යෙදුමෙන් කියවන්න

7. ඉන්‍ද්‍රියජාතකං

1206. යො ඉන්‍ද්‍රියානං කාමෙන වසා නාරද ගච‍්ඡති, සො පරිච‍්චජ‍්ජුහො ලොකෙ ජීවන‍්තොව විසුසස‍්ති.

1206. නාරදයෙනි, යමෙක් කාමාශායෙන් ඉඳුරන්ගේ වශයට යේ ද, හෙ තෙම, (දෙව්මිනිස්) දෙලොව හැරපියා (නිරයේ උපදී). ජීවත් වන්නේ නමුදු ඉච්ඡාවිඝාතය නිසා ශෝකයෙන් වියළේ.

1207. සුඛස‍්සානන‍්තරං දුක‍්ඛං දුක‍්ඛස‍්සානන‍්තරං සුඛං, සොසි පත‍්තො සුඛා දුක‍්ඛං පාටිකඞ‍්ඛ වරං සුඛං.

1207. පංචකාම සම්පත්තියට අනතුරු වැ නිරාදුකට ද සිල් රැකීම් ආදි විසින් විඳුනා දුකට අනතුරු වැ සැපතට ද පැමිණේ. හේ (නාරදර්ෂි) තෙමේ ද සැපත නසා දුකට පැමිණියේ ය. (එබැවින්) ධ්‍යාන සැපත කැමැති වන්නේ මැනැවි.

1208. කිච‍්ඡකාලෙ කිච‍්ඡිසහො යො කිච‍්ඡං නානුවත‍්තති. ස කිච‍්ඡන‍්තං සුඛං ධීරො යොගං සමධිගච‍්ඡති.

1208. යමෙක් දුක් පැමිණි කලැ දුක් ඉවසා ද දුක මඩින්නේ ද, ඒ ප්‍රාඥයා දුක අවසානයෙහි ලැබෙන සැපය වන ධ්‍යාන සැපත මැනැවින් ලබයි.

1209. නහෙව කාමාන කාමා නානත්‍ථා නත්‍ථකාරණා, න කතඤ‍්ච නිරඞ‍්කත්‍වා ධම‍්මා චවිතුමරහසි.

1209. අභිවෘද්ධියට කරුණු නො වන බැවින් ද අර්‍ත්‍ථකර නො වන බැවින් ද කාමයනට ආසා නො කටයුතු ය. උපදවන ලද ධ්‍යානය නසා කුසල ධර්‍මයෙන් ගිලිහෙන්නට සුදුසු නො වේ.

1210. දුක‍්ඛං ගහපතිං සාධු සංවිභජ‍්ජඤ‍්ච භොජනං, අභාසො අත්‍ථලාභෙසු අත්‍ථබ්‍යාපත‍්ති අබ්‍යථො.

1210. ගැහැවියකුට (වස්තුව ලබාගැනීමේ දී) ඇති වන වෙහෙස මනාප ය. ධනය බෙදා වැළැඳීම මනාප ය. මහත් ඉසුරු ලැබීමෙහි උඩඟු නො වීම මැනැව. ධන විනාශයේ දී ක්ලාන්ත නො වීම මැනැව.

1211. එත‍්තාව තෙසං පණ‍්ඩිච‍්චං අසිතො දෙවලො බ්‍රවි, නයිතො කිඤ‍්චි පාපියො ඉන්‍ද්‍රියානං වසං වජෙ.

1211. ඒ දේවලර්ෂි යමක් කීයේ ද, මේ පාණ්ඩිත්‍යය ද මෙ පමණෙක් ම ය. යමෙක් ඉඳුරන්ගේ වශයට යන්නේ ද, මෙයට වඩා ලාමක බවෙක් නැත.

1212. අමිත‍්තානංව හත්‍ථත්‍ථං සිව පප‍්පොති මාමිව, කම‍්මං විජ‍්ජඤ‍්ච දක‍්ඛෙය්‍යං විවාහං සීලමද‍්දවං.

1212. සිවි රජතුමනි, සතුරන් අතට පත් කෙනකු බඳු මා මෙන් විනාශයට පැමිණේ ද, දිවි රක්නා කර්‍මාන්ත ද, හස්ත්‍යශ්වාදි ශිල්ප ද, ධන ඉපැයීමේ දක්‍ෂ බව ද, ආවාහ විවාහ සම්බන්‍ධය ද, පංචශීලය හා මෘදු වචන ඇති බව ද යන,

1213. එතෙ ච යසෙ හාපෙත්‍වා නිබ‍්බත‍්තො සෙහි කම‍්මෙහි, සොහං සහස‍්ස ජීනොව අබන්‍ධූ අපරායණො. අරියධම‍්මා අතික‍්කන‍්තො යථා පෙතො තථෙවහං.

1213. මෙතෙක් අභිවෘද්ධිය සලසන කරුණු නසා සිය පාප කර්‍මයෙන් මනුෂ්‍යප්‍රේත ව උපනිමි. ඒ මම දහසින් පැරැදුණකු මෙන් නෑයන් නැතියෙක්මි, පිළිසරණක් නැත්තෙකිමි.

1214. සුඛකාමෙ දුක‍්ඛාපෙත්‍වා ආපන‍්නොස‍්මි පදං ඉමං, සො සුඛං නාධිගච‍්ඡාමි චිතො භානුමතාමිවාති.

1214. ආර්‍ය (සත්පුරුෂ) ධර්‍මයෙන් පහ වූ මම ප්‍රේතයකු බඳු වෙමි. සුව කැමැත්තන් දුකට පමුණුවා මේ තත්ත්‍වයට මනුෂ්‍යප්‍රේත බවට පැමිණියෙමි. ඒ මම ගින්නෙහි සිටියකු මෙන් මහත් දාහ ඇතියෙම් කායික වූ ද චෛතසික වූ ද සැපක් නො ලබමි.

7. ඉන්‍ද්‍රියජාතකං.

7. ඉන්‍ද්‍රිය ජාතක යි.