7. ලොමසකස්සපජාතකවණ්ණනා 433 අට්ඨකථා
7. ලොමසකස්සපජාතකවණ්ණනා (433)
7. ලෝමසකස්සප ජාතකය (433)
අස්ස ඉන්දසමො රාජාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. තඤ්හි භික්ඛුං සත්ථා “සච්චං කිර ත්වං භික්ඛු උක්කණ්ඨිතොසී”ති පුච්ඡිත්වා “සච්ච”න්ති වුත්තෙ “භික්ඛු සිනෙරුකම්පනවාතො කිං පුරාණපණ්ණානි න කම්පෙස්සති, යසසමඞ්ගිනොපි සප්පුරිසා ආයසක්‍යං පාපුණන්ති, කිලෙසා නාමෙතෙ පරිසුද්ධසත්තෙපි සංකිලිට්ඨෙ කරොන්ති, පගෙව තාදිස”න්ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
අස්ස ඉන්ද සමො රාජා යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් එක්තරා උකටලී වූ භික්ෂුවක අරබයා දේශනා කළ සේක. බුදුරජු ඒ භික්ෂුවගෙන් ඔබ උකටලී වූයේ සැබවදැයි විමසා සත්‍යයයි කී කල්හි මහණ! මහමෙර සොළවන වාතය කිම පැරණි පත්රයන් (කොල) කම්පා නොකරයිද? මේ ක්ලේශයෝ කීර්තිමත් ඇත්තෝද අපකීර්තියට පමුණුවත්. පිරිසිදු සත්වයෝද කිළිටු වූවන් කරත් ඔබ වැන්නවුන් පිළිබඳ කවර කථාදැයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑය.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බ්රහ්මදත්තස්ස පුත්තො බ්රහ්මදත්තකුමාරො නාම පුරොහිතපුත්තො ච කස්සපො නාම ද්වෙ සහායකා හුත්වා එකාචරියකුලෙ සබ්බසිප්පානි උග්ගණ්හිංසු. අපරභාගෙ බ්රහ්මදත්තකුමාරො පිතු අච්චයෙන රජ්ජෙ පතිට්ඨාසි. කස්සපො චින්තෙසි “මය්හං සහායො රාජා ජාතො, ඉදානි මෙ මහන්තං ඉස්සරියං දස්සති, කිං මෙ ඉස්සරියෙන, අහං මාතාපිතරො ච රාජානඤ්ච ආපුච්ඡිත්වා පබ්බජිස්සාමී”ති. සො රාජානඤ්ච මාතාපිතරො ච ආපුච්ඡිත්වා හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා සත්තමෙ දිවසෙ අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙත්වා උඤ්ඡාචරියාය යාපෙන්තො විහාසි. පබ්බජිතං පන නං “ලොමසකස්සපො”ති සඤ්ජානිංසු. සො පරමජිතින්ද්රියො ඝොරතපො තාපසො අහොසි. තස්ස තෙජෙන සක්කස්ස භවනං කම්පි. සක්කො ආවජ්ජෙන්තො තං දිස්වා චින්තෙසි “අයං තාපසො අතිවිය උග්ගතෙජො සක්කභාවාපි මං චාවෙය්ය, බාරාණසිරඤ්ඤා සද්ධිං එකතො හුත්වා තපමස්ස භින්දිස්සාමී”ති. සො සක්කානුභාවෙන අඩ්ඪරත්තසමයෙ බාරාණසිරඤ්ඤො සිරිගබ්භං පවිසිත්වා සකලගබ්භං සරීරප්පභාය ඔභාසෙත්වා රඤ්ඤො සන්තිකෙ ආකාසෙ ඨිතො “උට්ඨෙහි, මහාරාජා”ති රාජානං පබොධෙසි. “කොසි ත්ව”න්ති වුත්තෙ “සක්කොහමස්මී”ති ආහ. “කිමත්ථං ආගතොසී”ති? “මහාරාජ, සකලජම්බුදීපෙ එකරජ්ජං ඉච්ඡසි, න ඉච්ඡසී”ති? “කිස්ස න ඉච්ඡාමී”ති? අථ නං සක්කො “තෙන හි ලොමසකස්සපං ආනෙත්වා පසුඝාතයඤ්ඤං යජාපෙහි, සක්කසමො අජරාමරො හුත්වා සකලජම්බුදීපෙ රජ්ජං කාරෙස්සසී”ති වත්වා පඨමං ගාථමාහ –
අතීතයෙහි බරණැස රජ වූ බ්‍රහ්මදත්තගේ පුතු බ්‍රහ්මදත්ත කුමාර නම් වී. පුරෝහිතගේ පුත්‍රයා කස්ස්ප නම් වී. (දෙදෙනාම) යහළුවෝ වී එක් ගුරුවරයෙකුගේ නිවෙස්හිදී සියළු ශිල්පය උගත්හ. මෑත කාලයෙහි බ්‍රහ්මදත්ත කුමාරයා පියා ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටියේය. කස්සප මෙසේ සිතීය. මගේ යහළුවා රජවීය. දැන් මට මහත් වූ සම්පත් දෙන්නේය. මට සම්පතින් කවර ප්‍රයෝජනයක්ද? මම මව්පියන්ගෙන්ද රජුගෙන්ද විමසා පැවිදි වන්නෙමැයි. හෙතෙම රජුගෙන්ද මව්පියන්ගෙන්ද විමසා හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදි වී සත්වන දවස්හි අභිඥාවන්ද සමාපත්තීන්ද උපදවා පිඬු පිණිස හැසිරීමෙන් යැපෙන්නේ වාසය කෙළේය. පැවිදි වූවහු ලොමසකස්සප යයි හැඳින්වූහ. උත්කර්ෂවත් ලෙස දිනන ලද ඉදුරන් ඇති කර්කෂ තවුස්දම් ඇති තාපසයෙක් වීය. ඔහුගේ තවුස් තෙදින් ශක්‍රභවනය කම්පා වීය. ශක්‍රයා විමසා බලනුයේ ඔහු දැක (මෙසේ) සිතීය. මේ තවුසා අතිශයින් උග්‍ර තේජස් ඇත්තෙකි. මා ශක්‍ර භවනයෙන්ද ගිලිහිය හැක්කෙක. බරණැස් රජු සමග එකතු වී මොහුගේ තපස බිඳින්නෙමියි කියාය. හෙතෙම ශක්‍රානුභාවයෙන් මැදියම් රෑ සමයෙහි බරණැස් රජුගේ සිරියහන් ගැබට ගොස් මුළු සිරියහන් ගැබම ශරීරාලෝකයෙන් බබුළුවා රජු සමීපයෙහි අහස්හි සිටියේ “මහරජ, නැගී සිටුව”යි රජු පුබුදුවාලීය. ඔබ කවරෙක්දැයි කී කල්හි මම ශක්‍රයා වෙමියි කීය. කවර කරුණක් සඳහා ආවෙහිදැයි? මහරජ සියළු දඹදිව එකම රාජ්‍යයක් කොට කැමැත්තෙහිද නොකැමැත්තෙහිදැයි විචාළේය. කවර හෙයකින් නොකැමති වන්නෙම්ද? ඉක්බිති ශක්‍රයා ඔහුට (කියනුයේ) එසේ නම් ලොමස කස්සප තවුසා ගෙන්වා තිරිසනුන් නස්නා යාගය කරවව. ශක්‍රයා හා සමානව අජරාමර වී සියළු දඹදිව රාජ්‍යය කරන්නෙහි යයි කියා පළමු ගාථාව කීය.
“අස්ස ඉන්දසමො රාජ, අච්චන්තං අජරාමරො; සචෙ ත්වං යඤ්ඤං යාජෙය්ය, ඉසිං ලොමසකස්සප”න්ති.
අස්ස ඉන්දසමො රාජ අච්චන්තං අජරාමරො, සචෙ තං යඤ්ඤං යාජෙය්ය ඉසිං ලොමසකස්සපන්ති
1. ඉදින් රජතුමනි, ලොමස කස්සප තවුසා ලවා පශු ඝාතක යාගය කරවන්නේ නම් ඒකාන්තයෙන් අජරාමර වන්නේය. ශක්‍රයා හා සමාන රජෙක් වන්නෙහිය.
තත්ථ අස්සාති භවිස්සසි. යාජෙය්යාති සචෙ ත්වං අරඤ්ඤායතනතො ඉසිං ලොමසකස්සපං ආනෙත්වා යඤ්ඤං යජෙය්යාසීති.
එහි අස්සා යනු වන්නෙහිය. යාජෙය්යා යනු ඉදින් ඔබ වන සෙනසුනෙන් ලොමස කස්සපං යනු තවුසා ගෙන්වා යාගය කරන්නෙහි.
තස්ස වචනං සුත්වා රාජා “සාධූ”ති සම්පටිච්ඡි. සක්කො “තෙන හි මා පපඤ්චං කරී”ති වත්වා පක්කාමි. රාජා පුනදිවසෙ සෙය්යං නාම අමච්චං පක්කොසාපෙත්වා “සම්ම, මය්හං පියසහායකස්ස ලොමසකස්සපස්ස සන්තිකං ගන්ත්වා මම වචනෙන එවං වදෙහි ‘රාජා කිර තුම්හෙහි පසුඝාතයඤ්ඤං යජාපෙත්වා සකලජම්බුදීපෙ එකරාජා භවිස්සති, තුම්හාකම්පි යත්තකං පදෙසං ඉච්ඡථ, තත්තකං දස්සති, මයා සද්ධිං යඤ්ඤං යජිතුං ආගච්ඡථා’”ති ආහ. සො “සාධු, දෙවා”ති තාපසස්ස වසනොකාසජානනත්ථං නගරෙ භෙරිං චරාපෙත්වා එකෙන වනචරකෙන “අහං ජානාමී”ති වුත්තෙ තං පුරතො කත්වා මහන්තෙන පරිවාරෙන තත්ථ ගන්ත්වා ඉසිං වන්දිත්වා එකමන්තං නිසින්නො තං සාසනං ආරොචෙසි. අථ නං සො “සෙය්‍ය කිං නාමෙතං කථෙසී”ති වත්වා පටික්ඛිපන්තො චතස්සො ගාථා අභාසි –
රජු ඔහුගේ වචනය අසා මැනවයි පිළිගත්තේය. ශක්‍රයා එසේ නම් ප්‍රමාද නොකරව යි කියා ගියේය. රජු දෙවන දවස්හි සය්හ නම් වූ ඇමතියා කැඳවා යහළුව, මාගේ ප්‍රිය යහළු වූ ලෝමසකස්සප සමීපයට ගොස් මාගේ වචනයෙන් මෙසේ කියව. රජු ඔබ ලවා යාගයක් කරවා සියළු දඹදිව එකම රජු වන්නේය. ඔබතුමන්ටද යම් පමණ පෙදෙසක් කැමති වන්නහු නම් එපමණක් දෙන්නේ යයි. මා සමග යාගය කරන්නට, හෙතෙම “දේවයන් වහන්ස, මැනවයි” තාපසයා වසන ඉසව්ව දැනගනු පිණිස නගරයෙහි බෙර හසුරුවා එක් වනයෙහි හැසිරෙන්නෙකු විසින් “මම දනිමි”යි කී කල්හි ඔහු පෙරටු කොට මහත් පිරිවර සමඟ එහි ගොස් තවුසා වැඳ එකත්පස්ව හුන්නේ එම පණිවුඩය දැන්වීය. ඉක්බිති හෙතෙම ඔහුට “සය්හ ඇමතිතුමනි, මේ කවරක් නම් කියහිදැයි කියා ප්‍රතික්ෂේප කරනුයේ ගාථා සතරක් කීය.
“සසමුද්දපරියායං, මහිං සාගරකුණ්ඩලං; න ඉච්ඡෙ සහ නින්දාය, එවං සෙය්‍ය විජානහි.
2. සය්හ ඇමතිතුමනි, මෙය මෙසේ දනුව. මුහුද සීමාකොට ඇති, මුහුදෙන් වටවූ පොළොව වත් සත්ව ඝාතනයෙන් ලැබෙන නින්දාව සමග (ලබන්නට) නොකැමති වෙමි.
“ධිරත්ථු තං යසලාභං, ධනලාභඤ්ච බ්‍රාහ්මණ; යා වුත්ති විනිපාතෙන, අධම්මචරණෙන වා.
3. බමුණ, අපායට පමුණුවන්නා වූ පැවැත්මෙන් හෝ අධර්ම චර්යාවෙන් හෝ යුත් යම් පැවැත්මක් වේද (ඉන් ලබන) කීර්ති ලාභයටද ධනලාභයද නින්දා වේවා!
“අපි චෙ පත්තමාදාය, අනගාරො පරිබ්බජෙ; සායෙව ජීවිකා සෙය්යො, යා චාධම්මෙන එසනා.
4. අධර්මයෙන් යම් සෙවීමක් වේද ඊට වඩා යම් අනගාරිකව, පාත්‍රයක් ගෙන අහර පිණිස හැසිරීමක් වේද ඒ වූම දිවිපැවැත්ම උතුම්ය.
“අපි චෙ පත්තමාදාය, අනගාරො පරිබ්බජෙ; අඤ්ඤං අහිංසයං ලොකෙ, අපි රජ්ජෙන තං වර”න්ති.
5. අනගාරිකව අන්‍යයන්ට හිංසා නොකර, පාත්‍රයක් ගෙන අහර පිණිස යම් හැසිරීමක් වේද ඒ පැවැත්ම ලොව රජකමට වඩා අගනේයයි.
තත්ථ සසමුද්දපරියායන්ති සසමුද්දපරික්ඛෙපං. සාගරකුණ්ඩලන්ති චත්තාරො දීපෙ පරික්ඛිපිත්වා ඨිතසාගරෙහි කණ්ණවලියා ඨපිතකුණ්ඩලෙහි විය සමන්නාගතං. සහ නින්දායාති “ඉමිනා පසුඝාතකම්මං කත”න්ති ඉමාය නින්දාය සහ චක්කවාළපරියන්තං මහාපථවිං න ඉච්ඡාමීති වදති. යා වුත්ති විනිපාතෙනාති නරකෙ විනිපාතකම්මෙන යා ච ජීවිතවුත්ති හොති, තං ධිරත්ථු, ගරහාමි තං වුත්තින්ති දීපෙති. සායෙව ජීවිකාති පබ්බජිතස්ස මත්තිකාපත්තං ආදාය පරඝරානි උපසඞ්කමිත්වා ආහාරපරියෙසනජීවිකාව යසධනලාභතො සතගුණෙන සහස්සගුණෙන වරතරාති අත්ථො අපි රජ්ජෙන තං වරන්ති තං අනගාරස්ස සතො අඤ්ඤං අවිහිංසන්තස්ස පරිබ්බජනං සකලජම්බුදීපරජ්ජෙනපි වරන්ති අත්ථො.
එහි සසමුද්ද පරියාය යනු මුහුද වටකොට මහිංසාගර කුණ්ඩලං යනු සිව්දිවයින් වටකොට සිටි සාගරයන්ගෙන් කන්වැල්හි තබන ලද කුණ්ඩලාභරණයන්ගෙන් මෙන් යුක්ත වූයේ. සහනින්දාය යනු මොහු විසින් සත්ව ඝාතනය කරන ලදැයි යන මේ නින්දාව සමග සක්වළ කෙළවර කොට ඇති මහපොළොව ද නොකැමැත්තෙමියි කියයි. යා වුත්ති විනිපාතෙන යනු නිරයෙහි වැටෙන කර්මයෙන් යම් දිවි පැවැත්මෙක් වේද එයට නින්දා වේවා! ඒ පැවැත්මට ගර්හා කරමි යයි දක්වයි. යා යෙව ජීවිකා යනු පැවිදි වූවහුට මැටි පාත්‍රය ගෙන අනුන්ගේ ගෙවල් වෙත එළඹ අහර සෙවීමේ දිවිපැවැත්මම කීර්ති හා ධන ලාභයට වඩා සිය ගුණයෙන් උතුම්යයි යන අර්ථයි. අපි රජ්ජෙන තං වරං යනු අන්‍යයන් නොපෙළන්නා වූ අනගාරිකයාගේ අහර සොයා යෑම මුළු දඹදිව රාජ්‍යයටද වඩා අගනේය යි අර්ථයි.
අමච්චො තස්ස කථං සුත්වා ගන්ත්වා රඤ්ඤො ආරොචෙසි. තං සුත්වා රාජා “අනාගච්ඡන්තෙ කිං සක්කා කාතු”න්ති තුණ්හී අහොසි. පුන සක්කො අඩ්ඪරත්තසමයෙ ආගන්ත්වා ආකාසෙ ඨත්වා “කිං, මහාරාජ, ලොමසකස්සපං ආනෙත්වා යඤ්ඤං න යජාපෙසී”ති ආහ. “මයා පෙසිතොපි නාගච්ඡතී”ති. “තෙන හි, මහාරාජ, අත්තනො ධීතරං චන්දවතිං කුමාරිකං අලඞ්කරිත්වා සෙය්යං තථෙව පෙසෙත්වා ‘සචෙ කිර ආගන්ත්වා යඤ්ඤං යජිස්සසි, රාජා තෙ ඉමං කුමාරිකං දස්සතී’ති වදාපෙහි, අද්ධා සො කුමාරිකාය පටිබද්ධචිත්තො හුත්වා ආගච්ඡිස්සතී”ති. රාජා “සාධූ”ති සම්පටිච්ඡිත්වා පුනදිවසෙ සෙය්යස්ස හත්ථෙ ධීතරං අදාසි. සො රාජධීතරං ගහෙත්වා තත්ථ ගන්ත්වා ඉසිං වන්දිත්වා පටිසන්ථාරං කත්වා දෙවච්ඡරපටිභාගං රාජධීතරං තස්ස දස්සෙත්වා එකමන්තං අට්ඨාසි. අථ ඉසි ඉන්ද්රියානි භින්දිත්වා තං ඔලොකෙසි, සහ ඔලොකනෙනෙව පටිබද්ධචිත්තො හුත්වා ඣානා පරිහායි. අමච්චො තස්ස පටිබද්ධචිත්තභාවං ඤත්වා “භන්තෙ, සචෙ කිර යඤ්ඤං යජිස්සථ, රාජා තෙ ඉමං දාරිකං පාදපරිචාරිකං කත්වා දස්සතී”ති ආහ. සො කිලෙසවසෙන කම්පන්තො “ඉමං කිර මෙ දස්සතී”ති ආහ. “ආම, යඤ්ඤං යජන්තස්ස තෙ දස්සතී”ති. සො “සාධු ඉමං ලභන්තො යජිස්සාමී”ති වත්වා තං ගහෙත්වා සහෙව ජටාහි අලඞ්කතරථං අභිරුය්හ බාරාණසිං අගමාසි. රාජාපි “ආගච්ඡති කිරා”ති සුත්වා යඤ්ඤාවාටෙ කම්මං පට්ඨපෙසි. අථ නං ආගතං දිස්වා “ස්වෙ යඤ්ඤං යජාහි, අහං ඉන්දසමො භවිස්සාමි, යඤ්ඤපරියොසානෙ තෙ ධීතරං දස්සාමී”ති ආහ. කස්සපො “සාධූ”ති සම්පටිච්ඡි. අථ නං රාජා පුනදිවසෙ තං ආදාය චන්දවතියා සද්ධිංයෙව යඤ්ඤාවාටං ගතො. තත්ථ හත්ථිඅස්සඋසභාදිසබ්බචතුප්පදා පටිපාටියා ඨපිතාව අහෙසුං. කස්සපො තෙ සබ්බෙ හනිත්වාව ඝාතෙත්වා යඤ්ඤං යජිතුං ආරභි. අථ නං තත්ථ සන්නිපතිතො මහාජනො දිස්වා “ඉදං තෙ ලොමසකස්සප අයුත්තං අප්පතිරූපං, කිං නාමෙතං කරොසී”ති වත්වා පරිදෙවන්තො ද්වෙ ගාථා අභාසි –
ඇමති තෙමේ ඔහුගේ කථාව අසා (රජු වෙත) ගොස් රජුට (ඒ බව) දැන්වීය. රජු ඒ අසා (තවුසා) නොපැමිණෙන කල්හි කුමක් කරන්නට හැකිදැයි (සිතා) නිශ්ශබ්ද වීය. ශක්‍රයා නැවත මධ්‍යම රාත්‍රියෙහි අවුත් අහස්හි සිට මහරජතුමනි, කිම ලෝමක කස්සප තවුසාට අණකර යාගය නොකරන්නෙහිදැයි කීය. පණිවුඩ යවන ලද්දේ නමුත් නොඑයි. මහරජ, එසේනම් තමාගේ දුව වන චන්ද්රවතී කුමාරිය සරසවා සය්හ සමග යවා ඉදින් පැමිණ යාගය කරන්නෙහි නම් රජු ඔබට මේ කුමරිය දෙන්නේ යයි කියවව. හෙතෙම ඒකාන්තයෙන් කුමරිය පිළිබඳ බැඳුන සිත් ඇත්තේ වී එන්නේය යනුයි. රජු මැනවයි පිළිගෙන දෙවන දවස්හි සය්හ ඇමතියා සමග තම දියණිය යැවීය. ඔහුට දියණිය ගෙන එහි ගොස් තවුසා වැඳ පිළිසඳර කථා කොට දෙවඟනක් හා සමාන වූ රජදුවණිය ඔහුට පෙන්වා එකත්පස්ව සිටියේය. ඉක්බිති ඔහු ඉඳුරන් බිඳ ඇය දෙස බැලීය. බැලීමත් සමගම පිළිබඳ සිත් ඇත්තේ වී ධ්‍යානයෙන් මිදුනේය. ඇමතිතෙමේ ඔහුගේ බැඳුන බව දැන ස්වාමීනි, ඉදින් යාගය යදින්නහු නම් රජු තොපට මැය පාදපරිචාරිකාව කොට දෙන්නේයයි කීය. හෙතෙම කෙලෙස් වශයෙන් කම්පා වන්නේ ‘මැය මට දෙන්නේය’යි කීය. එසේය. යාගය යදින්නහුට දෙන්නේයයි. හෙතෙම මැනවයි මැය ලබන්නේ යාග කරමි යයි කියා ඇය ගෙන ජටාවන් සමගම අලංකාර කරන ලද රියට නැගී බරණැසට ගියේය. රජුද එන්නේලු යයි අසා යාගය සඳහා කරවන වළෙහි කටයුතු ආරම්භ කළේය. ඉක්බිති පැමිණියා වූ ඔහු දැකලාම ඉදින් යාග කරන්නාහු නම් මම ඉන්ද්රයා හා සමාන වෙමි. යාගය අවසානයෙහි ඔබට දුව දෙමියි කීය. කස්සප තෙමේ මැනවයි පිළිගත්තේය. ඉක්බිති රජු දෙවන දවස්හි ඔහුද ගෙන චන්ද්රවතියද සමගින්ම යාග වළ වෙත ගියේ එහි ඇත්, අස්, ගොන් ආදී සියළු සිව්පාවෝ පිළිවෙලින් තබන ලද්දෝද වූහ. කස්සප තෙමේ ඒ සියල්ලන් ගණන් කරද නසාද යාගය කරන්නට පටන් ගත්තේය. ඉක්බිති එහි පැමිණි මහජනයා එය දැක ලෝමක කස්සපය, මෙය තොපට නොයුතුය. නුසුදුසුය. මේ කුමක් නම් කරහි දැයි කියා හඬන්නේ ගාථා දෙකක් කීය.
“බලං චන්දො බලං සුරියො, බලං සමණබ්රාහ්මණා; බලං වෙලා සමුද්දස්ස, බලාතිබලමිත්ථියො.
6. චන්ද්‍රයා බලවත්ය. සූර්යයාද බලවත්ය. ශ්‍රමණ බ්‍රාහ්මණයෝද බලවත් වෙති. මුහුදට වෙරළද බලවත්ය. ස්ත්‍රීහු මේ සියල්ලට වඩා බලවත් වෙති.
“යථා උග්ගතපං සන්තං, ඉසිං ලොමසකස්සපං; පිතු අත්ථා චන්දවතී, වාජපෙය්යං අයාජයී”ති.
7. යම් සේ උග්‍ර වූ තවුස්දම් ඇති, ශාන්ත වූ ලෝමස කස්සප තවුසා ලවා චන්ද්රවතී නම් රජදුව පියාණන්ගේ යහපත පිණිස වාජපෙය්‍ය නම් යාගය කරවීද (එහෙයින් මේ සියළු බලයනට වඩා ස්ත්‍රිය බලවත් වේ)
තත්ථ බලං චන්දො බලං සුරියොති මහන්ධකාරවිධමනෙ අඤ්ඤං බලං නාම නත්ථි, චන්දිමසූරියාවෙත්ථ බලවන්තොති අත්ථො. සමණබ්රාහ්මණාති ඉට්ඨානිට්ඨවිසයවෙගසහනෙ ඛන්තිබලඤාණබලෙන සමන්නාගතා සමිතපාපබාහිතපාපා සමණබ්රාහ්මණා. බලං වෙලා සමුද්දස්සාති මහාසමුද්දස්ස උත්තරිතුං අදත්වා උදකං ආවරිත්වා විනාසෙතුං සමත්ථතාය වෙලා බලං නාම. බලාතිබලමිත්ථියොති ඉත්ථියො පන විසදඤාණෙපි අවීතරාගෙ අත්තනො වසං ආනෙත්වා විනාසෙතුං සමත්ථතාය තෙහි සබ්බෙහි බලෙහිපි අතිබලා නාම, සබ්බබලෙහි ඉත්ථිබලමෙව මහන්තන්ති අත්ථො. යථාති යස්මා. පිතු අත්ථාති පිතු වුඩ්ඪිඅත්ථාය. ඉදං වුත්තං හොති – යස්මා ඉමං උග්ගතපං සමානං සීලාදිගුණානං එසිතත්තා ඉසිං අයං චන්දවතී නිස්සීලං කත්වා පිතු වුඩ්ඪිඅත්ථාය වාජපෙය්යං යඤ්ඤං යාජෙති, තස්මා ජානිතබ්බමෙතං “බලාතිබලමිත්ථියො”ති.
එහි බලං චන්දො බලං සුරියො යනු මහත් වූ අඳුර නැසීමෙහිලා අන් බලයක් නම් නැත. සඳ හිරු දෙදෙනාට එහිලා බලවත් වෙතියි අර්ථයි. සමණ බ්රාහ්මණා යනු ඉටු අනිටු පස්කම් සැප විෂය කරගත් වේගයෙන් දැරීමෙහි ඉවසීම් බලයෙන් හා නුවණැති බවෙන් යුක්ත වූවාහු, සන්සිඳුවන පව් හා බහාතබන ලද පව් ඇත්තෝ, ‘සමණ බ්රාහ්මණා’ වෙති. බලං වේලා සමුද්දස්ස යනු මහමුහුදට ගොඩට ඒමට නොදී ජලය අවුරා තැබීමට සමර්ථ බැවින් වෙරළද බලය නම් වේ. බලාතිබල මිත්ථියො යනු ස්ත්‍රීහු වනාහි පිරිසිදු නුවණ ඇති නමුත් දුරුකරන ලද රාග නැතිවුන් තමාගේ වසඟයට ගෙන විනාශ කිරීමට සමර්ථ බැවින් මේ සියළු බලයන්ගෙන් අතිශයින් බලවත්හු නම් වෙති. සියළු බලයන් අතර ස්ත්‍රී බලයම මහත් යයි අර්ථය. යථා යනු යම්හෙයකින්. පිතු අත්ථා යනු පියාගේ අභිවෘද්ධිය සඳහා මෙය කියන ලද්දේ වෙයි. යම් හෙයකින් උග්‍ර තවුස්දම් ඇති සීලාදී ගුණයන් සෙවුන හෙයින් සෘෂිවරයෙකු වූ මොහු චන්ද්රවතී (විසින්) සිල් නැත්තෙකු කොට පියාගේ අභිවෘද්ධිය සඳහා වාජපෙය්‍ය යාග කරවයිද එහෙයින් මෙසේ දතයුතුය. ස්ත්‍රීහු බලාතිබල යයි යනුවෙනි.
තස්මිං සමයෙ කස්සපො යඤ්ඤං යජනත්ථාය “මඞ්ගලහත්ථිං ගීවායං පහරිස්සාමී”ති ඛග්ගරතනං උක්ඛිපි. හත්ථී තං දිස්වා මරණභයතජ්ජිතො මහාරවං රවි. තස්ස රවං සුත්වා සෙසාපි හත්ථිඅස්සඋසභාදයො මරණභයතජ්ජිතා භයෙන විරවිංසු. මහාජනොපි විරවි. කස්සපො තං මහාවිරවං සුත්වා සංවෙගප්පත්තො හුත්වා අත්තනො ජටාදීනි ඔලොකෙසි. අථස්ස ජටාමස්සුකච්ඡලොමානි පාකටානි අහෙසුං. සො විප්පටිසාරී හුත්වා “අනනුරූපං වත මෙ පාපකම්මං කත”න්ති සංවෙගං පකාසෙන්තො අට්ඨමං ගාථමාහ –
එසමයෙහි කස්සප තවුස් තෙමේ යාගය කිරීම සඳහා මඟුල් ඇතාට බෙල්ලෙහි පහර දෙමියි රනින් කළ කඩුව එසවීය. ඇතා එය දැක මරණ බියෙන් තැති ගන්නේ මහ හඬින් කෑගැසීය. ඔහුගේ කෑගැසීම අසා සෙසු ඇත්-අස්-වෘෂභයෝ මරණ බියෙන් මහත් වූ හඬ නැගූහ. මහජනයාද මහ හඬ නැගීය. කස්සප තෙමේ මහ හඬ අසා සංවේගයට පත්වී තමාගේ ජටා ආදීන් බැලීය. ඉක්බිති ඔහුට ජටාව රැවුල කුස ලොම් ළය ලොම් ප්රකටව පෙනුනේ වීය. හෙතෙම විපිළිසර වී මවිසින් ඒකාන්තයෙන් නුසුදුසු දෙයක් කරන ලදැයි සංවේගය ප්‍රකාශ කරන්නේ අටවන ගාථාව කීවේය.
“තං ලොභපකතං කම්මං, කටුකං කාමහෙතුකං; තස්ස මූලං ගවෙසිස්සං, ඡෙච්ඡං රාගං සබන්ධන”න්ති.
8. (ඒ චන්ද්රවතිය පිළිබඳව) ලෝභයෙන් කරන ලද කාමහේතුක කටයුත්ත කටුක වූවකි. ඒ කටයුත්තෙහි මූල සොයන්නෙමි. බැමි සහිත රාගය සිඳින්නෙමි.
තස්සත්ථො – මහාරාජ, යං එතං මයා චන්දවතියා ලොභං උප්පාදෙත්වා තෙන ලොභෙන පකතං කාමහෙතුකං පාපකං, තං කටුකං තිඛිණවිපාකං. තස්සාහං අයොනිසොමනසිකාරසඞ්ඛාතං මූලං ගවෙසිස්සං, අලං මෙ ඉමිනා ඛග්ගෙන, පඤ්ඤාඛග්ගං නීහරිත්වා සුභනිමිත්තබන්ධනෙන සද්ධිං සබන්ධනං රාගං ඡින්දිස්සාමීති.
එහි අර්ථය- මහරජතුමනි, මා විසින් චන්ද්රවතිය පිළිබඳ ලෝභ උපදවා ඒ ලෝභයෙන් පාපහේතුක වූ යම් පවිටු ක්‍රියාවක් කරන ලදද එය කටුකය. තියුණු විපාක ඇත්තේය. මම එයට හේතු වූ නුනුවණින් මෙනෙහි කිරීම් සංඛ්‍යාත වූ මූලය සොයන්නෙමි. මට මේ කඩුවෙන් ප්‍රයෝජනයක් නැත. ප්‍රඥාව නැමති කඩුව පිටතට ගෙන සුභනිමිති බැඳීම් සමග බැඳීම් සහිත රාගය සිඳින්නෙමියි.
අථ නං රාජා “මා භායි සම්ම, ඉදානි තෙ චන්දවතිං කුමාරිඤ්ච රට්ඨඤ්ච සත්තරතනරාසිඤ්ච දස්සාමි, යජාහි යඤ්ඤ”න්ති ආහ. තං සුත්වා කස්සපො “න මෙ, මහාරාජ, ඉමිනා කිලෙසෙන අත්ථො”ති වත්වා ඔසානගාථමාහ –
අනතුරුව රජු ඔහුට (කියනුයේ) යහළුව බිය නොවන්න. දැන් තොපට චන්ද්රවතී කුමරියද සත්රුවන් රැසක්ද දෙමි. යාගය පූජා කරව යයි කීය. ඒ අසා කස්සප තෙමේ (කියනුයේ) මහරජතුමනි, මට මේ ක්ලේශයන්ගෙන් වැඩක් නැතැයි කියා අවසාන ගාථාව කීය.
“ධිරත්ථු කාමෙ සුබහූපි ලොකෙ, තපොව සෙය්යො කාමගුණෙහි රාජ; තපො කරිස්සාමි පහාය කාමෙ, තවෙව රට්ඨං චන්දවතී ච හොතූ”ති.
9. රජතුමනි, ලොව අතිශයින් බහුල වූ කාමයනට නින්දා වේවා! කාම සම්පත්තීන්ට වඩා තපසම උතුම්ය. කාමයන් හැර තපසම කරන්නෙමි. රටද චන්ද්රවතියද ඔබටම වේවා!යි.
තත්ථ සුබහූපීති අතිබහුකෙපි. තපො කරිස්සාමීති සීලසංයමතපමෙව කරිස්සාමි.
එහි සුබහූපි යනු ඉතා බහුලකොට ද, තපොකරිස්සාමි යනු සීලයෙන් සංවර වීමට කරන්නෙමි යනුයි.
සො එවං වත්වා කසිණං සමන්නාහරිත්වා නට්ඨං විසෙසං උප්පාදෙත්වා ආකාසෙ පල්ලඞ්කෙන නිසීදිත්වා රඤ්ඤො ධම්මං දෙසෙත්වා “අප්පමත්තො හොහී”ති ඔවදිත්වා යඤ්ඤාවාටං විද්ධංසාපෙත්වා මහාජනස්ස අභයදානං දාපෙත්වා රඤ්ඤො යාචන්තස්සෙව උප්පතිත්වා අත්තනො වසනට්ඨානමෙව ගන්ත්වා යාවජීවං ඨත්වා ආයුපරියොසානෙ බ්රහ්මලොකපරායණො අහොසි.
හෙතෙම මෙසේ කියා කසිණය ගෙන්වා නැසුනා වූ විශේෂාධිගමය උපදවා අහස්හි පළඟින් හිඳ රජුට ධර්මදේශනා කර “අප්‍රමාද වවයි” අවවාද කර යාගය සඳහා වූ ආවාටය විනාශ කරවා මහජනයාට අභයදානය දෙවා රජු අයදිද්දීම අහසට නැග තමාගේ වාසස්ථානයටම ගොස් දිවි ඇතිතෙක් බ්‍රහ්ම විහාරයන් වඩා බඹලොව පිහිටකොට ඇත්තෙක් වීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා සෙය්යො මහාඅමච්චො සාරිපුත්තො අහොසි, ලොමසකස්සපො පන අහමෙව අහොසින්ති.
ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශකොට ජාතකය පූරවාපර සන්ධි ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි උකටලී වූ භික්ෂුව අර්හත් බවෙහි පිහිටියේය. එකල්හි සය්හ ඇමතියා සාරිපුත්ත ස්ථවිර වීය. ලොමසකස්සප මම ම වූයෙම් යයි වදාළහ.
ලොමසකස්සපජාතකවණ්ණනා සත්තමා.