3. මහාසුකජාතකං
1261. දුමො යදා හොති ඵලූපපන‍්නො භුඤ‍්ජන‍්ති තං විහගා සම‍්පතන‍්තා, ඛීණන‍්ති ඤත්‍වාන දුමං ඵලච‍්චයෙ දිසොදිසං යන‍්ති තතො විහඞ‍්ගමා.
1261. යම් කලෙක ගස පලින් යුක්ත ද, (එ කලැ) පක්‍ෂීහු අත්තෙන් අත්තට යන්නාහු පල බුදිති. පල අවසන් කලැ, ගස ඵල රහිත යැ යි දැන, පක්‍ෂීහු එතැනින් වෙනත් දිසා කරා යති.
1262. චර චාරිකං ලොහිතතුණ‍්ඩ මාචරි කිං ත්‍වං සුව සුක‍්ඛදුමම‍්හි ඣායසි, තදිඞ‍්ඝ මං බ්‍රූහි වසන‍්තසන‍්නිභ කස‍්මා සුව සුක‍්ඛදුමං න රිඤ‍්චසි.
1262. ලේපැහැති තුඩක් ඇති පක්‍ෂිය, චාරිකා කරන්නෙහි. “ගිරවාණෙනි, ඔබ වියැලීගිය මේ ගසේ සිට කුමක් සිතවු දැ”යි කියන්නැ. වසන්ත සමයෙහි කැලෑරොදෙක පැහැයට සමාන ගිරවාණෙනි, කවර හෙයින් මේ වියැලීගිය ගස අත් නො හරිවු ද?
1263. යෙ වෙ සඛීනං සඛාරො භවන‍්ති පාණච‍්චයෙ සුඛදුක‍්ඛෙසු හංස, ඛීණං අඛීණන‍්ති න තං ජහන‍්ති, සන‍්තො සතං ධම‍්මමනුස‍්සරන‍්තා.
1263. එම්බා හංසය, යහළුවනට යම් යහළු කෙනෙක් වෙත් ද, ඔව්හු ජීවිත විනාශයෙහි ද දුකසැප දෙක්හි ද වස්තුව පිරිහිණැ යි හෝ නො පිරිහිණැ යි කියා ද සත්පුරුෂයෝ සත්පුරුෂ ධර්‍මය සිහි කරන්නාහු සිය මිතුරන් නො හරිති.
1264. සොහං සතං අඤ‍්ඤතරොස‍්මි හංස ඤාතී ච මෙ හොති සඛා ච රුක‍්ඛො, තං නුස‍්සහෙ ජීවිකත්‍ථො පහාතුං ඛීණන‍්ති ඤත්‍වාන නහෙසධම‍්මො.
1264. එම්බා හංසය, ඒ මම සත්පුරුෂයන් අතර එකෙකිමී, මට මේ ගස නෑයෙක් ද යහළුවෙක් ද වේ. මෙය පිරිහිණැ යි දැන තම ජීවිතය රකිනු සඳහා මෙය හරින්නට වෑයම් නො කරමි. පල රහිත යයි (සිතා) එය හැර දැමීම සත්පුරුෂධර්‍මය නො වේ.
1265. සාධු සක‍්ඛිකතං හොති මෙත‍්ති සංසති සන්‍ථවො, සචෙ තං ධම‍්මං රොචෙසි පාසංසොසි විජානතං.
1265. යහළුකම ද මෛත්‍රිය ද පිරිස ඇසුරු කිරීම ද කරන ලද්දේ මැනැවි. ඒ ධර්‍ම තුන රුස්නෙහි නම් නුවණැත්තන්ගේ පැසැසුමට සුදුස්සෙක් වෙහි.
1266. සො තෙ සුව වරං දම‍්මී පත‍්තවාන විහඞ‍්ගම, වරං වරස‍්සු වක‍්කඞ‍්ග යං කිඤ‍්චි මනසිච‍්ඡසි.
1266. පියාපත් යාන කොට ඇත්තා වූ අහසින් යන්නා වූ වක් ගෙළ ඇත්තා වූ ගිරවාණෙනි, ඒ මම ඔබට කැමැති වරයක් දෙමි. යමක් සිතින් කැමැත්තෙහි ද ඒ වරය ඉල්ලන්න.
1267. වරඤ‍්ච මෙ හංස භවං දදෙය්‍ය අයං හි රුක‍්ඛො පුනරායුං ලභෙථ, සො සාඛවා ඵලිමා සංවිරූළ‍්හො මධුත්‍ථිකො තිට‍්ඨතු සොභමානො.
1267. එම්බා හංසය, ඉදින් තෙපි මට වරයක් දෙන්නහු නම්, මේ දිඹුල්රුක නැවත ආයුෂ ලබාවා. ගස අතුපතර ඇති මිහිරි පල සහිත වැ මනාව වැඩුණෙක් වැ ශෝභමාන වැ සිටීවා.
1268. තං පස‍්ස සම‍්ම එලිමං උළාරං සහාව තෙ හොතු උදුම‍්බරෙන, සො සාඛවා එලිමා සංවිරූළ‍්හො මධුත්‍ථිකො තිට‍්ඨතු සොභමානො.
1268. මිතුර, මහත් පල ඇති ඒ ගස බලන්න. දිඹුල්ගස හා ම ඔබගේ වාසය වේවා, දිඹුල්ගස අතුපතර සහිත ව මනාව වැඩුණේ මිහිරිපල සහිත ව හොබනේ වේවා.
1269. එවං සක‍්ක සුඛී හොහි සහ සබ‍්බෙහි ඤාතිභි, යථාහමජ‍්ජ සුඛිතො දිස‍්වාන එලිතං දුමං.
1269. ශක්‍රදේවේන්‍ද්‍රය, අද මම ඵල සහිත ගස දැක යම්සේ සුවපත් වූයෙම් ද, එසේ ම ඔබ ද සියලු නෑයන් සමග සුවපත් වෙත්වා.
1270. සුවස‍්ස ච වරං දත්‍වා කත්‍වාන සඵලං දුමං, පක‍්කාමි සහභරියාය දෙවානං නන්‍දනං වන’න‍්ති.
1270. දිඹුල්ගස ඵල සහිත කොට ගිරවාට වරය දී ශක්‍රයා බිරිය සමග දෙවියන්ගේ නන්‍දනෝද්‍යානයට ගියේ ය.