යෙදුමෙන් කියවන්න

2. කොසම‍්බියජාතකවණ‍්ණනා 428 අට‍්ඨකථා

2. කොසම‍්බියජාතකවණ‍්ණනා (428)

2. කෝසම්බි ජාතකය (428)

පුථුසද‍්දොති ඉදං සත්‍ථා කොසම‍්බිං නිස‍්සාය ඝොසිතාරාමෙ විහරන‍්තො කොසම‍්බියං භණ‍්ඩනකාරකෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි. වත්‍ථු කොසම‍්බකක‍්ඛන්‍ධකෙ (මහාව· 451 ආදයො) ආගතමෙව, අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො. තදා කිර ද‍්වෙ භික‍්ඛූ එකස‍්මිං ආවාසෙ වසිංසු විනයධරො ච සුත‍්තන‍්තිකො ච. තෙසු සුත‍්තන‍්තිකො එකදිවසං සරීරවලඤ‍්ජං කත්‍වා උදකකොට‍්ඨකෙ ආචමනඋදකාවසෙසං භාජනෙ ඨපෙත්‍වා නික‍්ඛමි. පච‍්ඡා විනයධරො තත්‍ථ පවිට‍්ඨො තං උදකං දිස‍්වා නික‍්ඛමිත්‍වා ඉතරං පුච‍්ඡි “ආවුසො, තයා උදකං ඨපිත”න‍්ති. “ආමාවුසො”ති. “කිං පනෙත්‍ථ ආපත‍්තිභාවං න ජානාසී”ති? “ආමාවුසො න ජානාමී”ති. “හොති, ආවුසො, එත්‍ථ ආපත‍්තී”ති? “තෙන හි පටිකරිස‍්සාමි න”න‍්ති. “සචෙ පන තෙ, ආවුසො, අසඤ‍්චිච‍්ච අසතියා කතං, නත්‍ථි ආපත‍්තී”ති. සො තස‍්සා ආපත‍්තියා අනාපත‍්තිදිට‍්ඨි අහොසි. විනයධරොපි අත‍්තනො නිස‍්සිතකානං “අයං සුත‍්තන‍්තිකො ආපත‍්තිං ආපජ‍්ජමානොපි න ජානාතී”ති ආරොචෙසි. තෙ තස‍්ස නිස‍්සිතකෙ දිස‍්වා “තුම‍්හාකං උපජ‍්ඣායො ආපත‍්තිං ආපජ‍්ජිත්‍වාපි ආපත‍්තිභාවං න ජානාතී”ති ආහංසු. තෙ ගන‍්ත්‍වා අත‍්තනො උපජ‍්ඣායස‍්ස ආරොචෙසුං. සො එවමාහ – “අයං විනයධරො පුබ‍්බෙ ‘අනාපත‍්තී’ති වත්‍වා ඉදානි ‘ආපත‍්තී’ති වදති, මුසාවාදී එසො”ති. තෙ ගන‍්ත්‍වා “තුම‍්හාකං උපජ‍්ඣායො මුසාවාදී”ති එවං අඤ‍්ඤමඤ‍්ඤං කලහං වඩ‍්ඪයිංසු. තතො විනයධරො ඔකාසං ලභිත්‍වා තස‍්ස ආපත‍්තියා අදස‍්සනෙන උක‍්ඛෙපනීයකම‍්මං අකාසි. තතො පට‍්ඨාය තෙසං පච‍්චයදායකා උපාසකාපි ද‍්වෙ කොට‍්ඨාසා අහෙසුං. ඔවාදපටිග‍්ගාහිකා භික‍්ඛුනියොපි ආරක‍්ඛදෙවතාපි ද‍්වෙ කොට‍්ඨාසා අහෙසුං. තාසං සන්‍දිට‍්ඨසම‍්භත‍්තා ආකාසට‍්ඨදෙවතාපි යාව බ්‍රහ‍්මලොකා සබ‍්බෙ පුථුජ‍්ජනා ද‍්වෙ පක‍්ඛා අහෙසුං. යාව අකනිට‍්ඨභවනා පන ඉදං කොලාහලං අගමාසි.

පුථු සද්දො යන මේ ගාථාව බුදුරදුන් කොසඹෑ නුවර ඇසුරුකොට ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක් කොසඹෑ නුවර කළහකාරී භික්‍ෂූන් අරබයා දේශනා කළ සේක. කථාවස්තුව කොසම්බක්ඛන්‍ධකයෙහි පැමිණියේමය. මෙ එහි සංක්‍ෂේපයයි. එකල්හි විනයධර වූ භික්‍ෂුවක් හා සෞත්‍රාන්ත්‍රික භික්‍ෂුවක් දැයි භික්‍ෂූහු දෙනමක් එකම ආවාසයක විසූහ. ඔවුන් අතර සෞත්‍රාන්ත්‍රික භික්‍ෂුන් වහන්සේ එක්දිනක් ශරීරකෘත්‍යය කර ජලකොටුවෙහි සේදීමට ගත් ජලයෙහි ඉතිරිය තබා නික්මුණාහ. පසුව විනයධර භික්‍ෂුව එහි පිවිසියේ ඒ ජලය දැක නික්මී අනිකාගෙන් විමසීය. “ඇවැත්නි, ඔබ විසින් ජලය තබන ලදදැ” යි (කියාය.) “ඇවැත්නි, එසේය”. “කිම? මෙහි ඇවැත්බව නොදන්නෙහිද? “එසේය නොදනිමි. ඇවැත්නි, මෙහි ඇවැත් වේද එසේනම් ඊට පිළියම් කරන්නෙමි”. “ඇවැත්නි, ඉදින් ඔබ නොදැන (එසේ) කරන ලද නම් ඇවැත් නැතැ”යි කීය. හෙතෙම ඒ ආපත්තියෙහි ආපත්ති නැතැයි යන දෘෂ්ටි ඇත්තේ විය. විනයධර තෙමේද තමා ඇසුරු කරන්නන්ට මේ සෞත්‍රාන්ත්‍රික භික්‍ෂුව ඇවතට පැමිණෙන්නේම (ඒ බව) නොදන්නේ යයි දැන්වීය. ඔවුහු ඒ භික්‍ෂුව ඇසුරු කරන්නන් දැක ඔබගේ උපාධ්‍යාය තෙමේ ඇවතට පැමිණ ඇවැත් ඇති බව නොදනී යයි කීහ. ඔවුහු ගොස් තමාගේ උපාධ්‍යායන් වහන්සේට (ඒ බව) දැන්වූහ. හෙතෙම මෙසේ කීය. “මේ විනයධර භික්‍ෂුව පෙර ඇවැත් නැතැයි කියා දැන් ඇවතැයි කියයි. මෙතෙම බොරු කියන්නෙකි” යි මෙසේ ඔවුනොවුන් කළහ වැඩූහ. ඉක්බිති විනයධර භික්‍ෂුව අවකාශ ලැබ ඔහුට ඇවැත් නොදැකීමෙහි ලා උක්ඛෙපනීය කර්මය කෙළේය. එතැන් පටන් ඔවුන්ගේ දායකයෝද උපාසකයෝද දෙපිරිසක් වූහ. අවවාද ගන්නා වූ භික්‍ෂුණීහුද අරක්‍ෂක දේවතාවෝද හුරුපුරුදු මිතුරෝද ආකාශසථ දේවතාවෝද බඹලොව තෙක් සියළු පෘථග්ජනයෝ දෙපිරිසක් වූහ. අකණිටා බඹලොව දක්වා මේ කෝලහාලය ගියේය.

අථෙකො භික‍්ඛු තථාගතං උපසඞ‍්කමිත්‍වා උක‍්ඛෙපකානං “ධම‍්මිකෙනෙව කම‍්මෙන අයං උක‍්ඛිත‍්තො, උක‍්ඛිත‍්තානුවත‍්තකානං අධම‍්මිකෙන කම‍්මෙන උක‍්ඛිත‍්තො”ති ලද‍්ධිං, උක‍්ඛෙපකෙහි වාරියමානානම‍්පි තෙසං තං අනුපරිවාරෙත්‍වා චරණභාවඤ‍්ච සත්‍ථු ආරොචෙසි. භගවා “සමග‍්ගා කිර හොන‍්තූ”ති ද‍්වෙ වාරෙ පෙසෙත්‍වා “න ඉච‍්ඡන‍්ති භන‍්තෙ සමග‍්ගා භවිතු”න‍්ති සුත්‍වා තතියවාරෙ “භින‍්නො භික‍්ඛුසඞ‍්ඝො”ති තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා උක‍්ඛෙපකානං උක‍්ඛෙපනෙ, ඉතරෙසඤ‍්ච අසඤ‍්චිච‍්ච ආපත‍්තියා අදස‍්සනෙ ආදීනවං වත්‍වා පක‍්කාමි. පුන තෙසං තත්‍ථෙව එකසීමායං උපොසථාදීනි කාරෙත්‍වා භත‍්තග‍්ගාදීසු භණ‍්ඩනජාතානං “ආසනන‍්තරිකාය නිසීදිතබ‍්බ”න‍්ති භත‍්තග‍්ගෙ වත‍්තං පඤ‍්ඤාපෙත්‍වා “ඉදානිපි භණ‍්ඩනජාතා විහරන‍්තී”ති සුත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා “අලං, භික‍්ඛවෙ, මා භණ‍්ඩන”න‍්තිආදීනි වත්‍වා අඤ‍්ඤතරෙන භික‍්ඛුනා ධම‍්මවාදිනා භගවතො විහෙසං අනිච‍්ඡන‍්තෙන “ආගමෙතු, භන‍්තෙ, භගවා ධම‍්මසාමි, අප‍්පොස‍්සුක‍්කො භන‍්තෙ, භගවා දිට‍්ඨධම‍්මසුඛවිහාරං අනුයුත‍්තො විහරතු, මයං තෙන භණ‍්ඩනෙන කලහෙන විග‍්ගහෙන විවාදෙන පඤ‍්ඤායිස‍්සාමා”ති වුත‍්තෙ –

ඉක්බිති එක් භික්‍ෂුවක් බුදුරදුන් වෙත එළඹ “උක්ක්‍ෂෙපනීය කර්මය කළවුන් විසින් දැහැමි (විනය) කර්මයෙන්ම මෙතෙම උක්ක්‍ෂෙපනීය කරන ලදි. උත්ක්‍ෂෙපනානු වර්තකයන් අධාර්මික (විනය) කර්මයෙන් කරන ලදැයි යන හැඟීමෙන් උක්ක්‍ෂෙපයන් විසින් වළකනු ලබන්නේ නමුත් ඔවුන් ඔහු පිරිවරා හැසිරෙන බව දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ “සමගි වූවෝ වෙත්වා” යි දෙවරක් (පණිවුඩ) යවා “ස්වාමීනි, සමගි වන්නට නොකමැත්තෝ” යයි අසා තෙවන වර “භික්‍ෂු සංඝයා බිඳුණේය. භික්‍ෂු සංඝයා බිඳුණේය”යි ඔවුන් සමීපයට ගොස් උත්ක්‍ෂෙපනීය කර්මය කළ භික්‍ෂූන්ට උත්ක්‍ෂෙපනීය කර්මයෙහිද අන්‍යයන්ට ඇවැත් නොදැකීමේද ආදීනව ප්‍රකාශ කර වැඩි සේක. නැවත ඔවුන් එහිම එකම සීමාවෙහි උපෝසථාදී විනය කර්මයන් කර දන් වළදන ශාලාව ආදීන්හිදී කළහකාරීන් සමීප ආසනයන්හි හිඳිය යුතුයයි ආදී දන් ශාලාවෙහි වත් පනවා දැනුදු කළහකාරීවම වාසය කරත් යයි අසා එහි ගොස් “මහණෙනි, නුසුදුසුය. කළහ නොකරව” යි ආදීන් වදාරා, භාග්‍යවතුන් වහන්සේගේ වෙහෙස නොකැමති එක්තරා ධර්මවාදී භික්‍ෂුවක විසින් “ස්වාමීන්, උපේක්‍ෂා සහගත වන්න. ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ අල්පෝත්සාහී වූයේ දිට්ඨධම්ම සුඛවිහරණයෙන් යුක්ත වූයේ වසන සේක්වා! අපි ආරවුලින් කලහයෙන් කෝලහාලයෙන් විවාදයෙන් යුත් මොවුන් හඳුනාගනිමු” යි කී කල්හි,

භූතපුබ‍්බං, භික‍්ඛවෙ, බාරාණසියං බ්‍රහ‍්මදත‍්තො නාම කාසිරාජා අහොසීති බ්‍රහ‍්මදත‍්තෙන දීඝීතිස‍්ස කොසලරඤ‍්ඤො රජ‍්ජං අච‍්ඡන්‍දිත්‍වා අඤ‍්ඤාතකවෙසෙන වසන‍්තස‍්ස මාරිතභාවඤ‍්චෙව දීඝාවුකුමාරෙන අත‍්තනො ජීවිතෙ දින‍්නෙ තතො පට‍්ඨාය තෙසං සමග‍්ගභාවඤ‍්ච කථෙත්‍වා “තෙසඤ‍්හි නාම, භික‍්ඛවෙ, රාජූනං ආදින‍්නදණ‍්ඩානං ආදින‍්නසත්‍ථානං එවරූපං ඛන‍්තිසොරච‍්චං භවිස‍්සති. ඉධ ඛො තං, භික‍්ඛවෙ, සොභෙථ, යං තුම‍්හෙ එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිතා සමානා ඛමා ච භවෙය්‍යාථ සොරතා චා”ති ඔවදිත්‍වා දුතියම‍්පි තතියම‍්පි “අලං, භික‍්ඛවෙ, මා භණ‍්ඩන”න‍්ති වාරෙත්‍වා අනොරමන‍්තෙ දිස‍්වා “පරියාදිණ‍්ණරූපා ඛො ඉමෙ මොඝපුරිසා, න යිමෙ සුකරා සඤ‍්ඤාපෙතු”න‍්ති පක‍්කමිත්‍වා පුනදිවසෙ පිණ‍්ඩපාතපටික‍්කන‍්තො ගන්‍ධකුටියා ථොකං විස‍්සමිත්‍වා සෙනාසනං සංසාමෙත්‍වා අත‍්තනො පත‍්තචීවරමාදාය සඞ‍්ඝමජ‍්ඣෙ ආකාසෙ ඨත්‍වා ඉමා ගාථා අභාසි –

“මහණෙනි, පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් කාසි රජෙක් වී යයි. බ්‍රහ්මදත්ත විසින් දීඝති කෝසල රජුගේ රාජ්‍යය දිනා, අප්‍රසිද්ධ වේශයෙන් වසන්නහුගේ මරණයට පත් බවද, දීඝායු කුමාරයා විසින් සිය ජීවිතය දුන්කල්හි එතැන් පටන් ඔවුන්ගේ සමගි බවද දේශනා කර, මහණෙනි, දුන් දඬුවම් ඇති ගත් ආයුධ ඇති ඒ රජුන්ගේ මෙබඳු ඉවසීමක් හා පිළිගත් වචන ඇති බවක් වන්නේය. මහණෙනි, මෙහිලා එය හොබනේද? යම් හෙයකින් නුඔලා මෙබඳු මනාව දේශනා කළ ධර්ම විනයෙහි පැවිදි වූවාහු ඉවසන්නාහුද කීකරු වූවාහුද වහු යයි අවවාද කර, දෙවනුවද තෙවනුවද මහණෙනි කම් නැත. කළහ නොකරවු යයි වළක්වාද නොපිළිගන්නවුන් දැක මේ මෝඩයෝ මඩිනා ලද්දෝය. මොවුන් දැනුවත් කිරීම නොපහසු යැයි ඉක්ම ගොස් දෙවන දවස්හි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩිසේක් ගඳකිළියෙහි මදක් විවේක ගෙන සෙනසුන හකුලා තබා තෙමේම තමාගේ පාත්‍රසිවුරු ගෙන සඟ මැද අහස්හි සිට මෙම ගාථාවන් වදාළ සේක.

“පුථුසද‍්දො සමජනො, න බාලො කොචි මඤ‍්ඤථ; සඞ‍්ඝස‍්මිං භිජ‍්ජමානස‍්මිං, නාඤ‍්ඤං භිය්‍යො අමඤ‍්ඤරුං.

පුථු සද්දො සමජනො න බාලො කොචි මඤ්ඤථ, සඞ්ඝස්මිං භිජ්ජමානස්මිං - නාඤ්ඤං භීය්‍යො අමඤ්ඤරුං

1. මහත් වූ ශබ්ද ඇති එනිසාම බොහෝ වූ සමාන ජනයා තමා අනුවණ බව නොහඟින්නේය. සංඝයා බිඳෙන කල (තමා නිසා බිඳෙතැයි) යන අනිකක් බෙහෙවින් නොසිතූහ.

“පරිමුට‍්ඨා පණ‍්ඩිතාභාසා, වාචාගොචරභාණිනො; යාවිච‍්ඡන‍්ති මුඛායාමං, යෙන නීතා න තං විදූ.

2. මුලා වූ පණ්ඩිතමානීහු කටට ආවක් කියන්නාහු වෙති. යම්තාක් කැමතිද ඒතාක් මුව අයා කියති. යමකින් නිර්ලජ්ජී බවට පත්වෙද්ද එය නොදත්හ.

“අක‍්කොච‍්ඡි මං අවධි මං, අජිනි මං අහාසි මෙ; යෙ ච තං උපනය‍්හන‍්ති, වෙරං තෙසං න සම‍්මති.

3. මට බැන්නේය. මට ගැසුවේය. මා පැරදවීය. මා සතු දේ පැහැර ගත්තේය යි යමෙක් වෛර බඳිත්ද ඔවුන්ගේ වෛරය නොසන්සිඳේ.

“අක‍්කොච‍්ඡි මං අවධි මං, අජිනි මං අහාසි මෙ; යෙ ච තං නුපනය‍්හන‍්ති, වෙරං තෙසූපසම‍්මති.

4. මට බැන්නේය. මට ගැසුවේය. මා පැරදවීය. මා සතු දේ පැහැර ගත්තේ යයි යමෙක් වෛර නොබඳිත්ද ඔවුන්ගේ වෛරය සන්සිඳේ.

“න හි වෙරෙන වෙරානි, සම‍්මන‍්තීධ කුදාචනං; අවෙරෙන ච සම‍්මන‍්ති, එස ධම‍්මො සනන‍්තනො.

5. මෙලොව කිසිකලෙකත් වෛරයෙන් වෛරයෝ නොසන්සිඳෙත්. අවෛරයෙන්ම සන්සිඳෙත්. මෙය පෙර පටන් පැවත එන ධර්මයකි.

“පරෙ ච න විජානන‍්ති, මයමෙත්‍ථ යමාමසෙ; යෙ ච තත්‍ථ විජානන‍්ති, තතො සම‍්මන‍්ති මෙධගා.

6. කෝලහාල කරන අය “අපි මෙහිදී නැසෙමු යයි” නොදනිත්. යමෙක් එහිලා තමා නැසෙන බව දනිත්ද එහෙයින් කලහයෝ සන්සිඳෙති.

“අට‍්ඨිච‍්ඡින‍්නා පාණහරා, ගවාස‍්සධනහාරිනො; රට‍්ඨං විලුම‍්පමානානං, තෙසම‍්පි හොති සඞ‍්ගති; කස‍්මා තුම‍්හාක නො සියා.

7. ඇට සිඳුන, දිවි තොර කරන, ගවයන් අසුන් හා ධනය පැහැර ගන්නා, රටවල් කොල්ලකන්නා වූ ඒ රජුන්ගේද එකතුවක් වෙයි. කුමක් හෙයින් තොපට (එවැන්නක්) නොවන්නේද?

“සචෙ ලභෙථ නිපකං සහායං, සද‍්ධිංචරං සාධුවිහාරිධීරං; අභිභුය්‍ය සබ‍්බානි පරිස‍්සයානි, චරෙය්‍ය තෙනත‍්තමනො සතීමා.

8. ඉදින් නුවණැති, එකට හැසිරෙන යහපත් පැවැත්මෙන් යුතු ධෛර්යවත් යහලුවකු ලබන්නේද සියලු උවදුරු මැඩපවත්වා සිහි ඇතිව සතුටු සිතින් ඔහු සමඟ හැසිරෙන්නේය.

“නො චෙ ලභෙථ නිපකං සහායං, සද‍්ධිංචරං සාධුවිහාරිධීරං; රාජාව රට‍්ඨං විජිතං පහාය, එකො චරෙ මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගො.

9. (ඉදින්) නුවණැති එකට හැසිරෙන, යහපත් පැවැත්මෙන් යුතු, ධෛර්යවත් යහලුවකු නොලබන්නේද, දිනන ලද රට හැර (ගිය) (මහාජනක) රජු මෙන් වනයෙහි ඇත් රජු මෙන් එකලාව හැසිරෙන්නේය.

“එකස‍්ස චරිතං සෙය්‍යො, නත්‍ථි බාලෙ සහායතා; එකො චරෙ න පාපානි කයිරා, අප‍්පොස‍්සුක‍්කො මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගො”ති.

10. එකලාව හැසිරීම යහපත්ය. අනුවණයන් සමඟ මිතුරු බවක් නැත. වනයෙහි (තනිව හැසිරෙන) ඇත්රජු මෙන් (පිරිස් පරිහරණයෙහි) උත්සාහයෙන් තොරව හුදකලාව හැසිරෙන්නේය. පවිටු ක්‍රියා නොකරන්නේය.

තත්‍ථ පුථු මහාසද‍්දො අස‍්සාති පුථුසද‍්දො. සමජනොති සමානො එකසදිසො ජනො, සබ‍්බොවායං භණ‍්ඩනකාරකජනො සමන‍්තතො සද‍්දනිච‍්ඡාරණෙන පුථුසද‍්දො චෙව සදිසො චාති වුත‍්තං හොති. න බාලො කොචි මඤ‍්ඤථාති තත්‍ථ කොචි එකොපි “අහං බාලො”ති න මඤ‍්ඤිත්‍ථ, සබ‍්බෙ පණ‍්ඩිතමානිනො, සබ‍්බොවායං භණ‍්ඩනකාරකො ජනොයෙව. නාඤ‍්ඤං භිය්‍යො අමඤ‍්ඤරුන‍්ති කොචි එකොපි “අහං බාලො”ති න මඤ‍්ඤිත්‍ථ, භිය්‍යො ච සඞ‍්ඝස‍්මිං භිජ‍්ජමානෙ අඤ‍්ඤම‍්පි එකං “මය‍්හං කාරණා සඞ‍්ඝො භිජ‍්ජතී”ති ඉදං කාරණං න මඤ‍්ඤිත්‍ථාති අත්‍ථො.

එහි පැතුරුණ මහා සද්ද ඇත්තේනුයි “පුථුසද්දො” වේ. සමජනා යනු සමානයි. මේ සියලු කළහාකාරී පිරිස එක හා සමානය. හාත්පසින් ශබ්දකිරීමෙන් සමාන වූයේනුයි කියන ලදි. න බාලො කොචි මඤ්ඤථ යනු ඹවුන් අතර කිසිවෙකුත් මම නුවණ නැතැයි නොසිතූහ. නාඤ්ඤං භිය්‍යො අමඤ්ඤරුං යනු බෙහෙවින්ම සංඝයා බිඳෙනකල්හි අන් එකෙකුදු මා හේතුවෙන් සංඝයා බිඳේයයි යන මේ කරුණු නොසිතූහ යයි අර්ථයයි.

පරිමුට‍්ඨාති මුට‍්ඨස‍්සතිනො. පණ‍්ඩිතාභාසාති අත‍්තනො පණ‍්ඩිතමානෙන පණ‍්ඩිතසදිසා. වාචාගොචරභාණිනොති රා-කාරස‍්ස රස‍්සාදෙසො කතො, වාචාගොචරා ච න සතිපට‍්ඨානාදිඅරියධම‍්මගොචරා, භාණිනො ච. කථං භාණිනො? යාවිච‍්ඡන‍්ති මුඛායාමන‍්ති, යාව මුඛං පසාරෙතුං ඉච‍්ඡන‍්ති, තාව පසාරෙත්‍වා අග‍්ගපාදෙහි ඨත්‍වා භාණිනො, එකොපි සඞ‍්ඝගාරවෙන මුඛසඞ‍්කොචනං න කරොතීති අත්‍ථො. යෙන නීතාති යෙන භණ‍්ඩනෙන ඉමං නිල‍්ලජ‍්ජභාවං නීතා. න තං විදූති එවං “ආදීනවං ඉද”න‍්ති තං න ජානන‍්ති.

පරිමුට්ඨා යනු මුළා වූ සිහිය ඇත්තෝයි. පණ්ඩිතාභාසා යනු තමාගේ පණ්ඩිත මානී බව නිසා පණ්ඩිතයන්ට සමාන වචන ඇත්තෝ. ගොචරභාණිනො යනු “රා” කාරයට හ්‍රස්වාදේශ කරන ලද වචනයෝ එළඹ සිටි සිහියෙන් ආදි වශයෙන් ආර්ය ධර්මයට අරමුණුකොට ඇත්තෝ නොවෙති. කියනුයේ කෙසේ කියනුයේද යත්? යාවිච්ඡන්ති මුඛායාමං යනු යම් පමණ මුව පළල් කිරීමට කැමති වෙත්. ඒ තාක් පුළුල් කර පා අගින් සිට කියන්නෝයි. එකෙකුදු සංඝයා පිළිබඳ ගෞරවයෙන් මුව හැකිලීමක් නොකෙරේ යි අර්ථයයි. යෙන නීතා යනු යම් කළහයක් කරණ කොටගෙන මෙම ලජ්ජා රහිත බවට පැමිණියේද? නතං විදූ යනු මෙසේ නරක ප්‍රතිඵල මේ යයි නොදනිත්.

යෙ ච තං උපනය‍්හන‍්තීති තං “අක‍්කොච‍්ඡි ම”න‍්තිආදිකං ආකාරං යෙ උපනය‍්හන‍්ති. සනන‍්තනොති පොරාණො. පරෙති පණ‍්ඩිතෙ ඨපෙත්‍වා තතො අඤ‍්ඤෙ භණ‍්ඩනකාරකා පරෙ නාම. තෙ එත්‍ථ සඞ‍්ඝමජ‍්ඣෙ කොලාහලං කරොන‍්තා “මයං යමාමසෙ උපයමාම නස‍්සාම, සතතං සමිතං මච‍්චුසන‍්තිකං ගච‍්ඡාමා”ති න ජානන‍්ති. යෙ ච තත්‍ථ විජානන‍්තීති යෙ තත්‍ථ පණ‍්ඩිතා “මයං මච‍්චුසමීපං ගච‍්ඡාමා”ති විජානන‍්ති. තතො සම‍්මන‍්ති මෙධගාති භික‍්ඛවෙ, එවඤ‍්හි තෙ ජානන‍්තා යොනිසොමනසිකාරං උප‍්පාදෙත්‍වා මෙධගානං කලහානං වූපසමාය පටිපජ‍්ජන‍්ති.

යෙ තං උපනය්හන්තී යනු ඔහු මට බැන්නේය ආදී ආකාරයෙන් යමෙක් වෛර බඳිත්ද? සනන්තනො යනු පැරණිය. පරෙ යනු පණ්ඩිතයන් හැර ඉන් අන්‍ය වූ කළහකාරයෝ පරේ නම් වෙති. ඔවුහු මේ සංඝයා මැද කෝලාහල කරන්නාහුය. අපි “යමාමසෙ” නොඇලෙමු. නැසෙමු නිරතුරුව මරු සමීපයට යමු යයි නොදනිත්. යෙ ච තත්‍ථ විජානන්ති යනු එහි යම් පණ්ඩිතයෙක් වෙත් නම් ඔවුහු මරු සමීපයට යත් යයි දනිත්. තතො සම්මන්ති මෙධගා යනු මහණෙනි, මෙසේ ඔවුහු දැනුවත්ව නුවණින් මෙනෙහි කිරීම උපදවා කලහයන්ගේ සන්සිඳුවීම පිණිස පිළිපදිත්.

අට‍්ඨිච‍්ඡින‍්නාති අයං ගාථා බ්‍රහ‍්මදත‍්තඤ‍්ච දීඝාවුකුමාරඤ‍්ච සන්‍ධාය වුත‍්තා. තෙසම‍්පි හොති සඞ‍්ගති. කස‍්මා තුම‍්හාකං න හොති? යෙසං වො නෙව මාතාපිතූනං අට‍්ඨීනි ඡින‍්නානි, න පාණා හටා, න ගවාස‍්සධනානි හටානි. ඉදං වුත‍්තං හොති – භික‍්ඛවෙ, තෙසඤ‍්හි නාම ආදින‍්නදණ‍්ඩානං ආදින‍්නසත්‍ථානං රාජූනං එවරූපා සඞ‍්ගති සමාගමො ආවාහවිවාහසම‍්බන්‍ධං කත්‍වා එකතො පානභොජනං හොති, තුම‍්හෙ එවරූපෙ සාසනෙ පබ‍්බජිත්‍වා අත‍්තනො වෙරමත‍්තම‍්පි ජහිතුං න සක‍්කොථ, කො තුම‍්හාකං භික‍්ඛුභාවොති.

අට්ඨිච්ඡින්නා යනු මෙම ගාථා බ්‍රහ්මදත්ත රජුද දීඝායු කුමාරයාද අරබයා දේශනා කරන ලදි. තෙසම්පි හොති සංගති කස්මා තුම්හාකං න හොති. නුඹලාගේ මව්පියන්ගේ ඇට සිඳුනා ලද්දේ නොවෙයි. ප්‍රාණය පැහැර ගත්තේ නොවෙයි. ගවයන් හෝ අශ්වයින් හෝ ධනය පැහැර ගත්තේ නොවෙයි. මෙය කියන ලද්දේ වෙයි. මහණෙනි, ඒ ගත් දඬු ඇති ගත් ආයුධ ඇති ඒ රජුන්ගේ එක්වීමක් සමාගමයක්, ආවාහ විවාහ සබඳතා ඇතිකර එකට පීම් කෑම් වේද? තෙපි මෙබඳු සසුනෙහි පැවිදි වී තමාගේ වෛරය පමණක්ද හරනට නොහැකි වහුද නුඹලාගේ කවර භික්‍ෂුභාවයක්ද?

සචෙ ලභෙථාතිආදිගාථායො පණ‍්ඩිතසහායස‍්ස ච බාලසහායස‍්ස ච වණ‍්ණාවණ‍්ණදීපනත්‍ථං වුත‍්තා. අභිභුය්‍ය සබ‍්බානි පරිස‍්සයානීති සබ‍්බෙ පාකටපරිස‍්සයෙ ච පටිච‍්ඡන‍්නපරිස‍්සයෙ ච අභිභවිත්‍වා තෙන සද‍්ධිං අත‍්තමනො සතිමා චරෙය්‍ය. රාජාව රට‍්ඨං විජිතං පහායාති යථා අත‍්තනො විජිතං රට‍්ඨං මහාජනකරාජා ච අරින්‍දමරාජා ච පහාය එකකොව චරිංසු, එවං චරෙය්‍යාති අත්‍ථො. මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගොති මාතඞ‍්ගො අරඤ‍්ඤෙ නාගොව. මාතඞ‍්ගොති හත්‍ථී වුච‍්චති, නාගොති මහන‍්තාධිවචනමෙතං. යථා හි මාතුපොසකො මාතඞ‍්ගනාගො අරඤ‍්ඤෙ එකකො චරි, න ච පාපානි අකාසි, යථා ච සීලවහත්‍ථිනාගො. යථා ච පාලිලෙය්‍යකො, එවං එකො චරෙ, න ච පාපානි කයිරාති වුත‍්තං හොති.

සචෙ ලභෙථ ආදී ගාථා, පණ්ඩිත යහලුවාගේද බාල යහලුවාගේද හොඳ නරක දැක්වීම සඳහා කියන ලදි. අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි සියලු ප්‍රකට උවදුරුද අප්‍රකට උවදුරුද ඉක්මවා ඔහු සමග සතුටුව සිහිඇතිව හැසිරෙන්නේය. රාජාව රට්ඨං විජිතං යනු යම්සේ මහාජනක රජද අරින්‍දම රජද තමා විසින් දිනන ලද රට අත්හැර හුදකලාව හැසිරුණහ. එවං චරෙය්‍ය යනු මෙසේ හැසිරෙන්නේය යන අර්ථයයි. මාතංග රඤ්ඤොව නාගො යනු මාතංග රජු ඇතෙකු මෙනි. මාතංගො යනු ඇතු කියනු ලැබේ. නාගො යනු මහත් බවට වචනයකි. යම්සේ මාතෘපෝෂක ඇත් රජු වනයෙහි හුදකලාව හැසුරුණේද පවිටු කටයුතු නොකළේද ශීලව ඇත්රජ යම්සේද, පාරිලෙය්‍යක ඇත්රජ යම් සේද එසේ හුදකලාව හැසිරෙන්නේය. පවිටු ක්‍රියා නොකරන්නේයයි කියන ලද්දේ වෙයි.

සත්‍ථා එවං කථෙත්‍වාපි තෙ භික‍්ඛූ සමග‍්ගෙ කාතුං අසක‍්කොන‍්තො බාලකලොණකගාමං ගන‍්ත්‍වා භගුත්‍ථෙරස‍්ස එකීභාවෙ ආනිසංසං කථෙත්‍වා තතො තිණ‍්ණං කුලපුත‍්තානං වසනට‍්ඨානං ගන‍්ත්‍වා තෙසං සාමග‍්ගිවාසෙ ආනිසංසං කථෙත්‍වා තතො පාලිලෙය්‍යකවනසණ‍්ඩං ගන‍්ත්‍වා තත්‍ථ තෙමාසං වසිත්‍වා පුන කොසම‍්බිං අගන‍්ත්‍වා සාවත්‍ථිමෙව අගමාසි. කොසම‍්බිවාසිනොපි උපාසකා “ඉමෙ ඛො අය්‍යා, කොසම‍්බකා භික‍්ඛූ බහුනො අම‍්හාකං අනත්‍ථස‍්ස කාරකා, ඉමෙහි උබ‍්බාළ‍්හො භගවා පක‍්කන‍්තො, ඉමෙසං නෙව අභිවාදනාදීනි කරිස‍්සාම, න උපගතානං පිණ‍්ඩපාතං දස‍්සාම, එවං ඉමෙ පක‍්කමිස‍්සන‍්ති වා වෙරං විරමිස‍්සන‍්ති වා භගවන‍්තං වා පසාදෙස‍්සන‍්තී”ති සම‍්මන‍්තයිත්‍වා තථෙව අකංසු. තෙ තෙන දණ‍්ඩකම‍්මෙන පීළිතා සාවත්‍ථිං ගන‍්ත්‍වා භගවන‍්තං ඛමාපෙසුං.

බුදුහු එසේ කියාද ඒ භික්‍ෂූන් සමගි කරවීමට නොහැකි වන්නෝ බාලකලොණක ආරාමයට ගොස් ‘භගු’ තෙරණුවන්ට හුදකලා බවෙහි අනුසස් වදාරා එතැනින් කුලපුත්‍රයන් තිදෙනා වසන තැනට ගොස් ඔවුන්ට සමගියෙහි ආනිසංස වදාරා එතැනින් පාරිලෙය්‍යක වනලැහැබට ගොස් එහි තෙමසක් වැඩ නැවත කොසඹෑවට නොගොස් සැවතටම වැඩියහ. කොසඹෑ නුවර වැසි උපාසකයෝ “මේ කොසඹෑ නුවර වැසි භික්‍ෂූහූ අපට මහත් වූ අනර්ථ කරන්නේය. මොවුන් විසින් පීඩාවට පත් බුදුරජු නික්ම ගියේය. අපි මොවුන්ට වැඳීම් ආදිය නොකරමු. සමීපයට පැමිණියවුනට පිණ්ඩපාතය නොදෙමු. මෙසේ මොවුහු ඉවත්ව යන්නෝ හෝ වෙති. සිවුරු හැර හෝ යන්නෝ වෙති. භාග්‍යවතුන් වහන්සේ පහදවන්නෝ හෝ වෙතියි සාකච්ඡා කර එසේ කළාහුය. ඔවුහු ඒ දඬුවමින් පීඩාවට පත් වූවාහු සැවත් නුවරට ගොස් බුදුන් ක්‍ෂමා කරවූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “පිතා සුද‍්ධොදනමහාරාජා අහොසි, මාතා මහාමායා, දීඝාවුකුමාරො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෘන් වහන්සේ මෙම ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකයෙහි පූර්වාපරසන්‍ධි ගලපාලූ සේක. පියා සුද්ධෝදන මහරජු විය. මව මහමායා දේවිය වූවාය. දීඝායු කුමාරයා මම ම වූයෙමියි යනුවෙන් වදාළ සේක.

කොසම‍්බියජාතකවණ‍්ණනා දුතියා.