9. අට‍්ඨානජාතකං
1223. ගඞ‍්ගා කුමුදිනී සන‍්තා සඞ‍්ඛවණ‍්ණා ච කොකිලා, ජම‍්බු තාලඵලං දජ‍්ජා අථ නූන තදා සියා.
1223. යම්කලෙක ගංගාවෝ තඩාග බවට හැරී සුදුනෙළුමෙන් සැදුණාහු වෙත් ද, කොවුලෝ සක මෙන් සුදුපැහැ වෙත් ද, දඹගස් තල්ගෙඩි දේ ද එකල්හි ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1224. යදා කච‍්ඡපලොමානං පාවාරො තිවිධො සියා, හෙමන‍්තිකං පාපුරණං අථ නූන තදා සියා.
1224. යම් කලෙක කසුබු ලොමින් කළ තුන්වැදෑරුම් උතුරු සළුවෙක් ද හේමන්ත කාලයට සුදුසු පොරෝනයක් ද වන්නේ නම් එකලැ ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1225. යදා මකසදාඨානං අට‍්ටාලො සුකතො සියා, දළ‍්හො ච අප‍්පකම‍්පි ච අථ නූන තදා සියා.
1225. යම් කලෙක මදුරු තුඩුවලින් ශක්තිමත් නො සැලෙන අටල්ලෙක් මනාව කරන ලද්දේ නම්, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1226. යදා සසවිසාණානං නිස‍්සෙණී සුකතා සියා, සග‍්ගස‍්සා රොහණත්‍ථා අථ නූන තදා සියා.
1226. යම් කලෙක දෙව්ලොවට නගිනු පිණිස සස අඟින් හිණක් මනාසේ තනන ලද නම්, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1227. යදා සිස‍්සෙණිමාරුය‍්හ චන්‍දං ඛාදෙය්‍යුං මූසිකා, රාහුඤ‍්ච පරිපාතෙය්‍යුං අථ නූන තදා සියා.
1227. යම් කලෙක මීයෙක් හිණට නැඟ හඳ සපා කන් නේ ද, රාහුග්‍රහයා පලවා හරනේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1228. යදා සුරාඝටං පීත්‍වා මක‍්ඛිකා ගණචාරිනී, අඞ‍්ගාරෙ වාසං කප‍්පෙය්‍යුං අථ නූන තදා සියා.
1228. යම් කලෙක මැස්සෝ රා කළයක් බී සමූහ වැ හැසිරෙනුවෝ ගිනිඅඟුරෙහි වසන්නාහු ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1229. යදා බිම‍්බොට‍්ඨසම‍්පන‍්නො ගද්‍රභො සුමුඛො සියා, කුසලො නච‍්චගීතස‍්ස අථ නූන තදා සියා.
1229. යම් කලෙක බිඹුපල (කෙම්ගෙඩි) වැනි තොල් ඇති, සුන්‍දර මුහුණ ඇති නෘත්‍යයට හා ගායනයට දක්‍ෂ කොටළුවෙක් වේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1230. යදා කාකා උලූකා ච මන‍්තයෙය්‍යුං රහොගතා, අඤ‍්ඤමඤ‍්ඤං පිහයෙය්‍යුං අථ නූන තදා සියා.
1230. යම් කලෙක කවුඩෝත් මහමුහුණේත් රහසිගත ව සාකච්ඡා කරන්නාහු ද ඔවුනොවුනට පියමනාප වන්නාහු ද එකලැ ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1231. යදා පුලස පත‍්තානං ඡත‍්තං ථීරතරං සියා, වස‍්සස‍්ස පටිඝාතාය අථ නූන තදා සියා.
1231. යම් කලෙක පුලසපත්‍රයෙන් කළ කුඩය වැස්ස වළකා ගන්නට ශක්තිමත් වන්නේ ද එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1232. යදා කුළුඞ‍්කො සකුණො පබ‍්බතං ගන්‍ධමාදනං, තුණ‍්ඩෙනාදාය ගච‍්ඡෙය්‍ය අථ නූන තදා සියා.
1232. යම් කලෙක කුළුඞ්කපක්‍ෂියෙක් ගන්‍ධමාදන පර්‍වතය තුඩින් ගෙන යන්නේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1233. යදා සාමුද‍්දිකං නාවං සයන‍්තං සවටාකරං, චෙටො ආදාය ගච‍්ඡෙය්‍ය අථ නූන තදා සියාති.
1233. යම් කලෙක යන්ත්‍රය සහ පලුපත් සහිත මුහුදු නැවක් කුඩා ගම්දරුවෙක් අතින් ගෙන යන්නේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.