යෙදුමෙන් කියවන්න

10. දීපිජාතකං

1234. ඛමනීයං යාපනීයං කච‍්චි මාතුල තෙ සුඛං, සුඛං තෙ අම‍්මා අවච සුඛකාමා හි තෙ මයං.

1234. මයිලණුවෙනි, කෙසේ ද? ඉවැසිය හැකි ද? සුවසේ දිවි පැවැත්විය හැකි ද? අද ඔබගේ සුවය මව විචාළා ය. අපි ද තොපට සැප කැමැත්තමෝ වම්හ.

1235. නඞ‍්ගුට‍්ඨං මෙ අවක‍්කම‍්ම හෙඨයිත්‍වාන එළිකෙ, සාජ‍්ජ මාතුලවාදෙන මුඤ‍්චිතබ‍්බා නු මඤ‍්ඤසි.

1235. එළිය, මාගේ නඟුට - පාගා බලාත්කාර කොට අදම ‘මයිලණුවෙනි’යි අමතා මිදීගත හැක්කැ යි හඟිහි ද?

1236. පුරත්‍ථාමුඛො නිසින‍්නොසි අහං තං මුඛමාගතා, පච‍්ඡිතො තුය‍්හ නඞ‍්ගුට‍්ඨං කථං ඛොහං අවක‍්කමිං.

1236. පෙරදිගට මුහුණ ලා හුන්නෙහි ය. මම මුඛ වහන්සේගේ ඉදිරියෙන් ආයෙමි. තොපගේ නඟුට පසු පසැ වේ. එය කෙසේ මම මඩනෙම් ද?

1237. යාවතා චතුරො දීපා සසමුද‍්දා සපබ‍්බතා, තාවතා මය‍්හ නඞ‍්ගුට‍්ඨං කථං ඛො ත්‍වං විවජ‍්ජයි.

1237. සාගර සහිත පර්‍වත සහිත සතර මහ දිවයින් යම් තාක් ද ඒතාක් මගේ වලග (පැතිර ගියේ) වේ. එය තෝ කෙසේ නම් නොම මැඩැ හරනෙහි ද?

1238. පුබ‍්බෙවමෙතං අක‍්ඛංසු මාතාපිතා ච භාතරො, දීඝං දුට‍්ඨස‍්ස නඞ‍්ගුට‍්ඨං සම‍්හි වෙහාසයාගතා.

1238. දුෂ්ටයාගේ වලග දිගය යන මේ කථාව මාපියෝ ද සොහොයුරෝ ද මට කැලැ මැ කීහ. (වලග ඇක්මෙන නිසා) ඒ මම අහසින් ආවෙමි.

1239. තඤ‍්ච දිස‍්වාන ආයන‍්තිං අන‍්තලික‍්ඛස‍්මිං ඵළිකෙ, මිගසඞ‍්ඝො පලායිත්‍ථ භක‍්ඛො මෙ නාසිතො තයා.

1239. එළිස්සිය, අහසෙහි එන තී දැක මුවසමූහය පැන ගියා ය. මගේ ගොදුර තී විසින් නසන ලදී.

1240. ඉච‍්චෙව විලපන‍්තියා එළිකියා රුහංඝසො, ගලකං අන්‍වාවමද‍්දි නත්‍ථි දුට‍්ඨෙ සුභාසිතං.

1240. මෙසේ කියා වලප්නා එළිස්සියගේ ගෙල ලෝහිතපායී දිවි තෙම ඩැගැගෙන ඉරාලී ය. දුෂ්ටයා කෙරෙහි සුභාෂිත බිණුමක් නැත. (දුෂ්ටයා සමග මිහිරි කථාවෙන් බිණුමෙන් පලෙක් නො වේ.)

1241. නෙව දුට‍්ඨෙ නයො අත්‍ථි න ධම‍්මො න සුභාසිතං, නික‍්කමං දුට‍්ඨෙ යුජ‍්ජෙථ සො ච සබ‍්භි න රජ‍්ජතීති.

1241. දුෂ්ටයාට නීතියෙක් නැත. ස්වභාවයෙන් පිහිටි උතුම් ගතියෙක් නැත. හොඳ කථාවෙක් නැත. දුෂ්ටයා කෙරේ පරාක්‍රමය යොදන්නේ ය. දුෂ්ටයා ද සත්පුරුෂයන් හා නො ඇලේ.

10. දීපිජාතකං.

10. දීපි ජාතක යි.

කච‍්චානිවග‍්ගො පඨමො.

පළමුවන කච්චානිවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

පරිසුද‍්ධාමනාවිලාවත්‍ථධරා බකරාජස‍්ස කායුරං දණ‍්ඨාවරො, අථඅඞ‍්ගාරචෙතියදෙවිලින අථ ආදිත‍්තගඞ‍්කාදසෙළකිනාති.

කච්චානීජාතක (පරිසුද්ධා) යැ අට්ඨසද්දජාතක (බකරාජස්ස) යැ සුලසාජාතකය (කායුරා) යැ සුමඞ්ගලජාතක (දණ්ඩාව) යැ ගඞ්ගමාල ජාතක (අඞ්ගාර) යැ චේතිය ජාතක යැ ඉන්‍දියජාතක යැ ආදිත්ත ජාතක යැ අට්ඨානජාතක (ගණ්හ) යැ දීපි ජාතක (ඵළක) යැ යන දසය යි.

අට‍්ඨකනිපාතං නිට‍්ඨිතං.

අට්ඨක නිපාතය නිමි.