යෙදුමෙන් කියවන්න

4. චුල‍්ලසුකජාතකං

1271. සන‍්ති රුක‍්ඛා හරිතපත‍්තා දුමා නෙකඵලා බහු, කස‍්මා නු සුක‍්ඛෙ කොළාපෙ සුකස‍්ස නිරතො මනො.

1271. නීල්කොළ සහිත රුක්හු ඇත. ගෙඩි සහිත බොහෝ රුක්හු වෙත්. පවන් හමන කලැ හඬන සිදුරු සහිත වියැළි රුකෙහි ගිරවාගේ සිත කවර හෙයින් ඇලුණේ ද?

1272. ඵලස‍්ස උපභුඤ‍්ජිම‍්හා නෙකවස‍්සගණෙ බහු, අඵලම‍්පි විදිත්‍වාන සාව මෙත‍්ති යථාපුරෙ.

1272. අවුරුදු බොහෝ ගණනක් (මේ ගසේ) ගෙඩි බුදීමු. ගසේ පල නැති බව දැනැ ද පෙර යම්සේ මිතුරු බවක් වී ද, පල නැති කල්හි දු (මිත්‍රකම) එසේ ම වේ.

1273. සුක‍්ඛඤ‍්ච රුක‍්ඛං කොළාපං ඔපත‍්තමඵලං දුමං, ඔහාය සකුණා යන‍්ති කිං දොසං පස‍්සයෙ දිජ

1273. වියැළි ගියා වූ ද පවනින් හඬන්නා වූ ද හැලුණ කොළ ඇති රුක හැරපියා පක්‍ෂීහු යෙති. මෙහි ගිරවාණෙනි, කවර වරදක් දක්නහු ද?

1274. යෙ ඵලත්‍ථා සම‍්භජන‍්ති අඵලොති ජහන‍්ති නං, අත‍්තට‍්ඨපඤ‍්ඤා දුම‍්මෙධා තෙ හොන‍්ති පක‍්ඛපාතිනො.

1274. යම් කෙනෙක් පල අපේක්‍ෂාවෙන් සෙවුනාහු ද, පල නැති කලැ (ඵල නැතැ යි) එය හැර දමත් ද, ඒ ආත්මාර්‍ත්‍ථකාමී නුවණ ඇති අසත්පුරුෂ බුද්ධිමතා මිත්‍රපක්‍ෂය නසයි.

1275. සාධු සක‍්ඛි කතං හොති මෙත‍්ති සංසති සන්‍ථවො, සචෙ තං ධම‍්මං රොචෙසි පාසංසොසි විජානතං.

1275. යහළු බව කරන ලදුයේ මැනැව. මෛත්‍රිය ද පිරිස්හි සමාගමය ද කරන ලද්දේ මැනැව, ඒ ත්‍රිවිධධර්‍මය රුස්නෙහි නම් පණ්ඩිතයන් ගේ පැසැසුමට සුදුස්සෙහි.

1276. සොතෙ සුව වරං දම‍්මි පත‍්තයාන විහඞ‍්ගම, වරං වරස‍්සු වක‍්කඞ‍්ග යංකිඤ‍්චි මනසිච‍්ඡසි.

1276. පියාපත් යාන කොට ඇත්තා වූ ද අහසින් යන්නා වූ ද වක් ගෙළ ඇත්තා වූ ද ගිරවාණෙනි, ඒ මම ඔබට කැමැති වරයක් දෙමි. සිතින් කැමැති වන යමක් ඇතොත් එය ඉල්ලන්න.

1277. අපි නාම නං පුන පස‍්සෙ සපත‍්තං සඵලං දුමං, දළිද‍්දොව නිධි ලද‍්ධා නන්‍දෙය්‍යාහං පුනප‍්පුනං.

1277. කොළ සහිත පල සහිත ඒ ගස දක්නෝ නම් ඉතා මැනැවි. නිධානයක් ලද දිළින්දකු මෙන් එය නැවැත නැවැත අභිනන්‍දනය කරන්නේ නම් ඉතා යෙහෙක.

1278. තතො අමතමාදාය අභිසිඤ‍්චි මහීරුහං, තස‍්ස සාඛා විරූහිංසු සීතච‍්ඡායා මනොරමා.

1278. ඒ නදියෙන් දිය ගෙන දිඹුල්ගසට වක්කෙළේ ය. ඒ ගසේ සිහිල් සෙවණ දෙන සිත්කලු අතුපතර වැඩී ගියේ ය.

1279. එවං සක‍්ක සුඛී හොහි සහ සබ‍්බෙහි ඤාතිභි, යථාහමජ‍්ජ සුඛිතො දිස‍්වාන සඵලං දුමං.

1279. ශක්‍ර දේවේන්‍ද්‍රය, මම පල ඇති ගස දැක යම්සේ සුවපත් වීමි ද, එසේ ම ඔබ ද සියලු නෑයන් සමග සුවපත් වෙත් වා !

1280. සුවස‍්ස ච චරං දත්‍වා කත්‍වාන සඵලං දුමං, පක‍්කාමි සහ භරියාය දෙවානං නන්‍දනං වන’න‍්ති.

1280. දිඹුල්ගස පල සහිත කොට ගිරවාට වරය දී ශක්‍රයා බිරිය සමග දෙවියන්ගේ නන්‍දනෝද්‍යානයට ගියේ ය.

4. චුල‍්ලසුකජාතකං.

4. චුල්ලසුක ජාතක යි.