යෙදුමෙන් කියවන්න

5. හාරිතජාතකං

1281. සුතං මෙතං මහාබ්‍රහ‍්මෙ කාමෙ භුඤ‍්ජති හාරිතො, කච‍්චෙතං වචනං තුච‍්ඡං කච‍්චි සුද‍්ධො ඉරිය්‍යසි.

1281. මහ බමුණ, හාරිත තවුසා කාමසම්පත් අනුභව කරතැ යි මා විසින් මෙය අසන ලදී. කිමෙක් ද? මේ වචනය බොරු ද? කිමෙක් ද, පවිත්‍ර වැ වෙසෙහි ද?

1282. එවමෙතං මහාරාජ යථා තෙ වචනං සුතං, කුම‍්මග‍්ගෙ පටිපන‍්නොස‍්මි මොහනෙය්‍යෙසු මුච‍්ඡිතො.

1282. මහරජ, ඔබ යම්සේ අසන ලද ද, එය එසේ ම ය. සත්ත්‍වයන් මුළා කරන පංචකාමගුණයෙහි මුළා වූයෙම් වැරැදි මඟ පිළිපන්නෙම් වෙමි.

1283. ආදු පඤ‍්ඤා කිමත්‍ථියා නිපුණා සාධු චින‍්තනී, යාය උප‍්පතිතං රාගං කිං මනො න විනොදයෙ.

1283. කෙබඳු සිතක් වුව ද, උපන් රාගය (ඒ සිතැ වූ) යම් ප්‍රඥාවෙකින් දුරු නො කරන්නේ වී නම්, සියුම් වූ, සර්‍වාර්‍ත්‍ථයන් මැනැවින් සිතන, ඒ ප්‍රඥාව කුමට ද?

1284. චත‍්තාරො මෙ මහාරාජ ලොකෙ අතිබලා භුසා, රාගො දොසො මදො මොහො යත්‍ථ පඤ‍්ඤා න ගාධතී.

1284. මහරජ, යමෙක ප්‍රඥාව නො බැස ගනී ද එසේ වූ රාග ද්වේෂ මද මෝහ යන මේ සතර ලොවැ අත්‍යර්‍ත්‍ථයෙන් ම ඉතා ම ප්‍රබලහ.

1285. අරහං සීලසම‍්පන‍්නො සුද‍්ධො චරති හාරිතො, මෙධාවී පණ‍්ඩිතො චෙව ඉති නො සම‍්මතො භවං

1285. පූජාර්‍හ වූ ශීලසම්පන්න වූ, හාරිත තවුසාණෝ පිරිසිදු වැ හැසිරෙති. නුවණැතියෝ යැ යි පණ්ඩිතයෙකැ යි අප විසින් බුහුමන් කරන ලදී.

1286. මෙධාවිනම‍්පි හිංසන‍්ති ඉසිං ධම‍්මගුණෙ රතං, විතක‍්කා පාපකා රාජ සුභා රාගූපසංහිතා.

1286. මහරජ, ශුහ නිමිති ගැනීමෙන් පැවැති, රාග නිඃෂග්‍රිත වූ, ලාමක කාමවිතර්‍කයෝ දහම්ගුණයෙහි ඇලුණු නුවණැති වූ ද තවුසාට පවා හිංසා කෙරෙති.

1287. උප‍්පන‍්නායං සරීරජො රාගො වණ‍්ණවිදුසනො තවං, තං පජහ භද‍්දමත්‍ථු තෙ බහුන‍්නාසි මෙධාවීසම‍්මතො.

1287. ඔබට යහපතෙක් වේ වා. ඔබ බොහෝ දෙනා අතුරෙහි නුවණ ඇත්තෙකැ යි ප්‍රසිද්ධ වූවෝ ය. ඔබේ සිරුරේ හටගත් ගුණවර්‍ණ රූපවර්‍ණ දෙක අපවිත්‍ර කරන මේ රාගය උපන. එය දුරු කරන්න.

1288. තෙ අන්‍ධකරණෙ කාමෙ බහුදුක‍්ඛෙ මහාවිසෙ, තෙසං මූලං ගවෙසිස‍්සං ඡෙච‍්ඡං රාගං සබන්‍ධනං.

1288. නුවණැස අඳුරු කරන, බොහෝ දුකට හේතුවන මහා විෂයක් වැනි ඒ කාමයන් දුරු කරන්නට ඔවුන්ගේ මුල සොයන්නෙමි. බැඳුම් සහිත රාගය සිඳින්නෙමි.

1289. ඉදං වත්‍වාන හාරිතො ඉසි සච‍්චපරක‍්කමො, කාමරාගං විරාජෙත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහූති.

1289. සත්‍යය හා පරාක්‍රමය ඇති හාරිත නමැති තවුසා මෙය කියා කාමරාගය දුරු කොට බඹලොව ගියේ ය.

5. හාරිතජාතකං.

5. හාරිත ජාතක යි.