යෙදුමෙන් කියවන්න

6. පදකුසලමාණවජාතකවණ‍්ණනා 432 අට‍්ඨකථා

6. පදකුසලමාණවජාතකවණ‍්ණනා (432)

6. පදමානවක ජාතකය (432)

බහුස‍්සුතන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං දාරකං ආරබ‍්භ කථෙසි. සො කිර සාවත්‍ථියං කුටුම‍්බිකපුත‍්තො සත‍්තවස‍්සකාලෙයෙව පදකුසලො අහොසි. අථස‍්ස පිතා “ඉමං වීමංසිස‍්සාමී”ති තස‍්ස අජානන‍්තස‍්සෙව මිත‍්තඝරං අගමාසි. සො පිතු ගතට‍්ඨානං අපුච‍්ඡිත්‍වාව තස‍්ස පදානුසාරෙන ගන‍්ත්‍වා පිතු සන‍්තිකෙ අට‍්ඨාසි. අථ නං පිතා එකදිවසං පුච‍්ඡි “තාත, ත්‍වං මයි තං අජානාපෙත්‍වා ගතෙපි මම ගතට‍්ඨානං කිං ජානාසී”ති? “තාත , පදං තෙ සඤ‍්ජානාමි, පදකුසලො අහ”න‍්ති. අථස‍්ස වීමංසනත්‍ථාය පිතා භුත‍්තපාතරාසො ඝරා නික‍්ඛමිත්‍වා අනන‍්තරං පටිවිස‍්සකඝරං ගන‍්ත්‍වා තතො දුතියං, තතො තතියං ඝරං පවිසිත්‍වා තතියඝරා නික‍්ඛමිත්‍වා පුන අත‍්තනො ඝරං ආගන‍්ත්‍වා තතො උත‍්තරද‍්වාරෙන නික‍්ඛමිත්‍වා නගරං වාමං කරොන‍්තො ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා ධම‍්මං සුණන‍්තො නිසීදි. දාරකො “කහං මෙ පිතා”ති පුච‍්ඡිත්‍වා “න ජානාමා”ති වුත‍්තෙ තස‍්ස පදානුසාරෙන අනන‍්තරපටිවිස‍්සකස‍්ස ඝරං ආදිං කත්‍වා පිතු ගතමග‍්ගෙනෙව ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා පිතු සන‍්තිකෙ අට‍්ඨාසි. පිතරා ච “කථං තාත, මම ඉධාගතභාවං අඤ‍්ඤාසී”ති පුට‍්ඨො “පදං තෙ සඤ‍්ජානිත්‍වා පදානුසාරෙන ආගතොම‍්හී”ති ආහ. සත්‍ථා “කිං කථෙසි උපාසකා”ති පුච‍්ඡිත්‍වා “භන‍්තෙ, අයං දාරකො පදකුසලො, අහං ඉමං වීමංසන‍්තො ඉමිනා නාම උපායෙන ආගතො, අයම‍්පි මං ගෙහෙ අදිස‍්වා මම පදානුසාරෙන ආගතො”ති වුත‍්තෙ “අනච‍්ඡරියං, උපාසක, භූමියං පදසඤ‍්ජානනං, පොරාණකපණ‍්ඩිතා ආකාසෙ පදං සඤ‍්ජානිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

“බහුස්සුතං” යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසය කරන සේක් එක් දරුවෙකු අරබයා දේශනා කළ සේක. සැවැත්නුවර කෙළෙඹි පුතෙකු වූ හෙතෙම සත්වයස් කාලයේදීම පියවර ශාස්ත්‍රයෙහි දක්‍ෂයෙක් වීය. ඉක්බිති ඔහුගේ පියා මොහු විමසමියි ඔහුට නොදන්වාම මිතුරෙකුගේ ගෙදරකට ගියේය. හෙතෙම පියා ගිය තැන නොවිමසාම ඔහුගේ පියවර අනුසාරයෙන් ගොස් ඔහු සමීපයෙහි සිටියේය. ඉක්බිති එක්දිනක් පියා ඔහුගෙන් විමසීය. “දරුව, ඔබ මා ඔබට නොදන්වා ගිය කල්හිද කෙසේනම් මා ගිය තැන දන්නෙහි”දැයි “පියාණෙනි, (මම) ඔබගේ පියවර හඳුනමි. මම පියවර ශාස්ත්‍රයෙහි දක්‍ෂයෙක්මි” යි කීය. ඉක්බිති ඔහු විමසනු පිණිස (ඔහුගේ) පියා අනුභව කරන ලද උදය ආහාර ඇත්තේ ගෙන් නික්ම ඇතුල්ගම අසල්වැසියෙකුගේ ගෙට ගොස් එතැනින් දෙවන ගෙට ගොස් තෙවන ගෙයින් නික්ම නැවත තමාගේ ගෙදොරට අවුත් එතැනින් උතුරු දොරට ගොස් දොරින් නික්මී නගරය වම්පසට කරන්නේ දෙව්රමට ගොස් බුදුන් වැඳ ධර්මය අසමින් හුන්නේය. දරුව “මගේ පියා කොහිදැ”යි විමසා “නොදනිමු”යයි කී කල්හි ඔහුගේ පියවර අනුසාරයෙන් ඇතුල්ගම අසල්වැසියාගේ ගෙය ආදී කොට පියා ගිය තැන් මගින්ම දෙව්රමට ගොස් පියා වැඳ පියා සමීපයෙහි සිටියේය. පියා විසින්ද “දරුව, මම මෙහි පැමිණි බව කෙසේ නම් දැනගත්තෙහිදැ”යි විමසන ලදුයේ පියවර හැඳින පියවර අනුසාරයෙන් පැමිණියෙම් යයි කීය. බුදුරජ “උපාසකය, කුමක් කියහිදැ”යි විචාරා “ස්වාමීනි, මේ දරුවා පියවර ශාස්ත්‍රයෙහි දක්‍ෂයෙක. මම මොහුව විමසන්නේ මේ ක්‍රමයෙන් පැමිණියේ (වෙමි) මෙතෙමද මා ගෙහි නොදැක මාගේ පියවර අනුවම ආවේ”යයි කී කල්හි “උපාසකය, භූමියෙහි පියවර දැනීම ආශ්චර්යයක් නොවේ. පැරණි පඬුවෝ අහස්හි පියවර හැඳුනුවෝ”යයි පවසා ඔවුන් විසින් ඉල්වන ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑවේය.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ තස‍්ස අග‍්ගමහෙසී අතිචරිත්‍වා රඤ‍්ඤා පුච‍්ඡිතා “සචෙ අහං තුම‍්හෙ අතිචරාමි, අස‍්සමුඛී යක‍්ඛිනී හොමී”ති සපථං කත්‍වා තතො කාලං කත්‍වා එකස‍්මිං පබ‍්බතපාදෙ අස‍්සමුඛී යක‍්ඛිනී හුත්‍වා ලෙණගුහායං වසමානා මහාඅටවියං පුබ‍්බන‍්තතො අපරන‍්තං ගමනමග‍්ගෙ අනුසඤ‍්චරන‍්තෙ මනුස‍්සෙ ගහෙත්‍වා ඛාදති. සා කිර තීණි වස‍්සානි වෙස‍්සවණං උපට‍්ඨහිත්‍වා ආයාමතො තිංසයොජනෙ විත්‍ථාරතො පඤ‍්චයොජනෙ ඨානෙ මනුස‍්සෙ ඛාදිතුං ලභි. අථෙකදිවසං එකො අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො අභිරූපො බ්‍රාහ‍්මණො බහූහි මනුස‍්සෙහි පරිවුතො තං මග‍්ගං අභිරුහි. තං දිස‍්වා යක‍්ඛිනී තුස‍්සිත්‍වා පක‍්ඛන්‍දි, තං දිස‍්වා පරිවාරමනුස‍්සා පලායිංසු. සා වාතවෙගෙන ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණං ගහෙත්‍වා පිට‍්ඨියා නිපජ‍්ජාපෙත්‍වා ගුහං ගච‍්ඡන‍්තී පුරිසසම‍්ඵස‍්සං පටිලභිත්‍වා කිලෙසවසෙන තස‍්මිං සිනෙහං උප‍්පාදෙත්‍වා තං අඛාදිත්‍වා අත‍්තනො සාමිකං අකාසි. තෙ උභොපි සමග‍්ගසංවාසං වසිංසු තතො පට‍්ඨාය යක‍්ඛිනී මනුස‍්සෙ ගණ‍්හන‍්තී වත්‍ථතණ‍්ඩුලතෙලාදීනිපි ගහෙත්‍වා තස‍්ස නානග‍්ගරසභොජනං උපනෙත්‍වා අත‍්තනා මනුස‍්සමංසං ඛාදති. ගමනකාලෙ තස‍්ස පලායනභයෙන මහතියා සිලාය ගුහාද‍්වාරං පිදහිත්‍වා ගච‍්ඡති. එවං තෙසු සම‍්මොදමානෙසු වසන‍්තෙසු බොධිසත‍්තො නිබ‍්බත‍්තට‍්ඨානා චවිත්‍වා බ්‍රාහ‍්මණං පටිච‍්ච තස‍්සා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. සා දසමාසච‍්චයෙන පුත‍්තං විජායිත්‍වා පුත‍්තෙ ච බ්‍රාහ‍්මණෙ ච බලවසිනෙහා හුත්‍වා උභොපි පොසෙසි. සා අපරභාගෙ පුත‍්තෙ වුඩ‍්ඪිප‍්පත‍්තෙ පුත‍්තම‍්පි පිතරා සද‍්ධිං අන‍්තොගුහායං පවෙසෙත්‍වා ද‍්වාරං පිදහි.

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි ඔහුගේ අගමෙහෙසිය වරදවා හැසිර රජු විසින් විමසන ලද්දී “ඉදින් මම ඔබ කෙරෙහි වරදවා හැසිරෙම්ද අශ්වමුව ඇති යක්‍ෂණියක් වෙමි” යි දිවුරා කළුරිය කලා එක් පර්වතයක් පාමුල අශ්වමුව ඇති යක්‍ෂණියක වී ලෙන් ගුහාවෙහි වසන්නී මහවනයෙහි පෙරදිගින් අපරදිගට යන මාර්ගයෙහි හැසිරෙන මිනිසුන් ගෙන කන්නීය. ඇය තෙවසරක් වෛශ්‍රවණයක් රජුට උපස්ථාන කර දිගින් තිස් යොදුන්හිද පළලින් පස් යොදුන්හිද තැන්හි මිනිසුන් කෑමට ලැබුවාය. ඉක්බිති එක් දවසක් ආඪ්‍ය වූ මහත් ධනය ඇති මනාරූපී බ්‍රාහ්මණයෙක් බොහෝ මිනිසුන්ගෙන් පිරිවරන ලද්දේ ඒ මගට පිළිපන්නේය. ඒ දැක යක්‍ෂණිය සිනාසී ඉදිරියට පැන්නීය. පිරිවර මිනිස්සු පලා ගියහ. ඇය වාත වේගයෙන් ගොස් බ්‍රාහ්මණයා ගෙන පිටින් හොවා ගුහාවට යන්නී පුරුෂ ස්පර්ශය ලබා කෙලෙස් වශයෙන් ඔහු කෙරෙහි සෙනෙහෙ උපදවා ඔහු තමාගේ ස්වාමියා බවට පත් කළේය. ඔවුහු එකිනෙකා එක්ව විසූහ. එතැන් පටන්ද යක්‍ෂණිය මිනිසුන් ගන්නී, වස්ත්‍ර සහල් තෙල් ආදියද ගෙන ඔහුට නන් වැදෑරුම් අග්‍ර රස බොජුන් එළඹවා තමා මිනිස් මස් කයි. (පිටතට) යන කල්හි ඔහුගේ පලායන බියෙන් මහත් වූ ගලකින් ගුහාදොර වසා යයි. මෙසේ ඔවුන් සතුටු සිතින් වසන කල්හි බෝධිසත්වයෝ උපන් තැනින් චුත වී බමුණා නිසා ඇගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඇය දසමසක් ඇවෑමෙන් පුතෙකු උපදවා පුත්‍රයා කෙරෙහිද බ්‍රාහ්මණයා කෙරෙහිද බලවත් සෙනෙහෙ ඇතිවැ දෙදෙනාම පෝෂණය කළාය. ඇය මෑත කාලයෙහි පුතු වැඩුණු කල්හි පියා සමග ඇතුළත කර දොර වසාලයි.

අථෙකදිවසං බොධිසත‍්තො තස‍්සා ගතකාලං ඤත්‍වා සිලං අපනෙත්‍වා පිතරං බහි අකාසි. සා ආගන‍්ත්‍වා “කෙන සිලා අපනීතා”ති වත්‍වා “අම‍්ම, මයා අපනීතා, අන්‍ධකාරෙ නිසීදිතුං න සක‍්කොමී”ති වුත‍්තෙ පුත‍්තසිනෙහෙන න කිඤ‍්චි අවොච. අථෙකදිවසං බොධිසත‍්තො පිතරං පුච‍්ඡි “තාත, මය‍්හං මාතු මුඛං අඤ‍්ඤාදිසං, තුම‍්හාකං මුඛං අඤ‍්ඤාදිසං, කිං නු ඛො කාරණ”න‍්ති? “තාත, තව මාතා මනුස‍්සමංසඛාදිකා යක‍්ඛිනී, මයං උභො මනුස‍්සා”ති. “තාත, යදි එවං, ඉධ කස‍්මා වසාම, එහි මනුස‍්සපථං ගච‍්ඡාමා”ති. “තාත, සචෙ මයං පලායිස‍්සාම, උභොපි අම‍්හෙ තව මාතා ඛාදිස‍්සතී”ති. බොධිසත‍්තො “මා භායි, තාත, තව මනුස‍්සපථසම‍්පාපනං මම භාරො”ති පිතරං සමස‍්සාසෙත්‍වා පුනදිවසෙ මාතරි ගතාය පිතරං ගහෙත්‍වා පලායි. යක‍්ඛිනී ආගන‍්ත්‍වා තෙ අදිස‍්වා වාතවෙගෙන පක‍්ඛන්‍දිත්‍වා තෙ ගහෙත්‍වා “බ්‍රාහ‍්මණ, කිං පලායසි, කිං තෙ ඉධ නත්‍ථී”ති වත්‍වා “භද‍්දෙ, මා මය‍්හං කුජ‍්ඣි, පුත‍්තො තෙ මං ගහෙත්‍වා පලායතී”ති වුත‍්තෙ පුත‍්තසිනෙහෙන කිඤ‍්චි අවත්‍වා තෙ අස‍්සාසෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානඤ‍්ඤෙව තෙ ගහෙත්‍වා ගන‍්ත්‍වා එවං පුනපි කතිපයෙ දිවසෙ පලායන‍්තෙ ආනෙසි.

ඉක්බිති එක් දවසක් බෝධිසත්ව තෙමේ ඇය ගිය බව දැන ගල ඉවත් කර පියා පිටතට කළේය. ඇය (පෙරළා) පැමිණ කවරෙකු විසින් ගල ඉවත් කළේදැයි කියා “මෑණියනි, මා විසිනැයි. අඳුරෙහි සිටින්නට නොහැක්කමුයයි ඉවත් කරන ලදි”යි කී කල්හි පුත්‍ර ස්නේහයෙන් කිසිවක් නොකීවාය. ඉක්බිති එක්දිනයක බෝසත් තෙමේ පියාගෙන් “පියාණෙනි, මගේ මවගේ මුහුණ අන් සෙයකි. ඔබගේ වූ කලී අන් සෙයකි. කරුණු කිමැ”යි විචාළේය. “දරුව, ඔබේ මව මිනිස් මස් කන යක්‍ෂණියකි. අපි දෙදෙනා මිනිස්සු වෙමු”යි කීය. ඉදින් මෙසේ නම් කුමක් හෙයින් මෙහි වසමුද? එව, මිනිස් වාසස්ථානයකට යමු”යි හේ කීය. “දරුව, ඉදින් පලා යන්නමෝ නම් අප දෙදෙනාම මව මරන්නීය”යි පියා කීය. බෝසත් තෙමේ “පියාණෙනි, බිය නොවන්න. මිනිස් වාසස්ථානයට පැමිණවීම මට භාරය”යි පියා අස්වසා දෙවන දවස්හි මව ගියකල්හි පියා ගෙන පලා ගියේය. යක්‍ෂණිය පැමිණ ඔවුන් නොදැක වාත වේගයෙන් පැන ඔවුන් ගෙන “බ්‍රාහ්මණය, කිම පලායෙහිද? තොපට කුමක්නම් මෙහි නැත්දැ”යි කියා “සොඳුර, මා පිළිබඳව කෝප නොවව. ඔබගේ පුතා මා ගෙන යයි” යි කී කල්හි පුත්‍ර ස්නේහයෙන් කිසිවක් නොකියා ඔවුන් අස්වසා තමා වසන තැනටම ඔවුන් ගෙනගොස් මෙසේ නැවත දින කිහිපයක් පලා යන්නවුන් ගෙන ආවේය.

බොධිසත‍්තො චින‍්තෙසි “මය‍්හං මාතු පරිච‍්ඡින‍්නෙන ඔකාසෙන භවිතබ‍්බං, යංනූනාහං ඉමිස‍්සා ආණාපවත‍්තිට‍්ඨානසීමං පුච‍්ඡෙය්‍යං, අථ නං අතික‍්කමිත්‍වා පලායිස‍්සාමා”ති. සො එකදිවසං මාතරං ගහෙත්‍වා එකමන‍්තං නිසින‍්නො “අම‍්ම, මාතුසන‍්තකං නාම පුත‍්තානං පාපුණාති, අක‍්ඛාහි තාව මෙ අත‍්තනො සන‍්තකාය භූමියා පරිච‍්ඡෙද”න‍්ති ආහ. සා සබ‍්බදිසාසු පබ‍්බතනදීනිමිත‍්තාදීනි කථෙත්‍වා ආයාමතො තිංසයොජනං, විත්‍ථාරතො පඤ‍්චයොජනං පුත‍්තස‍්ස කථෙත්‍වා “ඉදං එත‍්තකං ඨානං සල‍්ලක‍්ඛෙහි පුත‍්තා”ති ආහ. සො ද‍්වෙ තයො දිවසෙ අතික‍්කමිත්‍වා මාතු අටවිගතකාලෙ පිතරං ඛන්‍ධං ආරොපෙත්‍වා තස‍්සා දින‍්නසඤ‍්ඤාය වාතවෙගෙන පක‍්ඛන්‍දො පරිච‍්ඡෙදනදීතීරං සම‍්පාපුණි. සාපි ආගන‍්ත්‍වා තෙ අපස‍්සන‍්තී අනුබන්‍ධි. බොධිසත‍්තො පිතරං ගහෙත්‍වා නදීමජ‍්ඣං අගමාසි. සා ආගන‍්ත්‍වා නදීතීරෙ ඨත්‍වා අත‍්තනො පරිච‍්ඡෙදං අතික‍්කන‍්තභාවං ඤත්‍වා තත්‍ථෙව ඨත්‍වා “තාත, පිතරං ගහෙත්‍වා එහි, කො මය‍්හං දොසො, තුම‍්හාකං මං නිස‍්සාය කිං නාම න සම‍්පජ‍්ජති, නිවත‍්ත, සාමී”ති පුත‍්තඤ‍්ච පතිඤ‍්ච යාචි. අථ බ්‍රාහ‍්මණො නදිං උත‍්තරි. සා පුත‍්තමෙව යාචන‍්තී “තාත, මා එවං කරි, නිවත‍්තාහී”ති ආහ. “අම‍්ම, මයං මනුස‍්සා, ත්‍වං යක‍්ඛිනී, න සක‍්කා සබ‍්බකාලං තව සන‍්තිකෙ වසිතු”න‍්ති. “නෙව නිවත‍්තිස‍්සසි, තාතා”ති. “ආම, අම‍්මා”ති. “තාත, යදි න නිවත‍්තිස‍්සසි, මනුස‍්සලොකෙ ජීවිතං නාම දුක‍්ඛං, සිප‍්පං අජානන‍්තා ජීවිතුං න සක‍්කොන‍්ති, අහං එකං චින‍්තාමණිං නාම විජ‍්ජං ජානාමි, තස‍්සානුභාවෙන ද‍්වාදසසංවච‍්ඡරමත්‍ථකෙ හටභණ‍්ඩම‍්පි පදානුපදං ගන‍්ත්‍වා සක‍්කා ජානිතුං. අයං තෙ ජීවිකා භවිස‍්සති, උග‍්ගණ‍්හ, තාත, අනග‍්ඝං මන‍්ත”න‍්ති තථාරූපෙන දුක‍්ඛෙන අභිභූතාපි පුත‍්තසිනෙහෙන මන‍්තං අදාසි.

බෝසත් තෙමේ “මගේ මව සීමා කළ අවකාශයෙන් යුක්ත වූවා විය යුතුය. මම මැයගේ අණ පවත්නා සීමාව විමසන්නේ නම් යෙහෙකැ”යි සිතීය. ඉක්බිති එය ඉක්මවා පලායන්නෙමි”යි හෙතෙම එක් දවසක් මව ගෙන එකත්පස්ව සිටියේ “මෑණියෙනි, මව සතු දේ දරුවන්ට පැමිණේ. එතකින් තමා සතු වූ භූමියෙහි සීමාව මට කියව”යයි කීය. ඇය සියළු දිශාවන්හි පර්වතාදී වූ සලකුණ කියා දිගින් තිස් යොදුන් වූ පළලින් පස් යොදුන් වූ තැන් පුතණුවන්ට කියා “පුත්‍රය, මේ මෙතෙක් තැන් සැලකිල්ලට ගනුව”යි කීය. හෙතෙම දෙතුන් දවසක් ඉක්මවා මව වනයට ගිය කල්හි පියා පිටෙහි නංවා මව විසින් දෙන ලද සලකුණෙන් වාත වේගයෙන් පැන ගොස් සීමා ගංතෙරට පැමිණියේය. ඇයද පැමිණ ඔවුන් නොදක්නී ලුහුබැන්දාය. බෝසත් තෙමේ පියා ගෙන නදිය මැදට ගියේය. ඇය අවුත් නදීතෙර සිට තමාගේ සීමාව ඉක්මවා ගිය බව දැන එහිම සිට “දරුව, පියා ගෙන එව. මගේ කවර දෝෂයක්ද? තොප මා නිසා කුමක් නම් නොලබන ලදද? ස්වාමීනි නවතුව”යි පුත්‍රයාගෙන්ද ස්වාමියාගෙන්ද ඉල්වීය. අනතුරුව බ්‍රාහ්මණයා නදිය තරණය කළේය. ඇය පුත්‍රයාම ඉල්වන්නී “දරුව, මෙසේ නොකරව. පෙරළා එව”යි කීය. “මෑණියනි, අපි මිනිස්සු වෙමු. ඔබ යක්‍ෂණියක. හැමකල්හි ඔබ සමීපයෙහි වසන්නට නොහැකිය. පෙරළා නොඑන්නෙමු”යි කීය. “දරුව, පෙරළා නොඑන්නේමදැ”යි (ඇසීය.) “එසේය මෑණියනි,” “ඉදින් පෙරළා නොඑන්නේ නම් මිනිස් ලොව ජීවත්වීම නම් දුකෙකි. ශිල්පයක් නොදන්නෝ ජීවත්වීමට නොහැකි වෙති. මම චින්තාමණී නම් එක් විද්‍යාවක් දනිමි. එහි බලයෙන් දොළොස් වසරකට මතුයෙහි ගියවුන්ගේද පියෙන් පිය (පියවර අනුපිළිවෙලින්) යන්නට හැකිය. මෙය ඔබගේ ජීවිකාව වන්නේය. දරුව ගනුව. අනර්ඝ මන්ත්‍රයෙකැ”යි එබඳු වූ දුකින් මඩනා ලද්දී වුවත් ස්නේහයෙන් මන්ත්‍රය දුන්නීය.

බොධිසත‍්තො නදියා ඨිතකොව මාතරං වන්‍දිත්‍වා අතිසක‍්කච‍්චං සුතං කත්‍වා මන‍්තං ගහෙත්‍වා මාතරං වන්‍දිත්‍වා “ගච‍්ඡථ, අම‍්මා”ති ආහ. “තාත, තුම‍්හෙසු අනිවත‍්තන‍්තෙසු මය‍්හං ජීවිතං නත්‍ථී”ති වත්‍වා –

බෝසත් තෙමේ නදියෙහි සිටියේම මව ඇඳ අත් එකතුකර මන්ත්‍රය ගෙන වැඳ “මෑණියෙනි, යන්නැ”යි කීය. “දරුව, තෙපි ආපසු නොඑන කළ මට දිවි නැතැ”යි කියා,

“එහි පුත‍්ත නිවත‍්තස‍්සු, මා අනාථං කරොහි මෙ; අජ‍්ජ පුත‍්තං අපස‍්සන‍්තී, යක‍්ඛිනී මරණං ගතා”ති.

[missing trans]

යක‍්ඛිනී උරං පහරි, තාවදෙවස‍්සා පුත‍්තසොකෙන හදයං ඵලි. සා මරිත්‍වා තත්‍ථෙව පතිතා. තදා බොධිසත‍්තො තස‍්සා මතභාවං ඤත්‍වා පිතරං පක‍්කොසිත්‍වා මාතු සන‍්තිකං ගන‍්ත්‍වා චිතකං කත්‍වා ඣාපෙත්‍වා ආළාහනං නිබ‍්බාපෙත්‍වා නානාවණ‍්ණෙහි පුප‍්ඵෙහි පූජෙත්‍වා වන්‍දිත්‍වා රොදිත්‍වා පරිදෙවිත්‍වා පිතරං ආදාය බාරාණසිං ගන‍්ත්‍වා රාජද‍්වාරෙ ඨත්‍වා “පදකුසලො මාණවො ද‍්වාරෙ ඨිතො”ති රඤ‍්ඤො පටිවෙදෙත්‍වා “තෙන හි ආගච‍්ඡතූ”ති වුත‍්තෙ පවිසිත්‍වා රාජානං වන්‍දිත්‍වා “තාත, කිං සිප‍්පං ජානාසී”ති වුත‍්තෙ “දෙව, ද‍්වාදසසංවච‍්ඡරමත්‍ථකෙ හටභණ‍්ඩං පදානුපදං ගන‍්ත්‍වා ගණ‍්හිතුං ජානාමී”ති ආහ. “තෙන හි මං උපට‍්ඨාහී”ති. “දෙව, දෙවසිකං සහස‍්සං ලභන‍්තො උපට‍්ඨහිස‍්සාමී”ති. “සාධු තාත, උපට‍්ඨහා”ති. රාජා දෙවසිකං සහස‍්සං දාපෙසි.

යක්‍ෂණිය පපුවට ගැසුවාය. එකෙණෙහිම පුත්‍ර ශෝකයෙන් ඇගේ හදවත පැළුණේය. ඇය මැරී එහිම වැටුණේය. එකල්හි බෝසත් තෙමේ ඇය මළ බව දැන පියා කැඳවා මව වෙතට ගොස් චිතකයක් කර දවා ආදාහනය කර නිමවා නොයෙක් පැහැ ඇති මලින් පුදා හඬා වැළපී පියා කැඳවාගෙන බරණැසට ගොස් “පියවර ශාස්ත්‍රයෙහි දක්‍ෂ තරුණයෙක් දොරහි සිටියේය”යි දන්වා “පැමිණේවා”යි කී කල්හි පිවිස වැඳ “දරුව, කවර ශිල්පයක් දන්නෙහිදැ”යි කී කල්හි දේවයන් වහන්ස, දොළොස් වසරකට මත්තෙහිදු පැහැරගෙන ගිය භාණ්ඩය පියෙන් පිය ගොස් ගන්නට දනිමි”යි කීය. එසේනම් මට උපස්ථාන කරව”යි කීය. දිනපතා දහසක් ලබන්නේ උපස්ථාන කරමියි. “දරුව, යහපති උපස්ථාන කරව”යි රජු දිනපතා දහසක් දෙවීය.

අථෙකදිවසං පුරොහිතො රාජානං ආහ – “මහාරාජ, මයං තස‍්ස මාණවස‍්ස සිප‍්පානුභාවෙන කස‍්සචි කම‍්මස‍්ස අකතත‍්තා ‘සිප‍්පං අත්‍ථි වා නත්‍ථි වා’ති න ජානාම, වීමංසිස‍්සාම තාව න”න‍්ති. රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා උභොපි ජනා නානාරතනගොපකානං සඤ‍්ඤං දත්‍වා රතනසාරභණ‍්ඩිකං ගහෙත්‍වා පාසාදා ඔරුය‍්හ රාජනිවෙසනන‍්තරෙ තික‍්ඛත‍්තුං ආවිජ‍්ඣිත්‍වා නිස‍්සෙණිං අත්‍ථරිත්‍වා පාකාරමත්‍ථකෙන බහි ඔතරිත්‍වා විනිච‍්ඡයසාලං පවිසිත්‍වා තත්‍ථ නිසීදිත්‍වා පුන ගන‍්ත්‍වා නිස‍්සෙණිං අත්‍ථරිත්‍වා පාකාරමත්‍ථකෙන ඔතරිත්‍වා අන‍්තෙපුරෙ පොක‍්ඛරණියා තීරං ගන‍්ත්‍වා පොක‍්ඛරණිං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා ඔතරිත්‍වා අන‍්තොපොක‍්ඛරණියං භණ‍්ඩිකං ඨපෙත්‍වා පාසාදං අභිරුහිංසු. පුනදිවසෙ “රාජනිවෙසනතො කිර රතනං හරිංසූ”ති එකකොලාහලං අහොසි. රාජා අජානන‍්තො විය හුත්‍වා බොධිසත‍්තං පක‍්කොසාපෙත්‍වා “තාත, රාජනිවෙසනතො බහුරතනභණ‍්ඩං හටං, හන්‍ද නං අනුවිචිනිතුං වට‍්ටතී”ති ආහ . “මහාරාජ, ද‍්වාදසසංවච‍්ඡරමත්‍ථකෙ හටභණ‍්ඩං චොරානං පදානුපදං ගන‍්ත්‍වා ආහරණසමත්‍ථස‍්ස මම අනච‍්ඡරියං අජ‍්ජ රත‍්තිං හටභණ‍්ඩං ආහරිතුං, ආහරිස‍්සාමි තං, මා චින‍්තයිත්‍ථා”ති. “තෙන හි ආහරා”ති. සො “සාධු, දෙවා”ති වත්‍වා මාතරං වන්‍දිත්‍වා මන‍්තං පරිවත‍්තෙත්‍වා මහාතලෙ ඨිතොව “මහාරාජ, ද‍්වින‍්නං චොරානං පදං පඤ‍්ඤායතී”ති වත්‍වා රඤ‍්ඤො ච පුරොහිතස‍්ස ච පදානුසාරෙන සිරිගබ‍්භං පවිසිත්‍වා තතො නික‍්ඛමිත්‍වා පාසාදා ඔරුය‍්හ රාජනිවෙසනන‍්තරෙ තික‍්ඛත‍්තුං පරිගන‍්ත්‍වා පදානුසාරෙනෙව පාකාරසමීපං ගන‍්ත්‍වා පාකාරෙ ඨත්‍වා “මහාරාජ, ඉමස‍්මිං ඨානෙ පාකාරතො මුච‍්චිත්‍වා ආකාසෙ පදං පඤ‍්ඤායති, නිස‍්සෙණිං අත්‍ථරාපෙත්‍වා දෙථා”ති නිස‍්සෙණිං පාකාරමත්‍ථකෙන ඔතරිත්‍වා පදානුසාරෙනෙව විනිච‍්ඡයසාලං ගන‍්ත්‍වා පුන රාජනිවෙසනං ආගන‍්ත්‍වා නිස‍්සෙණිං අත්‍ථරාපෙත්‍වා පාකාරමත්‍ථකෙන ඔරුය‍්හ පොක‍්ඛරණිං ගන‍්ත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා “මහාරාජ, චොරා ඉමං පොක‍්ඛරණිං ඔතිණ‍්ණා”ති වත්‍වා අත‍්තනා ඨපිතං විය භණ‍්ඩිකං නීහරිත්‍වා රඤ‍්ඤො දත්‍වා “මහාරාජ, ඉමෙ ද‍්වෙ චොරා අභිඤ‍්ඤාතමහාචොරා ඉමිනා මග‍්ගෙන රාජනිවෙසනං අභිරුළ‍්හා”ති ආහ. මහාජනා තුට‍්ඨපහට‍්ඨා අඞ‍්ගුලියො ඵොටෙසුං, චෙලුක‍්ඛෙපා පවත‍්තිංසු.

ඉක්බිති එක් දිනක් පුරෝහිත තෙමේ රජුට කීය. “මහරජ, අපි ඒ තරුණයාගේ ශිල්පයෙහි බලයෙන් කිසිදු කටයුත්තක් නොකළ හෙයින් ශිල්පයක් ඇතැයි හෝ නැතැයි හෝ නොදනිමු. පළමුව ඔහු විමසමු”යි කීය. රජු “මැනව”යි පිළිගෙන දෙදෙනාම නොයෙක් රන්රුවන් රක්නවුනට ඉඟි කර වටනා රන් ගෙන පහයෙන් බැස රජමැදුර තුළ තෙවරක් ඇවිද හිණිමග අතුරුවා පවුර මතින් පිටත බැස විනිසුරු ශාලාවට පිවිස එහි හිඳ නැවත පැමිණ හිණිමග අතුරුවා පවුර මතින් බැස ඇතුළු පුරයෙහි පොකුණෙහි ඉවුරට ගොස් පොකුණ තෙවරක් පැදකුණු කොට බැස පොකුණ තුළ බඩු තබා පහයට නැංගාහුය. දෙවන දවස්හි රජමැදුරෙන් රුවන් පැහැර ගන්නා ලදැයි එකම කෝලාහලයක් වීය. රජු නොදන්නේ මෙන් වී බෝසතුන් කැඳවා “දරුව, රජ මැදුරෙන් බොහෝ රුවන් බඩු පැහැරගන්නාද. පරීක්‍ෂා කරනට වටී” යයි කීය. “මහරජ, දොළොස් වසරකට පෙර පැහැරගෙන ගිය බඩු සොරුන්ගේ පියෙන් පිය ගෙනඊමට සමත් මට අද රෑ ගෙන ගිය බඩු ගෙන ඊම අසිරියක් නොවේ. ගෙන එමි. ඒ ගැන නහමක් නොසිතව”යි කීය. “දරුව, එසේනම් ගෙන එව”යි රජ කීය. හෙතෙම “දේවයන් වහන්ස, මැනව”යි ගොස් මවට වැඳ මන්ත්‍රය පෙරළා උඩුමහල් තලයෙහි සිටියේම “මහරජ, සොරුන් දෙදෙනෙකුගේ පියවර පෙනේ”යි රජුගේද පුරෝහිතයාගේද පියවර අනුව සිරියහන් ගැබට පිවිස ඉන් නික්ම පහයෙන් බැස රජමැදුර තුළ තෙවරක් ගොස් පියවර අනුවම පවුර සමීපයට ගොස් පවුර මත සිට “මහරජ, මෙතැන්හි පවුරෙන් මිදී අහසෙහි පියවර පෙනේ. හිණිමග දෙව”යි හිණිමග අතුරුවා පවුර මතින් බැස පියවර අනුවම විනිශ්චය ශාලාවට ගොස් නැවත රජමැදුරට අවුත් හිණිමග අතුරුවා පවුර මතින් බැස පොකුණ වෙත ගොස් තෙවරක් පැදකුණු කොට “මහරජ, සොරු මේ පොකුණට බැස්සෝ” යයි කියා තමා විසින් බහා තබනා ලද බඩුවක් මෙන් ගෙනවුත් රජුට දී, මහරජ, මේ සොරු දෙදෙනා ප්‍රකට මහා සොරු දෙදෙනෙක් වෙති. මේ මාර්ගයෙන් රජමැදුරට නැංගෝ”යයි කීහ. මහජන තෙමේ තුටුපහටු වූයේ අත්පොලසන් නැගීය. පිළිහිස සිසාරා පැවැත්වීය.

රාජා චින‍්තෙසි – “අයං මාණවො පදානුසාරෙන ගන‍්ත්‍වා චොරෙහි ඨපිතභණ‍්ඩට‍්ඨානමෙව මඤ‍්ඤෙ ජානාති, චොරෙ පන ගණ‍්හිතුං න සක‍්කොතී”ති. අථ නං ආහ “චොරෙහි හටභණ‍්ඩං තාව නො තයා ආහටං, චොරා පන න ආහටා”ති. “මහාරාජ, ඉධෙව චොරා, න දූරෙ”ති. “කො ච කො චා”ති. “යො මහාරාජ, ඉච‍්ඡති, සොව චොරො හොති, තතො තුම‍්හාකං භණ‍්ඩිකස‍්ස ලද‍්ධකාලතො පට‍්ඨාය චොරෙහි කො අත්‍ථො, මා පුච‍්ඡිත්‍ථා”ති. “තාත, අහං තුය‍්හං දෙවසිකං සහස‍්සං දම‍්මි, චොරෙ මෙ ගහෙත්‍වා දෙහී”ති. “මහාරාජ, ධනෙ ලද‍්ධෙ කිං චොරෙහී”ති. “ධනතොපි නො, තාත, චොරෙ ලද‍්ධුං වට‍්ටතී”ති. “තෙන හි, මහාරාජ, ‘ඉමෙ නාම චොරා’ති තුම‍්හාකං න කථෙස‍්සාමි, අතීතෙ පවත‍්තකාරණං පන තෙ ආහරිස‍්සාමි, සචෙ තුම‍්හෙ පඤ‍්ඤවන‍්තො, තං කාරණං ජානාථා”ති සො එවං වත්‍වා අතීතං ආහරි.

රජු සිතුවේය “මෙම තරුණයා පියවර අනුව ගොස් සොරුන් විසින් තිබූ භාණ්ඩයන්ගේ ස්ථානයම දනී” යයිද සොරුන් ගැනීමට නොහැක්කේ යයි ද හඟිමි. අනතුරුව ඔහුට කීය. “සොරුන් විසින් ගෙනගිය බඩු පමණක් ඔබ විසින් අප වෙත ගෙනඑන ලදි. සොරුන් ගෙන අපට දෙන්නට හැක්කෙහිදැ”යි විමසීය. “මහරජ, සොරු මෙහිමය. දුරක නොවේ”යයි කීය. “කවරෙක්ද? කවරෙක්දැයි මහරජ (ඔබ සොරයයි) යමෙක් කැමති වේද? ඔහුම සොරා වේවා! ඔබට බඩු ලත් තැන් පටන් සොරුන්ගෙන් කවර වැඩක්ද? නො අසවයි” කීය. “දරුව, මම ඔබට දිනපතා දහසක් දෙමි. මට සොරුන් ගෙන දෙව”යි “මහරජ, ධනය ලද කල්හි සොරුන්ගෙන් කවර ප්‍රයෝජනද? “දරුව, අපට ධනයටත් වඩා සොරුන් ලැබීම වටනේය”යි කීය. “එසේ වීනම් ‘සොරු මොවුහු’ යයි ඔබට නොකියන්නෙමි. පෙර පැවති කරුණක් ඔබට ගෙනහැර දක්වමි. ඉදින් තෙපි නුවණැත්තේ නම් ඒ කරුණ දනුව”යි ඔහු මෙසේ කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර දැක්වීය.

අතීතෙ බාරාණසිතො අවිදූරෙ නදීතීරගාමකෙ පාටලි නාම එකො නටො වසති. සො එකස‍්මිං උස‍්සවදිවසෙ භරියමාදාය බාරාණසිං පවිසිත්‍වා නච‍්චිත්‍වා වීණං වාදිත්‍වා ගායිත්‍වා ධනං ලභිත්‍වා උස‍්සවපරියොසානෙ බහුං සුරාභත‍්තං ගාහාපෙත්‍වා අත‍්තනො ගාමං ගච‍්ඡන‍්තො නදීතීරං පත්‍වා නවොදකං ආගච‍්ඡන‍්තං දිස‍්වා භත‍්තං භුඤ‍්ජන‍්තො සුරං පිවන‍්තො නිසීදිත්‍වා මත‍්තො හුත්‍වා අත‍්තනො බලං අජානන‍්තො “මහාවීණං ගීවාය බන්‍ධිත්‍වා නදිං උත‍්තරිත්‍වා ගමිස‍්සාමී”ති භරියං හත්‍ථෙ ගහෙත්‍වා නදිං ඔතරි. වීණාඡිද‍්දෙහි උදකං පාවිසි. අථ නං සා වීණා උදකෙ ඔසීදාපෙසි . භරියා පනස‍්ස ඔසීදනභාවං ඤත්‍වා තං විස‍්සජ‍්ජෙත්‍වා උත‍්තරිත්‍වා තීරෙ අට‍්ඨාසි. නටපාටලි සකිං උම‍්මුජ‍්ජති, සකිං නිමුජ‍්ජති, උදකං පවිසිත්‍වා උද‍්ධුමාතඋදරො අහොසි. අථස‍්ස භරියා චින‍්තෙසි “මය‍්හං සාමිකො ඉදානි මරිස‍්සති, එකං නං ගීතකං යාචිත්‍වා පරිසමජ‍්ඣෙ තං ගායන‍්තී ජීවිකං කප‍්පෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “සාමි, ත්‍වං උදකෙ නිමුජ‍්ජසි, එකං මෙ ගීතකං දෙහි, තෙන ජීවිකං කප‍්පෙස‍්සාමී”ති වත්‍වා ගාථමාහ –

අතීතයෙහි බරණැසින් නුදුරෙහි ගංතෙර වූ ගමෙක පාටලී නම් වූ එක් නළුවෙක් වසයි. හෙතෙම එක් උත්සව දිනයක බිරිඳ රැගෙන බරණැසට පිවිස නටා ගයා ධනය ලැබ උත්සවය අවසානයෙහි බොහෝ සුරා සහ බත් ගෙන්වාගෙන සිය ගමට යන්නේ ගංතෙරට පැමිණ (ගඟෙහි) පැමිණෙන නව ජලය දකින්නේ රා බොමින් හිඳ මත්වූයේ සිය ශක්තිය නොදන්නේ මහත් වූ වීනාව ගෙලබැඳ නදිය තරණය කර යන්නෙමැයි බිරිය අතින් ගෙන නදියට බැස්සේය. වීනාවෙහි සිදුරුවලින් (ඒ තුළට) ජලය පිවිසියේය. ඉක්බිති එම වීනාව ඔහු ජලයෙහි ගිල්වාලූයේය. බිරිය වූ කලී ඔහු ගිලෙන බව දැන ඔහු අත්හැර (නදිය) තරණය කොට ඉවුරෙහි හුන්නීය. නළු පාටලී තෙමේ වරක් දියමතුපිටට එයි. වරක් දියේ ගිලෙයි. ජලය පෙවී ඉදිමුණ උදරය ඇත්තේ වීය. ඉක්බිති ඔහුගේ බිරිඳ සිතීය. මගේ සැමියා දැන් මැරෙන්නේය. ඔහුගෙන් එක් ගීතයක් ඉල්වා පිරිස් මැද එය ගයමින් ජීවිකාව කරන්නෙමියි සිතා “ස්වාමීනි, ඔබ ජලයෙහි ගිලෙන්නෙහිය. මට එක් ගීතිකාවක් දෙන්න. ඉන් මම දිවි ගත කරන්නෙමි”යි කීවාය.

“බහුස‍්සුතං චිත‍්තකථිං, ගඞ‍්ගා වහති පාටලිං; වුය‍්හමානක භද‍්දන‍්තෙ, එකං මෙ දෙහි ගාථක”න‍්ති.

බහුස්සුතං චිත්තකථිං ගද්ධගා වහති පාටලං, වුය්හමානක භද්දන්තෙ එකං මෙදෙහි ගාථකන්ති

1. ගංගා තොමෝ බහුශ්‍රැත වූද විසිතුරු කථා ඇත්තා වූද, පාටලීව ගෙන යයි. ගඟ දියෙන් ගෙනයනු ලබන තැනැත්ත, ඔබට යහපතක් වේවා! මට එක් ගාථාවක් දෙන්න - යන ගාථාව කීය.

තත්‍ථ ගාථකන‍්ති ඛුද‍්දකං ගාථං.

එහි ගාථක යනු කුඩා ගාථාවකි.

අථ නං නටපාටලි “භද‍්දෙ, කථං තව ගීතකං දස‍්සාමි, ඉදානි මහාජනස‍්ස පටිසරණභූතං උදකං මං මාරෙතී”ති වත්‍වා ගාථමාහ –

ඉක්බිති නළු පාටලී ඇයට (කියනුයේ) කෙසේ නම් ඔබට ගීතිකාවක් දෙම්ද. දැන් මම මහජනයාට පිළිසරණ වූ ජලය විසින් මරනු ලැබෙන්නේයි කියා මෙම ගාථාව කීවේය.

“යෙන සිඤ‍්චන‍්ති දුක‍්ඛිතං, යෙන සිඤ‍්චන‍්ති ආතුරං; තස‍්ස මජ‍්ඣෙ මරිස‍්සාමි, ජාතං සරණතො භය”න‍්ති.

2. දුකට පත්වූවහු යම් ජලයකින් තෙමත්ද, රෝගී වූවහු යම් ජලයකින් තෙමත්ද ඒ (ජලය) මැද මිය යන්නෙමි. පිහිට වූ තැනින් බිය හටගනී.

බොධිසත‍්තො ඉමං ගාථං වත්‍වා “මහාරාජ, යථා උදකං මහාජනස‍්ස පටිසරණං, තථා රාජානොපි, තෙසං සන‍්තිකා භයෙ උප‍්පන‍්නෙ තං භයං කො පටිබාහිස‍්සතී”ති වත්‍වා “මහාරාජ, ඉදං කාරණං පටිච‍්ඡන‍්නං, මයා පන පණ‍්ඩිතවෙදනීයං කත්‍වා කථිතං, ජානාහි, මහාරාජා”ති ආහ. “තාත අහං එවරූපං පටිච‍්ඡන‍්නකථං න ජානාමි, චොරෙ මෙ ගහෙත්‍වා දෙහී”ති. අථස‍්ස මහාසත‍්තො “තෙන හි, මහාරාජ, ඉදං සුත්‍වා ජානාහී”ති අපරම‍්පි කාරණං ආහරි. දෙව, පුබ‍්බෙ ඉමිස‍්සාව බාරාණසියා ද‍්වාරගාමෙ එකො කුම‍්භකාරො භාජනත්‍ථාය මත‍්තිකං ආහරන‍්තො එකස‍්මිංයෙව ඨානෙ නිබද‍්ධං ගණ‍්හිත්‍වා අන‍්තොපබ‍්භාරං මහන‍්තං ආවාටං ඛණි. අථෙකදිවසං තස‍්ස මත‍්තිකං ගණ‍්හන‍්තස‍්ස අකාලමහාමෙඝො උට‍්ඨහිත්‍වා මහාවුට‍්ඨිං පාතෙසි. උදකං අවත්‍ථරමානං ආවාටං පාතෙසි, තෙනස‍්ස මත්‍ථකො භිජ‍්ජි. සො පරිදෙවන‍්තො ගාථමාහ –

බෝසත් තෙමේ මේ ගාථාව දක්වා “මහරජ, ජලය යම් සේ මහජනයාට පිළිසරණ වේද, එසේම රජවරුද පිහිට වෙති. ඔවුන් සමීපයෙන් බිය උපදනා කල්හි කවරෙක් වලක්වන්නේ දැයි කියා මහරජ, මෙම කරුණ සැඟවුණ එකකි. පණ්ඩිතයන් විසින් දතයුත්තක් කොට මවිසින් කියන ලද. මහරජ දනුව”යි කීය. “දරුව, මෙබඳු පිළිසන් කථා නොදනිමි. මට සොරුන් ගෙන දෙව”යි කීය. ඉක්බිති මහසත් තෙමේ ඔහුට (කියනුයේ) එසේනම් මහරජ, මෙයද අසා දනුවයි වෙනත් කරුණක්ද ගෙනහැර පෑවේය. “දේවයන් වහන්ස, පෙර මේ බරණැසම දොරටු ගම්හි එක් කුඹල්කරුවෙක් බඳුන් සදනු පිණිස මැටි ගෙන එන්නේ එක් තැන්හිම නිරතුරුව ගෙන ගුහාව තුල මහත් වූ වළක් සෑරුවේය. ඉක්බිති එක් දිනයක ඔහු මැටි ගන්නා කල්හි නොකල් වලාවක් නැගී මහවැස්සක් හෙලීය. මැඩගෙන යන්නා වූ ජලය (ඔහුව) වලට හෙලීය. ඒ හේතුවෙන් ඔහුගේ හිස බිඳුණි. හෙතෙම හඬනුයේ මේ ගාථාව කීය.

“යත්‍ථ බීජානි රූහන‍්ති, සත‍්තා යත්‍ථ පතිට‍්ඨිතා; සා මෙ සීසං නිපීළෙති, ජාතං සරණතො භය”න‍්ති.

3. යම්තැනක බීජයන් වැඩේද සත්ත්‍වයෝ යම්තැනක පිහිටියෝද ඒ (පොළොව) මගේ හිස පෙළයි. පිහිටවූ තැනින් බිය උපනි.

තත්‍ථ නිපීළෙතීති නිපතිත්‍වා පීළෙති භින්‍දති.

එහි “නිපීළෙති” යනු වැටී පීඩාවට පත්වෙයි. බිඳෙයි.

යථා හි දෙව, මහාජනස‍්ස පටිසරණභූතා මහාපථවී කුම‍්භකාරස‍්ස සීසං භින්‍දි, එවමෙව මහාපථවීසමෙ සබ‍්බලොකස‍්ස පටිසරණෙ නරින්‍දෙ උට‍්ඨාය චොරකම‍්මං කරොන‍්තෙ කො බාහිස‍්සති, සක‍්ඛිස‍්සසි, මහාරාජ, එවං පටිච‍්ඡාදෙත්‍වා කථිතං චොරං ජානිතුන‍්ති. තාත, මය‍්හං පටිච‍්ඡන‍්නෙන කාරණං නත්‍ථි, අයං චොරොති එවං මෙ චොරං ගහෙත්‍වා දෙහීති. සො රාජානං රක‍්ඛන‍්තො “ත්‍වං චොරො”ති අවත්‍වා අපරම‍්පි උදාහරණං ආහරි. මහාරාජ, පුබ‍්බෙ ඉමස‍්මිංයෙව නගරෙ එකස‍්ස පුරිසස‍්ස ගෙහං ආදිත‍්තං. සො “අන‍්තො පවිසිත්‍වා භණ‍්ඩකං නීහරා”ති අඤ‍්ඤං ආණාපෙසි. තස‍්මිං පවිසිත්‍වා නීහරන‍්තෙ ගෙහද‍්වාරං පිදහි. සො ධූමන්‍ධො හුත්‍වා නික‍්ඛමනමග‍්ගං අලභන‍්තො උප‍්පන‍්නඩාහදුක‍්ඛො හුත්‍වා අන‍්තො ඨිතොව පරිදෙවන‍්තො ගාථමාහ –

දේවයන් වහන්ස, යම් පරිද්දෙකින් මහජනයාට පිළිසරණ වූ වූ රජු නැගී සිට සොරකම් කරන කල්හි කවරෙක් නම් වලක්වන්නේද? මහරජතුමනි, මෙසේ සඟවා කියන ලද සොරු හඳුනා ගන්නට හැකි වන්නෙහිද? “දරුව, මට සඟවා කීමෙන් කරුණු නැත. ‘මෙතෙම සොරා’ යයි මෙසේ මට සොරා ගෙන දෙව”යි කීය. හෙතෙම රජු රක්නේ “සොරා ඔබයයි” නොකියා වෙනත් වූ උදාහරණයක් ගෙනහැර පෑවේය. “මහරජ, පෙර මේ නගරයෙහිම එක් පුරුෂයෙකුගේ ගෙය ගිනි ගත්තේය. හෙතෙම ඇතුළට පිවිස බඩු බැහැර කරවයි ඇනවීය. ඔහු (ඇතුළට) පිවිසි බඩු බැහැර කරන කල්හි ගෙයි දොර වැසුනේය. හෙතෙම දුමෙන් අන්‍ධ වී නික්මෙන මගක් නොලබන්නේ උපන් දැවීම් දුක් ඇත්තේ ඇතුළත සිටියේම හඬන්නේ (මේ) ගාථාව කීය.

“යෙන භත‍්තානි පච‍්චන‍්ති, සීතං යෙන විහඤ‍්ඤති; සො මං ඩහති ගත‍්තානි, ජාතං සරණතො භය”න‍්ති.

4. යමක් කරණකොට බත් පිසත්ද? යමක් කරණකොට සීතල නසයිද? ඒ ගින්න මගේ සිරුර දවයි. පිහිට වූ තැනින් බිය උපනි.

තත්‍ථ සො මං ඩහතීති සො මෙ ඩහති, අයමෙව වා පාඨො.

එහි “සො මං ඩහති” යනු ඒ ගින්න මගේ සිරුර දවයි. මේම වූ පාඨ වේ.

“මහාරාජ, අග‍්ගි විය මහාජනස‍්ස පටිසරණභූතො එකො මනුස‍්සො රතනභණ‍්ඩිකං හරි, මා මං චොරං පුච‍්ඡා”ති. “තාත, මය‍්හං චොරං දෙහියෙවා”ති. සො රාජානං “ත්‍වං චොරො”ති අවත්‍වා අපරම‍්පි උදාහරණං ආහරි. දෙව, පුබ‍්බෙ ඉමස‍්මිංයෙව නගරෙ එකො පුරිසො අතිබහුං භුඤ‍්ජිත්‍වා ජීරාපෙතුං අසක‍්කොන‍්තො වෙදනාප‍්පත‍්තො හුත්‍වා පරිදෙවන‍්තො ගාථමාහ –

“මහරජ, ගින්න මෙන් මහජනයාට පිළිසරණ වූ එක් මිනිසෙක් රත්නාභරණ වූ භාණ්ඩ පැහැර ගත්තේය. මගෙන් සොරා නොවිමසව”යි කියාය. “දරුව, මට සොරුම දෙව. (දිය යුතුමයි)යි. හෙතෙම “සොරා ඔබ”යයි රජුට නොකියා වෙනත් වූද උදාහරණයක් ගෙනහැර පෑය. “දේවයන් වහන්ස, පෙර මේ නගරයෙහිම එක් පුරුෂයෙක් බොහෝකොට වළදා දිරවන්ට නොහැකි වන්නේ වේදනාවෙන් මත්වී හඬන්නේ ගාථාවක් කීය.

“යෙන භුත‍්තෙන යාපන‍්ති, පුථූ බ්‍රාහ‍්මණඛත‍්තියා; සො මං භුත‍්තො බ්‍යාපාදෙති, ජාතං සරණතො භය”න‍්ති.

5. වැළඳූ යම් ආහාරයකින් බොහෝ බ්‍රාහ්මණ ක්‍ෂත්‍රියයෝ යැපෙත්ද? අනුභව කරන ලද ඒ ආහාරය මා නසයි. පිහිට වූ තැනින් බිය උපනි.

තත්‍ථ සො මං භුත‍්තො බ්‍යාපාදෙතීති සො ඔදනො භුත‍්තො මං බ්‍යාපාදෙති මාරෙති.

එහි සො මං භුත්තො වියපාදි යනු වළදන ලද එම බත මා නසයි. මරවයි.

“මහාරාජ, භත‍්තං විය මහාජනස‍්ස පටිසරණභූතො එකො භණ‍්ඩං හරි, තස‍්මිං ලද‍්ධෙ කිං චොරං පුච‍්ඡසී”ති? “තාත, සක‍්කොන‍්තො චොරං මෙ දෙහී”ති. සො තස‍්ස සඤ‍්ඤාපනත්‍ථං අපරම‍්පි උදාහරණං ආහරි. මහාරාජ , පුබ‍්බෙපි ඉමස‍්මිංයෙව නගරෙ එකස‍්ස වාතො උට‍්ඨහිත්‍වා ගත‍්තානි භඤ‍්ජි. සො පරිදෙවන‍්තො ගාථමාහ –

මහරජතුමනි, බත මෙන් මහජනයාට පිළිසරණ වූවෙක් බඩු පැහැර ගත්තේය. එය ලද කල්හි කවරක් නිසා සොරා (කවරෙක් දැයි) විමසන්නෙහිද?” “දරුව, හැකිනම් සොරා මට දෙව”යි කීය. හෙතෙම ඔහු දැනුවත් කරනු පිණිස වෙනත් වූද උදාහරණයක් ගෙනහැර පෑය. “මහරජතුමනි, පෙර මෙම නගරයෙහිම සුළඟක් ඇති වී එකෙකුගේ සිරුර බින්දේය. හෙතෙම හඬනුයේ ගාථාවක් කීය.

“ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ, වාතමිච‍්ඡන‍්ති පණ‍්ඩිතා; සො මං භඤ‍්ජති ගත‍්තානි, ජාතං සරණතො භය”න‍්ති.

6. පණ්ඩිතයෝ ග්‍රීෂ්ම සෘතුවෙහි අවසන් මාසයෙහිදී සුළඟ කැමති වෙත්. ඒ සුළඟ මගේ සිරුර බිඳියි. පිහිටවූ තැනින්ම බිය උපනි.

ඉති මහාරාජ, සරණතො භයං උප‍්පන‍්නං, ජානාහි තං කාරණන‍්ති. තාත, චොරං මෙ දෙහීති. සො තස‍්ස සඤ‍්ඤාපනත්‍ථං අපරම‍්පි උදාහරණං ආහරි. දෙව, අතීතෙ හිමවන‍්තපදෙසෙ සාඛාවිටපසම‍්පන‍්නො මහාරුක‍්ඛො අහොසි පුප‍්ඵඵලසම‍්පන‍්නො අනෙකසහස‍්සානං සකුණානං නිවාසො තස‍්ස ද‍්වෙ සාඛා අඤ‍්ඤමඤ‍්ඤං සඞ‍්ඝට‍්ටෙසුං, තතො ධූමො උප‍්පජ‍්ජි, අග‍්ගිචුණ‍්ණානි පතිංසු. තං දිස‍්වා සකුණජෙට‍්ඨකො ගාථමාහ –

“මහරජතුමනි, මෙසේ පිහිටවූ තැනින්ම බිය උපන. මේ කරුණ දනුව.” “දරුව මට සොරා දෙවයි (රජු) කීය. හෙතෙම ඔහුව දැනුවත් කරනු පිණිස වෙනත් වූද උදාහරණයක් ගෙනහැර පෑය. “දේවයන් වහන්ස, අතීතයෙහි හිමවත් පෙදෙසෙහි බෙදී ගිය අතුපතරින් යුක්ත වූ නොයෙක් දහස් ගණන් කුරුල්ලන්හට නිවෙස් වූ මහ ගසෙක් වීය. එහි අතු දෙකක් ඔවුනොවුන් ගැටුණේය. ඒ හේතුවෙන් දුම උපන්නේය. ගිනිසුනු (අළු) වැටුණේය. පක්‍ෂීන්ගේ ප්‍රධානියා ඒ දැක ගාථාවක් කීය.

“යං නිස‍්සිතා ජගතිරුහං, ස‍්වායං අග‍්ගිං පමුඤ‍්චති; දිසා භජථ වක‍්කඞ‍්ගා, ජාතං සරණතො භය”න‍්ති.

7. පක්‍ෂීහු යම් ගසක් ඇසුරු කළාහුද ඒ මේ ගස ගිනි පිටකරයි. කුරුල්ලෙනි, (අන්) දිසාවක් ඇසුරු කරව්. පිහිටවූ තැනින් බිය උපනි.

තත්‍ථ ජගතිරුහන‍්ති මහීරුහං.

එහි ජගති රුහං යනු පොළොවෙහි හටගත්.

යථා හි, දෙව, රුක‍්ඛො පක‍්ඛීනං පටිසරණං, එවං රාජා මහාජනස‍්ස පටිසරණං, තස‍්මිං චොරිකං කරොන‍්තෙ කො පටිබාහිස‍්සති, සල‍්ලක‍්ඛෙහි, දෙවාති. තාත, මය‍්හං චොරමෙව දෙහීති.

“දේවයන් වහන්ස, යම් සේ ගසක් පක්‍ෂීන්ට පිළිසරණ වේද මෙසේ රජු මහජනයාට (උපකාරී වේ.) ඔහු සොරකම් කරන කල්හි කවරෙක් වළක්වාලයිද? දේවයන් වහන්ස, (ඒ බව) සැලකුව මැනවි. “දරුව, මට සොරා දෙව”යි කීය.

අථස‍්ස සො අපරම‍්පි උදාහරණං ආහරි. මහාරාජ, එකස‍්මිං කාසිගාමෙ අඤ‍්ඤතරස‍්ස කුලඝරස‍්ස පච‍්ඡිමභාගෙ කක‍්ඛළා සුසුමාරනදී අත්‍ථි, තස‍්ස ච කුලස‍්ස එකොව පුත‍්තො. සො පිතරි කාලකතෙ මාතරං පටිජග‍්ගි. තස‍්ස මාතා අනිච‍්ඡමානස‍්සෙව එකං කුලධීතරං ආනෙසි. සා පුබ‍්බභාගෙ සස‍්සුං සම‍්පියායිත්‍වා පච‍්ඡා පුත‍්තධීතාහි වඩ‍්ඪමානා තං නීහරිතුකාමා අහොසි. තස‍්සා පන මාතාපි තස‍්මිංයෙව ඝරෙ වසති. සා සාමිකස‍්ස සන‍්තිකෙ සස‍්සුයා නානප‍්පකාරං දොසං වත්‍වා පරිභින්‍දිත්‍වා “අහං තෙ මාතරං පොසෙතුං න සක‍්කොමි, මාරෙහි න”න‍්ති වත්‍වා “මනුස‍්සමාරණං නාම භාරියං, කථං නං මාරෙමී”ති වුත‍්තෙ “නිද‍්දොක‍්කමනකාලෙ නං මඤ‍්චකෙනෙව සද‍්ධිං ගහෙත්‍වා සුසුමාරනදියං ඛිපිස‍්සාම, අථ නං සුසමාරා ඛාදිස‍්සන‍්තී”ති ආහ. “තුය‍්හං පන මාතා කහ”න‍්ති? “තස‍්සායෙව සන‍්තිකෙ සුපතී”ති. “තෙන හි ගච‍්ඡ, තස‍්සා නිපන‍්නමඤ‍්චකෙ රජ‍්ජුං බන්‍ධිත්‍වා සඤ‍්ඤං කරොහී”ති. සා තථා කත්‍වා “කතා මෙ සඤ‍්ඤා”ති ආහ. ඉතරො “ථොකං අධිවාසෙහි, මනුස‍්සා තාව නිද‍්දායන‍්තූ”ති නිද‍්දායන‍්තො විය නිපජ‍්ජිත්‍වා ගන‍්ත්‍වා තං රජ‍්ජුකං භරියාය මාතු මඤ‍්චකෙ බන්‍ධිත්‍වා භරියං පබොධෙත්‍වා උභොපි ගන‍්ත්‍වා තං මඤ‍්චකෙනෙව සද‍්ධිං උක‍්ඛිපිත්‍වා නදියං ඛිපිංසු. තත්‍ථ නං නිද‍්දායමානං සුසුමාරා විද‍්ධංසෙත්‍වා ඛාදිංසු.

ඉක්බිති හෙතෙම ඔහුට වෙනත් වූද උදාහරණයක් ගෙනහැර පෑය. මහහරජතුමනි, කසීරට එක් ගමක එක්තරා කුළීගෙයක පිටුපස නපුරු මෝරුන් ඇති නදියක් ඇත. එම කුලයට එකම පුතෙක් වීය. ඔහු පියා මළ කල්හි මව පෝෂණය කෙළේය. ඔහුගේ මව ඔහුගේ නොකැමැත්තෙන්ම එක් කුලදුවක් ගෙන ආවාය. ඇය මුල් කාලයෙහි නැන්දණියට ප්‍රියවී පසුව පුත් දූවරුන්ගෙන් වැඩෙන්නී ඇය බැහැර කරවනු කැමැත්තී වූවාය. ඇයගේ මවද ඒ ගෙයිහිම වසයි. ඇය ස්වාමියාගේ සමීපයෙහි නැන්දනියගේ නොයෙක් ආකාර වූ දොස් කියා බිඳුවා “මම ඔබගේ මව පෝෂණය කරන්නට නොහැක්කෙමි. ඇය මරව”යි කියා “මිනිසුන් මැරීම නම් බැරෑරුම් දෙයක. කෙසේනම් ඇය මරම්දැ”යි කී කල්හි, “නින්දට වන් කල්හි ඇය ඇඳ සමගින් ගෙන මෝරුන් ඇති නදියට හෙලන්නෙමු. අනතුරුව ඇය මෝරු මරන්නාහු”යයි කීය. “තොපගේ මව කොහිදැ”යි. (ඇසීය) “ඇය සමීපයෙහිම නිදයි”යයි (ඇය කීය) “එසේනම් යව. ඇය හොත් ඇඳෙහි රැහැණක් බැඳ ඉඟි කරව”යි (කීය.) ඇය එසේ කොට “මවිසින් ඉඟි කරන ලදැ”යි කීය. අනිකා යම්තාක් මිනිස්සු නිදත්ද එතෙක් ඉවසවයි නින්දෙන් මෙන් වැද හෙව (නැවත) ගොස් ඒ රැහැන බිරිඳගේ මවගේ ඇඳෙහි බැඳ බිරිඳ පුබුදුවා දෙදෙනාම ගොස් ඇය ඇඳ සමගම ඔසවා නදියෙහි දැමූහ. එහිදී මෝරු ඇය කඩා බිඳ දමා කෑවාහුය.

සා පුනදිවසෙ මාතු පරිවත‍්තිතභාවං ඤත්‍වා “සාමි, මම මාතාව මාරිතා, ඉදානි තව මාතරං මාරෙහී”ති වත්‍වා “තෙන හි සාධූ”ති වුත‍්තෙ “සුසානෙ චිතකං කත්‍වා අග‍්ගිම‍්හි නං පක‍්ඛිපිත්‍වා මාරෙස‍්සාමා”ති ආහ. අථ නං නිද‍්දායමානං උභොපි සුසානං නෙත්‍වා ඨපයිංසු. තත්‍ථ සාමිකො භරියං ආහ “අග‍්ගි තෙ ආභතො”ති? “පමුට‍්ඨාස‍්මි, සාමී”ති. “තෙන හි ගන‍්ත්‍වා ආනෙහී”ති. “න සක‍්කොමි සාමි, ගන‍්තුං, තයි ගතෙපි ඨාතුං න සක‍්ඛිස‍්සාමි, උභොපි මයං ගච‍්ඡිස‍්සාමා”ති. තෙසු ගතෙසු මහල‍්ලිකා සීතවාතෙන පබොධිතා සුසානභාවං ඤත්‍වා “ඉමෙ මං මාරෙතුකාමා අග‍්ගිඅත්‍ථාය ගතා”ති ච උපධාරෙත්‍වා “න මෙ බලං ජානන‍්තී”ති එකං මතකළෙවරං ගහෙත්‍වා මඤ‍්චකෙ නිපජ‍්ජාපෙත්‍වා උපරි පිලොතිකාය පටිච‍්ඡාදෙත්‍වා සයං පලායිත්‍වා තත්‍ථෙව ලෙණගුහං පාවිසි. ඉතරෙ අග‍්ගිං ආහරිත්‍වා “මහල‍්ලිකා”ති සඤ‍්ඤාය කළෙවරං ඣාපෙත්‍වා පක‍්කමිංසු. එකෙන චොරෙන තස‍්මිං ගුහාලෙණෙ පුබ‍්බෙ භණ‍්ඩිකා ඨපිතා, සො “තං ගණ‍්හිස‍්සාමී”ති ආගන‍්ත්‍වා මහල‍්ලිකං දිස‍්වා “එකා යක‍්ඛිනී භවිස‍්සති, භණ‍්ඩිකා මෙ අමනුස‍්සපරිග‍්ගහිතා”ති එකං භූතවෙජ‍්ජං ආනෙසි. වෙජ‍්ජො මන‍්තං කරොන‍්තො ගුහං පාවිසි.

ඇය දෙවන දවස්හි මව මැරූ බව දැන “ස්වාමීනි, මගේ මවම මරන ලදි. දැන් ඔබගේ මවද මරමු”යයි කියා එසේ වී නම් මැනවයි කී කල්හි අමු මොහොනෙහි සෑයක් කර ඇය ගින්නෙහි බහා මරමු යයි කීය. ඉක්බිති දෙදෙනාම නිදන්නා වූ ඇය සොහොනට පමුණුවා තැබුවාහුය. එහිදී සැමියා බිරිඳට කීවේය. “ඔබ ගිනිගෙන ලදද”? “ස්වාමීනි, අමතක වූයේ නොගෙන ආමි”යි කීවාය. “එසේනම් ගොස් ගෙනව” “ස්වාමීනි, යන්නට නොහැක්කෙමි. ඔබ ගිය කල්හි (තනිව) සිටින්නටද නොහැක්කෙමි. දෙදෙනාම යන්නෙමු”යි කියා ගියහ. ඔවුන් ගිය කල්හි මැහැලිය සීතල සුළඟින් පිබිදුනී. සොහොන බව දැන මොවුහු මරනු කැමැත්තෝ ගිනි ගෙන ඒම සඳහා ගියෝ යයි සලකා මගේ බලය නොදනිත් යයි එක් මළ සිරුරක් ඇඳෙහි වැදහොවා මත්තෙහි වැරහැලි රෙද්දකින් වසා තෙමේ පලාගොස් එහිම ලෙන් ගුහාවකට පිවිසියාය. අනික් තැනැත්තෝ ගිනි ගෙනවුත් මැහැල්ල යන හැඟීමෙන් මළසිරුර දවා ගියාහුය. එක් සොරෙකු විසින් ඒ ගුහා ලෙනෙහි පෙර බඩු තබන ලද්දේය. හෙතෙම එය ගන්නෙමැයි පැමිණ මැහැල්ල දැක එක් යක්‍ෂණියක් වන්නීය. මගේ බඩු අමනුෂ්‍යයන් විසින් අයත් කර ගන්නා ලද්දේ වූවාහු යයි එක් භූත වෛද්‍යවරයෙකු කැඳවීය. වෛද්‍යවරයා මන්ත්‍ර කරනුයේ ගුහාවට පිවිසියේය.

අථ නං සා ආහ “නාහං යක‍්ඛිනී, එහි උභොපි ඉමං ධනං භාජෙස‍්සාමා”ති. “කථං සද‍්දහිතබ‍්බ”න‍්ති? “තව ජිව‍්හං මම ජිව‍්හාය ඨපෙහී”ති. සො තථා අකාසි. අථස‍්ස සා ජිව‍්හං ඩංසිත්‍වා ඡින්‍දිත්‍වා පාතෙසි. භූතවෙජ‍්ජො “අද‍්ධා එසා යක‍්ඛිනී”ති ජිව‍්හාය ලොහිතං පග‍්ඝරන‍්තියා විරවමානො පලායි. මහල‍්ලිකා පුනදිවසෙ මට‍්ඨසාටකං නිවාසෙත්‍වා නානාරතනභණ‍්ඩිකං ගහෙත්‍වා ඝරං අගමාසි. සුණිසා තං දිස‍්වා “කහං තෙ, අම‍්ම, ඉදං ලද‍්ධ”න‍්ති පුච‍්ඡි. “අම‍්ම, එතස‍්මිං සුසානෙ දාරුචිතකාය ඣාපිතා එවරූපං ලභන‍්තී”ති. “අම‍්ම, මයාපි සක‍්කා ලද‍්ධු”න‍්ති. “මාදිසී හුත්‍වා ලභිස‍්සසී”ති. සා ලද‍්ධභණ‍්ඩිකලොභෙන සාමිකස‍්ස කථෙත්‍වා තත්‍ථ අත‍්තානං ඣාපෙසි. අථ නං පුනදිවසෙ සාමිකො අපස‍්සන‍්තො “අම‍්ම, ඉමායපි වෙලාය ත්‍වං ආගතා, සුණිසා තෙ නාගච‍්ඡතී”ති ආහ. සා තං සුත්‍වා “අරෙ පාපපුරිස, කිං මතා නාම ආගච‍්ඡන‍්තී”ති තං තජ‍්ජෙත්‍වා ගාථමාහ –

ඉක්බිති ඔහුට ඇය (මෙසේ) කීවාය. “මම යකින්නියක් නොවෙමි”යි කීවාය. “එව, දෙදෙනාම මේ ධනය පරිහරණය කරමු”යයි. “කෙසේ නම් අදහමුද.” “ඔබගේ දිව මගේ දිවෙහි තබව”යි. හෙතෙම එසේ කළේය. ඉක්බිති ඇය ඔහුගේ දිව සපා කා සිඳ හෙලීය. භූත වෛද්‍යවරයා ඒකාන්තයෙන්ම මැය යක්‍ෂණියකැයි දිවෙන් ලේ වගුරනුයේ මහ හඬින් කෑගසමින් පලා ගියේය. මැහැල්ල දෙව දවස්හි සියුම් සළුවක් හැඳ නන්විධ වූ රන් ආභරණ ගෙනම ගෙට ගියේය. ලේලිය ඇය දැක “මෑණියනි, ඔබ කොහිදී මෙය ලබන ලදදැ”යි විචාළාය. “දරුව, තෙල සොහොන්හි දැව චිතකයෙහි දැවුනෝ මෙවන් දේ ලබතැ”යි කීය. මෑණියනි, මවිසිනුදු ලබන්නට හැකිදැයි. මා වැන්නෙක් වී ලබන්නෙහිය. ඇය පළදනා බඩු ලෝභයෙන් ස්වාමියාට කියා එහි තමාව දැවවීය. ඉක්බිති දෙවන දවස්හි ස්වාමියා ඇය නොදක්නේ “මෑණියනි, ඔබ මේ වෙලාවෙහි ආවාය. ලේලිය වූ කලී නොපැමිණේ”යි කීය. ඇය ඒ අසා “එම්බා පවිටු පුරුෂය. වරක් මැරුණු තැනැත්තියක් කිම පැමිණේද?යි ඔහුට තරවටු කර ගාථාවක් කීවාය.

“යමානයිං සොමනස‍්සං, මාලිනිං චන්‍දනුස‍්සදං; සා මං ඝරා නිච‍්ඡුභති, ජාතං සරණතො භය”න‍්ති.

8. මල්දම් පැළදවූ සඳුන් ගැල්වූ යම් තැනැත්තියක සොම්නසින් ගෙන ආවෙම්ද ඇය මා නිවසින් නෙරපන්නීය. පිහිටවූ තැනින් බිය උපනි.

තත්‍ථ සොමනස‍්සන‍්ති සොමනස‍්සං උප‍්පාදෙත්‍වා. “සොමනස‍්සා”තිපි පාඨො, සොමනස‍්සවතී හුත්‍වාති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – යමහං “ඉමං මෙ නිස‍්සාය පුත‍්තො පුත‍්තධීතාහි වඩ‍්ඪිස‍්සති, මඤ‍්ච මහල‍්ලිකකාලෙ පොසෙස‍්සතී”ති මාලිනිං චන්‍දනුස‍්සදං කත්‍වා අලඞ‍්කරිත්‍වා සොමනස‍්සජාතා ආනෙසිං. සා මං අජ‍්ජ ඝරා නීහරති, සරණතොයෙව මෙ භයං උප‍්පන‍්නන‍්ති.

එහි සොමනස්සං යනු සොම්නස් උපදවා සොමනස්සා යනුද පාඨයි. සොම්නස් ඇත්තියක වී යනු අර්ථයි. මෙසේ කියන ලද්දේ වෙයි. මැය නිසා මගේ පුතු පුත් දූවරුන්ගෙන් වැඩෙන්නේය. මාද මහලු කල පෝෂණය කරන්නේ යයි මල්දම් පළඳවා සඳුන් ගල්වා අලංකාර කර සොම්නසින් යුක්ත වූවා ගෙන ආවෙමි. ඇය අද මා නිවසින් බැහැර කරයි. පිහිටවූ තැනින් භය උපනි” යනුයි. “මහරජතුමනි, නැන්දනියගෙන් ලේලිය මෙන් රජු මහජනයාට පිළිසරණ වේ.

“මහාරාජ, සුණිසා විය සස‍්සුයා මහාජනස‍්ස රාජා පටිසරණං, තතො භයෙ උප‍්පන‍්නෙ කිං සක‍්කා කාතුං, සල‍්ලක‍්ඛෙහි, දෙවා”ති. තං සුත්‍වා රාජා “තාත, නාහං තයා ආනීතකාරණානි ජානාමි, චොරමෙව මෙ දෙහී”ති ආහ. සො “රාජානං රක‍්ඛිස‍්සාමී”ති අපරම‍්පි උදාහරණං ආහරි. දෙව, පුබ‍්බෙ ඉමස‍්මිංයෙව නගරෙ එකො පුරිසො පත්‍ථනං කත්‍වා පුත‍්තං ලභි. සො පුත‍්තජාතකාලෙ “පුත‍්තො මෙ ලද‍්ධො”ති සොමනස‍්සජාතො තං පොසෙත්‍වා වයප‍්පත‍්තකාලෙ දාරෙන සංයොජෙත්‍වා අපරභාගෙ ජරං පත්‍වා කම‍්මං අධිට‍්ඨාතුං නාසක‍්ඛි. අථ නං පුත‍්තො “ත්‍වං කම‍්මං කාතුං න සක‍්කොසි, ඉතො නික‍්ඛමා”ති ගෙහතො නීහරි . සො කිච‍්ඡෙන කසිරෙන ජීවිකං කප‍්පෙන‍්තො පරිදෙවමානො ගාථමාහ –

දේවයන් වහන්ස, ඔහු වෙතින් බිය උපන් කල්හි කුමක් කරන්නට හැකිදැ’යි සැලකුව මැනවි.” රජු එය අසා “දරුව, මම ඔබ විසින් ඉදිරිපත් කරන ලද කරුණු නොදනිමි. මට සොරාම දෙවයි. හෙතෙම රජු රකින්නෙමැයි වෙනත් වූද කරුණක් ගෙනහැර පෑය. “දේවයන් වහන්ස, පෙර මේ නගරයෙහිම එක් පුරුෂයෙක් ප්‍රාර්ථනාවක් කර පුත්‍රයෙක් ලැබීය. හෙතෙම උපන් කල්හි මවිසින් පුතෙක් ලබන ලදැයි සතුටට හා සොම්නසට පැමිණියේ ඔහු පෝෂණය කර සුදුසු වයසට පත්කල්හි බිරිඳක හා එකතුකරවා පසුකාලයෙහි වයසට ගොස් කර්මාන්ත කරනට නොහැකි විය. ඉක්බිති පුත්‍රයා (කියනුයේ) ඔබට වැඩ කරන්නට නොහැක්කේය. මෙතැනින් නික්ම යවයි ගෙන බැහැර කරවීය. හෙතෙම දුකින් හා අපහසුවෙන් සිඟාකෑමෙන් ජීවිකාව ගෙන යන්නේ හඬමින් ගාථාවක් කීවේය.

“යෙන ජාතෙන නන්‍දිස‍්සං, යස‍්ස ච භවමිච‍්ඡිසං; සො මං ඝරා නිච‍්ඡුභති, ජාතං සරණතො භය”න‍්ති.

9. උපන් යමෙකු නිසා සතුටු වූයෙම්ද? යමෙකුගේ දියුණුව කැමති වූයෙම්ද, හෙතෙම මා ගෙයින් නෙරපයි. පිහිට වූ තැනින් බිය උපනි.

තත්‍ථ සො මන‍්ති සො පුත‍්තො මං ඝරතො නිච‍්ඡුභති නීහරති. ස‍්වාහං භික‍්ඛං චරිත්‍වා දුක‍්ඛෙන ජීවාමි, සරණතොයෙව මෙ භයං උප‍්පන‍්නන‍්ති.

එහි සොමං යනු එම පුත්‍රයා මා ගෙයින් බැහැර කරයි. ඒ මම සිඟමනෙහි හැසිර දුකසේ ජීවත් වෙමි. පිහිට වූ තැනින්ම බිය උපන්නේය යනුයි.

“මහාරාජ, යථා පිතා නාම මහල‍්ලකො පටිබලෙන පුත‍්තෙන රක‍්ඛිතබ‍්බො, එවං සබ‍්බොපි ජනපදො රඤ‍්ඤා රක‍්ඛිතබ‍්බො, ඉදඤ‍්ච භයං උප‍්පජ‍්ජමානං සබ‍්බසත‍්තෙ රක‍්ඛන‍්තස‍්ස රඤ‍්ඤො සන‍්තිකා උප‍්පන‍්නං, ඉමිනා කාරණෙන ‘අසුකො නාම චොරො’ති ජානාහි, දෙවා”ති. “තාත, නාහං කාරණං වා අකාරණං වා ජානාමි, චොරං වා මෙ දෙහි, ත්‍වඤ‍්ඤෙව වා චොරො හොහී”ති එවං රාජා පුනප‍්පුනං මාණවං අනුයුඤ‍්ජි. අථ නං සො එවමාහ “කිං පන, මහාරාජ, එකංසෙන චොරගහණං රොචෙථා”ති? “ආම, තාතා”ති. තෙන හි “අසුකො ච අසුකො ච චොරො”ති පරිසමජ‍්ඣෙ පකාසෙමීති. “එවං කරොහි, තාතා”ති. සො තස‍්ස වචනං සුත්‍වා “අයං රාජා අත‍්තානං රක‍්ඛිතුං න දෙති, ගණ‍්හිස‍්සාමි දානි චොර”න‍්ති සන‍්නිපතිතෙ මහාජනෙ ආමන‍්තෙත්‍වා ඉමා ගාථා ආහ –

මහරජතුමනි, මහලුවියට පත් පියා ශක්තිමත් පුතු විසින් රැකිය යුතුය. මේ උපදනා වූ බිය සියලු සතුන් රක්නා වූ රජුගේ සමීපයෙන් උපන්නකි. දේවයන් වහන්ස, මේ කරුණින් සොරා අසවල් තැනැත්තේ යයි දනුවයි. රජු ඒ අසා “දරුව මම කරුණ හෝ නොකරුණ නොදනිමි. සොරා හෝ මට දෙව. ඔබම හෝ සොරා වෙහි”යි මෙසේ නැවත නැවත තරුණයා යෙදවීය. ඉක්බිති හෙතෙම එම රජුට මෙසේ කීය. “මහරජතුමනි, කිම එකපැහැර සොරා ගැනීමට කැමති වන්නහුද? එසේය දරුවයි. එසේනම් සොරා අසවලා අසවලා යයි පිරිස් මැද පවසමියි කීය. දරුව එසේ කරවයි. හෙතෙම ඔහුගේ (රජුගේ) වචනය අසා මේ රජ තෙමේ තමා රක්නට නොදෙයි. දැන් සොරා (අල්ලා) ගන්නෙමු යයි රැස් වූ මහජනයා අමතා මේ ගාථාවන් කීවේය.

“සුණන‍්තු මෙ ජානපදා, නෙගමා ච සමාගතා; යතොදකං තදාදිත‍්තං, යතො ඛෙමං තතො භයං.

10. රැස්වූ ජනපද වැසියෝද නියම්ගම් වැසියෝද මගේ වචනය අසත්වා! යම් ජලයක් වීද එය ගිනිගත්තේය. යම් රජෙකුගෙන් ආරක්‍ෂාව වීද ඔහු වෙතින් බිය උපනි.

“රාජා විලුම‍්පතෙ රට‍්ඨං, බ්‍රාහ‍්මණො ච පුරොහිතො; අත‍්තගුත‍්තා විහරථ, ජාතං සරණතො භය”න‍්ති.

11. රජුද පුරෝහිත බමුණාද රට කොල්ල කති. තොප තොපගේම ආරක්‍ෂාව ඇත්තෝව වාසය කරව්. පිහිට වූ තැනින් බිය උපනි.

තත්‍ථ යතොදකං තදාදිත‍්තන‍්ති යං උදකං තදෙව ආදිත‍්තං. යතො ඛෙමන‍්ති යතො රාජතො ඛෙමෙන භවිතබ‍්බං, තතොව භයං උප‍්පන‍්නං. අත්‍ථගුත‍්තා විහරථාති තුම‍්හෙ ඉදානි අනාථා ජාතා, අත‍්තානං මා විනාසෙථ, අත‍්තනාව ගුත‍්තා හුත්‍වා අත‍්තනො සන‍්තකං ධනධඤ‍්ඤං රක‍්ඛථ, රාජා නාම මහාජනස‍්ස පටිසරණං, තතො තුම‍්හාකං භයං උප‍්පන‍්නං, රාජා ච පුරොහිතො ච විලොපඛාදකචොරා, සචෙ චොරෙ ගණ‍්හිතුකාමත්‍ථ, ඉමෙ ද‍්වෙ ගහෙත්‍වා කම‍්මකරණං කරොථාති.

එහි යතොදකං තදාදිත්තං යනු යම් ජලයක් වීද එයම ගිනි ගත්තේය. යතො ඛෙමං යනු යම් රජකු වෙතින් ආරක්‍ෂාව විය යුතුද ඒ රජු වෙතින්ම බිය උපනි. අත්තගුත්තාව විහරථ යනු දැන් තෙපි අනාථයෝ වූහ. තමා විනාශ නොකරව්. තෙමේම තමාට ආරක්‍ෂා ඇත්තෝ වී තමා සතු ධන ධාන්‍ය රකිව්. රජු වූ කලී මහජනයාට පිළිසරණ වූයේය. ඔහු වෙතින්ම ඔබට බිය උපනි. රජුද පුරෝහිතයාද කොල්ලකෑ සොරු වෙති. ඉදින් තෙපි සොරුන් ගනු කැමැත්තහු නම් මේ දෙදෙනා ගෙන කළයුතු කිස කරව් යයි.

තෙ තස‍්ස කථං සුත්‍වා චින‍්තයිංසු “අයං රාජා රක‍්ඛණාරහොපි සමානො ඉදානි අඤ‍්ඤස‍්ස උපරි දොසං ආරොපෙත්‍වා අත‍්තනො භණ‍්ඩිකං සයමෙව පොක‍්ඛරණියං ඨපෙත්‍වා චොරං පරියෙසාපෙති, ඉතො දානි පට‍්ඨාය පුන චොරකම‍්මස‍්ස අකරණත්‍ථාය මාරෙම නං පාපරාජාන”න‍්ති. තෙ දණ‍්ඩමුග‍්ගරාදිහත්‍ථා උට‍්ඨාය තත්‍ථෙව රාජානඤ‍්ච පුරොහිතඤ‍්ච පොථෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙත්‍වා මහාසත‍්තං අභිසිඤ‍්චිත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨපෙසුං.

ඔව්හු ඔහුගේ කථා අසා සිතුවාහුය. “මේ රජ තෙමේ ආරක්‍ෂා කළයුතු වූයේම දැන් අනිකෙකු මත්තෙහි දොස් පවරා තමාගේ බඩු තමාම පොකුණෙහි (සඟවා) තබා සොරා සොයවයි. දැන් මෙතැන් පටන් නැවත සොරකම් නොකරනු පිණිස මේ පවිටු රජු නසමු”යයි ඔවුහු දඬු මුගුරු ආදිය ගත් අත් ඇත්තාහු එහදීම රජුටද පුරෝහිතයාටද තලා ජීවිතක්‍ෂයට පමුණුවා මහා සත්වයන් අභිෂේක කර රාජ්‍යයෙහි පිහිටුවාලූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “අනච‍්ඡරියං, උපාසක, පථවියං පදසඤ‍්ජානනං, පොරාණකපණ‍්ඩිතා එවං ආකාසෙ පදං සඤ‍්ජානිංසූ”ති වත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උපාසකො ච පුත‍්තො ච සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතා. තදා පිතා කස‍්සපො අහොසි, පදකුසලමාණවො පන අහමෙව අහොසින‍්ති.

ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා “උපාසකය, පොළොවෙහි පියවර සළකුණු දැකීම ආශ්චර්යයක් නොවේමය. පැරණි පඬුවෝ වූ කලී අහස්හි පිය සළකුණු දත්තාහු මැයි කියා ජාතකය පෙරපර සන්‍ධි ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි උපාසකයාද පුත්‍රයාද සෝවාන් ඵලයෙහි පිහිටියෝය. එකල්හි පියා කස්සප ස්ථවිර වීය. පියවර සළකුණු ශාස්ත්‍රයෙහි දක්‍ෂ තරුණයා වනාහි මම ම වූයෙම්යයි වදාළ සේක.

පදකුසලමාණවජාතකවණ‍්ණනා ඡට‍්ඨා.