යෙදුමෙන් කියවන්න

6. පදමාණවකජාතකං

1290. බහුස‍්සුතං චිත‍්තකථිං ගඞ‍්ගා වහති පාටලං, වුය‍්හමානක භද‍්දන‍්තෙ එකං මෙ දෙහි ගාථකං.

1290. නදී තොමෝ බහුශ්‍රුත වූ ද විසිතුරු කථා ඇත්තා වූ ද පාටල නමැති ගදඹා ගෙන යයි. නදී දියෙන් ගෙන යනු ලබන තැනැත්තව, තට සෙත් වේවා මට එක් ගාථාවක් කියන්න.

1291. යෙන සිඤ‍්චන‍්ති දුක‍්ඛිතං යෙන සිඤ‍්චන‍්ති ආතුරං, තස‍්ස මජ‍්ඣෙ මරිස‍්සාමි ජාතං සරණතො භයං.

1291. දුකට පත් තැනැත්තහු යම් ජලයෙකින් තෙමෙද්ද, ආතුරයා යම් ජලයෙකින් තෙමේ ද, ඒ දිය මැද මියයන්නෙමි. පිහිට වූ තැනින් බිය උපනි.

1292. යත්‍ථ බීජානි රූහන‍්ති සත‍්තා යත්‍ථ පතිට‍්ඨිතා, සා මෙ සීසං නිපීළෙති ජාතං සරණතො භයං.

1292. යම් තැනෙක බිජුවට වැඩේ ද, සත්ත්‍වයෝ යම් තැනෙක පිහිටියෝ ද, ඒ පොළොව මගේ හිස පෙළයි. පිහිට වූ තැනින් බිය උපනි.

1293. යෙන භත‍්තානි පච‍්චන‍්ති සීතං යෙන විහඤ‍්ඤති, සො මං ඩහති ගත‍්තානි ජාතං සරණතො භයං.

1293. යමක් නිසා බත පිසද්ද, යමක් නිසා සිත නසී ද, ඒ ගින්න මාගේ සිරුර දවයි. පිහිට වූ තැනින් බිය උපනි.

1294. යෙන භුත‍්තෙන යාපෙන‍්ති පුථු බ්‍රාහ‍්මණඛත‍්තියා, සො මං භුත‍්තො වියාපාදි ජාතං සරණතො භයං.

1294. අනුභව කළ යම් ආහාරයෙකින් බොහෝ බ්‍රාහ්මණයෝත් ක්‍ෂත්‍රියයෝත් යැපෙත් ද, අනුභව කරනලද ඒ ආහාරය මා විනාශ කරයි. පිහිට වූ තැනින් බිය උපනි.

1295. ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ වාතමිච‍්ඡන‍්ති පණ‍්ඩිතා, සො මෙ භඤ‍්ජති ගත‍්තානි ජාතං සරණතො භයං.

1295. ග්‍රීෂ්ම ඍතුවේ අවසාන මාසයෙහි පඬිවරු වාතය කැමැති වෙති. ඒ වාතය මගේ සිරුර බිඳී. පිහිට වූ තැනින් බිය උපනි.

1296. යං නිස‍්සිතා ජහති රුහං විහඞ‍්ගමා සොයං අග‍්ගිං පමුඤ‍්චති, දිසා භජථ වක‍්කඞ‍්ගා ජාතං සරණතො භයං.

1296. පක්‍ෂීහු යම් ගසක් ඇසුරු කළෝ ද, ඒ ගස ගිනි පිට කෙරෙයි. කුරුල්ලනි, (අන්) දිසාවක් ඇසුරු කරවු. පිහිට වූ තැනින් බිය උපනි.

1297. යමානයිං සොමනස‍්සං මාලිනිං වන්‍දනුස‍්සදං, සා මං ඝරා නීහරති ජාතං සරණතො භයං.

1297. මල්දම් පැළැඳි සඳුන් ගැල් වූ යමක සොම්නසින් ගෙනාවෙම් ද ඕ තොමෝ මා නිවෙසින් නෙරපන්නී ය. පිහිට වූ තැනින් බිය උපනි.

1298. යෙන ජාතෙන නන්‍දිස‍්සං යස‍්ස ච භවමිච‍්ඡිසං, සො මං ඝරා නිච‍්ඡුහති ජාතං සරණතො භයං.

1298. උපන් යමකු නිසා ප්‍රීත වීම් ද, යමකුගේ දියුණුව බලාපොරොත්තු වූයෙම් ද, හේ මා ගෙයින් නෙරපයි. පිහිට වූ තැනින් බිය උපනි.

1299. සුණන‍්තු මෙ ජානපදා නෙගමා ච සමාගතා, යතොදකං තදාදිත‍්තං යතො ඛෙමං තතො භයං.

1299. රැස් වූ ජනපද වැසියෝ ද නියම්ගම් වැසියෝ ද මගේ කීම අසත්වා. යම් ජලයෙක් වී ද එය ගිනි ඇවිල ගත්තේ ය. යම් රජකුගෙන් ආරක්‍ෂාව වී ද ඔහුගෙන් බිය උපනි.

1300. රාජා විලුම‍්පතෙ රට‍්ඨං බ්‍රාහ‍්මණො ච පුරොහිතො, අත‍්තගුත‍්තා විහරථ ජාතං සරණතො භයන‍්ති.

1300. රජතුමා ද පුරෝහිත බමුණා ද රට කොල්ල කති. පිහිට ඇති තැනින් බිය උපනි. තෙපි තොපගේ ම ආරක්‍ෂාව ඇත්තෝ ව වාසය කරවු.

6. පදමාණවකජාතකං.

6. පදමානවක ජාතක යි.