10. දීපිජාතකවණ‍්ණනා 426 අට‍්ඨකථා
10. දීපිජාතකවණ‍්ණනා (426)
10. දීපි ජාතකය (426)
ඛමනීයං යාපනීයන‍්ති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො එකං එළිකං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි සමයෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො ගිරිපරික‍්ඛිත‍්තෙ එකද‍්වාරෙ ගිරිබ‍්බජසෙනාසනෙ විහාසි. ද‍්වාරසමීපෙයෙවස‍්ස චඞ‍්කමො අහොසි. තදා එළකපාලකා “එළකා එත්‍ථ චරන‍්තූ”ති ගිරිබ‍්බජං පවෙසෙත්‍වා කීළන‍්තා විහරන‍්ති. තෙසු එකදිවසං සායං ආගන‍්ත්‍වා එළකෙ ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙසු එකා එළිකා දූරෙ චරමානා එළකෙ නික‍්ඛමන‍්තෙ අදිස‍්වා ඔහීයි. තං පච‍්ඡා නික‍්ඛමන‍්තිං එකො දීපිකො දිස‍්වා “ඛාදිස‍්සාමි න”න‍්ති ගිරිබ‍්බජද‍්වාරෙ අට‍්ඨාසි. සාපි ඉතො චිතො ච ඔලොකෙන‍්තී තං දිස‍්වා “එස මං මාරෙත්‍වා ඛාදිතුකාමතාය ඨිතො, සචෙ නිවත‍්තිත්‍වා පලායිස‍්සාමි, ජීවිතං මෙ නත්‍ථි, අජ‍්ජ මයා පුරිසකාරං කාතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා සිඞ‍්ගානි උක‍්ඛිපිත්‍වා තස‍්ස අභිමුඛං වෙගෙන පක‍්ඛන්‍දිත්‍වා දීපිකස‍්ස “ඉතො ගණ‍්හිස‍්සාමි, ඉතො ගණ‍්හිස‍්සාමී”ති විප‍්ඵන්‍දතොව ගහණං අනුපගන‍්ත්‍වා වෙගෙන පලායිත්‍වා එළකානං අන‍්තරං පාවිසි. අථ ථෙරො තං තෙසං කිරියං දිස‍්වා පුනදිවසෙ ගන‍්ත්‍වා තථාගතස‍්ස ආරොචෙත්‍වා “එවං භන‍්තෙ, සා එළිකා අත‍්තනො උපායකුසලතාය පරක‍්කමං කත්‍වා දීපිකතො මුච‍්චී”ති ආහ. සත්‍ථා “මොග‍්ගල‍්ලාන, ඉදානි තාව සො දීපිකො තං ගහෙතුං නාසක‍්ඛි, පුබ‍්බෙ පන නං විරවන‍්තිං මාරෙත්‍වා ඛාදී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.
‘ඛමනීයං යාපනීයං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක්, එක් එළු දෙනක නිමිති කොටගෙන වදාළ සේක. කිසියම් කාලයක මහ මුගලන් තෙරුන් වහන්සේ පර්වත වළල්ලකින් වට වූ, එක් දොරක් ඇති පර්වත මණ්ඩල සේනාසනයක වැඩ විසූ සේක. එහි දොරටුව සමීපයෙහිම තෙරුන්ගේ සක්මන් මලුව විය. එකල එළුපල්ලෝ පිරිසක් එළුවන් ගෙන, උන්ට තණ කැවීම පිණිස, උන් පර්වත වළල්ල ඇතුලට දක්කා, ඉන් අනතුරුව ඔවුහු ක්‍රීඩාශීලීව තැන තැන හැසිරුණහ. කිසියම් දවසක ඉතා හවස් වී පැමිණුනු ඒ එළුපල්ලෝ එළුවන් රැස්කොට, නැවත උන් ගම වෙත දක්කාගෙන යාම සඳහා, පර්වත වළල්ලෙන් පිටතට එළුවන් දැක්කූහ. මේ අතර එක් එළුදෙනක් පර්වත මඬුල්ලේ කෙළවර, කිසියම් තැනෙක කොළ කමින් සිටියාය. එළුපල්ලෝ ඒ වගක් නොදැන, සෙසු එළුවන් දක්කාගෙන යන්නට පටන් ගත්හ. සෙසු එළුවන් දක්නට නොමැති තැනදී, ඉහත කී එළුදෙන එළුවන් ගිය මග ඉව අල්ලමින්, පර්වත මඬුල්ලෙන් ඉවතට යන්නට, එහි දොරටුව වෙතට පැමිණියාය. මේ අතර තනි වූ ඇය අල්ලා කනු රිසියෙන්, මාන බලමින් පසු වූ එක් දිවියෙක් එකී දොරටුව අබියස සැඟව සිටියේය. එළුදෙන ද, ඔබ-මොබ බලමින් දොරටුවෙන් නික්මෙන්නට පැමිණ, පඳුරු අතරේ සැඟවී හුන් දිවියා දැක, ‘මොහු මේ සිටිනුයේ එකත් එකට ම මා මරා කනු සඳහා යැයි, තේරුම් ගෙන, ‘ඉදින් මම ආපසු හැරී දුවන්නට සැරසුණහොත්, එවිට මාගේ ජීවිතය නොරැඳේ. ඒකාන්තයෙන්ම දිවියා සමග තරගයට දිවැ යන්නට මට නොහැකි බැවින්. එබැවින් අද මෙහි දී මා විසින් පුරුෂ ධෛර්යය උපදවා ගැනීම කළයුතු යැ’යි සිතා, සිය අං යුවල උස්සා දිවියාගේ ඉදිරියට, මහත් වූ වේගයෙන් පැන්නාය. මෙයින් හැකුළුණු දිවියා මඳක් පසුපසට ගොස්, එළුදෙන අල්ලා ගන්නට උත්සාහයක් දැරූ නමුත්, එය අසාර්ථක විය. දිවියාගේ ග්‍රහණයට හසු නොවූ එළුදෙන, වේගයෙන් පලාගොස්, එළු රැළ අතරට එකතු වූවාය. මුගලන් තෙරණුවෝ ඔවුන්ගේ ක්‍රියාව බලා සිට, පසුදා බුදුරදුන් හමුවට ගොස්, ඒ සියලු විස්තර උන්වහන්සේ හමුවෙහි පැහැදිලි කොට කියා ‘ස්වාමීනි, මෙසේ මේ එළුදෙන ස්වකීය උපාය කුසලතාවත්, පරාක්‍රමයත් නිසාම, දිවියාගෙන් මිදුණා යැ’යි කීහ. එවිට බුදුරජාණන් වහන්සේ ‘මොග්ගල්ලානය, මෙදා ඇය දිවියාගෙන් මිදුනා ය. දිවියාටද, ඈ අල්ලා ගැනීමට නොහැකි විය. එහෙත් අතීතයේ දී ඇය විලාප කියමින් කෑ ගසද්දීම, කිසිදු අනුකම්පාවකින් තොරව දිවියා ඈ මරා කෑවේ යැ’යි වදාරා, මුගලන් තෙරුන්ගේ අයැදුමෙන්, මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
අතීතෙ මගධරට‍්ඨෙ බොධිසත‍්තො එකස‍්මිං ගාමෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො කාමෙ පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා චිරං හිමවන‍්තෙ වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය රාජගහං ගන‍්ත්‍වා එකස‍්මිංයෙව ගිරිබ‍්බජෙ පණ‍්ණසාලං මාපෙත්‍වා වාසං කප‍්පෙසි. තදා ඉමිනාව නියාමෙන එළකපාලකෙසු එළකෙ චරන‍්තෙසු එකදිවසං එවමෙව එකං එළිකං පච‍්ඡා නික‍්ඛමන‍්තිං දිස‍්වා එකො දීපිකො “ඛාදිස‍්සාමි න”න‍්ති ද‍්වාරෙ අට‍්ඨාසි. සාපි තං දිස‍්වා “අජ‍්ජ මය‍්හං ජීවිතං නත්‍ථි, එකෙනුපායෙන ඉමිනා සද‍්ධිං මධුරපටිසන්‍ථාරං කත්‍වා හදයමස‍්ස මුදුකං ජනෙත්‍වා ජීවිතං රක‍්ඛිස‍්සාමී”ති චින‍්තෙත්‍වා දූරතොව තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කරොන‍්තී ආගච‍්ඡමානා පඨමං ගාථමාහ –
පෙර මගධ රටෙහි කිසියම් ගම්මානයක මහත් සම්පත් ඇති කුල ගෙදරක උපත ලැබූ අප බෝසත් තෙමේ, නිසි වියට පත්ව, කම්සැප හැර දමා, සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්‍යාන හා අභිඥා උපදවාගෙන, බොහෝ කලක් හිමාල වනයෙහි වාසය කෙළේය. කලකට පසු ලුණු ඇඹුල් සේවනය කිරීම සඳහා රජගහ නුවරට පැමිණි එතුමා, වර්තමාන කථාවෙහි සඳහන් වූ පර්වත වළල්ලකින් වටකරන ලද, ඒ පර්වත මණ්ඩලයෙහිම අසපුවක් තනාගෙන, වාසය කෙළේය. එකලද වර්තමාන කථාවෙහි දැක්වූ පරිද්දෙන්, එළුපල්ලෝ එළුවන් රැගෙන ඒ පර්වත මඬුල්ලෙහි එළුවන්ට තණ කැවීම පිණිස පැමිණෙති. දිනක් ඒ එළුවන් අතර සිටි එක් එළු දෙනක පර්වත මඬුල්ලේ ඈත කෙළවරක තණ කමින් සිටි අතර, එළුපල්ලෝ ඒ බවක් නොදැන, සෙසු එළුවන් දක්කාගෙන, ගෙවල් බලා ගියහ. සෙසු එළුවන් ළඟපාතක නැති බව තේරුම් ගත් එළුදෙන, උන් ගිය මග ඉව කරමින්, පර්වත වළල්ලේ දොරටුව වෙත එළඹුණාය. ඒ දුටු එක් දිවියෙක්, එළුදෙන අල්ලාගෙන කනු රිසියෙන්, දොරටුව අබියස සැඟව බලා සිටියේය. දොරටුවට සමීප වූ එළුදෙන දිවියා දැක, ‘අද මාගේ ජීවිතය කම්මුතුයැ’යි සිතා, ‘කිසියම් උපායකින් මේ දිවියා සමග මිහිරි කථාබහකට සම්බන්ධ වී, දිවියාගේ හදවත මෘදු බවට පත්කොට මම මාගේ ජීවිතය රැක ගන්නෙමි’යි මැනවින් සිතා බලා ඈත තියා ම, දිවියා සමග පිළිසඳර කථා කරමින් ඉදිරියට එන ගමන්ම, මෙසේ පැවසුවාය.
“ඛමනීයං යාපනීයං, කච්චි මාතුල තෙ සුඛං; සුඛං තෙ අම්මා අවච, සුඛකාමාව තෙ මය”න‍්ති.
ඛමණීයං යාපනීයං කච්චි මාතුල තෙ සුඛං, සුඛං තෙ අම්මා අවච - සුඛ කාමාභි තෙ මයන්ති
මාමේ, ඔබේ සැප සනීප කෙසේද? ඉවසිය හැකිද? යැපිය හැකිද? අපි ඔබේ සැප කැමැත්තෝ වෙමු. (මගේ) අම්මත්, ඔබේ සැප ගැන විචාළාය.
තත්‍ථ සුඛං තෙ අම‍්මාති මය‍්හං මාතාපි “තුම‍්හාකං සුඛං පුච‍්ඡෙය්‍යාසී”ති අජ‍්ජ මං අවචාති අත්‍ථො. මයන‍්ති මාතුල මයම‍්පි තුම‍්හාකං සුඛං එව ඉච‍්ඡාමාති.
මෙහි ‘සුඛං තෙ අම්මා’ යනු ‘මගේ මවත් ඔබේ සැප ගැන, අද මගෙන් විමසුවාය’ යන අර්ථයි. ‘මයං’ යනු ‘මාමේ, අපි ඔබේ සුවයම කැමැත්තෙමු’ යන අර්ථයි.
තං සුත්‍වා දීපිකො “අයං ධුත‍්තිකා මං මාතුලවාදෙන වඤ‍්චෙතුකාමා, න මෙ කක‍්ඛළභාවං ජානාතී”ති චින‍්තෙත්‍වා දුතියං ගාථමාහ –
එළුදෙනගේ කථාව ඇසූ දිවියා ‘මේ කපටි එළුදෙන මට මාමා ය, කියා කථාකොට මා රැවටීමට කැමැත්තීය. ඈ මාගේ නපුරුකම් නොදන්නා බව හැඟේ යැ’යි සිතා මෙසේ පැවසීය.
“නඞ‍්ගුට‍්ඨං මෙ අවක‍්කම‍්ම, හෙඨයිත්‍වාන එළිකෙ; සාජ‍්ජ මාතුලවාදෙන, මුඤ‍්චිතබ‍්බා නු මඤ‍්ඤසී”ති.
2. එළිච්චිය, මාගේ නඟුට පාගාගෙන, මා වෙහෙසට පත්කොට මාමා යැයි කථා කිරීමෙන් නුඹට අද මිදිය හැකි යැ’යි, නුඹ සිතන්නෙහිද?
තස‍්සත්‍ථො – ත්‍වං මම නඞ‍්ගුට‍්ඨමණ‍්ඩලං අක‍්කමිත්‍වා හෙඨයිත්‍වා ආගච‍්ඡසි, සා ත්‍වං “අජ‍්ජ මාතුලවාදෙන මුඤ‍්චිතබ‍්බාහමස‍්මී”ති මඤ‍්ඤසි නු, එවං මඤ‍්ඤසි මඤ‍්ඤෙති.
‘නුඹ මාගේ වලිගය සමීපය පාගාගෙන, මා වෙහෙසට පත්කොට එන්නෙහිද? ඒ නුඹ අද ‘මාමා යැ’යි කථා කිරීමෙන්, මම මිදිය යුතු වෙමි’යි, සිතන්නෙහිද? නුඹ එසේ සිතන බව මට හැඟේය’ යන අර්ථයි.
තං සුත්‍වා ඉතරා “මාතුල, මා එවං කරී”ති වත්‍වා තතියං ගාථමාහ –
දිවියාගේ මේ කථාවෙන් පසු එළුදෙන, ‘මාමේ, එසේ නොකියනු මැනවැ’යි, පවසා මේ ගාථාව කීවාය.
“පුරත්‍ථාමුඛො නිසින‍්නොසි, අහං තෙ මුඛමාගතා; පච‍්ඡතො තුය‍්හං නඞ‍්ගුට‍්ඨං, කථං ඛ‍්වාහං අවක‍්කමි”න‍්ති.
3. (ඔබ) පෙරදිගට මුහුණ ලා හිඳින්නෙහිය. මම ඔබේ ඉදිරියට පැමිණියෙමි. නඟෞට ඇත්තේ පසුපසිනි. මම එය කෙසේ පාගම්ද?
තත්‍ථ මුඛන‍්ති අභිමුඛං. කථං ඛ‍්වාහං අවක‍්කමින‍්ති තව පච‍්ඡතො ඨිතං අහං කථං අවක‍්කමින‍්ති අත්‍ථො.
මෙහි ‘මුඛං’ යනු ‘ඉදිරියෙහි’ යන අර්ථයි. ‘කථං ඛොහං’ යනු ‘ඔබේ පසුපසින් ඇති වලිගය මම කෙසේනම් පාගන්නෙම්ද? යන අර්ථයි.
අථ නං සො “කිං කථෙසි එළිකෙ, මම නඞ‍්ගුට‍්ඨස‍්ස අට‍්ඨිතට‍්ඨානං නාම නත්‍ථී”ති වත්‍වා චතුත්‍ථං ගාථමාහ –
එවිට දිවියා ‘එළිච්චිය, තී කුමක් කියෙහිද? මගේ නගුට නැති තැනක් නැතැ’යි කියා, මෙසේ ද පැවසීය.
“යාවතා චතුරො දීපා, සසමුද‍්දා සපබ‍්බතා; තාවතා මය‍්හං නඞ‍්ගුට‍්ඨං, කථං ඛො තං විවජ‍්ජයී”ති.
4. සමුදුර සහිත, පර්වත සහිත, සිවුමහා දිවයින් යම්තාක් ද? මාගේ වලිගය ඒ තාක් (ව්‍යාප්ත) ය. නුඹ එය කෙසේ නම් මගහරීද?
තත්‍ථ තාවතාති එත‍්තකං ඨානං මම නඞ‍්ගුට‍්ඨං පරික‍්ඛිපිත්‍වා ගතන‍්ති වදති.
මෙහි ‘තාවතා’ යනු ‘මගේ නඟුට මෙතෙක් තැන් වටකොට ගියේ යැ’යි කියයි’ යන අර්ථයි.
තං සුත්‍වා එළිකා “අයං පාපො මධුරකථාය න අල‍්ලීයති, පටිසත‍්තු හුත්‍වා තස‍්ස කථෙස‍්සාමී”ති වත්‍වා පඤ‍්චමං ගාථමාහ –
දිවියාගේ මේ කථාව ඇසූ එළුදෙන, ‘මේ පව්කාරයා මිහිරි කථාවක නොඇලෙන්නෙකි. එබැවින් දැන් මම මොහුට විරුද්ධව කථා කොට බලන්නෙමැ’යි සිතා, මෙසේ පැවසුවාය.
“පුබ‍්බෙව මෙතමක‍්ඛිංසු, මාතා පිතා ච භාතරො; දීඝං දුට‍්ඨස‍්ස නඞ‍්ගුට‍්ඨං, සාම‍්හි වෙහායසාගතා”ති.
5. ‘දුෂ්ටයාගේ නඟුට දිග යැ’ යන මේ කාරණය මවුපියෝ ද, සොයුරෝ ද, පෙර දී ම කීහ. (එබැවින්) ඒ මම අහසින් පැමිණියේ වෙමි.
තත්‍ථ අක‍්ඛිංසූති පුබ‍්බෙව මෙ එතං මාතා ච පිතා ච භාතරො ච ආචික‍්ඛිංසු. සාම‍්හීති සා අහං ඤාතකානං සන‍්තිකා තව නඞ‍්ගුට‍්ඨස‍්ස දීඝභාවං සුත්‍වා තව නඞ‍්ගුට‍්ඨං පරිහරන‍්තී වෙහායසා ආකාසෙන ආගතාති.
මෙහි ‘අක්ඛංසු’ යනු ‘මව ද, සොයුරෝ ද, මේ කාරණය මට මුලදීම කීහ’ යන අර්ථයි. ‘සම්හි’ යනු ‘ඒ මම නෑයින්ගෙන් ඔබේ නඟුටේ දික් බව අසා, නඟුට මගහරිමින් අහසින් පැමිණියෙමි’ යන අර්ථයි.
අථ නං සො “ජානාමි තෙ අහං ආකාසෙන ආගතභාවං, එවං ආගච‍්ඡන‍්තී පන මය‍්හං භක‍්ඛෙ නාසෙත්‍වා ආගතාසී”ති වත්‍වා ඡට‍්ඨං ගාථමාහ –
ඉක්බිති දිවියා ‘එළිච්චිය, මම නුඹ ගැන දනිමි. තී අහසින් පැමිණි බව ද, දනිමි. මෙසේ පැමිණෙන තී මගේ ආහාරය වනසා දමා පැමිණියා නොවේ දැ’යි, දොස් තබා මෙසේ ද කීයේය.
“තඤ‍්ච දිස‍්වාන ආයන‍්තිං, අන‍්තලික‍්ඛස‍්මි එළිකෙ; මිගසඞ‍්ඝො පලායිත්‍ථ, භක‍්ඛො මෙ නාසිතො තයා”ති.
6. එළිච්චිය, අහසින් එන තී දැක, මුව සමූහයා පැන ගියහ. (එයින්) මාගේ ආහාරය, තී විසින් නැතිකරන ලදි.
තං සුත්‍වා ඉතරා මරණභයභීතා අඤ‍්ඤං කාරණං ආහරිතුං අසක‍්කොන‍්තී “මාතුල, මා එවරූපං කක‍්ඛළකම‍්මං කරි, ජීවිතං මෙ දෙහී”ති විලපි. ඉතරොපි නං විලපන‍්තිඤ‍්ඤෙව ඛන්‍ධෙ ගහෙත්‍වා මාරෙත්‍වා ඛාදි.
මේ අභූත චෝදනාව ඇසූ එළුදෙන, මරණ භයෙන් බිය පත්ව, වෙනත් කිසිදු කාරණයක් කියාගත නොහැකිව, ‘මාමේ, මෙබඳු බිහිසුණු කටයුතු නොකරනු මැනව. මට අභය දානය දෙනු මැනවැ’යි කියමින් වැලපුනාය. එවිට දිවියා මෙසේ වැලපෙන එළුදෙන එකපාරටම සිය ග්‍රහණයට ගෙන, ඈ විලාප තියද්දීම, මරාගෙන කෑවේය. පසුකලෙක මේ සිද්ධිය සම්බන්ධයෙන් බුදුරදුන් වදාළ ගාථා දෙකක් පහත පළ වේ.
“ඉච‍්චෙවං විලපන‍්තියා, එළකියා රුහග‍්ඝසො; ගලකං අන්‍වාවමද‍්දි, නත්‍ථි දුට‍්ඨෙ සුභාසිතං.
7. රුධිරය පානය කරන (දිවියා) මෙසේ වැලපෙන එළුදෙනගේ ගෙල ඩැහැ ගත්තේය. දුෂ්ටයාට යහපත් වචන වලංගු නැත.
“නෙව දුට‍්ඨෙ නයො අත්‍ථි, න ධම‍්මො න සුභාසිතං; නික‍්කමං දුට‍්ඨෙ යුඤ‍්ජෙථ, සො ච සබ‍්භිං න රඤ‍්ජතී”ති. –
8. දුෂ්ටයාට නීතියක්, ධර්මයක්, සත්‍ය වචනයක් (කියා දෙයක්) නැත. ඔහු සත්පුරුෂයන් ප්‍රිය නොකරයි. එබැවින් දුෂ්ටයා වෙතින් ඉවත්වීමට උත්සාහ කරන්න.
ඉමා ද‍්වෙ අභිසම‍්බුද‍්ධගාථා –
තත්‍ථ රුහග‍්ඝසොති රුහිරභක‍්ඛො ලොහිතපායී සාහසිකදීපිකො. ගලකං අන්‍වාවමද‍්දීති ගීවං මද‍්දි, ඩංසිත්‍වා ඵාලෙසීති අත්‍ථො. නයොති කාරණං. ධම‍්මොති සභාවො. සුභාසිතන‍්ති සුකථිතවචනං, සබ‍්බමෙතං දුට‍්ඨෙ නත්‍ථීති අත්‍ථො. නික‍්කමං දුට‍්ඨෙ යුඤ‍්ජෙථාති භික‍්ඛවෙ, දුට‍්ඨපුග‍්ගලෙ පරක‍්කමමෙව යුඤ‍්ජෙය්‍ය. සො ච සබ‍්භිං න රඤ‍්ජතීති සො පන පුග‍්ගලො සබ‍්භිං සුන්‍දරං සුභාසිතං න රඤ‍්ජති, න පියායතීති අත්‍ථො. තාපසො තෙසං කිරියං සබ‍්බං අද‍්දස.
මෙහි ‘රුහංඝසො’ යනු ‘රුධිරය භක්‍ෂණය කරන, ලේ බොන සාහසික දිවියා’ යන අර්ථයි. ‘ගලකං අන්‍වාවමද්දි’ යනු ‘ගෙල මැඩ, ඩැහැගෙන ඉරා දැමීය’ යන අර්ථයි. ‘නයො’ යනු ‘කාරණය’යි. ‘ධම්මො’ යනු ‘සද් භාවයයි. ‘සුභාසිතං’ යනු ‘මැනවින් කියන ලද වචනය යි. ‘මේ සියල්ල දුෂ්ටයා කෙරෙහි නැත’ යන අර්ථයි. ‘නික්කමං දුට්ඨෙ යුජ්ජෙථ’ යනු ‘මහණෙනි, දුෂ්ටයා වෙතින් ඉවත්වීමට උත්සාහ දරවු’ යන අර්ථයි. ‘සො ච සබ්හි න රජ්ජති’ යනු ‘ඒ පුද්ගලයා වනාහි, සත් පුරුෂයන් ද, යහපත් වූ සොඳුරු වචන ද ඇලුම් නොකරයි. ප්‍රිය නොකරයි.’ යන අර්ථයි. දිවියාත් එළුදෙනත් අතර වූ සංවාදය ද, ඉන් අනතුරුව එළුදෙනට සිදුවූ විපත ද යන මේ සියල්ල තවුසා බලා සිටියේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා එළිකාව එතරහි එළිකා අහොසි, දීපිකොපි එතරහි දීපිකොව, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. එදා එළුදෙන නම්, මෙදා මේ එළුදෙනමය. එදා දිවියා නම්, මෙදා මේ දිවියාමය. තවුසා වූ කලී, මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
දීපිජාතකවණ‍්ණනා දසමා.
කච්චානි වර්ගය යි.
ජාතකුද‍්දානං –
කච‍්චානී අට‍්ඨසද‍්දඤ‍්ච, සුලසා ච සුමඞ‍්ගලං; ගඞ‍්ගමාලඤ‍්ච චෙතියං, ඉන්‍ද්‍රියඤ‍්චෙව ආදිත‍්තං; අට‍්ඨානඤ‍්චෙව දීපි ච, දස අට‍්ඨනිපාතකෙ.
අට‍්ඨකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.
අට්ඨක නිපාත වර්ණනාව නිමියේය.