යෙදුමෙන් කියවන්න

9. හළිද‍්දිරාගජාතකං

1319. සුතිකික‍්ඛං අරඤ‍්ඤම‍්හි පන‍්තම‍්හි සයනාසනෙ, යෙ ච ගාමෙ තිතික‍්ඛන‍්ති තෙ උළාරතරා තයා.

1319. වනයේ ඉතා දුර පිහිටි සේනාසනයේ ශීතාදිය ඉවැසිය හැකි ය. යම් කෙනෙක් ගමෙහි දී ශීතාදිය ඉවසත් ද ඔවුහු ඒ ඉවැසීමෙන් වනවාසීනට වඩා උදාර වෙති.

1320. අරඤ‍්ඤා ගාමමාගම‍්ම කිං සීලං කිං වතං අහං, පුරිසං තාත සෙවෙය්‍යං තම‍්මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.

1320. පියාණෙනි, මම වනයෙන් ගමට අවුත් කෙබඳු වූ ශීලයක් කෙබඳු වතක් කෙබඳු පුරුෂයකු ඇසුරු කරම් ද? විචාරන ලද ඔබ එය මට කියන්න.

1321. යො තෙ විසස‍්සතෙ තාත විස‍්සාසඤ‍්ච ඛමෙය්‍ය තෙ, සුස‍්සූසී ච තිතික‍්ඛී ච තං භජෙහි ඉතො ගතො.

1321. පුත්‍රය, යමෙක් තා හා විශ්වාස කෙරේ ද, තා හා කළ විශ්වාසය බොහෝ කල් රකී ද, යමෙක් තාගේ කීම අසන්නට රිසියේ ද, යමෙක් තාගේ කීම ඉවසන්නේ ද, තෝ මේ වනයෙන් ගමට ගියෙහි ඔහු ඇසුරු කරව.

1322. යස‍්ස කායෙන වාචාය මනසා නත්‍ථි දුක‍්කතං, උරසීව පතිට‍්ඨාය තං භජෙහි ඉතො ගතො.

1322. මෙයින් නික්මැ ගිය තෝ, යමකුගේ කයින් හා වචනයෙන් හා සිතින් දුෂ්කෘතයෙක් (නොමනා ක්‍රියාවෙක්) නො වේ ද, (මව) ළෙහි හොවා ගත් පුතකු සේ ඔහු සිතින් පිහිටුවා ගෙන (ඔහු කෙරෙහි විශ්වාසය පිහිටුවා) ඇසුරු කරව.

1323. යො ච ධම‍්මෙන චරති චරන‍්තොපි න මඤ‍්ඤති, විසුද‍්ධකාරිං සප‍්පඤ‍්ඤං තං භජෙහි ඉතො ගතො.

1323. යමෙක් සුචරිතයෙන් යුතු වැ හැසිරේ ද, එසේ හැසිරෙනුයේත් (මම් සුසිරි පුරමි යි) මානී නො වේ ද, දසපින්කම් කරන නුවණැති ඔහු, මෙයින් ගමට ගියෙහි, ඇසුරු කරව.

1324. හළිද‍්දිරාගං කපිචිත‍්තං පුරිසං රාගවිරාගිනං, තාදිසං තාත මා සෙවි නිම‍්මනුස‍්සම‍්පි චෙ සියා.

1324. දරුව, දඹදිව මිනිසුන්ගෙන් හිස්ව ගිය ද ස්ථිර පැවැතුම් නැති, කහ පැහැයෙන් පැහැ ගැන්වූවා වැනි, වඳුරකුගේ සිත වැනි සිතැති, මොහොතින් ඇලීමත් මොහොතින් නො ඇලීමත් ඇති (චපල) පුරුෂයා ඇසුරු නො කරව.

1325. ආසීවිසංව කුපිතං මීළ‍්හිලිත‍්තං මහාපථං, ආරකා පරිවජ‍්ජෙහි යානීව විසමං පථං.

1325. කිපුණු සපකු සේ, අශූචි වැකි මාවතක් සේ, යානයෙකින් යන්නහු විසම මඟක් සේ එවැනි මූඪයා දුරින් ම දුරු කරව.

1326. අනත්‍ථා තාත වඩ‍්ඪන‍්ති බාලං අච‍්චුපසෙවතො, මාස‍්සු බාලෙන සඞ‍්ගඤ‍්ඡි අමිත‍්තෙනෙව සබ‍්බදා.

1326. දරුව, මෝඩයා හා වැඩි ඇසුර කරන්නහුගේ අනර්‍ත්‍ථ වැඩේ. හැම කල්හි ම සතුරකු සමඟ මෙන් ම මූඪයා සමඟ ද ඇසුරට නො යන්න.

1327. තං තාහං තාත යාචාමි කරස‍්සු වචනං මම, මාස‍්සු බාලෙන සඞ‍්ගඤ‍්ඡි දුක‍්ඛො බාලෙහි සඞ‍්ගමොති.

1327. දරුව, මම තාගෙන් ඉල්ලමි. මාගේ වචනය කරව. මූඪයා හා ඇසුරට නො යව. කවර හෙයින් ද? මූඪ ආශ්‍රය දුක් ගෙන දෙන්නේ ය එහෙයිනි.

9. හළිද‍්දිරාගජාතකං.

9. හළිද්දිරාග ජාතක යි.