යෙදුමෙන් කියවන්න

3. මහාසුවජාතකවණ‍්ණනා 429 අට‍්ඨකථා

3. මහාසුවජාතකවණ‍්ණනා (429)

3. මහාසුක ජාතකය (429)

දුමො යදා හොතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො කිර සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා කොසලජනපදෙ අඤ‍්ඤතරං පච‍්චන‍්තගාමං උපනිස‍්සාය අරඤ‍්ඤෙ විහාසි. මනුස‍්සා තස‍්ස රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානානි සම‍්පාදෙත්‍වා ගමනාගමනසම‍්පන‍්නෙ ඨානෙ සෙනාසනං කත්‍වා සක‍්කච‍්චං උපට‍්ඨහිංසු. තස‍්ස වස‍්සූපගතස‍්ස පඨමමාසෙයෙව සො ගාමො ඣායි, මනුස‍්සානං බීජමත‍්තම‍්පි අවසිට‍්ඨං නාහොසි. තෙ තස‍්ස පණීතං පිණ‍්ඩපාතං දාතුං නාසක‍්ඛිංසු. සො සප‍්පායසෙනාසනෙපි පිණ‍්ඩපාතෙන කිලමන‍්තො මග‍්ගං වා ඵලං වා නිබ‍්බත‍්තෙතුං නාසක‍්ඛි. අථ නං තෙමාසච‍්චයෙන සත්‍ථාරං වන්‍දිතුං ආගතං සත්‍ථා පටිසන්‍ථාරං කත්‍වා “කච‍්චි භික‍්ඛු පිණ‍්ඩපාතෙන න කිලමන‍්තොසි, සෙනාසනසප‍්පායඤ‍්ච අහොසී”ති පුච‍්ඡි. සො තමත්‍ථං ආරොචෙසි. සත්‍ථා “තස‍්ස සෙනාසනං සප‍්පාය”න‍්ති ඤත්‍වා “භික‍්ඛු සමණෙන නාම සෙනාසනසප‍්පායෙ සති ලොලුප‍්පචාරං පහාය කිඤ‍්චිදෙව යථාලද‍්ධං පරිභුඤ‍්ජිත්‍වා සන‍්තුට‍්ඨෙන සමණධම‍්මං කාතුං වට‍්ටති. පොරාණකපණ‍්ඩිතා තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තිත්‍වා අත‍්තනො නිවාසසුක‍්ඛරුක‍්ඛෙ චුණ‍්ණං ඛාදන‍්තාපි ලොලුප‍්පචාරං පහාය සන‍්තුට‍්ඨා මිත‍්තධම‍්මං අභින්‍දිත්‍වා අඤ‍්ඤත්‍ථ න ගමිංසු, ත්‍වං පන කස‍්මා ‘පිණ‍්ඩපාතො පරිත‍්තො ලූඛො’ති සප‍්පායසෙනාසනං පරිච‍්චජී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

“දුමො යදා හොති” යන මේ ගාථාව බුදුරජණන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක් එක්තරා භික්‍ෂුවක් අරබයා දේශනා කළ සේක. හෙතෙම බුදුන් සමීපයෙහි කමටහන් ගෙන කොසොල් ජනපදයෙහි එක්තරා පසල් ගමක ඇසුරුකොට වනයෙහි විසීය. මිනිස්සු ඔහුට රාත්‍රී වසන ස්ථාන දවල් කාලයෙහි වසන ස්ථාන ආදිය සකසා දී යාම් ඊම් පහසු තැනක සෙනසුනක් කොට මනාව උපස්ථාන කළාහුය. ඔහු වස් සමාදන් වූ පළමු මාසයේදීම එම ගම දැවී ගියේය. මිනිස්සුන්ට බිත්තර වී පමණක් හෝ ඉතිරි නොවීය. ඔවුහු උන්වහන්සේට ප්‍රණීත පිණ්ඩපාතය දීමට නොහැකි වූහ. හෙතෙම සුදුසු සෙනසුන්හි පිණ්ඩපාතයෙන් ක්ලාන්ත වූයේ මාර්ගයක් හෝ ඵලයක් හෝ උපදවන්නට අපොහොසත් වීය. ඉක්බිති තෙමස ඇවෑමෙන් ශාස්තෘන් වහන්සේ වැඳීමට පැමිණි ඔහුට පිළිසඳර කතාකොට “කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවූයේ වෙහිද? සෙනසුන යෝග්‍ය වීදැ”යි විචාළ සේක. හෙතෙම එම කරුණ සැලකර සිටියේය. බුදුහු ඔහුට එම සෙනසුන යෝග්‍ය යයි දැන මහණ! පැවිද්දහු විසින් සෙනසුනක් ඇති කල්හි ලොල්බව අතැර ලද යමක් වළදා සතුටින් මහණදම් කිරීමට වටනේය. පැරණි පඬුවෝ තිරිසන් යෝනියෙහි ඉපිද තමාගේ වාසස්ථානය වූ වියලි ගසෙහි සුණු කන්නාහු නමුත් ලොල් බව හැර ලද දෙයින් සතුටු වූවාහු මිත්‍රධර්මය බිඳ අන්තැනකට නොගියාහුය. නුඹ කවර හෙයින් පිණ්ඩපාතය ස්වල්පය, මෘදු නොවූවකැයි, යෝග්‍ය සෙනසුන හලේහිදැ යි’ වදාරා ඔහු විසින් ඉල්ලා සිටින ලද අතීත ප්‍රවෘත්තිය ගෙනහැර වදාළ සේක.

අතීතෙ හිමවන‍්තෙ ගඞ‍්ගාතීරෙ එකස‍්මිං උදුම‍්බරවනෙ අනෙකසතසහස‍්සා සුකා වසිංසු. තත්‍ර එකො සුවරාජා අත‍්තනො නිවාසරුක‍්ඛස‍්ස ඵලෙසු ඛීණෙසු යදෙව අවසිට‍්ඨං හොති අඞ‍්කුරො වා පත‍්තං වා තචො වා පපටිකා වා, තං ඛාදිත්‍වා ගඞ‍්ගාය පානීයං පිවිත්‍වා පරමප‍්පිච‍්ඡසන‍්තුට‍්ඨො හුත්‍වා අඤ‍්ඤත්‍ථ න ගච‍්ඡති. තස‍්ස අප‍්පිච‍්ඡසන‍්තුට‍්ඨභාවගුණෙන සක‍්කස‍්ස භවනං කම‍්පි. සක‍්කො ආවජ‍්ජමානො තං දිස‍්වා තස‍්ස වීමංසනත්‍ථං අත‍්තනො ආනුභාවෙන තං රුක‍්ඛං සුක‍්ඛාපෙසි. රුක‍්ඛො ඛාණුකමත‍්තො හුත්‍වා ඡිද‍්දාවඡිද‍්දො වාතෙ පහරන‍්තෙ ආකොටියමානො විය අට‍්ඨාසි. තස‍්ස ඡිද‍්දෙහි චුණ‍්ණානි නික‍්ඛමන‍්ති. සුවරාජා තානි චුණ‍්ණානි ඛාදිත්‍වා ගඞ‍්ගාය පානීයං පිවිත්‍වා අඤ‍්ඤත්‍ථ අගන‍්ත්‍වා වාතාතපං අගණෙත්‍වා උදුම‍්බරඛාණුකෙ නිසීදි. සක‍්කො තස‍්ස පරමප‍්පිච‍්ඡභාවං ඤත්‍වා “මිත‍්තධම‍්මගුණං කථාපෙත්‍වා වරමස‍්ස දත්‍වා උදුම‍්බරං අමතඵලං කරිත්‍වා ආගමිස‍්සාමී”ති එකො හංසරාජා හුත්‍වා සුජං අසුරකඤ‍්ඤං පුරතො කත්‍වා තං උදුම‍්බරවනං ගන‍්ත්‍වා අවිදූරෙ එකරුක‍්ඛස‍්ස සාඛාය නිසීදිත්‍වා තෙන සද‍්ධිං කථං සමුට‍්ඨාපෙන‍්තො පඨමං ගාථමාහ –

අතීතයෙහි හිමාලයෙහි ගංගා නම් ගංතීරයෙහි එක් දිවුල් වනයක නොයෙක් ලක්‍ෂ ගණනක් ගිරව් වාසය කළහ. ඔවුන් අතර එක් ගිරා නායකයෙක් තමා හුන් ගසේ ගෙඩි ක්‍ෂය වූ කල්හි දළුව හෝ කොළ හෝ පොත්ත හෝ පතුර හෝ යමක් ඉතිරි වීද එය කා ගංගා නදියෙහි පැන් බී අතිශයින් අල්පේච්ඡතාවයෙන් හා ලද දෙයින් සතුටු වී අන් තැනක නොයයි. ඔහුගේ අල්පේච්ඡ හා සන්තුට්ඨිතා ගුණයෙන් ශක්‍රයාගේ භවනය කම්පා විය. ශක්‍ර තෙමේ විමසා බලන්නේ ඒ දැක ඔහු විමසනු සඳහා තමාගේ බලමහිමයෙන් ඒ ගස වියලුවාලීය. ගස කණුවක් පමණ වී ලොකු කුඩු සිදුරුවලින් යුක්ත වූයේ වාතයෙන් පහරනු කල්හි හප්පවනු ලබන්නේ වීය. ඒ ගසේ සිදුරුවලින් කුඩු නික්මේ. ගිරා රජ ඒ කුඩු කා ගංගා නදියෙහි ජලය බී අන්තැනක නොගොස් සුළඟ හා අව්ව ගණන් නොගෙන දිවුල් කණුව මත හිඳී. ශක්‍රතෙමේ ඔහුගේ උසස් අල්පේච්ඡ බව දැන මිත්‍රධර්මයෙහි ගුණය කියා ඔහුට වරයක් දී දිවුල අමාඵලයක් කර එන්නෙමි’යි එක් හංසරාජයෙක් වී සුජා නම් අසුර කන්‍යාව පෙරටු කොට ඒ දිවුල් වනයට ගොස් නුදුරෙහි එක් ගසක අත්තක හිඳ ඔහු සමග කථාවක් ඇති කරන්නේ පළමු ගාථාව කීය.

“දුමො යදා හොති ඵලූපපන‍්නො, භුඤ‍්ජන‍්ති නං විහඞ‍්ගමා සම‍්පතන‍්තා; ඛීණන‍්ති ඤත්‍වාන දුමං ඵලච‍්චයෙ, දිසොදිසං යන‍්ති තතො විහඞ‍්ගමා”ති.

දුමො යදාහොති ඵලූප්පන්නො - භුඤ්ජන්ති නං විභගා සම්පතත්තා, ඛීණන්ති ඤත්‍වාන දුමං ඵලච්වයෙ - දිසො දසං යන්ති තතො විභද්ධගමා

1. යම්කලෙක ගස ගෙඩිවලින් යුක්ත වේද. (එකල) පක්‍ෂීහු අත්තෙන් අත්තට යන්නාහු ගෙඩි අනුභව කරති. පක්‍ෂීහු ගෙඩි අවසන් වූ කල්හි ගස ගෙඩිවලින් අවසන් වූයේ යයි දැන ඉන් දීසානුදිසාවන්ට යත්.

තස‍්සත්‍ථො – සුවරාජ, රුක‍්ඛො නාම යදා ඵලසම‍්පන‍්නො හොති, තදා තං සාඛතො සාඛං සම‍්පතන‍්තාව විහඞ‍්ගමා භුඤ‍්ජන‍්ති, තං පන ඛීණං ඤත්‍වා ඵලානං අච‍්චයෙන තතො රුක‍්ඛතො දිසොදිසං විහඞ‍්ගමා ගච‍්ඡන‍්තීති.

එහි අර්ථය වූ කලී - ගිරා රජතුමනි, යම්දිනක ගස ගෙඩිවලින් යුක්ත වේද එකල්හි (එහි) අත්තෙන් අත්තට පනින්නා වූ පක්‍ෂීහු (ගෙඩි) අනුභව කරත්. ගෙඩි අවසන් වූ කල්හි (ගෙඩි) අවසනැයි දැන පක්‍ෂීහු වෙනත් දිසාවන්ට යති යනුයි.

එවඤ‍්ච පන වත්‍වා තතො නං උය්‍යොජෙතුං දුතියං ගාථමාහ –

මෙසේ කියා ඔහු පිටත්කර හරින්නට දෙවන ගාථාව කීයේය.

“චර චාරිකං ලොහිතතුණ‍්ඩ මා මරි, කිං ත්‍වං සුව සුක‍්ඛදුමම‍්හි ඣායසි; තදිඞ‍්ඝ මං බ්‍රූහි වසන‍්තසන‍්නිභ, කස‍්මා සුව සුක‍්ඛදුමං න රිඤ‍්චසී”ති.

2. රතුපැහැති තුඩක් ඇති පක්‍ෂිය, චාරිකාවෙහි හැසිරෙව. ගිරව, ඔබ කුමක් හෙයින් මේ වියලි ගසෙහි කුමක් සිතමින් සිටින්නෙහිද? වසන්තයෙහි වනලැහැබක් හා සමාන පක්‍ෂිය, ඉදින් මට කියව. ගිරවාණෙනි, කුමක් හෙයින් මේ වියලි ගස අත් නොහරින්නෙහිද?

තත්‍ථ ඣායසීති කිංකාරණා සුක‍්ඛඛාණුමත්‍ථකෙ ඣායන‍්තො පජ‍්ඣායන‍්තො තිට‍්ඨසි. ඉඞ‍්ඝාති චොදනත්‍ථෙ නිපාතො. වසන‍්තසන‍්නිභාති වසන‍්තකාලෙ වනසණ‍්ඩො සුවගණසමොකිණ‍්ණො විය නීලොභාසො හොති, තෙන තං “වසන‍්තසන‍්නිභා”ති ආලපති. න රිඤ‍්චසීති න ඡඩ‍්ඩෙසි.

එහි ක්‍ධායති යනු කවර කරුණකින් වියලි කණුව මත විතර්කණය කරමින් චිත්තා පරවශව සිටින්නෙහිද? ඉංඝ යනු චෝදනාර්ථයෙහි නිපාතයයි. වසනත සන්නිභා යනු වසන්ත කාලයෙහි වනලැහැබ ගිරා සමූහයෙන් ගැවසී ගත්තාක් මෙන් නිල්වන් පැහැයෙන් යුක්ත වේ. එහෙයින් ඔහුට “වසන්තසන්නිභ” යයි ආමන්ත්‍රණය කෙරේ. න රිඤ්වසි යනු අත් නොහරින්නෙහිද?

අථ නං සුවරාජා “අහං හංස අත‍්තනො කතඤ‍්ඤුකතවෙදිතාය ඉමං රුක‍්ඛං න ජහාමී”ති වත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

ඉක්බිති ගිරා තෙමේ ඔහුට (හංසයාට) කියනුයේ හංසය, මම මාගේ කළගුණ දන්නා බව නිසා මෙම ගස අත් නොහරිමි’යි කියා මෙම ගාථා දෙක ප්‍රකාශ කළේය.

“යෙ වෙ සඛීනං සඛාරො භවන‍්ති, පාණච‍්චයෙ දුක‍්ඛසුඛෙසු හංස; ඛීණං අඛීණම‍්පි න තං ජහන‍්ති, සන‍්තො සතං ධම‍්මමනුස‍්සරන‍්තා.

3. හංසය, යහළුවනට යම් යහළුකෙනෙක් වෙත්ද? ඒ සත්පුරුෂයෝ සත්පුරුෂ ධර්මය සිහිකරන්නාහු ජීවිත විනාශයෙහිද සැප දුක දෙකෙහිද ධනය පිරිහුණැයි නොපිරිහුණැයිද කියා ඔහු (මිතුරා) අත් නොහරිත්.

“සොහං සතං අඤ‍්ඤතරොස‍්මි හංස, ඤාතී ච මෙ හොති සඛා ච රුක‍්ඛො; තං නුස‍්සහෙ ජීවිකත්‍ථො පහාතුං, ඛීණන‍්ති ඤත්‍වාන න හෙස ධම‍්මො”ති.

4. හංසය, ඒ මම සත්පුරුෂයන් අතර එකෙක් වෙමි. මෙම ගස මට නෑයාද යහළුවාද වේ. එය පිරිහුණැයි දැන දිවි කැමැත්තේ නමුදු අත් හරින්නට වෑයම නොකරමී. පිරිහුණු කල අත්හැරීම (සත්පුරුෂ) ධර්මය නොවේ.

තත්‍ථ යෙ වෙ සඛීනං සඛාරො භවන‍්තීති යෙ සහායානං සහායා හොන‍්ති. ඛීණං අඛීණම‍්පීති පණ‍්ඩිතා නාම අත‍්තනො සහායං භොගපරික‍්ඛයෙන ඛීණම‍්පි අඛීණම‍්පි න ජහන‍්ති. සතං ධම‍්මමනුස‍්සරන‍්තාති පණ‍්ඩිතානං පවෙණිං අනුස‍්සරමානා. ඤාතී ච මෙති හංසරාජ, අයං රුක‍්ඛො සම‍්පියායනත්‍ථෙන මය‍්හං ඤාති ච සමාචිණ‍්ණචරණතාය සඛා ච. ජීවිකත්‍ථොති තමහං ජීවිකාය අත්‍ථිකො හුත්‍වා පහාතුං න සක‍්කොමි.

එහි “යෙ වෙ සඛීනං සඛාරො භවන්ති” යනු යමෙක් යහළුවන්ට යහළු වෙති. ඛීණං අඛීණං යනු පණ්ඩිතයෝ සිය යහළුවා වස්තු හානියෙන් පිරිහුණේද අත් නොහරිත්. සතං ධම්මමනුස්සරන්තා යනු පණ්ඩිතයන්ගේ පාරම්පරික උරුමය සිහිකරන්නාහු. ඤාතීචමෙ යනු හංසරාජය! මෙම ගස ප්‍රියය යන අර්ථයෙන් “නෑය” යිද එක්ව ඇසුරු කළ බැවින් යහළුද වේ. ජීවිකත්‍ථා යනු මම ජීවිතය කැමැත්තේ වී නමුදු ඒ ගස අත්හරනට නොහැක්කෙමි යන අර්ථයි.

සක‍්කො තස‍්ස වචනං සුත්‍වා තුට‍්ඨො පසංසිත්‍වා වරං දාතුකාමො ද‍්වෙ ගාථා අභාසි –

ශක්‍ර තෙමේ ඔහුගේ කථාව අසා සතුටුව ප්‍රශංසා කර වරයක් දෙනු කැමැත්තෙන් ගාථා දෙක කීවේය.

“සාධු සක‍්ඛි කතං හොති, මෙත‍්ති සංසති සන්‍ථවො; සචෙතං ධම‍්මං රොචෙසි, පාසංසොසි විජානතං.

5. යහළු බවද මෛත්‍රියද, පිරිස් ඇසුරද යහපත්ය. ඉදින් ඒ ධර්මය රුචි කෙරෙයි නම් දන්නවුන්ගේ ප්‍රශංසාවට සුදුසු වෙහි.

“සො තෙ සුව වරං දම‍්මි, පත‍්තයාන විහඞ‍්ගම; වරං වරස‍්සු වක‍්කඞ‍්ග, යං කිඤ‍්චි මනසිච‍්ඡසී”ති.

6. පියාපත් යානය කොට ඇති අහස්හි ගමන් ඇති වක් වූ ගෙල ඇති ගිරව, ඒ මම ඔබට වරයක් දෙමි. යමක් සිතින් කැමැත්තෙහිද ඒ වරය ඉල්ලව.

තත්‍ථ සාධූති සම‍්පහංසනං. සක‍්ඛි කතං හොති, මෙත‍්ති සංසති සන්‍ථවොති සඛිභාවො ච මෙත‍්ති ච පරිසමජ‍්ඣෙ සන්‍ථවො චාති තයා මිත‍්තං කතං සාධු හොති ලද‍්ධකං භද‍්දකමෙව. සචෙතං ධම‍්මන‍්ති සචෙ එතං මිත‍්තධම‍්මං. විජානතන‍්ති එවං සන‍්තෙ විඤ‍්ඤූනං පසංසිතබ‍්බයුත‍්තකොසීති අත්‍ථො. සො තෙති සො අහං තුය‍්හං. වරස‍්සූති ඉච‍්ඡස‍්සු. යං කිඤ‍්චි මනසිච‍්ඡසීති යං කිඤ‍්චි මනසා ඉච‍්ඡසි, සබ‍්බං තං වරං දදාමි තෙති.

එහි සාධු යනු සතුටුවීමයි. සාධු සක්ඛිකතං හොති මෙත්තිසංසති සන්‍ථවො යනු යහළු බවද මෛත්‍රියද පිරිස් ඇසුරදැයි යම් මිතුරු බවක් කරන ලදද එය යහපත් වෙයි. සොඳුරු වේ මැයි. සචෙතං ධම්මං යනු ඉදින් මේ මිත්‍රධර්මය යනුයි. විජානතං යනු මෙසේ ඇති කල්හි නුවණැත්තන් විසින් පැසසිය යුත්තෙක් වෙහියි අර්ථයයි. සො තෙ යනු ඒ මම නුඹට. වරස්සු යනු කැමති වුව. මනසිච්ජසි යනු යම් කිසිවක් සිතින් කැමති වන්නේ නම් ඒ සියල්ල ඔබට දෙමි යනුයි.

තං සුත්‍වා සුවරාජා වරං ගණ‍්හන‍්තො සත‍්තමං ගාථමාහ –

ගිරා රජු ඒ අසා වරයක් ඉල්ලනුයේ සත්වන ගාථාව කීය.

“වරඤ‍්ච මෙ හංස භවං දදෙය්‍ය, අයඤ‍්ච රුක‍්ඛො පුනරායුං ලභෙථ; සො සාඛවා ඵලිමා සංවිරූළ‍්හො, මධුත්‍ථිකො තිට‍්ඨතු සොභමානො”ති.

7. හංසය, (ඉදින්, මට උසස් වරයක් දෙන්නේ නම් මේ ගස නැවත ආයුෂ ලබාවා! එම ගස අතුපතර ඇත්තේ ගෙඩි සහිතව මනාව වැඩුණේ මිහිරි ඵල සහිතව හොබනා වූවක් ව සිටීවා!

තත්‍ථ සාඛවාති සාඛසම‍්පන‍්නො. ඵලිමාති ඵලෙන උපෙතො. සංවිරූළ‍්හොති සමන‍්තතො විරූළ‍්හපත‍්තො තරුණපත‍්තසම‍්පන‍්නො හුත්‍වා. මධුත්‍ථිකොති සංවිජ‍්ජමානමධුරඵලෙසු පක‍්ඛිත‍්තමධු විය මධුරඵලො හුත්‍වාති අත්‍ථො.

එහි සාඛවා යනු අතුපතර යුක්ත වූයේය. ඵලිමා යනු ගෙඩි සහිත අතුවලින් යුක්ත වූයේ. සංවිරූළ්හො යනු හාත්පස වැඩුන කොළ ඇත්තේ ළපටි කොළවලින් ගැවසුනේ වී. මධුත්‍ථිකො යනු මිහිරි ගෙඩි ඇති කල්හි බහාලන ලද මී ඇතිවාක් මෙන් මිහිරි ගෙඩි ඇතිව යනුයි.

අථස‍්ස සක‍්කො වරං දදමානො අට‍්ඨමං ගාථමාහ –

ඉක්බිති ශක්‍රයා ඔහුට වරයක් දෙන්නේ අටවන ගාථාව කීය.

“තං පස‍්ස සම‍්ම ඵලිමං උළාරං, සහාව තෙ හොතු උදුම‍්බරෙන; සො සාඛවා ඵලිමා සංවිරූළ‍්හො, මධුත්‍ථිකො තිට‍්ඨතු සොභමානො”ති.

8. යහළුව, මහත් ගෙඩි ඇති ඒ ගස බලන්න. දිවුල් ගස සමගම ඔබගේ වාසය වේවා! එම ගස අතුපතර ඇත්තේ ගෙඩිවලින් යුක්තව මනාව වැඩුණේ මිහිරි ගෙඩිවලින් යුක්ත වූයේ ශෝභමාන වේවා!යි.

තත්‍ථ සහාව තෙ හොතු උදුම‍්බරෙනාති තව උදුම‍්බරෙන සද‍්ධිං සහ එකතොව වාසො හොතු. එවඤ‍්ච පන වත්‍වා සක‍්කො තං අත‍්තභාවං විජහිත්‍වා අත‍්තනො ච සුජාය ච ආනුභාවං දස‍්සෙත්‍වා ගඞ‍්ගාතො හත්‍ථෙන උදකං ගහෙත්‍වා උදුම‍්බරඛාණුකං පහරි. තාවදෙව සාඛාවිටපසච‍්ඡන‍්නො මධුරඵලො රුක‍්ඛො උට‍්ඨහිත්‍වා මුණ‍්ඩමණිපබ‍්බතො විය විලාසසම‍්පන‍්නො අට‍්ඨාසි. සුවරාජා තං දිස‍්වා සොමනස‍්සප‍්පත‍්තො සක‍්කස‍්ස ථුතිං කරොන‍්තො නවමං ගාථමාහ –

එහි සභාව තෙ හොතු උදුම්බරෙන යනු ඔබගේ දිවුල් ගස සමඟ එකට වාසය වේවා! මෙසේ කියා තම ස්වරූපය අත්හැර තමාගේ සුජා නම් වූ අසුර කන්‍යාවගේද මහිම දක්වා ගංගා නදියෙන් අතින් ජලය ගෙන දිවුල් කණුවට ගැසුවේය. එකෙණෙහිම ගස ශාඛා සහ දෙබලවලින් යුක්ත වූයේ මිහිරි ගෙඩි ඇතිව නැගී සිට මුණ්ඩරීක පර්වතය මෙන් බබලන්නේ විය. ගිරා රජ ඒ දැක සොම්නසට පත්වූයේ ශක්‍රයාට ස්තුති කරන්නේ නවවැනි ගාථාව කීය.

“එවං සක‍්ක සුඛී හොහි, සහ සබ‍්බෙහි ඤාතිභි; යථාහමජ‍්ජ සුඛිතො, දිස‍්වාන සඵලං දුම”න‍්ති.

9. ශක්‍රය, අද මම ගෙඩි සහිත මේ ගස දැක යම්සේ සුවපත් වූයෙම්? එසේ (ඔබද) සියලු නෑදෑයන් සමග සුවපත් වේවා!

සක‍්කොපි තස‍්ස වරං දත්‍වා උදුම‍්බරං අමතඵලං කත්‍වා සද‍්ධිං සුජාය අත‍්තනො ඨානමෙව ගතො. තමත්‍ථං දීපයමානා ඔසානෙ අභිසම‍්බුද‍්ධගාථා ඨපිතා –

ශක්‍රයා ඔහුට වරය දී දිවුල්ගෙඩි අමා ඵලයන් කර සුජාව සමග තමාගේ දෙව්ලොවටම ගියේය. අවසානයෙහි ඒ කරුණු දක්වනු ලබමින් බුද්ධදේශිත ගාථාව තබන ලදි.

“සුවස‍්ස ච වරං දත්‍වා, කත්‍වාන සඵලං දුමං; පක‍්කාමි සහ භරියාය, දෙවානං නන්‍දනං වන”න‍්ති.

10. දිවුල්ගස ඵල සහිත වූවක් කර ගිරවාට වරය දී (ශක්‍රයා) බිරිඳ සමග දෙවියන්ගේ නන්‍දන උයනට ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “එවං භික‍්ඛු පොරාණකපණ‍්ඩිතා තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තාපි අලොලුප‍්පචාරා අහෙසුං. ත්‍වං පන කස‍්මා එවරූපෙ සාසනෙ පබ‍්බජිත්‍වා ලොලුප‍්පචාරං චරසි, ගච‍්ඡ තත්‍ථෙව වසාහී”ති කම‍්මට‍්ඨානමස‍්ස කථෙත්‍වා ජාතකං සමොධානෙසි. සො භික‍්ඛු තත්‍ථ ගන‍්ත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙන‍්තො අරහත‍්තං පාපුණි. තදා සක‍්කො අනුරුද‍්ධො අහොසි, සුවරාජා පන අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා මහණ මෙසේ පැරණි පණ්ඩිතයෝ තිරිසන් ජාතියෙහි ඉපිදද ප්‍රත්‍යයෙහි ආශා රහිත වූහ. ඔබ කුමක් හෙයින් මෙවැනි සසුනෙහි පැවිදිව ආශා සහිතව හැසිරෙහිද? ‘යව එහිම වසවයි’යි ඔහුට කමටහන් කියා ජාතක කථාව සන්‍ධි ගළපා වදාළ සේක. එම භික්‍ෂුව එහි ගොස් විදසුන් වඩන්නේ රහත් බවට පැමිණියේය. එකල්හි ශක්‍රයා (මෙකල්හි) අනුරුද්ධ ස්ථවිර විය. ගිරාරජු මම ම වීමි යයි වදාළ සේක.

මහාසුවජාතකවණ‍්ණනා තතියා.