යෙදුමෙන් කියවන්න

9. හලිද‍්දිරාගජාතකවණ‍්ණනා 435 අට‍්ඨකථා

9. හලිද‍්දිරාගජාතකවණ‍්ණනා (435)

9. හළිද්දිරාග ජාතකය (435)

සුතිතික‍්ඛන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ථුල‍්ලකුමාරිකාපලොභනං ආරබ‍්භ කථෙසි. වත්‍ථු තෙරසකනිපාතෙ චූළනාරදජාතකෙ (ජා· 1.13.40 ආදයො) ආවි භවිස‍්සති. අතීතවත්‍ථුම‍්හි පන සා කුමාරිකා තස‍්ස තාපසකුමාරස‍්ස සීලං භින්‍දිත්‍වා අත‍්තනො වසෙ ඨිතභාවං ඤත්‍වා “ඉමං වඤ‍්චෙත්‍වා මනුස‍්සපථං නෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “රූපාදිකාමගුණවිරහිතෙ අරඤ‍්ඤෙ රක‍්ඛිතසීලං නාම න මහප‍්ඵලං හොති, මනුස‍්සපථෙ රූපාදීනං පච‍්චුපට‍්ඨානෙ මහප‍්ඵලං හොති, එහි මයා සද‍්ධිං තත්‍ථ ගන‍්ත්‍වා සීලං රක‍්ඛාහි, කිං තෙ අරඤ‍්ඤෙනා”ති වත්‍වා පඨමං ගාථමාහ –

සුති තික්ඛං යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් (විවාහයකට නොගොස්) වැඩුන කුමාරිකාවකගේ පෙළඹවීමක් අරබයා දේශනා කළ සේක. කථා පුවත තෙළෙස්වන නිපාතයෙහි චුල්ල නාරද ජාතකයෙහි පෙනෙන්නේ ය. අතීත ප්‍රවෘත්තියෙහි ඒ කුමාරිකා තොමෝ තවුස් කුමාරයාගේ සීලය බිඳ තමාගේ වසඟයෙහි හුන් බව දැන මොහු රවටා මිනිස් වාසස්ථානයට ගෙන යන්නෙමියි සිතා රූපාදී කාමගුණයන්ගෙන් තොරව වනයෙහි රක්නා වූ සීලය මහත්ඵල නොවේමය. මිනිස් වාසයෙහිදී රූපාදීන්ගේ එළඹ සිටි කල්හි මහත්ඵල වේ. එව මා සමග ගොස් සිල් රකුව. තොපට වනයෙන් කවර ප්‍රයෝජනයක්දැයි කියා පළමු ගාථාව කීය.

“සුතිතික‍්ඛං අරඤ‍්ඤම‍්හි, පන‍්තම‍්හි සයනාසනෙ; යෙ ච ගාමෙ තිතික‍්ඛන‍්ති, තෙ උළාරතරා තයා”ති.

සුතිනික්ඛං අරඤ්ඤම්හි පාපම්හි සයනාසනෙ, යෙව ගාමෙ තිතික්ඛන්ති තෙඋළාරතරා තයාති

1. වනයෙහි, ඈත පිහිටි සෙනසුන්හිදී සීතල ආදිය ඉවසිය හැකිය. යමෙක් ගමෙහිදී (ඒ) ශීත ආදිය ඉවසත්ද ඒ ඉවසීම (පළමු) ඉවසීමට වඩා අතිශයින් උසස් වේ.

තත්‍ථ සුතිතික‍්ඛන‍්ති සුට‍්ඨු අධිවාසනං. තිතික‍්ඛන‍්තීති සීතාදීනි අධිවාසෙන‍්ති.

එහි සුතිතික්ඛං යනු මනාව ඉවසීමයි. තිතික්ඛන්ති යනු සීතල ආදිය ඉවසත්.

තං සුත්‍වා තාපසකුමාරො “පිතා මෙ අරඤ‍්ඤං ගතො, තස‍්මිං ආගතෙ තං ආපුච‍්ඡිත්‍වා ගමිස‍්සාමී”ති ආහ. සා චින‍්තෙසි “පිතා කිරස‍්ස අත්‍ථි, සචෙ මං සො පස‍්සිස‍්සති, කාජකොටියා මං පොථෙත්‍වා විනාසං පාපෙස‍්සති, මයා පඨමමෙව ගන‍්තබ‍්බ”න‍්ති. අථ නං සා “තෙන හි අහං මග‍්ගසඤ‍්ඤං කුරුමානා පඨමතරං ගමිස‍්සාමි, ත්‍වං පච‍්ඡා ආගච‍්ඡාහී”ති වත්‍වා අගමාසි. සො තස‍්සා ගතකාලෙ නෙව දාරූනි ආහරි, න පානීයං, න පරිභොජනීයං උපට‍්ඨාපෙසි, කෙවලං පජ‍්ඣායන‍්තොව නිසීදි, පිතු ආගමනකාලෙ පච‍්චුග‍්ගමනං නාකාසි. අථ නං පිතා “ඉත්‍ථීනං වසං ගතො එසො”ති ඤත්‍වාපි “කස‍්මා තාත, නෙව දාරූනි ආහරි, න පානීයං, න පරිභොජනීයං උපට‍්ඨාපෙසි, පජ‍්ඣායන‍්තොයෙව පන නිසින‍්නොසී”ති ආහ. අථ නං තාපසකුමාරො “තාත, අරඤ‍්ඤෙ කිර රක‍්ඛිතසීලං නාම න මහප‍්ඵලං හොති, මනුස‍්සපථෙ මහප‍්ඵලං , අහං තත්‍ථ ගන‍්ත්‍වා සීලං රක‍්ඛිස‍්සාමි, සහායො මෙ මං ‘ආගච‍්ඡෙය්‍යාසී’ති වත්‍වා පුරතො ගතො, අහං තෙනෙව සද‍්ධිං ගමිස‍්සාමි, තත්‍ථ පන වසන‍්තෙන මයා කතරො පුරිසො සෙවිතබ‍්බො”ති පුච‍්ඡන‍්තො දුතියං ගාථමාහ –

ඒ අසා තාපස කුමාරයා කියනුයේ මගේ පියා වනයට ගියේය. ඔහු ආ කල්හි ඔහුගෙන් විමසා යන්නෙමියි කීය. ඇය මෙසේ සිතීය. මොහු පියා ඇත. ඉදින් හෙතෙම මා දකින්නේද කත් කෙළවරින් මෙන් තලා නැසුමට පමුණුවන්නේය. පළමුව මා යා යුතුයයි යනුවෙනි. ඉක්බිති ඔහුට කීවාය. එසේනම් මා මඟ සළකුණු කරමින් පළමුව යන්නෙමි. නුඹ පසුව එවයි. ඔහු ඇය ගිය කල්හි දර ගෙන නො ආවේමය. පිවයුතු හා පරිභෝජනය කළයුතු පැන් නොඑළවීය. හුදෙක් ශෝක සිතුවිල්ලෙන් යුතුවම හුන්නේය. පියා පැමිණෙන කල්හි පෙරගමන්ද නොකළේය. ඉක්බිති පියා මෙතෙමේ ස්ත්‍රියකගේ වසඟයට ගියේ යයි දැනද ඔහුට කියනුයේ දරුව, කුමක් හෙයින් දර නොගෙන ආවේද? පිවයුතු පරිභෝජනය කළයුතු පැන් නොඑළවීද? ශෝක සිතුවිල්ලෙන්ම හුන්නේ වෙහිදැයි කීය. තාපස කුමාරයා කියනුයේ පියාණනි, වනයෙහි රක්නා ලද සීලය මහත්ඵල නොවේ. මිනිස් වාසයෙහි කරන ලද්දේ මහත්ඵල වේ. මම එහි ගොස් සිල් රකින්නෙමි. මගේ යහළුවා පසුව එවයි කියා පෙරටුව ගියේය. මම ඔහු සමඟම යන්නෙමි. එහි වසන්නා වූ මා විසින් කවර ස්වරූපයේ මිනිසෙක් සේවනය කළ යුත්තේ දැයි විමසන්නේ දෙවන ගාථාව කීය.

“අරඤ‍්ඤා ගාමමාගම‍්ම, කිංසීලං කිංවතං අහං; පුරිසං තාත සෙවෙය්‍යං, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො”ති.

2. පියාණනි, මම වනයෙන් ගමට අවුත් කවර ශීලයක් කවර ව්‍රතයක් කවර පුරුෂයෙක් සේවනය කළයුතුද? විචාරන්නා වූ මට කියව යි.

අථස‍්ස පිතා කථෙන‍්තො සෙසගාථා අභාසි –

ඉක්බිති ඔහුට පියා කියනුයේ සෙසු ගාථාවන් ප්‍රකාශ කළේය.

“යො තෙ විස‍්සාසයෙ තාත, විස‍්සාසඤ‍්ච ඛමෙය්‍ය තෙ; සුස‍්සූසී ච තිතික‍්ඛී ච, තං භජෙහි ඉතො ගතො.

3. දරුව, යමෙක් තොප හා විශ්වාස කෙරේද, තොපගේ විශ්වාසය ඉවසන්නේද, මනාව ඇහුම්කන් දේද (ඔබේ වචනය) ඉවසන්නේද නුඹ මේ වනයෙන් ගියේ එවැන්නෙකු ඇසුරු කරව.

“යස‍්ස කායෙන වාචාය, මනසා නත්‍ථි දුක‍්කටං; උරසීව පතිට‍්ඨාය, තං භජෙහි ඉතො ගතො.

4. යමෙක් කයින්ද වචනයෙන්ද සිතින්ද පවිටු ක්‍රියා නොකරන්නේද, ළෙහි හොවාගත් පුතෙකු සේ සිතා, මේ වනයෙන් ගියේ, එවැන්නෙකු ඇසුරු කරව.

“යො ච ධම‍්මෙන චරති, චරන‍්තොපි න මඤ‍්ඤති; විසුද‍්ධකාරිං සප‍්පඤ‍්ඤං, තං භජෙහි ඉතො ගතො.

5. යමෙක් සුචරිත ධර්මයෙන් යුතුව හැසිරේද, එසේ හැසිරෙනුයේ ඒ ගැන අභිමානවත් නොවේද පිරිසිදු ක්‍රියා (පිං) කරන නුවණැති ඔහුව, මේ වනයෙන් ගියේ ඇසුරු කරව.

“හලිද‍්දිරාගං කපිචිත‍්තං, පුරිසං රාගවිරාගිනං; තාදිසං තාත මා සෙවි, නිම‍්මනුස‍්සම‍්පි චෙ සියා.

6. දරුව, මිනිසුන් නැත්තේ වුයේ වී නමුත් කහපැහැ ගැන්වුන, මොහොතින් රාගී හා විරාගී බව ඇතිවාක් මෙන් නිතර වෙනස් වන්නා වූ, වඳුරන්ට වැනි චපල සිත් ඇති එබඳු මිනිසෙකු ඇසුරු නොකරව.

“ආසීවිසංව කුපිතං, මීළ‍්හලිත‍්තං මහාපථං; ආරකා පරිවජ‍්ජෙහි, යානීව විසමං පථං.

7. කෝපයට පත් සර්පයෙකු සේද, අශූචි ගැල්වුන මාවතක් සේද විසම මාර්ගයෙහි යන්නා වූ යානයක් මෙන්ද මෝඩයා දුරින්ම දුරු කරව.

“අනත්‍ථා තාත වඩ‍්ඪන‍්ති, බාලං අච‍්චුපසෙවතො; මාස‍්සු බාලෙන සංගච‍්ඡි, අමිත‍්තෙනෙව සබ‍්බදා.

8. දරුව, බාලයා සමග වැඩියෙන් සේවනය කරන්නාගේ අනර්ථයෝ වැඩෙති. හැමකල්හි සතුරෙකු සමග මෙන් සිතා බාලයා සමග ඇසුරට නොයන්නේය.

“තං තාහං තාත යාචාමි, කරස‍්සු වචනං මම; මාස‍්සු බාලෙන සංගච‍්ඡි, දුක‍්ඛො බාලෙහි සඞ‍්ගමො”ති.

9. දරුව, මම ඒ ඔබගෙන් ඉල්ලමි. මගේ වචනය කරව. බාලයන් සමග ඇසුරු නොකරන්නේය. බාලයන් සමග එකතුවීම දුකකි.

තත්‍ථ යො තෙ විස‍්සාසයෙති යො තව විස‍්සාසෙය්‍ය. ඛමෙය්‍ය තෙති යො ච තව අත‍්තනි තයා කතං විස‍්සාසං ඛමෙය්‍ය. සුස‍්සූසී ච තිතික‍්ඛී චාති තව වචනං සුස‍්සූසාය චෙව වචනාධිවාසනෙන ච සමන‍්නාගතො භවෙය්‍යාති අත්‍ථො. උරසීව පතිට‍්ඨායාති යථා මාතු උරසි පුත‍්තො පතිට‍්ඨාති, එවං පතිට‍්ඨහිත්‍වා අත‍්තනො මාතරං විය මඤ‍්ඤමානො තං භජෙය්‍යාසීති වදති. යො ච ධම‍්මෙන චරතීති යො තිවිධෙන සුචරිතෙන ධම‍්මෙන ඉරියති. න මඤ‍්ඤතීති තථා චරන‍්තොපි “අහං ධම‍්මං චරාමී”ති මානං න කරොති. විසුද‍්ධකාරින‍්ති විසුද‍්ධානං දසකුසලකම‍්මපථානං කාරකං.

එහි යො තෙ විස්සසතෙ යනු යමෙක් නුඹ හා විශ්වාස කෙරේද, ඛමෙය්‍ය තෙ යනු යමෙක් තොප කෙරෙහි ඔහු විසින් කරන ලද විශ්වාසය ඉවසන්නේය. සුස්සුසී ච තිතික්ඛති යනු ඔබේ වචනය ඇසීමෙන්ද වචනය ඉවසීමෙන්ද යුක්ත වූ යමෙක් වන්නේ නම් යන අර්ථයයි. උරසීව පතිට්ඨාය යනු යම්සේ මව පුතු ළෙහි තබයිද මෙසේ තබා මෙන් තමාගේ මව වැනි යයි සිතනුයේ ඔහු භජනය කරන්නේය යයි කියයි. යො ච ධම්මෙන චරති යනු යමෙක් ත්‍රිවිධ සුචරිත ධර්මයෙන්ම ඉරියව් පවත්වයි. න මඤ්ඤති යනු එසේ හැසිරෙන්නේද මම දහම්හි හැසිරෙමියි මානයක් නොකරයි. විසුද්ධ කාරිං යනු පිරිසිදු දසකුසල කර්මපථයන් කරන්නා වූ.

රාගවිරාගිනන‍්ති රාගිනඤ‍්ච විරාගිනඤ‍්ච රජ‍්ජිත්‍වා තංඛණඤ‍්ඤෙව විරජ‍්ජනසභාවං. නිම‍්මනුස‍්සම‍්පි චෙ සියාති සචෙපි සකලජම‍්බුදීපතලං නිම‍්මනුස‍්සං හොති, සොයෙව එකො මනුස‍්සො තිට‍්ඨති, තථාපි තාදිසං මා සෙවි. මහාපථන‍්ති ගූථමක‍්ඛිතං මග‍්ගං විය. යානීවාති යානෙන ගච‍්ඡන‍්තො විය. විසමන‍්ති නින‍්නඋන‍්නතඛාණුපාසාණාදිවිසමං. බාලං අච‍්චුපසෙවතොති බාලං අප‍්පඤ‍්ඤං අතිසෙවන‍්තස‍්ස. සබ‍්බදාති තාත, බාලෙන සහ සංවාසො නාම අමිත‍්තසංවාසො විය සබ‍්බදා නිච‍්චකාලමෙව දුක‍්ඛො. තං තාහන‍්ති තෙන කාරණෙන තං අහං.

රාග විරාගිතං යනු රාගීන් පිළිබඳවද විරාගීන් පිළිබඳවද ඇලී ඒ ඇසිල්ලෙහිම ඇලීමෙන් ඉවත්වන ස්වභාවයයි. නිම්මනුස්සම්පි චෙ සියා යනු ඉදින් සියළු දඹදිව් තලයම මිනිසුන් නැත්තක් වේද ඒ එකම මිනිසෙක් වේද එසේ වුවත් එබන්දෙකු සේවනය නොකරව. මහා පථං යනු අසුචි වැකුණු මගක් මෙන්. යානීව යනු යානයකින් යන්නාක් මෙන්. විසමං යනු පහත් වූ උස්වූ හෝ කණු ගල් ආදියෙන් හෝ සම නොවූ. බාලං අච්චුප සෙවතො යනු බාල වූ නුනුවණින් යුත් අය සේවනය කරන්නහුට. සබ්බදා යනු දරුව, මෝඩයා සමග එකට වාසය කිරීම සතුරන් සමග එක්ව වාසය කිරීමක් මෙන් සබ්බදා හැමකල්හිම දුක වේ. තං තාහං යනු ඒ කාරණයෙන්, තං+අහං විසන්‍ධි වේ.

සො එවං පිතරා ඔවදිතො “තාත, අහං මනුස‍්සපථං ගන‍්ත්‍වා තුම‍්හාදිසෙ පණ‍්ඩිතෙ න ලභිස‍්සාමි, තත්‍ථ ගන‍්තුං භායාමි, ඉධෙව තුම‍්හාකං සන‍්තිකෙ වසිස‍්සාමී”ති ආහ. අථස‍්ස භිය්‍යොපි ඔවාදං දත්‍වා කසිණපරිකම‍්මං ආචික‍්ඛි. සො න චිරස‍්සෙව අභිඤ‍්ඤාසමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා සද‍්ධිං පිතරා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ පියා විසින් ඔවදන් කරන ලද හෙතෙම පියාණනි, මම මිනිස් වාසයට ගොස් ඔබ වැනි වූ පණ්ඩිතයන් නොලබමි. එහි යන්නට බියවෙමි. මෙහි ඔබ සමීපයෙහිම වසන්නෙමියි කීය. ඉක්බිති පියා ඔහුට වැඩිමනත් අවවාද දී කිසුණු පිරියම් ප්‍රකාශ කළේය. හෙතෙම කල් නොයවාම අභිඥාවන් ද සමාපත්තීන් ද උපදවා පියා සමග බඹලොව පිහිට කොට ඇත්තේ වීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.

ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශකොට ජාතක කථාව පූර්වාපර සන්‍ධි ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි උකටලී වූ භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය.

තදා තාපසකුමාරො උක‍්කණ‍්ඨිතභික‍්ඛු අහොසි, කුමාරිකා ථුල‍්ලකුමාරිකාව, පිතා තාපසො පන අහමෙව අහොසින‍්ති.

එකල්හි තාපස කුමාරයා උකටලී වූ භික්‍ෂුව වීය. කුමරිය (එකලද) කුමරියම වී. පියා වූ කලී මම ම වීමි යයි වදාළ සේක.

හලිද‍්දිරාගජාතකවණ‍්ණනා නවමා.