යෙදුමෙන් කියවන්න

8. චක‍්කවාකජාතකං

1310. කාසායවත්‍ථෙ සකුණෙ වදාමි දුවෙ දුවෙ නන්‍දිමනෙ චරන‍්තෙ, කං අණ‍්ඩජං අණ‍්ඩජා මානුසෙසු ජාතිං පසජසන‍්ති තදිඞ‍්ඝ බ්‍රූථ.

1310. කසටවන් පෙරෙවියන් බඳු රන්වන් පැහැ ඇති ව යුගළ යුගළ වැ සතුටු සිතැති ව හැසිරෙන පක්‍ෂීන් වූ තොපට කියමි. (විචාරමි) එම්බා කුරුල්ලෙනි, මිනිසුන් අතරේ කවර නමෙකින් තොපගේ ජාතිය පසසත් දැ යි කියවු.

1311. අම‍්හෙ මනුස‍්සෙසු මනුස‍්සහිංස අනුබ‍්බකෙ චක‍්කවාකෙ වදන‍්ති, කල්‍යාණභාවම‍්භ දිජෙසු සම‍්මතා අභීතරූපා විචරාම අණ‍්ණවෙ.

1311. මනුෂ්‍ය හිංසකය, ඔවුනොවුන් කෙරේ ප්‍රිය සිතැති ව වසන අප චක්‍රවාකයන් යැ යි මිනිස්සු කියති. කුරුල්ලන් අතුරෙහි කලණමිතුරුදම් ඇත්තෝ යැ යි සම්මතයෙන් වෙමු. බිය රහිත වැ විලෙහි හැසිරෙමු.

1312. කිං අණ‍්ණවෙ කානි ඵලානි භුඤ‍්ජෙ මංසං කුතො ඛාදථ චක‍්කවාකා, කිං භොජනං භුඤ‍්ජථ වො අනොමා බලඤ‍්ච වණ‍්ණො ච අනප‍්පරූපො.

1312. සක්වාවෙනි, තොපගේ බලය ද පැහැය ද අලාමක ය. කිමෙක් ද?, මේ විලෙහි කවර ඵල වර්‍ග බුදින්නෝ ද? කවරකුගේ මස් කන්නහු ද? කෙබඳු අහරක් බුදිවු ද?

1313. න අණ‍්ණවෙ සන‍්ති ඵලානි ධඞ‍්ක මංසං කුතො ඛාදිතුං චක‍්කවාකෙ, සෙවාලභක‍්ඛම‍්භ අවාක භොජනා න ඝාසහෙතු පකරොම පාපං.

1313. කවුඩාණෙනි, විලෙහි ඵලවර්‍ග නැත. සක්වාවනට කන්නට මස් කොතැනින් ලැබේ ද? අපි පොතු රහිත සෙවෙල් බුදින්නවෝ වෙමු. ආහාරය සඳහා පව් නො කරමු.

1314. න මෙ ඉදං රුච‍්චති චක‍්කවාකෙ අස‍්මිං භවෙ භොජනසන‍්තිකාසො, අහොසි මෙ පුබ‍්බෙ තතො මෙ අඤ‍්ඤථා ඉච‍්චෙව මෙ විමතී එත්‍ථ ජාතා.

1314. සක්වාවනි, තොපගේ ආහාරය මට නො රිසියෙයි. එහෙයින් මේ චක්‍රවාක වර්‍ගයාගේ ආහාරයට සමාන ආහාර (සෙසු පක්‍ෂීනට) නැත්තේ යැ යි මට ‘පෙර මෙසේ විය. එයට පසු අන් අයුරෙකින් වී ය’ කියා තොපගේ ශරීර වර්‍ණය පිළිබඳ සැකයෙක් හටගති.

1315. අහම‍්පි මංසානි ඵලානි භුඤ‍්ජෙ අන‍්නානි ච ලොණියතෙලියානි, රසං මනුස‍්සෙසු ලභාමි හොත‍්තුං සූරොව සඞ‍්ගාම මුඛම‍්භි ජෙත්‍වා. න ච මෙ තාදිසො වණ‍්ණො චක‍්කවාක යථා තව.

1315. මමත් මස් ද ගෙඩි ද ලුණු හා තෙල් සහිත ආහාර ද බුදිමි. සංග්‍රාම භූමියෙහි ශූරයකු පරිදි මිනිසුන් සතු ආහාර පැහැර ගෙන කමි. සක්වාවනි, එසේ වුව ද තොපගේ පැහැයට සමාන පැහැයෙක් මට නැත.

1316. අසුද‍්ධභක‍්ඛොසි ඛණානුපාතී කිච‍්ඡෙන තෙ ලබ‍්භති අන‍්නපානං, න තුස‍්සසි රුක‍්ඛඵලෙහි ධඞ‍්ක මංසානි වා යානි සුසානමජ‍්ඣෙ.

1316. කාකය, ඔබ අපවිත්‍ර දෙය බුදින්නෙහි ය. ප්‍රමාද වූ මොහොතෙහි (සිටි තැනින්) වැටෙන සුලුයෙහි. කන බොන දැය තට දුකසේ ලැබේ. රුක්හි ඵලයෙන් ද සොහොන්මැද යම් මසෙක් වේ නම් එයින් ද තෘප්ත නො වන්නෙහි ය.

1317. යො සාහසෙන අධිගම‍්ම භොගෙ පරිභුඤ‍්ජති ධඞ‍්ක ඛණානුපාතී, තතො උපක‍්කොසති නං සභාවො උපක‍්කුට‍්ඨො වණ‍්ණබලං ජහාති.

1317. මොහොතින් (හුන් තැනින්) වැටෙන ස්වභාවය ඇති කාකය, යමෙක් බලහත්කාරයෙන් ලැබ ගත් ආහාර බුදී ද ඔහුට ස්වභාවධර්‍මය නින්‍දා කෙරේ. එසේ නින්‍දා කරන ලද (ඔහුගේ) වර්‍ණය ද බලය ද හරී.

1318. අප‍්පම‍්පි චෙ නිබ‍්බුතිං භුඤ‍්ජති යදි අසාහසෙන අපරූපඝාතී බලඤ‍්ච වණ‍්ණො ච තදස‍්ස හොති න හි සබ‍්බො ආහාරමයෙන වණ‍්ණොති.

1318. ඉදින් සැහැසිකම් නො කිරීමෙන් ද අනුන් නොනසනුයේ දැහැමින් ලද මඳ වූ හෝ ආහාර වළඳා (වෙසේ) නම්, ඔහුගේ ශරීර ශක්තිය ද පැහැය ද හටගන්නේ ය. වර්‍ණය මුළුමනින් ම ආහාරය නිසා හටගන්නේ නො වේ.

8. චක‍්කවාකජාතකං.

8. චක්කවාක ජාතක යි.