෙති පක‍්ඛිත‍්තානිකිණ‍්ණඅන‍්තරෙ තං තත්‍ථ භරියං රක‍්ඛිතුකාමෙන සදා තයා සමුග‍්ගෙ පක‍්ඛිත‍්තා සද‍්ධිං සමුග‍්ගෙන නිකිණ‍්ණා අන‍්තරෙ, අන‍්තොකුච‍්ඡියං ඨපිතාති අත්‍ථො. වායුස‍්සපුත‍්තෙන සහාති එවංනාමකෙන විජ‍්ජාධරෙන සද‍්ධිං. තහිං රතාති තත්‍ථ තව අන‍්තොකුච‍්ඡියඤ‍්ඤෙව කිලෙසරතියා රතා. සො දානි ත්‍වං මාතුගාමං “එකං පුරිසනිස‍්සිතං කරිස‍්සාමී”ති කුච‍්ඡිනාපි පරිහරන‍්තො තස‍්සා ජාරං උක‍්ඛිපිත්‍වා චරසීති.

එහි තුවඤ්ච එකො යනු පළමුව තොප එකෙකි. පක්ඛිත්ත නිකිණ්ණ මන්තරෙ යනු බඩතුරෙහි බහාලන ලද්දේ. ඒ බිරිඳ රකිනු කැමැත්තෙන් කරඬුවෙහි බහාලන ලද. ඇය සමග. හැම කල්හි කරඬුව සමගම කුස තුළම තබන ලද්දේ යන අර්ථයයි. වායුස්ස පුත්තෙන සහ යනු එනම් වූ විද්‍යාධරයා සමඟ. තහිං රතා යනු එහි, තොපගේ කුස තුළම කෙලෙස් ඇල්මෙන් ඇලුණාය. ඒ ඔබ දැන් ස්ත්‍රියක එක් පුරුෂයෙකු ඇසුරු කරන්නියක කරන්නෙමියි කුසින් පරිහරණය කරන්නේ ඇයගේ සොර සැමියාද ඔසවාගෙන හැසිරෙයි.

තං සුත්‍වා දානවො “විජ‍්ජාධරා නාම බහුමායා හොන‍්ති, සචස‍්ස ඛග‍්ගො හත්‍ථගතො භවිස‍්සති, කුච‍්ඡිං මෙ ඵාලෙත්‍වාපි පලායිස‍්සතී”ති භීතතසිතො හුත්‍වා ඛිප‍්පං කරණ‍්ඩකං උග‍්ගිලිත්‍වා පුරතො ඨපෙසි. සත්‍ථා අභිසම‍්බුද‍්ධො හුත්‍වා තං පවත‍්තිං පකාසෙන‍්තො චතුත්‍ථං ගාථමාහ –

ඒ අසා දානව තෙමේ විද්‍යාධරයෝ නම් බොහෝ මායා ඇත්තෝ වෙති. ඉදින් ඔහුගේ කඩුව අත වූයේ වන්නේ නම් මගේ කුස පලා හෝ පලා යන්නේ යයි බියෙන් තැතිගෙන වහා කරඬුව වමාරා ඉදිරියෙහි තැබීය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී ඒ ප්‍රවෘත්තිය ප්‍රකාශ කරන්නේ සිව්වන ගාථාව වදාළ සේක.

“සංවිග‍්ගරූපො ඉසිනා වියාකතො, සො දානවො තත්‍ථ සමුග‍්ගමුග‍්ගිලි; අද‍්දක‍්ඛි භරියං සුචිමාලධාරිනිං, වායුස‍්සපුත‍්තෙන සහා තහිං රත”න‍්ති.

4. තවුසා විසින් මෙසේ කියන ලදුව කළකිරීමට පත්වූ ඒ දානව අසුරයා එහිම කරඬුව වමාළේය. එහි වායුපුත්‍ර සමඟ ඇලුණු සුවඳ මල්මාලා දරාසිටි බිරිඳ දුටුවේය.

තත්‍ථ අද‍්දක‍්ඛීති සො කරණ‍්ඩකං විවරිත්‍වා අද‍්දස.

එහි අද්දක්ඛි යනු කරඬුව විවරකොට දුටුවේය.

කරණ‍්ඩකෙ පන විවටමත‍්තෙයෙව විජ‍්ජාධරො විජ‍්ජං ජප‍්පිත්‍වා ඛග‍්ගං ගහෙත්‍වා ආකාසං පක‍්ඛන්‍දි. තං දිස‍්වා දානවො මහාසත‍්තස‍්ස තුස‍්සිත්‍වා ථුතිපුබ‍්බඞ‍්ගමා සෙසගාථා අභාසි –

කරඬුව විවෘත කළ වහාම විද්‍යාධරයා විද්‍යාව මතුරා කඩුව ගෙන අහසට පැන නැංගේය. දානවයා ඒ දැක මහා සත්වයන්ට ස්තූත් කර ස්තුතිපූර්වක වූ සෙසු ගාථාවන් කීය.

“සුදිට‍්ඨරූපමුග‍්ගතපානුවත‍්තිනා, හීනා නරා යෙ පමදාවසං ගතා; යථා හවෙ පාණරිවෙත්‍ථ රක‍්ඛිතා, දුට‍්ඨා මයී අඤ‍්ඤමභිප‍්පමොදයි.

5. (ස්වාමීනි) උග්‍රතපස් ඇත්තවුන් අනුව පවතින්නා වූ ඔබ විසින් (මේ කරුණ) මනාව දක්නා ලදි. යම්හෙයකින් ඒකාන්තයෙන් සිය පණ මෙන් රක්නා ලද බිරිඳ මා කෙරෙහි ද්‍රෝහී වූවා අනිකෙකු පිළිබඳව වඩා කැිඳ මා කෙරෙහි ද්‍රෝහී වූවා අනිකෙෂමති වෙයි. යම්බඳු මිනිස්සු කාන්තාවන්ගේ වසඟයට ගියාහුද ඔවුහු හීනයෝ වෙති.

“දිවා ච රත‍්තො ච මයා උපට‍්ඨිතා, තපස‍්සිනා ජොතිරිවා වනෙ වසං; සා ධම‍්මමුක‍්කම‍්ම අධම‍්මමාචරි, අකිරියරූපො පමදාහි සන්‍ථවො.

6. වනයෙහි වසන තවුසෙකු විසින් ගින්න මෙන් දවල්ද රෑ ද මවිසින් උවටැන් කරන ලද ඇය පතිවෘතා ධර්මයෙන් ඉවත්ව අධර්මයෙහි හැසිරුණාය. ස්ත්‍රීන් සමග ඇසුරු නොකළ යුතු ස්වභාව ඇත්තේය.

“සරීරමජ‍්ඣම‍්හි ඨිතාති මඤ‍්ඤහං, මය‍්හං අයන‍්ති අසතිං අසඤ‍්ඤතං; සා ධම‍්මමුක‍්කම‍්ම අධම‍්මමාචරි, අකිරියරූපො පමදාහි සන්‍ථවො.

7. මගේ සිරුර මැද සිටියා වූ මැය මගේ යයි පුරුෂ වූ හික්මීමක් නැති (මැය ගැන) මම සිතුවෙමි. (එහෙත්) ඇය පතිවෘතා ධර්මයෙන් ඉවත්ව අධර්මයෙහි හැසිරුණාය. ස්ත්‍රීන් සමග ඇසුර නොකළ යුතු ස්වභාව ඇත්තේය.

“සුරක‍්ඛිතං මෙති කථං නු විස‍්සසෙ, අනෙකචිත‍්තාසු න හත්‍ථි රක‍්ඛණා; එතා හි පාතාලපපාතසන‍්නිභා, එත්‍ථප‍්පමත‍්තො බ්‍යසනං නිගච‍්ඡති.

8. මැය මා විසින් මනාව රක්නා ලදැයි කෙසේ නම් විශ්වාස කරන්නේද? නන්වැදෑරුම් සිතුවිලිවලින් යුත් ඔවුන් පිළිබඳ රැකීමක් නැත. මෑලා පාතාලයෙහි මහත් වූ බෑවුමක් වැනිය. මොවුන් කෙරෙහි ප්‍රමාදී වූ තැනැත්තා විනාශයට යයි.

“තස‍්මා හි තෙ සුඛිනො වීතසොකා, යෙ මාතුගාමෙහි චරන‍්ති නිස‍්සටා; එතං සිවං උත‍්තමමාභිපත්‍ථයං, න මාතුගාමෙහි කරෙය්‍ය සන්‍ථව”න‍්ති.

9. එහෙයින් යමෙක් මාගමුන්ගෙන් දුරුවැ හැසිරෙත්ද ඔවුහු සුවපත් වූවාහු වෙති. පහවූ ශෝක ඇත්තාහු වෙති. මේ උතුම් (ධ්‍යාන) සුවය ප්‍රාර්ථනය කරනුයේ මාගමුන් හා සමාගමය නොකරන්නේය.

තත්‍ථ සුදිට‍්ඨරූපමුග‍්ගතපානුවත‍්තිනාති භන‍්තෙ, ඉසි උග‍්ගතපානුවත‍්තිනා තයා සුදිට‍්ඨරූපං ඉදං කාරණං. හීනාති නීචා. යථා හවෙ පාණරිවෙත්‍ථ රක‍්ඛිතාති අයං මයා අත‍්තනො පාණා විය එත්‍ථ අන‍්තොකුච‍්ඡියං පරිහරන‍්තෙන රක‍්ඛිතා. දුට‍්ඨා මයීති ඉදානි මයි මිත‍්තදුබ‍්භිකම‍්මං කත්‍වා දුට‍්ඨා අඤ‍්ඤං පුරිසං අභිප‍්පමොදති. ජොතිරිවා වනෙ වසන‍්ති වනෙ වසන‍්තෙන තපස‍්සිනා අග‍්ගි විය මයා උපට‍්ඨිතා පරිචරිතා. සා ධම‍්මමුක‍්කම‍්මාති සා එසා ධම‍්මං ඔක‍්කමිත්‍වා අතික‍්කමිත්‍වා. අකිරියරූපොති අකත‍්තබ‍්බරූපො. සරීරමජ‍්ඣම‍්හි ඨිතාති මඤ‍්ඤහං, මය‍්හං අයන‍්ති අසතිං අසඤ‍්ඤතන‍්ති ඉමං අසතිං අසප‍්පුරිසධම‍්මසමන‍්නාගතං අසඤ‍්ඤතං දුස‍්සීලං “මය‍්හං සරීරමජ‍්ඣම‍්හි ඨිතා”ති ච “මය‍්හං අය”න‍්ති ච මඤ‍්ඤාමි.

එහි සුදිට්ඨ රූපුග්ගතපානුවත්තිනා යනු ස්වාමීනි, තවුසාණනි, උග්‍ර වූ තවුස්දම් අනුව හැසිරෙන ඔබ විසින් මේ කරුණ මනාව දක්නා ලද විරූය. හීනා යනු නීචයෝය. යථා භවෙ පාණරිවෙත්‍ථ රක්ඛිතා යනු මැය මා විසින් තමාගේ පණ මෙන් සිතා කුස තුළ පිහිටුවා ගනිමින් රක්නා ලද්දීය. දුට්ඨා මයි යනු දැන් මා කෙරෙහි මිත්‍රද්‍රෝහි කමක් කර දුෂ්ඨ වූවා අන් පුරුෂයෙකු පිළිබඳව කැමති වන්නීය. ජොතිරිවා වනෙ වසං යනු වනයෙහි වසන්නා වූ තවුසෙකු විසින් ගින්න මෙන් මා විසින් උපස්ථාන කරන ලද්දීය. සා ධම්ම මොක්කම්ම යනු ඒ මැය පතිවෘතා ධර්මය ඉක්මවා, අකිරිය රූපො යනු නොකළ යුතු ස්වභාව ඇති. සරීර මජ්ක්‍ධම්හි ඨිතාති මඤ්ඤිහං මය්හං අයන්ති අසතිං අසඤ්ඤතං යනු අසත්පුරුෂ වූ අසත්පුරුෂ ධර්මයෙන් යුක්ත වූ නොහික්මුණා වූ දුස්ශීල වූ මැය මගේ සිරුර මැද සිටියාද මැය මගේ යයි සිතමි.

සුරක‍්ඛිතං මෙති කථං නු විස‍්සසෙති අයං මයා සුරක‍්ඛිතාති කථං පණ‍්ඩිතො විස‍්සාසෙය්‍ය, යත්‍ර හි නාම මාදිසොපි අන‍්තොකුච‍්ඡියං රක‍්ඛන‍්තො රක‍්ඛිතුං නාසක‍්ඛි. පාතාලපපාතසන‍්නිභාති ලොකස‍්සාදෙන දුප‍්පූරණීයත‍්තා මහාසමුද‍්දෙ පාතාලසඞ‍්ඛාතෙන පපාතෙන සදිසා. එත්‍ථප‍්පමත‍්තොති එතාසු එවරූපාසු නිග‍්ගුණාසු පමත‍්තො පුරිසො මහාබ්‍යසනං පාපුණාති. තස‍්මා හීති යස‍්මා මාතුගාමවසං ගතා මහාවිනාසං පාපුණන‍්ති, තස‍්මා යෙ මාතුගාමෙහි නිස‍්සටා හුත්‍වා චරන‍්ති, තෙ සුඛිනො. එතං සිවන‍්ති යදෙතං මාතුගාමතො නිස‍්සටානං විසංසට‍්ඨානං චරණං, එතං ඣානසුඛමෙව සිවං ඛෙමං උත‍්තමං අභිපත්‍ථෙතබ‍්බං, එතං පත්‍ථයමානො මාතුගාමෙහි සද‍්ධිං සන්‍ථවං න කරෙය්‍යාති.

සුරක්ඛිතම්මෙති කථන්නු විස්සසෙ යනු මැය මා විසින් මනාව රක්නා ලදැයි පණ්ඩිතයා කෙසේ නම් විශ්වාස කරන්නේද? යම් හෙයකින් මා වැන්නෙක්ද තමාගේ කුසෙහිලා රකින්නේ රක්නට නොහැකි වූයෙමි. පාතාල පපාත සන්නිභා යනු ලෝකාස්වාදයෙන් සම්පූර්ණ කළ නොහැකි හෙයින් මහමුහුදෙහි පාතාල නම් වූ ප්‍රපාතය හා සමානය. එත්තප්පමත්තො යනු මෙවන් වූ ගුණ රහිත වූ මෑලා කෙරෙහි පමා වූ පුරුෂයා මහත් වූ විනාශයකට පමුණුවයි. තස්මාහි යනු යම්හෙයකින් ස්ත්‍රීන්ගේ වසඟයට ගියෝ මහා විනාශයකට පත්වෙත්ද එහෙයින් යමෙක් ස්ත්‍රීන්ගෙන් බැහැර වී හැසිරෙත්ද ඔවුහු සුවපත් වූවෝ වෙති. එතං සිවං යනු යම් මේ ස්ත්‍රියගෙන් බැහැර වූවන්ගේ සම්බන්ධ නොවූවන්ගේ හැසිරීමක් වේද මේ ධ්‍යාන සුවයට නිර්භයය. ආරක්‍ෂා සහිතය. උතුම්ය. ප්‍රාර්ථනා කටයුතුය. මෙය ප්‍රාර්ථනය කරනු ලබන්නේ ස්ත්‍රීන් සමඟ ඇසුර නොකරන්නේය යනුයි.

එවඤ‍්ච පන වත්‍වා දානවො මහාසත‍්තස‍්ස පාදෙසු නිපතිත්‍වා “භන‍්තෙ, තුම‍්හෙ නිස‍්සාය මයා ජීවිතං ලද‍්ධං, අහං ඉමාය පාපධම‍්මාය විජ‍්ජාධරෙන මාරාපිතො”ති මහාසත‍්තං අභිත්‍ථවි. සොපිස‍්ස ධම‍්මං දෙසෙත්‍වා “ඉමිස‍්සා මා කිඤ‍්චි පාපං අකාසි, සීලානි ගණ‍්හාහී”ති තං පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨාපෙසි. දානවො “අහං කුච‍්ඡිනා පරිහරන‍්තොපි තං රක‍්ඛිතුං න සක‍්කොමි, අඤ‍්ඤො කො රක‍්ඛිස‍්සතී”ති තං උය්‍යොජෙත්‍වා අත‍්තනො අරඤ‍්ඤමෙව අගමාසි.

දානවයා මෙසේ කියා මහා සත්ත්වයන්ගේ පාදයන්හි වැටී ස්වාමීනි, ඔබ නිසා මවිසින් ජීවිතය ලබන ලදි. පවිටු ස්වභාව ඇති මැය පිළිබඳව සිතෙහි යම් හැඟීමක් වීද එයද විද්‍යාධරයා විසින් මරාදමන ලදැයි මහා සත්ත්වයන්ට ස්තුති කළේය. ඒ තවුස් තෙමේ ඔහුට ධර්මය දේශනා කර මැයට කිසි අහිතක් නොකරව සිල් ගනුවයි පන්සිල්හි පිහිටුවීය. දානවයා මම කුසින් පරිහරණය කරන්නේද රක්නට නොහැකි වූයෙමි. අන් කවරෙක් රකින්නේදැයි ඇය පිටත්කර යවා තමා වනයටම පිවිසියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා දිබ‍්බචක‍්ඛුකතාපසො අහමෙව අහොසින‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය පූර්වාපර සන්‍ධි ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි උකටලී වූ භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටි වූ භික්‍ෂුව සෝවාන් ඵලයෙෂුව සෙෂ‍ෙයේය. එකල්හි දිවැස් ඇති තවුසා මම ම වීමියයි වදාළ සේක.

සමුග‍්ගජාතකවණ‍්ණනා දසමා.