1. ගිජ්ඣජාතකවණ්ණනා 427 අට්ඨකථා
1. ගිජ්ඣජාතකවණ්ණනා (427)
1. ගිජ්ඣ ජාතකය (427)
පරිසඞ්කුපථො නාමාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං දුබ්බචභික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර එකො කුලපුත්තො නිය්යානිකසාසනෙ පබ්බජිත්වාපි අත්ථකාමෙහි ආචරියුපජ්ඣායෙහි චෙව සබ්රහ්මචාරීහි ච “එවං තෙ අභික්කමිතබ්බං, එවං පටික්කමිතබ්බං, එවං ආලොකිතබ්බං, එවං විලොකිතබ්බං, එවං සමිඤ්ජිතබ්බං, එවං පසාරිතබ්බං, එවං නිවාසෙතබ්බං, එවං පාරුපිතබ්බං, එවං පත්තො ගහෙතබ්බො, යාපනමත්තං භත්තං ගහෙත්වා පච්චවෙක්ඛිත්වාව පරිභුඤ්ජිතබ්බං, ඉන්ද්රියෙසු ගුත්තද්වාරෙන භොජනෙ මත්තඤ්ඤුනා ජාගරියමනුයුත්තෙන භවිතබ්බං, ඉදං ආගන්තුකවත්තං නාම ජානිතබ්බං, ඉදං ගමිකවත්තං නාම, ඉමානි චුද්දස ඛන්ධකවත්තානි, අසීති මහාවත්තානි. තත්ථ තෙ සම්මා වත්තිතබ්බං, ඉමෙ තෙරස ධුතඞ්ගගුණා නාම, එතෙ සමාදාය වත්තිතබ්බ”න්ති ඔවදියමානො දුබ්බචො අහොසි අක්ඛමො අප්පදක්ඛිණග්ගාහී අනුසාසනිං. “අහං තුම්හෙ න වදාමි, තුම්හෙ පන මං කස්මා වදථ, අහමෙව අත්තනො අත්ථං වා අනත්ථං වා ජානිස්සාමී”ති අත්තානං අවචනීයං අකාසි. අථස්ස දුබ්බචභාවං ඤත්වා භික්ඛූ ධම්මසභායං අගුණකථං කථෙන්තා නිසීදිංසු. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ තං භික්ඛුං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං භික්ඛු දුබ්බචොසී”ති පුච්ඡිත්වා “සච්ච”න්ති වුත්තෙ “කස්මා භික්ඛු එවරූපෙ නිය්යානිකසාසනෙ පබ්බජිත්වා අත්ථකාමානං වචනං න කරොසි, පුබ්බෙපි ත්වං පණ්ඩිතානං වචනං අකත්වා වෙරම්භවාතමුඛෙ චුණ්ණවිචුණ්ණො ජාතො”ති වත්වා අතීතං ආහරි.
“පරිසංකුපථො නාම” යන මේ ගාථාව බුදුරදහු දෙව්රම්හි වාසය කරන සේක් එක්තරා නොහික්මුණු භික්ෂුවක් අරභයා දේශනා කළ සේක. ඒ කුලපුත් තෙමේ නෛර්යාණික සසුනෙහි පැවිදි වූයේ නමුත් වැඩ කැමති ආචාර්ය උපාධ්‍යායයන් විසින්ද, සමග බඹසර වෙසෙන්නන් විසින්ද “ඔබ මෙසේ යා යුතුය. මෙසේ ආ යුතුය. මෙසේ ඉදිරිය බැලිය යුතුය. මෙසේ වටපිට බැලිය යුතුය. මෙසේ අත් පා හැකිළිය යුතුය. මෙසේ දිගහළ යුතුය. මෙසේ සිවුරු හැඳිය යුතුය. මෙසේ පෙරවිය යුතුය. මෙසේ පාත්‍රය ගතයුතුය. යැපෙන පමණක් බත් පිළිගෙන ප්රත්යවේක්ෂා කර අනුභව කළ යුතුය. ඉන්ද්රියයන්හි රැකි දොරටු ඇතිව බොජුන්හි පමණ දන්නා ලදුව. නිදි වැරීමෙහි නිරත වූවෙකු විය යුතුය. ආගන්තුක වත් මේ යයි ගමික වත් මේ යයි මේ බන්ධකාගත තුදුස් වත්ය. අසූවක් මහා වත් යයි දැන එහි මනාව පැවතිය යුතුය. මේ කෙලෙස් ධුතාංගයෝය. ඒවා සමාදන්ව පැවතිය යුතුයයි අවවාද කරනු ලබන්නේ අකීකරු වීය. අවවාදක්ෂම නොවීය. අනුශාසනාවන් නොගන්නේම ‘මම තොපට නොකියමි. එහෙයින් තෙපි මට කුමක් හෙයින් කියහුද, මමම මාගේ යහපතත් අයහපතත් දන්නෙමි යයි තෙමේ අවවාද නොකටයුත්තෙකු කළේය. ඉක්බිති භික්ෂහූ එම අකීකරු බව දැන ධර්ම සභාවෙහි මොහුගේ අගුණ බෙණමින් හුන්නාහ. බුදුහු වැඩමකර “මහණෙනි, දැන් කිනම් කථාවකින් යුතුව හුන්නහු දැයි විමසා මෙනම් වූවෙකැයි කී කල්හි එම භික්ෂුව කැඳවා “තොප අකීකරු යන බව ඇත්තදැ”යි විමසා “ඇත්තැ”යි කී කල්හි “මහණ, කුමක් හෙයින් මෙබඳු වූ නෛර්යාණික ශාසනයෙහි පැවිදි වී වැඩ කැමැත්තන්ගේ වචනය නොකෙරෙහිද? නුඹ පෙරද පණ්ඩිතයන්ගේ වචන නොකර දරුණු සුළඟෙහි සුනුවිසුණු වූයේ යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර වදාළ සේක.
අතීතෙ ගිජ්ඣකූටෙ පබ්බතෙ බොධිසත්තො ගිජ්ඣයොනියං නිබ්බත්ති. පුත්තො පනස්ස සුපත්තො නාම ගිජ්ඣරාජා අනෙකසහස්සගිජ්ඣපරිවාරො ථාමසම්පන්නො අහොසි. සො මාතාපිතරො පොසෙසි, ථාමසම්පන්නත්තා පන අතිදූරං උප්පතති. අථ නං පිතා “තාත, එත්තකං නාම ඨානං අතික්කමිත්වා න ගන්තබ්බ”න්ති ඔවදි. සො “සාධූ”ති වත්වාපි එකදිවසං පන වුට්ඨෙ දෙවෙ ගිජ්ඣෙහි සද්ධිං උප්පතිත්වා සෙසෙ ඔහාය අතිභූමිං ගන්ත්වා වෙරම්භවාතමුඛං පත්වා චුණ්ණවිචුණ්ණභාවං පාපුණි. සත්ථා තමත්ථං දස්සෙන්තො අභිසම්බුද්ධො හුත්වා ඉමා ගාථා අභාසි –
බෝසත් තෙමේ අතීතයෙහි ගිජුකුළු පව්වෙහි ගිජුලිහිණි යෝනියෙහි උපන්නේය. ඔහුගේ පුතණුවෝ සුපත්ත නම් වූහ. බොහෝ දහස් ගණන් ගිජුලිහිණි පිරිවරා ඇත්තේ බලසම්පන්න වූයේද විය. හෙතෙම මව්පියන් පෝෂණය කළේය. බලසම්පන්න වූයේම බොහෝ දුර පියඹා යයි. ඉක්බිති (ඔහුගේ) පියා “දරුව, මෙතෙක් තැන ඉක්මවා නොයා යුතුය” යි අවවාද කළේය. හෙතෙම ‘මැනව” යි කියා එක් දිනක් වැසි වට කල්හි ගිජුලිහිණියන් සමග ඉගිලී සෙස්සන් හැර ප්‍රදේශය ඉක්මවා ගොස් වේරම්භ වාතයට පත්ව සුනුවිසුණු බවට පැමිණියේය. ශාස්තෘන් වහන්සේ බුදුව ඒ බව දක්වමින් මෙම ගාථාවන් දේශනා කළ සේක.
“පරිසඞ්කුපථො නාම, ගිජ්ඣපන්ථො සනන්තනො; තත්රාසි මාතාපිතරො, ගිජ්ඣො පොසෙසි ජිණ්ණකෙ; තෙසං අජගරමෙදං, අච්චහාසි බහුත්තසො.
පරිසද්ධකුපථො නාම ගිජක්ධපන්ථො සනන්ත නො, තත්රාසි මාතා පිතරො ගිජ්ඣො පොසෙසි ජිණ්ණ කෙ, [missing pali]
1. ගිජුකුළු පව්වට යොමු වූ “පරිසංකුපථ” නම් පැරණි මාර්ගයක් විය. එහි ගිජුලිහිණියෙක් වයස්ගත මව්පියන් පෝෂණය කෙළේය. (ඔහු) ඔවුනට චුරුණු තෙල් සහිත පිඹුරු මස් බොහෝකොට ගෙන ආයේය.
“පිතා ච පුත්තං අවච, ජානං උච්චං පපාතිනං; සුපත්තං ථාමසම්පන්නං, තෙජස්සිං දූරගාමිනං.
2. පියා ඉහලට පියාඹන ශක්ති සම්පන්න, තේජස් ඇත්තා වූ දුරට (පියඹා) යන සුපත්ත නම් පුතණුවන්ට මෙසේ කිය.
“පරිප්ලවන්තං පථවිං, යදා තාත විජානහි; සාගරෙන පරික්ඛිත්තං, චක්කංව පරිමණ්ඩලං; තතො තාත නිවත්තස්සු, මාස්සු එත්තො පරං ගමි.
3. පුතණුවනි, යම්දිනක සයුරෙන් වට වූ පිරිමඬුලු සහිත සකක් වැනි පොළොව කම්පා වන්නාක් ලෙස දනිහිද දරුව එතනින් නවතින්න. ඉන් ඔබ්බට නොයන්න.
“උදපත්තොසි වෙගෙන, බලී පක්ඛී දිජුත්තමො; ඔලොකයන්තො වක්කඞ්ගො, පබ්බතානි වනානි ච.
4. බලවත් වූ පියාපත් ඇති වක් වූ ගෙල ඇති ඒ පක්ෂි රාජයා පර්වතද වනපෙත්ද බලමින් වේගයෙන් අහසට පැන නැංගේය.
“අද්දස්ස පථවිං ගිජ්ඣො, යථාසාසි පිතුස්සුතං; සාගරෙන පරික්ඛිත්තං, චක්කංව පරිමණ්ඩලං.
5. යම් සේ පියාගෙන් අසන ලදද (එසේ) සයුරෙන් වට වූ සකක් මෙන් පිරිමඩුලු සහිත පොළොව ගිජුලිහිණියා දුටුවේය.
“තඤ්ච සො සමතික්කම්ම, පරමෙවච්චවත්තථ; තඤ්ච වාතසිඛා තික්ඛා, අච්චහාසි බලිං දිජං.
6. හෙතෙම එයද ඉක්මවා ඈතටම ගියේය. ඒ තියුණු වාසිළුව එම පක්ෂියා පැහැර ගත්තේය.
“නාසක්ඛාතිගතො පොසො, පුනදෙව නිවත්තිතුං; දිජො බ්යසනමාපාදි, වෙරම්භානං වසං ගතො.
7. පියා කියූ පමණ ඉක්මවූ පක්ෂියා නැවත පෙරළා ඒමට නොහැකි වූයේ වේරම්භ (දරුණු) සුළඟට හසුව විපතට පත්විය.
“තස්ස පුත්තා ච දාරා ච, යෙ චඤ්ඤෙ අනුජීවිනො; සබ්බෙ බ්යසනමාපාදුං, අනොවාදකරෙ දිජෙ.
8. පක්ෂියා අවවාද අනුව කටයුතු නොකළ කල්හි ඔහුගේ දරුවෝද භාර්යාවෝද සෙසු පිරිවරද යන හැම විපතට පත් වූහ.
“එවම්පි ඉධ වුඩ්ඪානං, යො වාක්යං නාවබුජ්ඣති; අතිසීමචරො දිත්තො, ගිජ්ඣොවාතීතසාසනො; ස වෙ බ්යසනං පප්පොති, අකත්වා වුඩ්ඪසාසන”න්ති.
9. එසේම මේ ලොව යමෙක් වැඩිහිටියන්ගේ වචනය වටහා නොගනීද සීමාව ඉක්මවා හැසිරේද හෙතෙම දෙන ලද අවවාද ඇත්තේ නමුත් අනුශාසනා ඉක්මවා ගිය ගිජුලිහිණියා මෙන් වැඩිහිටියන්ගේ අනුශාසනාවන් නොකර ඒකාන්තයෙන් විපතට පත්වෙයි.
තත්ථ පරිසඞ්කුපථොති සඞ්කුපථො. මනුස්සා හිරඤ්ඤසුවණ්ණත්ථාය ගච්ඡන්තා තස්මිං පදෙසෙ ඛාණුකෙ කොට්ටෙත්වා තෙසු රජ්ජුයො බන්ධිත්වා ගච්ඡන්ති, තෙන සො ගිජ්ඣපබ්බතෙ ජඞ්ඝමග්ගො “සඞ්කුපථො”ති වුච්චති. ගිජ්ඣපන්ථොති ගිජ්ඣපබ්බතමත්ථකෙ මහාමග්ගො. සනන්තනොති පොරාණො. තත්රාසීති තස්මිං ගිජ්ඣපබ්බතමත්ථකෙ සඞ්කුපථෙ එකො ගිජ්ඣො ආසි, සො ජිණ්ණකෙ මාතාපිතරො පොසෙසි. අජගරමෙදන්ති අජගරානං මෙදං. අච්චහාසීති අතිවිය ආහරි. බහුත්තසොති බහුසො. ජානං උච්චං පපාතිනන්ති “පුත්තො තෙ අතිඋච්චං ඨානං ලඞ්ඝතී”ති සුත්වා “උච්චෙ පපාතී අය”න්ති ජානන්තො. තෙජස්සින්ති පුරිසතෙජසම්පන්නං. දූරගාමිනන්ති තෙනෙව තෙජෙන දූරගාමිං. පරිප්ලවන්තන්ති උප්පලපත්තං විය උදකෙ උප්ලවමානං. විජානහීති විජානාසි. චක්කංව පරිමණ්ඩලන්ති යස්මිං තෙ පදෙසෙ ඨිතස්ස සමුද්දෙන පරිච්ඡින්නො ජම්බුදීපො චක්කමණ්ඩලංව පඤ්ඤායති, තතො තාත නිවත්තාහීති ඔවදන්තො එවමාහ.
එහි “පරිසංකූපථො” යනු උල්සහිත මාර්ගයයි. මිනිස්සු රන් රිදී සඳහා යන්නෝ ඒ ප්‍රදේශයෙහි උල් සිටුවා ඒවායේ රැහැන් බැඳ යති. එහෙයින් ඒ ගිජුකුළු පව්වෙහි අඩිපාර “සංකූපථ” යයි කියනු ලැබේ. “ගිජක්ධපන්ථො” යනු ගිජුකුළු පව්ව මත මහාමාර්ගයයි. “සනන්තනො” යනු පැරණිය. තත්රාසී යනු ඒ ගිජුකුළු පව්ව මත්තෙහි උල් සහිත මාර්ගයෙහි එක් ගිජුලිහිණියෙක් විය. හෙතෙම ජිණ්ණකෙ මාතාපිතරො පොසෙසි. අජගරං මේදං යනු පිඹුරු මස්හි චුරුණු තෙල්ය. අච්චහාසී යනු බොහෝ කොටගෙන ආයේය. බහුත්තතො යනු බොහෝකොටය. ජානං උච්චා පපාතිනං යනු පුත්‍රය, තොප ඉතා උස් තැන් ඉක්මවා පියඹා යතැයි අසා මෙතෙම උඩට පැමිණියේ යයි දන්නේ. තෙජස්සී යනු පුරිස ධෛර්යයෙන් යුක්තය. දූරගාමිනං යනු ඒ ධෛර්යයෙන් දුරට යන. පරිපලවන්තං යනු මානෙල් පතක් මෙන් ජලයෙහි කම්පා වන. විජානහී යනු දනුව. චක්කංච පරිමණ්ඩලං යනු යම් පෙදෙසක සිටියහුට මුහුදින් සීමා වූ දඹදිව සකක් මෙන් හැඟේද එතැනින් නවතුවයි අවවාද කරන්නේ මෙසේ කීය.
උදපත්තොසීති පිතු ඔවාදං අකත්වා එකදිවසං ගිජ්ඣෙහි සද්ධිං උප්පතිතො තෙ ඔහාය පිතරා කථිතට්ඨානං අගමාසි. ඔලොකයන්තොති තං ඨානං පත්වා හෙට්ඨා ඔලොකෙන්තො. වක්කඞ්ගොති වඞ්කගීවො. යථාසාසි පිතුස්සුතන්ති යථාස්ස පිතු සන්තිකා සුතං ආසි, තථෙව අද්දස, “යථාස්සාසී”තිපි පාඨො. පරමෙවච්චවත්තථාති පිතරා අක්ඛාතට්ඨානතො පරං අතිවත්තොව. තඤ්ච වාතසිඛා තික්ඛාති තං අනොවාදකං බලිම්පි සමානං දිජං තිඛිණවෙරම්භවාතසිඛා අච්චහාසි අතිහරි, චුණ්ණවිචුණ්ණං අකාසි. නාසක්ඛාතිගතොති නාසක්ඛි අතිගතො. පොසොති සත්තො. අනොවාදකරෙති තස්මිං දිජෙ පණ්ඩිතානං ඔවාදං අකරොන්තෙ සබ්බෙපි තෙ මහාදුක්ඛං පාපුණිංසු. අකත්වා වුඩ්ඪසාසනන්ති වුඩ්ඪානං හිතකාමානං වචනං අකත්වා එවමෙව බ්යසනං මහාදුක්ඛං පාපුණාති. තස්මා ත්වං භික්ඛු මා ගිජ්ඣසදිසො භව, අත්ථකාමානං වචනං කරොහීති. සො සත්ථාරා එවං ඔවදිතො තතො පට්ඨාය සුවචො අහොසි.
උද්ධං පත්තොසි යනු පියාගේ වචනය නොකර එක් දවසක ගිජුළිහිනියන් සමග ඉගිලුනේ පියා විසින් කියන ලද තැන ඉක්මවා ගියේය. ඔලොකයන්තො වක්කද්ධගො යනු ඒ තැන යට බලන්නේ නැමුණු බෙල්ල ඇත්තේ. යථා සාසි පිතුස්සුතං යනු යම්සේ ඔහුගේ පියා සමීපයෙහි අසන ලදද එසේම දුටුවේය. යථාස්සාසී යනු හෝ පදයි. පරම මෙව පවත්ත යනු පියා විසින් කියන ලද තැනින් ඈතට ගියේය. තඤ්චවාතසිඛාතික්ඛා යනු අවවාද අනුව කටයුතු නොකරන බිලියක් සමාන වූ ඒ පක්ෂියා තියුණු වේරම්භ වා සිළුවෙන්. අච්චහාසි යනු පැහැර ගත්තේය. සුනුවිසුණු කළේය. නා සක්ඛාතිගතො යනු ඉක්මවා ගියහු (පෙරළා ඒමට) නොහැකි විය. පොසො යනු සත්වයා අනොවාදකරෙ යනු එම පක්ෂියා පණ්ඩිතයන්ගේ අවවාදය නොකරන කල්හි ඒ සියල්ලෝම මහා දුකකට පත් වූහ. අකත්වා වුද්ධ සාසනං යනු වැඩිහිටි හිතකාමීන්ගේ වචනය නොකර මෙලෙස මහා දුකකට පත්වෙයි. භික්ෂුව එහෙයින් ඔබ ගිජුලිහිණියා හා සමාන නොවෙව. වැඩ කැමැත්තන්ගේ වචනය කරවයි. ශාස්තෘන් වහන්සේ විසින් මෙසේ අවවාද කරන ලද හෙතෙම එතැන් පටන් සුවච වීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා දුබ්බචගිජ්ඣො එතරහි දුබ්බචභික්ඛු අහොසි, ගිජ්ඣපිතා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේද මෙම ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක පෙරපර සන්ධි ගලපා වදාළ සේක. එකල අකීකරු ගිජුලිහිණියා මෙකල අකීකරු භික්ෂුව විය. ගිජුලිහිණියාගේ පියා මම ම වීමි යනුවෙන් වදාළ සේක.
ගිජ්ඣජාතකවණ්ණනා පඨමා.