8. චක‍්කවාකජාතකවණ‍්ණනා 434 අට‍්ඨකථා
8. චක‍්කවාකජාතකවණ‍්ණනා (434)
8. චක්කවාක ජාතකය (434)
කාසායවත්‍ථෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං ලොලභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො කිර ලොලො අහොසි පච‍්චයලුද‍්ධො, ආචරියුපජ‍්ඣායවත‍්තාදීනි ඡඩ‍්ඩෙත්‍වා පාතොව සාවත්‍ථිං පවිසිත්‍වා විසාඛාය ගෙහෙ අනෙකඛාදනීයපරිවාරං යාගුං පිවිත්‍වා නානග‍්ගරසසාලිමංසොදනං භුඤ‍්ජිත්‍වාපි තෙන අතිත‍්තො තතො චූළඅනාථපිණ‍්ඩිකස‍්ස මහාඅනාථපිණ‍්ඩිකස‍්ස කොසලරඤ‍්ඤොති තෙසං තෙසං නිවෙසනානි සන්‍ධාය විචරි. අථෙකදිවසං තස‍්ස ලොලභාවං ආරබ‍්භ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ තං භික‍්ඛුං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු ලොලො”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛු කස‍්මා ලොලොසි, පුබ‍්බෙපි ත්‍වං ලොලභාවෙන බාරාණසියං හත්‍ථිකුණපාදීනි ඛාදිත්‍වා විචරන‍්තො තෙහි අතිත‍්තො තතො නික‍්ඛමිත්‍වා ගඞ‍්ගාතීරෙ විචරන‍්තො හිමවන‍්තං පවට‍්ඨො”ති වත්‍වා අතීතං ආහරි.
කාසාය වත්‍ථෙ යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් එක් ලෝභී භික්‍ෂුවක අරබයා දේශනා කළ සේක. හෙතෙම වනාහි ලෝභී වූයේය. ආහාරයෙහි ලොල් වීය. ආචාර්ය උපාධ්‍යායයන් පිළිබඳ වත් ආදිය හැර උදෑසනම සැවතට පිවිස විශාඛාවගේ නිවසෙහි නොයෙක් කැවිලි සහිතව කැඳ බී නොයෙක් අග රසයෙන් යුත් හැල් මාංශ බොජුන් අනුභව කර ඉන් තෘප්තිමත් නොවූයේ එතැනින් සුළු අනේපිඬු සිටාණන්ගේද මහ අනේපිඬු සිටාණන්ගේද කොසොල් රජුගේදැයි ඔවුන් ඔවුන්ගේ නිවෙස් සඳහා හැසිරෙයි. ඉක්බිති එක් දවසක් ඔහුගේ ලෝභී බව අරබයා දම්සභා මණ්ඩපයෙහි කථාවක් උපදවාලූහ. ශාස්තෘන්වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවකැයි කී කල්හි ඒ භික්‍ෂුව කැඳවා “තෙපි ලෝභීය යනු ඇත්තදැයි” විමසා “ස්වාමීනි, සත්‍යය”යි කී කල්හි “මහණ කුමක් ලොල් වෙහිද? තොප පෙර ලොල් බව නිසා බරණැස ඇතුන්ගේ මළසිරුරු ආදියෙන් අතෘප්තිමත් වූයේ ඉන් නික්මී ගංගා නදී තෙර හැසිරෙන්නේ හිමවතට පිවිසියේ යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ එකො ලොලකාකො බාරාණසියං හත්‍ථිකුණපාදීනි ඛාදිත්‍වා විචරන‍්තො තෙහි අතිත‍්තො “ගඞ‍්ගාකූලෙ මච‍්ඡමතං ඛාදිස‍්සාමී”ති ගන‍්ත්‍වා තත්‍ථ මතමච‍්ඡෙ ඛාදන‍්තො කතිපාහං වසිත්‍වා හිමවන‍්තං පවිසිත්‍වා නානාඵලාඵලානි ඛාදන‍්තො බහුමච‍්ඡකච‍්ඡපං මහන‍්තං පදුමසරං පත්‍වා තත්‍ථ සුවණ‍්ණවණ‍්ණෙ ද‍්වෙ චක‍්කවාකෙ සෙවාලං ඛාදිත්‍වා වසන‍්තෙ දිස‍්වා “ඉමෙ අතිවිය වණ‍්ණසම‍්පන‍්නා සොභග‍්ගප‍්පත‍්තා, ඉමෙසං භොජනං මනාපං භවිස‍්සති, ඉමෙසං භොජනං පුච‍්ඡිත්‍වා අහම‍්පි තදෙව භුඤ‍්ජිත්‍වා සුවණ‍්ණවණ‍්ණො භවිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා පටිසන්‍ථාරං කත්‍වා එකස‍්මිං සාඛපරියන‍්තෙ නිසීදිත්‍වා තෙසං පසංසනපටිසංයුත‍්තං කථං කථෙන‍්තො පඨමං ගාථමාහ –
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි එක් ලෝභී කවුඩෙක් බරණැස් නුවර ඇත් මළසිරුරු ආදිය කා හැසිරෙන්නේ ඉන් තෘප්තිමත් නොවූයේ ගංගා තීරයෙහි මසුන් කමියි කියා එහි මළ මසුන් කන්නේ කිහිප දිනක් වැස හිමවතට පිවිස නන් වැදෑරුම් ලොකු කුඩා ගෙඩි කන්නේ බොහෝ මසුන් කැසුබුවන් ඇති මහත් වූ පියුම් විලකට පැමිණ එහි රන්වන් වූ සක්වා ලිහිණියන් දෙදෙනෙකු සෙවෙල් කා වසන්නවුන් දැක මොවුහු අතිශයින් වර්ණවත් වූවාහු වෙති. ඉතා දර්ශනීය වෙති. මොවුන්ගේ බොජුන් ප්‍රියමනාප වන්නේය. මොවුන්ගේ ආහාරය විමසා මමද එයම අනුභව කර රන්වන් වන්නෙමියි සිතා ඔවුන්ගේ සමීපයට ගොස් පිළිසඳර කථාකොට එක් අතු කෙළවරක සිට ඔවුන්ට පැසසීම් මිශ්‍රකොට පළමු ගාථාව කීය.
“කාසායවත්‍ථෙ සකුණෙ වදාමි, දුවෙ දුවෙ නන්‍දමනෙ චරන‍්තෙ; කං අණ්ඩජං අණ්ඩජා මානුසෙසු, ජාතිං පසංසන‍්ති තදිඞ‍්ඝ බ්‍රූථා”ති.
කාසාය වත්‍ථෙ සකුණෙ වදාමි- දුවෙ දුවෙ නන්‍දිමනෙ චරන්තෙ, කං අණ්ඩජං අණ්ඩජා මානුසෙසු- ජාතිං පසසන්ති තදිඞ්ග බ්‍රෑථාති
1. කසාවත් හැඳගත්තවුන් වැනි යුගල යුගලවැ සතුටු සිතින් හැසිරෙන කුරුල්ලනි (ඔබට) කියමි. කුරුල්ලනි මිනිසුන් අතර කවර කුරුල්ලෙකැයි ඔබගේ ජාතිය පසසත්දැයි කියව.
තත්‍ථ කාසායවත්‍ථෙති සුවණ‍්ණවණ‍්ණෙ කාසායවත්‍ථෙ විය. දුවෙ දුවෙති ද‍්වෙ ද‍්වෙ හුත්‍වා. නන්‍දමනෙති තුට‍්ඨචිත‍්තෙ. කං අණ්ඩජං අණ්ඩජා මානුසෙසු ජාතිං පසංසන‍්තීති අම‍්භො අණ‍්ඩජා තුම‍්හෙ මනුස‍්සෙසු පසංසන‍්තා කං අණ‍්ඩජං ජාතිං කතරං නාම අණ‍්ඩජන‍්ති වත්‍වා පසංසන‍්ති, කං සකුණං නාමාති වත්‍වා තුම‍්හෙ මනුස‍්සානං අන‍්තරෙ වණ‍්ණෙන‍්තීති අත්‍ථො. “කං අණ‍්ඩජං අණ‍්ඩජමානුසෙසූ”තිපි පාඨො. තස‍්සත්‍ථො – තුම‍්හෙ අණ‍්ඩජෙසු ච මානුසෙසු ච කතරං අණ‍්ඩජන‍්ති වත්‍වා පසංසන‍්තීති.
එහි කාසාය වත්‍ථ යනු රන්වන් වූ කහට වස්ත්‍රයන් හැඳගත්තවුන් මෙන්. දුවෙ දුවෙ යනු යුගල යුගලවැ. නන්‍දිමනෙ යනු සතුටු සිත් ඇතිවැ. කං අණ්ඩජං අණ්ඩජා මනුස්සෙසු ජාති පසංසන්ති යනු එම්බා කුරුල්ලනි, මිනිස්සු අතර තෙපි ප්‍රසංසා කරන්නාහු කං අණ්ඩජං කවර නම් පක්‍ෂියෙකැයි කියා පසංසන්ති. කවර කුරුල්ලෙකැයි කියා මිනිසුන් අතර වර්ණනා කරත් දැයි අර්ථයි. කං අණ්ඩජං අණ්ඩජ මානුසෙසු යනුද පෙළයි. එහි අර්ථය - තෙපි කුරුල්ලන් අතරෙහිද මිනිසුන් අතරෙහිද කිනම් කුරුල්ලෙකැයි ප්‍රශංසා කරත්දැයි.
තං සුත්‍වා චක‍්කවාකො දුතියං ගාථමාහ –
ඒ අසා සක්වාලිහිණියා දෙවන ගාථාව කීය.
“අම‍්හෙ මනුස‍්සෙසු මනුස‍්සහිංස, අනුබ‍්බතෙ චක‍්කවාකෙ වදන‍්ති; කල්‍යාණභාවම‍්හෙ දිජෙසු සම‍්මතා, අභිරූපා විචරාම අණ‍්ණවෙ”ති.
2. මිනිසුන්ට හිංසා කරන තැනැත්ත. ඔවුනොවුන්ට ප්‍රිය වාසයන් ඇති අපි මිනිසුන් අතර සක්වා ලිහිණියෝ යයි කියති. පක්‍ෂීන් අතර යහපත් පැවතුම් ඇත්තාහ යයිද සම්මත වූවෝ වෙමු. බිය නැතිව විලෙහි හැසිරෙමු.
තත්‍ථ මනුස‍්සහිංසාති කාකො මනුස‍්සෙ හිංසති විහෙඨෙති, තෙන නං එවං ආලපති. අනුබ‍්බතෙති අඤ‍්ඤමඤ‍්ඤං අනුගතෙ සම‍්මොදමානෙ වියසංවාසෙ. චක‍්කවාකෙති චක‍්කවාකා නාම සා අණ‍්ඩජජාතීති පසංසන‍්ති වණ‍්ණෙන‍්ති කථෙන‍්ති. දිජෙසූති යත‍්තකා පක‍්ඛිනො නාම, තෙසු මයං “කල්‍යාණභාවා”තිපි මනුස‍්සෙසු සම‍්මතා. දුතියෙ අත්‍ථවිකප‍්පෙ මනුස‍්සෙසු අම‍්හෙ “චක‍්කවාකා”තිපි වදන‍්ති, දිජෙසු පන මයං “කල්‍යාණභාවා”ති සම‍්මතා, “කල්‍යාණභාවා”ති නො දිජා වදන‍්තීති අත්‍ථො. අණ‍්ණවෙති ඉමස‍්මිං ඨානෙ සරො “අණ‍්ණවො”ති වුත‍්තො, ඉමස‍්මිං පදුමසරෙ මයමෙව ද‍්වෙ ජනා පරෙසං අහිංසනතො අභිරූපා විචරාමාති අත්‍ථො. ඉමිස‍්සාය පන ගාථාය චතුත්‍ථපදං “න ඝාසහෙතූපි කරොම පාප”න‍්ති පඨන‍්ති. තස‍්සත්‍ථො – යස‍්මා මයං ඝාසහෙතූපි පාපං න කරොම, තස‍්මා “කල්‍යාණභාවා”ති අම‍්හෙ මනුස‍්සෙසු ච දිජෙසු ච සම‍්මතා.
එහි මනුස්ස හිංස යනු කපුටා මිනිසුන්ට හිංසා කරයි. පෙළයි. එහෙයින් ඔහුට මෙසේ අමතයි. අනුබ්බතෙ යනු එකට හැසිරෙන්නවුන් ඔවුනොවුන් සතුටු වන්නාහු ප්‍රිය වූ විසීම් ඇත්තාහු. චක්කවාකෙ යනු ඒ පක්‍ෂි වර්ගය සක්වාලිහිණි යයි ප්‍රසංසා කරත්. වර්ණනා කරත්. කියත්. ද්විජයන් අතර යම්තාක් පක්‍ෂීහු වෙත්නම් ඔවුන් අතර අපි යහපත් පැවතුම් ඇත්තෝයි මිනිසුන් අතර සම්මතයහ. දෙවන විකල්පාර්ථයෙහි අපි මිනිසුන් අතර සක්වාලිහිණියයි කියති. ද්විජයන් අතර අපි යහපත් පැවතුම් ඇත්තේ යයි සම්මතයහ. අපට යහපත් පැවතුම් ඇති පක්‍ෂීහු යයි කියති. අණ්ණවො යනු මෙතැන්හි විල “අණ්ණව” යයි කියන ලදි. මේ පියුම් විලෙහි අපි දෙදෙනාට අනිකෙකුගේ හිංසා කිරීමක් නොමැති හෙයින් බිය නැත්තා වූ තැනැත්තෝ මෙන් හැසිරෙමුයි අර්ථයි. මේ ගාථාවෙහි සිව්වන පදය න ඝාසහෙතුම්පි කරොම පාපං යනුද කියත්. එහි අර්ථය - යම් හෙයකින් අපි ආහාර හේතුවෙන්ද පවක් නොකරමු. එහෙයින් යහපත් පැවතුම් ඇත්තෝයි. අපි මිනිසුන් අතරද පක්‍ෂීන් අතරද සම්මත වූවාහු වෙති.
තං සුත්‍වා කාකො තතියං ගාථමාහ –
ඒ අසා කපුටා තෙවන ගාථාව කීය.
“කිං අණ‍්ණවෙ කානි ඵලානි භුඤ‍්ජෙ, මංසං කුතො ඛාදථ චක‍්කවාකා; කිං භොජනං භුඤ‍්ජථ වො අනොමා, බලඤ‍්ච වණ‍්ණො ච අනප‍්පරූපා”ති.
3. සක්වා ලිහිණියෙනි, තොපගේ බලයද වර්ණයද බොහෝය. අලාමකය. කිම? මේ විලෙහි කවර ගෙඩිවර්ග අනුභව කරන්නෝද, කවරෙකුගෙන් මස් කව්ද? කෙබඳු ආහාරයක් අනුභව කරව්ද?
තත්‍ථ කින‍්ති පුච‍්ඡාවසෙන ආලපනං, කිං භො චක‍්කවාකාති වුත‍්තං හොති. අණ‍්ණවෙති ඉමස‍්මිං සරෙ. භුඤ‍්ජෙති භුඤ‍්ජථ, කිං භුඤ‍්ජථාති අත්‍ථො මංසං කුතො ඛාදථාති කතරපාණානං සරීරතො මංසං ඛාදථ. භුඤ‍්ජථ වොති වොකාරො නිපාතමත‍්තං, පරපදෙන වාස‍්ස සම‍්බන්‍ධො “බලඤ‍්ච වා වණ‍්ණො ච අනප‍්පරූපා”ති.
එහි කිං යනු පිළිවිසීම් වශයෙන් ඇමතීමයි. කිම? එම්බා සක්වා ලිහිණියෙනි යි කියන ලද්දේ වෙයි. අණ්ණවෙ යනු මේ විලෙහි. භුඤ්ජෙ යනු අනුභව කරයි අර්ථයි. මංසං කුතො ඛාදථ යනු කවර ප්‍රාණීන්ගේ සිරුරින් මස් කව්ද? අනුභව කරව්ද “වො” කාරය නිපාත මාත්‍රයකි. පෙරපදය හා එහි සම්බන්ධය වේ. බලයද රූපයද බොහෝය යනුයි.
තතො චක‍්කවාකො චතුත්‍ථං ගාථමාහ –
අනතුරුව සක්වා ලිහිණියා සිව්වන ගාථාව කීය.
“න අණ‍්ණවෙ සන‍්ති ඵලානි ධඞ‍්ක, මංසං කුතො ඛාදිතුං චක‍්කවාකෙ; සෙවාලභක‍්ඛම‍්හ අපාණභොජනා, න ඝාසහෙතූපි කරොම පාප”න‍්ති.
4. කපුටානනි, (මේ) විලෙහි ගෙඩි වර්ග නැත. සක්වා ලිහිණියනට කෑමට කොහෙන් නම් මස් ලැබේද? පට්ටා රහිත බොදුන් ඇත්තෝ සෙවෙල් කමු. ආහාරය සඳහා පව් නොකරමු.
තත්‍ථ චක‍්කවාකෙති චක‍්කවාකස‍්ස. අපාණභොජනාති පාණකරහිතඋදකභොජනා. අම‍්හාකඤ‍්හි සෙවාලඤ‍්චෙව උදකඤ‍්ච භොජනන‍්ති දස‍්සෙති. න ඝාසහෙතූති තුම‍්හාදිසා විය මයං ඝාසහෙතු පාපං න කරොමාති.
එහි චක්කවාකෙ යනු සක්වා ලිහිණියාට. ආවාක භෝජනා යනු පට්ටා රහිත ජලජ ආහාරයෝය. සෙවෙල්ද ජලයද අපගේ ආහාරයයි දැක්වේ. න සාස හෙතු යනු තොප වැන්නවුන් මෙන් අපි ආහාරය නිසා පව් නොකරමු.
තතො කාකො ද‍්වෙ ගාථා අභාසි –
අනතුරුව කපුටා ගාථා දෙකක් කීය.
“න මෙ ඉදං රුච‍්චති චක‍්කවාක, අස‍්මිං භවෙ භොජනසන‍්නිකාසො; අහොසි පුබ‍්බෙ තතො මෙ අඤ‍්ඤථා, ඉච‍්චෙව මෙ විමති එත්‍ථ ජාතා.
5. සක්වා ලිහිණියෙනි, තොපගේ මේ ආහාරය මට රුචි නොවේ. මේ භවයෙහි ආහාරයෙහි සමාන බවක් වන්නේය. පෙර මා පිළිබඳව එවැන්නක් වීය. අනතුරුව අන් පරිදි වීය. මෙහි (මේ ශරීර වර්ණයෙහි) ලා මෙසේ මට විමතියක් උපනි.
“අහම‍්පි මංසානි ඵලානි භුඤ‍්ජෙ, අන‍්නානි ච ලොණියතෙලියානි; රසං මනුස‍්සෙසු ලභාමි භොත‍්තුං, සූරොව සඞ‍්ගාමමුඛං විජෙත්‍වා; න ච මෙ තාදිසො වණ‍්ණො, චක‍්කවාක යථා තවා”ති.
6. මම ද මස ද ගෙඩි ද බත් ද ලුණු ද තෙල් සහිත ආහාරද අනුභව කරමි. යුද්ධ භූමියෙහි දක්‍ෂයෙක් මෙන් මිනිසුන් සතු ආහාර පැහැරගෙන අනුභව කරන්නට ලබමි. සක්වාලිහිණියා එතකුදු වුවත් මට තොපට මෙන් පැහැයක් නොමැත.
තත්‍ථ ඉදන‍්ති ඉදං තුම‍්හාකං භුඤ‍්ජනභොජනං මය‍්හං න රුච‍්චති. අස‍්මිං භවෙ භොජනසන‍්නිකාසොති ඉමස‍්මිං භවෙ භොජනසන‍්නිකාසො යං ඉමස‍්මිං චක‍්කවාකභවෙ භොජනං, ත්‍වං තෙන සන‍්නිකාසො තංසදිසො තදනුරූපො අහොසි, අතිවිය පසන‍්නසරීරොසීති අත්‍ථො. තතො මෙ අඤ‍්ඤථාති යං මය‍්හං පුබ‍්බෙ තුම‍්හෙ දිස‍්වාව එතෙ එත්‍ථ නානාවිධානි ඵලානි චෙව මච‍්ඡමංසඤ‍්ච ඛාදන‍්ති, තෙන එවං සොභග‍්ගප‍්පත‍්තාති අහොසි, ඉදානි මෙ තතො අඤ‍්ඤථා හොතීති අත්‍ථො. ඉච‍්චෙව මෙති එතෙනෙව මෙ කාරණෙන එත්‍ථ තුම‍්හාකං සරීරවණ‍්ණෙ විමති ජාතා “කථං නු ඛො එතෙ එවරූපං ලූඛභොජනං භුඤ‍්ජන‍්තා වණ‍්ණවන‍්තො ජාතා”ති. අහම‍්පීති අහඤ‍්හි, අයමෙව වා පාඨො . භුඤ‍්ජෙති භුඤ‍්ජාමි. අන‍්නානි චාති භොජනානි ච. ලොණියතෙලියානීති ලොණතෙලයුත‍්තානි. රසන‍්ති මනුස‍්සෙසු පරිභොගං පණීතරසං. විජෙත්‍වාති යථා සූරො වීරයොධො සඞ‍්ගාමමුඛං විජෙත්‍වා විලුම‍්පිත්‍වා පරිභුඤ‍්ජති, තථා විලුම‍්පිත්‍වා පරිභුඤ‍්ජාමීති අත්‍ථො. යථා තවාති එවං පණීතං භොජනං භුඤ‍්ජන‍්තස‍්සපි මම තාදිසො වණ‍්ණො නත්‍ථි, යාදිසො තව වණ‍්ණො, තෙන තව වචනං න සද‍්දහාමීති දීපෙති.
එහි ඉදං යනු තොප බුදින ආහාර මට රුචි නොවේ. අසමිං භවෙ භොජන සනනිකාසො යනු මේ භවයෙහි මනා වූ ආහාර සමාන වූයේය. මේ සක්වාලිහිණි භවයෙහි යම් බොදුනක් වීද ඔබ එය කරණකොට ඊට අනුරූප විය. අතිශයින් රූමත් ශරීර ඇත්තේය යන අර්ථයයි. තතො මෙ අඤ්ඤථා යනු පෙර තොප දැකලාම මොවුන් මෙහි නන් වැදෑරුම් වූ ගෙඩිද මත්ස්‍ය මාංශයන් ද කත්. එහෙයින් මෙසේ රූපත් වීයයි මට සිතුවිල්ලක් වීය. දැන් මට ඉන් වෙනස් අදහසක් වේ යයි අර්ථයි. ඉච්චෙව මෙ යනු මෙහි මේ කරුණින්ම තොපගේ ශරීර වර්ණයෙහි විමතියක් උපන්නේය. මොවුහු කෙසේ නම් මෙබඳු කටුක ආහාර බුදින්නාහු රූපත් වූවාහුදැයි. අහම්පි යනු මම වූ කලී. මේ වූම පාඨයි. භුඤ්ජෙ යනු බුදිමි. අන්නානි ච යනු බොදුන්ද ලොණියතෙලියානි ලුණු හා තෙල්වලින් යුත්. රසං යනු මිනිසුන් අතර මිනිසුන් පරිහරණය කරන ප්‍රණීත රසයි. විජෙත්‍වා යනු යම්සේ දිනා. සූරො යුද ශූරයෙකු යුද අභිමුව ජයගෙන සතුරන් නසා අනුභව කරයිද? එසේ පැහැරගෙන අනුභව කරමි යන අර්ථයි. යථා තව යනු මෙසේ ප්‍රණීත භෝජන අනුභව කරන්නා වූද මට, ඔබට යම් වර්ණයක් ඇත්ද එවැනි වර්ණයක් නැත. එහෙයින් ඔබගේ වචනය නො අදහමියි දක්වයි.
අථස‍්ස වණ‍්ණසම‍්පත‍්තියා අභාවකාරණං අත‍්තනො ච භාවකාරණං කථෙන‍්තො චක‍්කවාකො සෙසගාථා අභාසි –
ඉක්බිතිව සක්වා ලිහිණියා ඔහුට පැහැ සම්පත්තිය නොවීමට කාරණයද තමාටම වන කාරණයද කියන්නේ සෙසු ගාථා පැවසීය.
“අසුද‍්ධභක‍්ඛොසි ඛණානුපාතී, කිච‍්ඡෙන තෙ ලබ‍්භති අන‍්නපානං; න තුස‍්සසී රුක‍්ඛඵලෙහි ධඞ‍්ක, මංසානි වා යානි සුසානමජ‍්ඣෙ.
7. කපුටාණෙනි, අපිරිසිදු දේ කන්නේ වෙහි. (යමෙක් ප්‍රමාද වූවෙහිද ඒ) ඇසිල්ලෙහි වැටෙන සුළුවෙහි. තොපට කෑම්-පීම් දුකින් ලැබේ. ගස්හි ගෙඩිවලින්ද සොහොන්මැද යම් මසෙක් වේද ඉන් සතුටු වේ.
“යො සාහසෙන අධිගම‍්ම භොගෙ, පරිභුඤ‍්ජති ධඞ‍්ක ඛණානුපාතී; තතො උපක‍්කොසති නං සභාවො, උපක‍්කුට‍්ඨො වණ‍්ණබලං ජහාති.
8. මොහොතින් හුන් තැනින් වැටෙන කපුටාණෙනි, යමෙක් සැහැසි කමින් භෝගය ලැබ අනුභව කරයිද? ඒ හේතුවෙන් ස්වභාවධර්මය ඔහුට නින්දා කෙරේ. එසේ දෝෂාරෝපණය ලද්දේ වර්ණය ද බලය ද අත්හරී.
“අප‍්පම‍්පි චෙ නිබ‍්බුතිං භුඤ‍්ජතී යදි, අසාහසෙන අපරූපඝාතී; බලඤ‍්ච වණ‍්ණො ච තදස‍්ස හොති, න හි සබ‍්බො ආහාරමයෙන වණ‍්ණො”ති.
9. ඉදින් සැහැසිකම් නොකිරීමෙන්ද අනුන් නොනැසීමෙන්ද සන්සුන්ව ස්වල්ප වූ හෝ ආහාරයක් අනුභව කරයිද ඒ හේතුවෙන් ඔහුගේ ශරීර ශක්තිය ද වර්ණය ද වන්නේය. වර්ණය මුළුමනින්ම ආහාරය නිසා හටගන්නේ නොවේ.
තත්‍ථ අසුද‍්ධභක‍්ඛොසීති ත්‍වං ථෙනෙත්‍වා වඤ‍්චෙත්‍වා භක‍්ඛනතො අසුද‍්ධභක‍්ඛො අසි. ඛණානුපාතීති පමාදක‍්ඛණෙ අනුපතනසීලො. කිච‍්ඡෙන තෙති තයා දුක‍්ඛෙන අන‍්නපානං ලබ‍්භති. මංසානි වා යානීති යානි වා සුසානමජ‍්ඣෙ මංසානි, තෙහි න තුස‍්සසි. තතොති පච‍්ඡා. උපක‍්කොසති නං සභාවොති අත‍්තාව තං පුග‍්ගලං ගරහි. උපක‍්කුට‍්ඨොති අත‍්තනාපි පරෙහිපි උපක‍්කුට‍්ඨො ගරහිතො විප‍්පටිසාරිතාය වණ‍්ණඤ‍්ච බලඤ‍්ච ජහාසි. නිබ‍්බුතිං භුඤ‍්ජතී යදීති යදි පන පරං අවිහෙඨෙත්‍වා අප‍්පකම‍්පි ධම‍්මලද‍්ධං නිබ‍්බුතිභොජනං භුඤ‍්ජති. තදස‍්ස හොතීති තදා අස‍්ස පණ‍්ඩිතස‍්ස සරීරෙ බලඤ‍්ච වණ‍්ණො ච හොති. ආහාරමයෙනාති නානප‍්පකාරෙන ආහාරෙනෙව. ඉදං වුත‍්තං හොති – භො කාක, වණ‍්ණො නාමෙස චතුසමුට‍්ඨානො, සො න ආහාරමත‍්තෙනෙව හොති, උතුචිත‍්තකම‍්මෙහිපි හොතියෙවාති.
එහි අසුද්ධ භක්ඛොසි යනු ඔබ සොරකම් කර වංචා කර කන හෙයින් අපිරිසිදු ආහාර ඇත්තෙක. ඛණානුපාතී යනු යමෙක් ප්‍රමාද වූ ඇසිල්ලෙහි එහි වැටෙන සුළුය. කිච්ඡෙන තෙ යනු ඒ ඔබ දුකින් කෑම්-බීම් ලබයි. මංසානිවා යනු සොහොන් මැද යම් මසක් වේද ඉන් සතුටු නොවෙති. තතො යනු පසුව. උපක්කොසති නං සභාවො යනු තෙමේම ඒ පුද්ගලයාට ගර්හා කෙරේ. උපක්කුට්ඨො යනු මෙසේ තමා විසින්ද අනුන් විසින්ද ආක්‍රෝශ කරන ලද්දේ ගර්හා කරන ලද්දේ විපිළිසර බැවින් වර්ණය ද බලය ද හරී. නිබ්බුතිං භුඤ්ජති යදි යනු ඉදින් අන්‍යයන් නොපෙළා දැහැමිව ලබන ලද ස්වල්ප වූ හෝ නිවුන භෝජනය වළදයිද? තදස්ස හොති යනු එකල්හි එම පණ්ඩිතයාට ශරීර බලය ද වර්ණ බලය ද වෙයි. ආහාර මයෙන යනු නන්වැදෑරුම් ආහාරයෙන්. මෙය කියන ලද්දේ වෙයි. එම්බා කවුඩ! තෙල වර්ණය නම් සතරකින් උපන්නේය. එය ආහාරය පමණකින් ඇතිවන්නේ නොවේ. සෘතු-චිත්ත-කර්ම යන මේවායෙන්ද වන්නේමයි.
එවං චක‍්කවාකො අනෙකපරියායෙන කාකං ගරහි. කාකො හරායිත්‍වා “න මය‍්හං තව වණ‍්ණෙන අත්‍ථො, කා කා”ති වස‍්සන‍්තො පලායි.
සක්වා ලිහිණියා මෙසේ කියා නොයෙක් ආකාරයෙන් කපුටාට ගර්හා කළේය. කවුඩා ගර්හාවට ලක්කර, කවුඩ! තොපට මගේ පාටින් වැඩක් නැතැයි හඬලමින් පලා ගියේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ ලොලභික‍්ඛු අනාගාමිඵලෙ පතිට‍්ඨහි. තදා කාකො ලොලභික‍්ඛු අහොසි, චක‍්කවාකී රාහුලමාතා, චක‍්කවාකො පන අහමෙව අහොසින‍්ති.
ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශකොට ජාතකය පූර්වාපර සන්‍ධි ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි ලොල් වූ භික්‍ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය. එකල්හි කපුටා ලොල් වූ භික්‍ෂුව වීය. සක්වා ලිහිණි තොමෝ රාහුල මාතාව වූවාය. සක්වා ලිහිණියා මම ම වූයෙමියි, වදාළ සේක.
චක‍්කවාකජාතකවණ‍්ණනා අට‍්ඨමා.