9. අට්ඨානජාතකවණ්ණනා 425 අට්ඨකථා
9. අට්ඨානජාතකවණ්ණනා (425)
9. අට්ඨාන ජාතකය (425)
ගඞ්ගා කුමුදිනීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. තඤ්හි භික්ඛුං සත්ථා “සච්චං කිර ත්වං භික්ඛු උක්කණ්ඨිතොසී”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “කිංකාරණා”ති වත්වා “කිලෙසවසෙනා”ති වුත්තෙ “භික්ඛු මාතුගාමො නාම අකතඤ්ඤූ මිත්තදුබ්භී අවිස්සාසනීයො. අතීතෙ පණ්ඩිතා දෙවසිකං සහස්සං දෙන්තාපි මාතුගාමං තොසෙතුං නාසක්ඛිංසු. සා එකදිවසමත්තං සහස්සං අලභිත්වාව තෙ ගීවායං ගාහාපෙත්වා නීහරාපෙසි , එවං අකතඤ්ඤූ මාතුගාමො, මා තස්ස කාරණා කිලෙසවසං ගච්ඡා”ති වත්වා අතීතං ආහරි.
‘ගංගාකුමුදුනී’ යන මේ ගාථා කොටස අයත් ජාතක කතා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, සිත කලකිරුණු එක් භික්ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්ෂුව ළඟට කැඳවා ගත් බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ කලකිරුණෙහිය, යනු සැබෑවක්දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එය සැබෑවකි.’ ‘මහණ, කුමන කරුණක් නිසා කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, කාන්තාවක් දැක ඈ ගැන ආශාවක් ඇතිවීමෙනි.’ ‘මහණ, ස්ත්‍රීහු නම් අකෘතඥය. මිත්‍රද්‍රෝහී ය. විශ්වාස නොකොට හැක්කෝය. පෙර විසූ පඬිවරු පවා, දිනපතා කහවණු දහසක් දීමෙන්වත්, කාන්තාවක පෝෂණය කරන්නට අපොහොසත් වූවාහුය. එසේ මුදල් ලබාගත් ඒ කාන්තාවම, එකම එක දවසක්, දහසක මුදල රැගෙන එන්නට අමතක වීම නිසා, පුරුෂයාගේ බෙල්ලෙන් අල්ලා, ගෙයින් එළියට ඇද දැමුවාය. මෙසේ ස්ත්‍රීහු අකෘතඥ වූවෝ වෙති. එබැවින් කාන්තාවන් නිමිති කොටගෙන, ආශාවන්ගේ වසඟයට නොයව’යි, කී බුදුරජාණන් වහන්සේ ඊට අදාළ මේ අතීත කතාව, මෙසේ දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ තස්ස ච පුත්තො බ්රහ්මදත්තකුමාරො, බාරාණසිසෙට්ඨිනො ච පුත්තො මහාධනකුමාරො නාම. තෙ උභොපි සහපංසුකීළකා සහායකා අහෙසුං, එකාචරියකුලෙයෙව සිප්පං ගණ්හිංසු. රාජකුමාරො පිතු අච්චයෙන රජ්ජෙ පතිට්ඨාසි, සෙට්ඨිපුත්තොපිස්ස සන්තිකෙයෙව අහොසි. බාරාණසියඤ්ච එකා නගරසොභිණී වණ්ණදාසී අභිරූපා අහොසි සොභග්ගප්පත්තා. සෙට්ඨිපුත්තො දෙවසිකං සහස්සං දත්වා නිච්චකාලෙ තායෙව සද්ධිං අභිරමන්තො පිතු අච්චයෙන සෙට්ඨිට්ඨානං ලභිත්වාපි න තං විජහි, තථෙව දෙවසිකං සහස්සං දත්වා අභිරමි. සෙට්ඨිපුත්තො දිවසස්ස තයො වාරෙ රාජුපට්ඨානං ගච්ඡති. අථස්ස එකදිවසං රාජුපට්ඨානං ගතස්ස රඤ්ඤා සද්ධිං සමුල්ලපන්තස්සෙව සූරියො අත්ථඞ්ගමි, අන්ධකාරං ජාතං. සො රාජකුලා නික්ඛමිත්වා “ඉදානි ගෙහං ගන්ත්වා ආගමනවෙලා නත්ථි, නගරසොභිණියායෙව ගෙහං ගමිස්සාමී”ති උපට්ඨාකෙ උය්යොජෙත්වා එකකොව තස්සා ගෙහං පාවිසි. අථ නං සා දිස්වා “අය්යපුත්ත, සහස්සං ආභත”න්ති ආහ. “භද්දෙ, අහං අජ්ජෙව අතිවිකාලො ජාතො, තස්මා ගෙහං අගන්ත්වා මනුස්සෙ උය්යොජෙත්වා එකකොව පවිට්ඨොස්මි, ස්වෙ පන තෙ ද්වෙ සහස්සානි දස්සාමී”ති.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය විචාළේය. රජුගේ පුත්‍රයා ‘බ්‍රහ්මදත්ත කුමාරයා’ නම් විය. බරණැස් සිටුතුමාගේ පුත්‍රයා, මහධන කුමාරයා’ නම් විය. මේ කුමාරවරු දෙදෙනා ම වැලිකෙළියේ පටන්, දැඩි මිත්‍රයෝ වූහ. එකම ඇදුරුතුමකුගෙන් ශාස්ත්‍රය හදාළ මේ දෙදෙනා, ශිල්ප උගෙනීමද, එකටම කළහ. බඹදත් කුමරා තරුණ වියේදීම, සිය පියරජුගේ අභාවයෙන් පසු, අගරජ තනතුරට පත්ව, රාජ්‍යය විචාළේය. ඉහත කී සිටු පුත්‍රයා ද, පෙර සිට පැවත ආ, මිතුදම නිසා, නිතර රජු සමීපයෙහිම, වාසය කෙළේය. බරණැස් නුවර, එවකට රට පුරා ප්‍රසිද්ධියක් ඉසිලූ, නගර සෝභිනියක් වූවාය. ගණිකාවක් වන ඈ අතිශයින් සුරූපී තැනැත්තියක් ද, සියලු සම්පතින් ආඪ්‍ය ධනවතියක් ද වූවාය. සිටු පුත්‍රයා ඇයට, දිනපතා කහවණු දහසක් ගෙවා, නිරතුරුව ඈ සමග සතුටුවෙමින් කල්ගත කිරීම, පුරුද්දක් කොට ගත්තේය. සිය පියාගේ ඇවෑමෙන් බරණැස් නුවර ප්‍රධාන සිටු තනතුරට, ඔහු හිමිකම් කී නමුත්, නගර සෝභිනියගෙන් මිදෙන්නට තරම්, මානසික ශක්තියක් උපදවා ගැනීමට අපොහොසත් වූයේය. මහසිටුවරයා වීමෙන් පසුද, ඔහු දිනපතා කහවණු දහසක පොදියක් ද රැගෙන, ඇය හා සතුටු වනු රිසින්, ඈ වෙතට ගියේය. මහසිටුතුමාට මොනතරම් කටයුතු යෙදී තිබුණ මුත්, කෙසේ හෝ දිනකට දෙතුන්වරක්, සිය මිත්‍රයා වන රජතුමා මුණ ගැසීමට ද, නොවරදවා ම රජමැදුරට යයි.
සා චින්තෙසි “සචාහං අජ්ජ ඔකාසං කරිස්සාමි, අඤ්ඤෙසුපි දිවසෙසු තුච්ඡහත්ථකොව ආගමිස්සති, එවං මෙ ධනං පරිහායිස්සති, න දානිස්ස ඔකාසං කරිස්සාමී”ති. අථ නං එවමාහ “සාමි, මයං වණ්ණදාසියො නාම, අම්හාකං සහස්සං අදත්වා කෙළි නාම නත්ථී”ති. “භද්දෙ, ස්වෙ දිගුණං ආහරිස්සාමී”ති පුනප්පුනං යාචි. නගරසොභිණී දාසියො ආණාපෙසි “එතස්ස ඉධ ඨත්වා මං ඔලොකෙතුං මා අදත්ථ, ගීවායං තං ගහෙත්වා නීහරිත්වා ද්වාරං පිදහථා”ති. තං සුත්වා දාසියො තථා කරිංසු. අථ සො චින්තෙසි “අහං ඉමාය සද්ධිං අසීතිකොටිධනං ඛාදිං, සා මං එකදිවසං තුච්ඡහත්ථං දිස්වා ගීවායං ගහෙත්වා නීහරාපෙසි, අහො මාතුගාමො නාම පාපො නිල්ලජ්ජො අකතඤ්ඤූ මිත්තදුබ්භී”ති. සො මාතුගාමස්ස අගුණං අනුස්සරන්තොව විරජ්ජි, පටිකූලසඤ්ඤං පටිලභි, ඝරාවාසෙපි උක්කණ්ඨිතො “කිං මෙ ඝරාවාසෙන, අජ්ජෙව නික්ඛමිත්වා පබ්බජිස්සාමී”ති පුන ගෙහං අගන්ත්වා රාජානම්පි අදිස්වාව නගරා නික්ඛමිත්වා අරඤ්ඤං පවිසිත්වා ගඞ්ගාතීරෙ අස්සමං මාපෙත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා ඣානාභිඤ්ඤායො උප්පාදෙත්වා වනමූලඵලාහාරො තත්ථ වාසං කප්පෙසි.
කිසියම් දිනෙක සැඳෑ කල රජු හමුවට පැමිණි සිටුතුමා, රජු සමග අල්ලාප-සල්ලාපයේ යෙදී සිටියේය. ඔවුන් මෙසේ සතුටු සාමීචියේ යෙදී සිටි අතරතුරේදී ම, හිරු බැස ගියේය. අඳුර පැතිරිණි. ඒ කිසිවක් ඒ දෙදෙනාට දැනුනේවත් නැත. හොඳටම අඳුර වැටුණු පසු, රජගෙදරින් නික්මුණු මහසිටුතුමා, ඉඳුරා ම ගියේ නගර සෝභිනියගේ ගෙදරටය. එහෙත් ඔහුගේ අතේ, නගර සෝභිනියට දිනකට ගෙවිය යුතු මුදල වන කහවණු දහස නොතිබිණි. සිය නිවෙසට ගොස්, මුදල් රැගෙන, ආපසු ඒමටද වේලාවක් නැත. මේ සියල්ල කල්පනා කළ සිටුතුමා, නගර සෝභිනියගේ මැදුර අසලින් රථයෙන් බැස, උපස්ථායකයන් සිය නිවෙසට පිටත්කොට හැර, තනිවම ඇගේ මැදුරට ගොඩවැදුණේය. සිටුතුමා දුටු හැටියේම, ‘ආර්ය පුත්‍රය, කහවණු දහස ගෙනාවෙහිදැ’යි, නගර සෝභිනිය ඇසුවාය. ‘සොඳුර, අද රජමැදුරට ගොස්, කල්ගත වී ගිය බැවින්, ගෙදර නොගොස්ම, සේවකයන් පිටත්කොට හැර, තනිවම මෙහි පැමිණියෙමි. මම හෙට එනවිට, ඔබට දෙදහසක් ගෙන එන්නෙමැ’යි සිටුතුමා කීයේය. එවිට ඇය, ‘ඉදින් මම අද මොහුට මෙසේ ඉඩ හරින්නෙම් නම්, එය පුරුද්දකට ගෙන, නැවත නැවතත් හිස් අතින් පැමිණෙන්නේය. එසේ වුවහොත් මාගේ ධනය ක්‍රමයෙන් පිරිහෙන්නේය. එබැවින් මෙවැනි දේට ඉඩ නොතැබිය යුතු යැ’යි, කල්පනා කොට සිටුතුමා අමතා, ‘ස්වාමීනි, අපි වූ කලී ගණිකාවෝ වෙමු. එබැවින් අප සමග විහිළු හොඳ නැත. ඒ නිසා වහා ගොස්, ඔබ ගෙවිය යුතු මුදල වන කහවනු දහස රැගෙන එන්නැ’යි කීවාය. ‘සොඳුර, මම ඔබට ඒ මුදල දෙගුණ කොට, හෙට ගෙනැවිත් දෙන්නෙමි’යි සිටුතුමා පුන පුනා කීයේය. එවිට සිය දාසියන් වෙත හැරුණු නගර සෝභිනිය, සිටුවරයා දෙසට අතක් දිගුකොට, ‘කෙල්ලනි, මොහුට මෙහි සිට, මා දෙස බැලීමටවත් ඉඩ නොදී, මොහුගේ බෙල්ලෙන් අල්ලා මැදුරෙන් එළියට ඇද දමා දොර වසවු යැ’යි කීවාය. සේවිකාවෝ ද, සිය ස්වාමිදුව කී ලෙස ම කළහ. මැදුරෙන් පිටමං කරන ලද සිටුතුමා, ‘මම මෑ සමග එකට එක්වීම නිසා, අසූකෙළක් ධනය නැතිකර ගත්තෙමි. ඈ වෙනුවෙන් ඒ සා විශාල මුදලක් වියදම් කළ මා, අතේ මුදල් නැතිව පැමිණි එකම දිනයේදී හිස් අතින් පැමිණියේ යැ’යි කියා, ඈ මාගේ බෙල්ලෙන් ඇද, මැදුරෙන් එළියට දැමුවාය. අහෝ! ගැහැණු නම් පවිටු ජාතියකි. නිර්ලජ්ජිත වූ ඔවුහු අකෘතඥය. මිත්රද්රෝහීයැ’යි කල්පනා කළ සිටුතුමාට, කාන්තාවන්ගේ දෝෂ දකින්නට, දකින්නට ඔවුන් කෙරෙහි නොඇල්ම ඇතිවිය. ඔවුන් පිළිකුල් විය. මේ නිසා ම ඔහු ගිහිගෙයි ද කලකිරුණේය. ‘මේ ගිහිගෙයි වාසය කිරීමෙන් මට ඇති ප්‍රයෝජනය කිම? අද ම මෙහෙන් නික්ම පැවිදි වන්නෙමැ’යි, කල්පනා කොට සිටුතුමා සිය මැදුරට ද නොගොස්, රජුට ද නොකියාම, නුවරින් නික්ම කැලයට පිවිස, කිසියම් ගංතෙරක අසපුවක් සාදාගෙන, සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්‍යාන හා අභිඥා උපදවාගෙන, වන මුල් පලවැලින් දිවි ගෙවමින්, එහි වාසය කෙළේය.
රාජා තං අපස්සන්තො “කහං මම සහායො”ති පුච්ඡි. නගරසොභිණියාපි කතකම්මං සකලනගරෙ පාකටං ජාතං. අථස්ස තමත්ථං ආචික්ඛිත්වා “ඉති තෙ දෙව, සහායො ලජ්ජාය ඝරම්පි අගන්ත්වා අරඤ්ඤං පවිසිත්වා පබ්බජිතො භවිස්සතී”ති ආහංසු. රාජා තං සුත්වා නගරසොභිණිං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං එකදිවසං සහස්සං අලභිත්වා මම සහායං ගීවායං ගාහාපෙත්වා නීහරාපෙසී”ති පුච්ඡි. “සච්චං, දෙවා”ති. “පාපෙ ජම්මී, සීඝං මම සහායස්ස ගතට්ඨානං ගන්ත්වා තං ආනෙහි, නො චෙ ආනෙස්සසි, ජීවිතං තෙ නත්ථී”ති. සා රඤ්ඤො වචනං සුත්වා භීතා රථං ආරුය්හ මහන්තෙන පරිවාරෙන නගරා නික්ඛමිත්වා තස්ස වසනට්ඨානං පරියෙසන්තී සුතවසෙන තං ඨානං සුත්වා තත්ථ ගන්ත්වා වන්දිත්වා “අය්ය, මයා අන්ධබාලභාවෙන කතං දොසං ඛමථ, අහං න පුනෙවං කරිස්සාමී”ති යාචිත්වා “සාධු, ඛමාමි තෙ, නත්ථි මෙ තයි ආඝාතො”ති වුත්තෙ “සචෙ මෙ ඛමථ, මයා සද්ධිං රථං අභිරුහථ, නගරං ගච්ඡිස්සාම, ගතකාලෙ යං මම ඝරෙ ධනං අත්ථි, සබ්බං දස්සාමී”ති ආහ. සො තස්සා වචනං සුත්වා “භද්දෙ, ඉදානි තයා සද්ධිං ගන්තුං න සක්කා, යදා පන ඉමස්මිං ලොකෙ යෙන න භවිතබ්බං, තං භවිස්සති, අපි නාම තදා ගච්ඡෙය්ය”න්ති වත්වා පඨමං ගාථමාහ –
ටික දවසක පටන් ස්වකීය මිත්‍රයා දක්නට නොලැබුණු රජතුමා, සිය ‘මිතුරා කොහිදැ’යි සොයන්නට පටන් ගත්තේය. නගර ශෝභිනිය ප්‍රධාන සිටුතුමාට සිදුකළ, මදිපුංචිකම මුළු නුවර පුරා, ඒ වනවිට පැතිර ගොස් තිබුණි. රජුට කිසිවකුගෙන් මේ තොරතුරු ආරංචි විය. රජුට මහසිටුවරයා ගැන තොරතුරු දැනුම් දුන් එක් පුරුෂයෙක්, ‘දේවයිනි, ඔබතුමාගේ මිතුරා වන ප්‍රධාන සිටුවරයා නගරශෝභිනියගෙන් වූ, ලජ්ජාව නිසා සිය නිවෙසට ද නොගොස්, වන වැදී පැවිදි වූ බවට ආරංචියක් පැතිරේ යැ’යි කීවේය. මේ ඇසූ රජතුමා වහාම නගර ශෝභිනිය රජමැදුරට කැඳවා, ‘නුඹ, මුදල් අතැතිව නොපැමිණි නිසා, මාගේ මිතුරා බෙල්ලෙන් ඇද, නිවෙසින් එළියට ඇද දැමූ බව, සත්‍යයක් දැ’යි ඇසීය. ‘දේවයිනි, එය සත්‍යයකි.’ ‘පව්කාරිය, පහත් ගති ඇත්තිය, නුඹ වහා මාගේ මිතුරා සොයා ගොස් කෙසේ හෝ නැවත ඔහු මා වෙතට රැගෙන එව. එය නොහැකි වුවහොත්, තිට ජීවිතයක් නැති බව තේරුම් ගනුව’යි, රජතුමා නගර ශෝභිනියට අණ කෙළේය. රජුගේ වචන ඇසූ ඇය, අතිශයින්ම බියට පත්ව, වහා රථයකට නැග මහත් වූ පිරිවර සහිතව, සිය මැදුරෙන් නික්ම, ප්‍රධාන සිටුවරයා සොයමින් ගොස්, ආරංචි මාත්‍රයෙන් ඔහු වෙසෙන තැනට පත්ව, තවුස්තුමා දැක වැඳ, ‘උතුමාණෙනි, අඳබාල වූ මාගෙන් සිදුවූ වැරැද්දට, මට සමාවනු මැනව. නැවත කවදාවත් එවැනි දෙයක් සිදු නොවන්නට, මම වගබලා ගන්නෙමැ’යි කීවාය. ‘මම ඔබට සමාව දෙමි. මා කෙරෙහි ඔබ ගැන වෛරයක් නැත.’ ‘ස්වාමීනි, ඉදින් ඔබ මට සමාව දේ නම්, මා සමග යන්නට එනු මැනව. අපි මේ රථයට නැග නුවර බලා යමු. ඔබ මාගේ නිවෙසට අඩිය තැබූ හැටියේ ම, මගේ නිවසේ ඇති සියලු සම්පත් ඔබට දෙන්නෙමැ’යි, ඇය පින්සෙණ්ඩු වූවාය. ඇගේ මේ වචන ඇසූ තවුසා ‘සොඳුර, දැන් මට තී සමග පැමිණීමට නොහැකිය. මම නුඹ සමග මේ ගමන යන්නට එනේනේම නම්, එය මේ ලෝකයේ කිසිදිනෙක සිදුවිය නොහැකි ම වූ, සිද්ධිය යැ’යි කී තවුසා මෙසේ ප්‍රකාශ කෙළේය.
“ගඞ්ගා කුමුදිනී සන්තා, සඞ්ඛවණ්ණා ච කොකිලා; ජම්බූ තාලඵලං දජ්ජා, අථ නූන තදා සියා”ති.
ගංගා කුමුදිනී සන්තා - සංඛ මණ්ණාච කොකිලා, ජම්බුතාල ඵලං දජ්ජා - අථ නූන තදාසියා
ගංගා, කුමුදුවලින් ගැවසී ගනී ද, කෝකිලයෝ, හක්ගෙඩිවල පැහැ ගනිත් ද? දඹ ගස්, තල්ගෙඩි ලබා දේ ද? ඉක්බිතිව එකල, ඒකාන්තයෙන් (අපේ එකතුව) සිදු වන්නේය.
තස්සත්ථො – භද්දෙ, යථා හි කුමුදසරා කුමුදෙහි සඤ්ඡන්නා තිට්ඨන්ති, තථෙව සචෙ සකලාපි මහාගඞ්ගා කුමුදිනී සීඝසොතං පහාය සන්තා උපසන්තා සියා, සබ්බෙ කොකිලා ච සඞ්ඛවණ්ණා භවෙය්යුං, සබ්බො ජම්බුරුක්ඛො ච තාලඵලං දදෙය්ය. අථ නූන තදා සියාති අථ තාදිසෙ කාලෙ අම්හාකම්පි සමාගමො නූන සියා, භවෙය්ය නාමාති වුත්තං හොති.
‘සොඳුර, යම් හෙයකින් කුමුදු විල්, කුමුදුවලින් ගැවසී පවතී ද? එසේ සියලු මහා ගංගාවෝ, සැඩපහර ඉක්මවා, පිපුණු කුමුදුවලින් ශාන්තව, උපශාන්තව පවතිත් ද? සියලු කෝකිලයෝ, හක්ගෙඩිවල පැහැයෙන් යුක්ත වන්නාහුද? සියලු දඹගස්, තල්ගෙඩි ලබා දෙන්නේද? එකල එනම්, ඒ කාලයේදී, අපගේ එක්වීම ද, ඒකාන්තයෙන් සිදුවන්නේ යැ’යි කියන ලද්දේ වේ’ යන අර්ථයි.
එවඤ්ච වත්වා පුනපි තාය “එහි, අය්ය, ගච්ඡාමා”ති වුත්තෙ “ගච්ඡිස්සාමා”ති වත්වා “කස්මිං කාලෙ”ති වුත්තෙ “අසුකස්මිඤ්ච අසුකස්මිඤ්චා”ති වත්වා සෙසගාථා අභාසි –
තවුසා මෙසේ කී නුමත්, එයින් පසුබෑමකට ලක් නොවූ නගර ශෝභිනිය, තමා සමග යාමට, තවුසාට පුන-පුනා ඇවිටිලි කළාය. ඇගෙන් බේරෙන්නට බැරි වූ තැන, තාපසතුමා ‘මේ මේ දේ කවර කලෙක හෝ ලොව සිදුවුවහොත්, මම තී සමග, තී කියන තැනකට යන්නට එන්නෙමැ’යි, පැවසූ තාපසතුමා ඒ කොන්දේසි මෙසේ පැහැදිලි කෙළේය.
“යදා කච්ඡපලොමානං, පාවාරො තිවිධො සියා; හෙමන්තිකං පාවුරණං, අථ නූන තදා සියා.
2. යම්කලෙක ඉබිලොමින් සෑදූ, ලක්ෂණ තුනකින් යුතු, සළුවක් වන්නේ ද? ශීත කාලයට ඔබින පොරෝනාවක් වන්නේ ද? එකල ඒකාන්තයෙන් (අපේ එකතුව) සිදු වන්නේය.
“යදා මකසපාදානං, අට්ටාලො සුකතො සියා; දළ්හො ච අවිකම්පී ච, අථ නූන තදා සියා.
3. යම්කලෙක මදුරුවන්ගේ දළවලින් ශක්තිමත් වූ ද, නොසෙල්වෙන අට්ටාලයක්, මැනවින් සකසන ලද්දේද, එකල ඒකාන්තයෙන් (අපේ එකතුව) සිදුවන්නේය.
“යදා සසවිසාණානං, නිස්සෙණී සුකතා සියා; සග්ගස්සාරොහණත්ථාය, අථ නූන තදා සියා.
4. යම්කලෙක දෙව්ලොවට නගිනු පිණිස සාවුන්ගේ අංවලින් හිණිමගක් මැනවින් සකසන ලද්දේ ද? එකල ඒකාන්තයෙන් (අපේ එකතුව) සිදු වන්නේය.
“යදා නිස්සෙණිමාරුය්හ, චන්දං ඛාදෙය්යු මූසිකා; රාහුඤ්ච පරිපාතෙය්යුං, අථ නූන තදා සියා.
5. යම්කලෙක මීයෝ හිණිමගකට නැග, සඳ කා දමත් ද? රාහුත් එළවා දමත් ද? එකල ඒකාන්තයෙන් (අපේ එකතුව) සිදු වන්නේය.
“යදා සුරාඝටං පිත්වා, මක්ඛිකා ගණචාරිණී; අඞ්ගාරෙ වාසං කප්පෙය්යුං, අථ නූන තදා සියා.
6. යම්කලෙක මැස්සෝ රා කළයක් බී, රංචු-රංචු වී ගිනිඅඟරු මත වාසය කරත්ද? එකල ඒකාන්තයෙන් (අපේ එකතුව) සිදුවන්නේය.
“යදා බිම්බොට්ඨසම්පන්නො, ගද්රභො සුමුඛො සියා; කුසලො නච්චගීතස්ස, අථ නූන තදා සියා.
7. යම්කලෙක ඉදුනු කෙම් ගෙඩි වැනි, (රතු පැහැති) තොල් ඇති, ලස්සන මුහුණක් ඇති, කොටළුවෙක් වන්නේද? ඌ නැටුමෙහි හා ගැයුමෙහි දක්ෂයෙක් වේද? එකල ඒකාන්තයෙන් (අපේ එකතුව) සිදු වන්නේය.
“යදා කාකා උලූකා ච, මන්තයෙය්යුං රහොගතා; අඤ්ඤමඤ්ඤං පිහය්යෙය්යුං, අථ නූන තදා සියා.
8. යම්කලෙක කාක්කෝ ද, බකමූණෝ ද, රහසිගතව හිඳ, සාකච්ඡා පවත්වන්නාහුද? ඔවුනොවුන් කෙරෙහි ප්‍රියමනාපව වසන්නාහුද? එකල ඒකාන්තයෙන් (අපේ එකතුව) සිදුවන්නේය.
“යදා මුළාලපත්තානං, ඡත්තං ථිරතරං සියා; වස්සස්ස පටිඝාතාය, අථ නූන තදා සියා.
9. යම්කලෙක කුඩා කැලෑ කොළවලින් සෙවිලි කළ කුඩයක්, ස්ථිරසාර වන්නේද? වැහි වතුර වළකාලන්නේද? එකල ඒකාන්තයෙන් (අපේ එකතුව) සිදුවන්නේය.
“යදා කුලකො සකුණො, පබ්බතං ගන්ධමාදනං; තුණ්ඩෙනාදාය ගච්ඡෙය්ය, අථ නූන තදා සියා.
10. යම්කලෙක කුඩා පක්ෂියෙක්, ගන්ධමාදන පර්වතය හොටින් ඔසවාගෙන යන්නේද? එකල ඒකාන්තයෙන් (අපේ එකතුව) සිදුවන්නේය.
“යදා සාමුද්දිකං නාවං, සයන්තං සවටාකරං; චෙටො ආදාය ගච්ඡෙය්ය, අථ නූන තදා සියා”ති.
11. යම්කලෙක කොලුවෙක් යන්ත්‍රය සහිත, වෙනත් අංගෝපාංග සහිත මුහුදු නැවක්, රැගෙන යන්නේද? එකල ඒකාන්තයෙන් (අපේ එකතුව) සිදුවන්නේය.
තත්ථ තිවිධොති එකො කච්ඡපලොමමයෙන පුප්ඵෙන, එකො තූලෙන, එකො උභයෙනාති එවං තිප්පකාරො. හෙමන්තිකං පාවුරණන්ති හිමපාතසමයෙ පාවුරණාය භවිතුං සමත්ථො. අථ නූන තදා සියාති අථ තස්මිං කාලෙ මම තයා සද්ධිං එකංසෙනෙව සංසග්ගො සියා. එවං සබ්බත්ථ පච්ඡිමපදං යොජෙතබ්බං. අට්ටාලො සුකතොති අභිරුහිත්වා යුජ්ඣන්තං පුරිසසතං ධාරෙතුං යථා සක්කොති, එවං සුකතො. පරිපාතෙය්යුන්ති පලාපෙය්යුං. අඞ්ගාරෙති වීතච්චිකඞ්ගාරසන්ථරෙ. වාසං කප්පෙය්යුන්ති එකෙකං සුරාඝටං පිවිත්වා මත්තා වසෙය්යුං. බිම්බොට්ඨසම්පන්නොති බිම්බඵලසදිසෙහි ඔට්ඨෙහි සමන්නාගතො. සුමුඛොති සුවණ්ණආදාසසදිසො මුඛො. පිහයෙය්යුන්ති අඤ්ඤමඤ්ඤස්ස සම්පත්තිං ඉච්ඡන්තා පිහයෙය්යුං පත්ථෙය්යුං. මුළාලපත්තානන්ති සණ්හානං මුළාලගච්ඡපත්තානං. කුලකොති එකො ඛුද්දකසකුණො. සාමුද්දිකන්ති සමුද්දපක්ඛන්දනමහානාවං. සයන්තං සවටාකරන්ති යන්තෙන චෙව වටාකරෙන ච සද්ධිං සබ්බසම්භාරයුත්තං. චෙටො ආදායාති යදා එවරූපං නාවං ඛුද්දකො ගාමදාරකො හත්ථෙන ගහෙත්වා ගච්ඡෙය්යාති අත්ථො.
මෙහි ‘තිවිධො’ යනු ‘ඉබි ලොම්වලින් මල ගවසා කරන ලද වස්ත්‍රයක් ද, පුලුන්වලින් කරන ලද එක් වස්ත්‍රයක්ද, එම දෙවර්ගයම මිශ්‍රකොට තැනූ, එක් වස්ත්‍රයක් ද, වශයෙන් වූ, තුන් ආකාරයක වස්ත්‍ර යන අර්ථයි. ‘හේමන්තිකං පාපූරණං’ යනු ‘හිම වැටෙන සමයෙහි පොරවා ගැනීමට සුදුසු වස්ත්‍රයක්’ යන අර්ථයි. ‘අථ නූන තදා සියා’ යනු ‘ඉක්බිති එකල්හි, ඔබෙත් මගෙත් එකතුව ඒකාන්ත වශයෙන් සිදුවන්නකි’ යන අර්ථයි. සියලු ගාථාවන්හි අවසාන පාදයට මෙය යෙදිය යුතුය. ‘අට්ටාලො සුකතො’ යනු ‘උඩට නැග යුධ වදින පුරුෂයන් සිය දෙනකු දරා ගැනීමට හැකිවන පරිද්දෙන්, මැනවින් සැකසූ අට්ටාලයක් යන අර්ථයි. ‘පරිපාතෙය්යුං’ යනු ‘පලවා හරිත්ද?’ යන අර්ථයි. ‘අංගාරෙ’ යනු ‘ගිනිදැල්වලින් තොර, ගිනිඅඟරු ඇතිරූ’ යන අර්ථයි. ‘වාසං කප්පෙය්යුං’ යනු ‘රා කළය බැගින් බී, මත් වූ මැස්සෝ, වාසය කරන්නාහුද?’ යන අර්ථයි. ‘බිම්බොට්ඨ සම්පන්නො’ යනු ‘කෙම් ගෙඩි වැනි, තොල්වලින් යුතු’, යන අර්ථයි. ‘සුමුඛො’ යනු ‘රන් කැටපතක් හා සමාන මුහුණක් ඇති’, යන අර්ථයි. ‘පිහයෙය්යුං’ යනු ‘ඔවුනොවුන්ගේ පැමිණීම කැමති වෙමින්, ප්‍රිය කරන්නාහු. ප්‍රාර්ථනා කරන්නාහුය’ යන අර්ථයි. ‘කුළුංකො’ යනු ‘එක් කුඩා කුරුල්ලෙකි’, යන අර්ථයි. ‘සාමුද්දිකං’ යනු ‘සමුදුර තරණය කරන මහා නැවක්’ යන අර්ථයි. ‘සයන්තං සවටාකරං’ යනු ‘යන්ත්‍රයෙන්ද, වටාකාරයෙන් ද, සියලු අංගෝපාංගයන්ගෙන්ද, යුක්ත’ යන අර්ථයි. ‘චේටො ආදාය’ යනු ‘යම්කලෙක එබඳු නැවක් කුඩා ගම්දරුවෙක්, අතින් ගෙන යන්නේද?’ යන අර්ථයි.
ඉති මහාසත්තො ඉමිනා අට්ඨානපරිකප්පෙන එකාදස ගාථා අභාසි. තං සුත්වා නගරසොභිණී මහාසත්තං ඛමාපෙත්වා නගරං ගන්ත්වා රඤ්ඤො තං කාරණං ආරොචෙත්වා අත්තනො ජීවිතං යාචිත්වා ගණ්හි.
මෙසේ බෝසත් තෙමේ, මේ කිසිදා සිදු නොවන සිතෙහි මවා ගත් අර්ථ ඇති, ගාථා එකොළහ නගර ශෝභිනිය හමුවෙහි ප්‍රකාශ කෙළේය. ඒ ඇසූ නගර ශෝභිනිය මහසතුන් සමා කරවාගෙන, පෙරළා නුවරට ගොස්, රජු හමුවෙහි ඒ සියලු විස්තර පැහැදිලිකොට, තමාගේ ජීවිතය බේරාදෙන මෙන් රජුගෙන් යැද්දාය. රජතුමා ද, ඇයට අභය දානය දුන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං භික්ඛු මාතුගාමො නාම අකතඤ්ඤූ මිත්තදුබ්භී”ති වත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා රාජා ආනන්දො අහොසි, තාපසො පන අහමෙව අහොසින්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, මහණ, මෙසේ මේ ස්ත්‍රීහු නම් අකෘතඥ වූ, මිත්‍රද්‍රෝහී සත්ත්ව වර්ගයෙකැ’යි වදාරා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, කලකිරී හුන් භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා රජතුමා නම් ආනන්ද තෙරණුඅවෝය. තවුසා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
අට්ඨානජාතකවණ්ණනා නවමා.