යෙදුමෙන් කියවන්න

5. හරිතචජාතකවණ‍්ණනා 431 අට‍්ඨකථා

5. හරිතචජාතකවණ‍්ණනා (431)

5. හාරිත ජාතකය (431)

සුතං මෙතං මහාබ්‍රහ‍්මෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි භික‍්ඛුං එකං අලඞ‍්කතමාතුගාමං දිස‍්වා උක‍්කණ‍්ඨිතං දීඝකෙසනඛලොමං විබ‍්භමිතුකාමං ආචරියුපජ‍්ඣායෙහි අරුචියා ආනීතං. සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “කිංකාරණා”ති වත්‍වා “අලඞ‍්කතමාතුගාමං දිස‍්වා කිලෙසවසෙන, භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛු කිලෙසො නාම ගුණවිද‍්ධංසකො අප‍්පස‍්සාදො නිරයෙ නිබ‍්බත‍්තාපෙති, එස පන කිලෙසො කිංකාරණා තං න කිලමෙස‍්සති? න හි සිනෙරුං පහරිත්‍වා පහරණවාතො පුරාණපණ‍්ණස‍්ස ලජ‍්ජති, ඉමඤ‍්හි කිලෙසං නිස‍්සාය බොධිඤාණස‍්ස අනුපදං චරමානා පඤ‍්චඅභිඤ‍්ඤඅට‍්ඨසමාපත‍්තිලාභිනො විසුද‍්ධමහාපුරිසාපි සතිං උපට‍්ඨපෙතුං අසක‍්කොන‍්තා ඣානං අන‍්තරධාපෙසු”න‍්ති වත්‍වා අතීතං ආහරි.

සුතං මෙතං මහා බ්‍රහ්මෙ යන මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් උකටලී වූ භික්‍ෂුවක් අරබයා දේශනා කළ සේක. ඒ භික්‍ෂුව (අබරණින්) සැරසුණ මාගමක් දැක උකටලී වූයේ දික්කොට වවන ලද ලොම් නිය කෙස් ඇතිවැ උපැවිදි වනු කැමතිවැ (සිටිනුයේ) ආචාර්ය උපාධ්‍යායන් විසින් නොකැමැත්තෙන්ම (බුදුන් හමුවට) ගෙන එන ලදි. බුදුරදුන් “භික්‍ෂුව, ඔබ උකටලී වූයේ සැබවදැ” යි විචාළ විට “සැබෑව ස්වාමීනි” යි ඔහු කීවේය. “කුමන කරුණකින්දැ”යි විචාළ විට ‘සැරසුන මාගමක් දැක කෙලෙස් වශයෙන් ස්වාමීනි” යි කී කල්හි “මහණ! කෙලෙස් නම් ගුණ නසන්නෙකි. ආස්වාද රහිතය. නිරයෙහි උපදවන්නේය. මෙම කෙලෙස් තෙමේ කුමන කරුණින් ඔබ නොපෙළන්නේද? මහමෙර පැහැර හමනා වාතය වියලි පත් පිළිබඳව ලජ්ජා නොවේමය. මෙම කෙලෙස් නිසා සත්‍යාවබෝධය සඳහා පිළිවෙත් පුරන්නා වූ පඤ්ච අභිඥා අෂ්ට සමාපත්තීන් ලැබුවා වූ පිරිසිදු මහා පුරුෂයෝද සිහිඑළවා ගැනීමට අපොහොසත් වන්නාහු, (තමා උපදවා ගත්) ධ්‍යානය අතුරුදහන් කරවූවාහු යයි වදාරා අතීත කථා ප්‍රවෘත්තිය ගෙනහැර පෑ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං නිගමෙ අසීතිකොටිවිභවෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති, කඤ‍්චනඡවිතාය පනස‍්ස “හරිතචකුමාරො”ති නාමං කරිංසු. සො වයප‍්පත‍්තො තක‍්කසිලං ගන‍්ත්‍වා උග‍්ගහිතසිප‍්පො කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා මාතාපිතූනං අච‍්චයෙන ධනවිලොකනං කත්‍වා “ධනමෙව පඤ‍්ඤායති, ධනස‍්ස උප‍්පාදකා න පඤ‍්ඤායන‍්ති, මයාපි මරණමුඛෙ චුණ‍්ණවිචුණ‍්ණෙන භවිතබ‍්බ”න‍්ති මරණභයභීතො මහාදානං දත්‍වා හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා සත‍්තමෙ දිවසෙ අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා තත්‍ථ චිරං වනමූලඵලාහාරො යාපෙත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය පබ‍්බතා ඔතරිත්‍වා අනුපුබ‍්බෙන බාරාණසිං පත්‍වා රාජුය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ බාරාණසියං භික‍්ඛාය චරන‍්තො රාජද‍්වාරං සම‍්පාපුණි. රාජා තං දිස‍්වා පසන‍්නචිත‍්තො පක‍්කොසාපෙත්‍වා සමුස‍්සිතසෙතච‍්ඡත‍්තෙ රාජපල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා නානග‍්ගරසභොජනං භොජෙත්‍වා අනුමොදනාවසානෙ අතිරෙකතරං පසීදිත්‍වා “කහං, භන‍්තෙ, ගච‍්ඡථා”ති වත්‍වා “වස‍්සාවාසට‍්ඨානං උපධාරෙම, මහාරාජා”ති වුත‍්තෙ “සාධු, භන‍්තෙ”ති භුත‍්තපාතරාසො තං ආදාය උය්‍යානං ගන‍්ත්‍වා තත්‍ථ රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානාදීනි කාරාපෙත්‍වා උය්‍යානපාලං පරිචාරකං කත්‍වා දත්‍වා වන්‍දිත්‍වා නික‍්ඛමි. මහාසත‍්තො තතො පට‍්ඨාය නිබද‍්ධං රඤ‍්ඤො ගෙහෙ භුඤ‍්ජන‍්තො ද‍්වාදස වස‍්සානි තත්‍ථ වසි.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝසතුන් වහන්සේ එක් නියම් ගමෙක්හි අසූකෙළක් ධන ඇති බ්‍රාහ්මණ කුලයක උපන් සේක. රන්වන් සම් ඇති බැවින් ඔහුට “හරිත්තච කුමාර” යැයි නම් කළාහුය. සුදුසු වයසට පත් හෙතෙම තක්‍ෂිලාවෙහි උගන්නා ලද ශිල්ප ඇත්තෝ කුලය මනාව පිහිටුවා මව්පියන් ඇවෑමෙන් ධනය බැලීම කර “ධනයම පෙනේ. ධන උපදවන්නෝ නොපෙනෙත්. මවිසිනුදු මරු හමුවෙහි සුණුවිසුණු වූවෙක විය හැකියයි මරණ බියෙන් බියපත්ව මහදන් දී හිමවතට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදි වී සත්වන දවස්හි අභිධ්‍යාවන්ද සමාපත්තීන්ද උපදවා එහි බොහෝ කලක් වනමුල් ගෙඩි ආහාර ඇත්තේ යැපී ලුණු ඇඹුල් සෙව්නා පිණිස පර්වතයෙන් බැස පිළිවෙළින් බරණැසට පැමිණ රජුගේ උයන්හි වැස දෙවන දවස්හි බරණැස් නුවර පිඬු පිණිස හැසිරෙන්නේ රජ දොරටුවට පැමිණියේය. රජු ඔහු දැක පහන් වූ සිත් ඇත්තේ (රජමාලිගයට) කැඳවා ඔසවන ලද සේසත් ඇති රාජාසනයෙහි හිඳුවා නන්වැදෑරුම් අග්‍රභෝජනය අනුභව කරවා අනුමෝදනාව කෙළවර වැඩිදුරටත් පැහැදී “ස්වාමීනි, කොහි යව්” දැයි විමසා “මහරජ, වස් වසන තැනක් සලකා බලන්නමෝ”යි කී කල්හි “යහපතැයි ස්වාමීනි” යයි වළදන ලද උදේ ආහාර ඇත්තේ ඔහු ගෙන උයනට ගොස් උන්වහන්සේට රාත්‍රී ගතකරන ස්ථාන දිවා කාලය ගතකරන ස්ථාන ආදිය කරවා දී උයන්පල්ලා සේවය කරන්නා කොටදී වැඳ නික්මුණේය. මහසත් තෙමේ එතැන් පටන් නිරතුරුව රජගෙයි වළදනුයේ දොළොස් වසක් විසුවේය.

අථෙකදිවසං රාජා පච‍්චන‍්තං කුපිතං වූපසමෙතුං ගච‍්ඡන‍්තො “අම‍්හාකං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං මා පමජ‍්ජී”ති මහාසත‍්තං දෙවියා නිය්‍යාදෙත්‍වා අගමාසි. තතො පට‍්ඨාය සා මහාසත‍්තං සහත්‍ථා පරිවිසති. අථෙකදිවසං සා භොජනං සම‍්පාදෙත්‍වා තස‍්මිං චිරායමානෙ ගන්‍ධොදකෙන න‍්හත්‍වා සණ‍්හං මට‍්ඨසාටකං නිවාසෙත්‍වා සීහපඤ‍්ජරං විවරාපෙත්‍වා සරීරෙ වාතං පහරාපෙන‍්තී ඛුද‍්දකමඤ‍්චකෙ නිපජ‍්ජි. මහාසත‍්තොපි දිවාතරං සුනිවත්‍ථො සුපාරුතො භික‍්ඛාභාජනං ආදාය ආකාසෙනාගන‍්ත්‍වා සීහපඤ‍්ජරං පාපුණි. දෙවියා තස‍්ස වාකචිරසද‍්දං සුත්‍වා වෙගෙන උට‍්ඨහන‍්තියා මට‍්ඨසාටකො භස‍්සි, මහාසත‍්තස‍්ස විසභාගාරම‍්මණං චක‍්ඛුං පටිහඤ‍්ඤි. අථස‍්ස අනෙකවස‍්සකොටිසතසහස‍්සකාලෙ අබ‍්භන‍්තරෙ නිවුත්‍ථකිලෙසො කරණ‍්ඩකෙ සයිතආසීවිසො විය උට‍්ඨහිත්‍වා ඣානං අන‍්තරධාපෙසි. සො සතිං උපට‍්ඨාපෙතුං අසක‍්කොන‍්තො ගන‍්ත්‍වා දෙවිං හත්‍ථෙ ගණ‍්හි, තාවදෙව සාණිං පරික‍්ඛිපිංසු. සො තාය සද‍්ධිං ලොකධම‍්මං සෙවිත්‍වා භුඤ‍්ජිත්‍වා උය්‍යානං ගන‍්ත්‍වා තතො පට‍්ඨාය දෙවසිකං තථෙව අකාසි. තස‍්ස තාය සද‍්ධිං ලොකධම‍්මපටිසෙවනං සකලනගරෙ පාකටං ජාතං. අමච‍්චා “හරිතචතාපසො එවමකාසී”ති රඤ‍්ඤො පණ‍්ණං පහිණිංසු. රාජා “මං භින්‍දිතුකාමා එවං වදන‍්තී”ති අසද‍්දහිත්‍වා පච‍්චන‍්තං වූපසමෙත්‍වා බාරාණසිං පච‍්චාගන‍්ත්‍වා නගරං පදක‍්ඛිණං කත්‍වා දෙවියා සන‍්තිකං ගන‍්ත්‍වා “සච‍්චං, කිර මම අය්‍යො හරිතචතාපසො තයා සද‍්ධිං ලොකධම‍්මං පටිසෙවතී”ති පුච‍්ඡි. “සච‍්චං, දෙවා”ති. සො තස‍්සාපි අසද‍්දහිත්‍වා “තමෙව පටිපුච‍්ඡිස‍්සාමී”ති උය්‍යානං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා තං පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

ඉක්බිති රජු එක් දවසක් කිපියා වූ පසල් දනව්වක් සන්සිඳුවන්නට යන්නේ “අපගේ පිංකෙත වූ මහා සත්වයන් පිළිබඳව ප්‍රමාද නොවව්” යයි දේවියට පවරා දී ගියේය. එතැන් පටන් ඇය මහා සත්වයන්ට සිය අතින් වළදවයි. ඉක්බිති එක් දිනයක ඇය බොජුන් සකසා එතුමන් සුනංගුවන කල්හි සුවඳ දියෙන් නා සියුම් මෘදු සළුවක් හැඳ සීමැදුරු කවුලුව විවරකොට සිරුරෙහි සුලං හමවන්නී කුඩා ඇඳෙක්හි හොත්තීය. මහාසත්ව තෙමේද කල්වේලා ඇතිව මනාව හඳනා ලද්දේ මනාව පොරොවන ලද්දේ පිඬුසිඟන භාජනය රැගෙන අහසින් අවුත් සීමැදුරු කවුළුවට පැමිණියේය. දේවිය ඔහුගේ පට්ටාකෙඳිවලින් වියූ වස්ත්‍රයෙහි ශබ්දය අසා වේගයෙන් නැගිටින්නී මෘදු සළුව පහළට වැටුනේය. මහා සත්වයන්ගේ ඇසට වෙනස් වූ අරමුණක් හැපුනේය. ඉක්බිති ඔහුගේ බොහෝ වූ අවුරුදු කෙළසියක් දහස් කල්හි ඇතුලත හුන් කෙලෙස්, කරඬුවෙක්හි නිදන ලද සර්පයෙකු මෙන් නැඟී සිට ධ්‍යානය අතුරුදහන් කරවීය. හෙතෙම සිහිඑළවාලන්ට නොහැකිවන්නේ (වෙතට) ගොස් දේවියගේ අතින් ගත්තේය. එකණෙහිම තිරය අවුරුවාලූහ. හෙතෙම ඇය සමග ලෝකධර්මය සේවනය කර අනුභව කොට උයනට ගොස් එතැන් පටන් දිනපතා එසේම කළේය. ඔහුගේ ඇය සමග ලෝකධර්ම සේවනය නගරයෙහි ප්‍රකට විය. ඇමැත්තෝ “හරිත්තච” තාපසයා මෙසේ කළේයයි රජුට හසුන් යැවූහ. රජු “මා බිඳිනු කැමැත්තෝ මෙසේ කියත්” යයි නොඅදහා පසල් දනව්ව සන්සිඳුවා බරණැසට පෙරළා අවුත් නුවර පැදකුණු කොට දේවිය සමීපයට ගොස් “මගේ ආර්යයන් වූ හරිත්තච තවුස් තෙමේ ඔබ සමග ලෝකධර්ම සේවනයෙහි නිරත වීය යන්න ඇත්ත”දැයි විචාළේය. “දේවයන් වහන්ස, සත්‍යය”යි කීවාය. හෙතෙම ඇයගේද වචන නො අදහා ඔහුම විමසමියි උයනට ගොස් වැඳ එකත්පස්ව හිඳ ඔහු විමසන්නේ පළමු ගාථාව කීය.

“සුතං මෙතං මහාබ්‍රහ‍්මෙ, කාමෙ භුඤ‍්ජති හාරිතො; කච‍්චෙතං වචනං තුච‍්ඡං, කච‍්චි සුද‍්ධො ඉරිය්‍යසී”ති.

සුතං මෙතං මහාබ්‍රහ්මෙ කාමෙ භුඤ්ජති හාරිතො, කච්චෙතං වචනං තුච්ඡං කච්චි සුද්ධො ඉරියපසීනි

1. මහා බමුණ, හාරිත තවුසා කාම සම්පත් අනුභව කරතැයි මවිසින් අසන ලදි. කිම මේ වචනය හිස්ද? කිම පවිත්‍රව වෙසෙහිද?

තත්‍ථ කච‍්චෙතන‍්ති කච‍්චි එතං “හාරිතො කාමෙ පරිභුඤ‍්ජතී”ති අම‍්හෙහි සුතං වචනං තුච‍්ඡං අභූතං, කච‍්චි ත්‍වං සුද‍්ධො ඉරිය්‍යසි විහරසීති.

එහි කච්චෙතං යනු කිම තෙල හාරිත බමුණු තෙමේ කාමයන් අනුභව කරයි යයි අප විසින් අසන ලද වචනය හිස් වූවක්ද? නොවූවක්ද? කිම ඔබ පිරිසිදුව වාසය කරහිද? යනුයි.

සො චින‍්තෙසි – “අයං රාජා ‘නාහං පරිභුඤ‍්ජාමී’ති වුත‍්තෙපි මම සද‍්දහිස‍්සතෙව, ඉමස‍්මිං ලොකෙ සච‍්චසදිසී පතිට‍්ඨා නාම නත්‍ථි. උජ‍්ඣිතසච‍්චා හි බොධිමූලෙ නිසීදිත්‍වා බොධිං පාපුණිතුං න සක‍්කොන‍්ති, මයා සච‍්චමෙව කථෙතුං වට‍්ටතී”ති. බොධිසත‍්තස‍්ස හි එකච‍්චෙසු ඨානෙසු පාණාතිපාතොපි අදින‍්නාදානම‍්පි කාමෙසුමිච‍්ඡාචාරොපි සුරාමෙරයමජ‍්ජපානම‍්පි හොතියෙව, අත්‍ථභෙදකවිසංවාදනං පුරක‍්ඛත්‍වා මුසාවාදො නාම න හොති, තස‍්මා සො සච‍්චමෙව කථෙන‍්තො දුතියං ගාථමාහ –

හෙතෙම සිතීය “මේ රජ තෙමේ මම (කාමයන්) අනුභව නොකරමියි කී කල්හි මගේ වචනය අදහන්නේමය. මෙලොව සත්‍යය හා සමාන පිහිටක් (ආධාරයක්) නම් නැත. හරනා ලද සත්‍යය ඇත්තෝ බෝධිතලයෙහි හිද බුද්ධත්වයට පත්වීමට නොහැකි වෙති. මවිසින් ඇත්තම කියන්නට වටනේය යනුයි. බෝසතුන් හටද ප්‍රාණඝාතයද, අදින්නාදානයද, කාමයෙහි වරදවා හැසිරීමද, මත්පැන් පානයද වේමය. යහපත නසන රැවටීම පෙරටු කර ඇති මුසාවාදය නම් නොවීමය. එහෙයින් හෙතෙම ඇත්තම කියනුයේ දෙවන ගාථාව කීය.

“එවමෙතං මහාරාජ, යථා තෙ වචනං සුතං; කුම‍්මග‍්ගං පටිපන‍්නොස‍්මි, මොහනෙය්‍යෙසු මුච‍්ඡිතො”ති.

2. මහරජ, ඔබ යම් බඳු වචනයක් අසන ලදද එය එසේමය. වැරදි මඟහි පිළිපන්නේ වූයෙමි. මුලා කරවන කාම වස්තූන්හි මුලා වූයේ වෙමි.

තත්‍ථ මොහනෙය්‍යෙසූති කාමගුණෙසු. කාමගුණෙසු හි ලොකො මුය‍්හති, තෙ ච ලොකං මොහයන‍්ති, තස‍්මා තෙ “මොහනෙය්‍යා”ති වුච‍්චන‍්තීති.

එහි මොහනෙය්‍යෙසු යනු කාම ගුණයන්හිය. ලෝවැස්සා කාම ගුණයන්හිදී මුළාවෙයි. ඔවුහුද ලෝකය මුලා කරවත්. එහෙයින් “මොහනෙය්‍ය” යි කියත්.

තං සුත්‍වා රාජා තතියං ගාථමාහ –

ඒ අසා රජු තෙවන ගාථාව කීවේය.

“අදු පඤ‍්ඤා කිමත්‍ථියා, නිපුණා සාධුචින‍්තිනී; යාය උප‍්පතිතං රාගං, කිං මනො න විනොදයෙ”ති.

3. කිම? යම් ප්‍රඥාවකින් උපන්නා වූ රාගය දුරු නොකරන්නේ නම් එම ප්‍රඥාව කුමක් අර්ථ කොට ඇත්තේද? නිපුණ වූ මනාව සිතන්නා වූ මනස කුමක් නම් දුරු කරන්නේද?

තත්‍ථ අදූති නිපාතො. ඉදං වුත‍්තං හොති – භන‍්තෙ, ගිලානස‍්ස නාම භෙසජ‍්ජං, පිපාසිතස‍්ස පානීයං පටිසරණං, තුම‍්හාකං පනෙසා නිපුණා සාධූනං අත්‍ථානං චින‍්තිනී පඤ‍්ඤා කිමත්‍ථියා, යාය පුන උප‍්පතිතං රාගං කිං මනො න විනොදයෙ, කිං චිත‍්තං විනොදෙතුං නාසක‍්ඛීති.

එහි “ආදු” යනු නිපාතයි. මෙසේ කියන ලද්දේ වෙයි. ගිලන් වූවහුට නම් බෙහෙත් ද පිපාසිත වූවහුට පැන්ද පිළිසරණයි. ඔබලාගේ මේ සියුම් වූත් සත්පුරුෂයන් පිළිබඳ වැඩ සිතන සුලු වූ ප්‍රඥාවෙන් කවර ප්‍රයෝජනයක්ද? එම ප්‍රඥාවෙන් දුරු කරන්නට නොහැකි රාගය “කිං මනො න විනොදයෙ” යනු කිම සිතද දුරුකරන්නට නොහැකි විය යනුයි.

අථස‍්ස කිලෙසබලං දස‍්සෙන‍්තො හාරිතො චතුත්‍ථං ගාථමාහ –

ඉක්බිති හාරිත තෙමේ ඔහුගේ කෙලෙස් බලය දක්වන්නේ සිව්වන ගාථාව කීවේය.

“චත‍්තාරොමෙ මහාරාජ, ලොකෙ අතිබලා භුසා; රාගො දොසො මදො මොහො, යත්‍ථ පඤ‍්ඤා න ගාධතී”ති.

4. මහරජ, යම් තැනක නුවණ බැස නොගනීද එසේ වූ අති ප්‍රබල සතරක් ලොව වෙත්. (එනම්) රාග-දෝස-මද-මෝහ යන සතරයි.

තත්‍ථ යත්‍ථාති යෙසු පරියුට‍්ඨානං පත‍්තෙසු මහොඝෙ පතිතා විය පඤ‍්ඤා ගාධං පතිට‍්ඨං න ලභති.

එහි යත්‍ථ යනු යම් මැඩගෙන මතුවීමට පත් මහා දියපහරෙක්හි වැටුනාක් මෙන් “පඤඤාගාධං” පිහිටක් නොලබයි.

තං සුත්‍වා රාජා පඤ‍්චමං ගාථමාහ –

ඒ අසා රජු පස්වන ගාථාව කීය.

“අරහා සීලසම‍්පන‍්නො, සුද‍්ධො චරති හාරිතො; මෙධාවී පණ‍්ඩිතො චෙව, ඉති නො සම‍්මතො භව”න‍්ති.

5. හාරිත බමුණු තෙමේ පූජාවට සුදුසුවැ සිල්වත්වැ පිරිසිදුවැ හැසිරෙතැයිද නුවණ ඇත්තෙකැයිද, පණ්ඩිතයෙකැයිද අපට සම්මත වෙයි.

තත්‍ථ ඉති නො සම‍්මතොති එවං අම‍්හාකං සම‍්මතො සම‍්භාවිතො භවං.

එහි “ඉති නො සම්මතො” යනු පින්වත් තෙමේ මෙසේ අප විසින් සම්භාවනාවට ලක්කරන ලදුයේය.

තතො හාරිතො ඡට‍්ඨමං ගාථමාහ –

අනතුරුව හාරිත තෙමේ සවන ගාථාව කීය.

“මෙධාවීනම‍්පි හිංසන‍්ති, ඉසිං ධම‍්මගුණෙ රතං; විතක‍්කා පාපකා රාජ, සුභා රාගූපසංහිතා”ති.

6. රජතුමනි, යහපත් වූ රාගයක් ඇසුරු කළ පවිටු විතර්කයෝ තවුස්දම් ගුණයෙහි ඇළුණු නුවණැතියන්ටද හිංසා කරති.

තත්‍ථ සුභාති සුභනිමිත‍්තග‍්ගහණෙන පවත‍්තාති.

එහි සුභා යනු සුභනිමිති ගැනීමෙන් පැවැත්නාහු.

අථ නං කිලෙසප‍්පහානෙ උස‍්සාහං කාරෙන‍්තො රාජා සත‍්තමං ගාථමාහ –

ඉක්බිති රජ ඔහුව කෙලෙස් ප්‍රහාණයෙහි උත්සාහී කරනුයේ සත්වන ගාථාව කීය,

“උප‍්පන‍්නායං සරීරජො, රාගො වණ‍්ණවිදූසනො තව; තං පජහ භද‍්දමත්‍ථු තෙ, බහුන‍්නාසි මෙධාවිසම‍්මතො”ති.

7. (ඔබ) බොහෝදෙනා අතර නුවණැත්තෙකැයි සම්මත වූයේ වෙහිය. ඔබගේ ශරීර වර්ණය දූෂණය කරන මේ රාගය උපන්නේය. එය දුරු කරන්න. ඔබට යහපතක් වේවා!

තත්‍ථ වණ‍්ණවිදූසනො තවාති තව සරීරවණ‍්ණස‍්ස ච ගුණවණ‍්ණස‍්ස ච විදූසනො. බහුන‍්නාසීති බහූනං ආසි මෙධාවීති සම‍්මතො.

එහි “වණ්ණවිදුසනොතවං” යනු ඔබගේ ශරීර වර්ණය අපිරිසිදු කරන. බහුන්නාසීති බොහෝ දෙනෙකු අතර නුවණැත්තෙකැයි සම්මත වූවෙහිය.

තතො මහාසත‍්තො සතිං ලභිත්‍වා කාමෙසු ආදීනවං සල‍්ලක‍්ඛෙත්‍වා අට‍්ඨමං ගාථමාහ –

ඉක්බිති මහාසත්ව තෙමේ සිහි ලැබ කාමයෙහි ආදිනව සලකා අටවන ගාථාව කීය.

“තෙ අන්‍ධකාරකෙ කාමෙ, බහුදුක‍්ඛෙ මහාවිසෙ; තෙසං මූලං ගවෙසිස‍්සං, ඡෙච‍්ඡං රාගං සබන්‍ධන”න‍්ති.

8. පණැස වැනසීමෙන් අන්‍ධකරන බොහෝ දුක්වලට හේතුවන මහත් වූ විසක් වැනි කාමයන්ද ඔවුන්ගේ මූලයන්ද සොයන්නෙමි. බැඳුම් සහිත රාගය සිඳින්නෙමි.

තත්‍ථ අන්‍ධකාරකෙති පඤ‍්ඤාචක‍්ඛුවිනාසනතො අන්‍ධභාවකරෙ. බහුදුක‍්ඛෙති එත්‍ථ “අප‍්පස‍්සාදා කාමා”තිආදීනි (ම· නි· 1.234; පාචි· 417; චූළව· 65) සුත‍්තානි හරිත්‍වා තෙසං බහුදුක‍්ඛතා දස‍්සෙතබ‍්බා. මහාවිසෙති සම‍්පයුත‍්තකිලෙසවිසස‍්ස චෙව විපාකවිසස‍්ස ච මහන‍්තතාය මහාවිසෙ. තෙසං මූලන‍්ති තෙ වුත‍්තප‍්පකාරෙ කාමෙ පහාතුං තෙසං මූලං ගවෙසිස‍්සං පරියෙසිස‍්සාමි. කිං පන තෙසං මූලන‍්ති? අයොනිසොමනසිකාරො. ඡෙච‍්ඡං රාගං සබන්‍ධනන‍්ති මහාරාජ, ඉදානෙව පඤ‍්ඤාඛග‍්ගෙන පහරිත්‍වා සුභනිමිත‍්තබන්‍ධනෙන සබන්‍ධනං රාගං ඡින්‍දිස‍්සාමීති.

එහි අන්‍ධකරණෙ යනු ප්‍රඥා නම් ඇස නසන හෙයින් අන්‍ධ කරන්නා වූ. බහු දුක්ඛෙ යනු මෙහි කාමයෝ අල්පාස්වාද ඇත්තෝයි ආදී වූ සූත්‍රයෝ ගෙනහැර දක්වා ඔවුන්ගේ බොහෝ ඇති බව දැක්විය යුත්තේය. මහා විසෙ යනු එක්ව යෙදුන කිලේසයාගේ හා විපාක විෂයේ මහත් බැවින් මහා විසෙ යනු වේ. තෙසං මූලං යනු කියන ලද පරිදි වූ ඔවුන් හරනට ඔවුන්ගේ මූලයන් ගවේෂණය කරමි සොයමි. ඔවුන්ගේ මුල නම් කුමක්ද? නුනුවණින් මෙනෙහි කිරීමයි. ජෙච්ඡං රාගං සබන්‍ධනං යනු මහරජ, දැන්ම ප්‍රඥාව නැමති කඩුවෙන් ගසා යහපත් නිමිති නම් බැම්මෙන් බැමි සහිත වූ රාගය සිඳිමියි යනුය.

ඉදඤ‍්ච පන වත්‍වා “මහාරාජ, ඔකාසං තාව මෙ කරොහී”ති ඔකාසං කාරෙත්‍වා පණ‍්ණසාලං පවිසිත්‍වා කසිණමණ‍්ඩලං ඔලොකෙත්‍වා පුන නට‍්ඨජ‍්ඣානං උප‍්පාදෙත්‍වා පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා ආකාසෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා රඤ‍්ඤො ධම‍්මං දෙසෙත්‍වා “මහාරාජ, අහං අට‍්ඨානෙ වුත්‍ථකාරණා මහාජනමජ‍්ඣෙ ගරහප‍්පත‍්තො, අප‍්පමත‍්තො හොහි, පුන දානි අහං අනිත්‍ථිගන්‍ධවනසණ‍්ඩමෙව ගමිස‍්සාමී”ති රඤ‍්ඤො රොදන‍්තස‍්ස පරිදෙවන‍්තස‍්ස හිමවන‍්තමෙව ගන‍්ත්‍වා අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකූපගො අහොසි.

මෙසේ කියා “මහරජ, මට අවසර දෙව”යි අවසර කරවා පන්සලට පිවිස කසිණ මණ්ඩලය බලා නැවත ධ්‍යාන උපදවා පන්සලෙන් නික්ම අහස්හි පළඟින් හිඳ රජුට දහම් දෙසා “මහරජ මම නොතැන්හි විසූ කරුණෙන් මහජනයා මැද, ගර්හාවට පත්වූයේ වෙමි. අප්‍රමාද වෙව. නැවත ස්ත්‍රීන් නොසෙවුනා වන ලැහැබකට යන්නෙමැ”යි රජු හඬද්දීම වැලපෙද්දීම හිමවතට ගොස් නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බඹලොව ඇසුරු කරන්නෙක් වීය.

සත්‍ථා තං කාරණං ඤත්‍වා –

බුදුරදුන් ඒ කරුණ දැන,

“ඉදං වත්‍වාන හාරිතො, ඉසි සච‍්චපරක‍්කමො; කාමරාගං විරාජෙත්‍වා, බ්‍රහ‍්මලොකූපගො අහූ”ති. –

9. සත්‍යය හා පරාක්‍රමය ඇති හාරිත තවුස් තෙමේ මෙසේ කියා කාමරාගය දුරුකර බ්‍රහ්මලෝකයට ගියේය.

අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථං වත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු අරහත‍්තෙ පතිට‍්ඨහි.

බුද්ධත්වයට පත්වී මේ ගාථාව වදාරා සත්‍යයන් ප්‍රකාශකොට ජාතකය පෙර’පර සන්‍ධි ගැළපීය. සත්‍ය දේශනා අවසානයෙහි උකටලී වූ භික්‍ෂුව අරහත් බවෙහි පිහිටියේය.

තදා රාජා ආනන්‍දො අහොසි, හරිතචතාපසො පන අහමෙව අහොසින‍්ති.

එකල්හි රජු ආනන්ද ස්ථවිර වීය. හාරිත වනාහි මම ම වීදැයි (වදාළ සේක.)

හරිතචජාතකවණ‍්ණනා පඤ‍්චමා.