7. ලොමසකස්සපජාතකං
1301. අස්ස ඉන්ද සමො රාජ අච්චන්තං අජරාමරො, සචෙ තං යඤ්ඤං යාජෙය්ය ඉසිං ලොමසකස්සපං.
1301. ලෝමස කස්සප තවුසා ලවා පශුඝාතක යාගය කරවන්නේ නම් ඒකාන්තයෙන් අජරාමර වන්නෙහි ය. ශක්‍රයා හා සමාන රජෙක් වන්නෙහි ය.
1302. සසමුද්දපරියායං මහිං සාගරකුණ්ඩලං, න ඉච්ඡෙ සහ නින්දාය එවං සය්හ විජානහි.
1302. සය්හය, සයුර සීමා කොට ඇති, සයුරෙන් වට වූ මහපොළොවත් පශුඝාතක කර්මය නිසා ලැබෙන නින්දාවත් කැමැති නො වෙමි. මෙසේ මෙය දනු මැනවි.
1303. ධිරත්ථු තං යසලාභං ධනලාභං ච බ්‍රාහ්මණ, යා වුත්ති විනිපාතෙන අධම්මචරණෙන වා.
1303. බමුණ, අධර්මයෙන් ලබන යම් කීර්තියෙක් හෝ ධනයෙක් හෝ වේ ද. අපායොත්පත්තියට හේතුවන යම් දිවි පැවැත්මක් හෝ වේ ද අධර්ම චර්ය්යාවෙක් හෝ වේ ද එයට නින්දා වේවා.
1304. අපි චෙ පත්තමාදාය අනාගාරො පරිබ්බජෙ, සා එව ජිවිකා සෙය්යො යා චාධම්මෙන එසනා.
1304. අධාර්මික යම් සෙවීමක් වේ ද, එයට වඩා අනගාරික වැ පාත්‍රයක් ගෙන භික්ෂාටනයෙන් දිවි පැවැත්වීම ශ්‍රේෂ්ඨ වේ.
1305. අපි චෙ පත්තමාදාය අනාගාරො පරිබ්බජෙ, අඤ්ඤං අභිංසයං ලොකෙ අපි රජ්ජෙන තං වරං
1305. ගෙයක් නැතියේ නමුදු අන්‍යයන්හට හිංසා නො කොට පාත්‍රයක් ගෙන පිඬුසිඟා හැසිරෙන්නේ නම්, රාජ්‍යයට වඩා එය උතුම් වේ.
1306. බලං චන්දො බලං සුරියො බලං සමණබ්රාහ්මණා, බලං වෙලා සමුද්දස්ස බලාතිබලමිත්ථියො.
1306. අඳුර නසන හෙයින් චන්ද්‍රයා බලයෙකි. සූර්‍ය්‍යයා ද එබඳු බලයෙකි. හොඳ නරක ඉවැසීමට සමත් හෙයින් මහණ බමුණෝ ද බල නම් වෙති. මුහුද වෙරළ ඉක්මැ නොයන හෙයින් වෙරළ ද බල නම් වේ. ස්ත්‍රීහු මෙසියල්ලට වඩා බල වෙති.
1307. යථා උග්ගතපං සන්තං ඉසිං ලොමසකස්සපං, පිතු අත්ථා චන්දවතී වාජපෙය්යං අයාජයි.
1307. යම්සේ උග්‍ර තපස් සහිත වූ ලෝමස කස්සප නමැති ඍෂිවරයා ලවා චන්ද්රවතී බිසෝ සිය පියාණනට යහපත පිණිස වාජපෙය්‍ය නම් යාගය කැර වී ද, එසේ හෙයින් මෙකී සියලු බලයනට වඩා ස්ත්‍රී බලයෙකි.
1308. තං ලොභා පකතං කම්මං කටුකං කාමහෙතුකං, තස්ස මූලං ගවෙසිස්සං ඡෙච්ඡං රාගං සබන්ධනං.
1308. මා විසින් මේ චන්ද්රවතිය කෙරේ ලෝහ උපදවා ඒ ලෝභයෙන් කළ කාමහේතුක වූ ඒ පාපක්‍රියාව කටුක විපාක ඇත්තේ ය. ඒ පාපක්‍රියාවෙහි මූල හේතුව සොයන්නෙමි. බැඳුම් සහිත රාගය සිඳ දමන්නෙමි.
1309. ධිරත්ථු කාමෙ සුඛහූපි ලොකෙ තපොව සෙය්යො කාමගුණෙහි රාජ, තපො කරිස්සාමි පහාය කාමෙ තවෙව රට්ඨං චන්දවතී ච හොතූති.
1309. රජතුමනි, ලෝකයෙහි ඉතා බොහෝ වූ ද කාමයනට නින්දා වේවා, මේ කාමසම්පත්තීනට වඩා තපස ශ්‍රේෂ්ඨ වේ. එහෙයින් කාමයන් හැර දමා තපස්වර්ය්යාව කරන්නෙමි. රට ද චන්ද්රවතී කුමරිය ද ඔබට ම වේවා.