8. ආදිත්තජාතකං
1215. ආදිත්තස්මිං අගාරස්මිං යං නීහරති භාජනං, තං තස්ස හොති අත්ථාය නො ච යං තත්ථ ඩය්හති.
1215. ගෙය ගිනිගත් කලැ යම් කිසි බඩුවක් ගෙයින් බැහැර කෙරේ ද එය ගෙහිමියාට වැඩ පිණිස වේ. එසේ පිටතට නො ගත් යමක් වේ නම් එය එහි දැවීයෙයි.
1216. එවමාදිපිතො ලොකො ජරාය මරණෙන ච, නීහරෙථෙව දානෙන දින්නං හොති සුනීහතං
1216. මෙසේ ලෝකයා ජරායෙන් ද මරණයෙන් ද ගිනි ගත්තේ වේ. දන් දීමෙන් ම වස්තුව බැහැර කරන්නේ මැනව. දුන් දැය මනා කොට පිටතට ගන්නා ලද්දේ වේ.
1217. යො ධම්මලද්ධස්ස දදාති දානං උට්ඨානවිරියාධිගතස්ස ජන්තුනො, අතික්කම්ම සො වෙතරණිං යමස්ස දිබ්බානි ඨානානි උපෙති මච්චො.
1217. යම් සත්ත්ව කෙනෙක් මහන්සියෙන් දැහැමින් ලබා ගත් වස්තුවෙන් දන් දේ ද, හේ යමයාගේ වේතරණී නදිය ද (අටමහ නිරය ද ඔසුපත් නිරයන් ද) ඉක්මැ දිව්යසම්පතට පැමිණේ. (දිවසැපත් ලබා.)
1218. දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු අප්පාපි සන්තා බහුකෙ ජිනන්ති, අප්පම්පි චෙ සද්දහානො දදාති තෙනෙව සො හොති සුඛී පරත්ථ.
1218. දන් දීම ද යුද්ධ කිරීම ද සමානය යි කියත්. ජීවිතාශා රහිත ව සටන් වන් අය ස්වල්ප වුවත් බොහෝ සතුරන් දිනත්. (කුශලය ස්වල්ප වුව ද බොහෝ අකුශල් දිනිය හැක්කේ වේ). කර්මඵල අදහාගෙන ස්වල්ප වූ ද පරිත්‍යාගයක් කළොත් පරලොව දී එයින් ම හේ සැපවත් වේ.
1219. විචෙය්යදානං සුගතප්පසත්ථං යෙ දක්ඛිණෙය්යා ඉධ ජීවලොකෙ එතෙසු දින්නානි මහප්ඵලානි බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ.
1219. දක්ෂිණාර්හයන් සොයා දන් දීම සුගතයන් වහන්සේ විසින් පසස්නා ලදී. මේ මිනිස් ලොව යම් දක්ෂිණාර්හ කෙනෙක් වෙද් ද, උන් වහන්සේ විෂයයෙහි දුන් දන් මහත් ඵල ගෙන දේ. සරුකෙතෙක වපුළ බිජුවට මෙනි.
1220. යො පාණභූතානි අහෙඨයං චරං පරූපවාදා න කරොති පාපං, භීරුං පසංසන්ති න හි තත්ථ සූරං භයා හි සන්තො න කරොන්ති පාපං.
1220. යමෙක් සතුන් නොපෙළා හැසිරේ ද, පරූපවාද බියෙන් පව් නො කෙරේ ද (එබඳු) පාපභීරුකයා පඬුවෝ පසසත්. පෘප ශූරයා නො පසසත්, සත්පුරුෂයෝ (පවට) බිය නිසා පව් නො කරත්.
1221. හීනෙන බ්රහ්මචරියෙන ඛත්තියං උපපජ්ජති, මජ්ඣිමෙන ච දෙවත්තං උත්තමෙන විසුජ්ඣති
1221. හීන බ්‍රහ්මචර්‍ය්‍යායෙන් රජ පවුලේ උපදී. මධ්‍යම ලෙසින් පුරන බ්‍රහ්මචර්‍ය්‍යායෙන් දෙව් බවට පැමිණේ. උතුම් බ්‍රහ්මචර්‍ය්‍යායෙන් (මගබඹසරින්) කෙලෙසුන් කෙරෙන් පිරිසිදු වේ.
1222. අද්ධාහි දානං බහුධා පසත්ථං දානා ච ඛො ධම්මපදං ච සෙය්යො, පුබ්බෙවහි පුබ්බතරෙ ච සන්තො නිබ්බානමෙවජ්ඣගමුං සපඤ්ඤාති.
1222. ඒකාන්තයෙන් ආමිසදානය බොහෝ පසස්නා ලදී. දානයට වඩා (ශමථවිදර්‍ශනා නිර්වාණ පර්‍ය්‍යාප්ති සංඛ්‍යාත තිවිධ) ධර්මපදය උතුම් වේ. පෙරැ සිටි මහනුවණැති කාශ්‍යපාදි බුදුවරයෝ ද වඩාත් පෙරැ සිටි වෙස්සභූ ආදි බුදුවරු ද යන සත්පුරුෂයෝ නිවනට ම පැමිණියහ.